Sunday, April 26, 2015

ලොල්ද මන්දා අංක 19: අනේ පුතේ මට නම් බෑ...... I can't my son

රාජකාරිය නිසාම කොළඹට සංක්‍රමණය වුණු එක්තරා වෘත්තිකයෙක්, කොළඹ නිවාස සිහිනය සැබෑ කර ගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. මුලින් බෝඩිමක ඉඳලා අධ්‍යාපනය කරපු මේ පුද්ගලයා පසුව හොඳ රැකියාවක් ලැබුණු පසු කාලය ගත කලේ කුලී නිවාස වල. පසුව තට්ටු නිවාස වල. තමන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ තමන්ගේ මවත් කොළඹ කැඳවාගෙන ආවේ බොහොම අකමැත්තෙන්. දන්නවනේ ගම් වල ඉන්න අපේ දෙමව්පියන් ගෙන්දගම් පොළවේ පය ගහන්න අකමැති බව. අම්මා ඉන්න එක මේ පවුලට විශාල සවියක් වුණ බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගෘහ සේවිකාවක් හිටියත් තමන් නිවසේ නැති වෙලාවට හැම දෙයක්ම බලා කියා ගත්තේ මේ මව. සාමන්‍යයෙන් නැන්දම්මා - ලේලි ප්‍රශ්න තිබුනත්, මේ බිරිද ඉතාම ආදරයෙන් තමන්ගේ නැන්දම්මාට සැලකුවා. ඒ නිසා මේ දෙදෙනා, එකිනෙකාට ගරුත්වයෙන් සලකන ඉතාම ආදර්ශවත් දෙදෙනෙක් වුණා. බොහෝ දෙනා ඒ ගැන කථා වුණා. 

මේ පවුල ඉතාම සතුටින් තමයි කාලය ගත කළේ. ඒත් මේ යට පොඩි ප්‍රශනයක් තිබුණා. ඒ නිවාස ප්‍රශ්නේ. මේකෙදී අම්මා සහ පුතා හිටියේ දෙපැත්තක. අම්මට උවමනා වුණේ ටිකක් ලොකු ඉඩමක මැද්දට වෙන්න හදපු තනි තට්ට්ටුවේ නිවසක්. ඒත් පුතා සහ බිරිඳ එදිනෙදා ජීවිතයේ පහසුව ගැන හිතුවා. එයාලා කැමති තට්ටු නිවාසෙකට. නමුත් එයාලගේ අම්මා නිතරම කියන කතාවක් තමයි.
"බලන්න පුතේ මේ ගෙදර කෙනෙක් කැස්සත්, අල්ලපු ගෙදර ඇහෙනවා, කතා කරන දෙයක් වුනත් ඇහෙන්න බැරි නෑ. ඒ වගේද ඉඩමක් අරගෙන ගෙයක් හදා ගත්තම"
"ඒ වුණාට අම්මේ, ඒවා වියදම් යන කරදර වැඩ"

පුතා එහෙම කිව්වම අම්මා නිහඬ වුණා. මොකද ගමේ ඉඩම් කඩම් විකුණලා ළමයින්ට උදව් කරන්න තිබුණ අකමැත්තට වඩා ඇයට තිබුණේ, පරම්පරා දේපල විකුණන්න තියෙන අකමැත්ත. නමුත් මේ යුවල ඉතා ධෛර්යසම්පන්නයි. කොහොම හරි මුදල් එකතු කරලා. බැංකු ණයකුත් අරගෙන අලුතෙන් කොළඹ ඉදි වෙන තට්ටු නිවාස සංකීර්ණයක කොටසක් වෙන් කර ගත්තා. පුතාට මේක අම්මා එක්ක කියනකම් සතුටක් නෑ. ඔහුගේ බිරිඳට මෙය අලුත් පුවතක් නෙවෙයි. දෙදෙනාම එකතු වෙලා තමයි මේ එපාර්ට්මන්ට් එකට සල්ලි බැන්දේ. ගෙදර ආව ගමන් පුතා අතේ තිබුණ ලොකු සඟරාවේ තිබුණ පින්තූරය අම්මට පෙන්නුවා. 

"අම්මේ අපි මෙන්න මේකෙන් තමයි අලුත් එපාර්ට්මන්ට් එක ගත්තේ. අපි ටිකක් වැඩියෙන් ගෙවලා මෙන්න මේ කෑල්ලෙන් තමයි ගත්තේ"
තම පුත්‍රයාගේ දබරැඟිල්ල යොමු වූ තැනට තම උපැස් යුවල හරහා දෑස් යොමු කල මවගේ නළල් තලය රැලි ගන්වමින් සිහින් දාඩිය බින්දු කිහිපයක් මතු වුණා.

