Wednesday, October 8, 2014

මෙන්න කරනවනම් වැඩ - ඔබේම දෑතින් ...... Another Do It Yourself (DIY) project ......

අපේ පැරැන්නන් එදිනෙදා ජීවිතයේදී තමන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කර ගත්තේ ඔවුන් විසින්ම. කිසිම දෙයක් රටින් හෝ පිට ගමකින් වත් ගෙන්වා ගැනීම මදිකමක් ලෙස ඔවුන් සැලකුවා. අද තත්වය ගත්තොත් ඉතා ශෝචනීයයි කියන එක තමයි කියන්න වෙන්නේ.අද අපේ රටට බොහෝ දේවල් විදෙස් වලින් ගේනවා. ආනයනය කරනවා නොකියා ගේනවා කිව්වේ,මේවා ගෙන්වීමේ කිසිම ප්‍රතිපත්තියක් නැති නිසා.බොහෝවිට මුදලාලි කෙනෙක් තමයි ගෙන්වන්නේ. ඒකත් ඉතින් ආනයනයම තමයි.හැබැයි මහා බැංකුවේ පොත්පත් වල ආනයනගිණුමට මේවා එකතු වෙන්නේ නෑ. එක අතකින් මෙලෙස ඇදී යන්නේ විදේශ විනිමය නේද ? කියලා හිතෙනකොට ඇති වෙන්නේ කනගාටුවක්.මේ දේවල් අපිට නවත්වන්න බෑ. හැබැයි අපි කරන පුංචි දෙයකින් මේ දේවල් වල බර අඩු කරන්න අපිට පුළුවන්. කොහොමද එහෙම කරන්නේ ?ඔබට හිතෙන්න ඇති.

අපි වගේ පුංචි මිනිසුන්ට මේ වගේ මහා පරිමාණ වෙළඳාම් / ජාවාරම්  නවත්වන්න බෑ. එහෙමනම් අපි කෑ ගහලත් වැඩක් නෑ. අපිට කරන්න බැරි වැඩක් වෙන කෙනෙක්ට කරන්න කියලා කෑ ගහන එක තේරුමක් නෑ. තේරුමක් තියෙනවා, එහෙම හඬ නැගීම් අවශ්‍යයි. නෑ කියනවා නෙවෙයි. ඒ දේවල් නිසා කෙරෙන දේ නවතින්නේ නැති නිසයි මම අලුත් විකල්පයක් ගැන හිතුවේ.

මේ වගේ අදහසක් මගේ ඔලුවට ආවේ අවුරුදු පහක් ඇතුලත ගත්ත තුන්වෙනි ඔෆිස් බෑග් එකත් ඉතා වේගයෙන් භාවිතාවට ගත නොහැකි තත්වයට පත් වෙන්න ආවාම.මගේ මතකය නිවැරදි නම් අන්තිමට මම බෑග් එකක් ගත්තේ පෙබරවාරි මාසේ. අරගෙන මාස හයක් යන්නත් කලින් ඒකෙ තියෙන ලෙදර් පටියක් හම යන්න පටන් ගත්තා. ඊට කලින් ගත්ත එකටත් වුණේ ඔය දේමයි. හැබැයි මේ දෙකටම කලින් ගත්ත බෑග් එක තවම හොඳ තත්වයේ තියෙනවා. ටිකක් ගාන වැඩියි තමයි. ඉතාම කණගාටුවෙන් කිව යුතු කාරණය තමයි මේ තුනම චීනයේ හදපුවා. මුල් දෙකම ගත්තේ හමීඩියා එකෙන්.දැන් මේක කියවන සමහරුන්ට මෙහෙම හිතෙනවා ඇති "හොඳ වැඩේ මූට - හම්බයන්ගේ කඩවල් වලින් බඩු ගන්නවට", තව කෙනෙකුට මෙහෙම හිතෙනවා ඇති "කයිය ගැහුවට අරං තියෙන්නේ චීන බඩුනේ. කැඩෙන එක අහන්නත් දෙයක්ද ?"තුන්වෙනි එක ගත්තේ රෝමාෆෝඑකෙන්.  

