Thursday, May 14, 2015

නිර්වාන් ප්‍රබෝද් ...... Nirwan Prabod ......

ශ්‍රිලංකාවේ තිබෙන ජංගම දුරකථන සබඳතා සංඛ්‍යාව සැලකීමේදී, එක් අයෙකුට දෙකක් වන්නට ප්‍රමාණයක් මේ වනවිට දුරකථන සේවා සපයන ආයතන විසින් විකුණා හමාර බව ප්‍රවෘත්ති වලින් කියැවේ. එක් පුද්ගලයෙකු මෙම සබඳතා කිහිපයක් තබා ගැනීමට විවිධ හේතු ඇත. මා සතුවද එවැනි සිම්පත් කිහිපයක්ම තිබේ. බොහෝ දෙනෙකු මෙන් මාද, ඒවා තබා ගන්නේ ජාලය තුල අංක වලට කථා කිරීමේදී පවතින අඩු ගාස්තු වලින් ප්‍රයෝජනය ගැනීම සඳහාය. නිසි ලෙස කළමනාකරණය කළහොත් එය සැබවින්ම ඉතිරියක් වනු ඇත. 

වසරකට පමණ පෙර සයිබර් අවකාශයේ මිතුරු සබඳතා සඳහා මා වෙනමම ෆේස්බුක් ගිණුමක් අටවා ගන්නේ, එමගින් වැඩි මිතුරු ප්‍රමාණයක් එක්කාසු කර ගැනීමට ඇති හැකියාව, විවිධ වාද විවාද සමහරවිට ලොව පුරා විසිරී සිටින මගේ සමහර මිතුරන්ට අදාළ නොවන ඒවා සේම තේරුම් ගැනීමට ඇති නොහැකියාව(සිංහල භාෂාවෙන් සිදු වන වාද හෝ Status Updates) වැනි විවිධ හේතූන් රාශියක් මුල් කරගෙනය. මෙසේ සයිබර් මිතුරන් සඳහා එසේ අටවා ගත් ෆේස්බුක් ගිණුම වඩාත් ප්‍රයෝජනවත් වුයේ දේශපාලන වාද විවාද සඳහාය. නමුත් මේ හරහාද හොඳ දේ ලැබුණු අවස්ථා ඇත. ඒ අතුරින් කවුරුන් හෝ බෙදාගෙන තිබූ නිර්වාන් ප්‍රබෝද්ගේ ගීත ගායනාවක් මට අසන්නට ලැබුණේ අහම්බයකිනි. එය හඬ වෙනස් කරමින් කරන යුග ගායනයකි. 

එවැනි ගායකයන් අනුකරණය කරමින් ගීත ගායනා කිරීම මා මෙන්ම බොහෝ දෙනෙකු අනුමත කරන්නේ නැත. නමුත් මේ තරුණයාගේ හඬ අනුකරණය කිරීමේ හැකියාව නිසාම එම ගීතය දෙවරක් අසන්නට පෙළඹීම වලක්වන්නට නොහැකි කරුණකි. ඉන්පසු මම ඔහුගේ ෆේස්බුක් වෝල් එක දිගේ පහලට ගොස් ඔහු පටිගත කර ඇති ගීත කිහිපයකටම සවන් යොමු කලෙමි. ඉන්පසු ඒවායේ රූප නොපෙන්වා මගේ කාර්යාලීය සගයාට අසන්නට සැලස්සුවෙමි. ඔහු මවිතයට පත් වුයේ එය එකම පුද්ගලයෙකු ගායනා කරන බව දැන ගැනීමෙනි. ඉන්පසු මා කල පළමු කටයුත්ත වුයේ නිර්වාන්ව මගේ ෆේස්බුක් මිතුරුකැලට එකතු කර ගැනීමයි. සුළු මොහොතකින් ඔහුත් සමග චැට් මගින් පිලිසඳරක් ඇති කර ගතිමි.

ඔහුගේ මේ හැකියාව පෙනුණු විට මගේ සිහියට එකවරම ආවේ ගප්පියාය. මෙය කියවන ඔබ සැම අඩුම තරමේ එක් ගප්පියා වීඩියෝවක් හෝ නරඹා ඇත. ඒ තරමටම සයිබරයේ ගප්පියා ජනප්‍රිය බව නොරහසකි. මා ඔහුගෙන් විමසූයේ යූ ටියුබ් චැනල් එකක් ඇත්ද යන්නයි. නමුත් චැනල් එකක් තබා යූ ටියුබ් වීඩියෝ ගැනවත් නිර්වාන්ට අවුබ්දෝධයක් නොතිබිණි. එවිට මා ඔහුගෙන් ඉල්ලා සිටියේ වහාම යූ ටියුබ් චැනල් එකක් සාදා මේ වීඩියෝ පට එකතු කරන ලෙසයි. එය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැකි බවද අවධාරණය කලෙමි. නමුත් ඒ ගැන වැඩි අවුබෝධයක් ඔහුට නොවිණි. මා කල දැනුවත් කිරීම හරහා ඔහු කල සියළු උත්සාහයන් අසාර්ථක විය. ඒ වනවිටත් ඔහුගේ මිතුරන් යූ ටියුබ් වෙත ඔහුගේ වීඩියෝ කිහිපයක් එකතු කර තිබුණි. නමුත් ඉන් ඔහුට වන සෙතක් නැති බව මට වැටහිණි.

