Wednesday, April 22, 2015

අවුරුද්දට නුවර එළියේ යන්නේ ඇයි ? ,,,,,, Why Colombo Citizen visit Nuwara Eliya in Sinhala New Year Season

මේ දවස් වල ඔෆිස් එකේ කණක් ඇහිලා ඉන්න නෑ. ඒ අපිත් එක්ක ඉන්න නෝනා නුවර එළියේ ගිහින් ඇවිත් ඒකෙ පුර වරුණාව එයාගේ ක්ලෑන් එකත් එකක් බෙදා ගන්න අපූරුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අහගෙන ඉන්න සිදු වෙලා තිබීම නිසාය. ඉස්සර නම් මටත්, මගේ සගයාටත් මේවාට ඇහුන්කන් දෙන්න අනිවාර්යයෙන් සිදු වුණා. දැන් අපි දෙදෙනාම මේ ඇත්තී සමග ඇයි-හොඳැයියක් නැති නිසා මේවා අසන්නට වෙන්නේ බලහත්කාරයෙනි. එකම දේ දහ පහළොස් වතාවක් අසන්නට සිදු වීම කරුමයකි. මෙවැනි වෙලාවකට මා කරන්නේ ඉයර්ෆෝන් කණේ ඔබා ගැනීමය. 
Nuwara Eliya Flowers Hakgala Gardens
පින්තූරය ගත්තේ : www.sundayobserver.lk

ඉස්සර රටේ බොහෝ දේවල් කොළඹ සිදු වීම නිසා, එය මහලොකු තැනක් වී තිබුණි. අපි කොළඹ යැයි මහත් ආඩම්බරයෙන් කියා ගන්නා පිරිස් අප දැක ඇත. නමුත් අද දකින්නට ඇති තත්වය වෙනස්ය.   ඉතා කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම කොළඹ මෙන්ම එක සේ නාගරීකරණය වී පවතී. අද ලංකාවේ එක් අයෙකුට අඩුම වශෙන් ජංගම දුරකථන අංක දෙකක් ඇති බව සංගණන වාර්තා පෙන්වා දෙයි. ඩෙනිමද, ස්මාර්ට් ෆෝන් එකද, 3G ද 4G ද එකලෙස කොළඹ මෙන්ම පිට පළාත් වලද ඇත. කොළඹ අයට වඩා පොෂ් විදියට සිටින්නට උත්සාහ කරන ගම්වැසියන්ද ඉඳහිට දැකගත හැක. 

ඇත්තටම කොළඹ ඉපැදුනු අය ඕනෑවට වඩා පොෂ් නැත. පොෂ් වෙන්නට අමුතු උත්සාහයක් ගන්නේද නැත. නමුත් කොළඹට සංක්‍රමණය වූ තදාසන්න ප්‍රදේශ වල අය එය මහත් අභිරුචියකින් කරගෙන යන බව දකින්නට ඇත. ඒ ඔවුන්තුල ඇති කුමක් හෝ හීනමානයක් නිසාය. කොළඹට පිට පළාත් වලින් ආ අය, පිටරටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙන් වෙනම රංචුවක ජීවත් වෙයි. ඔවුන් අවුරුදු සමරන්නේද, මරණය මගුල කරන්නේද ඔවුන්ගේ පළාතේ සනුහරය සමගය. උදාහරණයකට කොළඹට දකුණින් සංක්‍රමණය වූ අය එකට එකතු වන අතර, නුවරින් පැමිණියවුන් වෙනම එකතු වේ. 

දැන් අපේ මාතෘකාවට එමු. කොළඹ අය අවුරුද්දට නුවරඑලි යන්නේ ඇයි ? නුවර එලියට අප්‍රේල් මාසයට වසන්තය උදා වන නිසාද ? ශ්‍රී ලංකාවට ඉර මුදුන් වන මෙවැනි කාලයක, නුවර එලිය වැනි අධික ශීත දේශගුණයක් ඇති ප්‍රදේශයක මේ කාලය ගෙවා දැමීම පහසු නිසා යැයි බොහෝ දෙනෙකු සිතා ඉන්නට ඇත. නමුත් සත්‍යය එය නොවේ. අද කොළඹ බොහෝ ගෙවල්, හෝටල්, සහ සාප්පු සංකීර්ණ වායු සමනය කර ඇත. එමෙන්ම වාහන වලද වායු සමාන යන්ත්‍ර ඇත. එනිසා ප්‍රශ්නය එය නොවන බව පැහැදිලිය. නමුත් මේ කාරණය පදනම් කරගෙන එහි යන්නෝද විරල නොවේ.

