Tuesday, May 5, 2015

නේපාලයේ ස්වභාවික විපතින් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් ...... DIY : For those who lost their lives in Nepal due to Natural Disaster

නේපාලයට සිදු වෙච්ච ස්වභාවික විපත්තිය ගැන ප්‍රවෘත්ති මේ දවස් වල ලෝකය පුරාම පැතිරෙනවා. මේ තවත් ඒ ගැන විස්තරයක් නෙවෙයි. ඒ ගැන සියළුම මාධ්‍ය වලින් මේ වෙනකොට පුළුල් ප්‍රචාරයක් දීලා තියෙනවා. ඒ වගේ අහිංසක ජනතාවක් ඉන්න රටකට එරෙහිව සොබාදහම හිරි ඇර ගත්තේ ඇයි කියලා  තිලක සිත ලියන අපේ මිත්‍රයා ප්‍රශ්න කරලා තිබුණා. ඒ ඛේදවාචකය එක්කම මටත් පුංචි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ ගැන මාධ්‍ය කිසිම වාර්තාවක් නැති නිසා ඔන්න මමම වැඩේට බැස්සා. උදේ තේ කෝප්පය බොන ගමන් අන්තර්ජාලයට හිස පොවන එක මගේ දෛනික පුරුද්දක් වෙලා. එහම බලලා තියපු කෝප්පේ එතනම තිබීම හේතුවෙන් තමයි මේ අකරතැබ්බෙට මුහුණ දෙන්න වුණේ. මගේ දියණිය මගෙන් පරිගණකය අත්පත් කරගෙන් මුලින්ම කලේ මවුස් පෑඩ් එක හරියට ස්ථානගත කරන එක එහෙම කරනකොට වෙච්චදේ තමයි මේ. එතනින් කෙලින්ම භූමිගත වුණා කෝප්පෙන් ඉතිරි වුණේ මෙන්න මේ වගේ කෑල්ලක්. 

මේක දැක්කම මට හිතුණා මේකෙන් මොකක් හරි කරන්න පුළුවන් කියලා. අපේ පුරුද්ද තමයි මේ වගේ පිඟන්, කෝප්ප, වීදුරු බිමට වැටුනම, බොහොම සීරුවෙන් ලොකු පොඩි කටු කෑලි ටික ඇහිඳලා, කොස්සෙන් අතු ගාලා ඉක්මනට එතැන පිරිසිදු කරන එක. මොකද පුංචි හරි කැල්ලක් තිබිලා ඇනුනොත් කියන බය නිසා. හැබැයි මොකක් හරි බිම වැටෙනකොටම බොහෝ දෙනෙක්ගේ කටින් කියැවෙන වචන පේලිය තමයි
"ලොකු කෑල්ල මට"
කියන එක.  එහෙම වුණාට ලොකු කෑල්ල දිහා කවුරුත් බැලුවේ නෑ. මට මේ ලොකු කෑල්ල දැක්ක වෙලාවේ ඉඳලා ඇහැ ගියා. නේපාලේ ඛේදවාචකය මතක හිටින්නත් එක්ක මොකක් හරි සිහිවටනයක් හදන්න ඕනේ කියලා මට හිතුණා. මේ වගේ ඒවාට කියන්නේ "Do It Yourself(DIY)" බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. අපි වගේ නෙවෙයි සුද්දෝ, තමන්ගේ වැඩ තමන් කර ගන්න උත්සාහ කරනවා. අපේ ගමේ ඉස්සරහා ගෙදර මල්ලිකා(වෙනමම ලියන්න ඕනේ චරිතයක්) බැන්දේ  ස්විස් කාරයෙක්. එක පාරක් ආවේ සුවිස් තරුණයෙක් එක්ක. ඒකා තනියම ගරාජ් කෑල්ලක් හැදුවා. අපේ ගමේ එවුන් කිව්වේ, "මේකි මේ පාර අල්ලාගෙන තියෙන්නේ එහෙ වඩුවෙක්ද කොහෙද ?" කියලා. නමුත් කාරණය ඒ මිනිස්සු අපිට වඩා තමන්ගේ වැඩ කර ගන්නවා. ඉතිං යුරෝපාකරේ මේ DIY වැඩ මාර ප්‍රසිද්ධයි. ෆොටෝ ගොඩාක් තියෙන නිසා වැඩිපුර විස්තර කරන්න යන්නේ නෑ. තොරණේ විස්තරය බලාගන්න පුළුවන්. 

