Thursday, May 14, 2015

නිර්වාන් ප්‍රබෝද් ...... Nirwan Prabod ......

ශ්‍රිලංකාවේ තිබෙන ජංගම දුරකථන සබඳතා සංඛ්‍යාව සැලකීමේදී, එක් අයෙකුට දෙකක් වන්නට ප්‍රමාණයක් මේ වනවිට දුරකථන සේවා සපයන ආයතන විසින් විකුණා හමාර බව ප්‍රවෘත්ති වලින් කියැවේ. එක් පුද්ගලයෙකු මෙම සබඳතා කිහිපයක් තබා ගැනීමට විවිධ හේතු ඇත. මා සතුවද එවැනි සිම්පත් කිහිපයක්ම තිබේ. බොහෝ දෙනෙකු මෙන් මාද, ඒවා තබා ගන්නේ ජාලය තුල අංක වලට කථා කිරීමේදී පවතින අඩු ගාස්තු වලින් ප්‍රයෝජනය ගැනීම සඳහාය. නිසි ලෙස කළමනාකරණය කළහොත් එය සැබවින්ම ඉතිරියක් වනු ඇත. 

වසරකට පමණ පෙර සයිබර් අවකාශයේ මිතුරු සබඳතා සඳහා මා වෙනමම ෆේස්බුක් ගිණුමක් අටවා ගන්නේ, එමගින් වැඩි මිතුරු ප්‍රමාණයක් එක්කාසු කර ගැනීමට ඇති හැකියාව, විවිධ වාද විවාද සමහරවිට ලොව පුරා විසිරී සිටින මගේ සමහර මිතුරන්ට අදාළ නොවන ඒවා සේම තේරුම් ගැනීමට ඇති නොහැකියාව(සිංහල භාෂාවෙන් සිදු වන වාද හෝ Status Updates) වැනි විවිධ හේතූන් රාශියක් මුල් කරගෙනය. මෙසේ සයිබර් මිතුරන් සඳහා එසේ අටවා ගත් ෆේස්බුක් ගිණුම වඩාත් ප්‍රයෝජනවත් වුයේ දේශපාලන වාද විවාද සඳහාය. නමුත් මේ හරහාද හොඳ දේ ලැබුණු අවස්ථා ඇත. ඒ අතුරින් කවුරුන් හෝ බෙදාගෙන තිබූ නිර්වාන් ප්‍රබෝද්ගේ ගීත ගායනාවක් මට අසන්නට ලැබුණේ අහම්බයකිනි. එය හඬ වෙනස් කරමින් කරන යුග ගායනයකි. 

එවැනි ගායකයන් අනුකරණය කරමින් ගීත ගායනා කිරීම මා මෙන්ම බොහෝ දෙනෙකු අනුමත කරන්නේ නැත. නමුත් මේ තරුණයාගේ හඬ අනුකරණය කිරීමේ හැකියාව නිසාම එම ගීතය දෙවරක් අසන්නට පෙළඹීම වලක්වන්නට නොහැකි කරුණකි. ඉන්පසු මම ඔහුගේ ෆේස්බුක් වෝල් එක දිගේ පහලට ගොස් ඔහු පටිගත කර ඇති ගීත කිහිපයකටම සවන් යොමු කලෙමි. ඉන්පසු ඒවායේ රූප නොපෙන්වා මගේ කාර්යාලීය සගයාට අසන්නට සැලස්සුවෙමි. ඔහු මවිතයට පත් වුයේ එය එකම පුද්ගලයෙකු ගායනා කරන බව දැන ගැනීමෙනි. ඉන්පසු මා කල පළමු කටයුත්ත වුයේ නිර්වාන්ව මගේ ෆේස්බුක් මිතුරුකැලට එකතු කර ගැනීමයි. සුළු මොහොතකින් ඔහුත් සමග චැට් මගින් පිලිසඳරක් ඇති කර ගතිමි.

ඔහුගේ මේ හැකියාව පෙනුණු විට මගේ සිහියට එකවරම ආවේ ගප්පියාය. මෙය කියවන ඔබ සැම අඩුම තරමේ එක් ගප්පියා වීඩියෝවක් හෝ නරඹා ඇත. ඒ තරමටම සයිබරයේ ගප්පියා ජනප්‍රිය බව නොරහසකි. මා ඔහුගෙන් විමසූයේ යූ ටියුබ් චැනල් එකක් ඇත්ද යන්නයි. නමුත් චැනල් එකක් තබා යූ ටියුබ් වීඩියෝ ගැනවත් නිර්වාන්ට අවුබ්දෝධයක් නොතිබිණි. එවිට මා ඔහුගෙන් ඉල්ලා සිටියේ වහාම යූ ටියුබ් චැනල් එකක් සාදා මේ වීඩියෝ පට එකතු කරන ලෙසයි. එය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය හැකි බවද අවධාරණය කලෙමි. නමුත් ඒ ගැන වැඩි අවුබෝධයක් ඔහුට නොවිණි. මා කල දැනුවත් කිරීම හරහා ඔහු කල සියළු උත්සාහයන් අසාර්ථක විය. ඒ වනවිටත් ඔහුගේ මිතුරන් යූ ටියුබ් වෙත ඔහුගේ වීඩියෝ කිහිපයක් එකතු කර තිබුණි. නමුත් ඉන් ඔහුට වන සෙතක් නැති බව මට වැටහිණි.