මා පොෂ් වීම පිළිබඳව මුලින් කථා කලේ, මේ ගමන තමන් පොෂ් යයි සෙස්සන්ට පෙන්වන්නට අවුරුද්දට නුවර එලි යන කොටස බහුතරය බව වටහා ගැනීමට අපහසු නැති නිසාය. එසේ නොගියොත් තමන් නෝන්ඩි වන ගතියක් තිබෙන නිසා කෙසේ හෝ නුවර එළියේ බඩ ගාන්නට උත්සාහ ගන්නෝද විරල නොවේ. මේ කාලයට නුවර එළියේ කිසිදු හෝටලයක කාමරයක් සොයා ගැනීම කළුනික හොයනවා වගේ වැඩකි. සියලුම සංචාරක හොටල්ද, නිවාඩු නිකේතනද අතුරු සිතුරු නැතිව පිරී පවතී. රජයේ, සංස්ථා මණ්ඩල ආදියේ නිවාඩු නිකේතන වෙන් කරවා ගන්නට සියල්ලෝම දත කන්නේ එහි යාමට ඇති කැමැත්තට වඩා ශේප් එකයි පාරයි කර ගැනීමට පහසු නිසාය. එකී නිවාඩු නිකේතන ලබා දෙන්නේ නාමික මුදලකට වීම මේ පොරකෑමට හේතු සපයයි. අනෙක එවැනි ස්ථාන වල පහසුකම් අතින්ද කිසිම අඩුවක් නැත. ඉතිං අඩු ගණනකට මේවා වෙන් කරගත්තොත් බෝනස් එකක් වන්නේය. දැන් මෙවැනි ආයතන මේවා වෙන් කරන්නේ ලොතරැයි ක්‍රමයටය. නැතිනම් එවැනි රාජකාරි කරන අයට ලේසියෙන් තමන්ගේ රැකියාව කර ගන්නට නොහැක. මේ ක්‍රමය නොතිබුනානම් එවැනි තැන් වල ජරාව කන්නන්ද වැඩි වනු ඇත. 

සැමදා සීතලත් සමග ඔට්ටුවන නුවර එලිය වාසීන්ට අප්‍රේල් මාසයේ විශේෂත්වයක් නැත. ඔවුන් කරන්නේ තම නිවාස අවුරුදු කාලයේදී කොළඹින් එන්නන්ට බදු දී, ආසන්න ප්‍රදේශයක වෙසෙන තම ඥාතීන් වෙත හෝ දන්නා කියන තැනක නවාතැන් ගැනීමය. එමගින් ඔවුන් සැලකිය යුතු මුදලක් උපයා ගනියි. මේ තරමටම නුවර එළියේ යන්නේ ඇයිදැයි ඔබටද හිතෙන්නට ඇත. සීතලද, බලන්නට තිබෙන හක්ගල මල් වත්තද, ග්‍රෙගරි වැවද, එසේත් නැතිනම් තේ වතුද ?  නැතිනම් ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය නිසාද ? මේ කාලයට කොළඹින්ම එහි ගොස් සිටින සූරාකන කඩ සාප්පු කරුවන් නිසාද ? ගොඩක් දෙනෙකු එකතු වන තැනක ෆන් එක වැඩි නිසාද ? මේ කිසිවක් නොවේ. 

සත්‍ය කාරණය මේ වෙනකකි. නමුත් මෙය ඈත අතීතයේ සිට පැවත එන්නක් බව පැහැදිලිය. සුද්දන් රට පාළනය කල යුගය දක්වා දිවෙන පුරුද්දක් බව පැහැදිලිය. සුද්දන් කිසිම දෙයක් හේතුවක් නැතිව කළේ නැත. මේ ප්‍රශ්නයට මා නිවැදි පිළිතුර සොයා ගත්තේ රිවරිනා හෝටල් සමූහයේ සේවය කල කාලයේදීය. ඒ අවුරුද්දට එහි ආ කොළඹ වැසියන්ගෙන් කල විමසීමක ප්‍රතිඵලයක් ලෙසය. අවුරුද්දට ඩවුන් සවුත් යන්නේද, නුවර එලි යන්නේද එකම කරුණකට බව පැහැදිලි වන්නේ එදා නොව අද දිනදීය. එකල සුද්දන්ගේ සහ නගර වැසියන්ගේ ආවතේව කලේ දුර බැහැර ප්‍රදේශ වලින් මෙහි ආ දුප්පත් ගැමියන්ය. ඔවුන් අවුරුද්දට ගමේ යාම සිරිතක් මෙන්ම අනිවාර්ය අංගයක් විය. මේ කාලයේදී අතට පයට සේවකයන් තබාගෙන සිටි සුද්දන් සහ ඒ පන්නයේ ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ දෙයක් කර ගන්නට නොහැකි විය. 

