Wednesday, June 24, 2015

කුමාර් සංගක්කාර තම කණ්ඩායම් සගයන් ගැන කියන කතා ......

මහේල ජයවර්ධනගේ සිට එංගලන්ත නවක ක්‍රීඩක මාර්ක් වුඩ් දක්වා......

තම විසි අවුරුදු ක්‍රීඩා දිවිය තුල ක්‍රීඩා කල කණ්ඩායම් සගයන් ගැන කුමාර් හෙළි කරණ සැඟවුණු සත්‍ය කතා.
ඔහු මේ අදහස් ඵල කලේ ස්කයි ස්පෝර්ට්ස් විසින් පවත්වන 2015 වසරේ ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේ - කණ්ඩායම් සගයන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන වැඩසටහනකදීය.  මෙම වැඩසටහන වෙනුවෙන් එක්වන නවතම ක්‍රීඩකයා වන්නේ, සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර වන අතර තම ජාත්‍යන්තර සහ දේශීය මිතුරන් ගැන ඔහු ඵල කල අදහස් මෙසේය

පරාජය වූ විට වඩාත් තැවුලට පත් වන්නේ කවුද ?


නිසැකයෙන්ම තරගය ඉතාමත් බරපතලව ගන්නා කෙනෙක් - ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමයක් ලෙස කරන පාපන්දු තරගයකදී පවා මහේල ජයවර්ධන පරාජයට අකමැතියි. ඔහු කීයටවත් පරදින්න කැමති නෑ. බොහෝ වෙලාවල් වලදී අප අතර වාද විවාද ඇති වෙනවා. එහෙම වෙලාවට විනිසුරුවෙක් කැඳවනවා. පාපන්දු තරගයක් පරාජය වූ විට ඔහුට වැඩි වශයෙන් අමාරුවක් ඇති වෙනවා. ඔහු ඇත්තටම දක්ෂයි - ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට සහයෝගය දක්වනවා. පැරදුනාම මේ තරම් හොඳ වෙන්න හේතු වෙන්නෙත් ඒකමයි.

තමන්ගේ පිත්ත නිදියහන වෙත ගෙන යන්නේ කවුද ? ?

.තිලාන් සමරවීර. ඔහු පිති වලට ආදරෙයි.  සෑම දිනකම ඔහු පහර දෙමින් සිටින පිත්ත නිවසට හෝ ලැගුම් ගන්නා හෝටල් කාමරයට ගෙන ගොස් පහුවදා උදේ ගෙන එනවා.


ඔබට මුණගැසුණු විචක්චනශීලීම පිතිකරු කවුද ?


බ්‍රයන් ලාරා. ඒ ගැන තවත් විස්තර අවශ්‍ය නෑ, ඔහු ඇදහිය නොහැකි ක්‍රීඩකයෙක්.


වැඩිම සහ අඩුම ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් කරන්නෝ කවුරුද ?



කිසිම සැකයක් නෑ, කම්මලිම පුද්ගලයා මම.  වැඩිම තදින් පුහුණු වීම් කරන්නේ චමින්ද වාස්.
 පන්දු යැවීම ගත්තොත් ඔහු පුදුමාකාර විදියට සුපරීක්ෂාකාරී වන අතර ඔහු දිවීමේ සහ ජිම් එකේ වැඩ සඳහා දිගු කාලයක් ගත කරනවා. ඔහු වැඩ කරන ආකාරය බලා ඉන්න වටිනවා.


යකඩ අත් ඇත්තේ කාටද ?

ලංකාවෙන් මාවන් අතපත්තු සහ උපුල් තරංගට ඉතා හොඳ අත් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇන්ඩෲ සයිමන් සහ ෆ්‍රෙඩි ෆ්ලින්ටොෆ් දෙදෙනාටත් ඒ වාගේම ශක්තිමත් රොකට් වාගේ අත් ඇත්තන්. ඔවුන් පන්දුව නැවත ලබාදෙන විට කඩුලු රැකීම දුෂ්කර කාරියක්, විශේෂයෙන්ම යාර තිහේ සීමාව තුල, කවර් පොයින්ට් ස්ථානයේ පන්දු රකින්නන් බොහෝවිට පන්දුව යොමු කිරීමේදී පමණට වඩා උනන්දුවක් දක්වනවා.

හොඳින්ම වාහනය ගාල් කරන්නන් සහ නරකම කවුද ?

නිසැකවම නරකම කෙනා තිසර පෙරේරා. ඔහුගේ වාහනයට ගොඩ වන්නට කිසිවෙකු කැමැති වන්නේ නෑ. හොඳම රියදුරු මහේල ජයවර්ධනයි, ඔහු ඉතා ප්‍රවේසම්. සවිඥ්ඥානික රියැදුරෙක්.