ඔහු මේ වීඩියෝ කරන්නේ සහ ෆේස්බුක් වෙත මුදා හැරීමද සිදු කරන්නේ තමන්ගේ ජංගම දුරකතනයෙන් බව සඳහන් කළේය. ඔහු කිහිප විටක්ම ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් යූ ටියුබ් චැනලය නිර්මාණය කර දෙන ලෙසය. ඔහුගේ අරමුණ මුදල් ඉපැයීම නොවන බව සහ මෙහි සැඟවුණු වටිනාකම(Potential) දුටු මා හට එය මග හැර යා නොහැකි විය. මා ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට භාර ගතිමි. නමුත් එහි වූ ප්‍රධාන අභියෝගය වුයේ ෆේස්බුක් වල ඇති වීඩියෝ භාගත කර ගැනීමයි නැතිනම් කෙලින්ම යූ ටියුබ් වෙත අප්ලෝඩ් කිරීමයි. අන්තර්ජාලය පීරා එයට විසඳුම සොයා ගත් වහාම මා කලේ ඔහුගේ සියළු වීඩියෝ භාගට කර ගැනීමයි. ඉන්පසු මා ඔහුත් සමග දුරකථන සංවාදයක යෙදිණි. ඒ සියල්ලට කලින් ඔහුගේ ගීත ගායනයකට සවන් දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. 




දැන් මොකද ඔබට හිතෙන්නේ. ඇත්තටම ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි වර්තමානයේ වැඩිපුර අසන්නට නොලැබෙන ගායිකාවන්ගේ හඬ ඔහුට අනුකරණය කල හැක. මෙය සහජ දක්ෂතාවයකි. එසේ කිරීමට ඇති අපහසුතාවය කෙතරම්ද යන්න දන්නේ ඒ සඳහා යම් උත්සාහයක හෝ යෙදුනු කෙනෙකුටය. මා එසේ උත්සාහ කර ඇත්තෙමි. මගේ දියණිය කුඩා කාලයේ ස්කූබි ඩූ ගේ හඬ අනුකරණය කරන්නට සමත් වූයේ දවස් ගණනක උත්සාහයකින් පසුවය. ඒ නිසා ඔහු මේ වෙනුවෙන් දරන වෙහෙස මට හොඳ හැටි අවුබෝධ විය. මේ වනවිට ඔහු ගයා ඇති ගීත වලින් කිහිපයක් ඔහු වෙනුවෙන් මා නිර්මාණය කල යූ ටියුබ් චැනලයට එකතු කලෙමි. පහතින් ඇත්තේ ඒ සඳහා පිවිසිය හැකි සබඳතාවයයි.


නමුත් මෙහි අඩුපාඩුවක් තිබෙන බව ඒ ගැන යම් අවුබෝධයක් තිබෙන කෙනෙකුට වැටහෙනු ඇත. උදාහරණයකට ගප්පියාගේ සබඳතාව බලන්න


මෙවැනි කෙනෙකුට පහසුවෙන් මතකයේ තබාගත හැකි සබඳතාවක් සාදා ගැනීමට නම් එය Subscribe කර ඇති ප්‍රමාණය 500 වත් විය යුතු බව ඒ ගැන සොයා බැලු විට පැහැදිලි විය. දැනට මෙය සබ්ස්ක්‍රයිබ් කරන්නේ මා පමණකි. ඒ සඳහා එක වන්නට ඔබට ආරාධනා කරමි. මේ සද්කාර්ය සඳහා මා ඉදිරිපත් වුයේ, ඔහු මේ කාර්යය කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නොවන නිසාය. ඔබෙන් එවැනි ඉල්ලීමක් මා කරන්නේද එනිසාය. 