සුද්දා රාජකාරියට කොළඹ සිටියද වඩා ඇලුම් කලේ සීතල නුවර එළියටය. එනිසා ලැබුණු ඉසිඹුවෙන් ඔවුන් නුවර එලියට බඩ ගාන්නට විය. ඒ නිසා ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් වැනි විනෝදය පදනම් වූ තරගාවලි ඔවුන්ම ලක ලැස්ති කර ගන්නට ඇත( එහි පසුබිම පිලිබඳ පැහැදිලි අවුබෝධයක් නැත). සුද්දන් රට හැර ගිය පසු ඉතිරි වූ ඔවුන්ගේ සමීපතමයන්ගේද, නගරයේ රාජකාරි කල අනෙක් අයගේද දින චරියාව සුද්දන්ට දෙවෙනි නොවීය. පසුකාලීනව මේ රැල්ලට සිදු වන්නට විය. කොහොමත් කොළඹ තිබෙන සියලු ආයතන, කඩ සාප්පු, සේවා සපයන ස්ථාන වල සේවකයන් පිට පළාත් වල ජනතාවය. මේ අය අවුරුදු නිවාඩුවට ගමේ ගියවිට කොළඹට ඇඳිරි නීතිය මෙන් වෙයි. මුළු නගරයම පාළු ස්වභාවයක් උසුලයි. කොළඹ වෙසෙන්නන්ගෙන් 40% දකුණේ අය බව මා කොහේ හෝ කියවා ඇත. දකුණේ අය අවුරුදු සමරන්නේ තම උපන් ගම්පියසේදීය. ඉතින් එනිසා ඒ මත යැපෙන කොළඹ පොෂ් හෝ නොපොෂ් අයට වෙනත් පලාතක් බලා යාමට සිදු වීම අරුමයක් නොවේ. අවුරුද්දට නුවර එළියේ යන්නේ එහි ඇති කෙන්ගෙඩියක් නිසා නොවන බව දැන් ඔබට පැහැදිලිය. 

තමන්ට හවුහරණක් නැති මොහොතක සිදු වූ ඇබැද්දියක්, තමන් විඳි කුමාර සැපක් සේ පාරම් බාන මිනිසුන්ට අප අනුකම්පා කල යුතුය. 

__________________________________________
අද ලෝක මිහිකත දිනයයි. අද දිනයේදී වැඩිවන උෂ්ණත්වය ගැන කථා වනු ඇත. ඒ අතින් ගත් විට මෙය කාලීන මාතෘකාවකි. 
මෙය කියවන ඔබද අවුරුද්දට නුවර එලියට යන්න ඇත. සමහරවිට දරුවන් සමග අවුරුදු නිවාඩුව ගත කරන්නට විය හැක. නමුත් මගේ විවේචනය එවැනි අය ගැන නොව රැල්ලට සහ පොයියට එහි යන්නන් ගැනය. 

56 comments:

  1. සංක්‍රඹණය නොවිච්ච පොෂ් අයත් ඉන්නවා බං ඕසෙට... මාස ගණන් කතා කරලත් අර ජගත් පරිසර සමුුලුවෙන් වැඩක් වෙලා නැති හැඩයි බං..

    හැක්.. දකුනේ උන් 40% ක් ඉන්න නිසා නෙව බං කොළඹට කෙලවිල තියේනේ.. පාපතරයෝ සැට් එක ගියාම අවුරුදු දවස් වල කොළඹ ලස්සන බලහං.. නැද්ද මං අහන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ දකුණෙ පොරක්.