"ඇයි පුතේ වැඩිපුර ගෙවලා මේ කෑල්ලෙන් ගත්තේ. අනිත් පැත්තෙන් ගන්න තිබුණානේ. මම නම් මේ ගෙදරට එන්නේ නෑ. මේ නහින - දෙහින කාලේ ඉන්න මට ඔය ගෙවල් වල සර්කස් පෙන්නන්න තරම් හයියක් නෑ. පුතාල එහෙ යන්න මම ගමේ යන්නම්"
"මම දන්නවා අම්මා එපාට්මන්ට් වලට අකමැති බව. මේවා හොදට සැලසුම් කරලා හදන ඒවා. මේ ගෙවල් වලින් සද්දේ එහා-මෙහා යන්නේ නෑ"
ඇයි අම්මේ මේක කොයි තරම් ලස්සන තැනක්ද ? ගෙදර බැල්කනියට ආවම පේන්නේ බේරේ වැව, ගංගාරාම පන්සල, වික්ටෝරියා පාක් එක.
එහෙම කිව්වේ අපේ මිතුරාගේ බිරිඳ.
"ඒකනම් කමක් නෑ. සද්දේ අඩුවෙන් කථා කළා කියමුකෝ.  දැන් ඔය ගෙදර හිටගන්න වෙන්නේ ඇදේට, ඇවිදින්න වෙන්නේ ඇදේට, නිදා ගන්න වෙන්නේ ඇදේට ඔය ඔක්කොමත් හරි වැසිකිලියට යන්න වෙන්නෙත් ඇදේට. මේවා ගන්න කලින් පොඩ්ඩක් හිතුවේ නැද්ද ? මේ පොඩි එවුන් හැම තිස්සෙම වැටෙයි. ලිපේ තියෙන කෑම බිමට වැටෙයි"

එතකොට තමයි අපේ මිත්‍රයාට කාරණේ වැටහුණේ. සැනසුම් සුසුමක් හෙළන ගමන් ඇති වුණ මද සිනාවත් සමග බිරිදගේ මුහුණ දිහා බැලුවා. ඇයත් සමාන සිනහවකින් මුව පුරවාගෙන. 
Alatir Colombo Apartments
පින්තූරය ගත්තේ : www.sundaytimes.lk

තවමත් මූලික අදියරේ තියෙන මේ ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තම මේ වගේ කථා අහන්න ලැබෙන්න පුළුවන් නිසා ඔන්න මම කලින්ම ඒ ගැන සටහනක් තිවුවා.   

75 comments:

  1. 1. කාගේද ආයෝජනය ??
    2. මමත් ඉන්නේ අම්මගේ මතයේ. තට්ටු ගෙවල් .. No value for money.

    ReplyDelete
    Replies
    1. මේක කතාවක් විතරයි. ඇත්තටම මටත් තාම හිත හදා ගන්න බෑ.

      Delete
    2. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
  2. අම්මප ඔක්කොමත් හරි ඇදේට ලැට් එකේ යන එකනෙ අමාරුම වැඩේ.

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්.... ඕවා මුලික මිනිස් අයිතිවාසිකම්.

      Delete
    2. හි හි මටත් ඒක තමයි කල්පනා වුණේ ,

      Delete
  3. සිරාවටම පේන්නෙ එහෙම තමා ..... මට මේක දැක්ක වෙලේම හිතුන දේ තමා අනිත් පැත්තත් ඇල කරල නිකං A අකුර වගේ හැදුවනං ලස්සනට එයි කියල ....

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ වට්ටලාම දාන්න. එහෙනං දෙපැත්තෙන් දෙකක් ගත්තම හරි. මේ පැත්තේ දවසයි - ඒ පැත්තේ දවසයි හිටියම වැඩේ බැලන්ස්.

      Delete
  4. Altair.. ඉන්දියන් කාරයෝ සෙට් එකක් හදන්නේ ඇත්තටම ඇද වෙන්න උනත් බැරි කමක් නෑ.. හැක්. අනේ පුතේ අයි ඔල්සෝ කාන්ට් :P

    ReplyDelete
    Replies
    1. බලපන් පහලින් ඉවාන් කියන දේ.