ඔහුගේ රුපය දුටුමනින්ම සිහියට එන්නේ හින්දි නළුවෙකි. මා මුලින් සිතුවේ ඔහු යුරෝපාකරයේ සේවය කර පැමිණි අයෙක් ලෙසය. නමුත් ඔහු සමග පසුව කල දුරකථන සංවාදයේදී තේරුම් ගත්තේ ඔහු ඩුබායි රටට හැරෙන්නට වෙනත් කිසිම රටකට පය තබා නොමැති බවය. ඒත් දින කිහිපයක සංචාරය සඳහාය. ඔහු ජාතික  උසස් (ඉංජිනේරු)  ඩිප්ලෝමා ලාභියෙක්. නමුත් දැන් ජීවිකාව ලෙස තෝරාගෙන තිබෙන්නේ පුද්ගලික ගණිත උපකාරක පන්ති පැවැත්වීමයි. මුලින් රජයේ ආයතනයක සේවය කල ඔහු පසුව මෙම රැකියාව තෝරාගෙන ඇත. ඔහුත් සමග කල කෙටි පිලිසඳරේදී මා තේරුම් ගත්තේ ඔහු අව්‍යාජ පුද්ගලයෙකු බවයි. 

නිර්වාන් ඉපදී හැදී වැඩෙන්නේ මතුගම ප්‍රදේශයේ වුවත් වර්ථමාන පදිංචිය මීගමුවේය. ඔහු සංගීතය පරතෙරට හදාරා නැත. අපොස සාමාන්‍ය පෙළ දක්වා සංගීත විෂය නිර්දේශය පමණක් හදාරා ඇති බව ඔහු මා සමග පැවසීය. නමුත් තමා "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කියම මුස්වාක් කල තවත් පුද්ගලයෙක් බව නිර්වාන් ඔප්පු කොට ඇත. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍රයක් මෑතකදී යුරෝපීයයෙක් මිලදී ගෙන ඇත්තේ යුරෝ දාහකටය. එය ඊටත් වඩා වටිනා බව එම සංචාරකයා පවසා ඇත. 


 මේ චිත්‍රය ඔහු ඇඳ ඇත්තේ පැන්සල් උපකාරයෙනි. එහි තාත්වික බව තෝරා ගැනීමට එහි ඉන්නේ කවුරුන්ද යන්නෙන් පැහැදිලි වේ.
 ඔහු සාර්ථක ලෙස නිර්මාණය කරන ලද කාටූන් කිහිපයක්ද ඔහුගේ ෆේස්බුක් වෝලයේ ඇත. මේ කණුවේ හැපෙන්නේ අපේ පවනියා වත්ද ?

මෙය ඔහු විසින් නිර්මාණය කර ඇත්තේ අඟුරු කැබැල්ලක ආධාරයෙනි.

බොහෝ දෙනෙකු මෙන් මමද මෙසේ හඬ වෙනස් කරමින් ගායනයට විරුද්ධය. නමුත් ඔහුගේ හඬ වෙනස් කිරීමේ දක්ෂතාවය අගයමි. මෙය ඵලදායී ලෙස යොදා ගත හැකි බව මගේ විශ්වාසයයි. චිත්‍රපටයක් නිෂ්පාදනය කල හැකිව තිබියදී, සජීවීකරණ චිත්‍රපට කුමටදැයි මා කාලයක් සිතුවෙමි. නමුත් එමගින් නිෂ්පාදන පිරිවැය අවම කර ගත හැකිවා මෙන්ම, සාමන්‍ය නළු නිලියන් හෝ වෙනත් නිරූපකයන් යොදා කිරීමට උගහට දේ සජීවීකරණ කාටූන් මගින් කල හැක. උදාහරණයකට ලොව උසම කඳු මුදුනේ සිට කිසිම ආධාරකයක් නොමැතිව බිමට පණින දර්ශනයක් අවශ්‍ය වේ නම්, සජීවීකරණයට එය අපහසු කටයුත්තක් නොවේ. මේ එක උදාහරණයක් පමණි. 

එලෙසෙම අපගේ පැරණි ගායිකාවෙන්ගේ හඬින් අඩු පිරිවැයකින් චිත්‍රපට පසුබිම් ගායනයකට යොදා ගත හැකිනම් එය කදිමය. වර්තමානයේ සුජාතා අත්තනායක, ලතා වල්පොල, ඉන්ද්‍රානි සේනාරත්න, ඇන්ජලීන් වැනි ගායිකාවන්ගේ හඬින් ගී ගැයීමට හැකි ගායිකාවන් කිහිප පලක්ම වේ. නමුත් ඔවුන්ගේ ගාස්තුව නිෂ්පාදකයාට දරා ගත නොහැකි අවස්ථාවක මෙවැනි විකල්ප ප්‍රයෝජනවත් වේ. 