හැබැයි ඔය කතා දෙකම සම්බන්ධයෙන් මම මෙහෙම අහනවා "එහෙනං කොහෙන්ද ගන්න පුළුවන්?" චීනත් නොවෙන හම්බත් නොවෙන තැනකින් බඩු ගන්න පුළුවන් හැබැයි මම වගේ රැකියාවක් කරන කෙනෙකුට නෙවෙයි, ව්‍යාපාරිකයෙකුට.අද කාලේ අඩුවට ගන්න පුළුවන් චීන බඩුම තමයි.මේ දේ ඇමරිකාවට, එංගලන්තෙටත් පොදුයි. ඒ රටවල් දෙක යැපෙන්නෙත් ඔය කියන චීනේ නිසා. හැබැයි අපිට එවන මට්ටමේ බඩු එහෙ යවන්නේ නෑ. තියෙන බාලම ඒවා තමයි අපිට පටවන්නේ. චීන්නු බඩු සපයත්දී අහන්නේ මිල.ඔබ කියන ගණනට ඔවුන් භාණ්ඩය නිෂ්පාදනය කරනවා. හැබැයි කොලිටියක් නෑ. මෙන්න මේ කාරණය නිසා අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරපු අයත් දැන් චීනේ පැත්තට හැරිලා. මොකද ඔවුන් ඔබේ ලේබලය් භාණ්ඩ නිෂ්පාදනය කරන්න කිසිම අකමැත්තක් නෑ. ඒ වගේම අඩුවට. කොහොමද වැඩේ ? දේශීයව නිෂ්පාදනය කරනවාට වඩා මේ සිම්පල් ප්ලෑන් එක එයාලට පහසුයි.

මම කියන්න ආවේ වෙන කතාවක්.නමුත් ලියන්න වුණේ තවත් එකක්. කොහොම වුණත් මේ කියන්න යන "Do It Yourself" ව්‍යාපෘතිය වගේ දේවල් වලින්,අර කලින් කියපු විදේශ විනිමය ගලා යාම දශම ගණන් වලින් හරි අඩු කරන්න දායක වෙන්න පුළුවන්. ග්‍රොසරි බෑග් එකක් දෙවතාවක් භාවිතා කිරීමෙන් එම නිෂ්පාදනය අඩක් කරන්න පුළුවන් කියලා මම ඩේලි නිව්ස් පත්තරේ දැන්වීමක් දැක්කා. මේකත් ඒ වගේ වැඩක්. 

හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ඔය මිනිසුන්ට යාදෙනවා කියලා තියෙන්නේ. අන්න ඒක.ඒ  කියන්නේ සමහර අයට කොච්චර හොඳ දේවල් ලැබුණත් එයාලා ගාව තියෙනවා හම්පඩ වෙච්ච පරණ එක හරි යනවා. උදාහරණයක් තමයි බොහෝ දෙනෙක් ගාව තියෙන පසුම්බිය නැත්නම් පර්ස් එක. කොච්චර අලුත් ඒවා හම්බ වුණත්, ගත්තත් අර පරණ එකම තමයි හරි යන්නේ. මගේ අර මුලින්ම් ගත්ත බෑග් එකත් අන්න ඒ වගෙයි. වැඩිපුර ආලවට්ටම් දාන්නේ නැතිව මිනිහගේ පින්තූරයක්ම දාන්නම්.හැබැයි මේක ඔක්කොම් වැඩ ටික ඉවර කරලා ගත්තු එකක්. 
මෙයාගෙන් මට ලැබුණු සහයෝගය කියලා වැඩක් නෑ. බෑග් එකේ පිට පැත්තට පිහිටලා තියෙන පොකට් තුනක්(ඔය සිප් එක දාලා තියෙනවා වගේ, ඔය පියන ඇරියම එකයි, පිටිපස්සේ එකයි. ඇතුලත ඒ වගේ සිප් දාපු තැන දෙකක්. ඒ මදිවට කාමර දෙකක් තියෙනවා. කෑම, එක පොත්, ලියකියවිලි ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ඒ වගේමයි මේකේ සවි ශක්තියත්. ඒ නිසා මට මේක කීයට වත් අත අරින්න හිතෙන්නේ නෑ.

