Friday, April 17, 2015

වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ?...... Is Your Health at Risk From Wi-Fi ? ......

Wi-Fi signal in wall tiles Blue and Dark Blue

අප ජීවත් වන්නේ රැහැන් රහිත තාක්‍ෂණයකින් දිවෙන යුගයකයි. අපගේ එදිනෙදා ජීවිතයේදී ජංගම දුරකථනය සහ වයි-ෆයි තාක්‍ෂණය  යොදා ගැනීම අතිශය සාමාන්‍ය දසුනක්. කොහොමනමුත්, අප වැඩි අවධානයක් යොමු නොකරන මේ රැහැන් රහිත තාක්ෂණයේ භයානකත්වයක් තිබෙන බව පෙනී යනවා.

සෞඛ්‍යමය කාරණා

දින 365හේ පැය 24 හිම, සෙල්ෆෝනය සහ වයි-ෆයි භාවිතයේ පැවතීම සමහර පුද්ගලයන්ට සෞඛ්‍ය ගැටළු සහ ප්‍රශ්න ඇති වීමට හේතු වූ බව චෝදනා කරනවා. කවුරුවත් තමන්ගේ සෙල්ෆෝනය හෝ වයි-ෆයි සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර දමන්නේ නැහැ. එනිසා අප අතිවිශාල විද්‍යුත් චුම්බක තරංග රළකට උවමනාවටත් වඩා නිරාවරණය වී සිටිනවා. 

 හිස කැක්කුම, නිදිමත නැති වීම, සිත එකඟ කර ගැනීමට නොහැකි වීම, විඩාපත් බව, කැරකිල්ල සහ අක්‍රමවත් හෘදස්පන්දයනයත් ඇතුළුව, විද්‍යුත්-චුම්බක සඳහා සංවේදී භාවය පුළුල් පරාසයක රෝග ලක්ෂණ ප්‍රමාණයකට සම්බන්ධ වනවා. මේ පිලිබඳ සිදු කෙරෙන පර්යේෂණ, තවමත් මේ රෝග ලක්ෂණයන් සඳහා විද්‍යුත්-චුම්බක තරංග හේතු වන බවටම ඔප්පු කිරීමට ඉතිරිව ඇති මුත්, ඒ සඳහා පෙර පරිස්සම් වීමේ උපාය මාර්ග ගැනීම තවමත් ඉතා වැදගත් වනවා. එය කල හැක්කේ ජංගම දුරකථන, විදුලි උපකරණ සහ රවුටර් වැනි උපකරණ සැලකියයුතු දුරකින් තැබීමෙන්. එමගින් විද්‍යුත්-චුම්බක කිරණ වලට නිරාවරණ අඩු කර ගත හැකිය.

පෙර පරිස්සම් වීමේ උපාය මාර්ග 

ජංගම දුරකථන භාවිතා කරනවිට කණේ පළඳින ස්පීකර් භාවිතාව සහ ඔබේ සිරුරට හැකිතාක් දුරකින් එය තබාගෙන සංවාදයේ යෙදීම, ඔබ නිතර ගැවසීමට හොඳටම ඉඩකඩ ඇති  ස්ථාන ආසන්නයේ රවුටර් නොතැබීම සහ විදුලි උපකරණ ඔබේ සයනයෙන් අඩුම තරමේ අඩියක් වත් ඈතින් තැබීම මෙම උපාය මාර්ග වලට ඇතුලත්. 

කරුණු

මෙම කරුණට අදාළ සෞඛ්‍ය ගැටළු කිහිපයක් ඇති බව මෑතකදී සිදුකෙරුණු ඩෙන්මාර්ක අධ්‍යනයක් පෙන්වා දෙනු ලබනවා. ඩෙන්මාර්ක සිසුන් සීඝ්‍රයෙන් වැඩෙන සලාද වර්ගයක බීජ 400ක් කොටස් දෙකකට වෙන් කර කාමර දෙකක තබනු ලැබුවා. මෙම කාණ්ඩ දෙකටම සමාන ප්‍රමාණයක සත්කාරයන් කරනු ලැබුවා. නමුත් එක් කාමරයක් අසල වයි-ෆයි රවුටර තැබුවා. දින 12කට පසුව, රවුටර ආසන්නයේ ඇති කාමරයේ ඇති බීජ  වලින් අංකුර ඇදී වැඩුනේ නෑ. නමුත් අනෙක් බීජ කොටස සාමාන්‍ය ආකාරයට වැඩුනා.