මොහුගේ හැකියාව දුටු විටම මා චූටි මල්ලි සහ පොඩි මල්ලි යන දෙදෙනාට ෆේස්බුක් පණිවුඩ කිහිපයක් තැබුවේ මේ හැකියාවෙන් ප්‍රයෝජනක් ගන්නා ලෙස ඉල්ලමිනි. ඔවුන්ගෙන් පිළිතුරක් ලැබෙන්නට ප්‍රථමයෙන් හිරු ටීවී ආතනය  "මේක පුදුම ලෝකයක්" තුලින් ඔහුගේ ගීතයක් ප්‍රචාරය කර ඇත. මේ හැකියාව වර්ධනය කර ගන්නට නමු ඔහුව කසුන් කල්හාර වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වෙත යොමු කල යුතුය. තම හැකියාව අනුව ගැහැණු හඬින් ගීතයක් ගැයීම වරදක් වේද ?

Tuesday, May 5, 2015

නේපාලයේ ස්වභාවික විපතින් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් ...... DIY : For those who lost their lives in Nepal due to Natural Disaster

නේපාලයට සිදු වෙච්ච ස්වභාවික විපත්තිය ගැන ප්‍රවෘත්ති මේ දවස් වල ලෝකය පුරාම පැතිරෙනවා. මේ තවත් ඒ ගැන විස්තරයක් නෙවෙයි. ඒ ගැන සියළුම මාධ්‍ය වලින් මේ වෙනකොට පුළුල් ප්‍රචාරයක් දීලා තියෙනවා. ඒ වගේ අහිංසක ජනතාවක් ඉන්න රටකට එරෙහිව සොබාදහම හිරි ඇර ගත්තේ ඇයි කියලා  තිලක සිත ලියන අපේ මිත්‍රයා ප්‍රශ්න කරලා තිබුණා. ඒ ඛේදවාචකය එක්කම මටත් පුංචි අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ ගැන මාධ්‍ය කිසිම වාර්තාවක් නැති නිසා ඔන්න මමම වැඩේට බැස්සා. උදේ තේ කෝප්පය බොන ගමන් අන්තර්ජාලයට හිස පොවන එක මගේ දෛනික පුරුද්දක් වෙලා. එහම බලලා තියපු කෝප්පේ එතනම තිබීම හේතුවෙන් තමයි මේ අකරතැබ්බෙට මුහුණ දෙන්න වුණේ. මගේ දියණිය මගෙන් පරිගණකය අත්පත් කරගෙන් මුලින්ම කලේ මවුස් පෑඩ් එක හරියට ස්ථානගත කරන එක එහෙම කරනකොට වෙච්චදේ තමයි මේ. එතනින් කෙලින්ම භූමිගත වුණා කෝප්පෙන් ඉතිරි වුණේ මෙන්න මේ වගේ කෑල්ලක්. 

මේක දැක්කම මට හිතුණා මේකෙන් මොකක් හරි කරන්න පුළුවන් කියලා. අපේ පුරුද්ද තමයි මේ වගේ පිඟන්, කෝප්ප, වීදුරු බිමට වැටුනම, බොහොම සීරුවෙන් ලොකු පොඩි කටු කෑලි ටික ඇහිඳලා, කොස්සෙන් අතු ගාලා ඉක්මනට එතැන පිරිසිදු කරන එක. මොකද පුංචි හරි කැල්ලක් තිබිලා ඇනුනොත් කියන බය නිසා. හැබැයි මොකක් හරි බිම වැටෙනකොටම බොහෝ දෙනෙක්ගේ කටින් කියැවෙන වචන පේලිය තමයි
"ලොකු කෑල්ල මට"
කියන එක.  එහෙම වුණාට ලොකු කෑල්ල දිහා කවුරුත් බැලුවේ නෑ. මට මේ ලොකු කෑල්ල දැක්ක වෙලාවේ ඉඳලා ඇහැ ගියා. නේපාලේ ඛේදවාචකය මතක හිටින්නත් එක්ක මොකක් හරි සිහිවටනයක් හදන්න ඕනේ කියලා මට හිතුණා. මේ වගේ ඒවාට කියන්නේ "Do It Yourself(DIY)" බව බොහෝ දෙනෙක් දන්නේ නෑ. අපි වගේ නෙවෙයි සුද්දෝ, තමන්ගේ වැඩ තමන් කර ගන්න උත්සාහ කරනවා. අපේ ගමේ ඉස්සරහා ගෙදර මල්ලිකා(වෙනමම ලියන්න ඕනේ චරිතයක්) බැන්දේ  ස්විස් කාරයෙක්. එක පාරක් ආවේ සුවිස් තරුණයෙක් එක්ක. ඒකා තනියම ගරාජ් කෑල්ලක් හැදුවා. අපේ ගමේ එවුන් කිව්වේ, "මේකි මේ පාර අල්ලාගෙන තියෙන්නේ එහෙ වඩුවෙක්ද කොහෙද ?" කියලා. නමුත් කාරණය ඒ මිනිස්සු අපිට වඩා තමන්ගේ වැඩ කර ගන්නවා. ඉතිං යුරෝපාකරේ මේ DIY වැඩ මාර ප්‍රසිද්ධයි. ෆොටෝ ගොඩාක් තියෙන නිසා වැඩිපුර විස්තර කරන්න යන්නේ නෑ. තොරණේ විස්තරය බලාගන්න පුළුවන්. 