      Delete
    2. @දේශක : තාම මම උඹව දැකලා නැති නිසා කියන්න අමාරුයි, පොෂ්ද, නැද්ද කියලා :)
      ඔය කොයි පළාතෙත් කොයි-කොයි ජාතියේ අය ඉන්නවා බං. ඕක පළාතේ අවුලක් නෙවෙයි.
      කොළඹ උන් කැමති වුනත් නැතත් මේ 40% මත ඔවුන්ගේ එදිනෙදා ජීවතය රැඳිලා තියෙන්නේ.

      @ප්‍රසන්න : නැතුව - නැතුව.

      Delete
  2. නුවරඑළි කතන්දරේ කියපුගමන් ඔලුවට එන්නෙ මගේ යාළුවෙකුයි උගේ කෙල්ලයි නුවරඑළි ගිහිං බාබකිවු උදුන කාමරෙන් තියාගෙන කාබන් මොනොක්සයිඩ් විෂ වීම නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙච්ච අමිහිරි මතකය. ඇට කඩෙන හීතලේ ගැහි ගැහි දෙකයි පනහේ ගුබ්බෑයමක රාත්‍රිය ගෙවන්න වෙච්ච සීන් වගේම සුවපහසු නවාතැනක රැය පහන්කරපු අත්දැකීමුත් තියනවා. ඔය කොයි එක තිබ්බත් නුවරඑලිය මට නං අරහං. හේතුව කිසිම විවිධත්වයක් නොතිබීම. හැමදාම යන නුවර එළියම තමා කවද ගියත් තියෙන්නෙ. ගිනි ගණන් නවාතැන්, පැඩල් බෝට්ටු , අස්ස කුලප්පු වලට ගෙවල නට්ටන් වෙලා නුවර එලි ආපු කමට එළවලු පලතුරු ටිකක් ගන්න මාකට් ගියාම ගිනි ගානට නටු එළවලු ටිකකුත් අරන් කටේ තියන්න බැරි ඇඹුල් ඉස්ට්‍රෝබෙරි ටිකකුත් අරං අම්මව රවට්ටන්න ජීවිතේට මෙහෙ පැළ නොවෙන මල් පැළ ටිකකුත් අරන් (අමතක උනා , සුද්දො ඇඳලා අයින් කරපු ,හෝදල වේලලා ගත්ත සීත කබා දෙකතුනකුත් ගිනි ගානට අරං ) වරෙන් පුතේ ගෙදර. ඇවිත් දාපං පුතේ "පීලින් ඕසන් විත් අහවලා ඇට් එන්'එළිය " කියල ලෝකෙට පේන්න පොටෝ ටිකකුත්. ගමන පුල් සාර්ථකයි. ලෙඩා මළත් බඩ සුද්දයි.

    ReplyDelete
    Replies
    1. //හැමදාම යන නුවර එළියම තමා කවද ගියත් තියෙන්නෙ. //
      ඔහොම හිතෙන්නෙ නුවරඑළිය නගරෙට වෙලා හිටියම. මම 1977 දැක්ක ටවුම තාමත් ලොකු වෙනසක් දකින්නෙ නෑ, රටේ අනිත් නගර එක්ක සාපේක්ශව බලද්දි.
      මට තාමත් කවර් කරගන්න බැරිවෙච්චි තැන් තියනව . සජ්ජ කියන FB ස්ටේටස් එකක් දාන්න තරම් සතුටක් එන්නෙ නුවරඑළියෙදි විතරයි. හෝටල් ගාස්තු ටිකක් වැඩි එක සාදාරනයි කියල හිතෙන්නෙ උන්ගෙ ලයිට් බිල අනිත් පැතිවලට වඩා දහ ගුනයකින් විතර වැඩි හින්ද. හීටර් වලට යන මේ බිල අනිවා අපිට ගෙවන්ඩ වෙනව.
      සදතැන්න කියල රක්ෂිතයක් තියනව ආයෙ ගියොත් නොවැරදී යන්ඩ.

