Thursday, November 6, 2014

ලොල්ද මන්දා අංක 18 :

කොහුවල හන්දියේ මුස්ලිම් විරෝධතාවක්

...... Anti Muslim Picket at Kohuwala Junction
මම දවසක් ඇර දවසක් ඔෆිස් ඉඳලා ගෙදර එන්නේ කැස්බෑව - කඩුවෙල බස් එකක. මොකද 163 බස් එකේ ඔය ගමන ආවොත් තලංගම බස් ඩිපෝව ගාව ඉඳලා කළුබෝවිලට එන්න පැය එකහාමාරක් විතර යනවා. නමුත් සී.ටී.බී. මේ බස් එක, කාර්යාල සේවකයන් රැගෙන යන්නම යොදා  තිබෙන නිසා, අතන මෙතන ටැග් ගැහෙන්නේ නැතිව එනවා. 5:05 ට හරියටම තලංගම ඩිපෝ එක තියෙන බස්ත්තරමුල්ල-කොස්වත්ත අතර ස්ථානයට එන මේ බස්රථය කොහුවලට 5:35 ත් 5:40 ත් අතර එනවා. එහෙම එන මම සුමනදිසි එකෙන් මොනවා හරි බඩට දාගෙන, පොඩි එකීටත් මොනවා හරි අරගෙන ගෙදර යන්න බස් එක ගන්නේ, කොහුවල හන්දියේ ට්‍රැෆික් එකේ නවත්වලා තියෙන 176ක්. ඒ නැග්ගට තව විනාඩියක් විතර බලාගෙන ඉන්න වෙනවා. 

ඊයේ හවස මෙතනින් කහ ඉර මාරු වෙලා පොලීසිය පැත්තේ තියෙන පෙට් යන්ත්‍රයට යන්න බලාගෙන ඉන්නකොට අහන්න ලැබුණ සිද්ධියක් තමයි අද කියන්න යන්නේ. අපි කවුරුත් කහ ඉර ගාව පොදි ගැහිලා හිටියේ ඉක්මනින් අනිත් පැත්තට පැන ගන්න. ඒත් වයසක අන්කල්ලා දෙන්නෙක් උඩ බලාගෙන කයියක් ගහනවා දැකලා මම හිමිං සීරුවේ පස්සට ගිහින් ඒ දෙන්නා ගාව පාක් කළා. 

බලන්න පෙරේරා මහත්තයා රටකට ගිය කලක්. පෝය දවසත් මුන් අපෙන් උදුරා ගත්තා. ආණ්ඩුවේ උනුත් එකයි, යූඇන්පියේ එවුනුත් එකයි. මේවට කවුරුත් විරුද්ධ වෙන්නේ නෑ. 
මොකක්.... සෙනරත් මහත්තයා. ඒ කොහොමද ? දැන් පෝයට නිවාඩු නැද්ද ? අපි ඉතිං පැන්ෂන් කාරයෝනේ. අපිට හැමදාම නිවාඩු.
නෑ. නෑ. තවම නිවාඩුවට නම් කෙලියේ නෑ. ඔහොම ඔලුව උස්සල පොඩ්ඩක් අර බලන්න පෙරේරා මහත්තයා. (පාරෙන් අනෙක් පස පිහිටි තුන්මහල් ගොඩනැගිල්ලේ ඉහල මාලය වෙත අත දිගු කරයි)
මොකක්ද ? මොකක්ද ? හපොයි ඇත්ත නේන්නම් සෙනරත් මහත්තයා. ඔය හිරු ටී.වී. කියන්නේ අර දුමින්දයාගේ ටී වී එක නේද? උන්ට ජාතියක් ජම්මයක් නෑනේ.  
 ඔව්. ඔව්. ආණ්ඩුවටත් කිසිම ගානක් නෑ. අපි මේ ආණ්ඩුව හදා ගත්තේ මේ වගේ පරගත්තන්ට බඩ පිනුම් ගහන්නද පෙරේරා මහත්තයා. මටත් හිතෙනවා දැන් චම්පික උන්නැහේ ජානධිපතිවරනෙට ඉල්ලුවොත් සපෝර්ට් කරන්න. 
අපිට වෙන විකල්පයක් නෑ සෙනරත් මහත්තයා. ඇත්තටම පෙරේරා මහත්තයත් දකින දේවල්. මම නම් කිසි වටපිට බැලිල්ලක් නෑ. යන්න ආ ගමන යනවා මිසක.
මමනං වටපිට ගැන හොඳ හෝදිසියෙන් යන්නේ. විශේෂයෙන් මේ දවස් වල. අපි මේකට මොනවා හරි කරන්න ඕනේ.  
 හරි එහෙනං අද ගෙදර ගිහිං දන්න-දන්න අයට කතා කරලා කියමු. අපි මේකට විරෝධයක් දක්වන්න ඕනේ. අපේ හෙළ උරුම කට්ටිය හැමෝම එයි. පෝය දවස් වලට තම්බින්ගේ හම්පඩ පිච්චර් පෙන්නන්න .... මුන්ටම ගිය රටනේ...
 මමත් මේ සීන් එක මොකක්ද කියලා තේරුම් ගන්න පොඩ්ඩක් උත්සාහ කළා. මේක දැකලා මට ආපු හිනහව නවත්වා ගන්න බැරි වුණා. මේ දවස් වල තියෙන හුලං සහිත වැහිබර කාලගුණේ නිසා වෙච්ච වැඩක්. මොකක් හෝ අඳුරු කොල කෑල්ලක් කැරකිලා ගිහින් බෝඩ් එකේ ඇලිලා. එතන තියෙන අකුර "" යන්න වුණත් "" යන්න විදියට පෙනිලා. ඔය පහළ තියෙන ලින්ක් එකෙන් ගිහිං බලන්න වැඩේ තේරුණාද කියලා.   වෙලාවට පොඩි අකුරු මේ දෙන්නට පෙනිලා නෑ. 