      Delete
  5. තට්ටු නිවාසවල ජීවත් වීම පිළිඹඳ ව තවමත් ලාංකීය මධ්‍යම පන්තියට තියෙන්නේ විචිකිච්චාවක්, මොකද ගමෙන් නගරයට සේන්දු වුනත් තවමත් නිදහස , සිහිල විඳගෙන එළිමහනේ ඇවිදලා ඉන්න බහුතරයක් තාමත් ආසයි. නමුත් ඉහල මධ්‍යම පන්තියට අද මේ වන විට මෙය විලාසිතාවක් වගේම හොඳ ආයෝජයක් බවට පත්වෙලා තියෙනවා, මොකද මෙවන් මහල් නිවාස ලංකාවේ වෙසෙන විදේශිකයන්ට ඉහිල මිල ගණන් වලට කුලියට දීමට හැකියාවක් පවතින නිසා, කොළඹ ආශ්‍රිත මහල් නිවාස බොහොමයක ගනුදෙනු කරුවන් එකම පිරිසක් බව දකින්න පුළුවන්,
    සුඛෝප භෝගී නිවාස මෙන්ම අර්ධ සුඛෝපභෝගී සහ අඩු ආදායම් පවුල් සඳහාත් මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක් වෙනවා , ඉදිරියේ එළඹෙන්නේ මහල් නිවාස සංස්කෘතියක් නගර ආශ්‍රිතව .

    ReplyDelete
    Replies
    1. මේකෙන් සල්ලි හොයන්න පුළුවන් වුණත්, තමුන්ගේ මිලදී ගැනීමේ හැකියාව බලපාලා තියෙනවා. නැත්නම් ඔය වැඩේටත් අත නොගහා ඉන්නේ නෑ.

      Delete
    2. හැක්.. මූ ඒ අස්සේ පොඩි මාකටින් පාරක් යනවා වගේ..

      Delete
  6. දෙකම ඇද කරන එකේ එච්චර ගතියක් නෑ.. එකක් කොහොමත් කෙලින් නග්ගවන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි .... කොමඩාන් කිව්වේ.

      Delete
  7. පිටරට ගෑටුවට පස්සෙ ඉතින් මමත් තට්ටු නිවාස අත්දැකීම ලබනවා. මේ රටවල අලුතින් ඇතිවන නිවාස ඉල්ලුමට සරිලන සැපයුම දිය හැක්කෙ තට්ටු නිවාස වලින් පමණයි. හැබැයි පුරුදු උනාට පස්සෙ නම් කිසි අවුලක් නෑ. හැමදේම ඉතාම හොදයි.

    ReplyDelete
    Replies
    1. නගරයේ තදබදය නැති කරන්න, ක්‍රමවත් කරන්න තට්ටු නිවාස ඔවුන් යොදා ගන්නවා. සිංගප්පූරුව නම් අඩු ඉඩකඩ පිරිමහගන්න මේක කරන්නේ. හැබැයි ඒ ක්‍රමෙන් නම් මාර ක්‍රමවත්.

      Delete
  8. කවද හරි මේක කඩන්න වුනොත් හරි කඩා ගෙන වැටුනොත් හරි උඩ තට්ටු වල හිටපු උන්ට ඉන්න පැලක් අටවා ගන්න වත් ඉඩ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඔය තර්කය කොයි තට්ට නිවාසෙටත් අදාල වෙනවා. අද වෙත්දී නේපාලය මුහුණ දී තිබෙන ඛේදවාචකය හොඳම සාක්ෂිය. මේ දේවල් ගැන මේ සමාගම් සැලකිල්ලට ගන්නවා ඇතැයි හිතමු.

      Delete
    2. තට්ට නෙවෙයි තට්ටු.

      Delete
  9. 2006 මුලින්ම මම 23 වෙනි තට්ටුවේ
    2008 මම 21 වෙනි තට්ටුවේ
    2009 17 වෙනි තට්ටුවේ
    2011 19 වෙනි තට්ටුවේ
    2012 14 වෙනි තට්ටුවේ
    2013 11 වෙනි තට්ටුවේ
    2014 ඉඳන් අද වෙනකම්ම 3 වෙනි තට්ටුවේ
    ඔක්කොම වෙන වෙන අපාර්ට්මන්ට් වල

    ReplyDelete
    Replies
    1. නැන්දම්ම මැලේ ආව විතරයි රාලය පහලට ඇවිත්. සේෆ්ටි ෆස්ට් නෙ.

