Wednesday, November 12, 2014

ඩර්ඩන්ස් රෝහල් බලධාරීනී : මේ ඔබේ අවධානයට ..... Attention of Durdans Hospital Administration

කුඩා දරුවන් අසනීප වන්නේ අවිනිශ්චිත වේලාවන්හිදීය. එවැනි මොහොතක නිවසේදී කළහැකි මූලික ප්‍රතිකාර ඔරොත්තු නොදෙන තත්වයන් වලදී අප දිව යන්නේ රෝහල් වෙතය. සාමාන්‍ය ජනයා රජයේ රෝහල් වෙත දිව යන්නේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. නමුත් පුද්ගලික රෝහල් පිරෙන්න්ටද අද ජනයා පොදි කන්නේ හේතු කිහිපයක් මුල් කරගෙනය. රජයේ රෝහල් වල ඇති තදබදය, ප්‍රතිකාර ප්‍රමාදවීම්, සහ බෙහෙත්ද්‍රව්‍ය වල හිඟකම, උපකරණ හිඟකම වැනි කරුණු මුල් කරගෙනය. බොහෝ දෙනාට රක්ෂණ ආවරණ හෝ රාජකාරි ස්ථානයෙන් ලැබෙන ආවරණයද පුද්ගලික රෝහල් වෙත දිව යාමට ප්‍රබල හේතුවක් වී ඇත. මේ හැරුණු කොට ඉහල ජීවන තත්වයක් ඇති පුද්ගලයන්ද පුද්ගලික රෝහල් වල සේවය පතයි.

 මගේ දියණිය පිළිසිඳ ගත මොහොතේ පටන් පුද්ගලික රෝහල් වල සේවය පැතුවේ මාගේ සේවායෝජකයා ලබා දෙන ආවරණය නිසාය. එය රක්ෂණයක් නොවේ. නමුත් සාමාජික මුදලක් මගින් පෝෂණය වන එයට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් සේවායෝජයකයා විසින්ද එකතු කරයි. දැන් පුද්ගලික රෝහලකට කෙනෙකු ඇතුලත් කර ගන්නා මොහොතේම, රක්ෂණයක් මගින් ආවරණය වනවා හෝ ප්‍රතිපූර්ණය කරනවාද යන්න ඔවුන් විසින් සැකහැර දැන ගන්නේ අපට සිත්ගන්නාසුළු මුද්‍රිත බිල් පතක් ලබා දීමට නොවේ. එවැනි පුද්ගලයන් වැය වන මුදල පිලිබඳ සැලකිලිමත් නොවන නිසාය.

 පහුගිය සතියේ මගේ දියණියද දැඩි ලෙස රෝගාතුර විය. ඇය මෙලොව එලිය දුටු ඩර්ඩන්ස් රෝහලටම කැඳවාගෙන යන්නේ ළමුන් පිලිබඳ විසේසඥ වෛද්‍යවරියක් වන දිල්රුක්ෂි රුබේරු මහත්මියට දියණිය පෙන්විය හැකි නිසාය. මෙයට පෙර බොහෝ වතාවලද මා ඇය එහි කැඳවාගෙන ගොස් තිබේ. මෙම වෛද්‍යවරිය අතිදක්ෂ කෙනෙකු බව අමුතුවෙන් සඳහන් කල යුතු නැත. ඇගෙන් බෙහෙත් වේලක්, දෙකක් බොනවිට රෝගය සුව අතට හැරීම සාමාන්‍යයක් වී ඇති නිසා, මා දිව යන්නේ එතුමිය ළගටය. අනෙක් කාරණය රෝග විනිශ්චය පිලිබඳ ඇගේ නිපුනතාවයි. අප ඩෙංගු රෝගය ඇත්දැයි බියෙන් දරුවා රැගෙන එහි ඇතුළු වන මොහොතක 
"බය වෙන්න එපා මෙයාට ඩෙංගු නෑ"
යනුවෙන් පවසන්නට තරම් ඇය සමත්ය. මෙවර දියණියගේ තත්වය නරක බවත්, වහාම ඇතුලත් කල යුතු බවත් දන්වා ඒ සඳහා අවශ්‍ය ලියවිල්ල මා වෙත ලබා දුනි.  ඉන්පසු ඇය නැවත්වීමට කැමති කාමර වල මිල ගණන් විමසනු ලැබිණි. ඉහළම මිලක් සහිත කාමර(අලුත්) රුපියක් හත්දහස් ගණනක්ද, පැරණි කාමර රුපියල් හයදහස් ගණනක්ද, පොදුවේ තබා ගත හැකි ස්ථාන වල මිළද සඳහන් කල ඔවුන් මා තෝරා ගන්නේ කුමන කාමරයක් දැයි විමසා සිටි විට, ඇය සිටින තත්වය සලකා දෙවන මට්ටමේ මිල ගණන් ඇති කාමර තෝරා ගතිමි. ඒ සඳහා මූලික ගාස්තුව වශයෙන් රුපියල් පහළොස් දාහක් ගෙවන ලෙස දන්වා සිටින ලද අතර මා ක්‍රෙඩිට් කාඩ් පත ඉදිරිපත් කළේ මෙවැනි අවස්ථාවක් සඳහා සුදානමක් නොවූ බැවිණි.

ඒ මොහොතේ මගේ හිතට වදදුන් කාරණා කිහිපයක්ම විය. ඒ කෙතරම් කාලයක් මෙහි රැඳී සිටින්නට සිදු වෙයිද ?,  කෙතරම් මුදලක් ඒ සඳහා වැය වෙයිද ?, ඉන් කොපමණ මුදලක් ප්‍රතිපූර්ණය කල හැකි වේද ? යන කාරණාය. ඔවුන් විසින් ලබා දුන් පළමු ඇමෙන් බේරීමට මට හැකි වුයේ පෙර අත්දැකීම් නිසාය. ඒ රක්ෂණය හෝ ප්‍රතිපූර්ණය පිලිබඳ ප්‍රශ්නයයි. මා පවසා සිටියේ "නැත" යන්නයි. නැතිනම් මීටරය මීටත් වඩා කැරකෙන බව අවස්ථා දෙකක අත්දැකීමෙන් මම දනිමි. රාජකාරි කරන ස්ථානයෙන් මේ සඳහා ගෙවීම කරන බව සැබෑ වුවත්, ඔවුන් පවසන මුදලක් ගෙවීමෙන් එක් අයුරකින් අපට වෙනත් රෝගී අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි මුදලක් අපතේ යනු ඇත. අනෙක් අතින් අරමුදලක් හෝ රක්ෂණයක් වුවද එයට දායක වී ඇති වෙනත් අයෙකු වෙනුවෙන් කල හැකි වියදමක් සඳහා ඇති මුදලක් අපතේ යනු ඇත. ඔබේ අතින් ගියද, ආයතනයෙන් ගියද වැය වන්නේ මුදල්ය. එය වක්‍රාකාරයෙන් මේ රටේ සියලුම ජනයාට බෙදී යා හැකිය.