වඩාත් සංගීතයට බර කවුද ?


කිහිප දෙනෙක්ම සිටිනවා. බ්‍රෙට් ලී සමග සමග අයි.පී.එල්. කණ්ඩායමේ සිටින්නට මට ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සචිත්‍ර සේනානාය සහ ධම්මික ප්‍රසාද්. ඔවුන් චමින්ද වාස් මෙන්ගීත ගයනාව.

ලොකුම විහිළු කාරයා කවුද ?


ඩර්හෑම් කණ්ඩායමේ සිටින විට මාර්ක් වුඩ් වැන්නන් සමග තරඟ සඳහා දිගු ගමන් සිදු කරන්නට වෙනවා. ඔහු ඇත්ත වශයෙන්ම විහිළු කාරයෙක්. ක්‍රීඩාගාරය ආලෝකමත් කර ඉතා රසවත් තැනක් කරන්නට  ඔහු සමත්. මා සඳහා විහිළුවක් කරන්න තරම් කාලයක් මා ඔවුන් සමග  රැඳුනේ නෑ.

කණ්නාඩිය ඉදිරියේ වැඩි කාලයක් ගත කරන්නේ කවුද ?


ෂුවර් එකටම ඇන්ජලෝ මැතිව්ස් තමයි. ඔහු පෙනුම ගැන වැඩි උවමනාවක් දක්වනවා. ඒක ගැන විහිළු කරලා අපි ලොකු සතුටක් ලබනවා.



චිත්‍රපටයක් බලන ගමන් හඬන්නේ කවුද ?


ඒ ගැන එතරම් පැහැදිලි දැනීමක් නෑ. ලංකාවේ අපි දැඩි සිත් ඇත්තන්. ප්‍රාන්ත තරග වලට ක්‍රීඩා කල එංගලන්ත ක්‍රීඩකයනුත්  එහෙම නෑ. සමාවෙන්න. හිතට කවුරුත් එන්නේ නෑ. 



34 comments:

  1. Replies
    1. එකනේ බොහොම කාලයක් අරන් පරිවර්තනය කළේ. :)

      Delete
  2. මහේල කොහොමත් හැමදේටම attentive. තිසරයා නම් බැට් කරනව වගේම ඇති ඩ්‍රයිව් කරන්කොටත්. කියපු ලොකුම බොරුව තමයි 'වැඩිම කම්මැලි මම' කියපු එක.. හැක්.

    ReplyDelete
    Replies
    1. මහේල සමහර වෙලාවට over reactive ගතියකුත් තියෙනවා. වැඩිම කම්මැලි මම කියන එකෙන් පේන්නේ මිනිහගේ නිහතමානී කම.

      Delete
  3. තවත් මෙවැනි ප්‍රවීනයන් සම්මුඛ සාකච්ඡා වලට සම්බන්ධ කරගත්තොත් බොහොම රසවත් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා වීඩියෝ. බැටීන් ගැන. ඒවා පරිවර්තනය කරලා වැඩක් නැ. බලන්නම ඕනේ.

      Delete
  4. ගොඩක් කල් ගන්න එපා අයියන්ඩි ලිපියක් නොලියා ඉන්න...ඉදලා හිටලා මේ වගේ පොඩි ලිපියක් හරි දාන්න. ඔයාගේ ලිපි නැති බ්ලොග් ලෝකය අස්සයා නැති කව් බෝයි වගේ..
    මම හිතුවේ පෙනුම ගැන වැඩි අවධානයක් දෙන්නෙ ලසිත් කියලා..
    එල ද බ්‍රා ලිපිය..

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ බොහොම භාරදූර කර්තව්‍යයකට කර ගහලා හිටියේ.

      Delete
  5. හැම වෙලේම මේ වගේ කතා එළියට එන්නෙ නැති හන්ද මේ වගේ දෙයක් මිස් කරගන්න එකත් පාඩුවක් නැද්ද සුදික අය්ය

    ReplyDelete
  6. ඔය අන්තිමට කිව්ව චිත්‍රපටයක් බලලා අඬන එක මට එච්චර පැහැදිළි නෑ. එංගලන්ත ක්‍රීඩකයෝ දැඩි සිත් ඇත්තවුන්ද නැද්ද?

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන චිත්‍රපටියක් බලල අඬන්න තරම් ලාංකික ක්‍රීඩකයො සංවේදී /ලාමක/ බොලඳ නෑ, ඉන්ගලන්ත කවුන්ටි ක්‍රීඩකයොත් එහෙම නෑ කියලනෙ තියෙන්නෙ

      Delete
    2. ප්‍රා ජේ කිව්වා හරි.

