Wednesday, September 16, 2015

එළුපැටියාගේ කතා - දෙවන කොටස ......

එළුපැටියාගේ කතාවට මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ. බලාගෙන යනකොට මේක පොදු සමාජ ප්‍රශ්නයක්. අවිවාහක අයට මේක තවමත් ඒ තරම් ගැටළුවක් නොවුණත්, ඒ අයගේ පවුල් වලට සමීප මේ වයස් කාන්ඩේ දරුවන් ඉන්නවා. එහෙමත් නැතිනම් බොහෝදෙනෙකුට තමාගේ ළමාවිය සිහිපත් වෙනවා. තවත් දෙයක් බොහෝදෙනෙක් උත්සාහ කරනවා එළුපැටියාගේ කතාම කියන්න. එහෙම අවශ්‍ය නෑ. තමාගේ දරුවා වඩා රුචිකත්වයක් දක්වන දෙයක් මේකට සම්බන්ධ කර ගන්න පුළුවන්. හැබැයි එළුපැටියා කියන්නේ ළමයින්ගේ සිත් තුල චිත්තරූපයක් මවන්න පහසු සුලබ අයිකන් එකක්(සංකේතයක්).  එහෙම එකක් දුන්නම එයාලත් පොඩි ෆැන්ටසි එකකට වැටෙනවා. ඕනෑම දෙයක් වැඩියෙන් ගත්තම මත් බවක් ඇති වෙනවා වගේ මේ එළුමතයත් ළමයින්ට පුරුදු කලාම අහපු ගමන් නින්ද යන්නත් පුළුවන්. සමහරවිට ඒකට ඇතිවෙන ඉන්ටරස්ට් එකත් එක්ක ඉතා අවධානයෙන් ඉන්නත් පුළුවන්. 

little goad climbing a rock nearby river followed by a pig
පින්තූරය ගත්තේ : www.dailymail.co.uk
එළුපැටියෙකුගේ රූපයක් හොයන්න කරපු ගූගල් සර්ච් එකේදී හමු වෙච්ච මෙන්න මේ රූපයට මගේ හිතේ එකවරම කතාවක් මැවුනා. කොහොමත් මම එළුපැටියා ගඟේ නාපු කතාවක් කියලා තිබුණ නිසා මේ පින්තූරය වඩාත් සිත් ගත්තා. එළුපැටිගේ කතා ඉල්ලන ය වෙනුවෙන් මේ රූපයට ගැලපෙන්න කතාවක් ලියන්න මම හිතුවා. ටැබ්ලට් එකක් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන අයට මේ පින්තූරය පෙන්වලා කතාව කියන්න අප්ටන් ගන්න පුළුවන්(හරියට අර දැන් ෆෝන් එකෙන් ලිරික්ස් බලාගෙන සිංදුව කියනවා වගේ).

නිල් පාටින් තියෙන්නේ උපදෙස්. මේක බලාගෙන කතාව කියවනවා නම් ඒ කොටස කියවන්න එපා.

