Sunday, April 12, 2015

පිරිමින්ට පමණයි කිව්වට වැදගත් වෙන්නේ කාන්තාවන්ට ...... Important for Ladies but Gentlemen only ......

මාතෘකාව බැලුවම මොකක්ද මම මේ කියන්න යන හරුපේ කියලා අපේ කාන්තා වගේම පිරිමි පාර්ශවේ අයටත් හිතෙන්න පුළුවන්. ඇයි දෙයියනේ මේ අවුරුදු කටේ මේ වගේ හරුපයක් කිව්වම මඥ්ඥකොරොස් වෙන්නේ නැද්ද ? මේ දවස් වල ලංකාවට ඉර මුදුන් වෙලා නිසා ඔලුව කුරවල් වෙලා කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. සිංහල අලුත් අවුරුද්ද කිව්වම කොහෝ නාදය, අවුරුදු ක්‍රීඩා, රසකැවිලි වගේම වැදගත් දෙයක් තමයි අලුත් ඇඳුම්. මේ සටහන අලුත් නැතත් පරණ ඇඳුම් පිළිවෙලකට තබා ගන්න වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්. 

ඇඳුම් කිව්වම ඉතින් ඕනෙම කෙනෙකුට මතක් වෙන්නේ ෂර්ට්, කලිසම්, සරම්, ගවුම්, සාරි හැට්ට්ට වුණත්. වැඩට යන, ක්‍රීඩා කරන, පුරුෂ පාර්ශවයට ඉතා වැදගත් ඇඳුම් කොටසක් තමයි මේස් නැත්නම් සිංහලෙන්ම කියනවා නම් සොක්ස් (හරි හරි නෑ කිව්වේ නා යටිතල පහසුකම් .... ඒවත් ඇඳුම් තමයි. හැබැයි මෙතනට අදාළ නැති නිසා ඒ ගැන දොඩවන්න යන්නේ නෑ. ඇරත් ඉතිං ඒවා ගැන කථා කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා නේ. දැන් බ්ලොග් වසන්තයා නිදියගෙන හිටිය අමු වැඩ්ඩෝ ටිකක් අවුස්සගෙන ඉන්න හින්දා මොන මොනවා ලියවෙයිද කියලා කියන්න බෑ. අප්පට සිරි තවම වරහන් ඇතුලේ නේද යන්නේ. කෝ ඉන්න මං වහලා දාන්නනම්). ඕං වැහුවා. 

හරි මම මොනවද මේස මේස් (දෙමළ නයන්නාගේ පෙන්වීම අනුව නිවැරදි කරන ලදේ)වලින් දාන්න යන සෙල්ලම. අන්තිමට බලන්නකෝ. මොනවා වුනත් මම නොමිලේම මගේ මේස් දාලා තියෙන පෙට්ටි දෙක පෙන්වනවා ඔයාලට නොමිලේම. නයා පාරක් කියලා හිතන්න එපා. අන්තිම වෙනකම් බලන්න. මේ තියෙන්නේ බඩු. 

උදේට හරි කරදරේ. අපේ ගෙදර ඉන්න අයිල් මැතිනිය තමයි මේ රාජකාරිය කරන්නේ. වැඩේ තියෙන්නේ උන්දා ගහන ගැට නිසා පෙට්ටි දෙකක් පුරාවට මේවා පුරවලා තියෙන්න වෙලා. එක පෙට්ටියක දැම්මොත් උදේට එකටත් විනාඩියක් විතර අපතේ යනවා. හැබැයි අපි දකින්න යන මේ වැඩෙන් වෙලාවත් ඉඩත් ඉතිරි වෙනවා. මොකටෙයි මම අටුවා ටීකා ලියන්නේ ඔන්න වචන දහසක් වටින ජේ.පී.ජී. පින්තූර නෙවෙයි ඒ වගේ තුන් ගුණයක් ඒ කියන්නේ වචන තුන්දහසක් වටින ජී.අයි.එෆ්. වලින්ම. අන්තිමට තියෙන වීඩියෝව කැමති නම් බලන්න. තාම හැම තැනම ෆ්‍රී වයිෆයි නෑ තමයි. 

මේ තියෙන්නේ සෙල්ලම චීන්නු හැම දේකටම මොනවා හරි කෙටි ක්‍රමයක් හොයා ගන්නවා. මුලින්ම තියෙන තනි රූපෙන් වැඩේ අල්ලා ගත්ත අය කෙලින්ම යටට ගිහිං මගේ සොක්ස් පෙට්ටි වලට මොනවද වුනේ කියලා බලාගෙන ඩේටා ඉතිරි වෙලා තියෙනවා නම් වීඩියෝ එකත් බලන්න. 


පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
මුලිම්ම මේම නමා ගන්න

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/

 ඊට පස්සේ මේම නමා ගන්න(නමා ගන්න කිව්වම අපේ ගල් බලකායේ මහත්තුරුන්ට මතක් වෙනව ඇත්තේ වෙන දෙයක්)

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 ඊට පස්සේ මේම නමන්න. අරිම ලේසියි අනේ. පේනවා නේ නෝනලා නමන්නේ. නෝනලා ....

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 දැන් ඔන්න මුල ඉඳලා නමන ඇටි බලා ගන්න. අපි තාම බැඳලා නෑ කිව්වා. හා එහෙනම් බැන්දට පස්සේ බලන එකයි ඇත්තේ.
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 ඕං පේනවා නේද රිසාල්ස් එක. ඉඩ ඉතුරුයි. වෙලාවත් ඉතුරුයි. හැබැයි ඔය උඩ ඉන්න උන්දෑ දිගටම එකම සොක්ස් එක නැමුවට ඔයාලා ඒම කොරාණ්ඩ යන්ට එපා. තව වැඩ තියෙනවනේ. අනිත් ඒවා නමන්න. කමක් නෑ අවුරුදු ඉන්දා මාත්තයාගේ බෝතලෙනුත් එකාක් නමා ගන්න.

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
තොරණේ විස්තරය ඉවරයිද නෝනාවරුනි මහත්වරුනි. නැත නැත පිංවත කලින් පෙන්වනවා කිව්වා මගේ නයි පෙට්ටිය. ඕං බලාන්ඩලා. 

මොකෝ මේ මැජික් වගේ එක පෙට්ටියක් වාලා. ඇයි අනේ නයි දාසයක්ම එක පෙට්ටියකට දැම්මට පස්සේ මොකටෙයි තව පෙට්ටියක්. ඒකෙ වෙන මොනවා හරි දාන්න බැරියැයි. හා... හා... බිත්තර බැරිනම් ඔම්ලට් හරි මගේ මොකෝ. 

ඔන්න දැන් තමයි වීඩියෝ එක. බලාගන්නකෝ මුල ඉඳන් සරල පැහැදිලිව. 
මේක දැක්ක ගමන් අපේ විචාරක මහත්තයයි, ජූඩ් නෙවෙයි ඩූඩ් කියලා සුදු මහත්තයෙක් ඉන්නවා මතක ඇතිනේ. අන්න එයයිලා පරල වෙනවා ෂුවර්. මොකද ඒ දෙන්නට මේවා පෙන්නන්න බෑ. 

එහෙනම් ලබන්නාවු සිංහල දමිල අවුරුද්දද සියලු දෙනාටම සුබ වෙන්න කියලා හදවතින්ම පතනවා. 

28 comments:

  1. මං ඔය ක්‍රමය ඉගෙන ගත්තේ මුලින්ම වැඩ කරපු සියගෙන්, පොඩි මේස් ඔය විදියටත්, වින්ටර් එකට දාන ලොකු කකුලේ උඩටම දිග මේස ඔයිට සමානම වෙනස් විදියකටත් තමයි මෙයාලා නමන්නේ,,

    ස්තුතී..

    ReplyDelete
    Replies
    1. අපි කැමතියි ඒ ක්‍රමේ බලාගන්න. දාමු පොස්ට් එකක්.

      Delete
  2. හෝදද්දී තමා මේවා අන්තරස්දාන වෙන්නේ! මං ළඟ තියෙනවා සහයකයා අහිමි උණු තනි කකුල් සෙට් එකක්ම! :D

    ReplyDelete
    Replies
    1. මම ලැජ්ජාවට ඉතිරි වෙච්චි තනි කකුල් ටික අර මැජික් පෙට්ටියේම තියලා තිබ්බා. මම හිතුවේ අපේ සේවිකාව(අයිල් මැතිනිය) එක කකුලක් හංගලා කියලා.