ඇය ඇතුලත් කරගත් පසු, එහි තිබෙන කුඩා රුපවාහිනිය  දවසේ පත්තර කියවන නාලිකාවක "චැනලින් සේවා සපයන ආයතන අය කරන අධික ගාස්තු පිලිබඳ රජය මැදිහත් වීමට යයි" යනුවෙන් පුවතක් අසා මා ඉතා සතුටට පත් වුයේ,   මේ වනවිට සියළුම පුද්ගලික රෝහල් වල චැනලින් ගාස්තු  සාමානය රෝගියෙකුට දාරා නොගත හැකි මට්ටමකට වැඩි වී තිබීම නිසාය. 2005 - 2006 කාල වකවානුවේ රුපියල් හයසීයත් අටසීයත් අතර වූ චැනලින් ගාස්තුව අද වනවිට රුපියල් දෙදාහ ඉක්මවා ඇත. මින් සැලකිය යුතු ප්‍රමාණයක් අදාළ රෝහල සඳහා වන ගාස්තුය. යම් හෙයකින් අප මේ වෙන්කරගැනීම අවලංගු කළහොත් රෝහල් ගාස්තුව නැතිව වෛද්‍ය වරයාගේ ගාස්තුව පමණක් රෝගියාට ලැබේ. රෝහල් ගාස්තුව සඳහා ඔවුන් ලබා දුන් සේවාව කුමක්ද ? ඔවුන්ගේ පරිගණකයට ඔබ පිලිබඳ දත්ත සටහන් කර ගැනීමද ? ඔබේ අවස්තාව පැමිණෙන තෙක් බලන්නට සවි කර ඇති රුපවාහිනි සඳහා වියදමද ? මුල්ලක තබා තිබෙන වතුර ගැලුම සඳහා වියදමද ?

හොඳයි මේ කියන දේ පිලිබඳ යම්කිසි පිරිවැයක් ඇති බව අපි පිළිගනිමු. නමුත් එක් දිනකට මෙම රෝහලක් වෙත චැනලින් පහසුකම ලබා ගන්නට එන රෝගීන් ප්‍රමාණය සමග සැසඳීමේදී මෙය අබ ඇටයක් තරම් වියදමක්ද ? අඩුම තරමින් එක් දිනකට වෛද්‍ය වරුන් 125 ක් (ඔවුන්ගේ වාර්ෂික වාර්තාව අනුව වෛද්‍යවරුන් 275කට අධික බව පවසයි) සේවාව සපයයි නම්, එක් අයෙකු රෝගීන් 75බැලුවේ නම්, එකී ආදායම 125 x 75 x 500 වේ. එය රුපියල් 46,87,500 ! ඔබ පිලි ගන්නවාද ? රුපියල් ලක්ෂ 47ක්. මාසයකට දවස් 25ක් සේවය සැපයුවොත් රුපියල් මිලියන 117ක්. මේ චැනලින් වලින් ලැබෙන ආදායමයි. මගේ දියණියගේ බිල්පත  දෙස බලමු. 
මෙහි පරිපාලන වියදම් (Administration Charges)   ලෙස රුපියල් 1000 ක්ද, ඇතුලත් වීමේ ගාස්තුව(Admission Fees)  වශයෙන් රුපියල් 2500ක්ද, ඖෂධ පිලිබඳ අවධානය(Medical Attention) ලෙස රුපියල් 4300ක්ද අය කර ඇත. මේ ගාස්තු වෙනුවෙන් ඔවුන් මගේ දියණිය වෙනුවෙන් සැලසූ සේවාවන් මොනවාද ? මෙසේ දිනකට ඇතුලත් කර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය වශයෙන් 25ක් යයි සිතුවොත්, දිනකට රුපියල් 1,95,000ක්, සහ මසකට රුපියල් මිලියන 5.85 ක් උපයයි. බොහෝ දෙනාගේ අදහස මේවා ගනුදෙනුකරුවන් රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කරන බව දැනගත් විට ඔවුන් මෙසේ අමතර ගාස්තු අය කරනු ලබන බවයි.

මෙහි සඳහන් වන ශල්‍ය අයිතම (Surgical Items) යනුවෙන් සඳහන් වන ගාස්තුව වෙනුවෙන් ඔවුන් සැපයුවේ ඔක්සිජන් ලබා දීම සඳහා භාවිතා කරන වෙස්මුහුණක්(Mask) සහ පිටි අල්ලෙන් බෙහෙත් ශරීරගත කරන කුඩා උපකරණය සහ එම දින වල බෙහෙත් එන්නත් කිරීමට යොදා ගත සිරින්ජ කිහිපයයි. මේවායේ මිල ගණන් සලකා බැලුවහොත් රුපියල් සීයකට අඩුව මිලදී ගත හැකි බව පැහැදිලිය. මෙහි සඳහන් ක්‍රියා පටිපාටි(Procedure) වියදම කුමක් සඳහාද යන්න පැහැදිලි නැත. මේ අනුව මෙයත් තවත් සැඟවුණු මුදල් ගසා කෑමේ අයිතමයක් ලෙස සඳහන් කල හැක.

මෙයට අමතරව මෙහි සඳහන් කාමර ගාස්තුව දිනකට රුපියල් 6250ක් වේ. එය තරු පන්තියේ හෝටල් වල ගාස්තුවක් බව ඔබට පැහැදිලි වනු අත. මේවා පිලිබඳ අපට තර්ක කල නොහැක. නමුත් එහි සුළු සේවකයන් පානීය ජලය ලබා දීමේදී අපට පානියක් දැමූ බව පැහැදිලිය. නොමිලයේ ලබා දෙන්නේ මිලි ලීටර් 500 යේ එක බෝතලයක් බවද, අමතර ජලය අවශ්‍ය නම් ඒ සඳහා අය කරන බවද, උතුරා නිවාගත් ජලය ලබා දිය හැකි බවද පවසන ලදී. නමුත් එහි සැඟවී සත්‍යය මට පැහැදිලි වූවද, එය සියළු දෙනා සමග කලහා කර ගත හැකි මොහොතක් නොවේ. මෙහි සඳහන් හෙද(Nursing), බෙහෙත්(Drug), එන්නත්(Injection), ඇඳ ඇතිරිලි (Linen) { දින දෙක සඳහාම භාවිතා කලේ එකම රෙදි කට්ටලයයි.   රෝගියෙකු රෝහල් ගතකල විට ඇතිවන මානසිකත්වය උඩ මේවා පිලිබඳ සොයා බැලීමට අපට සිහියක් නැත. අප පතන්නේ ඉක්මන් සුවයයි}, නෙබියුලයිසින්(Nebulizing), වෘත්තීය(Professional) - වෛද්‍යවරියගේ ගාස්තු පිලිබඳ මට එතරම් ගැටළුවක් නැත.