      Delete
    2. ඒ බ්ලොග් එක මට හොද ඔත්තුවක් මනෝජ්. ස්තූතියි.
      කන්දෙඇල රක්ෂිතයෙ මම රෑ ඉදල තියනව. පලවෙනි පින්තූරෙ තියන කොටේජ් එක හරිම අපිරිසිදුයි. (ලගදිනම් කොහොමද දන්නෙ නෑ )

      Delete
    3. අර මැරිච්චි ජෝඩුව උඹේ යාලුවෝද? ඒ කාලේ සෑහෙන්න දුක් වෙච්චි සීන් එකක් ඔය..
      ///පීලින් ඕසන් විත් අහවලා ඇට් එන්'එළිය/// :p

      Delete
    4. @ කම්මල කන්දෙ ඇල වන සංරක්ෂණ පාර්ක් එකට දෙපාරක් විතර ගිහිල්ල තියනව.
      සඳතැන්න ගිහිල්ල නෑ. කොහොමද යන්නෙ?

      Delete
    5. වැලිමඩ පාරෙ යද්දි හරියටම ග්‍රෙගරි වැව ඉවරවෙන තැනින් වමට තියන පාරෙ දිගටම යන්න පොඩ්ඩ දුරක් තියෙන්නෙ.
      ලගදි තමයි open කලේ. එතන තියන වාහන විතරයි ඇතුලට ගන්නෙ. මම ඔතනට ගියේ සදතැන්න පන්සලට ගියවෙලාවක වැඩිය දුරට යන්න බැරිඋනා අන්වසරයෙන් කැලේට ගිය හින්ද. දැන් අතුලටම යන්න දෙනව කියල කිවුව.

      Delete
    6. Pra, see this

      http://trips.lakdasun.org/sandatenna-the-worlds-end-of-seetha-eliya-and-conquering-piduruthalagala.htm

      Delete
    7. @සජ්ජා : මුළු රටම කම්පිත කරපු ඛේදවාචකයක් ඒක. නුවර එළියේ මිල අධික කම ඇති වෙලා තියෙන්නේ, ජනතාව එහි ඇදෙන ප්‍රවනතාව වැඩි නිසා.
      @ කම්මල : මෙන්න මේ තැන් ටිකට තමා යන්න ඕනේ. පසුගිය වතාවෙත් පිදුරුතලාගල මග අරුණා.
      @මනෝජ් : ඔත්තුවට ස්තුතියි. මමත් කැමති මේ වගේ ස්ථාන වලට.
      @ප්‍රා : අපි වෙලාවක සෙට් වෙලා යමු.

      Delete
    8. කමී, ඊයෙත් ඒ ගැන මුද්ද ඇහුව. හොල්මං සීන් අනං මනං ගැනත් . සම්පූර්ණ වාර්තාවක් පෝස්ටුවක් විදියට දාන්නන හිතන් ඉන්නවා...

      Delete
  3. මමනං කැමති ඔය වගේ සෙනග වැඩි කාලෙට ඕවයෙ යනවට වැඩිය නිදහසේ ගතකරන්න පුලුවන් අවස්ථාවක් ඇති වෙලාවට යන්න තමයි.

    ReplyDelete
    Replies
    1. ටවුමේ කරක් ගහනවට වඩා, ඒ වටේට තියෙන ඔය උඩින් කියලා තියෙන තැන් වලට යන එක හොඳයි.

      Delete
  4. ඔව්වා ගොඩක් මාධ්‍යවලින් කරන්නේ,නුවරඑළි වසන්තය,සැළලිහිණි වසන්තය වගේ නම් දාලා ලස්සන පින්තුර ටිකක් පෙන්නුව ගමන් අපේ ඈයෝ වැල නොකැඩි තමයි එන්නේ.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා මල්ලි. මේ රටේ වැඩියෙන්ම ඉන්නේ දුවන්නන් වාලේ දුවන එවුන්.

      Delete
  5. Subash Oyage school eka mokakda ?

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකට අදාළ නෑනේ. fb එකෙන් චැට් එකක් දාන්න මම උත්තර දෙන්නම්.