පුංචි පුංචි කෑලි ටික විසි කරාම ඉතිරි වුණේ මෙන්න මේ වගේ, ඒත් තියුණු කෑල්ලක්. අපේ අම්මා, තාත්තා, අක්කා හරි දැක්කනම් මට බනිනවා "ඔන්න ඕක විසි කරලා දාන්න, අතක පයක ඇනුනොත්. මේ පොඩි ළමයි ඉන්න තැන් වල ඕවා තියා ගන්නවද ?" කියලා. හොඳ වෙලාවට අපේ ගෙදර මේ අය නොහිටියේ. මම කෙලි පොඩ්ඩ දැනුවත් කළා. "අපි මේකෙන් මොකක් හරි හදමු. හැබැයි තාත්තා හදනකම් පුතා මේක අල්ලන්න එපා" කියලා. එහෙම කිව්වට පස්සේ මේකට අතවත් තියන්නේ නෑ කියලා මම දන්නවා. ඔහොම දවස් කීපයක් මේක තිබුණා. මටත් පොඩ්ඩක් බය නොහිතුණා නොවේ.
කාලෙකින් නිවාඩුවේ ගෙදර ඉන්න වෙලාවක් ලැබුණ නිසා මට හිතුණා මේකට තේරුමක් දෙන්න. මේකේ තියෙන උල් සහිත තියුණු ගතිය නැති කරන්න ඕනේ නිසා මගේ ගාව තිබුණ මෙන්න මේ "හැක් සෝ බ්ලේඩ්" එක යොදා ගත්තා. පීරක් හරි වැලි කඩදාසියක් හරි යොදා ගන්නත් පුළුවන්. වැලි කඩදාසියකින් මේ වැඩේ කරනවානම් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. එක රවුම් කරන්නම ඕනේ නෑ. තියුණු ගතිය නැති වුණාම ඇති. මෙහෙම කරද්දී වැටෙන පුංචි කෑලි ටික මතක ඇතිව, අතුගාලා කුණු කූඩෙට දාන්න. 
මේ මොකක්ද මේ ? ඔබට එහෙම හිතෙන්න ඇති. මේකට සිංහලෙන් කියන නම මෙන්න මේ වගේ එකක්. "දෙපැති ගම් පටිය". තේරුණාද? නෑ නේද ? එහෙනං ඉංග්‍රීසියෙන් කියන්නම් "Double Side Gum Tape". දැන් තේරුණා නේද ? මේක ඕන වෙන්නේ මොකටද ? බලන්නකෝ පහලින්. 
මෙන්න මේ විදියට සම්පූර්ණ කොටසම මේ පටි වලින් ආවරණය කර ගන්න. පස්සේ එක පැත්තක තියෙන කඩදාසියත් ඉවත් කරන්න. 
අපරාදේ ලස්සන කෝප්පේ කියලා හිතුනද ? නැත්නම් අපේ කෝප්පත් පොලවේ ගහලා මේ වගේ කෑල්ලක් හදා ගන්න ඕනේ කියලා හිතුනද ? වැඩේ තියෙන්නේ හැම වෙලාවේම මේ වගේ ලස්සනට ඉතිරි වෙන්නේ නෑ. සමහර ඒවා ඉතිරි වෙන්නේ භයංකාර විදියට. අනේ ඒ වගේ ඒවානම ගෙවල් වල තියා ගන්න එපා. අනිත් දේ තමයි ඉතා කුඩා ළමයි ඉන්නවනම් මේ වගේ ඒවා තියා ගන්න එපා. මොකද පුංචි ළමයි මේ වගේ ඒවා බිම දාන නිසා, අණතුරු වෙන්න පුළුවන්. 