ඔහු මේ වීඩියෝ කරන්නේ සහ ෆේස්බුක් වෙත මුදා හැරීමද සිදු කරන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන් බව සඳහන් කළේය. ඔහු කිහිප විටක්ම ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් යූ ටියුබ් චැනලය නිර්මාණය කර දෙන ලෙසය. ඔහුගේ අරමුණ මුදල් ඉපැයීම නොවන බව සහ මෙහි සැඟවුණු වටිනාකම(Potential) දුටු මා හට එය මග හැර යා නොහැකි විය. මා ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට භාර ගතිමි. නමුත් එහි වූ ප්‍රධාන අභියෝගය වුයේ ෆේස්බුක් වල ඇති වීඩියෝ භාගත කර ගැනීමයි නැතිනම් කෙලින්ම යූ ටියුබ් වෙත අප්ලෝඩ් කිරීමයි. අන්තර්ජාලය පීරා එයට විසඳුම සොයා ගත් වහාම මා කලේ ඔහුගේ සියළු වීඩියෝ භාගට කර ගැනීමයි. ඉන්පසු මා ඔහුත් සමග දුරකථන සංවාදයක යෙදිණි. ඒ සියල්ලට කලින් ඔහුගේ ගීත ගායනයකට සවන් දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. 




දැන් මොකද ඔබට හිතෙන්නේ. ඇත්තටම ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි වර්තමානයේ වැඩිපුර අසන්නට නොලැබෙන ගායිකාවන්ගේ හඬ ඔහුට අනුකරණය කල හැක. මෙය සහජ දක්ෂතාවයකි. එසේ කිරීමට ඇති අපහසුතාවය කෙතරම්ද යන්න දන්නේ ඒ සඳහා යම් උත්සාහයක හෝ යෙදුනු කෙනෙකුටය. මා එසේ උත්සාහ කර ඇත්තෙමි. මගේ දියණිය කුඩා කාලයේ ස්කූබි ඩූ ගේ හඬ අනුකරණය කරන්නට සමත් වූයේ දවස් ගණනක උත්සාහයකින් පසුවය. ඒ නිසා ඔහු මේ වෙනුවෙන් දරන වෙහෙස මට හොඳ හැටි අවුබෝධ විය. මේ වනවිට ඔහු ගයා ඇති ගීත වලින් කිහිපයක් ඔහු වෙනුවෙන් මා නිර්මාණය කල යූ ටියුබ් චැනලයට එකතු කලෙමි. පහතින් ඇත්තේ ඒ සඳහා පිවිසිය හැකි සබඳතාවයයි.


නමුත් මෙහි අඩුපාඩුවක් තිබෙන බව ඒ ගැන යම් අවුබෝධයක් තිබෙන කෙනෙකුට වැටහෙනු ඇත. උදාහරණයකට ගප්පියාගේ සබඳතාව බලන්න


මෙවැනි කෙනෙකුට පහසුවෙන් මතකයේ තබාගත හැකි සබඳතාවක් සාදා ගැනීමට නම් එය Subscribe කර ඇති ප්‍රමාණය 500 වත් විය යුතු බව ඒ ගැන සොයා බැලු විට පැහැදිලි විය. දැනට මෙය සබ්ස්ක්‍රයිබ් කරන්නේ මා පමණකි. ඒ සඳහා එක වන්නට ඔබට ආරාධනා කරමි. මේ සද්කාර්ය සඳහා මා ඉදිරිපත් වුයේ, ඔහු මේ කාර්යය කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නොවන නිසාය. ඔබෙන් එවැනි ඉල්ලීමක් මා කරන්නේද එනිසාය. 

