Sunday, November 1, 2015

මගේ බ්ලොග් එකේ අනන්‍යතාවය ...... The uniqueness of my Blog ......

බ්ලොග් පොස්ට් එකක් දාගන්න වෙලාවක් නැතිකම නෙවෙයි, ඇත්තටම ඒ ගැන මතක් වෙන්නේ නැතිකමක් තියෙන්නේ. අවශ්‍යනම් මේ වෙනුවෙන් පැය දෙකක් වෙන් කර ගන්න බැරි කමක් නෑ. ඒත් වැඩේ තියෙන්නේ මේක මතක් වුණොත් ඒ වෙලාවට මොකක් හරි වැඩක්, මොනවා හරි වැඩක් නැතිනම් මේක මතක් වෙන්නේ නෑ. වෙනදා නම් මෙන්ඩා කෝල් එකක් දාලා මතක් කරනවා. මේ පාර මෙන්ඩත් බිසී වෙලාද කොහෙද ?

හරි ලියන්න මාතෘකා දහසක් තිබුණත්, ඒකට අවශ්‍ය කාලයයි මානසික නිදහස් බවයි නැ. කොහොමත් මම ලියපු පහුගිය පොස්ට් දෙක දිග වැඩියි කියලා චෝදනාවකුත් තිබුනා නේ. ඒ නිසා මම හිතුවා පුංචි තරගයක් තියන්න. ඒ කියන්නේ දුවන්න, පනින්න වගේ නෙවෙයි. පුංචි ප්‍රශ්නයක් අහන්න.   බලමු කවුද හරි උත්තරය දෙන්නේ කියලා. මේකේ මාතෘකාවේ තියෙනවා වගේම 

මගේ බ්ලොග් එකේ අනන්‍යතාවය මොකක්ද ? 

මේක හතරබීරී කතාවක් කියලා හැමෝටම හිතිලා ඇති. හරි මම ටිකක් පැහැදිලි කරන්නම්. මේ බ්ලොග් එක ආරම්භ කරපු දවසේ ඉඳන් මම යම්කිසි අනන්‍යතාවක් ආරක්ෂා කළා. ඒ මම ලියන පොස්ට් හැම එකකම අඩංගු කරපු දෙයක්. ටිකක් සීරුවෙන් බැලුවොත් පෙනේවි. ටිකක් විමසිලිමත්ව බලත්දී මේක පේන්නම ඕනේ. කාලයක් තිස්සේ මේක කියවපු කෙනෙකුට නම් ඉතාම පහසුවෙන් මේක තෝරා ගන්න පුළුවන්. බලමු කාටද කියලා හරි උත්තරය දෙන්න පුළුවන්. හරි උත්තර එකකට වඩා තියෙන්න පුළුවන්. කෙනෙක් දකින දේ නෙවෙයි තව කෙනෙකුට පෙන්නේ. මම හිතා මතාම කරපු දේවල් ඇරුණම, මටත් නොදැනී යෙදුනු දේ තියෙන්නත් පුළුවන්. මම හිතනවා කම්මැලි වෙන්නේ නැතිව කට්ටිය වැඩේට බහීවි කියලා. 

මේකට මගේ උත්තර දෙකක් තියෙනවා. එයට අමතරව වෙනත් ආවේණික දෙයක් හොයා ගත්තොත් ඒක දක්ෂ කමක්. බලමු. "සුදීක කිව්වොත් ක්‍රිකට්නේ" වගේ කම්මැලි උත්තරනම් දෙන්න එපා. මම හිතනවා පොස්ට් තුනක් බැලුවොත් උත්තරය හොයා ගන්න පුළුවන් වෙයි කියලා. වෙන පොස්ට් එකක් ලියන ගමන් කාලය ගන්න කරපු වැඩක් මේක. ඒ පොස්ට් එක තව දවස් දෙකකින් බලාපොරොත්තු වෙන්න. මතක තියා ගන්න ඒක ලොල් කතාවක් ......