පුංචි පුංචි කෑලි ටික විසි කරාම ඉතිරි වුණේ මෙන්න මේ වගේ, ඒත් තියුණු කෑල්ලක්. අපේ අම්මා, තාත්තා, අක්කා හරි දැක්කනම් මට බනිනවා "ඔන්න ඕක විසි කරලා දාන්න, අතක පයක ඇනුනොත්. මේ පොඩි ළමයි ඉන්න තැන් වල ඕවා තියා ගන්නවද ?" කියලා. හොඳ වෙලාවට අපේ ගෙදර මේ අය නොහිටියේ. මම කෙලි පොඩ්ඩ දැනුවත් කළා. "අපි මේකෙන් මොකක් හරි හදමු. හැබැයි තාත්තා හදනකම් පුතා මේක අල්ලන්න එපා" කියලා. එහෙම කිව්වට පස්සේ මේකට අතවත් තියන්නේ නෑ කියලා මම දන්නවා. ඔහොම දවස් කීපයක් මේක තිබුණා. මටත් පොඩ්ඩක් බය නොහිතුණා නොවේ.
කාලෙකින් නිවාඩුවේ ගෙදර ඉන්න වෙලාවක් ලැබුණ නිසා මට හිතුණා මේකට තේරුමක් දෙන්න. මේකේ තියෙන උල් සහිත තියුණු ගතිය නැති කරන්න ඕනේ නිසා මගේ ගාව තිබුණ මෙන්න මේ "හැක් සෝ බ්ලේඩ්" එක යොදා ගත්තා. පීරක් හරි වැලි කඩදාසියක් හරි යොදා ගන්නත් පුළුවන්. වැලි කඩදාසියකින් මේ වැඩේ කරනවානම් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. එක රවුම් කරන්නම ඕනේ නෑ. තියුණු ගතිය නැති වුණාම ඇති. මෙහෙම කරද්දී වැටෙන පුංචි කෑලි ටික මතක ඇතිව, අතුගාලා කුණු කූඩෙට දාන්න. 
මේ මොකක්ද මේ ? ඔබට එහෙම හිතෙන්න ඇති. මේකට සිංහලෙන් කියන නම මෙන්න මේ වගේ එකක්. "දෙපැති ගම් පටිය". තේරුණාද? නෑ නේද ? එහෙනං ඉංග්‍රීසියෙන් කියන්නම් "Double Side Gum Tape". දැන් තේරුණා නේද ? මේක ඕන වෙන්නේ මොකටද ? බලන්නකෝ පහලින්. 
මෙන්න මේ විදියට සම්පූර්ණ කොටසම මේ පටි වලින් ආවරණය කර ගන්න. පස්සේ එක පැත්තක තියෙන කඩදාසියත් ඉවත් කරන්න. 
අපරාදේ ලස්සන කෝප්පේ කියලා හිතුනද ? නැත්නම් අපේ කෝප්පත් පොලවේ ගහලා මේ වගේ කෑල්ලක් හදා ගන්න ඕනේ කියලා හිතුනද ? වැඩේ තියෙන්නේ හැම වෙලාවේම මේ වගේ ලස්සනට ඉතිරි වෙන්නේ නෑ. සමහර ඒවා ඉතිරි වෙන්නේ භයංකාර විදියට. අනේ ඒ වගේ ඒවානම ගෙවල් වල තියා ගන්න එපා. අනිත් දේ තමයි ඉතා කුඩා ළමයි ඉන්නවනම් මේ වගේ ඒවා තියා ගන්න එපා. මොකද පුංචි ළමයි මේ වගේ ඒවා බිම දාන නිසා, අණතුරු වෙන්න පුළුවන්. 