ඔහුගේ රුපය දුටුමනින්ම සිහියට එන්නේ හින්දි නළුවෙකි. මා මුලින් සිතුවේ ඔහු යුරෝපාකරයේ සේවය කර පැමිණි අයෙක් ලෙසය. නමුත් ඔහු සමග පසුව කල දුරකථන සංවාදයේදී තේරුම් ගත්තේ ඔහු ඩුබායි රටට හැරෙන්නට වෙනත් කිසිම රටකට පය තබා නොමැති බවය. ඒත් දින කිහිපයක සංචාරය සඳහාය. ඔහු ජාතික  උසස් (ඉංජිනේරු)  ඩිප්ලෝමා ලාභියෙක්. නමුත් දැන් ජීවිකාව ලෙස තෝරාගෙන තිබෙන්නේ පුද්ගලික ගණිත උපකාරක පන්ති පැවැත්වීමයි. මුලින් රජයේ ආයතනයක සේවය කල ඔහු පසුව මෙම රැකියාව තෝරාගෙන ඇත. ඔහුත් සමග කල කෙටි පිලිසඳරේදී මා තේරුම් ගත්තේ ඔහු අව්‍යාජ පුද්ගලයෙකු බවයි. 

නිර්වාන් ඉපදී හැදී වැඩෙන්නේ මතුගම ප්‍රදේශයේ වුවත් වර්ථමාන පදිංචිය මීගමුවේය. ඔහු සංගීතය පරතෙරට හදාරා නැත. අපොස සාමාන්‍ය පෙළ දක්වා සංගීත විෂය නිර්දේශය පමණක් හදාරා ඇති බව ඔහු මා සමග පැවසීය. නමුත් තමා "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියම මුස්වාක් කල තවත් පුද්ගලයෙක් බව නිර්වාන් ඔප්පු කොට ඇත. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍රයක් මෑතකදී යුරෝපීයයෙක් මිලදී ගෙන ඇත්තේ යුරෝ දාහකටය. එය ඊටත් වඩා වටිනා බව එම සංචාරකයා පවසා ඇත. 


 මේ චිත්‍රය ඔහු ඇඳ ඇත්තේ පැන්සල් උපකාරයෙනි. එහි තාත්වික බව තෝරා ගැනීමට එහි ඉන්නේ කවුරුන්ද යන්නෙන් පැහැදිලි වේ.
 ඔහු සාර්ථක ලෙස නිර්මාණය කරන ලද කාටූන් කිහිපයක්ද ඔහුගේ ෆේස්බුක් වෝලයේ ඇත. මේ කණුවේ හැපෙන්නේ අපේ පවනියා වත්ද ?

මෙය ඔහු විසින් නිර්මාණය කර ඇත්තේ අඟුරු කැබැල්ලක ආධාරයෙනි.

බොහෝ දෙනෙකු මෙන් මමද මෙසේ හඬ වෙනස් කරමින් ගායනයට විරුද්ධය. නමුත් ඔහුගේ හඬ වෙනස් කිරීමේ දක්ෂතාවය අගයමි. මෙය ඵලදායී ලෙස යොදා ගත හැකි බව මගේ විශ්වාසයයි. චිත්‍රපටයක් නිෂ්පාදනය කල හැකිව තිබියදී, සජීවීකරණ චිත්‍රපට කුමටදැයි මා කාලයක් සිතුවෙමි. නමුත් එමගින් නිෂ්පාදන පිරිවැය අවම කර ගත හැකිවා මෙන්ම, සාමන්‍ය නළු නිලියන් හෝ වෙනත් නිරූපකයන් යොදා කිරීමට උගහට දේ සජීවීකරණ කාටූන් මගින් කල හැක. උදාහරණයකට ලොව උසම කඳු මුදුනේ සිට කිසිම ආධාරකයක් නොමැතිව බිමට පණින දර්ශනයක් අවශ්‍ය වේ නම්, සජීවීකරණයට එය අපහසු කටයුත්තක් නොවේ. මේ එක උදාහරණයක් පමණි. 

එලෙසෙම අපගේ පැරණි ගායිකාවෙන්ගේ හඬින් අඩු පිරිවැයකින් චිත්‍රපට පසුබිම් ගායනයකට යොදා ගත හැකිනම් එය කදිමය. වර්තමානයේ සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඉන්ද්‍රානි සේනාරත්න, ඇන්ජලීන් වැනි ගායිකාවන්ගේ හඬින් ගී ගැයීමට හැකි ගායිකාවන් කිහිප පලක්ම වේ. නමුත් ඔවුන්ගේ ගාස්තුව නිෂ්පාදකයාට දරා ගත නොහැකි අවස්ථාවක මෙවැනි විකල්ප ප්‍රයෝජනවත් වේ. 