මා පෙන්වන්නට උත්සාහ කලේ ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 123ක ප්‍රමාණයක් ඔවුන් පහසුවෙන් උපයා ගන්නා බවය. මේවා සඳහා රක්ෂණ මගින් සහ වෙනත් ක්‍රමයන්ගෙන් ගාස්තු ප්‍රතිපූරණය කරන අය සහ ධනවතුන්ගෙන් ඔවුන් කොල්ල කෑ ගනී. නමුත් මෙම ගාස්තු ප්‍රතිපූර්ණ වලද සීමාවක් ඇතිබව මෙම ප්‍රතිලාභ ලබන්නන් නොසිතන්නේ මන්ද ? ලෝකයාට පෙනෙන්නට අපිට මෙච්චරක් ගියා යයි උදම් අනන්නද ? මේවා සාවධානව කියවා බලා තේරුම් ගත යුතුය. ඔබගේ සීමාවේ මුදල් ඉතිරි වුවහොත් ඔබට වෙනත් අවස්තාවක ප්‍රයෝජනයට ගත හැක. නැතිනම් එම අරමුදල් භාවිතා කරන වෙනත් රෝගියකුට එම මුදලේ ප්‍රතිලාභය ලබා ගත හැක. රෝහල වෙත ගෙවන ගාස්තු ඉහල යනවිට රක්ෂණය වාරිකයද ඉහළ යා හැකි බව අප නොසිතන්නේ මන්ද ?


අප සේවා ආයතනයේ ගෙවීම් අංශයේ සිටින මාගේ මිතුරෙකු පැවසූවේ, අපගේ ආයතනයේ කුමන අයෙකු ශල්‍යකර්මයක් සඳහා ඇස්තමේන්තුවක් ගෙන ආවද, එය ආයතනය ගෙවන උපරිම මුදලට සරිලන ලෙස සාදා එවන්නට තරම් මේ රෝහල් උපක්‍රමශීලී වී ඇති බවය.

Durdans Hospital Invoice scanned copy

මෙහි හෙද සේවාව ගැන වචනයක් සඳහන් කල යුතුය. ඔවුන් තමන්ට නියමිත සේවාව උපරිම ඉහල මට්ටමකින් පවත්වාගෙන යයි. ඒ පිලිබඳ ඔවුන්ට ලැබී ඇති සම්මානය සාධාරණය. ඔවුන්ගේ සේවාව ඇගයීමක් වශයෙන් ඔවුන්ට මාගේ ස්තුතිය ඵල කරමි.
Durdans hospital nurse with nice smile
උපුටා ගත්තේ ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන්. 

මේ තියෙන්නේ ඔවුන් ලබපු සම්මානය. 

අවසානයේ පැවසිය හැක්කේ මෙය ඩර්ඩන්ස් රෝහලට ආවේනික දෙයක් නොව, සියළු පුද්ගලික රෝහල් සඳහා පොදු ලක්ෂණයක් බවයි.





62 comments :

  1. සම්පුර්ණ ඇත්ත.... But What to do?

    ReplyDelete
    Replies
    1. මේ වේ දැනුවත් කිරීමකින් අඩුම තරමින් අපිට කිහිප දෙනෙකු හෝ ගලවා ගන්න පුළුවන්. ඒ තමන්ට රක්ෂණයක් හෝ ප්‍රතිපූර්නයක් නැති බව පැවසීමෙන්.

      Delete
  2. මචං අපේ පෞද්ගලික රෝගල් වල අයකිරීම් ඉතා ඉහලයි.. ඕකට ප්‍රධාණම හේතුව හෙල්ත් ඉන්ෂූරන්ස් එක.. සම හරක් වෛද්‍යවරුත් තමන්ගේ ගාන වැඩි කරනවා ඉන්ෂුවරන්ස් කවර් එක තියෙනවා නම්. හොඳම දේ හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් නෑ කියන එක. එහෙම නැතුව මේක කවදාවත් අපිට නම් හදන්න බෑ. අනික ඉතින් කොලිටි දේ වලට මිලක් තියෙනවා.. අපිට ඕක ළොකු උනාට ඕක ලාබයි කියන සෙට් එකකුත් ලංකාවේ ඉන්නවා.. ඒ තමයි ඕපන් ඉකොනමි එකේ හැටි.. ඒ නිසා අපි මචෝ අපිට කරන්න පුළුවන් දේ කරන්න ඕන.. මට ඩෙංගු කියලා හොයා ගත්තේ නවළෝකෙදි.. මම බලෙන් ටිකට් කපාගෙන ගිහින් ජයවර්ධනපුරේ නැවතුනා.. අහසට පොළොව වගේ.. ඒත් නවළෝකේ හිටියා නම් මම මැරෙන්නේ ඩෙංගු රක්තපාත කම්පනයෙන් නෙමෙයි.. එක්කෝ හදවතේ කම්පනයකින්.. නැත්නම් මොළේ නහරයක් පිපිරීමෙන්..

    ReplyDelete
    Replies
    1. කොලිටි දේවල් වලට මිලක් තියෙනවා කියන කාරණය මමත් පිලි ගන්නවා. නමුත් උන්ගේ බිලින් වල කොලිටියක් නෑ කියලයි මම කියන්නේ. මේ සේවකයන්ට මෙහෙම මිනිසුන් හූරා කනවට ලැබෙන දෙයකුත් නැතිව ඇති. රක්ෂණය වගේ කොමිස් ගෙවන්නේ නෑනේ. අපිට ඉන්ෂුරන්ස් හෝ ප්‍රතිපූර්නයක් නෑ කිව්වොත් ඔවුන් පැහැදිලි බිලක් දෙන්නේ නෑ. උදාහරණයකට වෛද්‍යවරිගේ ගාස්තුව මුදල් වලින්ම ඉල්ලනවා. ඒවාට බිල් නොදී ඉන්න බලනව.

      Delete
    2. ඒවට ක්‍රම සහ විධි තියෙනවා.. ඔක්කෝම මෙතන ලියන්න බෑ නේ බං... සමාජයෙන්ම ඉගෙන ගත් යුතු දේවල්..

      Delete
    3. අපිටත් මොලේ පොඩ්ඩක් දියංකෝ මාතේ...

      Delete
  3. Dear Sudeeka,
    Dr. dilrukshi Ruberu is also a part of this mafia. It is true that she is very attractive but not professional as you think. There are lot more others better in treatments; specially for dengue. Food for thought.

    ReplyDelete
    Replies
    1. During this Admission I too realized it little bit.

      Delete
  4. මාත් සෑහෙන්න සන්තෝස් උනා බං අර ඇමතිතුමා කිව්ව දේට. එයත් ඒක කරන්න ගියොත් සේනක බිබිලේට වෙච්චි දේ තමා වෙන්නේ. ඒ තරම්ම මේ මාෆියාව දරුණුයි. උඹ දන්නවද ඔය ඉස්පිරිතාල වල හොදට මාර්කට් වෙන්න දොස්තරලට හොස්පිටල් එක ගානේ නොයෙකුත් පඩුරු ලැබෙනවා. හරියට බේත් කොම්පැනි දෙනවා වගේ..