විද්‍යාඥයින් සහ පර්යේෂකයින් සැලසුම් කර තිබෙනවා  විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර, සාමාන්‍ය ජංගම උපකරණ ක්‍රියාවලියක් මගින් ලබා දෙමින්, මෙම අධ්‍යනය නැවතත් සිදු කරන්න. 

මේ අතර වාරයේ, ඹබ වටා ඇති තාක්ෂණික උපකරණ වල ඇති භයානකත්වය පිලිබඳ දැනුවත් වීමට කාලය එළැඹ ඇත. ඒ සඳහා ඉදිරිපත වී මෙම දැවැන්ත ශක්ති ප්‍රභවයන්  පිලිබඳ කථිකාවක් ඇති කර ගන්න. භාවිතා නොකර අවස්ථා වල රවුටර් ක්‍රියා විරහිත  කරන්න. එම ක්‍රියාවන් දිගුකාලීනව සිදු කිරීමේ ප්‍රශංසාව ඔබටම හිමි වනු ඇත.  

තොරතුරු සහ පින්තූර මුලාශ්‍ර www.wellnessbin.com වෙතින්.

_______________________________
දැන් ඔබට මෙහි ඇති ඕනෑම කොටසක් හයිලයිට් කොට ට්විටර් සහ ෆේස්බුක් වෙබ් අඩවි වල බෙදා හරිය හැක. 

35 comments:

  1. කමෙන්ට් එක දාන්න කලින් රවුටර් අනම් මනම් සෙට් එක පිටින්ම තල්ලු කළා ටිකක් ඈතට.. බ්ලොග් එකේ කොපි කරන්න තහනම් කරලනේ අයියෝ,,, අර ඔයා කියපු ලෙඩ ටික මට තියෙනවා, ඇත්තටම හේතුව වෙන්න අත්තේ මේක තමයි,, පැය 24 ම ෆෝන් එකයි ලැප් එකයි දෙකම වයි ෆයි එක්ක,, බෙඩ් එකේ හෝ,, ළගම,, රෑට නින්ද යන්නේ නැති නිසා පැය 8 ක් ප්ලේ වෙන රිලැක්සීන් මියුසික් දාගෙන නිදාගන්නේ ඒත් නැගිට්ටම මහන්සි.. ස්තුතීයි.. වෙන ප්ලග් පොයින්ට් එකක් හම්බුණා රූම් එකේ කෙලවරින්.. රවුටර් එක ඒකට ගහන්න ඕනේ.. ස්තුති සුදිකයියේ

    නිකන් දෙන අශ්වයාගේ දත් බලන්නම ඕනේ ,, නැත්නම් දත් නැතුව කන්න බැරි සතා දවස් දෙක තුනකින් අනිවා මැරෙනවා,,, ඊට පස්සේ සතා වලලන්න වලක් කපන්න වෙන්නේ ඔයාටමයි..

    ReplyDelete
    Replies
    1. කෝපි කරන්න තහනමක් නෑ. ඕනෑම කොටසක් හයිලයිට් කරලා කෙලින්ම සමාජ ජාලා වල බෙදා ගන්න පුළුවන්. මටත් දැන් ඩොන්ගල් එක කාමරෙන් එලියට දාන්න හිතෙනවා.

      Delete
    2. දැන් හරි ඉස්සෙල්ලා එහෙම වුණා,,, හි හි අපි කොච්චර වුණත් අපිට අපේ ඇගට ආදරෙයි නේද අයියේ

      Delete
    3. නැත්තං - නැත්තං

      Delete
  2. කොහොමටත් විද්‍යුත් ක්ෂේත්‍ර වලට වැඩි පුර නිරාවරණය වීම මගින් මොලය වටා පිහිටන විද්‍යුත් ක්ෂේත්‍රයට බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. කාමර වල වැඩිපුර කාන්දම් තියාගන්න එපා කියන්නේ අන්න එකයි.
    නිදියනකොට ජංගම දුරකථන කොට්ටය යට තබාගැනීමත් අහිතකරයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට කම්මැලි කම තමයි හේතුව. මොකද නාද වුනොත් හරි, එලාම් වැදුනොත් හරි බහින්න කම්මැලි නිසා.