      Delete
  3. හෙහ් හෙහ් හෙහ්...........................අනේ අනේ නන්නානේ. ඉස්සරනං ඔහොම හෝදලා නවලා, නියම තැනින් තිබ්බා. (මේස් යකෝ මේස්) දැන්නං මගේ ඇඳුම් අල්මාරියේ වෙනම තට්ටුවක මේස් පිරී තිබේ. දැන් වැඩිය ගමන් යන්නේ නැහැනේ ඔව්වා දාගෙන. හැබෑටම මේක දැක්කමයි මතක්වුනේ මේස් කුට්ටම් 50ක් වත් ඇති අල්මාරියේ. පිනට දෙන්නත් බැහැ. කවුද ගන්නේ?

    කොහොමද ඉස්කෝලේ යනකාලේ මේස් සුවඳ? ඒ වගේම තමයි හමුදා පුහුණුව කාලෙත් මේස් සුවඳ දසත පැතිරෙනවා. තවමත් සමහර අය මේස් තෝරාගැනීම අතින් දුර්වලයි. පාට දිහා විතරයි බලන්නේ. තුනී කපු මේස් තෝරාගන්න ඕනේ අපේ රටේ දේශගුණය අනුව.

    මේස් විතරක් නෙවෙයි, ලාග්ගෝ, බැනියම්, ලේන්සු, ආදියට තමන්ගේ අල්මාරියේ වෙනම තැන් සකස්කර නොගත්තම තමයි උදේට වැඩට යන්න ලෑස්ති වෙලා වෘෂභ ලීලාවෙන් දඟලන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ යන කාලේ ඉතිං එක මේස් එකයිනේ. ඒකත් නයිලෝන්. ඒ ගඳට හේතුව ඒකයි. ඒ කාලේ දෙක තුනක් පාවිච්චි කරන්න නිකං මොකක්ද මොකක්ද වගේ.
      මම කිව්වේ. අවසර ආයිබෝවන්ඩ ලාග්ගෝ කිව්වේ .....

      Delete
  4. පිටරටක වැඩ කරපු නිසා පිලිවල කියන දේ බොහෝම ඉගෙන ගත්තා..

    ReplyDelete
    Replies
    1. errrrr.... බැනුම් ඇහීමට තරම් වෙරි වීනොමැති නිසා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකීමට අතිශය අකමැත්තෙන් වුවද තීරණය කල බව සාතිශීය සංවේගයෙන් දැනුම් දෙමි. දැනටත් පිටරට ඉන්නා පත්තරමහතා වැනි නිර්බීත අයට ඉඩ සලසමි

      Delete
    2. හෙක්.... හෙක්... අපිත් ඕවට එඩිතර නෑ. එයාටම(පත්තර මාතියා) කියමු.

      Delete
  5. ඇත්තේනම මේ ආවමයි ඔබේ පෝ්ස්ටුව බැලූ බැල්මටම සිත් ඇදගත්තා. අනෙක් ලිපිත් කියවල මොනවා හරි ලියන්නම්

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්මයාගේ කමෙන්ට් මම දකිනවා අපේ විචාරක තුමාගේ බ්ලොග් එක. බොහොම ස්තුතියි.

      Delete
  6. //මම මොනවද මේස වලින් දාන්න යන සෙල්ලම.// මේසෙ උඩ ඔලුවෙන් හිටගෙගන ඉන්න එක තමයි ඉතිං. :D

    වැඩේනං අපූරුයි. ඔය විදියට කළාම කල්පැවැත්මටත් හොඳ වෙයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමස්තයක් ඇඳුම් වලට හොඳයි, ගලේ ගහනේ නැතිව , මිරිකන්නේ නැතිව හෝදලා. හෙවනේ වෙලාගෙන(පාට රෙදි කණපිට හරවල), හොඳින් නවලා හෝ හැඟර් වල එල්ලලා තියා ගැනීම. එතකොට ස්ත්‍රික් කරන්න යන කාලේ අඩු වෙනවා. ලයිට් බිලටත් හොඳයි.

      Delete
  7. මමත් ඔහොම කරලා බලන්න ඕන. හැබැයි ඊට කලින් මගේ මේස් දාපු තැන හොයන්න ඕනනේ. :)

    ReplyDelete
    Replies
    1. මම මේක දැක්කේ ගෙදර ඉන්නකොට හොඳ වෙලාවට. ඉන් පස්සේ තමයි දැන ගත්තේ තනි කකුලේ මේස් කීපයක්ම තියෙනවා කියලා. ඊටත් පාස්සේ තමයි දැන ගත්තේ මේවා වොෂින් මැෂින් ගල් කරනවා කියලා. ඔන්න ඕකයි කියන්නේ කමෙන්ට් වලින් ඉගෙන ගන්න පුළුවන් කියලා.