මොහුගේ හැකියාව දුටු විටම මා චූටි මල්ලි සහ පොඩි මල්ලි යන දෙදෙනාට ෆේස්බුක් පණිවුඩ කිහිපයක් තැබුවේ මේ හැකියාවෙන් ප්‍රයෝජනක් ගන්නා ලෙස ඉල්ලමිනි. ඔවුන්ගෙන් පිළිතුරක් ලැබෙන්නට ප්‍රථමයෙන් හිරු ටීවී ආතනය  "මේක පුදුම ලෝකයක්" තුලින් ඔහුගේ ගීතයක් ප්‍රචාරය කර ඇත. මේ හැකියාව වර්ධනය කර ගන්නට නමු ඔහුව කසුන් කල්හාර වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වෙත යොමු කල යුතුය. තම හැකියාව අනුව ගැහැණු හඬින් ගීතයක් ගැයීම වරදක් වේද ?

47 comments:

  1. සැබෑ දක්ෂයෙක්. මේ වගේ හැකියාවන් අද සමාජෙ සහ ආර්ථිකය ඇතුලෙ වඩාත් නිර්මාණශීලීව යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ අයට සංචාරක හෝටල් වල ගීත ගායනා කරොත් විශාල පිරිසක් ආකර්ෂණය කරගෙන ජාත්‍යන්තර නම ගෙනියන කෙනෙක් වෙන්න පුළුවන් හොඳආර්ථිකේකුත් ගොඩනගාගෙන. ඔහුගේ චිත්‍ර ඇඳීමේ හැකියාවත් සුවිශේෂියි. මම හිතන්නේ ඔහු හැකියාවෙන් ප්‍රෙයා්ජන ගන්න ඒ තරම් උනන්දු නැතුවා වගෙයි

    ReplyDelete
    Replies
    1. මගේ අසල්වැසි නිවෙස් වල කුලියට ජීවත් වුණා සංචාරක හෝටල් වල ගීත ගායන කරන අය. අද වගේ නොවේ පැමිණෙන සංචාරකයන්ට හොඳ ආර්ථිකයක් තිබුණු කාලෙක. නමුත් ඔවුන්ගේ අවුරුදු දහයක් ගත්තත් කිසිම වෙනසක් දකින්න ලැබුණේ නෑ. එකම දේ පාපැදි වලින් මෝටර් සයිකල් වලට මාරු වීම පමණයි. ඒ නිසා ඒකෙන් නම් ආර්ථිකය ගොඩ නගා ගන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ නෑ.

      මගේ විශ්වාසය ඔහු චිත්‍ර අඳිමින් ගීත ගායනය කරන වගේ නවමු වැඩකට අත ගහන්න ඕනේ. මෙහෙම එක් අවස්ථාවක් අපේ ඉතිහාසයේ තියෙනවා. ඒ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින් "රූ රැසේ අඳිනා ලෙසේ" කියන ගීතය ගායනා කිරීම.

      Delete
    2. මෙන්න මේ වීඩියෝ එක බලන්න
      රූ රැසේ අඳිනා ලෙසේ

      Delete
  2. ඇත්තටම ඔහු සහජ දක්ෂතා ඇති අයකු බව ඔහුගේ ගායනා දෙකකට සවන් දීමෙන් සහ මේ චිත්‍ර දෙස බැලීමෙන් පසක් වුණා. මේ තරුණයා හට කීමට ඇත්තේ මෙයයි.

    ඔබ ඔබව විකුනන්න එපා. ඔබව විකුණාගෙන කන්න, වෙනත් අයට/ආයතන වලට, ඉඩ දෙන්නත් එපා. ඉක්මනින් වේගයෙන් දියුණුව කරා යායුතු කෙටි මං ඇතැයි සිතන්නත් එපා. ඉක්මනින් වේගයෙන් ඔබේ දක්ෂතා පෙන්වා, විශාල මුදලක් ඉපයිය යුතුයැයි සිතන්නත් එපා.

    ඔබේ හැකියා වර්ධනය කරගතහැකි න්‍යායාත්මක දැනුම වර්ධනය කරගැනීමයි සියල්ලටම වඩා පළමුවෙන් කලයුතු වන්නේ. අතේ සතේ නැතුව මොන දැණුම ලබාගනීමක්ද කියලා හිතන එක තමයි පිරිහීමේ පළමුවන ලක්ෂණය.

    ඔබට නොමිළේ හෝ ඉතා සහනදායක ක්‍රමයකට සංගීත ඥානය, චිත්‍ර කළා හැකියාව දෙන්නට කැමති අය මේ රටතුළ ඉන්නවා. ඒ බව මට විශ්වාසයි. ඉවසීමෙන් පුළුල්ව සොයාබලන්න.