      Delete
  3. ගොඩක් වෙලාවට ෆෝන් එක සාක්කුවේ දාගෙන යන්න එපා.. ලැප් ටොප් එක ලැප් එකේ තියාගන්න එපා වගේ දේවල් කියනවා හැබැයි වැඩිහිටියො.ඒත් මේ දේවල් වලින් සෞඛ්‍යයට කෙරෙන බලපෑම ගැන වෙන සමීක්ශන නම් අඩුයි ද ඒව ප්‍රසිද්ධ වෙනවා අඩුයිද මන්ද.
    වැදගත් මාතෘකාවක් සුදීක අයියා මතු කළේ.. කොමෙන්ට් වලින් ක්ශේත්‍රයේ දැණුමැතියන්ගේ හොඳ සංවාදයක් යයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙනවා ජංගම දුරකථනය තියා ගන්න හොඳම තැන පිටිපස්සේ කියලා. දැන් බලනකොට වෙනම බෑග් එකක දාලා ඇදගෙන යන එක තමයි හොඳ. අපි බලමු දැනුමැත්තෝ සංවාදයට එකතු වෙයිද කියලා. තවමත් වැඩිය සොයා නොගත් කෙළවරක් තමයි, ජංගම දුරකථන සෞක්‍යයට කොයි තරම් හනිකාරද කියන එක.

      Delete
    2. ෆෝන් එක දාන්න හොදම තැන තමයි පිටිපස්සේ සාක්කුව. හැබැයි අපේ රටේ එහෙම දාගෙන ගියොත් ගමනක් ගිහිං එද්දී ෆෝන් එක නෑ!

      Delete
  4. කපිකේකිApril 17, 2015 8:59 PM

    .wadagath karunu godak tiyenawa api nodanna.
    wi fi kiyana eke teruma mokadda?
    gov eken dena wifi api kohomada connect wenne .pahadili karala denna tnks.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් wi-fi කියන්නේ wireless - fidelity කියන එකට. කෙම hi-fi(High fidelity), schi-fi (scientific fidelity) අනුව යමින් නිර්මාණය වෙච්චි වචනයක්.

      Delete
    2. ආණ්ඩුවෙන් දෙන වයි-ෆයි භාවිතා කරන්න ඒවා සවිකර ඇති ස්ථානයක් අවටට එන්න ඕනේ.

      කලින් කමෙන්ට් එකේ sci-fi වෙන්න ඕනේ.

      Delete
    3. මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ අනිත් උන්ව නිවැරදි කරන්න යෑම අවම කරගන්න ඕනෙ කියලා , නමුත් මට මෙතනදි කට පියාගෙන ඉන්න බැරිම උනා. සුදීක මල්ලි, Sci-fi කියන්නේ නම් මම දන්න තරමින් Science Fiction වල කෙටි යෙදුමක්.

      Delete
    4. කිසිම අවුලක් නෑ මචං. මමත් පස්සේ හොයලා බැලුවා. මෙතරම් කාලයක් වැරදි තේරුමක් අරං හිටි දෙයක් නිවැරදි කරාට ස්තුතියි.

      Delete
    5. You're welcome, Sudheeka. :)

      Delete
  5. මිනිස්සුන්ට මේවා නිසා වැලදෙන රෝග හරියටම හොයා ගන්න කාලයක් යාවි. මිනිසාට විතරද ඇයි නිරපරාදේ ඕවාට නිරාවරනය වෙන සත්තු. සමහර විට කිසි හානියක් වෙන්නෙ නැතිවත් ඇති.....මටත් සමහර රෝග ලක්සන තියේ.හිසකැක්කුම. මනසේ එකාග්‍රතාව නැතිවීම නින්ද නොයාම.මේවා නිතරම නිල් පැහැති ස්ක්‍රින් දිහා බලා ඉන්න අයටත් ඇති වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. විද්‍යුත් තරංග භාවිතා කරන සතුන්ට අනිවාර්යයෙන් බලපෑමක් ඇති. මම දැන් ප්‍රතිපත්තියක් විදියට වැදගත් දෙයක් කරනකොට ජංගමයට උත්තර දෙන්න යන්නේ නෑ. අනේ දන්නේ නෑ. ඒ ගැනත් හොයා බලන්නම්.

      Delete
  6. අම්මා ගහයි.....මට එහෙනම් ටොපිය සෙට් වෙනවා... රවුටරේ මේසේ උඩමයි...ඒ ඉතින් මගේ ලේසියට...

    ReplyDelete
    Replies
    1. Better Late Than Never කියලා කියමනක් තියෙනවානේ. ඒ නිසා දැන්ම මේවා ඈත් කර ගන්න.

      Delete
  7. රෑට නිදාගන්නකොට ෆොන් එකේ රිලක්සින් මියුසික් දාගන්න එක මටත් පුරුද්දට ගිහින් තියෙන්නේ ෆෝන් එක අද උඩම තමයි

    ReplyDelete
    Replies
    1. ඇඳ උදට් නොගෙන මියුසික් දාගන විදියක් කල්පනා කරන්න.

      Delete
  8. ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනා නැත.. ඒක නේ මම ඇස් පයි එකක් පාවිච්චි කොරන්නේ..