54 comments:

  1. මම ලගකදි ඉදලනේ ආවේ.කොහොම උනත් ලිපි වර්ගීකරනයේ වැඩිම තියෙන්නේ විනෝදාත්මක(Entertainment), සුදීක(Sudeeka) ,කාළීන(Current Issues), කුතුහලය(Curiosity) , යටතේ ලියවුන ලිපි.සුදීක කියන එකෙත් කාලින දේවල් වලට අවධානයක් යොමු කරලා තිබෙන බවයි පෙන්නේ.ඒ හින්දා මටනම් හිතෙන්නේ කාලීන ලිපි ලිවිමට වැඩි නැඹුරැවක් තියනවා කියලයි.ඒ ලිපි ලිවිමේදි භාෂාව පිළිබදවත් ගොඩක් සැලකිලිමත් වෙලා තියනවා.මම මේ වෙනතුරු බලපු ලිපි වලදි අසභ්‍ය වචන නම් ලියවිලා තිබුනෙම නැ.මේ කරුනු ටිකේ සුදික අය්යගේ අනන්‍යතාව තිබෙනවා ඇති කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හොඳයි, මේ වර්ගීගරණ ගැන නම් මම හිතුවේ නෑ ආරම්භයේදී. නමුත් ආරම්භයේ ඉඳලා හිතා මතා කරපු දෙයකුයි. අතර මගදී පටන් ගත්ත දෙයකුයි තමයි මගේ මතකයේ තියෙන්නේ. නමුත් මේ පොස්ට් එක දැම්මට පස්සේ මට තව දෙයක් මතක් වුණා. ඒකත් බලමු කාට හරි පෙනේවිද කියලා.
      ඔයා කියලා තියෙන භාෂාව ගැන සැලකිලිමත් වීම හරි. අසභ්‍ය වචන භාවිතා කිරීම නම් නැති තරම්. ඒත් අවශ්‍යම තැනක තරු දාලා ලියනවා. අසභ්‍ය වචන භාවිතා වෙන පොස්ට් ලිව්වා නම් තවත් බ්ලොග් එකක් ලියන්න කරුණු. ඒත් ලෝකෙට වැඩක් නැති දේ මෙතන පුරවන්න මම කැමති නෑ. කොටින්ම මේ වගේ පොස්ට් ලියන්නෙත් කළාතුරකින්.

      Delete
  2. සුදීක කිවුවොත් ක්‍රිකට් නේ. :P

    යම් කාලීන දෙයක් ලියද්දි ඔබ බලපු විදේශීය රූපවාහිනී වැඩසටහක් උදාහරණයට දක්වනව. මම හිතන්නෙ ඒක.

    ReplyDelete
    Replies
    1. නැහැ. මම හිතුවා දෙමළ නයන්නා මේකට හරි උත්තරේ දෙයි කියලා. මොකද මගේ බ්ලොග් එක මුල ඉඳලාම බලපු කෙනෙක්. තවත් වරක් උත්සාහ කරන්න. හැම පොස්ට් එකකම තියෙන දෙයකුයි. මගේ වචන භාවිතයේ එක සුවිශේෂී අක්ෂර වින්‍යාසයකුයි.

      Delete
  3. මනෝගේ උත්තරේම තමා මටත් තියෙන්නේ, සුධීක අයියා ලිපි ලියද්දි භාෂාව ගැන සැලකිලිමත් වෙනවා කියලා මුල ඉඳලම තේරුනා, ඒ වගේම සුධීක අයියට මොකක් හරි අලුත් දෙයක් ගැන කියන්නත් හරි අසාවක් තියෙනවා. ඉතින් මම හරිද?

    ReplyDelete
    Replies
    1. මේ කියන කථා ඇත්ත තමයි. ඒ වගේම ඇගයීමටත් බොහොම ස්තුතියි. නමුත් මම කියන්නේ මුල් පොස්ට් එකේ සිට අද දක්වා මම ලියපු හැම පොස්ට් එකේම තියෙන දෙයක් සහ අක්ෂර වින්‍යාසයේ සුව්ශේෂී එකකුයි.

      Delete
    2. සොමියා කිව්වම මතක් වුණේ. බුකියේ තිබුණා ප්‍රොෆයිල් එකක් "සොමිය සොයන සොමි සඳ" කියලා.

      Delete
  4. අහා අනිත් සීන් එක තමා your comment will be visible after approval සීන් එක, එකනම් එදා ඉඳන්ම සුදීක් අයියා ආරක්ෂා කරපු දෙයක්, හැක් :D

    ReplyDelete
    Replies
    1. නැහැ. වැරදියි. මේක මම පටන් ගත්තේ කවුද ඇනෝ කෙනෙක් මගේ පොස්ට් වලට කමෙන්ට් කරන කාන්තා පාර්ශවයට අසභ්‍ය වචනයෙන් බැන වදින්න පටන් ගත්තම.

