Monday, August 10, 2015

එතකොට අරවා කාටද ? ...... For whom those for ......

දිනක් පියෙකු අවුරුදු අටක වයසින් යුත් තම පුතු සමග ෆාමසියකට ගොඩවැදුනි. ඔවුන්ට උපත් පාළන කොපු සහිත රාක්කය අසලින් යන්නට සිදු විය. ඒවා දුටු දරුවා "තාත්තේ මොනවද ඒ?" යනුවෙන් ප්‍රශ්න කළේය. පියා කිසිදු පැකිලීමකින් තොරව, කරුණු කාරණා සහිතව පිළිතුරු දුනි.
"පුතා ඒවාට කියන්නේ කොන්ඩම් කියලා. පිරිමි ආරක්ෂිතව ලිංගික හැසිරීම් කරන්න ඒවා පාවිච්චි කරනවා"
"ආහ් ! එහෙමද ? " යනුවෙන් මදක් කල්පනාවට වැටුණු කොලුවා පැවසීය.
 "සෞඛ්‍යය පාඩමට පන්තියේදී අහල තියෙනවා" රාක්කය දෙස බැලූ හෙතෙම කොන්ඩම් තුනක් සහිත පැකට්ටුවක් අතට ගෙන
"ඇයි මේකේ තුනක් තියෙන්නේ ?" යනුවෙන් විමසීය.
"ඒවා උසස්පෙළ පන්තිවල ඉන්න අයට. එකක් සිකුරාදාට, අනිත් දෙක සෙනසුරාදා-ඉරිදට" යනුවෙන් පිළිතුරු දුණි.
 "හොඳයි" යනුවෙන් පිළිතුරු දුන් කොලුවා, එක පැකට්ටුවක හයක් තිබෙන ඒවා ඇති බව දැක 
"එතකොට මේවා කාටද ?"
"ඒවා තියෙන්නේ කැම්පස් යන අයියලට. දෙකක් සිකුරාදාට, තව දෙක-දෙක සෙනසුරාදා ඉරිදට"
"ෂාහ් ! " යනුවෙන් විශ්මය පළ කළ කොලුවා. "එතකොට අරවා කාටද ?" යනුවෙන් පවසමින් එක්ක 12ක් තිබෙන කොන්ඩම් පැකට්ටුව පෙන්වීය.
පින්තූරය ගත්තේ : www.exchangesupplies.org

 දෑසට නැගුනු කඳුලත් සමග සුසුමක් පිට කරමින් පිළිතුරු දුන් පියා
"ඒවා බැඳපු අයට. එකක් ජනවාරි වලට, එකක් පෙබරවාරි වලට, අනික මාර්තු ....." යනුවෙන් පැවසීය.
 
http://www.awesomequotes4u.com වෙබ් අඩවිය ඇසුරිනි. 
 මෙය බටහිට රටක පියෙකු සහ පුතෙකු අතර ඇති වූ සංවාදයක් බව කරුණාවෙන් සලකන්න. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...