මෙන්න මේකට තමයි මේ කට්ටියට යකා නැගලා තියෙන්නේ.

36 comments:

  1. අම්මේ. ලේ රත් වෙන්න ඇති ඒ උත්තම මිනිස්සුන්ගේ

    ReplyDelete
  2. තාමත් රත් වෙලා ඇති සමහරවිට.

    ReplyDelete
  3. ඇත්ත නේන්නං පෙරේර මහත්තයා මාත් එනව.. ඔය අක්බරය පෝය දාට විතරක් නෙවෙයි අනිත් දවස් වලටත් පෙන්නනව කු.දු. ගේ අයියගේ හොරු නාලිකාවේ. සමහරු පිස්සුවෙන් වගේ බලන්නේ.. කරමු කරමු උද්ඝෝශණ..

    එකනෙවෙයි.. සුදීකයියට ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් හම්බෙලා තියනව චන්දනගෙ බෝතල් කවි සාජ්ජෙ කවි කියුටව.. ගිහින් ගත්තෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මටත් මල පැන්නා පෝය දවසේ ඩෙඟා නටන්න හදනකොට.

      අම්මේ කවි නම් මට බැරියෝ.

      Delete
  4. හෙට එද්දී බොර්ඩ් එක තියෙද දන් නෑ...ඔව්යේ වැඩිය හොයලා බලලා වැඩ කරන කට්ටිය අඩුයිනේ....
    ]

    ReplyDelete
    Replies
    1. අද හවස තමයි කියන්න පුළුවන්.

      Delete
  5. පෝදා අල්ලාහු අක්බර් කිව්වනම් අර මහත්තුරු දෙන්නා මාරාවේශ වෙනවා ෂුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට කියන්න තිබුණේ එහම. පොඩි අකුරෙන් තියෙනවා කියලා.

      Delete
  6. (Maragena) merenna watina wedak thamai yko hina wela.(Ranjan)

    ReplyDelete
    Replies
    1. මම අද හවසට ෆොටෝ එකක් ගන්න බලන්නම්. මේ මිනිස්සුත් එක්ක බෑනේ. වටවෙලා බලනවා.

      Delete
  7. ඔය වගේ පිචෑර් වැඩි වැඩියෙන් පෙන්නන්ට ඕන මේ දව්ස්වල්...මෝසම් වැස්ස අන්තිමේ ජනේරු කුණාටුවකුත් එනවලු.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ... එහෙනං පරිස්සමට ඉන්න ඕනේ.

      Delete
  8. ඒක පහල ඉඳන් බලන කොට නම් පේන්නෙත් පෝදා වගෙ තමයි. ලස්සන කතාව. බර්, බාර් වගෙ පෙනුනෙ නැතුව මදෑ. :D

    ReplyDelete
    Replies
    1. පෝදා .... ඇතබාර් වගේ දැක්ක නම් ශෝක්.