      Delete
  5. රාජකාරි සටහන් ගැන ලියන එක. ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතයේ සටහන් තියන්නේ. අනෙක අනුන්ගේ 'අනන්‍යතාවය' රකින කෙනෙක්. ඇනෝලට බනින්ට නොදී කාන්තාවන් බලාගන්න එකත් විශේෂ දෙයක්. :P

    ReplyDelete
    Replies
    1. නැහැ හැම පොස්ට් එකේම තියෙනවා එක දෙයක්. අනික් එක මගදී පටන් ගත්තේ. ඔය සටහන් කරපු කාරණා වැරදි නෑ. නමුත් මම බලාපොරොත්තු වෙන උත්තරය නෙවෙයි. සරලව හිතුවොත් පහසුයි.
      අනේ බලන්න මේ කුමාරි නෝනලාව බලාගන්න ගිහිං මට වුණු දෙයක්.

      Delete
    2. ///ඇනෝලට බනින්ට නොදී කාන්තාවන් බලාගන්න එකත් විශේෂ දෙයක්. :P ////

      හයියෝ චාමර :D :D

      Delete
  6. හැම පෝස්ට් එකක්ම ලියල තියෙන්නෙ ලියන භාෂාවෙන් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ පලාලියන භාෂාවෙන් කියලද ?

      Delete
  7. හීන් නූලෙන් අනුන්ට මඩ නොගහා , අනුන් පහත් කරලා සලකන හීනමානයෙන් මිදිලා උඹ මේ ලියන out of the box ලියවිල්ල මටනං ඉහටත් උඩිං සුදීකයියෙ !! මට ඔය මහප්පරාන තේරෙන එකක්යැයි ඉතිං :D උපංගෙයි නූගතා වෙච්චි තරහ අවසර ඕං ……

    ReplyDelete
    Replies
    1. කම්මැලියා අංක 2

      Delete
    2. පත්තර මලලි කියන්න වගේ අයියන්ඩි අපේ කමෙන්ට් සමහරැන්ට ගැලපෙයිද මන්දා මෙවා ඉතිං සම්භව්‍ය නෑ..

      Delete
    3. මොන සම්භාව්‍යක්ද මලේ. හිතට එන දේ කිව්වොතින් එච්චරයි.

      Delete
  8. Replies
    1. මෙවර ඔබ අසාර්ථකයි. තවත් වරක් උත්සාහ කරන්න.

      Delete
  9. ඇවිද්ද පය ......

    මාතෘකාව ......

    හැම මාතෘකාවකටම පස්සේ තිත් හයක්, ඇවිද්ද පය පිටිපස්සේ තියෙන තිත් හය

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර හැමවෙලාවෙම වතුරෙ ඔබාගෙන ඉන්න කකුල් දෙක.
      දැං දියවෙලත් ඇති.

      Delete
    2. ඔන්න එකක් ඉවාන් අල්ල ගත්තා. තිත් හය මම හිතාමතා එකතු කරපු එක දෙයක්.

      Delete
    3. @Praසන්ன : උඹලා ඉන්න තැනක වතුරේ කකුල් ඔබාගෙන ඉන්නත් බයයි තමයි.

      Delete
  10. උඹේ බ්ලොග් එකේ අනන්‍යතාවය තමයි හැම පෝස්ට් එකක්ම උඹ ලියපු ඒවා වීම.

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ මචං. කෙන්ජයියාගේ එකක් දැම්මා මතකනේ.

      Delete
  11. 1. හැම ක්ලික් එකෙන් පස්සෙමේ මේ වෙබ්සයිට් එක පොප් අප් වීම.
    http://www.esanin.com/?_src=_popwnd
    2. ළමයි ගැන විශේෂයක් දක්වලා ලිවීම
    3. කුණුහරුප නැති වෙබ් අඩවියක් වීම

    ReplyDelete
    Replies
    1. මටත් ඕක මහා කරදරයක් වෙලා තියෙන්නේ. මම තාම විසඳුමක් හොයනවා.

      Delete
  12. සුදීක ලියන ඒවගෙන් මං කැමතිම රාජකාරි සටහන් වලට. බ්ලොග් එකේ අනන්‍යතාවය විදිහට කියන්න තියෙන්නෙ සුදීක ගොඩක් දේවල් නම් කරල තියෙන්නෙ සින්දු වල කොටස් වලින් වීම කියල තමයි :)

    ReplyDelete
    Replies
    1. මේකත් මම අදහස් නොකරපු ඒත් හරි උත්තරයක් විදියට ගන්න පුළුවන් එකක්. එකකට විතරක් මට ගීතයක් හොයා ගන්න බැරි වුණා. සිංදු අනෝටත් කිව්වා, තවම හරියන එකක් ලැබුණේ නෑ.