    ReplyDelete
  9. වටිනා අදහස් ටිකක් සුදීක... අැත්තට ම අපි වුණත් භාවිතා කරන තාක්ෂණික උපකරණයන් හැකිතාක් ශරීරයෙන් අෑත් කොට ත‍ැබීමට වගබලාගත යුතුයි නේද???

    ReplyDelete
  10. ඩිජිටල් මොබයිල් ෆෝන් ආපු මුල් කාලේ මට තිබ්බා ඇල්කටෙල් වන් ටච් ඊසි ෆෝන් එකක්. ඒකෙන් විනාඩි 5ක් විතර කතා කරනකොට කන රත් වෙනවා.. සිග්නල් නම් පට්ට පවර්ෆුල් ඒ කාලෙත්. මං තව දැකල තියෙනව බුකියේ වීඩියෝ එකක් සර්කියුලේට් වෙනවා එක ලඟ තියෙන ෆෝන් එකකින් අනෙකට කෝල් එකක් අරගෙන බිත්තරයක් ඒ දෙක මැද්දේ තිබ්බම ටික වෙලාවකින් බිත්තරෙ බොයිල් වෙනවා.. ඇත්තද මංදා. මං අහල තියෙන විදියට මොබයිල් ඩිවයිස් ආපු කාලේ ඔය ඉශූ එක ගොඩාක් තිබ්බලු. දැන්නම් හුඟක් ප්‍රිකෝශන්ස් අරන් කියලා.. මේ ගැන තව හොයල බලන්න ඕනි.
    අතුරු කතාවක් මතක් උනා.. දවසක් මං ඔය කියපු ඇල්කටෙල් ෆෝන් එකෙන් කෝල් එකක් අරන් ඉන්නකොට මගේ බැචෙක් මට ඇවිත් බනිනවා යකෝ ඕවගෙන් වැඩිය කෝල් ගන්න එපා.. හොඳ නෑ කියලා.. වැඩේ කියන්නේ ඌ ඒ වෙලාවේ හිටියේ කණමදය වගේ බීලා සිගරට් එකක් උර උර.. හැක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. //වැඩේ කියන්නේ ඌ ඒ වෙලාවේ හිටියේ කණමදය වගේ බීලා සිගරට් එකක් උර උර.. හැක්..// :D

      Delete
  11. මටත් තියනවා ෆෝන් එක ඇදේ තියාගන්න පුරුද්දනම්.වහාම අයින් කරන්න ඕන.හොද ලිපියක් සුදීක.

    ReplyDelete
  12. අපිනං තාම වයර්ලස් නැත. හැම දෙයක්ම වයර් වලින් ඈඳා ඇත. මොකක් හරි උනොත් ඉතිං මෝබයිල් එකෙන් තමයි.
    මිනිස් සිරුරේ පණිවිඩ හුවමාරුව සඳහා විද්‍යුතය භාවිතා වෙන නිසා ඔය තරංග වලින් හානියක් නොවෙයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
  13. ෆෝන් එක එහෙම නම් නිදා ගනිද්දී පැත්තකට දාල නිදියන්නේ! ඇඳට ඕවා අරගෙන යන්නේ නෑ. නිදා ගන්න ටිකවත් හරියට නිදා ගන්න එපැයි

    ReplyDelete
  14. නරකයි කියල අහක් කොරන්ඩ යැ බැ ,

    ReplyDelete
    Replies
    1. අටම ට තමයි ප්‍රායෝගික ප්‍රශ්නේ තේරුනේ.

      Delete
  15. මොබයිල් ෆොනේ විකුණගන්න දාන තරම් ad , එව්වා වලින් ශරීරයට වෙන බලපෑම් ගැන දාන්නේ නැති එක තමයි අපි හැමෝගෙම ඒ ගැන දැනුම් මදි වෙන්න ලොකුම් අහේතුව.

    ReplyDelete
  16. වයි නැතත් තව කීයක් නම් කියලා තරංග ජාති අපේ ඇඟ හරහා යනවා ඇතිද.. ගැලවීමක් නෑ..

    ReplyDelete
  17. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16621-2015-04-19-22-20-07

    ReplyDelete
  18. මෙලෝ ප්‍රයෝජනයක් නැතුව වයිෆයි on කරන හිටියේ මෙච්චර දවස්. ඔන්න ඕෆ් කළා... :D

    ReplyDelete
  19. අර ‍ෆ්‍රී වයි-ෆයි දෙන ඒක නැවතුනෙත් ඔය හින්ද වෙන්නෑ මයෙ හිතේ...! වස විසෙන් තොර රටක්....!

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...