ඊට පස්සේ සියළුම, පිටුපස ඇති කඩදාසි ඉවත් කර ගන්න. දැන් හැමෝටම එන ප්‍රශ්නයක් තමයි අපි මේ මොකක්ද කරන්න යන්නේ ? කියන එක. ඇත්තටම අපිට ඕනේ මේකේ මොකක් හරි චිත්‍රයක් අඳින්න. මගේ ගාව තියෙන්නේ ෆැබ්රික් පේන්ට්. මේ වගේ දිලිසෙන මතුපිටක්(Glazed Surface) එකක අඳින්න නම් Glass Paint අවශ්‍ය වෙනවා. වැඩේ තියෙන්නේ ඒවාගෙන් පසුබිමක් පාට කරගන්න බෑ. යටින් තියෙන දේ ඉස්මතු වෙනවා. (ඒ ගැන වැඩි අත්දැකීමකුත් නෑ. රූපවාහිනියෙන් දැක්ක දේ තමයි). ෆැබ්රික් පේන්ට් වලින් අඳින්න නම රෙදි මතුපිට තමයි හොඳ. ඉතිං මම හිතුවා මේක රෙදි වලින් ආවරණය කරන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන්, වෙනත් ගම් වර්ගයක් මේකට යොදා ගන්න බැරිද කියලා. සුපර් ග්ලු වගේ එකක් නම් හරි යන්න පුළුවන්. වැඩේ තියෙන්නේ අනිත් ගම් වර්ග මේ වගේ දිලිසෙන මතුපිටක ගුලි ගැහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. 
වාසනාවකට මේ වගේ රෙදි කෑල්ලකින් මට අවශ්‍ය ප්‍රමාණය ආවරණ කර ගන්න පුළුවන්. පහලින් තියෙන පින්තූරය බලන්න. මතක ඇතිව උසම තැනට මැද හරිය තියලා, කෙලින් අතට ඉරක් වගේ අලවාගෙන, පස්සේ දෙපැත්තට තද කර ගන්න. පහලින් බලන්න අලවලා ඉවර වුණාම තියෙන තත්වය. 
දැන් සීරුවෙන් මේකේ වටේ තියෙන වැඩිපුර කොටස කපලා ඉවත් කර ගන්න ඕනේ. එහෙම කරන්න ඉතා තියුණු, ඒ වගේම සිහින් පිහියක් අවශ්‍ය වෙනවා. මුලින් කතුරකින් කපන්න උත්සාහ කලත් හරි ගියේ නෑ. මෙන්න මේ වගේ පරණ රේසරයක් ප්‍රවේසමෙන් ගලවාගෙන, ඒ ඇතුලේ තියෙන බ්ලේඩ් එකක් ගන්න. ඔව් කඩේ තියෙන බ්ලේඩ් එකක් දෙකට කඩලා ගන්නත් පුළුවන්. මේ වගේ වැඩ කරත්දී දරුවන් ඈත් කර ගන්න. මොකද එයාලටත් මේවා අත පත ගාන්න හිතෙන නිසා. අවසානයේ මේ බ්ලේඩ් දරුවන්ගේ අත නොගැටෙන තැන තබන්නත් වග බලා ගන්න. 
මෙන්න බලන්න කපලා ඉවත් කරපුවාම තියෙන හැටි. ඔටුන්නක් වගේ ? ඔව් කෙනෙකුට එහෙමත් පාට කර ගන්න පුළුවන්. නමුත් මගේ හිතට ආවේ කඩා වැටිච්ච ගඩොල් බිත්තියක් ආකාරයට මේක සරසන්න.
මුලින්ම පහලින් තියෙන විදියට පැන්සලෙන් ඇඳ ගත්තත් පසුව හිතුන දෙයක් තමයි වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන වර්ණය ගාලා පස්සේ අනිත් කොටස ඇඳ ගන්න එක පහසුයි කියන එක. 
පහලින් තියෙන්නේ අවසාන වෙච්ච ගඩොල් බිත්ති කෑල්ල. වැඩේ තියෙන්නේ මේකේ මැද අවස්ථා වල පින්තූර ගන්න බැරි වුණා. මම අතේ තීන්ත ගාගෙන හිටිය නිසා.
මේ තියෙන්නේ තවත් කෝණයකින් ගත්ත පින්තූරයක්. කොහොමද සුන්බුන් අතර තියෙන ගඩොල් බිත්තියක් වගේ පෙනෙනවද ?
ඈතින් ඉඳන් බලනකොට පේන්නේ මෙන්න මේ විදියට. වැඩේ කොයි තරම් දුරට සාර්ථකද කියලා තීරණය කරන්න ඔයාලට පුළුවන්. මගේ දුව නම් මේකට කිව්වේ Masterpiece එකක් කියලා.