      Delete
  13. තුන් හතර සැරයක් ෆොන් එක අතට ගත්තා අයියන්ඩි උඔට කෝල් එකක් දෙන්න..එ්ත් සමහර වෙලාවට මට හිතුනා අපි එහම කරන එක හරිද කියලා..උඔලා මොනතරම් කැපකිරිමක් කරනවද පොස්ට් එකක් ලියන්න..
    අද උදේ උඔව මට තුන් හතර පාරක් මතක්වුනා..මතකද පොස්ට් එකක් ලියලා තිබුනා රැවුල කපනකොට උනුවතුර පාවිච්චි කරන්න කියලා..
    කාර්්‍යලයට සුදු අදින්න
    කෙනෙකුට තෑග්ගක් දුන්නාම ඒත ඒ මනුස්සයාට කොච්චර වටිනවද
    පොඩි මෙන්ඩට කතන්දර කියලා දෙන විදිහ..
    වෘත්තිය ඡිවිතේ ඉස්සරහට යන්න ඔන විදිහ ගැන දන්න උපදේස් ටික
    පෞද්ගලික ඡිවිතයේදි සමහර තිරන ගන්න ඔන විදිහ කියලා දුන්න..
    මම උඔගෙන් හොරකම් කරලා ඡිවිතයට එකතුකර ගත්ත ද්වල් ලිස්ට් එකක් ලිව්වැහැකි..
    සදුව පොඩි මෙන්ඩාව මුනගැහුන වෙලාවට ලගට ඇවිත් හිතවත්ව කතාකරන එක
    සදු / පොඩි මෙන්ඩා වුනත් ඔයා ගැන කියන දේවල්..
    මේ ඔයාගේ අනන්‍යතාවය..
    “ඇවිද්ද පය “
    මේකත් ඔයාගේ අනන්‍යතාවය
    “රාඡකාරි ගවේෂකයාගේ මතක සටහන්“
    මේකත් ඔයාගේ අනන්‍යතාවය

    මම සම්භාව්‍ය කමෙන්ට් කරැවෙක් නෙමෙයි ඉතින් මගේ හිතට දැනෙන දේ කොටලා දැම්මා
    ඉක්මනට දවසක එන්න ඔනේ ඔයා මුන ගැහෙන්න..
    ලොකු Collection එකක් තියනවා ඔයාට දෙන්න..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මෙන්ඩට හිතිලා තියෙන දේවල්. මගෙන් මොනවා හරි ජීවිතයට එකතු කර ගත්තා නම් ඒක මට සතුටක්.

      Delete
    2. හැක්... සුදීකටත් බ්‍රා කලෙක්ෂන් එකක් ලැබෙයි.

      Delete
  14. ඔයිට හොද නැද්ද මං මැරුනම බොලා මොකද කරන්නේ කියල ඇහුවනං.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒක උඹ අහපන් මස්සිනේ.

      Delete
    2. දේශකයා මැරැන දවසට..
      බට්ටෝ වැලක් පත්තු කරනවා
      කසිප්පු බෝතයක් බිලා තව බාගයක් කිහිල්ලේ ගහගෙන සරම කරට අරගෙන නටනවා.

      Delete
    3. දේශකයගෙ බ්ලොග් එක කොන්ක්‍රීට් බාසෙකුට දෙනව කියල තමයි අ.කැ. පත්තරේ තියෙන්නෙ.

      Delete
    4. තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියල අහල අනිත් අයගෙන් පින් සෙන්ඩු වෙන එක මොන තරං විකාරයක්ද?? ඒක හරියට අර මිනිස්සු හොද අහන්න ආසක්ත වෙනවා වගේ දෙයක් විතරයි... මට පේන හැටි.. අනිත් අයට කෝමද දන්නෑ..

      Delete
    5. දේශකයා : උඹ මෙන්න මේ කෑල්ල දැක්කේ නෑ මට හිතෙන විදියට //වෙන පොස්ට් එකක් ලියන ගමන් කාලය ගන්න කරපු වැඩක් මේක.//

      උඹ මේ කමෙන්ට් එක දැම්මේ අනිත් කමෙන්ට් වලට සාපේක්ෂව මට හිතෙන්නේ. මම බලාපොරොත්තු උත්තර දෙකයි තිබුණේ. ඒ දෙකෙන් එකක් ඉවාන් කිව්වා. බලන අයගේ විමසිලිමත් බව හෙවීමක් මිසක මට හොඳ අහගන්න උත්සාහ දැරීමක් නෙවෙයි මේක. මොකද ඒ අය මට බැන්නා නම් ඒත් මට බාර ගන්න වෙනවා. උඹට මේක දරා ගන්න බැරි වුණා වත් දෝ කියලා මට නිකමට හිතෙනවා.