    ඉක්මනින් සල්ලි හොයන්න ඔබ ඔබවම විකුණා ගත්තොත් ඉතා ඉක්මනින් ඔබ රොඩ්ඩක් වී සමාජයෙන් විසිවෙනවා.

    ReplyDelete
    Replies
    1. මිනිහට ඒ හැකියාව තියේනං කිව්වම මොකද??

      Delete
    2. @විචාරක තුමා : ඉතා හොඳ උපදේශයක්

      @දේශා : කිව්වට කමක් නෑ. මුදලට විකෙනෙන්න එපා කියලා කියන්නේ.

      Delete
    3. @ දේශ්. මේකයි වෙන්නේ දේශ්. එක එක ජාතියේ මුදලාලිලා ඇවිත් මේ තරුණයාව වටකරගන්නවා. ඊළඟට කියනවා, 'ෂා...........නියමයි මල්ලි, ඔයාට තියෙන්නේ සුපර් වොයිස් එකක්. අපි ඔයාගේ ඇල්බම් කීපයක් කරමු. අපි ඔයාට හොඳ ශෝස් සෙට් කරලා දෙන්නම්' කියලා.

      ඒකට අහුවුනොත් මේ තරුණයා කරන්නේ, අනුන්ගේ සින්දු තමන්ගේ හඬින් කියන එකයි. කවදාවත් තම සංගීත ඥානය දියුණු කරගැනීමටවත්, ස්වතන්ත්‍ර ගීත නිර්මාණයටත් ඔහු පෙළඹෙන්නේ නැහැ පහසුවෙන් මුදල් ලැබෙන නිසා. ටික කලක් ඒ ගීත අහන එවැනි අනුකරණ ගීත තළුමරමින් රසවිඳින, සංගීතයේ සැබෑ රසවින්දනයෙන් හීන පිරිස, ඔහුව ඉක්මණින් ප්‍රතික්ෂේප කරනවා. හේතුව මේ වර්ගයේ තවත් අය කාලීනව මතුවන නිසා.

      අන්තිමට මේ තරුණයා රොඩ්ඩක් වී ඉවතට විසිවෙනවා. ඔහුට ගායකයකු වන්නට බැහැ ඉන්පස්සේ. නමුත් ඔහු හම්බකරගත් මුදල් ඉතිරි කරගතහොත් වෙනත් ආයෝජනයක් කලහැකියි.

      තවත් කෙනෙකුගේ හඬ අනුකරණය කිරීම, සංගීතය නමැති පුළුල් විෂය ක්ෂේත්‍රයේදී සලකන්නේ නුසුදුසුකමක් ලෙසයි. තම හඬේ අනන්‍යතාව තමයි වැදගත්.

      Delete
  3. සැබෑ දක්ෂයෙක්. ගීතයක් තම ශයිලයෙන් ගැයීමට වඩා අනුන්ගේ කටහඬකින් සහ ශයිලයෙන් ගැයීම අසීරු වැඩක්. එසේ ගායක ගායිකාවන් කිහිපදෙනෙක් ගේ හඬ අනුකරණය කරනවා නම් ඔහු සුපිරි දක්ෂයෙක්

    ReplyDelete
    Replies
    1. මට හිතුනෙත් ඔන්න ඔහොම තමයි.

      Delete
  4. මේ තරුණයාට එක දෙයක් කියන්නට මට අමතක වුණා. කරුණාකර කාන්තා කටහඬින් ගීත ගැයීම නවත්වන්න. එය දක්ෂකමක් නොවේ. දැනට බොහොම අමාරුවෙන් අභාවයට යවමින් පවතින පුහු වැඩකි.

    ReplyDelete
    Replies
    1. ටීටර් යුගයේ එසේ රඟපෑම් නම් සිදු වුවා. ගායනයන් එසේ සිදු වුනාද විචාරක තුමා ?

      Delete
    2. නැහැ සුදීක මා දන්නා තරමින් කවදාවත් පිරිමි අය කාන්තා කටහඬින් ගායනා කලේ නැහැ. මේ ලෙඩේ පටන්ගත්තේ ඉන්දියානු ගායකයකු (ගායකයකු?) විසින්.

      http://en.wikipedia.org/wiki/Sairam_Iyer

      Delete
  5. http://brianjackson.io/create-custom-youtube-channel-url/

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමය කලින් කරන්න තිබුණා. නමුත් දැන් ශ්‍රාවකයන්(subscribers) පන්සීයක් නැතුව බෑ.

      Delete
  6. He has good feminine Voice not like others, According to my point of view he can go ahead with both vocal talents.

    Rider

    ReplyDelete
  7. ඕගොල්ලම තමා වෙලාවකට හොදයි කියනනේ වෙලාවකට නරකයි කියන්නේ.. අනේ මන්දා..