අන්තිමට ගත්ත බෑග් එකෙන් මුලින්ම එලියට පැන්නා ස්ප්‍රින් එකක්. ඒ අර බෑග් එකේ කෙලවර මහනකොට එකතු කරන ප්ලාස්ටික් වයරය වෙනුවට දාපු එකක්. මම වැඩි කෑල්ල කපලා දැම්මා අඬුවක් ආධාරයනේ. ඊට පස්සේ ඒක ෂර්ට් වල පැටලෙන්න ගත්තා. තව ටිකක් දවස් යනකොට පිටුපස පොකට් එකේ සිප් එක කොයි පැත්තට ඇද්දත් ඇරිලා තියෙනවා. බැරිම තැන පැත්තකට විසි කරලා දාලා තියපු මෙයාව ආපහු අර ගත්තා. හැබැයි එකම ප්‍රශ්නෙකට තිබුණේ අර කෙළවරවල් හම ගිහින් සුදු පාට වුණ එක. මේ බෑග් එකේ සිප් නම් ඉතාම හොඳ ඒවා බව භය නැතිව කියන්න පුළුවන්. මට හිතෙනවා අනිත් එක්කෙනාගේත් පින්තූරයක් දාන්න. නයා අදිනවා කියලා හිතයිද මන්දා. ඒත් කමක් නෑ. ඔන්න දානවා. 
මේක දැක්කම ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවා. ඒ ආනන්ද - නාලන්ද ඉස්කෝලේ ගිය අය. අපේ කලර්ස් කියලා මැරෙන්න හදනවා. මම ඉතිං තියෙන තැන කියනවා. ඕන නම් ගිහින් ගනීනෙ. දැන් අපි මාතෘකාවට එමුකෝ. මේකටත් ආයුබෝවන් කියන්න සිද්ධ වුණා. දැන් ඉතිං අරයා දිහා ලජ්ජාවෙන් වගේ බලලා රෙදි කෑල්ලක් අරං පිහලා එහෙම ගත්තා කියමුකෝ. නමුත් ඒකෙ ජංජාල ගොඩයි. මොකද බෙල්ට් එකේ තිබ බකල් එකක් කැඩිලා එතැන කලුපාට ඉන්සියුලේෂන් ටේප් එකක් ඔතලා. එතනින් ගැලවෙන්න දඟලන බෙල්ට් එකේ කොටස් දෙක, දෙපස ගම් සහිත පටියක් තියලා අලවලා ගොඩ දා ගත්තේ. ඒ ගම් ටේප් එක සුදු පාට නිසා කරන්නම දෙයක් නැතිව දුඹුරු පාට පෑනකින් පාට කළා. ඒ වුනත් පේනවා. සතියක් විතර මේක අරගෙන යත්දී මගේ කාර්යාල සගයා කියන්නේ නම්, පරණ බෑග් එක ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන බව. 

මේ ළඟදී දවසක පොඩි එකීගේ ඉස්කෝලෙන් මැටි වාස් එකක් පාට කරන්න ෆැබ්රික් පේන්ට් පාට දෙකක් ගේන්න කිවවා කියලා මට කිව්වේ අදාළ දවසේ උදේ. ඉතිං කොහොම හොයන්නද ෆැබ්රික් පේන්ට්. ඒ මදිවට මැටි වාස් එකක්. පොතේ නෝට් එකක් දාලා, ඊළඟ සතියේ එවන්නම් කියලා පොඩි එකී ශේප් කළා. එහෙම කලාට මොකද මට ඊළඟ සතියේ අදාළ දවසට කලින් දවසේ රෑ අටට විතර මතක් වුණා කියමුකෝ. දැන් මොකද කරන්නේ. වහන්න ඔන්න මෙන්න තියෙන කඩයකින් මැටි වාස් එකක් නම් ගත්තා. කරන්නම දෙයක් නැති තැන බත්තරමුල්ලේ ආර්පිකෝ එකට රිංගුවා. පොඩ්ඩක් කලින් ආවනම් සෙත්සිරිපයට ළඟ තියෙන පොත් කඩෙන් ගන්න තිබුණා. කලින් මගේ ටී ෂර්ට් වැඩකටත් කහ පාට එකක් ගෙනාවේ එතනින්. ඒ ගෙනා පින්සලත් තවම ඇති. ඇපල් වර්ගයේ පින්සල් ටිකක් ගණන්. ඒ වුනත් ඉතා හොඳ කෙඳි ප්‍රමාණයක් තියෙන නිසා අඳින්න පහසුයි.