      Delete
  6. අවුරුද්දට නම් නුවර එලිය 4 මායිමේ පස් පාගන්නේ නෑ මම නම්.. නුවර එලියට යන්න තියන කෝච්චි පාර ඉස්සරහ ජීවත් වෙන කෙනෙක් හැටියට, මම දකින දෙයක් තමයි අවුරුදු කාලෙට නානුඔයට සෙනග කට කපලා කෝච්චි වල. නානුඔයෙන් එහාට කෝච්චිය හිස්. කට්ටිය නුවර එළියේ ගිහින්. සුද්දා නුවර එලියට ප්‍රිය කරපු ඒකෙ පුදුමෙකුත් නෑ එක අතකට. උන්ගේ රටවල් වල කාලගුණ තත්වයට සමීප තත්වනේ එහෙ තියන්නේ..
    අර පොෂ් කතාව නම් සහතික ඇත්ත අෆ්ෆා.. සමහර ඒ වගේ උන්ට අපි අතින් කෑම කන ඒකත් හිනාවට, ලැජ්ජාවට කාරණයක්.. කවදා හැදෙයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඉස්සර තිබ්බ රැල්ල දෙගුණ වුණා, මුණුපොත ආවට පස්සේ. ඇයි ඉතිං පම්පෝරිය ලෝකෙටම පෙන්වන්න පුළුවන්නේ.

      Delete
  7. මොන වෙඩිමක්ද මන්ද මට මාස දෙක තුනකට සැරයක් නුවරඑළියෙ ගියේ නැත්තම් උන ගැනෙනව වගේ.( අපිට පිනට දෙන විශ්‍රාමශාලා තියෙන්නෙ නුවරඑළියෙ විතරයි). අප්‍රේල් මාසෙ ගියොත් නම් වියදම පස් ගුනේකින් විතර ඉහලයි වගේම ට්‍රැෆික් එකයි වාහන දුමයි මිනිස්සු පිරිල කිසිම නිදහසක් නැති නුවරඑළියෙ නියම සැප විදින්න බැරි මාසයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව. මිනිස්සු පිරුණම කිසිම නගරයක් ලස්සන වෙන්නේ නෑ. පහුගිය් අවුරුද්දට දෙපාරක් නුවරඑලිය පැත්තේ යන්න වුණා. හැබැයි අප්‍රේල් නෙවෙයි. ටවුමේ ගන්න දෙයක් නැති වුණත්, ආශ්‍රිත ගම් වල ලස්සන තැන් තියෙනවා.

      Delete
  8. සම්මතයට පිටින් ලියන ලිපි නිසා මම හැමදාමත් උඔගේ ලියමන් කියවන්ඩ මනාපයි අයියන්ඩි.
    ඇයි අපේ අය නුවර එලි ගිහින් හිටර් දාගෙන හෝට් වෝටර් නාලා ඡ්ර්සි ඇදගෙන ඉදලා එන්නෙ ඔකට නුවර එලි යන්න ඔිනැය මේහේ හිටියත් හරි..
    පොසොන් එකට අනුරාධපුරේ යැමත් මේ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ක්ලච් බැලන්ස් කරනවා වගේ වැඩක්. අනුරාධපුරෙත් ගන්න දෙයක් නැති වෙනවා පොසොන් එකට නේද ?

      Delete
  9. ඇත්තෙන්ම සෙනග අඩුකාලෙට නුවර එලියෙ ඉන්න එක සෑහෙන්න සතුටු දනවන relaxing දෙයක්. ඒත් වැඩ සඳහා අවුරුද්දට 8-9 පාරක් යන නිසා එපාවෙනවා,විශේෂයින්ම ගමන නිසා

    සීසන් එකටනම් මං මොකකටවත් මොකා කතාකලත් යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට දරා ගන්න පුළුවන් උෂ්ණත්වය මට දැනුණේ රදැල්ල ග්‍රවුන්ඩ් එක හරියේ.

      Delete
  10. ෙබාරු කියන්ෙන ෙමානවටද මං නං හුගක් කැමති අනුරාදපුරයට ෙපාෙලාන්නරුවට යන්න...

    ReplyDelete
  11. ඕව ඉතින් කාලෙන් කාලට හැමෝම පුරුද්දට වගේ කරන දේවල් නේ අයියේ..

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ නැද්ද ඔය වගේ පළාත් ?

      Delete
  12. පැරාගේ කතාව මමත් පිලිගන්නව,සෙනග අඩු කාලෙට නුවර එලියෙ යන එක රිලැක්ස්,සුභාශ්ගෙ ලොල් කතාවල එන "රන්ජිබා" කකුල් කඩාගත්තෙත් රේස් කාර් එකක හැපිලා නුවර එලියෙදි.පොශ් කතාව බොහෝ දුරට ඇත්තක්,මෙහෙදිත් පොශ් වෙන්න දගලන්නෙ.විශේසයෙන් විදෙස් රටවලින්(වැඩිපුර නැ.යුරොපයෙන්) එන කාන්තාවන් (රන්ජන්)

    ReplyDelete
    Replies
    1. රන්ජිබා ජීවතුන් අතර ඉන්න එක තමයි මට තවම පුදුමේ රේස් කාර් එකක හැපිලත්.