ඔන්න පුතේ එළුපැටියා දවසක් හොඳටම අව්ව පායලා තියෙන වෙලාවක එයාලා ඉන්න වත්තෙන් එලියට ඇවිත්, තාර පාර දිගේ ටොකස්-ටොකස් ගගා ඇවිදිනවා(මේ කොටස කියත්දී ඇඟිලි දෙකෙන් දරුවාගේ ඇඟේ ඇවිදිනවා වගේ පෙන්වන්න. මේකත් පුරුද්දක් විදියට කරන්න - මෙහම කරත්දී එයාලට කිති කැවන්නේ නැති විදියට කරන්න වග බලා ගන්න. එහෙම වුනොත් එළු ෆාම් එකක්ම ඕනෙ වෙයි)
es.123rf.com
 මෙහෙම යනකොට එයා දැක්කා හැරිලා පහලට යන්න තියෙන පාරක්. ඒ පාරේ එළුපැටියා කවදාවත් ගිහින් නෑ, අම්මලා-තාත්තලා එක්කවත්. ඒ වුණාට එයාට හිතුණා යන්න ඕනේ කියලා. තනියම ආව හින්දා පොඩ්ඩක් බය හිතුණා. ඒ වුණාට එයාට යන්න ඕනේ වුණා. 
එළුපැටියා පොඩ්ඩක් වටපිට බැලුවා. පාරේ වෙන කවුරුත් හිටියේ නෑ. එළු පැටියා ටොකස්-ටොකස් ගාලා හයියෙන් දුවගෙන ගියා. එහම යනකොට ලොකු ගස් තියෙන කැලෑවක් දැක්කා. මේ වෙලාවේ එළුපැටියාට බඩගිනි නෑ. එයා ගෙදරින් හොඳටම කාලා හිටියේ. ඉතිං ඒ කැලාවට පොඩ්ඩක් එහා පැත්තේ එයා දැක්කා පොඩි වතුර වලක් වගේ එකක්. එයා එතැනට ගියා. අම්මෝ !!! මෙන්න ලොකුම-ලොකු වතුර වළක්. එළු පැටියා එහෙම හිතුවා. එයා කලින් ගඟක් දැකලා තිබුනේ නෑ. ගොඩක් ඈතට වෙනකම්ම වතුර පිරිලා. එළු පැටියා දුවලා-දුවලා ගියා වතුරට. ඒ වුණාට එයාට අම්මලා කියපු දේවල් මතක් වෙන්න පටන් ගත්තා.
කවදාවත් ලොකු  කෙනෙක් නැතිව වතුරේ නාන්න යන්න එපා කියලා(මේකෙන් අපි දරුවාගේ හිතට දානවා පොඩි අවවාදයක්). ඒ වුනාට එයාට ආසා හිතුණා. එයා දැක්කා කවුරුහරි වතුරේ තියෙන ගල උඩ ඉන්නවා. ඒ හින්දා එළුපැටියට  බය නැති වුණා. අවුවේ ඇවිදින් එයාට හොඳටම රස්නේ නිසා නාන්නම ඕනේ වුණා. වැඩිය හවස් වෙලාත් නැති නිසා නාන්න හොඳ වෙලාව. එයා පැන්නා වතුරට. එළුපැටියා මීට කලින් ලොකු වතුර වළක නාලා නෑ. ඒ නිසා එයා දන්නේ නෑ ගඟ ගොඩක් ගැඹුර බව. 
හරිම සීතලයි. එළු පැටියා තව ටිකක් ගැඹුරට ගියා. දැන්නම් ඔලුව උස්සලා තමයි හුස්ම ගන්න පුළුවන්.  ගල උඩට වෙලා අවුව තැපගෙන හිටපු ඌරු පැටියාට තේරුණා එළුපැටියාට පීනන්න බැරි බව. එයා වතුරට පැනලා එළුපැටියා ගාවට ආවා. එයාගේ කකුලෙන් ඇදගෙන ගල උඩට අරගෙන ගියා. ගිය ගමන් එළු පැටියා ඇඟ හයියෙන් හොලවලා වතුර ටික ගසලා දැම්මා. දැන් දෙන්නම අව්ව තපිනවා. ටිකක් වෙලා යනකොට එළුපැටියා හොඳටම වේලුනා. එයාට ගෙදර යන්න ඕනේ. ඒ වුණාට කොහොමද යන්නේ වතුරෙන්. 
එයා ඌරු පැටියගෙන් ඇහුවා
 "ඔයා කොහොමද වතුර ගෑවෙන්නේ නැතිව යන්නේ?" කියලා.  
"එන්නකෝ ගල  උඩට. මම ඉන්නේ ගඟේ අනිත් පැත්තේ. ඒ පැත්තට යන්න පුළුවන් වතුර ගෑවෙන්නේ නැතිව" ඌරු පැටියා කිව්වා.
"ඉතිං මට යන්න ඕනේ අනිත් පැත්තටනේ. කොහොමද යන්නේ ?"
 "හරි ඔයා නගින්න මගේ පිට උඩට. මම ඔයාව අනිත් පැත්තෙන් තියන්නම්"
ඒ පාර එළුපැටියා නැග්ගා ඌරු පැටියාගේ පිට උඩට. එයා මහත හින්දා, එළුපැටියට ඉන්න ඉඩ තිඑයෙනවා. ඌරු පැටියා, එළු පැටියව ගඟේ අනිත් පැත්තෙන් තිබ්බා.
 "බොහොම ස්තුතියි යාලුවා" එළු පැටියා කිව්වා.
"හරි එහෙනං අපි පස්සේ හම්බ වෙමු" ඌරු පැටියා කිව්වා.

