Friday, January 1, 2016

හතර ...... Four ......

හතර කිව්වම කෙනෙකුට මුළින්ම සිහියට එන්නේ සිව්පාවුන්ය. සොබාදහම විසින් ඔවුන්ව කකුල් තුනකින් නිර්මාණය නොකරන ලද්දේද, කකුල් තුනකින් කනප්පුවක් මිස පුටුවක් තැනීම නොකළේද, එකම හේතුවක් නිසාය. ඒ බැලන්ස් නැතුව ගොස වැටීමේ ඉඩකඩ ඇති නිසාය. නමුත් බෞද්ද කෙනෙකුට හතර කී විට සිහියට එන බොහෝ දේ ඇත. ඒ සතර අගති, සතර බ්‍රහ්ම විහරණ, සතර සතිපට්ඨානය,  සතර වරම් දෙවිවරු වැනි දේය. මාර්ගයක නම් හතරමං හන්දිය හෝ සිවුමංසල වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ හතරේ පහර අමතක කළ නොහැක්කකි. රජයේ සේවකයෙකුට හතරේ කණිසම අමතක කළ නොහැකිම දෙයකි. හතරැස් කොටුව බෞද්ධ සංස්කෘතියේ එන තවත් වදනකි. කැරම් බෝඩ් එකක වළවල් හතරක් ඇත. සමහර වාහන වල රෝද හතරම දාවනයට යොදා ගත හැක. ඒවා ෆෝ වීල් ඩ්‍රයිව් වශයෙන් හඳුන්වයි. දෙදෙනෙකු විසින් කරන රහස් සාකච්චාවක් හතරකන්මන්ත්‍රණය ලෙස හඳුන්වයි. මේසයක හතර කෙලවරකි. මිනිසා විසින් නිර්මාණය කරන බොහෝ දේ හතරැස්ය. නොකියා දුරකථන සමාගම මේ හතරැස් කමට විරුද්ධව ගොස් කෙලවර රවුම් දුරකථන නිපදවූ බව මගේ මතකයි. අධික අවුරද්දක අග ඉලක්කම් දෙක ඉතිරි නැතිව හතරෙන් බෙදේ. 

මට අමතක වූ තවත් හතරේ අංකයට අයත් තවත් බොහෝ දේ වෙයි. ඒවා මෙහි පැමිණෙන ඔබගේ කමෙන්ට් සඳහා ඉතිරි කර තබමි. මට අමතක වනන්නට ගොසින් අහම්බෙන් මතක් වූ හතර වන්නේ, මේ බ්ලොග් අඩවියේ වයසයි. අදට මේ බ්ලොග් අඩවිය ආරම්භ කර හරියටම අවුරුදු හතරකි. එය මෙතෙක් කල් ඇදගෙන ආවේ මෙහි පැමිණෙන ඔබගේ ධෛර්යය නිසාය. පහ වසර තුළවත් හොඳින් බ්ලොග් සටහන් තබන්නට කාළය කාරුණික වේවායි මම පතමි. මෙහි පැමිණි ඔබ සැමට සුබ නව වසරක් පතමි. 

කෙළවර රවුම් කල නොකියා ලොසින්ජනරයකින් සප්පායම් වන ලෙස මෙහි පැමිණි ඔබගෙන් ඉල්ලා සිටිමි. 

40 comments:

  1. චඃ නියමයි නේ. තමුන්නැහේ බ්ලොග් වයසෙන් මට බාල දවස් 14 කින්. සුබ බ්ලොග් වසරක් වේවා සහ සුබ නව වසරක් වේවා!

    හෑ......මක්කිව්වා? ලොසින්ජනරයකින්? ලොසින් ජනරජයකින්ද? කියලා වැඩක් නෑ. ජනරජය දැන් සෑහෙන්න ලොස් වෙලා.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නා බලනකොට සමකාලීනයෝ.

      ලොසින් කියන්නේ. කියලා වැඩක් නෑ.

      Delete
  2. සුභ නව වසරක් වේවා බ්ලොගය දිගින් දිගටම ලියන්න හැකි වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමරේ අයියා. අලුත් පොස්ට් එකක් දැම්මා බලන්න.

      Delete
  3. 'සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇඃවිදින්...
    පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්..'
    රහට ලියන බ්ලොග සිව්සියවසක් ලියවේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔන්න අලුත් පොස්ට් එකක් දැම්මා.

      Delete
  4. බ්ලොග් උපන්දිනයට සුබ පැතුම් සුදීක . ඒ වගේම ලියන්නට විවේකය ලැබෙන ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔන්න කිව්වා වගේම විවේකයක් ලැබුණා. අලුත් පොස්ට් එකත් බලන්න.

      Delete
  5. හතරවෙනි සංවත්සරයට උණුසුම් සුබ පැතුම් සුදීක.එමෙන්ම උදාවූ අලුත් අවුරුද්ද තව තවත් හතරවරං කතා ලියැවෙන වාසනාවන්ත නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපයියේ. ඔන්න හතරවමක් මතක් වෙලා ලිව්වා.