ඊට පස්සේ සියළුම, පිටුපස ඇති කඩදාසි ඉවත් කර ගන්න. දැන් හැමෝටම එන ප්‍රශ්නයක් තමයි අපි මේ මොකක්ද කරන්න යන්නේ ? කියන එක. ඇත්තටම අපිට ඕනේ මේකේ මොකක් හරි චිත්‍රයක් අඳින්න. මගේ ගාව තියෙන්නේ ෆැබ්රික් පේන්ට්. මේ වගේ දිලිසෙන මතුපිටක්(Glazed Surface) එකක අඳින්න නම් Glass Paint අවශ්‍ය වෙනවා. වැඩේ තියෙන්නේ ඒවාගෙන් පසුබිමක් පාට කරගන්න බෑ. යටින් තියෙන දේ ඉස්මතු වෙනවා. (ඒ ගැන වැඩි අත්දැකීමකුත් නෑ. රූපවාහිනියෙන් දැක්ක දේ තමයි). ෆැබ්රික් පේන්ට් වලින් අඳින්න නම රෙදි මතුපිට තමයි හොඳ. ඉතිං මම හිතුවා මේක රෙදි වලින් ආවරණය කරන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන්, වෙනත් ගම් වර්ගයක් මේකට යොදා ගන්න බැරිද කියලා. සුපර් ග්ලු වගේ එකක් නම් හරි යන්න පුළුවන්. වැඩේ තියෙන්නේ අනිත් ගම් වර්ග මේ වගේ දිලිසෙන මතුපිටක ගුලි ගැහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. 
වාසනාවකට මේ වගේ රෙදි කෑල්ලකින් මට අවශ්‍ය ප්‍රමාණය ආවරණ කර ගන්න පුළුවන්. පහලින් තියෙන පින්තූරය බලන්න. මතක ඇතිව උසම තැනට මැද හරිය තියලා, කෙලින් අතට ඉරක් වගේ අලවාගෙන, පස්සේ දෙපැත්තට තද කර ගන්න. පහලින් බලන්න අලවලා ඉවර වුණාම තියෙන තත්වය. 
දැන් සීරුවෙන් මේකේ වටේ තියෙන වැඩිපුර කොටස කපලා ඉවත් කර ගන්න ඕනේ. එහෙම කරන්න ඉතා තියුණු, ඒ වගේම සිහින් පිහියක් අවශ්‍ය වෙනවා. මුලින් කතුරකින් කපන්න උත්සාහ කලත් හරි ගියේ නෑ. මෙන්න මේ වගේ පරණ රේසරයක් ප්‍රවේසමෙන් ගලවාගෙන, ඒ ඇතුලේ තියෙන බ්ලේඩ් එකක් ගන්න. ඔව් කඩේ තියෙන බ්ලේඩ් එකක් දෙකට කඩලා ගන්නත් පුළුවන්. මේ වගේ වැඩ කරත්දී දරුවන් ඈත් කර ගන්න. මොකද එයාලටත් මේවා අත පත ගාන්න හිතෙන නිසා. අවසානයේ මේ බ්ලේඩ් දරුවන්ගේ අත නොගැටෙන තැන තබන්නත් වග බලා ගන්න. 
මෙන්න බලන්න කපලා ඉවත් කරපුවාම තියෙන හැටි. ඔටුන්නක් වගේ ? ඔව් කෙනෙකුට එහෙමත් පාට කර ගන්න පුළුවන්. නමුත් මගේ හිතට ආවේ කඩා වැටිච්ච ගඩොල් බිත්තියක් ආකාරයට මේක සරසන්න.
මුලින්ම පහලින් තියෙන විදියට පැන්සලෙන් ඇඳ ගත්තත් පසුව හිතුන දෙයක් තමයි වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන වර්ණය ගාලා පස්සේ අනිත් කොටස ඇඳ ගන්න එක පහසුයි කියන එක. 
පහලින් තියෙන්නේ අවසාන වෙච්ච ගඩොල් බිත්ති කෑල්ල. වැඩේ තියෙන්නේ මේකේ මැද අවස්ථා වල පින්තූර ගන්න බැරි වුණා. මම අතේ තීන්ත ගාගෙන හිටිය නිසා.
මේ තියෙන්නේ තවත් කෝණයකින් ගත්ත පින්තූරයක්. කොහොමද සුන්බුන් අතර තියෙන ගඩොල් බිත්තියක් වගේ පෙනෙනවද ?
ඈතින් ඉඳන් බලනකොට පේන්නේ මෙන්න මේ විදියට. වැඩේ කොයි තරම් දුරට සාර්ථකද කියලා තීරණය කරන්න ඔයාලට පුළුවන්. මගේ දුව නම් මේකට කිව්වේ Masterpiece එකක් කියලා.