මේකේ අනිත් පැත්තේ පුංචි සටහනක් තියන්න මට ඕනෑ වුණත්, මගේ ගාව තියෙන OHP පෑන ලියවුනේ නෑ. මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් හොඳයි කියලා. ඔයාලගේ අදහසුත් දෙන්න

In memory of those who lost their lives in 7.8 Gorkha Earthquake -Nepal on 25th April 2015 
_____________________________________________
ප.ලි. : මගේ ගාව තිබුණු ලියවෙන්නේ නැති CD මත ලියන පෑනට, තිනර් ටිකක් දාගෙන මේකේ ඉතිරි කොටස සම්පූර්ණ කරා.

49 comments:

  1. නියමයි අයියේ...
    අපේ තාත්තත් මට පුතා කිවුවේ.

    නේපාලෙට වැඩියෙන්ම මුදලින් සහ ද්‍රව්‍ය මය වශයෙන් ආධාර කරලා තියෙන්නේ ඊශ්‍රායලය. ඩොලර් මිලියන 51 ක්ද කොහෙද.. ඇමරිකාව චිනේ වගේ රටවල් කීපෙක ආධාර එකතු කරාම වත් ඒ ගාන එන්නේ නැතිලු,,

    ReplyDelete
    Replies
    1. මමත් දුව කියන්නේ නෑ. පුතා තමයි කියන්නේ.

      හැබැයි මේ ලිස්ට් එක යාවත්කාලීන වෙලා නෑ.

      Delete
  2. නිර්මාණයනම් ලස්සනයි,, හැබැයි ෂාප් එජ් එක තියන එක තුවාලයක් වීමට හේතුවක් නෙමේද ?
    ආරංචියක් නැතිව හිටිය නේපාල මිත්‍රයගෙන් අද තමයි මැසේජ් එකක් ලැබුනෙ. මටත් දුවට පුතා කියල කියවෙන වෙලාවල් තියනව, කෙල්ල " මම පුතෙක් නෙමේ " කියල ඒ වෙලාවෙම කියනව ඒක හින්ද දැන් ඒ පුරුද්ද ගොඩක් අඩුවෙලා.

    ReplyDelete
    Replies
    1. මට ඒකෙ අනිත් පැත්ත ,අපේ තාත්තා පුතා කීවම එන්නේ අමුතු ගැම්මක් චුටි කාලේ ඉදලම. ඒක අමුතු ආස්වාදයක්

      Delete
    2. @කම්මල : මේවගේ තියෙන ෂාප් ගතිය නැති කළා. උල් ගැන වෙන්න ඕනේ ඔයා හිතන්නේ. මේක මගේ ඔෆිස් එකට අරං එන්න මම කල්පනා කළා. එතකොට මේ ගැන තියෙන භිය අඩු වෙනවා.

      මගේ දුවත් මමත් විශේෂිත අකාරයකට වෙනස් කරලා තාත්තා-පුතා කියන නම් දෙක කියන්නේ. ඒවා මෙතැන එලි කරන්න ඕනේ නෑ නේද ?
      @ඔමා : ඉන්නේ ඉතිං කොල්ලා වගේනේ.

      Delete
  3. හරිම ලස්සනයි සුදීක. මටත් කෝප්පයක් කඩන්ට හිතුණා...:D

    ReplyDelete
    Replies
    1. කඩන්න එපා. බිම වට්ටවන්න. අපිට උවමනාවෙන් එහෙම කරන්න කොහොමත් බෑ. ස්වභාවිකව එන හැඩතල හිතලා ගන්න බෑ.

      Delete
  4. අපේ විචාරක සෑර් විෂ්කි ග්ලාස් එකෙන් සර්කස් පෙන්නුවම කෑල්ලක් ඉල්ලගන්ඩෝනැ … :D

    ReplyDelete
    Replies
    1. විචාරක කියල දුන්නනෙ
      දැන් DIY

      Delete
    2. හෙක් .... හෙක්.....