      Delete
  7. යකඩ අත් කතාවෙ හරියටම තේරුම මොකක්ද? Wrists of steel කියලනම් තියනව, ඒ පිතිකරණයේදි ( Azharuddin, VVS Laxman)
    ඔතන තියෙන්නෙ Iron hands කියලද? Fielding?

    ReplyDelete
    Replies
    1. නැහැ මෙතන තිබුණේ Gun Arms කියලා. තුවක්කු අත් කිව්වනම් කිසම ගතියක් නැති නිසා, යකඩ අත් කියන එක යොදා ගත්තේ. මෙතන අදහස් අරන්නේ ත්‍රෝ කරන එක ගැන.

      Delete
    2. මම පිට්ටනියෙදි දැක්ක යකඩ වගේ අත් තිබුනෙ මැතිව් හේඩ්න්ට ..ඔහුව මම සජීවීව දැක තියෙනවා...ඔහුගෙ අත් ඉතාම මහතයි.

      Delete
  8. රසවත් ලිපියක්.සුදික අයියා.

    ReplyDelete
  9. කුමාර සංගක්කාරව ඉන්ටර් වීවු කරනකොට අහන් ඉන්න ආසයි. ලස්සනට උත්තර දෙනව. ඉන්දියාවෙදි පොඩො එවුවො සෙට් එකක් එක්ක ඉන්ටර්වීවු එකක් හරිම ලස්සනට උත්තර දෙනව.
    දැන් අපේ බ්ලොග් ලියන්නො ගැන කමෙන්ට් කරන අපෙන් කවුරු මෙහෙම ඉන්ටර්වීව්ව් එකක් කලොත්
    උදා :- කම්මැලිම බ්ලොග් හිමිකරු කවුද ?

    ReplyDelete
    Replies
    1. කම්මැලිම බ්ලොග් හිමිකරු කවුද ? - සුදීක සුදීක

      Delete
    2. තව ප්‍රශ්න අහන්න පුලුවන්...
      කතාව කියන්නෙ නැතුව පදුරැ තලතල වටේ යන බිලොග් හිමිකරැ කවුද?
      කම්මැලිම කමෙන්ටර් කවුද?
      ඌත් නරක් වෙලා පුංචි අපිවත් නරක් කරන බ්ලොග් හිමිකරු කවුද ?

      Delete
    3. සංගගෙ ඉංග්‍රීසි දෙවෙනි වෙන්නේ G.L. පීරිස්ට විතරයි. මම හරිම ආසයි ඔය දෙන්නම කතා කරණ විදිහ දිහා කට ඇරන් බලන් ඉන්න... ඔවුන් භාෂාව ලස්සනට හසුරවනවා...

      Delete
    4. කම්මැලිම බොග්කරු ගොඩකවෙල ප්‍රසන්න...

      Delete
  10. සංගගෙ අන්තිම කමෙන්ට් එක තමයි වැඩියෙන්ම ඇත්ත... (කඳුළු පිහදාමින්)

    ReplyDelete
  11. තිසර පෙරේරා ගැන කියපු කතාව ඇත්ත. නාවල කොස්වත්ත හන්දියේදී හප්පලා තිබ්බා ත්‍රීවීල් එකක් පිටිපස්සෙන් ත්‍රීවීල් එකේ පස්ස නෑ

    ReplyDelete
  12. මමත් හරි ආසයි ඔවුන්ගේ මෙවැනි චර්යාවන් ගැන දැන ගන්න...සුදීක පුළුවන්නම් අනිත් ක්‍රීඩකයෝ දක්වපු අදහසුත් පළ කරන්න..

    <>

    මේකේ නිර්නායකයන් මොනවද දන්නෑ නේද ?

    ReplyDelete
  13. සෑහෙන කාලෙකට පස්සේ
    http://nelumyaya.com/?p=3267

    ReplyDelete
  14. මං අහල තියන විදිහට සංගා තමයි වැඩිපුරම ෆිට්නස් වලට මහන්සි වෙන්නෙ ....
    මට දවස් දෙක තුනක් කතා කරන්ඩ හම්බෙලා තියනව ...
    තමංගෙ ලෙවල් එක තියං ඉන්න දන්න පොරක් ....

    ReplyDelete
  15. සංගා,
    කෙනෙක් නෙවෙයි රටක්!!!

    ස්පෝර්ට්ස් කරන වුන්ගෙන් මම අදහන එකම කෙනා...

    ReplyDelete
  16. කමීමැලිය නුවන් සොයිස

    ReplyDelete
  17. නියමයි...සංගා හරි නිහතමානී මනුස්සයා

    ReplyDelete
  18. හොඳ ප්‍රශ්න පත්තරයක්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...