මේකේ අනිත් පැත්තේ පුංචි සටහනක් තියන්න මට ඕනෑ වුණත්, මගේ ගාව තියෙන OHP පෑන ලියවුනේ නෑ. මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් හොඳයි කියලා. ඔයාලගේ අදහසුත් දෙන්න

In memory of those who lost their lives in 7.8 Gorkha Earthquake -Nepal on 25th April 2015 
_____________________________________________
ප.ලි. : මගේ ගාව තිබුණු ලියවෙන්නේ නැති CD මත ලියන පෑනට, තිනර් ටිකක් දාගෙන මේකේ ඉතිරි කොටස සම්පූර්ණ කරා.

Friday, May 1, 2015

තම සොයාගැනීම් නිසා තැවෙන්නෝ, එදා-අද සහ හෙට ......Inventors who disappointed with their products, past - present and future

රුපවාහිනී රිමෝට් කන්ට්‍රෝලරය

රිමෝට් කන්ට්‍රෝලරය සොයා ගත් පුද්ගලයා වන නිකෝලා ටෙස්ලා තමා කල සොයාගැනීම පිළිබඳව පසුව පසුතැවිලි වුණා. ඒ ඔහු නිසා ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෝගී වීම නිසා. රෝගී වන්න සිදු වන හේතුව මේ වනවිටත් ඔබට නොවැටහෙන්නට පුළුවන්. නමුත් දුරස්ථ පාළකය භාවිතා කිරීම නිසා ඔබ රූපවාහිනිය වෙත ගොස් එහි නාලිකාව වෙනස් කිරීමේ ශාරීරික ක්‍රියාව නවතිනවා. දිනකට ඔබ රූපවාහිනී චැනල් මාරු කරන ප්‍රමාණය, එහි ශබ්දය අඩු වැඩි කරන ප්‍රමාණය, අද නම් ඒ සම්බන්දව කෙරෙන සියළුම වෙනස් කිරීම් සිදු කෙරෙන්නේ දුරස්ථ පාලකයක් මගින්. ඉතිං දිනකට ඔබ රූපවාහිනිය වෙත ඇවිදින ප්‍රමාණය කිලෝමීටරයකටත් වඩා වැඩි බව පැහැදිලි වනු ඇත.

Nikola Tesla invented tv remote controller
පින්තූරය ගත්තේ : http://www.kerryr.net/
 දැන් ඔබ දකින රූපවාහිනියක කිසිසේත්ම අතින් වෙනස් කළහැකි බොත්තම් නැති වන්නට පුළුවන්. නමුත් අතීතයේදී නාලිකාවක් සුසර කිරීමේ සිට පැවති සීමිත නාලිකා ප්‍රමාණය මාරු කෙරුනේද ඔබේම ඇඟිලි තුඩින්. ඒවා අද මෙන් ටච් පන්නයේ බොත්තම් නොව මිකැනිකල් පන්නයේ ඒවාය. වෙනත් අයුරකින් කියනවානම් අතින් එහා මෙහා කලයුතු උපාංගය. ඉතිං දවසකට ඔබ එක් කිලෝමීටරයක් ඇවිද්දා නම්, මසකට කිලෝමීටර් 30ක්ද, වසරකට එය 365ක්ද වනු ඇත. අද නිවසක ඇති රිමෝට් කන්ට්‍රෝල් ගණන ගැන නිකමට සිතා බලන්න රූපවාහිනිය, චන්ද්‍රිකා රුපවාහිනි පෙට්ටිය(Satellite Box) , විදුලි පංකාව, ශබ්ධ විකාකාශන යන්ත්‍ර(Sound System), මෝටර් රථය සහ මෙකී නොකී ඕනෑම යන්ත්‍රයක සඳහා දුරස්ථ පාලකයන් යොදා ගත හැක. වෙනදා මේ යන්ත්‍ර වෙත ගොස් ඒ කාරියන් ඉටුකරගත් ඔබ, දැන් සිටින තැන සිට එය ඉටුකර ගන්නේ දිගුකාලීනව ඉහල පැලැන්තියේ රෝගියෙකු බවට පත් වෙමිනි. නමුත් ටෙස්ලාගේ ලොකුම පසුතැවීම මෙය නොවන වගද සටහන් කලයුතුය. ඒ ජේ.පී. මෝගන් සමාගම ඔහුගේ නිපැයුම් වෙනුවෙන් කල ආයෝජනය නවතා දැමීමය. එසේ නොවන්නට ඔහු ලොවට වටිනා සොයාගැනීම් විශාල ප්‍රමාණය දායාද කරනු ඇත. ඒ ගැන සටහනක් කලකට ඉහත අන්තර්ජාලයේ බෙදා හැරිණි. ඔබත් එය කියවන්නට ඇත. 
tv remote controller in hand
පින්තූරය ගත්තේ : www.treasuringchristonline.com