      Delete
  6. සුදීක ඔබට සිත සතුටින් ගෙවී යන අළුත් අවුරුද්දක් වේවා යයි පතමි

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඉයන්. අලුත් පොස්ට් එකක් දැම්මා බලන්න.

      Delete
  7. https://nihalw.wordpress.com/2011/12/07

    ReplyDelete
  8. හතරවෙනි උපන්දිනයට සුභ පැතුම්.
    දිගටම බ්ලොග් ලියන්න හැකි වේවා!
    ලැබුවා වූ 2016 නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා!
    ඔන්න ලොසින්ජරයකුත් ගත්තා එහෙනම්..ජය වේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කිව්වත් වගේ ඔන්න තව එකක් ලිව්වා.

      Delete
  9. ලොසින්ජරය 'ලොසින්ජනරය' කියල වෙනස් කළෙත් නොකියා එකෙන් වෙන්න ඇති.
    සුදීකටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ලොසින්ජර වැඩක් නෑ විස්කි නැද්ද? හැක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ප්‍රසන්නටත් සුබ නව වසරක් වේවා !!!

      ඔන්න අලුත් එකක් දැම්මා. විස්කි. තරමේ හැටියට වැඩ කරපං මලයෝ.

      Delete
  10. සුබ නව වසරක් වේවා.

    අවුරුදු හතරටත් සුබ පැතුම් මිත්‍රයා . තව අවුරුදු හතළිහක් විතර වත් ලියන්න හැකියාව් ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉවාන්ටත් සුබ නව වසරක් වේවා. හතලිහක් ? O_O

      Delete
  11. නව වසරට සහ බ්ලොග් සංවත්සරයට යන දෙකටම උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අලුත් පොස්ට් එක බලන්න.

      Delete
  12. සුභ නව වසරකට වගේම හතරවෙනි බ්ලොග් සංවත්සරයටත් සුභ පතනවා සුදීක අයියා එකෙන්ම !!

    ලියාගෙන යං රෙෂ්පට් එකට !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පත්තරේ !!!

      ඔන්න ලිව්වා රේෂ්පට් එකට තව එකක්.

      Delete
  13. හතරට සුභ පැතුම්! ඇයි හතර කිව්වම තවත් එකක් තියනවා. ෆෝ ස්ට්‍රෝක් මෝටර්? (සිව් පහර ඩීසල් මෝටරය).
    තව ඕනේ නම් හතරවරම් දෙයියෝ, චතුරාර්ය සත්‍ය (මම හිතන්නේ මේක මුලින්ම එන්න තිබ්බේ)..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අඟරහරුවා !!! ෆෝ ස්ට්‍රෝක්. ඔව් ඒකත් හරි.

      Delete
  14. හතරට සුභ පැතුම් සමග
    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එසේම වේවා !!! අලුත් පොස්ට් එක බලන්න.

      Delete
  15. suba pathum. thawath idiriyata me blogaya karagena yanna wewayi kiyala pathanawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ. අලුත් පොස්ට් එකත් බලන්න.

      Delete
  16. සුබ පැතුම් අයියාආආආඅ..

    'වෙරි'නයිස්
    ranganabrother.blogspot.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ර.ස. බැලුවා ඔයාගේ පොස්ට් එක.

      Delete
  17. හතරවැනි උපන්දිනයට මෙන්න මගෙනුත් සුබ පැතුම්...
    තවත් බොහෝ කාලයක් බොග් ලියන්න පුළුවන් වේවායි පතමි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔන්න අලුත් එකක් ලිව්වා. බලන්න.

      Delete
  18. හතරටත් නව වසරටත් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! ! ! සුබ නවසරක් වේවා !!! අලුත් පොස්ට් එකක් දැම්මා බලන්න.

      Delete
  19. සුභ නව වසරක් මෙන්ම බ්ලොග් වසරක් ද වේවා. මම උපන් මාසයද හතරය.

    ReplyDelete
  20. අවුරුදු හතරක බ්ලොග් ගමනට සුබ පැතුම් අයියේ.
    ඉස්සර තරම් දැන් නොලිවුවත් නොනවත්වා ලියන එක ගැන සතුටුයි. ඉදිරියටත් හමුවෙමු. ජය වේවා.

    ReplyDelete
  21. හතර දැක්ක ගමන්ම ආයි මක්කය බං තේරෙනවා මොකාටද එන්නේ කියලා.. ඒක නිසා කියවන්නෙ නැතිවම පහලට ආවා.. ගොඩ.. ඒකනේ මං කිව්වේ.. හැක්

    ReplyDelete
  22. එල් එම් පෙරේරා නමින් චිත්‍රපට අධ්‍යක්‍ෂකයෙකු සිට ඇත. ඔහු සාදා ඇති සියළුම විත්‍රපටවල නම් පටන් ගෙන ඇත්තේ හතර කියායි.

    හතර වටේ
    හතර මහ නිධානය
    හතර පෙරළිය
    හතර කෙන්දරේ

    යනාදී වශයෙන්.

    සුභ හතරක් වේවා!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...