      Delete
    2. ලංකාවෙ 4 වෙනි තට්ටුවට යන්න රාළ ආසා නැතෙයි...

      Delete
    3. @මැලේ : හොඳ වෙලාවට තුන්වෙනි තට්ටුවේ නතර වුණේ. ඒ ගිය ගමන දිගටම !ගියානම් පොළවෙන් පහළටත් යන්න ඉඩ තිබුනා.

      @කම්මල : සුදානම් ශරීරෙ කියන්නේ නිකංද ?

      @සිරා : පව් ඒ අහිංසකයා, මොන වරදක් කලාටද ?

      Delete
  10. නොදන්නා නිසා අහන්නෙ ... හදිසියේ වත් නේපාලෙට වගේ බූමි කම්පාවක් ආවොත් තට්ටු ටික කඩාවැටුනම මිනිස්සුන්ට ඉතුරු වෙන්නෙ මොකද්ද? අනේ මිනිස්සු මැරෙයි කියල කියනවා නෙවෙයි. අපි නිකමට හිතුවොත් අවුරුද්දට මිනිස්සු ගමේ ගියා. තට්ටු ගොඩනැගිල්ලෙ කව්රුත්ම නෑ. ඔන්න බූමි කම්පාව ඇවිත් ඔක්කොම කඩාගෙන වැටුන. අවුරුද්ද ඉවර වෙලා එන මිනිස්සුන්ට කෝටි ගණන් දීල ගත්ත ගෙදර වෙනුවෙන් ඉතුරුවෙන දේ මොකද්ද ? මං හිතන්නෙ ඉන්සූරන්ස් එකක් ඇති...

    ReplyDelete
    Replies
    1. කෝටි ගණන් දීල ගත්ත ගෙදර වෙනුවෙන් ඉතුරුවෙන දේ මොකද්ද ?
      සුන්බුන්

      Delete
    2. ඒ ගැන හරි උත්තරයක් දෙන්න දැනුමක් මට නම් නෑ. අපි ඉවාන්ගෙන් හරි කල්‍යාණ මිත්‍රගෙන් හරි අහමු. ආයි බිල්ඩිම හදනකම් ඉන්න කියයිද දන්නෑ

      Delete
  11. මේ පත්තටත් ඇවිත් යන්න.
    sudupoosa91.blogspot.com

    ReplyDelete
  12. මමත් තට්ටු ගෙවල් වලට වැඩි කැමැත්තක් නෑ, අපාර්ට්මන්ට් නෙවේ මගේම ගෙදර උනත්.. තට්ටු දෙකේ මේ මගුල නඩත්තු කරන්න ගියහම එපා වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තට ගෙදර අයට අවශ්‍ය නැති ප්‍රමාණයට හදා ගත්තොත් කරදරයි තමයි.

      Delete
  13. ඉන්දියන් ප්‍රොජෙක්ට් එකක්.. ලංකාවෙ ගත්ත ස්ටාෆ් එකත් වන්දි ගෙවලා අයින් කරලා ඉන්දියාවෙන් ගේනවා.
    ඉස්සරහට කාටත් ඉතින් ඔව්ව තමයි ඉතිරිවෙන්නෙ.කැමති උනත්.. නැතත්,..

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙනවා ඉන්දියාවේ විරැකියාවේ ඉන්න ප්‍රමාණය අපේ ජනගහනයටත් වඩා වැඩියි කියලා. අපිට ඕන එරයිවල් වීසා දුන්නා වගේ, අපිත් දුන්නොත් උන් රොතු බුරුතු පිටින් මෙහෙ එන්න බැරි නෑ මේ වගේ තැන් වල වැඩ කරන්න.

      Delete
  14. බලමු! කොළඹ ආපු කාලෙක... ඇදේට ටොයිලට් යන්න

    ReplyDelete
    Replies
    1. දැන් උඹ හිතාගෙන ඉන්නේ මේ හදන්නේ පොදු වැසිකිලියක් කියලද ? ආපු ගමන් යන්න.

      Delete
  15. ඥාතීන්ට අයත් තට්ටු නිවාස වල කීප වතාවක් දවසක් දෙකක් ගත කරලා තියනවා. අම්මෝ................මටනම් පුදුමාකාර අසහනකාරී හැඟීමක් ඇතිවෙන්නේ. ගෙදර මිදුලේ, තුරු ගොමුවේ, පුටු කබලක් දාගෙන, හුබ්බට ලලං වැදි වැදි ඉන්නකොට තියන සනීපෙ, කොච්චර වටිනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.
      මදුරුවො එතනටත් එක්ක විදිනකොට හවසට නේද?