ෆැබ්රික් පේන්ට් කුප්පි තුනක අවශ්‍යතාව තිබුණ මට, අවසානයේ කෑලි හයක පෙට්ටියක් මිලදී ගන්න වුනේ රුපියල් එක්දහස් හාරසිය ගණනකට. මා එය මුදල් අපතේ යැවීමක් ලෙස සිතුවේ නෑ. මේවාගෙන් ඇය වර්ණ සංකලනය ගැන යමක් ඉගෙන ගනීවි කියන විශ්වාසයේ මම හිටියේ. පහුගිය කාලේ මගේ පැරණි බෑග් එක පාවිච්චි කරත්දී හිතේ පොඩි අඩුවක් තිබුණා, "මේක හම ගිහිං නේද " කියන අදහසත් එක්ක. මගේ කාර්යාලීය සගයා යෝජනා කළා දුඹුරු පාට පොලිෂ් ආලේප කරන්න. එය මටත් කිහිප විටක් සිතුනත්, එය ඇඳුම් වල ගෑවීම වලක්වා ගන්නේ කෙසේද ? මේ අතරේ දියණියගේ ෆැබ්රික් පේන්ට් එක්ක මට ආවා කදිම අදහසක්. මේවා මිශ්‍ර කරලා මට අවශ්‍ය වර්ණය හදා ගන්න පුළුවන් නේද කියන එක. දියණිය ගෙදර නැති මොහොතක් එනතුරු මා බලා සිටියා. අද ඒ අවස්ථාව උදා වුණා. මම වැඩේට බැස්සා. මේ දිනවල තිබෙන අඳුරු සහ තෙත් පරිසරය මෙවැනි දේ සඳහා නුසුසුදුසු වුවත්, වෙනත් විකල්ප අවස්ථාවක් නැති නිසා පහල තියෙන බඩු ටිකත් අරන් මම සුදානම් වුණා.




වර්ණ සංකලනය ගැන ඔබට යම් අවුබෝධයක් මෙහදී අවශ්‍ය වනවා. මගේ බෑග් එකේ වර්ණය චොක්ලට් පාට. මම හිතාගෙන හිටියේ දම් පාට සහ කහ පාට මිශ්‍ර කර ඒ වර්ණය ලඟා කර ගන්න. නමුත් මගේ වාසනාවට නිල් සහ රතු මිශ්‍ර කරලා අවශ්‍ය වර්ණය සොයා ගන්න හැකි වුණා. වර්ණ ආලේපයේදී ප්‍රවේසම් වන්න උත්සාහ කළත්, වර්ණය බොහෝ දුරට සමාන නිසා, එහෙන් මෙහෙන් පිට පැන්නත් ගැටළුවක් නැති වුණා. මේ පින්තූරයේ තිබෙන කෝටු කෑල්ල, කාල අවසන් වුණු අයිස් ක්‍රීම් කෝට්ටක්. ඒක වැදගත් වුණේ වර්ණ බෝතලයෙන් ගන්න. අවංකවම කිව්වොත් කහ පාටත් පොඩ්ඩක් දැම්මා. අර දුඹුරු හැදෙන්නේ මේ වර්ණ තුණේ එකතුවෙන් කියන මතය මගේ හිතේ තිබුණු නිසා.