    මේ නිර්වාන් පට්ට හැන්ස කොල්ල නේ.. යූ ටියුබ් චැනල් එකක් හදන විදිය කියල දියන්කෝ. ඒකේ කෙරෙන දේත් එක්කම. මාත් නිර්වාන් වගේ මෙලොවක් දන්නෑ ඒ ගැන..

    සිංදු අහන්න විදියක් නෑ බං.. කොල්ලට සුඵ පතමු. ලංකාවේ හැටියට කොයි තරං දක්ෂතාවය තිබුනත් වැඩක් නෑ බං ස්ටාර් එක පාදගන්නේ නැතිව. තේරෙනව නේ..?

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් සාපෙක්ෂයිනේ දේෂෝ

      අනේ බං ඒ අසරණයාගේ දැනුමට ගරහන්න එපා. උඹට ඕවා කියලා දෙන්න දෙයක් තියෙනවද ?
      ඉස්ටාර් එක නම් වැදගත් තමා

      Delete
  8. මේ ශිල්පියා තම දක්ෂතාවය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තොත් Crazy Frog වගේ ජනප්‍රිය තත්වෙකට යන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අලුත් හඬක් සමග අලුත් වැඩක් කරන්න ඕනේ.

      Delete
  9. නිර්වන්ගේ ගීත කලින් අහල තිබ්බත් ඔහුගේ චැනලය Subscribe කලේ දැනුයි..fb එකෙනුත් මෙහ් ලිපිය shair පාරක් දාලා සප් එකක් දෙන්නම් කෝ

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම හොඳ වැඩක්. මේ වගේ තරුණයන්ට අපි සහයෝගය දෙන්න ඕනේ.

      Delete
  10. සින්දුව අහන්න විදියක් නෑ. නමුත් චිත්‍ර ටික නං නියමයි.

    ReplyDelete
    Replies
    1. ඩේටා ඉවරද ? ආ ඔෆිස් එකේ බෑ කිව්වා නේ.

      Delete
  11. සුදීක සහෝදරයා බුකියෙ දාල තිබ්බ ලින්කුවකින් ඔහුගේ ගීත ඇහුව. හැබැයි මට නම් ඒව එච්චර ඇල්ලුවෙ නෑ. මම කොහොමත් පිරිමියෙක් ගෑණු කටහඬකින් සිංදු කියනවට කැමති නෑ. එක දවසක් මගුල් ගෙදරක ගිහිං බෑන්ඩ් එකේ උන් සිංදු කියනකොට නන්දා මාලිනීගෙ "පෙරදා, මහ රෑ" සිංදුවෙ මුල මියුසික් එක(intro) යනවා . කොන්ඩේ රැවුල වවාගත්තු කොල්ලෙක් මයික් එක තියන් ඉන්නවා. මෙන්න එකපාරට මූ ගෑණු හඬින් සිංදුව කියනවා. මගේ දුර්වල කමක් කියල පිලිගන්නවා. ඒත් මට බකස් ගාල හිනා ගියා. වටේම මිනිස්සු හිනා උනා. අර කොල්ල හරිම අපහසුතාවයකට පත් උනා.
    නිර්වාන්ට ගෑණු හඬින් සිංදු කියනවට වඩා කොච්චර උසස් හැකියාවක් තියනවද වෙනස් ක්ෂේත්‍ර වලින්. ඒ හැකියාව දියුණු කරගත්තොත් අර දෙකටම නැති වැඩේ කරන්න ඕන නෑ කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. සමහර අය ගායනා කරන විදියට එහෙම හිතෙනවා තමයි.

      Delete
  12. මේ පිංතුරයේ ඉන්නයාලුවා මගේ එක්තරා කාලෙක මිතුරෙක්..ඔහු එදා වගේම අදත් චිත්‍ර ශිල්පයට අසාමාන්‍ය දක්ෂ කමක් දක්වනවා..කඔහු මම දන්නා කාලයේදී ඉංජිනේරු ශිෂ්‍යයෙක්...මම හිතන්නෙ ඔහු ඉංජිනේරු විද්‍යාව පිළිබද ප්‍රමාණාත්මක දැනුමක් ඇති අයෙක්..
    මමත් පුද්ගලිකව ඔහු ගෑනු කටහඩින් ගීත කියනවාට ආස නෑ...ඔහුට ඔහුගේ සිතුවම් සහ කලාවට ඇති හැකියාව වර්ධනය කරගන්න හැකි වුනානම් ගොඩ..