      Delete
  13. තව හේතුවක් තියෙනවා මම හිතන්නේ. නුවරඑළිය වගේ සීතල පළාත් වල හොඳින් මල් පිපෙන්නේ මාර්තු අප්‍රේල් වගේ නේද. නුවරඑලියට සමාන දේශගුණයන් ඇති ප්‍රදේශ කීපයක් වියට්නාමයේත් තියෙනවා. DA LAT කියන්නේ තනිකරම නුවර එලිය වගේමයි. ඒ වගේම වැවක් පවා තියෙනවා. ඉස්සර ප්‍රංශ කාරයා එහෙ ඉන්න කාලේ අපේ සුද්දෝ වගේම සයිගොන් රස්නේ නිසා මේ පැත්ත එයාලගේ තාලෙට හදාගෙන.
    එහෙත් මාර්තු අප්‍රේල් වලට තමයි මල් වැඩි. සෙනග වැඩිය යන්නෙත් ඒ කාලෙට.
    තව උඩහට වෙන්න තියෙන SAPA ත් එහෙමයි.


    නුවරඑළියේ හිටපු යාලුවෙක් කිව්වේ ජුනි අගෝස්තු හෙම එච්චර හරි නැහැ. සුළං වැඩියි කියලා.

    දැන් ඕක මෝස්තරයක් වුනාට ඇත්තටම නුවරඑළි යන්නේ මල් බලන්න වෙන්න ඇති. පුද්ගලිකව මමත් ආස නැහැ ගොඩක් සෙනග යන කාලවලට කොහෙවත් යන්න. කොහොමත් සීසන් එකට නුවරඑළි යන්න ලැබිලත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මල් බලන්න යනවා කියලා හිතන්න අමාරුයි. එහෙම වුණා නම් හක්ගල හරිය වැඩියෙන් මාකට් වෙන්න එපැයි. මෙතන තියෙන්නේ රැල්ල.

      Delete
  14. නුවරඑළියේ සෑහෙන කාලයක් සේවය කර තිබෙන නිසා මේ ගැන අත්දැකීම් සෑහෙන්න තියනවා. බොහෝ දෙනෙක් අප්‍රේල් මාසයේදී නුවරඑළියට එන්නේ තමන් නවීන සමාජයේ සාමාජිකයන් බව පෙන්වීමටයි.

    බොහෝවිට එන්නේ අසාධාරණයෙන් මුදල් උපයාගත් උදවියයි. එමෙන්ම කොළඹින් එන ගණිකාවන් මේ කාලයේදී නුවරඑළියේ සුලබයි. මේ වසන්ත උත්සවය සුද්දන්ගේ කාලයේ ආරම්භ කල එකක්. ඒ ගැන සාක්ෂි නුවරඑළිය යුද හමුදා කඳවුරේ, නුවරඑළිය නගර සභාවේ සහ නුවරඑළිය වැවිලි කරුවන්ගේ සමාජයේ Hill Club තියනවා.

    මේ කාලයේදී ජනාධිපති අගමැති වැනි ප්‍රභූ වරුන් නුවරඑලියට එන නිසා, හමුදාවට සහ පොලීසියට රාජකාරි බහුල වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්ම කොළඹින් එන ගණිකාවන් මේ කාලයේදී නුවරඑළියේ සුලබයි//

      අන්න බලන්න විචා තමන්ගෙ අත්දැකීම් ලියපු ලස්සන.

      Delete
    2. සිහිනෙන් ගෑ විලවුන් සේ මතකයි.

      Delete
    3. මා දන්නා හමුදා නිලධාරියෙක් කිව්වා කතාවක් මතක් වෙනවා. ඔහුගේ ප්‍රධානියා ඔවුන්ට නිතරම කියන දෙයක්ලු

      "හමුදා සෙබලෙක් වුණාම එක් වරක් සිපිලිස් හා දෙවරක් ගොනෝරියා හැදිලා තියෙන්න ඕනේ" කියලා.