එළු පැටියාට හරිම සන්තෝසයි. ඒ වුණාට පොඩ්ඩක් බයයි. එළු පැටියා ගෙදර දිව්වා.  

51 comments:

  1. ඉවාන් ඉඳ හිටලා හොඳ වැඩත් කරනව නෙවැ :D

    ReplyDelete
    Replies
    1. දැන් කවුද එලුපැටියා?

      Delete
    2. එල ද බ්‍රා අයියන්ඩි..
      එලු පැටියට තව සත්තු සෙට් කරාම පොඩි මෙන්ඩට අවවාදයක් දෙන ගමන් මාස දෙක තුනක් කතන්දර ඇදගෙන ගියාහැකි.

      Delete
    3. මටත් හිතුනේ ඕකම තමයි.

      ඊට පස්සේ උඹ නාන්නෙම නැද්ද?

      Delete
    4. ඉවාන්ගේ සම්බන්දෙ මොකක්ද මේකට ?

      Delete
    5. ඉවාන් මේක ගැන දැක්ක දැක්ක තැන මං සළකුණු තිබ්බා. මං ඇහුවා ඒත් ඉවාන් සුදිකගෙ ප්‍රචාරක ලේකම් ද කියලත්...

      Delete
    6. වැරදීමකි, ඉවාන් නෙමෙයි, මෙන්ඩා.

      Delete
    7. මගේ සම්බන්දේද දවසක් පත්තරයා එළු පැටියෙක් කරේ තියාගෙන පීනනකොට ගිලෙන්න යද්දී බේරාගත්තේ මම. ඌට එක මතක් වෙලා, කෙලෙහි ගුණ දන්නා එකානේ

      Delete
    8. ඉවාන් ට ඌරා කීම.. සොරි ඌරු පැටියාට ඉවාන් යැයි කීම තරයේ හෙලා දකිමි. ( ඒ වුනාට මටත් එහෙම තමයි හිතෙන්නේ..)

      Delete
    9. එහෙනම් මේ කියන්නේ චීන ඌරෙක් ගැන වෙන්නැති.:D

      Delete
  2. නියමයි . ශෝක් අනේ

    ReplyDelete
  3. මට නින්ද ගිහිල්ල මේ දැන් ටිකකට කලින් බං ඇහැරුනේ. බඩු වැඩ.

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර පුළුවන් තරම් ඇහැරිලා හිටියා. දැන් පුළුවන් තරම් නිදියනවා.

      Delete
  4. ඇත්තටම හොද තාත්තෙක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විදානේ.

      Delete
  5. දැන්මම පාඩම් කරලා තියාගන්න ඕනෙ...

    ReplyDelete
  6. ගිය වතාවෙ කතාව බැලුවා අදහසක් කියන්න බැරි උනා.මම සමහර වෙලාවට මගේ දූට කියලා දෙන කතා එයා ආයෙ ආයෙත් අහනවා.මට එකම කතාව පස් හය වතාවක් කියන්න වෙනවා.කතාව කියනකොට ටිකක් හරි වැදුනොත් එදාට මම ඉවරයි.ඇයි අනේ ඊයේ කීවෙ එහොම නෙවෙයිනේ කියලා එයා මට කතාව මුලක ඉදල කියලා දෙනවා.කතා නැති උනාම කතා හදලා කියනවා.හදන්නවත් කතා නැති වෙලාවෙ මෙ කතා ටික අහුවුනේ.පොඩි දරැවො විතරක් නෙවෙයි අපි වගේ ලොකු දරැවොත් තවම මෙ වගේ කතා වලට ආසයි.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ නෑ මේ කතා මාලාවට මේ වගේ ඉලීමක් තියේවි කියලා.

      Delete
  7. පොඩි එකෙක්ට කතාවක් කියනවා කියන්නෙත් හෙන ආතල් වැඩක් නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දන්නා කතා කියනවට වඩා හදලා කියන එක ලේසියි. මොකද දන්නා එක කාගෙන් හරි අහලා තිබුණොත්.

      Delete
  8. ඔන්න ඒ මෙන්ඩගෙ කතාවත් කියෙව්වා. දැන්ම මේ කතා ඔක්කොම මතක තියාගෙනම ඉන්න ඕනෙ. අවුලක් නෑ. ටෙස් කරලා බලන්නත් පුලුවන්. කොහොමද කියලා කලින් එලු කතාවෙ කොමෙන්ට් එක බලන්න.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට එළුපැටියා = මෙන්ඩා ද? මෙහෙම ගියොත් කාඩ් එකක් වදීවි.