ඉන් පස්සේ මම හෙමින් වර්ණ ගැලවීම කළා. ටිකක් වෙලා යත්දී තමයි මතක් වුණේ, මේ වගේ සටහනකට මේක හොඳයි නේද කියලා. වාසනනවට තවමත් පින්තාරු නොකළ කොටස් බෑගයේ ඉතිරි වෙලා තිබුණා. පෙර සහ පසු පින්තූර කිහිපයක් ගත්තා බලන්න වැඩේ සාර්ථක ද කියලා. වර්ණ තරමක් වේලෙන්න පෙර තමයි මේ පින්තූර ගත්තේ. හොඳින් වෙළුන පසුව එහි වෙනසක් පෙනෙන්නේ නැති බව වැටහුණා. මෙන්න ඒ පින්තූර
පෙර

පසු
දෙවෙනි පින්තූරේ තරමක් සුදට පෙනෙන්නේ දිලිසීම නිසා. නැතිනම් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කළා. 

පෙර : කලුපාට ඉන්සියුලේෂන් ටේප් පටිය සමග.

පසු : ඉන්සියුලේෂන් පටිය වර්ණ ගැන්වීමෙන් පසුව. තීන්ත 100% වේලී නැත. 

60 comments:

  1. කතාව සහතික ඇත්ත. එයින් එයා කිය යුත්තක් නැත. අර පටියේ තියෙන්නේ නාලන්දේ වර්ණ ආනන්දේ වෙන්නනං මැදට කහ එන්න ඕන. ඉතිං ඔක දැක්කම මං නලියන එක අහන්නත් දෙයක් නැනේ මචෝ.

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක්...

    දැන් ගාපු පේන්ට් එකේ පොතු යන සීන් එකක් එන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට මෙතන හැම ගිහින් නිසා තදින් අල්ලා ගනියි.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. මං එක පාරක් ඔහොම එකක් කලා මචං මම ආසම සුදු පාට කොට කලිසමකට , ඒක හොද රෙද්දකින් මහපු ඉස්තරම් නමක් තියන කලිසමක් උනත් මම ඔය අනං මනං ගාගන සවුත්තු උනා කියහංකෝ . ඇදගන යන්ඩම බැ . දවසක් මම පවුලගේ ෆැබ්රික් පේන්ට් ටික අරගන එක එක පාටවල් පිලිවලක් නැතුව මුලු කලිසම පුරාම තවරල පවුලට පෙන්නුවහම උන්දැ කැ ගැහුවා තිබුන විදිහ ඔයිට වඩා හොදයි කියල , දඩබඩ ගාලා ගාපු නිසා ඒ වෙනකොටත් වේලිලා තිබුනේ නැ . අපේ උන්දැ කයපු විදිහට මම කරපු වැඩේ තිබුන අවුල තමයි පින්සල් පාරවල් පේන එකයි , ගු ගැහුවා වාගේ ගැලපෙන්නේ නැති පාට එක ලග එක උඩ තැවරිලා තියන එකයි . මං මොකද කලේ වතුර බාල්දියකට දාල හොදට කලිසම පොඩි කරල කලත්තල පාට ටික දිය වෙනකං පොගවල අත් දෙකෙන් අල්ල හොදට මිරිකල වැලට දැම්මා

    ආයේ ඉතින් කඩෙන් ගත්ත විකාර කලිසමක් වාගේ ආවා කියහංකෝ ලෙසටම . මං ඒක කාලයක් ඇන්දා කාටවත් තේරුනේ නැ එහෙම සෙල්ලමන් දාපු කලිසමක් කියල

    ReplyDelete
    Replies
    1. බාරයක් ඔප්පු කරනවද බං :D

      Delete
    2. ඒක තමයි තුන් සැරයක්ම??? කලිසම් තුනක්ටම පාට දැම්මාද?

      Delete
    3. කලවං හැනිපියර් ගහපුවහම ඔහම වෙනවා.
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    4. බලහං දැං කලිසම ඇඳගෙනද ඉන්නෙ කියල.

      අඩුපාඩුවට ගෝලිප් එකක්
      -ස්තුතියි-

      Delete
    5. යකෝ එකම ජාතියෙන් සුදු කලිසම් තුනක් ගන්න තොට පිස්සුද , ඒ මදිවට තුනේම පේන්ට් ගාලා

      Delete
    6. සායම් කිරිල්ලී(කුරුල්ලා) කොහේ ගිහින්දෝ ...... කියන එක මට මතක් වුණේ.