    ReplyDelete
    Replies
    1. අර උඩින් තියෙන වැඩියේ චිත්‍ර අඳින ගමන් ගීත ගායනය වගේ අලුත් දෙයක් කලොත්. වැඩේ තියෙන්නේ අද කාලේ තමන්ගේ ගීත ගායනා කරලා ඉහලට එන්න පහසු වැඩක් නොවෙයි.

      Delete
  13. එල කොල්ලෙක්නෙ...සුභ පතමු..

    ReplyDelete
    Replies
    1. සුබ පතලා විතරක් මදි. යූ ටියුබ් චැනල් ඒකට සබ්ස්ක්‍රයිබ් කරන්න.

      Delete
  14. තරහ වෙන්ඩ එපා මචං, මම පට්ට අකමැති වැඩක් ඕක .....

    ReplyDelete
    Replies
    1. හෙක්. හෙක්.. එක්-එක් පුද්ගයලාගේ තේරීම. තරහ වෙන්න කාරණා නෙවෙයි ඕවා.

      Delete
  15. මාර දක්ශයෙක්නේ.. චිත්‍ර ටිකනම් මරු..

    ReplyDelete
  16. අනුකරණය අගය නොකරන අතර හැකියාව අගය කරමි.

    ReplyDelete
  17. අවධානයට ලක් වෙනකන් ඔහොම කලාට මිනිහට පුලුවන් මිනිහගෙම ඉට්ටැයිල් එකක් හදාගන්න... ඉන්ජෙක් නං ඉතින් පොඩ්ඩක් කල්පනා කොරන්න ඇහැකි නෙ.වෙනස් ධාරාවක් හදාගෙන මාකට් එකට දැම්මොතින් හොඳ ප්‍රතිචාර ලැබෙයි.ඔහු දක්ශයෙක්.
    හඳුන්වාදීම ගැන තුති.
    ජයවේවා..!!

    ReplyDelete
  18. අභිමාන්ට තියෙන හැකියාව සුවිශේෂයි. ඔහුගේ ගායන හැකියාව ගැන කතා කළොත්(මම මේ කතා කරන්නෙ යූ ටියුබ් එකේ තිබ්බ අභිමාන් චිත්‍රපටයේ සිංදුව අහල පමණයි. අනික මේවා මට දැනෙන දේවල් :D ) හඬවල් දෙකේදීම නිවැරදි ස්වර ස්ථාන වලට 90%ට වඩා යනව. ගැහැණු හඬ වුවත් අස්වාභාවික ගතියක් දැනෙන්නෙ නැහැ. ඒක ඔහුගේ හැකියාව(දැන් ඇනෝ ඇවිල්ල "උඹ මොකාද යකෝ ඕව කියන්න කියල බනීවි කියල මම අපේක්ෂාවෙන් ඉන්නවා :D).

    නමුත් මට හිතුනු දෙයනම් මොහු තමන්ගේ පිරිමි හඬින් කරන ගායන කුසලතාවය දියුණු කරගන්න මහන්සි උනොත් ඉතාම ඉහල තැනකට යන්න හැකි වේවි. එහෙම කියන්නෙ මට ඔහුගේ ඒ ගායනය තුලින් මොහොමඩ් රාෆි කෙනෙක්ගෙ හඬක් ඇසුණු නිසා (ඔහු ඒක අනුකරණය කලාද නැතිනම් ඔහුගේ ස්වභාවික හඬද කියන්න දන්නෙ නැහැ). එවැනි කට හඬවල් අද කාලෙ අහන්න නැති තරම්. බහුතරය ඉංග්‍රීසි උරුවට සිංදු කියන යුගයක් නේ මේ කාලෙ.

    මට ඉල්ලීමක් කරන්න දුන්නොත් මම කියන්නෙ මෙච්චරයි. අභිමාන් ඔයාගෙ හැකියාව තවත් දියුණු කරන් යන්න. ගැහැණු හඬින් ගායනා කිරීමට පුළුවන් නිසා ඔබගේ නියම පිරිමි හඬ අපතේ යවන්න එපා. ඒකට ප්‍රමුඛතාවය දීල පුළුවන් නම් කටහඬ පාඨමාලාවක් හරි හදාරන්න. අකමැති නම් තනියෙන් හරි ඉන්ටනෙට් එක මගින් විවිධ සංගීත ශයිලින් අහන ගමන් පුරුදු වෙන්න. මොකද අපේ රටේ ඔයා වගේ හැකියාව තියෙන අය හිටියට ගායිකාවන්ගෙන් අඩුවක් නෑනෙ :). හැමදාම එකෙක් හරි ජනප්‍රිය වෙනව. ඒ උනාට ඔයාගෙ පිරිමි හඬ තියෙන්නෙ ඔබට පමණයි ;). ඒ උනාට මට ෂුවර් මේක අපේ රටේ බෑන්ඩ් එකක් දැක්කොත් ඔයාට ඉල්ලීම් ගලාගෙන ඒවි එයාලට එකතු වෙලා සිංදු කියන්න කියල. ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඕන කියල හිතෙනවනම් ඔයාට එයාල එක්ක එකතු වෙන්නත් පුළුවන් ;)