      Delete
  15. නුවරඑළියේ යනවට වඩා හොඳයි සෙනඟ අඩු පැත්තකට ගිහිං ඉඳලා එන එක

    ReplyDelete
    Replies
    1. අපි එහෙම කැමති වුණාට, සමහරු ආස සෙනග වැඩි තැන් වලට. හරියට කාක්කෝ වගේ.

      Delete
  16. කොහොමටත් කට්ටිය යන්නේ නිතර සෙනඟ ගැවසෙන තැන්වලට ඒ වගේම ඒ කාලවලට නේද? බලන්ටකෝ අවුරුදු , නත්තල් කාලවලට ඊට කලින්දා මිනිස්සු සාප්පු යන හැටි. නුවර එළියේ යන ඒකත් ඒ වගේ ඇති.

    පොඩි කාලේ නුවර එළිය ලස්සනයි වගේ පෙනුනට මෑතදී ගියාම වැඩි ලස්සණක්වත්, බලන්ට දෙයක්වත් තිබුණු බවක් පෙනුනේ නෑ. හැබැයි ගමන නම් අපූරුයි.

    හ්ම්ම්...හ්ම්ම්ම්....පොෂ් කට්ටිය යනබව මූණු පොතෙනුත් දැක්කා...:D :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෙනග ගැවසෙන තැන් වලට කැමති කොට්ඨාශයක් ඉන්නවා. සමහරු නිදහසට කැමතියි.
      මමත් යනවා හැබැයි අප්‍රේල් නෙවෙයි.

      Delete
  17. සීතලේ ගැහී ගැහී හොටු හූර හූර ඉන්ඩ මොන එහෙකට යනවද මන්දා....පොශ් වුනත් ගෙදරට වෙලා අාතල් එකේ ඉන්ඩ පින නැතිව ඇති...

    ReplyDelete
    Replies
    1. රූපයා කොහොමත් අයිනට වෙලා ඉන්න කැමති එකා කියලා අවුරුදු උත්සවේ දවසේ දැන ගත්තා.

      Delete
  18. ඇත්තටම මේ වගේ කාරණ ගැන නිවිහැනහිල්ලෙ කල්පනා කලොත් අන්තිමට හිතෙන්නෙ හෙනම මාන්දමිකයි කියල තිමයි නේහ්
    නැද්ද හා

    ReplyDelete
    Replies
    1. මාන්දමිකයි නියම වචනේ ශැගී

      Delete
  19. අපිනම් ඉතින් කොහොමත් පොෂ් කොල්ලොනේ.. හිතුනද ගියා.. කි.මී. 57යි. පැය එක හමාරයි. උදේ ගියා දවල්ට කාල හවස ගෙදර ඇවිත් බුදිය ගත්තා.. එනින් ගමන වැලිමඩ මාමාව හරි බණ්ඩාරවෙල නැන්දව හරි බලාගෙන යුතු කමකුත් කරගෙන වත්තෙං ගලවපු හොඳ අලුත් එළවළු ටිකකුත් දගෙන ආවා.. හැබෑට කොළඹ ඉඳලා නුවර එළි යනවා කියන්නේ පට්ට වහක් නේද?

    ReplyDelete
    Replies
    1. දැන් නුවරඑලියට එන හැම පාරක්ම කාපට් කරලා නිසා පහසුයි.

      Delete
    2. @කමි : කොහේ ඉඳන්ද 57 ?

      @විචා : සමහර පාරවල් තාම හදනවා නේද ?

      Delete
    3. ඌවේ අගනගරේ ඉඳන් මෙයා.. අපිත් කැපිටල් සිටි කොල්ලෝ තමයි

      Delete
  20. නුවර එළයට ආසන්නව පෙනෙන කඳු සීමාවේ කිරිගරුඩින් සදාපු නරියෙකුගේ රූපයක් තියෙනවා නේද. එම ස්ථානයේ සූම අවුරුද්ධකම සිංහල හින්දු අවුරුද්ධට පසුව උදාවන සෙනසුරාදා මෝටර් බයිසිකල් රේස් පදින වා නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් කියන්නේ ඒවටනේ. :)

      Delete
    2. මෙයා දියතලාවේ කෙනෙක් වගේ.. හැක්.

      Delete
    3. ෆොක්ස් හිල් තියෙන්නෙ දියතලාවෙ. විචාරක දෙයි හොද විස්තරයක්

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...