      Delete
  8. මේ ක්‍රමේනම් ප්‍රරෝජනයි. කාලේ ඉතුරුයි උදේට නැත්තම් ....

    ReplyDelete
  9. මේකත් හොඳ වැඩක්. මම නම් දෙකට නවල සපත්තු රැක් එකේ අයිනකින් තියල තියෙන්නෙ. බලමු මේ විදිහටත් කරල. දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද තමයි දන්නෙ නැත්තෙ. :D

    ReplyDelete
    Replies
    1. කතාවක් තියෙනවනේ එක දිගට දවස් 21 කළොත් ඒක ස්ථිරවම පුරුද්දක් බවට පත් වෙනවා කියලා.

      Delete
  10. අඩේ.... මම අදුරන මෙහෙ (මෙහෙ කිව්වේ අපේ ගෙදරම) ඉන්න නංගි කෙනෙක් මගේ මේස් තියන පිලිවල මීටත් වඩා ලේසියි පහසුයි වගේ.............. එන්නකෝ බලන්න වෙලාවක පොටෝ කැල්ලක් දෙකක් දාන්න (මේස් වලයි නංගිගෙයි)

    ReplyDelete
  11. ආවා ආවා. ඒ සුදු මහත්තයා ආවා. ඇත්තෙන්ම සුදීක මම මේ වගේ පෝස්ට් වලට හරි කැමතියි. මතකද මමත් මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කලා. නමුත් දැන් ඒක අතෑරලා දාලා මේස් කුට්ටම් එකට ගැට ගහලා නැතිනම් එකක් ඇතුලට අනික රිංගවලා ලාච්චුවකට පුරවල තියෙන්නේ. එක හේතුවක් මම බය වුනා මම එක්තරා විදියක මේනියාවකින් නැතිනම් control freak වගේ තත්වයකින් පෙළෙනවද කියලා. අනික අරවිදියට නීට් එකට නවලා දාන්න පුලුවන් සීමාවක් තියෙනවා ලාච්චුවක් ඇතුලේ. ඔක්කොම එක ගොඩේ එබුවාම අරවගේ දෙතුන් ගුණයක් ඔබන්න පුලුවන්.

    ඔය හෝදද්දි තනිවෙන මේස් කේස් එක ජාත්‍යන්තර සංසිද්ධිය. තාම කිසි කෙනෙක් හොයාගෙන නෑ ඒවට මොකද වෙන්නේ කියලා. මට නම් එකම එක දවසක් එහෙම නැතිවෙච්ච මේස් එකක් හම්බවුනා. ඒ වොෂිං මැෂින් ස්පිනර් එකේ චේම්බර් එක අස්සට වැටිලා තිබිලා. නමුත් ඒක හම්බවෙද්දි ඒක පල්ප් එකක් වගේ දිරලා.

    ඔය හෝදදි තනි වෙන මේස් වලට කියන නියම නමක් තියෙනවා. ඒතමයි Orphan socks.

    ReplyDelete
  12. Onna mamath awa mehaata
    Godak wedagath postuwak
    Me widihata nathath mamath socks dânne ekama thanakata
    E wagema ekama jâthiyen kuttam thunak hatharak wath eka pâra gannawa
    Ethakota sahayakaya nathi wimen siduwena gatalu awama wenawa

    ReplyDelete
  13. මට නං තියෙන්නෙ හැම තිස්සෙම මේස් තුට්ටං 3යි. ඒකට මොන කොන්ට්‍රෝල්ද? ඒ වුනත් වැදගත් ලිපියක්, හරිම කොමිටලාත්මකයි. යන්ඩ හැරුණ සුදික ආපහු ඇවිත්. ඒ ගැන සතුටුයි.

    ReplyDelete
  14. උඹ මේස් ගැන ලියලා තියෙන පෝස්ට් එක රසවත් වෙන්න මම ඉදිරිපත් කරනවා පොඩී මේස් ගැටළුවක්. මෙන්න ගැටළුව.
    අඳුරේ තියෙන කාමරේක (බල්බ් එක පිච්චලා කියහංකෝ) ලාච්චුවක් තියෙනවා කලු මේසුයි සුදු මේසුයි. තමන්ට එක පාටකින් මේස් ජෝඩුවක් හදාගන්න අවම වශයෙන් මේස් කීයක් අතර අරගෙන කාමරෙන් එලියට යන්න ඕනෙද?

    ReplyDelete
  15. මට මේස් එකක්වත් නැ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...