      Delete
  5. අගේ අැති නිර්මාණයක් සුදීක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කු.ගෑ.ගී.ප.

      Delete
  6. කරගන්නවාට වඩා ව තෘප්තියක් ඇතිවෙනව.එය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.මේ රටවල ස්ත්‍රි පුරුශ බේදයක් නැතිව හැම කෙනෙකුටම වගේ තරමක් වඩුවැඩ.මේසන් වැඩ.විශේශයෙන්ම නිවාස පින්තාරුව පුලුවන්.හැම ගෙදරකම අව්ශ්ය උපකරනත් තියෙනවා.ඒ කට ප්‍රදාන හේතුවක් එවන් කාර්යන් සදහා ගෙවිය යුතු ඉහල ශ්‍රමික ගාස්තුයි.(දැන් නැ.යුරෝපයෙන් එන අඩුමිල ශ්‍රමිකයන් ඉන්නවා.නමුත් එය තහනම්)ඒත් එහෙමත් කරනවා.මමත් අපේ ගෙවත්ත මාස කීපයක් ගත කරලා ලස්සනට හදා තියෙනවා,ඒ දකින කොට පුදුම සතුටක්.(රන්ජන්)මල්ලිකාගැන කතා ටිකක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්. බොහෝ වෙලාවට එහෙම තෘප්තියක් ලැබෙනවා. හැබැයි සමහර වෙලාවට වැඩේ බකල් වෙන ඒවත් තියෙනවා. විශේෂයෙන්ම අවශ්‍ය කරන අඬු-බඬු නැත්නම්. ඒ වගේ වැඩ කරගන්න පොත්පත් පවා තියෙනවා. අපි නිතරම කල්පනා කරන්න ඕනේ, ඔය වැඩ කරන අයට අපිට තරම්වත් අධ්‍යාපනයක් නෑ. නමුත් ඔවුන්ට තියෙන්නේ ශිල්පීය නිපුණතාවය කියන එක. හැබැයි සමහර අයට අර මූලිකව අවශ්‍යකරන හැකියාව නෑ.
      මම හිතන්නේ මේ රංජන් ධර්මරත්න වෙන්න ඕනේ. අනිත් කෙනා මල්ලිකාව දන්නවා. එයා රංජන් පීරිස්.

      Delete
  7. යමක් අහිමි වීම...බිඳුනු බඳුනක හැඩයක් දැකීම..ඒ තුළ නිර්මාණයක් දැකීම..නිර්මාණය කිරීම.. එය පැහැදිලිව බෙදා හදා ගැනීම.. ඒ අතර ප්‍රවේසම අවධාරණය කිරීම.. මේ ඔක්කොම ඇතුලෙ හීනෙන් වත් දන්නෙ නැති අහිංසකයන් පිරිසක් ගැන ඇති කම්පනය දැවටීම..(අහිමිවීම බෙදා ගත්තා වගෙයි.)
    මේ පෝස්ට් එකේ සද්දෙකුත් එනවා.බිඳෙන ඉරිතලාගෙන යන ගතියක් තියෙනවා.ශෝකී වැලපීමක් මැඩ ගත්තා වගේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගස් ලබු මම ඒ තරම් හිතුවේ නෑ. මම දෙයක් කුණු කූඩෙට දාන්න කලින් පොඩ්ඩක් හිතනවා. එතකොට මේ වගේ අදහසක් එනවා. ඔබ එය දුටු විදියත් විශිෂ්ටයි.

      Delete
  8. මමත් ඔය වගේ වැඩ නම් කරනවා බැනුම් අහගෙන හරි..

    ReplyDelete
    Replies
    1. මගේ අම්මා තාත්තා මට මේ දේවල් වලට ඉඩ දුන්නා. ඉස්සර මට "ලට-ලොට" පෙට්ටියක් තිබුණා කියලා අපේ අම්මා මගේ කෙලි පොඩ්ඩිට කියලා තිබුණා. ඉස්සර අම්මගේ ඉස්කෝලේ මිස් කෙනෙකුගේ කුඩයක මිටක් නැති වුණා. මම ගාව තිබුණා ඒකට හරි යන එකක්. මම අධ්‍යාපනයට වඩා මේ දේවල් වලට හිත යොමු කළා. අද ඒකෙ වාසිය දැනෙනවා.