      Delete
    6. ගොඩක් අයට මං කියන දෙයක් තේරුං ගන්න බැහැ.එක්කෝ මට ඕන දේ කියාගන්න මට තේරෙන්නේ නැහැ..

      Delete
  15. අනන්න තාවයක්නං මන්දා , උඹගේ බ්ලොග් එක කියවන්න මට කම්මැලියි , හිතෙන්නෙම නැ බං , ගොඩවෙලා බාගෙට කියවල යනව බං , මේලෝකේ රහක් නැ .

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන්නේ ස්වභාවික දේවල් විතරයි. අජිනොමොටෝ නෑ. උඹ හොයන රසය නම් මේකේ නෑ රජෝ.

      Delete
    2. මම දන්නව උඹ මේ කමෙන්ට් එකට හිත රිදව ගන්නේ නැ කියල, මොකද උඹවත් මං වත් අනුන්ගේ පිට කහන්නේ නැ , කාටවත් කියල පිට කහගන්න එක මට හෙන අපුලයි බං

      අනිත් එක තමා බං මට තියන ලොකුම අවුල ...මෙන්න මේ ආප්ප ඇප්රුවල් එක

      Delete
    3. මචං කිසිම හිතේ කහටක් නෑ. මම උඹ වගේ නිර්මාණ කරනවා අඩු තමයි. මගේ වැඩි නැඹුරුව තියෙන ක්‍රීඩා වලට උඹ අකමැති බව මම දන්නවා. ඒත් උඹ මේක කිව්වට මගේ හිතේ කිසි කහටක් නෑ. උඹ දන්නවානේ මට ගැහුවත් කමක් නෑ, මේකට කමෙන්ට් කරන අනිත් අයත් එක්ක එරියස් කවර් කරන අයත් ඉන්නවනේ. ඉන් පස්සේ තමයි ආෆ්ටර් ඇප්රුවල් දාන්න වුණේ. මොකද මම පැය 24ම මේකට ඇහැ ගහගෙන ඉන්නේ නැති නිසා.

      Delete
  16. Posted by සු දී ක at

    කියන එක හැම පොස්ට් එකකම තියනවා.. අන්න ඒක තමයි අනන්‍යතාවය

    ජ ය වේ වා !!!

    ReplyDelete
  17. සුදිකගෙ මං දැකපු අනන්‍යතාවය තමා (මේක නෙවෙයි සුදික බලාපොරොත්තු වෙන උත්තරේ...), සංයමයකින් ලියන එක. හරියට ඇලුවතුර වගේ. ළඟ ඉඳං කියන දෙයක් අහගෙන ඉන්නවා වගේ මේක කියවන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි, තමන්ගෙ මතය වෙනුවෙන් සෘජුව පෙනී හිටින එක සහ ඒකෙ වගකීම භාරගැනීම.

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තුතියි. ඒත් මම බලාපොරොත්තු උත්තර දෙකෙන් තවමත් එකක් ඉතුරුයි.

      Delete
  18. සමාවෙන්න හදුනාගත හැකි අනන්‍යතාවයක් නැත.
    තිත් 6 කින් අවසන් නොවන මාතෘකාව බොහෝ ඇත​. (පින්සල් මිටිය.
    තෙල් බෙහෙත් වෙළෙන්දා දුටු පේටන්ට් සංකල්පය
    ලගාන් සිහි ගැන්වූ අපේ තායිලන්ත ක්‍රිකට් තරගය.
    වයිවර්ණ මැරතන් තරගය
    එකැස් හොරාගෙන් ඉගෙනගත් ජීවන පාඩම (ළිෆෙ ළෙස්සොන්)
    ගායක ගායිකාවන් කොංක්‍රීට් පාරවල් වලට කැමති නැතිලු
    බොම්බයි මොටයි
    ගූගල්,විමල් සහ ංය් ණමෙ ඉස් Kහන්
    සියෑම් රාජ්‍යයට ගිය දෙවෙනි ගමන
    තායිලන්තය ගැන කෙටියෙන්)

    ReplyDelete
  19. ඇනෝ මිත්‍රයා : ඔබේ විමසිලිමත්භාවයට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. 10/368 * 100 = 2.7% ප්‍රතිශතයක් තමයි අතපහු වෙලා තියෙන්නේ. නමුත් ඉතිරි 97.3% ප්‍රමාණවත් නොවේද එය අනන්‍යතාවක් ලෙස හඳුනාගැනීමට ?

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...