      Delete
    2. @විචාරක : ඒකටනම් මේකේ සඳලුතලේ උවමාවටත් වඩා වැඩියි. කෙලින්ම උඩු හුලං අල්ලන්නේ. හුලං පාරට සරම ඔලුවට උඩින් ගියාම කොහොමත් ගානක් නෑ.

      @ප්‍රා ජේ : තට්ටු තුන පැන්නම මදුරු කරදරෙත් නෑ.

      Delete
  16. හී...හී ලොල් තමා. අර වගේ වැටෙන්ට යන බිල්ඩිමක ඉන්නේ කොහොමද?

    ReplyDelete
  17. අපාර්ට්මන්ට් වල ඉන්නවාට වඩා මමත් කැමති පොළවේ පය ගහලා ඉන්ට තමයි.

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... හෙක්... දැන්ම ඉඩම් අරන් තියා ගන්න. නැත්නම් කැමති වුනත් නැති වුණත්, කොළඹ ඉන්නවනම් ඉන්න වෙන්නේ මේ වගේ ඒවායේ.

      Delete
  18. පෝස්ටුව අවසානයේ සංවාදයට ලක්කරන්න පුළුවන් දෙයක් ඉතුරු කරපු නිසා පෝස්ටුව ගැන නොලියා මම ඒ කාරණය ගැන කියන්නම්.

    තට්ටු නිවාස , විශේෂයෙන්ම සුඛෝපබෝගී තට්ටු නිවාස වල ඉල්ලුම සහ රැල්ල මටත් හිතෙන්නේ එන්න එන්නම වැඩි වෙනවා කියල. ඒක ඇත්තටම දැන් නාගරික ජිවන විලාසිතාවක් වගේ වෙලා. කෙනෙක් එහෙම තට්ටු නිවාසෙකට එන්න තියෙන හේතුව නෙවෙයි තව කෙනෙක් ඒකට එන්න හේතුව. එකම පොදු හේතුව තමයි පහසුකම් සහ සේවා සඳහා ඇති පහසුව.

    හුඟක් වෙලාවට රැකියා කරන දෙමවුපියන්ගේ දරුවන්ට පාසල්, ටියුෂන් සහ අනෙකුත් සේවා වගේම වියපත් දෙමවුපියන්ට රෝහල් පහසුකම් වගේම ඔවුන්ගේ රැකියා ස්ථානයට අඩු කාලයකින් ළඟාවීමට ඇති හැකියාවත් නිසා තට්ටු නිවාස වලට සංක්‍රමණය වෙන ප්‍රමාණය වැඩියි. ඒ වගේම මම දන්නා තරමින් අනෙකුත් පහසුකම් ( ක්‍රීඩාගාර, පිට්ටනි , කුඩා දරුවන්ට දිවා සුරැකුම්, පිහිනුම් තටාක, නිවසට ආරක්ෂාව, විදුලිය/ජලය/කුණු බැහැර කිරීම ආදී 'අමතර හිසරදයන්' නැතිකම) වගේ දේවල් නිසා තමුන්ගේ කොළඹට නුදුරු ඉඩම් අතහැරලා හොඳ පහසුකම් ඇති තට්ටු නිවාස වලට සංක්‍රමණය වෙච්ච පවුල් කීපයක්ම මම අඳුනනවා. අනිත් එක අලුතෙන් ගෙයක් හදන්න කරදර වෙනවට වඩා දැන් දැන් මේ ක්‍රමය 'වැඩිය කරදර වෙන්න අකමැති ජෝඩු' විසින් තෝරා ගන්නවා වගේ හිතෙන්නේ.

    අපි කවුරුත් කොහොමත් පරණ පුරුදු විදියටම මිසක් වෙන විදියක් අත්හදා බලන්නවත් අකමැති කට්ටියක්. මගේ පුද්ගලික මතය නම් තට්ටු නිවාස වල වරදක් නැහැ. ප්‍රමිතිය සහ එයින් ලැබෙන ජිවන තත්වය අනුව තමයි කොලිටිය රඳා පවතින්නේ. නමුත් මට දීර්ඝකාලීනව දරන්න බැරි කොටුවිල්ලක් දැනෙයි. මම කොහොමත් කුරුල්ලෝ/කටුස්සෝ/ලේන්නු එක්ක කයිවාරු ගහගෙන, මල් වතු වවාගෙන, කොලපාට වටකරගෙන ඉන්න කැමති ගොඩයෙක් නිසා ඉඳල හිටලා හරි ඒ කොටස නොවුනොත් අවුල්. නමුත් එව්වා තියෙන ගෙයක් නදට්ඨ්තු කරන එක පනයන වැඩක් මේ බිසී ජිවන රටාවත් එක්ක.