      Delete
  9. හී හී හොඳටම හිනා ගියා...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ආසම ෆිල්ම් එකනේ ...

      Delete
  10. පෝදා අක්බාර් පිහිට තමයි එහෙනං.

    ReplyDelete
  11. පට්ට කතාව.............. හොද වෙලාට ඔතන ඇලවුණේ... වෙන තැනක නැතුව............

    ReplyDelete
  12. සුදීක....ඕකේ ජ යන්න ප යන්න වුනාවගේ තව මොකක් හරිවෙලා 'අක්' කියන අකුරු දෙකත් වැහුනා නම් කොහොමද? කාව හරි දම්මලා හරි වැඩේ කරානම් හරි.

    ReplyDelete
    Replies
    1. එහෙනං අංකල්ලා දෙන්නා පෝයදා උදේ පාන්දරම එතන.

      Delete
  13. මෙන්න මේවා ලැබිලා තියනවා මේ Film එකට

    Filmfare Awards

    Won Best Film – Ronnie Screwvala and Ashutosh Gowariker
    Won Best Director – Ashutosh Gowariker
    Won Best Actor – Hrithik Roshan
    Won Best Lyricist – Javed Akhtar
    Won Best Background Score – A. R. Rahman

    IIFA Awards

    Best Picture
    Best Director
    Best Actor
    Best Music Director
    Best Lyricist
    Best Male Playback
    Best Art Direction
    Best Background Score
    Best Costume Design
    Best Editing
    Best Makeup

    International

    Golden Minbar International Film Festival of Muslim Cinema (Kazan, Russia)

    Won, Best Film (Grand Prix) – Ashutosh Gowarikar
    Won, Best Actor Award – Hrithik Roshan

    32nd São Paulo International Film Festival (Brazil, South America)

    Won, Audience Award for Best Foreign Language Film – Ashutosh Gowarikar

    සොයාගත්තේ :- http://en.wikipedia.org/wiki/Jodhaa_Akbar#Filmfare_Awards

    ReplyDelete
    Replies
    1. oye film eka nemei dan pennanne...hena bahubuthayak...ekath Mega tele ekak karala....film eka lassanai...hiru eke dan pennana eka hena vikarayak :3

      Delete
    2. ඔව් සාගර. දැන් පෙන්නන්නේ මෙගා ටෙලියක්. මම බලන්නේ නම් නෑ.

      Delete
  14. Replies
    1. මෙන්ඩියා උඹ උසාවියකට එහෙම යන්න එපා. නඩුකාර හාමුදුරුවෝ උඹව කූඩුවට දායි.

      Delete
  15. hehe..මේක ඇත්තටම වෙච්ච එකක්ද?

    ReplyDelete
  16. අද උදේ මම මුණු පොතේ දැක්කා රුපවාහිනියේ Prison Break dub කරලා පෙන්නන්න යනවා කියලා එකත් කොරියන් නාට්ටි වගේ dub කෙරුවොත් නම් නියමෙට තියෙයි...

    ReplyDelete
  17. කැත සිද්ධිය නේද...වෙලාවකට පවු කියලත් හිතෙනවා වයසක අය ඉතින් ශාරීරිකව දුබල පිරිසක්නෙ...ඒ අයට සමහර මෙවැනි වැරදි වෙනවා.

    අයවැයෙන් වාහන මිළ අඩු කලා නේද...බැංකුවක ඉන්න එකේ වාහන පොඩ්ඩක් ගත්තොත් නරකද ?

    ReplyDelete
  18. ඒ අන්කල් ගේ දේශප්‍රේමී ජාතිමාමක හදවත උණුවෙන්න ඇති නේද?

    පට්ට කතාව සු.දී.ක.

    ReplyDelete
  19. පෝදා අක්බර්...
    හික් හික්...ඒකෙත් ආතල එකක් තියෙනවා නේද?

    ReplyDelete
  20. හයියෝ සල්ලි කිව්වලු..... වැඩක් නෑ කියලා මෙහෙම උන්දලා තමා අපේ රටේ ඉන්නේ..
    බ්ලොග් එක ලෝඩ් වෙනවා නම් මාර ස්ලෝ අයියා.. හරියට අර මන්දගාමී දුම්රියක් යනවා වගේ.. පොඩ්ඩක් බලන්න .වේවි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...