      Delete
  9. පොඩි අයට වගේම ලොකු අයටත් හොඳ කතා ටිකක්...:D

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ළඟදීම මේවා ඕන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
  10. උඹ හොඳ තාත්ත කෙනෙක් බව දැනගත් දවස් වලම .තේරුණා .කියපු විස්තර වලින්. ..ළමයින්ට කතා කතා කියන එකත් කලාවක් ..තමා ...
    http://nelumyaya.com/?p=4236

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කොයි දේත් ලේසි නෑ. හැබැයි කැමැත්ත තිබුණොත් කලාවක් බවට පරිවර්තනය කර ගන්න පුළුවන්.

      Delete
  11. මේ වගේ පොඩි කතා එකතුකරලා ලමා කතා පොතක් ගහන්න අදහසක් නැද්ද සුදීක අයියෙ. මුදල් ඉපයීම සඳහා නොවුණත් තවත් එක දරුවෙක් හරි යමක් ඉගෙනගන්නවා. ඔය හැම හොඳ ළමා කතාවකම වගේ මොකක් හරි ආදර්ශයක් ගැබ්වෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. බලමු උත්සාහ කරලා. වඳුරෝ ගෙවල් හදනවා වගේ තමයි මගේ වැඩත්. මම මීට බොහෝ කාලෙකට කලින් පොතක් ලියන්න අරමුණු කරගෙන හිටපු විෂයක් අපේ එකෙක් බ්ලොග් එකෙන් පටන් ගත්තා. ඉතින් මම පොත ලිවීමේ අදහස අත හැර දැම්මා.

      Delete
  12. ඒකත් නියමයි. කතාව කියන ගමන් අවවාදයකුත් එක් කිරීම.

    දැං ගෙදර ගියාම වෙන දේ ඊළඟ කොටසින් කියන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ වෙච්ච සිද්ධියක් මතක් වුණා. ඒකත් ලියලම දාන්නම්.

      Delete
  13. කතාව කියල දෙන ආකාරයත් එක්කම තියන හන්දා නියමයි. ළමා මනසට මේවගේ දේ තුළින් හොද පණිවිඩ ඇගට නොදැනිම දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ නිදිමරගාතේ වරහන් ඇතුලේ තියෙන ටිකත් ළමයට ලියලා දැම්මොත් තමයි. :)

      Delete
  14. අපි මේ දවස් වල කුළුඳුල් ඩ්‍රැකි පැටියා බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මං හිතං හිටියෙ මා ගාව තියෙන කතා කලෙක්ෂන් එක නම් පරම්පරා දෙකකට ඇති වෙයි කියල. ඒත් දැන් හිතෙනවා ගෑවෙන්නවත් මදි කියලා. කතා ගොතලා කියන එකත් මරු. ඒකෙන් අපිත් දියුණු වෙනවා, දරුවත් දියුණු වෙනවා...

    ReplyDelete
    Replies
    1. උඹේ දරුවා හොල්මන් වලට බය නැති, බොරුවට ඔරොත්තු දෙන එකෙක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  15. මේ දවස්වල දෙන්නා බලාගෙන ඉන්නේ එලුවටට මොකද වුනේ කියලා දැන ගන්න..

    ReplyDelete
    Replies
    1. දවසක් පාන්දරක හොරු දෙන්නෙක් එළු පැටියෙක් හොරකන් කරගෙන යනවලු. මුන්ගේ කට්ට කමට එළුවට රෙද්දක් පොරවලා වඩාගෙන ගිහින් තියෙන්නේ. නැතිනම් එලි වෙනකොට මාට්ටු නිසා. ඉස්සරහට කවුරු හරි මුන්ගැහුනොත් කියනවලු
      "බෑයි කියල බෑනේ පුතේ බෙහෙත් ටිකක් ගන්නම ඕනේ කියලා"

      Delete
  16. අපි වගේ හොඳ ලමයෙක් එළු පැටියා , ගෙදර වැඩිහිටියෝ කියන දේ අහන

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්. හොඳ කොලුවා.