    ලාභය.... ඒක මාර්කටින්.. ඇත්තටම බං අපේ රට හැම අතින්ම පිරිහිලා කියන එරකට මේකත් හොද සාධකයක්.. කිසිම තැනකින් පොදු මිනිහාට සැනසිල්ලක් නෑ.. දරුවාට සනීපද දැං.. බොට කියන්න මාත් පහුගිය මාස දෙකේම පොඩි උන් දෙන්නගේ ලෙඩ නිසා වැඩිපුරම හිටියේ ඉස්පිරිතාල වල

    ReplyDelete
    Replies
    1. අද කෙනෙක් මේවට ඉදිරිපත් වුණොත් සේනක බිබිලේට තිබුණා වගේ දස ගුණයක තර්ජනයක් ඇති වෙන්න පුළුවන්.

      Delete
  5. සුදික අය්ය කියන කතාව හරි... ඒත් කියල ඕවට කවුරු මොනව කරයි කියල හිතනවද...
    අනික පෞද්ගලික සෞඛ්‍ය සේවා තරං හොද බිසිනොස් එකක් ලංකාවෙ නෙවී ලෝක කොහෙවත් නැ...
    ඉතිං ඕව වැටෙන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම මම බෙදා ගත්තේ කවුරුන් හෝ එයින් වාසියක් අත් කර ගනී කියන බලාපොරොත්තුවෙන්.

      Delete
  6. // එක් අයෙකු රෝගීන් 75බැලුවේ නම්, එකී ආදායම 125 x 75 x 500 වේ. එය රුපියල් 46,87,500 ! ඔබ පිලි ගන්නවාද ? රුපියල් ලක්ෂ 18ක්. මාසයකට දවස් 25ක් සේවය සැපයුවොත් රුපියල් මිලියන 117ක්. //
    මේ ගණනය කිරීම හරිද..?
    ගණන වැරදුනත් ඔබ කියන දේ 100%ක්ම සත්‍යයක්. දරුවන්ගේ අසනීප නිසා ලද අත්දැකීමෙන් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා හරි. රුපියල් ලක්ෂ 18 කියන තැනට, ලක්ෂ 47 වශයෙන් නිවැරදි විය යුතුයි. නමුත් මාසෙකට ගණනය හරි. මෙතැන උනේ මුලින්ම වෛද්‍යවරු ගණන 50ක් ලෙස උපකල්පනය කර ගණනය කිරීම. ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ තිබෙන ගණන පසුව දුටුවේ. :)

      Delete
    2. ඔවුන් පවසන්නේ වෛද්‍යවරු 275ක් පැමිණෙන බව. නමුත් සාමාන්‍ය අගයක් ලෙස මා ගත්තේ 125ක් !!!

      Delete
  7. පොඩි මෙන්ඩියාව විල් එකේ තියලා සදු පෙර පාසල ඇතුලට ගිය ටිකට මු විල් එක ඇතුලේ වැටිලා තිබුන චොකලට් එකක් අහුලගෙන කාලා ඇගේ පලු දාලා වයිපරේ මිනුවන්ගොඩ හොස්පිටල් එකට අරගෙන ගිහින් හවස ටිකට් කපාගෙන එක්කගෙන ආවේ..

    ReplyDelete
    Replies
    1. පොඩි වුණත් මෙන්ඩියානේ.

      Delete
  8. other than the above see the average time a patient has to wait at the hospital until the doctor arrives. they never makes it on time and we will have to wait in the hospital for a longer period of time. Now all these doctors are in the Mafia. LET THEM EARN MONEY IN THE LIFE AND LET THEM PAY IN THE NEXT LIFE. WE PAY THEM AND CONSULT THEM AS WE DO NOT HAVE ANY OPTION.

    ReplyDelete
    Replies
    1. Very True. If they adhere to Pizza Hut policy, no patient needs paying.

      Delete
  9. ඩර්ඩන්ස් රෝහල සම්බන්දයෙන් මම දැක්ක දෙයක් කියන්නන්. මොන තරම් හොඳයි කිව්වත් මම නම් කිසිම සැත්කමකට හෝ වෙනත් වැදගත් කටයුත්තකට (දරු උපතක් වැනි) දෙයකට ඩර්ඩන්ස් රෝහල අනුමත කරන්නෙ නැහැ. හේතුව එම රෝහලේ කිසිම වැසිකිළියක අත් සෝදන දියර හෝ සබන් හෝ නැහැ. මෙය මා මීට අවුරුද්දකට පමණ පෙර නිරීක්ෂණය කල දෙයක්. මම මේ සම්බන්ධයෙන් එහි සිටි හෙඳියකට පැවසුවා. ඇගේ පිළිතුර වූයේ "අපිත් කියනවා සර්" යන්නයි.

    මා පසුගිය සතියෙත් වෛද්‍යවරයෙක් හමුවීමට එම රෝහලට ගියා. මට මේ වැසිකිලි වල අත් සෝදන දියර නැති ප්‍රශ්නය මතක් උන නිසා ඒ ගැන පොඩ්ඩක් හොයන්න හිතුව. මම බලපු කිසිම මහලක වැසිකිලි වල අත්සෝදන දියර නැහැ.

    පොඩ්ඩක් හිතන්න....! සැත්කමක් වෙලාවේදී ඒක පිරිසිදුවට සිද්ධ උනත් ? ඊට පසු රෝගියාට කරන පසු ප්‍රතිකාර වලදී මෙලෙස රෝහල පුරා පැතිරී ඇති අසූචි විසබීජ එම රෝගියාට ශරීර ගත වන්නට තියෙන අවස්තාව ඉතාම වැඩියි. අලුත උපන් කුඩා දරුවෙකුට හෝ දැඩි සත්කාර ඒකකයේ ඉන්න කෙනෙකුගෙ හරි ශරීර ගත උනොත් විය හැකි දෙය ඉතාම භයානක විය හැකියි.

    අත් සේදීමේ වැදගත් කම ගැන අනිත් සෑම රෝහලකම හැම තැනම පෝස්ටර් වලින් පවා දැනුවත් කිරීම් කරන වකවානුවක කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට මේ වගේ වගකීම් විරහිතව වැඩ කරන එක කිසිසේත් අනුමත කරන්න බැහැ. එම රෝහලට යන කෙනෙක් ඉන්නව නම් මේ ගැන සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා ඔබ කිව් කතාව ඉතා බරපතලයි චැනලින් රූම් වලවත් පිරිසිදු කිරීමේ කිසිම දෙයක් නැත්නං

      Delete
    2. අනිවාර්යයෙන්ම මේවා මුලික දේවල්. අපි මේවා පෙන්වා දුන්නේ නැතිනම් ඔවුන් දිගටම ඒ ක්‍රමය පවත්වාගෙන යනවා.