    චිත්‍ර ඇඳීමේ හැකියාවනම් මාරයි.
    සුදීක අයියටත් ස්තුතියි මේ වගේ දක්ෂයෝ හඳුන්වල දීල එයාලට උදව් කරන එකට.
    දෙන්නටම ජය වේවා!!!

    ReplyDelete
  19. හොඳ හැකියාවක් තියෙන එකෙක්.. හඬ අනුකරණයෙන් ඉහලට යනවට වඩා අනෙක් හැකියාවන්ගෙන් ඉහලට යන්න උත්සාහ කරනවනම් හොඳයි. ඔය ගෑනු හඬට තියෙන ඩිමාන්ඩ් එක ටික දවසකින් නැති වෙනවා.. ඒක ස්පාරින්ග්ලි යූස් කරන තරමට ඌට ඒකෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි.. දක්ශ කොල්ලෙක් ඉස්සරහට ගන්න උඹ දරන වෑයමට තුති.

    ReplyDelete
  20. මට අද වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ නිර්වාන්ගෙ සිංදු අහ අහ ඉන්න තමා වෙලා තියෙන්නෙ.... නියම හදුන්වාදීමක්.....තෑන්ක්ස් සුදීකයියෙ....පින්තූරනම් කලින් දැකල තියෙනව මයෙ හිතේ.....

    ReplyDelete
  21. අපේ රටේ හැකියාවට වඩා වෙන එකකටනෙ තැන දෙන්නෙ. බටහිර රටවල ගොඩාක් මහත ඒ වගේම මහලු අය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කලාට අපේ රටේ ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. මේ කොල්ලා කාන්තා කටහඩින් සින්දු කියන්න ගත්තොත් මේකා නපුංසකයෙක් කියන ලේබලය ගහන එක ගහනවාම තමයි. ඒ තමයි ලංකාවෙ හැටි.

    මුරලිගෙ චිත්‍රය නම් පට්ටම පට්ටයි..ඒක අති සුපිරියි. මේ චරිතය ගැන අප දැනුවත් කලාට ඔබට ස්තූතියි...

    ReplyDelete
  22. නිර්වාන් කාලෙක සිට මගේ මූණුපොතේ මිතුරෙක් . ඒ නිසා ඔහුගේ හැකියාවන් දැක ගන්න පුලුවන් උනා . හඬ අනුකරණයෙන්නම් ඉහලට යෑමේ අවස්ථාව හරිම අඩුයි . මමනම් වඩා කැමති ඔහුගේ චිත්‍ර වලට . මේ දවස්වල ඔහුගේ චිත්‍ර නිර්මාණ බිහිවෙනවා අඩු බවක් දුටුවා කාර්ය බහුලත්වය නිසා වෙන්න ඇති කියල සිතනවා .

    ReplyDelete
  23. මමත් ඇහුවා. මෙයාව ටීවි එකෙත් පෙන්නුවා. චිත්‍ර අදින්න පුලුවන් කියලා දන්නෙ දැන්. සැබෑ දක්ෂයෙක්.සමහර අයනම් ගීත අනුකරණය කර ගායනා කරනවට විරුද්ධයි. ඒත් මගේ අදහසනම් අප අතරින් වෙන් වුණු ගායක ගායිකාවන්ගෙ ගීත මතු පරම්පරාවට අහන්න අවස්ථාවක් ලැබෙනවා කියලයි මම හිතන්නෙ. හැබැයි මේකෙ තව පැත්තක් තියෙනවා. ගීත අනුකරණය කරනවා කියන්නෙ විකෘති කරනවා කියන එක නෙවෙයි.. ගොඩක් තැන් වල වෙන්නෙ ඒක. දැං ගොඩක් බෑන්ඩ් වල ජෝති උපහාර කියල ජෝතිපාල මහත්මාගෙ ගීත වෙනස් කර ගායනා කරනවා...

    ReplyDelete
  24. අයියන්ඩි අවුලක් නෑනේද?
    ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  25. You really make it seem so easy with your presentation but I
    find this matter to be actually something which
    I think I woould never understand. It seens too complex and extremely broad for me.
    I'm looking forward for your next post, I will
    try to get the hang of it!

    Here is my blog post: People Development

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...