      Delete
  9. හරි ලස්සනයි. මම ආසම වැඩක් . කාමරේ පිරිලා තියනවා මමම හදපු එක එක ඒවගෙන්.

    දුවට පුතා කියන එක අපේ ගෙදරත් තියන එකක්. මම ලොකු පුතා , නංගි චූටි පුතා. වැරදිලා හරි අම්ම හරි අප්පච්චි හරි දුව කියල අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කිවුවොව්ත් විනාසයි. එදාට උද්ඝෝෂණ ගෙදර...... "ඇයි මට දුව කිවුවෙ" කියලා

    ReplyDelete
    Replies
    1. අපිටත් බලන්න ෆොටෝ ටිකක් දාන්න ෆේස්බුක් එකේවත්. බ්ලොග් පොස්ට් එකක් ලියන්න නම් පෙරේ සුදානමක් තියෙන්න ඕනනේ.මට පේන්නේ අපිට බ්ලොග් ලියන DIY කට්ටියගේ එකමුතුවක් හදා ගන්න පුළුවන් වෙයි වගේ.

      පුතා කියන්නේ ලිංග බේදයක් නැති වචනයක්. යුනිසෙක්ස් .

      Delete
  10. හරි ලස්සනයි. DIY මම ආසම වැඩක් . කාමරේ පිරිලා තියනවා මමම හදපු එක එක ඒවගෙන්.

    දුවට පුතා කියන එක අපේ ගෙදරත් තියන එකක්. මම ලොකු පුතා , නංගි චූටි පුතා. වැරදිලා හරි අම්ම හරි අප්පච්චි හරි දුව කියල අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කිවුවොව්ත් විනාසයි. එදාට උද්ඝෝෂණ ගෙදර...... "ඇයි මට දුව කිවුවෙ" කියලා

    ReplyDelete
  11. අගෙයි.. OHP පෑනක් අලුතෙන් අරන් හරි පුංචි සටහනක් තියන එක වටිනවා.. අර තියෙන ඔක්කොම ලියන්න ගියොත් නම් නිර්මාණෙන් භාගයක් විතර වැහෙයි කියල හිතෙනවා සුදීකට පුංචිම අකුරු පැහැදිලිව ලියන්න බැරිනම්.. ගුඩ් අයිඩියා ඇන්ඩ් වෙල් එක්සිකියුටඩ්.

    ReplyDelete
    Replies
    1. නැහැ කලන මම මේක ලියන්න හිතාගෙන ඉන්නේ ඇතුල් පැත්තේ. ටිකක් අමාරු තමයි. මේ පැත්තේ ලියනවා නම් අර කළු පාට ඉරට(බිත්තියේ කපරාරුව කැඩුණු තැන වගේ පේන) උඩින් ලියන්න ඕනේ. බලමු වැඩේ යන විදියට.
      බොහොම ස්තුතියි.

      Delete
  12. මාස්ටර්පිස් එකක් වගේම මාස්ටර් ** එකක්! :D

    ReplyDelete
    Replies
    1. මාස්ටර් කිව්වා ගමන් උඹට මතක් වෙන ඒවා.

      Delete
  13. අපේ පාඨකයන්ටත් බෙදා හදා ගැනීම පිණිස .
    http://nelumyaya.com/?p=2130

    ReplyDelete
    Replies
    1. හරි බොහොම ස්තුතියි. මේ ඒ පැත්තේ ගිහිං බලලා එන ගමන්.

      Delete
  14. එල ද බ්‍රා අයියන්ඩි..
    බිදුන කොප්පයකට දුන්න වටිනාකම එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මලේ.

      Delete
  15. නියමයි. ඔය රෙදි කෑල්ල බයින්ඩර් ගම් වලිනුත් අලෝගන්න පුලුවන් වෙයි කියල හිතනව.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? වෙලාවක ට්‍රයි කරලා බලන්න ඕනේ.