      Delete
  10. අපි ලේසිය පහසුවට ප්‍රයිවට් හොස්පිටල් යනවා තමයි.. ඒත් දැන් රජයේ රෝහල් වලත් තත්වය උසස් වෙලා කියලයි මට හිතෙන්නෙ...පිරිසිදුකම එහෙම සැලකියයුතු මට්ටමකින් ඉහල ගිහින්..ඒත් ඉතින් බෙහෙත්, උපකරණ වල අඩු පාඩු ඇති.. ඒ වගේම සමහර දොස්තරලගේ සැලකිල්ල රජයේ රෝහල් වලදී අන්තිමයි...

    ReplyDelete
    Replies
    1. ඔව්. මමත් මේ දේ දැක්කා. නමුත් පෝලිම් අඩු තැනකට යන එක අපේ පුරුද්දක් වෙලා නිසා මේ දුක් විඳින්න වෙලා තියෙනවා.

      Delete
  11. අපේ ළමයගෙ උපත වගේම පස්සෙ අැතිඋන පෙකනියෙ සංකූලතාවයකදිත් රත්නපුර මහ රොහල උපරිම වශයෙන් පහසුකම් සැලසුව. සමහර විට ප්‍රශ්න අැතිවෙන්න පුලුවං උනත් දැං ගොඩක් රජයේ රෝහල්වල පහසුකම් වැඩියි කියන එක පිළිගන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒවා ඔක්කෝම කරල තමා අපි තුන පුළුවන් කියල ඉදිරියට ආවේ..

      Delete
    2. ඔව්. නමුත් තදබදය තමයි ප්‍රශ්නේ.

      Delete
  12. කියලා වැඩක් නෑ ඔය අයකිරීම් කතාවනම් සහතික ඇත්ත සුදීක අයියේ. හැබැයි හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් නෑ කිවුවම ඔය බිල් කරන අය හොයලා බලනවා ඩිස්කවුන්ට්ස් ගැන එහෙම. අපේ තාත්තව එක්කන් යද්දි මමත් කියන්නෙ ඉන්ෂුවරන්ස් නෑ කියල.

    අනික එයාලගෙ එක එක ලෙඩවලට අදාළ ඩිස්කවුන්ට් ස්කීම් තියෙනව. අන්න ඒව ගැනත් බිල් කරන වෙලාවට පොඩ්ඩක් හොයල බලන්න. එක වතාවක් අදාළ රෝගයට සම්බන්ධ සැත්කමකට ඇඩ්මිට් වෙනකොට තුන්වන ගණයේ කාමරයක් ෆ්‍රී දෙනව කියල තිවුන දින පහකට. බිල් කරද්දි ඒක දැනගෙන ඇහුවට පස්සෙ ඒගොල්ලො අපි නැවතුනේ දෙවනි ගනයේ කාමරේක වුනත් අර දින පහකට තුන්වන ගණයේ කාමරයකට අදාල ගාස්තුව අඩු කලා.

    ඩර්ඩ්න්ස් රෝහල ගැන වැඩි පැහැදීමක් නැහැ.

    හෙදියොනම් රජයේ ඒවයෙ ඉන්න ලෙඩ්ඩු මරන්කන්න හදන කට්ටිය එක්ක බලද්දි අහසට පොළව වගේ. හැබැයි නිසි පුහුණුවක් නෑ මට පෙනුන හැටියටනම්. බ්ලඩ් සාම්පල් එකක් ගන්න ගියාම, කැනියුලා එකක් දාන්න ගියාම පණ යනව.

    මම දැක්ක තව දෙයක්.
    දවසක් රෑ දහයට විතර රූම් එක ඉස්සරහින් ගෑණුලමයෙක් කලබලෙන් එහෙ මෙහෙ දුවනව. කොරිඩෝවෙ නැතිවුන දෙයක් හොයනව. කාමර වලට තට්ටු කර කර ඇතුලට යනව, එනව. ටිකකින් අපේ දොරටත් තට්ටු කලා.
    බලද්දි එදා දවල් කෑම ගෙනත් දුන්නෙ එයාලු. ගෑරුප්පු විසි එකක් තිබිල දැන් තියෙන්නෙ විස්සයිලු.
    ඉතිරි ගෑරුප්පුව හොයාගෙන එන්න කිවුවලු ඕෆ් වෙන්න කලින්. නැත්නම් ඒ මාසෙ පඩියෙන් කපනව කියල.
    ඒ ලමයා සෑහෙන වෙලා කාමර එකින් එකට ගිහින් හොයලා ආයෙත් භාජන අරන් ගිය පාරෙ වැරිලද බලනව කියල ගියා ඇස් වල කඳුලුත් පුරෝගෙන.
    මොනතරම් හම්බ කලත් සේවකයන්ට සලකන්නෙ මේ තරම් නපුරටද කියල හිතුන එදානම්.

    ReplyDelete
    Replies
    1. බස්c....... buy one get one free වගේ පැකේජ් නැද්ද ඔය ගෝත කරුම හොස්පිට්ල්ස් වල.

      කොච්චර හම්බුකරත් සේවකයා කියන්නේ අහක දාන පොල් කුඩු ගානට තමයි වැටිලා තියෙන්නේ. ඕක තමයි කරුමේ.

      Delete
    2. අපි ඉන්න මානසික තත්වය නිසා ඒ දේවල් ගැන හොයා බලන්න අමතක වෙනවා. අපේ අවශ්‍යතාව ඉක්මනට ගෙදර යාම. මම හිටිය සෙක්ෂන් එකේ අයනම් (හෙදියෝ) බොහොම කදිමට වැඩ ටික කළා.

      Delete
    3. හෙදියෝ නං ඉතිං නැහීගෙන වැඩ කරලා සම්මාන පිට සම්මාන අරං දෙයි රෝහලට. ඒ වුණත් ඒ හෙදියන්ට රෝහලෙන් ලැබෙන්නෙ මොනවද?? අර, බස්C අක්කා කිව්වා වගේ, ප්‍රශ්ණ විතරයි.
      කරන සේවයට සරිලන වැටුපක් නෑ. රෝහල රොගීන්ගෙන් කොච්චර ගසාකෑවත්, හෙදියන්ට හා අනෙකුත් සේවක සේවිකාවන්ට සලකන්නෙ බොහොම පහත් විදිහට.
      කොටින්ම, ගෙවන වැටුප පවා බොහොම පොඩි ගාණක්. ඒ රස්සාවෙං ගන්න පඩිය, රස්සාවට යන්න බස් වියදමටත් මදි!!!

      සමහර රෝහල් වල ඒකදිගට පැය 24 හෝ 48 වගේ දිගු කාලයක් රාජකාරියෙ යෙදෙන්න වෙන වෙලාවල් තියෙනවා. ඒත් මොහොතකටවත් වාඩිවෙන්නත් තහනම්. පව් ඒ මිනිස්සු!!!