    මමත් හිතන්නේ නගරයේ සුවපහසු තට්ටු නිවාස ඇත්තටම හොඳයි. ඒකෙන් තදබදේ අඩුවෙනවා සහ වැඩි දෙනෙක්ට පහසුකම් තියෙන තැන් වලට දුර ගෙවන් එන්න තියෙන අමාරුව අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මහල් නිවාස පිළිඹදව උපේක්ශාගේ කියවීම හරි බවයි මගෙත් මතය. මොකද එන්න එන්නම කාර්ය බහුල ජීවන රටාවකට යන මිනිස්සුනට කාලය සහ ශ්‍රමය පිලිබඳ ඇත්තේ මිල කල නොහැකි වටිනාකමක්. ඒ නිසා බොහෝ දුරට අනාගතයේදී මහල් නිවාස් ජීවන රටාවට න=මිනිසුන් හුරුවීම සාමානය දෙයක් වේවි .

      Delete
    2. කරන්න පුලුවන්නම් කොලඹ රස්සාවක් කරන කෙනෙකුට හොඳම ජීවිතේ සතියේ දවස්වල කොලඹ ලක්ෂරි අපාර්ට්මන්ට් එකේ, සති අන්තයේ කොලඹට නුදුරු ගමේ, නිවාඩුවට හොලිඩේ හෝම් එකේ ( හ්ම්ම් රස්සාවත් නොකරම ඔය තුනම තියනව්නම් වඩාත් හොඳයි :- D )

      Delete
    3. අපේ මිනිස්සු ඕපාදුප වලට කැමති නිසා මේවාට අකමැතිද මන්දා? නමුත් මෙතන තියෙන්නේ මිල අධික කම. මේකේ අඩුම ඒවා විකිණිලා තියෙන්නේ කෝටි පහ මාරට වගේ. දැන් එන්න එන්නම ගණන්. මේක නිර්මාණය කරලා තියෙන්නේ සිංගප්පූරු මරිනා බේ සෑන්ස් නිර්මාණය කරපු මෝෂ් සාෆ්ඩී කියන ගෘහ නිර්මාණ ශිල්පියා.

      @ප්‍රා ජේ. ඇන්නා නේද ටොක්ක.

      Delete
  19. නියම බිල්ඩිම බිත්තියකට හේත්තුවෙලා සැපට නිදියන්න පුලුවන්. ඕකෙ සිවිල් ඉන්ජිනේරුව බිල්ඩිමේ බර බෙදිල යන විදිහ ගැන මට ඇදලත් පෙන්නුව , ඒත් මගෙ මීටරේට ඒක හරිගියේ නෑ.
    ගැමි පරිසරයට පුරුදුවෙලා මටනම් තාමත් හදාගත්ත ගෙදරත් සුපුරුදු මානසික සුවය නෑ.අපේ අම්මවත් අපේ ගෙදර තියාගන්න බෑ තාප්ප වලින් වටවෙච්ච තැනක ඉන්න බෑ කියල දවසින් යන්නම තමයි හදන්නෙ. ලේලියි, මිනිපිරියි වලි දාලම තමයි දවස් තුන හතරක් නතර කරගන්නෙ.

    ReplyDelete
    Replies
    1. එක පැත්තක බිත්තියට හේත්තු වුණාට අනිත් පැත්තේ බෑනේ :)

      ඔයා මතු කරපු මේ මේ ලෝඩ් බැලන්සින් කියන කාරණේ ඉතා වැදගත් එකක්. මගේ හදන ගේ ප්ලෑන් එක දීලා මම එහෙම කර ගත්තා. බාස් උන්නැහේ කොලම් විසි ගණනක් යනවා කිව්වා එකට ඉංජිනේරු මහත්මයා කණු 6න් සැලසුම් කළා. හැබැයි බේස්, සිමෙන්ති මිශ්‍රණ වෙනස්. බාස් මුලින්ම බෑ කිව්වා. ඇයි මිනිහගේ ගැන අඩුයිනේ. පස්සේ ඉංජිනේරුවා සැර කළාම තමයි හැදුවේ.