      Delete
  16. අපූරු වැඩක්.... පොඩි කතාවක් කියන්නම්. කාලයක් යද්දි ඕක දූවිලි බැඳිලා පැත්තකට වෙලා තියෙන්න ඉඩ තියනවා.. අස්පස් කරන වෙලාවට දූවිලි බැඳුනු ඕක ආයෙත් සුද්දපවිත්‍ර වෙනවා. තවත් කාලයක් යද්දි ඕක සුද්දපවිත්‍ර කරන ඒකත් නවතීවි. හැබැයි ටක්කෙටම එකක් කියන්නම්. ඕක කවදාවත් වීසි කරන්නෙ නෑ.. අලුත් මග් පරණ වෙලා විසිකරත් ඕක විසි කරන්නෙ නෑ... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. මම මේක ඔෆිස් එකට ගේන්න ඉන්නේ. එතකොට ඔය තත්වේ මග ඇරෙනවා.

      Delete
  17. සුදිකත් මැර ගේම් නේ දෙන්නේ....... මගෙනම් හොඳම මිතුරෝ කීප දෙනෙක්ගේම ගෙවල්වල අයට බරපතල හානි

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට ඉක්මනින් යථා තත්වයට පත්වෙන්න හැකි වේවා !!! කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද හවස් වෙත්දී මේකේ ඉංග්‍රීසි පරිවර්තනය දානවා. ආපු දවසක එයාලට පෙන්වන්න.

      Delete
  18. අති විශිෂ්ඨ යි සුදික.

    මෙහම් දෙයක් මම කාලාන්තරේකින් දැක්කමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. විභීෂණ 2

      Delete
  19. හොඳ වැඩක් සුදීක අයියෙ. බිඳුණ ගමන් කෑලි ටික අයින් කරන්නෙ නැතුව ඒකට වටිනාකමක් දෙන්න හිතපු එක නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ඉදිරියේදී කිහිප දෙනෙක් හරි මේ වැඩේ අනුගමනය කරයි කියලා. හැබැයි හිත කලබල නැති වෙලාවක් එන්න ඕනේ.

      Delete
  20. Cheers from one DIY dude to another!
    And I'm a son of a DIY man, and proud of the fact!

    ReplyDelete
    Replies
    1. For sure Dude - let me say I am your cousin brother.

      Delete
  21. අර ඈතට පේන ගඩොල් බිත්තිය ඇඳපු ආකාරය අපූරුයි. නමුත් ඊට වඩා අපූරු දෙයක් තියනව.

    මේ පෝස්ටුව පබ්ලිෂ් කල ගමන්මයි මම කියෙව්වෙ. කමෙන්ටුවක් දාන්න හිතුනෙ නෑ. උඹේ නිර්මානයේ විශේෂත්වයක් පෙනුනෙත් නෑ එවලේ. නමුත් උඹ මේක හදල තියෙන්නෙ නේපාලයේ ව්‍යසනය ගැන හිතල. පස්සෙයි මට කල්පනා උනේ මේකෙ යටින් තිබුන (උඹේ කල්පනාවේ) වැදගත්කම.

    අර තියුණු ගතිය අඩු කරගන්න පුළුවන් වැලි කඩදාසියකින් මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ මතක් කල නිසා කියන්නම්. මම මේක ඇඳලා කාමරේ කෙවරක තියෙන තැනක තියලා ටී.වී. බලත්දී දැක්කේ මේක ඈතට පෙනෙන අපූරුව. පස්සේ එතනම ඉඳන් ගත්තා ෆොටෝ එකක්. මම හිතනවා තව අවුරුදු ගාණකින් මේකේ වැදගත්කම වැඩි වෙයි කියලා.

      Delete
  22. මේකේ ඉතිරි වැඩ කොටස ඉවර කරන්න ලැබුණේ අද. පරණ CD මත ලියන පානකට තිනර් පොඩ්ඩක් එකතු කරලා ලියන්න පුළුවන් වුණා.

    ReplyDelete
  23. කෝප්පෙ කැඩුනනෙ කියලා විසි කරලා දාන්නෙ නැතුව ඒකෙන් මේ වගේ යමක් කරන්න හිතපු එකත් අමුතු ආර්ට් එකක් කියලයි මගේ අදහස...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...