Wednesday, April 15, 2015

සුරා සොඬ සැමි වලප ......

අයස ලඟදි මා ළඟ සිටි 
යසවතිය
සසිරිබර සැපත නොම දුටු
 සිරිමතිය
නීරස කුල බොජුන් වැලඳු
රසවතිය
කටුක වැල්  යහන සැරසු
පතිවතිය

පර මල කියා මා ගැරහුකුසුමාවී
අඳ වූ මනෙත දිවසින් දුටු  නයනාවී
මූ දේවිය ලෙස මා දුටු
සීදේවී
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමිදේවී



කෑවද බීවද කොහිදෝ අදත්ගියේ
නින්දට යන තුරුම නිදහස  නසාවියේ
නුඹ නැතිදා මගෙ නිදහසඑපාවියේ
ඇයි මා දා ගියෙ මුරදේවතාවියේ



මේ අත් දනී දුන් හැටි බැට නිමක්නැතී
මේ මුව දනී දුන් නොසරුප් බැනුම්  වැසී
අනේ ගහ බැනුම් කිසිවක් හිතේනැතී
පාලුයි මගේ පැල අඳුරුයි පබාවතී



වද වද මගේම පරපුර හොඳ හිතින්දරා
ලැබ ලැබ කටුක දුක් ගිනි නැගුනු බුර   බුරා
විඳ විඳ  අපා දුක් මට සැපත දුන් සරා
අභිනික්මන් කලේ ඇයි මගෙයසෝදරා

මෙම කවිපෙළ මාගේ නිර්මාණයක් නොවේ. රචකයාද අඥාත මෙය මගේ සොයුරියට ලබා දී තිබුණේ ඇගේ නිවසේ මියුරල් වැඩක් කරන්න ආ පුද්ගලයෙකි. සහකාර ඉංජිනේරුවකු වශයෙන් සේවය කර පසුව නිර්මාණකරණයේ යෙදෙන ඔහුද දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙකු බව දැනගන්නට ලැබුණි. ඔහුගේ නිර්මාණය පසුව රසවිඳිමු. 


14 comments:

  1. සැපතට වඩා නෙක දුක් දොම්නස් ලබන්නී
    දරුවන් සැපත දින දින නිති පතන්නී
    කුල ගෙය සතුට තම උරහිස දරන්නී
    ගැරහුම් මිස පැසසුම් නම් නොදන්නී

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වල තියෙන කවි සෙට් එක වෙනම කවි පන්තියක් හදා ගන්න පුළුවන්.

      Delete
  2. එයා කවදාහරි මේක දැක්කොත් ශෝක්,,

    හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එයා කිව්වේ සමියද ?

      Delete
  3. මම හිතන්නෙ දුක් විඳින්න බැරුව සිය දිවි නසාගෙනද කොහෙද.

    ReplyDelete
  4. හරි ලස්සනයි. කදුළුත් ආවා .. එයාගේ ඇත්ත අත්දැකීමක් ද මේක .

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලියපු කෙනාගේ අත්දැකීමක්.

      Delete
  5. එකේන්ම පට්ට කවි ටික....

    ReplyDelete
  6. අන්තිම කවිය මරු..සාහිත්‍යය තුල වෙනස් විදියේ ක්ෂේත්‍රවල ඉන්න අයගේ දායකත්වය තුලින් මැවෙන නිර්මාන ඉතා විශිෂ්ටයි

    ReplyDelete
  7. අවබෝධය ලැබෙනවිට ප්‍රමාදවී වැඩියි.

    ReplyDelete
  8. meka yamuna malanee perera mahathmiyage nirmanayak... den AL walata nirdeshithay..

    ReplyDelete
    Replies
    1. එහෙමද ? ඒ ගැන පොඩ්ඩක් හොයා බලන ඕනේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...