      Delete
    2. මගෙ ගෙදර හදද්දි සිවිල් ඉන්ජිනේරු වැඩේ කලෙත් මම උඩ කියපු කෙනාම තමයි. ( ඇදුනුම් කමට ). කනු දහ අට කනු දෙකකට සීමා කලා. බාසට ටෙක්නික් ටික කියල දුන්න.

      Delete
  20. නියම බිල්ඩිම බිත්තියකට හේත්තුවෙලා සැපට නිදියන්න පුලුවන්. ඕකෙ සිවිල් ඉන්ජිනේරුව බිල්ඩිමේ බර බෙදිල යන විදිහ ගැන මට ඇදලත් පෙන්නුව , ඒත් මගෙ මීටරේට ඒක හරිගියේ නෑ.
    ගැමි පරිසරයට පුරුදුවෙලා මටනම් තාමත් හදාගත්ත ගෙදරත් සුපුරුදු මානසික සුවය නෑ.අපේ අම්මවත් අපේ ගෙදර තියාගන්න බෑ තාප්ප වලින් වටවෙච්ච තැනක ඉන්න බෑ කියල දවසින් යන්නම තමයි හදන්නෙ. ලේලියි, මිනිපිරියි වලි දාලම තමයි දවස් තුන හතරක් නතර කරගන්නෙ.

    ReplyDelete
  21. නැන්දම්මයි ලේලියි ප්‍රශ්න දා ගන්නෙ නැතුව ඉන්න එකනම් මරු...........

    ReplyDelete
  22. නැන්දම්මයි ලේලියි ප්‍රශ්න දා ගන්නෙ නැතුව ඉන්න එකනම් මරු...........

    ReplyDelete
  23. නැන්දම්මයි ලේලියි ප්‍රශ්න දා ගන්නෙ නැතුව ඉන්න එකනම් මරු...........

    ReplyDelete
  24. පහල බාර් එකෙන් දෙකක් දාලා ගියාම ඇද ඒවා කෙලින් වෙලා පෙනෙයි.

    ReplyDelete
  25. මේ රටේ තනි නිවාස තියෙන්නේ අතලොස්සයි තට්ටු නිවාස වල තමයි හැමෝම වගේ ජිවත් වෙන්නේ... හැබැයි හැම තට්ටු නිවාස සංකීර්ණයක් වෙනුවෙන්ම කුඩා උධ්‍යානයක්,,, ළමයින් වෙනුවෙන් කොටසක්,, වෙන් කරලා තියෙනවා,,, ගොඩක් තදබදය තියෙන ටෙලවිව් නගරයේ සෑහෙන්න පාර්ක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් සිංගප්පූරුව කරලා තියෙන්නෙත් ඔය දේමයි. පුළුවන් තරම් කඩ සාප්පුත් ෂොපින් මෝල් වලට ගාල් කරලා නිසා අපේ වගේ පාර දෙපැත්තේ කඩ නෑ. ඒ නිසා අයින දිගේ වාහන ගාල් කරන්නේ නෑ. එතකොට ට්‍රැෆික් නෑ. බඩු ගන්න යන අය කෝච්චියේ යනවා. ස්ටේෂන් වලම තමයි අර ෂොපින් මෝල් තියෙන්නේ. එකට අලවපු බිල්ඩින් නෑ. ඒ නිසා හොඳ වාතාශ්‍රයක් වගේම හොඳ හුලං හැමීමක් තියෙනවා. බිල්ඩින් අස්සෙන් ඈත පේනවා. ඇහැටත් හොඳයි. අපේ නග්රේක කඩ සාප්පු වල පිටිපස්සේ තියෙන්නේ මොනවද කියලා හොයන්න බැහැලාම යන්න වෙනවා. මම හිතන්නේ මේ තට්ටු නිවාස නිසා තැපැල් පියුම් ලාටත් ලේසියි.