      මම ඒ වගේ රැකියා නොකලත්, මම හොඳටම දන්න උදවියගේ පෞද්ගලික අත්දැකීම් මං හොඳට දන්නවා. සමහර අවස්ථා වලදි මමත් මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ මිනිස්සු විඳින දුක මං හොඳට දැකලා තියෙනවා!!

      පෞද්ගලික රෝහල් සේවකයන්ට, සේවයට සරිලන වැටුපක් නෑ.
      රජයේ රෝහල් සේවකයන්ට, ලැබෙන වැටුපට සරිලන සේවයක් කරන්නෙ නෑ.

      අපිට කොහෙ හරි වැරදුනා බං සුදීක අයියේ!!! අපිට කොහෙ හරි වැරදුනා!!

      Delete
  13. පෞද්ගලික රෝහල් කියන්නේ රෝගීන්ගේ රීරි මාන්සේ උරාබොන යක්කු ජාතියක් කියලා මම මගේ හිතවතුන් කීපදෙනෙක් සම්බන්ධ සිදුවීම් රාශියකින් දැනගත්තා. මම හිතන්නේ නැහැ මේ රෝහල් නියාමනය සඳහා මේ ආණ්ඩුවවත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් එය විසින්වත් පියවර ගනියි කියලා. ඔය ඔක්කොම දේශපාලුවෝ ඉහලදේ ඉන්නේ එකම ස්ථාවරයේ. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හරියට හදාගන්න බැරි රටේ මෙව්වා සාධාරණීකරණය වෙයි කියලා හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අවුල තියෙන්නෙ රජයේ රෝහල්වල ඉන්න බහුතරයක් සේවකයොත් (සිකුරුට්ටාගේ සිට ඉහලට.) රෝගීන්ගේ රීරි මාන්සේ උරාබොන යක්කු ජාතියක් නෙව. ඒක මං හිතන්නෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල මේනියාවක්ද කොහෙද.

      Delete
    2. සහතික ඇත්ත විචාරක තුමෝ. මම කියන්නේ ජේ.වී.පී. වගේ පක්ෂ මේ වගේ දේවල් වලට පනත් ගෙනාවනම් හරි ලොකු දේවල් කරන්න යන්නේ නැතිව. මේවට කැමති නොවෙන්න කාටවත් බෑ.

      Delete
  14. එහෙන් කෑම එකට වස දානවා. මුන් අසර ණවෙච්ච වෙලාවට ගසා කනවා.
    අධ්‍යාපන ප්‍රතිපත්ති, සෞඛ්‍ය ප්‍රතිපත්ති ගැන කියනවා විතරයි හැමදාම.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඩූඩා කවදා නම් මේවා හරි යයිද කියලා.

      Delete
  15. මේක නම් ඇත්තෙන්ම ජාවාරමක්.. මුලින්ම හොඳයි හොඳයි කියා කියා එක එක කෑම ගෙන්නනවා.. ඒවා කවලා ලෙඩ කරවනවා. ඊට පස්සේ හොස්පිටල් එකේ දී ගසා කනවා.. අර නිර්සත්වයෝ කියල ගිය ටෙලිනාට්‍යයේදීත් මේ ගැන කතා කළා.. දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දැන් දියණියට හොඳයි. වැඩිහිටියන් වශයෙන් අපි ප්‍රවේසමෙන් ජීවත් විය යුතුයි. දරුවන් ගැන සෝදිසියෙන් ඉන්නත් ඕනේ.

      Delete
  16. සුදීක මහත්මයා කරුණා කරලා අර මකලා තිබෙන ෆයිනල් බිල් අංකය පල කරනවද?
    මම මේ සම්බන්ධව වගකිව යුතු තැන් දෙකකට වගේම ඩර්ඩන්ස් එකේ බෝඩ් එකටත් කම්ප්ලේන් කරගෙන යන්නේ. මටත් මේ වැනිම අත්දැකීම් කිහිපයක් තිබෙන නිසා. නමුත් මට අවශ්‍ය උනොත් සාක්ෂියට තව දෙදෙනෙක් පමණ එකතු කරගත යුතුව තිබියදියි මෙය කියවන්න ලැබුනේ. කරුණාකරලා සුදීක මහත්මයට ඒ සදහා ඉදිරිපත් විය හැකිද?

    ReplyDelete
    Replies
    1. ෆ්‍රී ඔෆ් චාර්ජ් ඔපරේෂන් එකක් කර ගන්න පුළුවන් වෙයි.. විහිළුවට කිව්වේ.. අරින්න එපා.. මම නම් හොස්පිටල් එක්කත්.. ඉස්පෙසොලිස්ට්ලා එක්කත් හොඳට පැටලිලා තියෙනවා.. ඒ පන්නරය මට ලැබුනේ ළිදෙන් පිටත් ගිහින් ආයේ ළිදට බැහැපු නිසා..

      Delete
    2. @ano : මට මේල් එකක් එවන්න.

      Delete
  17. සුදීක මචං....................

    අපි නම් විශ්වස කරන දේ තමයි ශ්‍රී ලංකාවේ තාමත් යස අගේට නිදහස් සෞඛ්‍යය තියෙනවා..(දැන් අපිට බනියි බෙහෙත් ටික එළියෙන් ගන්න වෙනවා කියලා. ශල්‍ය උපකරණ පවා එළියෙන් ගේන්න වෙනවා කියලා ඒත් ඇත්තට ම නිදහස් සෞඛ්‍යය ගැන තේරෙන්නේ පෞද්ගලික රෝහළක දුක වින්දාමයි) අනික පෞද්ගලික රෝහල් කවදාවත් රජයේ රෝහලක තරම් රෝගියා සම්බන්ධයන් වගකීමක් දරන්නෑ. . අනිතිමට අමාරු වුණොත් රජයේ රෝහලකට අරන් යන්න කියනවා. ඉතින් ඒකට අපි එතනට යන්න ඕනයෑ... කෙලින් ම මහරෝහලකට ගිහින් නතරවෙනවානේ...

    අපි සටන් කරනවා තමයි.. නිදහස් සෞඛ්‍යය නැති කරනවාට විරුද්ධව. ඒත් අපි පිළිගන්න ඕනේ දේ තමයි තාමත් අපේ රටේ පිටරටවල් වලට සාපේක්ෂව වගකීම් සහගත සෞඛ්‍ය සේවයක් තියෙනවා... ඒක අපි රැකගන්න ඕනේ... නිදහස් අධ්‍යාපනය වගේ ම.....................

    ReplyDelete
    Replies
    1. නිදහස් සෞක්‍යය හොඳයි. අපි වගේ වෙලාවත් එක්ක සටන් කරන අයට වැඩේ ටිකක් කරදර වෙනවා.