AK - 47 ගිණි අවිය

ලොව පුරා වඩාත් ප්‍රචලිත ඒ.කේ. 47 ගිණි අවිය නිෂ්පාදනය කල මි(ක්)හාඉල් කොලොශ්නිකොව් පසුව පවසා සිටියේ 
"මගේ සොයාගැනීම ගැන මට ආඩම්බරයි නමුත් කනගාටුවට කරුණ වන්නේ එය ත්‍රස්තවාදීන් විසින් භාවිතා කිරීමයි.
මා ඊට වඩා සතුටට පත් වනවා, මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක් සොයා ගත්තා නම්, උදාහරණයකට තණකොළ කපන යන්ත්‍රය"

අනාගතයේ පසුතැවිලි වන්නේ කවුද ? 




නමුත් ඉදිරියේදී පසුතැවිලි වියහැකි යැයි විශ්වාස කල හැකි පුද්ගලයින් කිහිප පලක්ම වේ. නමුත් ඒවාට පාදක වූ මුල් සොයාගැනීම් කල පුද්ගලයන් වාසනාවකට අද ජීවතුන් අතර නැත. ඒ කැමරාව පිලිබඳ මූලික සොයාගැනීම් කල පුද්ගලයන්ය. නමුත් කැමරා ෆෝනය සොයා ගත් පුද්ගලයා අනිවාර්යයෙන්ම පසුතැවලි වනවා නොඅනුමානය. ඒ සමාජ ජාලා වෙබ් අඩවි වයිරසයක් තත්වයට පත් වී ඇති අද දිනයේය. තමන්ගේ මුල් සොයාගැනීම කරනවිට ඔහු ඒ තත්වය කිසි විටෙකත් බලාපොරොත්තු වන්නට නැත. 

නමුත් ජංගම දුරකතනයට කැමරාව ඇතුලත් කල පුද්ගලයාවත් බලාපොරොත්තු නොවන මොහොතක ස්මාර්ට් ෆෝන් සහ ෆේස්බුක් ප්‍රමුඛ සමාජ ජාලා බිහි වීම නිසා ඔබ ගන්නා පින්තූර පහසුවෙන් එහා මෙහා විසි කරන්නට හැකියාව සලසා දී ඇත. නමුත් ඒවාගෙන් ඵලදායක දේ සිදු වනවාද යන්න සැකසහිතය. ඇත්නම් ඉතා ස්වල්පයකි. ඒ තමන්ගේ ප්‍රචාරණය සඳහා අධික මිලක් ගෙවූ ආයතනයන්ය. අද ඔවුන් සමාජ ජාල හරහා තමන්ගේ වෙළඳාම ප්‍රවර්ධනය කර ගනිති. ඒ ඇසුරින් රැකියා අවස්ථා ප්‍රමාණයක්ද බිහි වී ඇත. එය මෙහි සාධනීය පැත්තයි. ලෝකයේ බොහෝ සොයාගැනීම් මෙන්ම අහම්බයක් වූ කැමරා දුරකථනය කොයි තරම් සොඳුරු ආරම්භයක්ද යන්න පහලින් ඇති වීඩියෝව සාක්ෂි සපයනවා ඇත.



නිමක් නැතිව තප්පරයකට දහස් ගණනින් අප්ලෝඩ් වන පින්තූර රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඇති ෆේස්බුක් හිමිකරු වන මාර්කස් සකර්බර්ග්, ඉදිර්යේදී පසුතැවිලි වීමට නියමිත අනෙක් පුද්ගලයායි. මේ වනවිට ෆේස්බුක් ඇතුළු බොහෝ සමාජ ජාලා යොදා ගන්නේ ඕපාදුප, මඩ සහ වෙනත් අපචාරයන් සඳහා බව නොරහසකි. අප කුඩා කාලයේ තොරතුරැ දැන ගැනීමේ පිපාසාවෙන් උන් බාල මහලු කවුරුත් සවන් දුන්නේ රේඩියෝවටයි. පසුව රූපවාහිනිය ඒ අඩුව පිරවීය. ඉනික්බිතිව අන්තර්ජාලය කරලියට පැමිණියේය. නමුත් අද එය වසන්ගතයක්ද, විලාසිතාවක්ද එසේත් නැතිනම් සිතු පැතු දේ ලබා දෙන කප්රුකක්ද යන ගැටලුව අප ඉදිරියේ ඇත. එහි ස්වරූපය තීරණය කිරීමේ අවස්ථාව ඔබ ඉදිරියේ ඇත. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...