      Delete
  17. පොඩි උංට කතන්දර කියන්න ගියාම පිස්සු කෝටියයි..ඇයි හත්තිලව්වේ කතාවට වැඩිය පස්න අහන එක නෙ වැඩේ... මොනා කරන්නද කාගෙන උත්තර දෙනව.. අන්තිමට කතාව මතක නෑ ආයෙ වෙන විදියකට කියනව ඕම කියද්දි මතක් වෙනව ‍කියන්න හිතපු විදිය දැං ඒකත් සෙට් කරගන්නව කෝම හරි.. ඔන්න පොඩි එකා කිරනව.. සීනි කිලෝ දහයක් දොලහක් කිරපුවාම හරි බඩු නිස් බුවා නිදි...
    ආයෙ ඊලග දවසෙ ඉතුරු ටික... හය්යෝ එතකොට මොනකතාද මතක විදියට අර චරිත දාල කතාව කරනව
    ඕක ඉතිං ඉවරයක් වුන්ැ අර පොඩි එකා යනකං.. හෙහ් අක්ක පොඩ්ඩව එක්කං ගියාට පස්සෙ තමා හොදම හරිය... උ් කතා අහල ඉවරයක් නෑලු..
    පිංතූරෙටද කතාව ලීවෙ..
    මරුනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් පින්තූරෙට ලිව්වේ. ඒ වුණාට එළු පැටියා ගඟේ නාපු කතාව මම පොඩි එකීට කියලා තියෙනවා. නිදහස තියෙන නිසා ඕන අතකට නවන්න පුළුවන්.

      Delete
  18. පහුගිය පොස්ට් එකටත් අදාලව.. මචං ලා, මං පොඩි උන්ට බොරුවක් කරන්න නම් හිතලම නෑ.. පොඩි කම්මැලිකමකට තමයි ඉතින් ඔය උන් දාන්න කතාවක් වරද්දල කියල පස්සේ උන්ටම එක කියන්න දීල අහන ඉන්නේ.. එකෙත් පොඩි මෙව්වා එකක් තිබ්බා.. හැබැයි ඔන්න හිතා ගත්තා මින් පස්සේ මේ වගේ ක්‍රියේටිව් මොනවා හරි කියල දෙනවා කියල.. මේ කතාවෙන් පටන්ගෙන එළුවා කෝච්චියේ බදුලු ගිය හැටි එතනින් මුතියන්ගනේ වැඳලා දුන්හිඳ බලන්න ගිය හැටි.. මහියංගන පාරේ දර කරත්ත අදින හරකෙක් එක්ක එළුවා යාලු වෙච්චි හැටි.. ඔය තියෙන්නේ ගමකට..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ එළුපැටියාගේ ඌව වර්ෂන් එක.

      Delete
  19. අපට මනසෙන් ළමයකු වෙන්න පුලුවන්නම් ළමයින් ඇසුරු කිරීම සහ ඉගැන්වීම හරි පහසුයි. ඔබ ඒ දේ නිවැරදිව ප්‍රගුණ කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මම නිතරම ඕඩියන්ස් එක ගැන හිතනවා. නැතිනම් ඒ අයට අපිව එපා වෙනවා.

      Delete
  20. අම්මෝ ඔය කතන්දර වැඩේ නැගල යනව , කටහඩ වෙනස්කරල එහෙම කියනකොට ආසාවෙන් අහං ඉන්නව , දෙබස් විදිහට කතාව කියනවට හරි කැමතියි , හැබැයි ඉතින් ටික දවසක් යනකොට හෙන ඇණයක් වෙනව.

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම මතක් වුණේ. මටත් ඔය කටහඬ වෙනස් කරලා කථා කරන්න පුළුවන්. මම කෙල්ල පොඩි කාලේ මාර ට්‍රයියක් දීලා ස්කූබු ඩු අනුකරණය කරන්න ඉගෙන ගත්තා. පොඩි එකී ගාවට ගිහින් ෂැගී කිව්වා ගමන් කෙල්ල බය වෙලා අැඬුවා.

      Delete
  21. බණ්ඩාගේ කතා......
    හිනා කලා ඉල ඇදිලා මැරෙන පොස්ට් එකක් ලියලා..

    ReplyDelete
  22. කතා නම් කතා අන්න කතා...
    දෙපාරක් පණ දීලත් පුතේ කියන්න බැරි උනා කියලා ගස් ලබ්බා අඩනවා..
    ගිහින් බලාලා එන්න..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...