      Delete
  18. රජයේ රෝහල්වල ප්‍රතිකාර නිකන් දෙන රටක පුද්ගලික රෝහල් නියාමනය ගොන් වැඩක් ඉල්ලුමට සැපයුම මත ගාන තීරණය වේවි. රජයේ රෝහල් වල පහසුකම් සහ කාර්යක්ෂමතාව වැඩි කරනවා නම් නිකන්ම පුද්ගලික රෝහල් වල ගාන පාලනය වේවි.

    ඔය රෝහල නම් අනෙක් ඒවාට වඩා චා තමයි කොහොමත්.

    ReplyDelete
    Replies
    1. මේවට යන අයගේ අරමුණු විවිධයි. නමුත් මගේ අරමුණ නම් පහසුව. ඒක සැපයෙනවා නම් ටිකක් ගණන වැඩි වුණත් කමක් නෑ. නමුත් ලෝකෙ නැති ගාස්තු අය කිරීම අසාධාරනයි.

      Delete
  19. අර උඩින් කෙනෙක් කියපු විදිහට චැනලින් සර්විස්වල ලෙඩ්ඩු විඳින රස්තියාදුව හරිම සවුත්තුයි. දොස්තරලා කියන්නේ දෙවිවරු කියලා හිතන් ඉන්නේ. ඇපොයින්ට්මන්ට් අවලංගු කරනවා, කියන වෙලාවට එන්නේ නැහැ. මේ දේවල් නියාමනය කරන්න ආයතන නැද්ද... වෙන රටවල පෞද්ගලික ආයතන කොතරම් customer friendlyද....අපේ ප්‍රයිවට් බස්, ප්‍රයිවට් හොස්පිට්ල්ස්, ප්‍රයිවට් ඉස්කෝල මේවා ඔක්කොම මාෆියා කංඩායම් වගේ.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රයිවෙට් සේවාවන් හරියට අපිව ගසා කන්න දීපු ලයිසන් වගේ. මගේ මේ උත්සාහයත් මේවා ගැන දැනුවත් කරන්න.

      Delete
  20. මට මතක් වෙන්නෙ මයෙ මලයව ඇපෙන්ඩිසයිටිස් ඔපරේෂන් එකට ගම්පහ තියෙන ප්‍රධානතම පුද්ගලික රෝහලකට ඇතුලත් කරපු වෙලාව....මලයට පූර්ව ලක්ෂණ එනවා යනවා මට්ටමේ තමයි සෑහෙන කාලෙක ඉදන් තිබුනෙ...නමුත් එක පාරටම සෑහෙන්න අමාරු උනා...රජයේ රෝහලකින් සැත්කම කරන්න පෝලිමේ ඉන්න වෙනවා..ඇරත් මලයා ඒ වෙද්දි රැකියාව කරපු ඇමරිකානු රතු කුරුසිය සෞඛ්‍ය රක්ෂණ ආවරණයකුත් දීලා තිබුන නිසා දෙපාරක් හිතන්නෙ නැතුව ඇල්ලුවා පුද්ගලික රෝහලට...

    මලයව ඉම්බෙ නැති ටික විතරයි...හරිම ආදරයෙන් පිළිඅරගෙන...කාමර මිළ ගනන් කිව්වම මම හොදම එක ගත්තා...ඒකට පත්තර ටීවි කෑම බීම සියල්ලම එනවා. මලයගෙ ඔපරේෂන් එක කලේ නවත්තගෙන දවසකට විතර පස්සෙ. ඒක කරන්න උගෙ අහවල් තැන මයිල් බාන්න ආව රෝහල් සේවකයෙක් මට කිව්වෙ භය හිතෙන කථාවක්...බලන්න අර නර්ස්ලා කිසිම ආරක්ෂාවක් නැතුව සෙරෙප්පු දාගෙන ශල්‍යාගාරයට යනවා...රජයේ රෝහල් වල ඔහොම නෑ. බැරිවෙලාවත් ඔපරේෂන් කරපු ලෙඩෙකුට විෂබීජයක් ගියොත් ඉතිං සෑහෙන්න අමාරු වෙනවා...එහෙම කියලා මිනිහා රබර් සෙරෙප්පු දාගෙන ශල්‍යාගාරය ලග කැරකෙන නර්ස් නෝනලාවත් පෙන්නුවා...

    අන්තිමට බිල එද්දි ගෙවන ක්‍රමය ඇහුවාම බොරු ගනන් දාලා බිල වැඩි කරනවා...අපේ එකාට ලක්ෂයකට කිට්ටු බිලක් ලැබිලා තිබුනා...දවස් 4 කට. නමුත් අර වගේ ලෝකයට නිරාවරණය වෙන්නෙ නැති අඩුපාඩුත් මේවායෙ තියෙනවා...කරන්න දෙයක් නැති නිසා ඔපරේෂන් එක කලාට...ඒ ශල්‍යාගාරයෙ අවධානමක් තිබූ බව මගේ හිත අදටත් කියනවා...

    දියණියට ඉක්මන් සුව පතනවා !

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මේක අපේ ජාතියේ වැරද්දක්. අනෙක් කෙනා ගැන හිතන්නේ නැති කම. ජපානය වගේ රටකින් පාඩම් ඉගෙන ගන්න වෙනවා.

      Delete
  21. සුදීක මචං, මං හරිම කම්මැලියෙක් නිසා මාත් කාලයක් යනකං හෙම්බිරිස්සාවක් හැදුනත් ප්‍රයිවෙට් යන්න පුරුදු වෙලා හිටියා. ඒක වෙනස් කලේ අපේ ගෙදර උන්දෑ. මොන එහෙකටද මංදා එයාට ප්‍රයිවෙට් ඉස්පිරිතාල පෙන්නන්න බෑ. මගේ ලමයි දෙන්නම හම්බුනේ මහමෝදර ඉස්පිරිතාලේ. අදටත් බෙහෙත් ගන්නේ බදුල්ලේ හරි ගාල්ලේ හිටියොත් මහමෝදර හරි ඉස්පිරිතාලෙන්, මහමෝදර ඉස්පිරිතාලෙට හවස තුන හමාරට හතරට ගියොත් නිදහසේ බෙහෙත් ටික අරං එන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව.. උන් සර්, මැඩම් කියන්නෙ නම් නෑ.. හැබැයි බෙහෙත් දෙනවනේ.. ඒ මදැයි.. වෙන කොහෙදි නොකරත් ඉස්පිරිතාලෙකට යනකොටනම් මං දන්න අඳුනන එකෙකුට කතා කරල පෝලිං වල ඉන්නෙ නැතුව බෙහෙත් ටික අරන් එනව.. වැල යන අතට මැස්ස ගහනව එතනදි.. කරන්න දෙයක් නෑ. මටත් දැන් මේ පෞද්ගලික ඉස්පිරිතාල දිරවන්නෙ නැති ලෙඩේ බෝ වෙලා.. ඒක සාක්කුවටනම් මාර සනීපයක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මටත් දැන් පයින් යන දුරින් තියෙන කළුබෝවිල රෝහලට යන්න හිතෙනවා.