      Delete
    7. අටමා උඹ මේ වගේ වැඩ වලට හපනා කියලා මම දන්නවා.

      Delete
    8. @ප්‍රසන්න සහ මෙන්ඩා : ඔයාලා ස්තුතියි කිව්වනේ මා කියනවා

      _ නැවත එන්න _ කියලා

      Delete
  6. ලෙදර් වලටත් ඔය කියන පේන්ට් එක කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔය බෑග් එක ලෙදර් තමයි. වැක්ස් මොනවත් ආලේප නොකරපු ලෙදර් නම් පේන්ට් බොයි.

      Delete
  7. අපූරු යි අපූරු යි. ඒත් ඔව්වට අත ගහන්න බය යි!

    ReplyDelete
  8. ඔය ලෙදර් වල පොතු ගැලවෙන සීන් එක එන්නේ මෙහෙ කාලගුණේ ට මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලෙදර් වල උඩින් මොනවත් ලේයර් නෑ. නමුත් පදම් කරපු ඒවා සහ වෙනත් විකල්ප වල උඩින් ඔය වගේ පී.වී.සී. හෝ ප්ලාස්ට්ක් ලේයර් එකක් තියෙනවා. ඉතිං විවිධ උෂ්ණත්ව වලට අහු වුණාම පුපුරනවා.

      Delete
  9. සුදීක අයියා.. එහෙම දෙයක් තම්න්ගෙ අතින් කරගත්තාම බෑග් එකක් ගත්‍තාට වඩා මාර සතුටක් දැනෙනවා නේද .. ඒක සල්ලි වලට වඩා වටිනවා..

    චූට්ටං ඇටකිච්චා කාලේ මං තනියම සොලිසන් ටින් එක්කුයි ටියුබ් කෑල්ලකුයි ගෙනත් පැය ගානක් ඔට්ටුවෙලා තනියම බයිසිකලේ පැච් එකක් දාගත්ත දවස මට අද වගේ මතකයි !!!!

    ඒ අත්දැකීම් තමයි මිනිස්සු ජීවත් කරන්නේ..

    ReplyDelete
    Replies
    1. පසුව ලියමි-
      සුදික අයියට කියන්න ඊට පස්ස් බයිසිකලේ කරේ තියාගෙන වින්කලේට අරගෙන ගිහින් ටියුබ් එකකුයි ටයර් එකකුයි අලුතෙන්ම දැම්මා.
      මිට
      පත්තර මල්ලි

      Delete
    2. ඇයි බොල රිම් එක. ඒකත් දාන්නම උනා නේද?

      Delete
    3. ඇත්‍තම සීන් එක පැච් එක දාන සල්ලි වලිං ගෝලිප් එකක් ගැහුවා :D

      Delete
    4. පත්තරේ - //"චූට්ටං ඇටකිච්චා කාලේ""// ඇයි දැන් ලොකු එකාද ? අනේ දුප් යන්න නිකං පුදින්නේ නැතුව

      ඔන්න මෙන්ඩ කියලා තියෙනවා ඇත්තම කතාව

      Delete
    5. සොලිසන් තමයි ඒ කාලේ ගම් එක. දැන් නම් කොච්චර ජාති තියෙනවද ? සීකිව්(ZQ) කියලා පොඩි එවුන්ගේ චැනල් එකක යනවා Engineer This කියලා වැඩ සටහනක් පුදුම ආසාවකින් බලන්නේ. ඒක බලත්දී හිතෙනවා අපේ කාලේ මේ වගේ පහසුකම් තිබුණා නම් කියලා. පැච් දාන එකට වඩා ප්‍රවේසමෙන් කරන්න ඕනේ ටයර් එක පන්නන එක.

      Delete
    6. ඉඩ තියෙන වෙලාවක බලන්න

      https://www.zeeq.in/engineerthis

      Delete
    7. අපි ඉස්සර සොලිසන් සොලිසන් කියලා කිව්වේ solution කියන එකටද? මට මතකයි adhesive solution කියලා ඒකේ ලේබල් එකක් ගහලා තිබුනා.