      Delete
  26. කැමති උනත් අකමැති උනත් ඉදිරි කාලෙදි මේවයේ තමයි ඉන්න සිද්දවෙන්නේ.අවුරුද්දට ගෙදර ගියහම මට එපාවුනා.ඉස්සරනම් යන්තන් හරි හිස් ඉඩමක් තිබුනා ඇහැට පේන්න කියලවත්.දැන් එහෙමවත් නෑ.තාප්ප වලින් වටකරගන ගෙවල් හැම තැනම.ගෙදර හරියට හදලා නැතත් තාප්පෙනම් හදනවා හැමෝම.හෝකන්දර කිවුවහම තාමත් මගේ හිතේ තියෙන්නේ ගැමි පරිසරයක්.ඒත් මේ පාර මම දැක්කා එහෙත් අපාර්ට්මන්ට් එකක් හදනවා.පටන් ගන්නේ ලක්ශ 70 ගානකින්ද කොහේද...මේ පාර ගෙදර ගිහින් ඉන්න ටිකට මටනම් එපාවුනා ඒ ජීවිතේ.මට පේන්නේ මමනම් අනුරාධපුරේටම සින්න වෙයිද කොහේද?

    ReplyDelete
    Replies
    1. පුරේට ගිය එකෙකුට වරදින්නෙ නෑ.

      Delete
    2. තාප්පේ නහදා බෑ. නැත්නම් ඉඩම අල්ලනවා වටේ එවුන්.

      Delete
  27. ගහක් කොළක් හිටෝගන්න, පොකුණක් හදාගන්න, පොඩ්ඩක් තණකොළ ප‍ාගන්න, මිදුලක් ගෙවත්තක් නැති ගෙයක් නම් මටත් අරහං...

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... හෙක්... ඕවා හීන තමයි මේ කොළඹ අපි වගේ දුප්පතුන්ට. සමහරුන්ට අතුගාන්න මිදුලකුත් ඕනේ.

      Delete
    2. අතුගෑම නං මට අරහං... :-)

      සුදික දුප්පත් නෑ තියෙන අදහස් පැත්තෙන් බැලුවම.

      Delete
  28. අවුරුදු ගානක්ම ජිවත් වුනේ තට්ටු ගෙයක. ඊට පස්සේ හොස්ටල් එකේ. දැන් තම ටිකක් අතපය දිග ඇරලා ඉන්නේ.

    http://nelumyaya.com/?p=1915

    ReplyDelete
    Replies
    1. එහනම් හොඳයි. බොහොම ස්තුතියි අජිත් මේක නෙලුම් යායට දැම්මාට.

      Delete
  29. මිල ගණං බැලුව නං තේරෙයි. සිඩ්නි හන්දියේ වගේම තමයි!

    ReplyDelete
    Replies
    1. මේකක් නම් කෝටි පහ මාරේ ඉඳලා පටන් ගන්නේ. සිඩ්නි හන්දියේ කොහොමද මිල ගණන්? ගාන අඩුනම් එහෙන් වත් ගන්න

      Delete
  30. සුදික අයියන්ඩි ඔයා රැවුල කැපිම ගැන ලිපි දෙක තුනක් ලියලා තිබුනා ඒ එක ලිපියකින් මම අල්ල ගත්තේ රැවුල කපන්න මද රස්නෙ වතුර පාවිචචි කරන්න කියලා. After shave පාවිච්චි කිරිම ගැන ලිපියක් ලියන්නකො..

    පසු කතාව--
    මට After shave එකක් තැගි ලැබුනා..දැන් රැවුල නොකපා ඉන්න හිතිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි. මෙන්න හැදෙන තරුණයෝ. මූණ ලස්සනට තියා ගන්න ඕනේ නම් ශේවින් ෆෝම් එකකුත් භාවිතා කරන්න. සබන් වලට කටු කටු වගේ එනවා. හරි මම ඒ ගැනත් ලියන්නම්.

      Delete
  31. ම්ම් මට තේරුනේ නෑ නේ සිද්ධිය...ඇල වෙච්ච තට්ටු නිවාසයක් හදනවද කොළඹ?

    ReplyDelete
    Replies
    1. නැතුව ... නැතුව ... මෙන්න මෙතනින් ගිහින් බලන්න.

      Delete
  32. තට්ටු නිවාසෙක ඉන්නකොට සමහර වැඩ වලින් නම් නිදහස්
    හරියට වත්ත සුද්ද කරන එකේ ඉදලා පැල හිටවන එක දක්වා...
    හැබැයි ඉතින් හුලං පොදක් නොවදින ජිවීතෙන් වැඩක් නෑ...

    ReplyDelete
  33. මමනම් ඇලේට ඉන්න ආසයි. ගන්න ඕන ගෙයක් ඕකෙන්. එතකොට මෙන්ඩා කිව්වා වගේ දෙකක් දාගෙන යන්න පුළුවන් ගෙයි ඇදේ ප්‍රෙයා්ජනයට අරගෙන.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...