      Delete
  22. mata awurudu 22k wenawa tama privet hospitel ekaka athulata gihin na

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. කිසිදා යන්න නොලැබේවා කියා පතනවා.

      Delete
  23. මේ කතාවනම් ඇත්ත. මම මගේ ලෙඩකට චැනලින් එකෙකින් චැනල් කෙරුවා. රු 6000ක් විතර වියදම් වුනා නිකන් බොරුවට reports වලට... එත් අන්තිමේදී පස්සේ සිංහ රෝහලෙන් චැනල් කරපු ඩොක්ටර් බැන්න මේ ලෙඩේට මෙච්චර reports ගන්න කිව්වේ කවුද කියලා....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දොස්තර කෙනෙක්ගෙන් ලියුමක් අරන් නඩු දාන්න වටින්නේ.

      Delete
  24. සහතික ඇත්ත..දැන් තියෙන හැම පුද්ගලික රෝහලක්ම ගහන්නෙ එකම බෙර පදේ.මොකද මිනිස්සුන්ට ඒ දේවල් වලට මොකුත් කියන්නත් බැහැ.ඉහලින්ම තමයි ඉතින් මේ වගේ දේවල් වලට බෙහෙත් දෙන්න ඕනෙ.නිට්ටාවට සුව වෙන්න දුන්නෙ නැත්නම් වැඩකුත් නැහැ.

    ReplyDelete
  25. දියණියට ඉක්මන් සුව පතනවා !.මේක සියලුම මුදල් අයකරන හොස්පිටල් වලට පොදුයි.

    ReplyDelete
  26. පුද්ගලික රෝහල් වල තියෙන ප්‍රධානම අඩුවක් තමයි පුහුණු අය අඩුකම. ගාණනම් තනිකරම රක්ෂණයත් එක්ක ටැලි වෙන දෙයක්. ලේ ගන්න ගියාම, කැනුයුලා එකක් ගහන්න ගියාම කෙලින පිස්සු දැක්කහම ඇඩෙනවා. මගේ අවු 3.5 දරුවා උන හැදිලා අරන් ගියාම කැනියුලා එක ගහන්න හතර තැනකට විද්දා. වෙනදා ඉන්ජෙක්ෂන් එකක් ගහද්දිත් ගාණක් නැතුව ඉන්න දරුවා බෑම කියලා ඇඩුවා. මම අනිතිමට වලියක් දැම්මා පුරුදු කෙනෙක් එවන්න නැත්නම් මම හොද වැඩක් කරනවා කියලා. ඒ පාර ඩොක්ටම ඇවිල්ලා බැන බැන වැඩේ කරා. මුලදි මම නැතුව වයිෆ් තමයි බබාව ඇඩ්මිට් කරලා තිබ්බේ. හදිස්සියට ඇදගෙන ගිය විදිහ දැක්කහම දීලා තිබුනේ අන්තිම ජරා කාමරයක්. හැරෙන්නවත් ඉඩක් නැහැ. මම ගිහිල්ලා ඇහුවා ඇයි කියලා. ඒ පාර කියනවා අපි හිතුවා අඩු ගානක කාමරයක් බලන්නේ කියලා. මම ඒ පාර ඒක වෙනස් කර ගත්තා.

    අනිත් අඩුව තමයි ලොකු අසනීපයකට බෙහෙත් කරන්න ගියොත් ඩොක්ටර්ව වෙනම ගෙන්නන්න ඕනේ. වොඩ් වල බලන ඩොක්ට කියන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති මැට්ටෙක්. උගෙන් දෙයක් ඇහුවොත් දෙන උත්තරේට ඇගේ මාළු නටනවා. රජයේ රෝහලක සැලකීම අන්තිම වුනත් ලොකු අසනීපයකදි පුළුවන් තරම් කෙයා කරනවා. අනිත් එක හැම වෙලාවෙන ස්පෙෂලිස්ට් කෙනෙක් ඉන්නවා තත්වේ බලන්න. ඩෙංගු වගේ දේකදි පොඩි ලමයෙක් නම් පැයෙන් පැයට බලනවා.

    මට මේ අත්දැකීම් දෙකම තියෙන නිසා මම නම් අමාරු අසනීම තත්වයකදී යන්නේ රජයේ රෝහලකට විතරයි. ඒතනින් සුව වෙලා රෙස්ට් කරන්න වගේ වෙලාවකදී තමයි ප්‍රයිවට් යන්නේ.

    ReplyDelete
  27. දැනුවත් කිරීමට නම් ස්තූතියි සුදීක.
    ජයවර්ධනපුර රෝහල අර්ධ රාජ්‍ය නිසා වෙන්න ඇති මිල ටිකක් අඩුයි..! ඒත් බෙහෙත් පිටින්.

    ReplyDelete
  28. බුදු දෙසුමේ නං තියෙන්නේ "අාරෝග්‍යා පරමා ලාභා" කියලා. හැබැයි දැං ගොඩක් අය ඒක වෙනස් කරගෙන. පෞද්ගලික රෝහලක් අාරම්භ කරගෙන, ඒ අනුව "අාරෝග්‍යශාලා පරමා ලාභා" කරගෙන තියෙන්නේ!!!

    හැමෝගෙම අැස් අරින්න මේ ලිපිය ලිව්වට බොහොම ස්තූතියි සුදීකයියේ!!

    ReplyDelete
  29. පවතිනා රජයක් විසින් යම්කිසි ප්‍රමිතියක් ලබාදෙනතුරු සහ දැඩිව ක්‍රියාත්මක කරන තුරු, මේ කාර්ය වඩාත් සංවිධානාත්මක සහ පුර්ණ ලෙස මොවුන් කරගනු ඇත. ඒ ද පවත්නා රජය මුදලින් යටපත් කල හැකිද නැතිද යන්න මත රඳා පවතින්නකි. ලංකාව වැනි අවම වැටුප්තල රාජ්‍ය තන්ත්‍රය තුල පවත්නා විටක දුෂණය ඉහවහා යනු වැළැක්වීම ද මේ බිල්පත් සංශෝධනය කිරීම හෝ රෝහල් පරිපාලනය කිරීම වැනිම වන කාර්යයකි.

    ReplyDelete
  30. No matter what says,Durdans is considered as the best hospital in Sri Lanka and that is why it received the JCI accreditation first ( JCI is the global accreditation body in healthcare that checks and monitor all activities in hospital, it is a world wide accepted standard).
    We should admire that these hospitals are available for us to go for treatments and they save lives of many even at a fee. Because as we all know, there are many people who are failing to access any type of healthcare ( private or public) and end up with many complications. So I presume as Sri Lankans we should be proud,we have these types of private hospitals with world recognized standards to serve patients.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...