      Delete
    8. සමහර ඒවාගේ slon කියලත් ගහලා තිබ්බා. සොලිසන් තමයි බාස්ලා කිව්වේ.

      Delete
  10. මගේත් ඔපිස් බැග් එකක් තියනවා ඒ බැග් එක අරගෙන Inspection එකකට ගියෝත් ඒක පාස් වෙනවමයි කියලා මට ලොකු විශ්වාසයක් තියනවා. බැග් එක අදටත් මහනවා පොලිෂ් කරනවා.
    මම ලග කලිසමක් තිබුනා තැනින් තැන ඉරිලා ටෙලර් ෂෝප් එකක යාලුවෙක් ඒක අරගෙන ගිහින් පාට පාට රෙදි වලින් අන්ඩ දැම්මා දැන් පාටි වලටත් අදිනවා.

    ReplyDelete
    Replies
    1. ඒ පාටිවල ජෝකර්ට නේද ඉන්නෙ.

      Delete
    2. හෙක් .... හෙක් ... පව් මල්ලි මෙන්ඩියා

      Delete
  11. තමංගෙ වැඩ කොහොමහරි තමං විසින්ම කරගන්න එකනං හොඳ වැඩක්. කාලයක් අපේ ප්‍රියන්තත් මගේ මතක කියන බ්ලොග් එකේ ඔය වගේ වැඩ ගැන කියාගෙන ගියා.

    ඔය පැබ්රික් පේන්ට් ඔය විදියට ගාපුවම වතුරට දියවෙන්නෙ නැද්ද? මම දන්න තරමින් තව මොකක්ද සුදුපාට බෝතලයක් එනව ඕවට කවලං කරන්න.

    ReplyDelete
    Replies
    1. //ඔය පැබ්රික් පේන්ට් ඔය විදියට ගාපුවම වතුරට දියවෙන්නෙ නැද්ද//

      මේක ප.ලි. යෙන් දාන්න හිටි දෙයක්. ඇත්තටම වතුරේ දිය වෙනවා. මොකද මම පින්සල හේදුවේ වතුරෙන්. හැබැයි වේලෙන්න කලින්. ඒ සුදු බෝතලේ අනිවාර්යයෙන්ම ඇත්තේ ගම් වර්ගයක්. කාට හරි 100% ආරක්ෂා කර ගන්න ඕනේ නම් මේකට හොඳ වර්ගයක් ගම් ටිකක් එකතු කර ගන්න. අර තිනර් රෙජිෆෝම් එකතු කරලා හදපු එකනම් හොඳයි.

      Delete
    2. ප්‍රසන්න අයියන්ඩි තමන්ගේ වැඩ තමන්ම කරගන්න එකට කියන්නේ හස්ත කර්මාන්තේ.
      //මම දන්න තරමින් තව මොකක්ද සුදුපාට බෝතලයක් එනව ඕවට කවලං කරන්න.//
      කසිප්පුද?

      Delete
  12. දෙයියො බැලුවා වගේ දාපු පෝස්ට් එකක් සුදීක අයියා. අලුත් එකක් නොගෙන ට්‍රයි කරලා බලමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා බැග් විතරයි මෙහෙම හදාගන්න පුලුවන්..අලුත් එකක් අරන් වරේන්.

      Delete
    2. අලුත් එකක් අරගෙනම ට්‍රයි කලත් කමක් නෑ. එතකොට භය නැතිව වැඩේට බැස්සහැකි.

      Delete
  13. මාත් දවසක් ඇඳුම් ගන්න ගිහින් හදිසියෙ ටී ෂර්ට් වගයක් තෝරගෙන ආවා. වැඩියෙ ඒවයෙ ඉස්සරහ ප්‍රින්ට් එක ගැන බැලුවෙ නෑ. ගෙදර ඇවිත් අඳින්න බලද්දි එක ටී එහෙක ඉස්සරහ පොල් අකුරෙන් තියෙනව SUCK කියල. ආයෙ exchange කරන්න යන්න නිවාඩුවකුත් නෑ, හිත හදාගෙන අහක දාන්නත් බෑ. මාත් කලේ fabric paint අරගෙන u එක a කලා (sack). ඊට පස්සෙ එහෙන් මෙහෙන් තව ඉරිකෝටු රූප ටිකක් ඇන්දා. :D :D

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ තියෙන්න ඇත්තේ සිම්පල් අකුරු වලින්. ඒකයි a කරන්න ලේසි වෙන්න ඇත්තේ. කැපිටල් වුණා නම් ඕක පහසුවෙන්ම O කරන්න පුළුවන්.එතකොට SOCK

      Delete
    2. ඕ යෑස් සිම්පල් අකුරු තමයි. :)

      Delete
  14. අන්තිමට ගත්ත කීව බෑග් එක මාර හැඩයිලු. :D

    ReplyDelete
    Replies
    1. යාලුවෙක් කිව්වා එක ලේඩීස් බෑග් එකක් වගේ කියලා.

      Delete
    2. සුදීක...ඒ යාළුවාට කියපන් ජෙන්ට්ස් බෑග් එකක් අරන් දෙන්න කියලා : කාලයකටට පොර උඹව ඇස නොගැටී සිටියි. මම විහිළුවට කිව්වත් ඕකයි ඇත්ත. ඒයා සුදීකගේ හොඳ යාළුවෙක් වෙන්න ඇති ඇත්තටම. බොක්කේ යාළුවෝ ඇත්ත කියනවා. ඔයා දන්නවානේ friends & companions අතර වෙනස.

      Delete
    3. අපෝ ඒකා දවසට දෙන්නේකුටවත් කාඩ් ගහන එක තමයි වැඩේ. ඌ එහෙම කිව්වේ කීචෝක් එකට බව මම දන්නවා. අනිත් එක්කෙනානම් එහෙම ආවට ගියාට කියන්නේ නෑ. අර මම කාලෙකට කලින් පැරාට ඇන්දූ අරා කියලා ලිව්වා අරා තමයි. ඒක බැලුවනම් හිතා ගන්න පුළුවන් උගේ වැඩ.

      Delete
  15. මේ වැඩේනම් නියමයි , සුදීකගේ වර්ණ සංකලනය ගැන දැනුම නම් මාරයි . නැත්තම් අර අටමගේ කලිසම වගේ වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇයි බං පත්තර මල්ලිගේ බයිසිකලය

      Delete
    2. බලපන් අටමා ඉවානයා මගේ කරේ නැගලා උඹට ටොක්ක ඇන්නේ.

      Delete
  16. උනන්දුවෙන් කරපු වැඩක්නේ අපේ සහයෝගය.............

    ReplyDelete
    Replies
    1. අත හිත කුරුටු ගා ගී පවුරෙන් කියලා ටිපෙක්ස් එකෙන් ලියන්නද ?

      Delete
  17. වැඩේ අගෙයි. මාත් ඔහොම පුංචි පුංචි ගැජමැටික් වැඩ වලට කැමතියි ලු :)

    අර ටේප් එක වෙනුවට ලෙදර් කෑල්ලක් ම තිබ්බ නම් මොකක් හරි කරල තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ ඔලුවට ආවේ නෑ. වැඩේ තියෙන්නේ එතකොට සුපර් ග්ලූ දාලා තමයි අලවන්න වෙන්නේ. දන්නවනේ සුපර් ග්ලූ දාන්න ඕනේ වෙන මොනවත්ම කර ගන්න බැරිනම්.

      Delete
  18. හොඳ වැඩක් සුදීක. හැබැයි මම DIYඑකක් කරන්න ගියොත්, ඒක බොහෝ විට
    Disastrous
    Idiotic
    You
    වලින් ඉවර වෙනවා. මටම ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා අත අරින්න එපා. Failures are pillars of success කියන්නේ නිකන්ද ? මටත් වැරදිච්ච ඒවත් තියෙනවා. ඒවාගෙන තමයි එහෙම වැඩේ හරි යන්නේ නෑ කියලා ඉගෙන ගන්න පුළුවන්. මතකනේ තෝමස් එඩිසන් කියලා තියෙනවා.

      I am not telling that I have invent a bulb but found 9999 ways that could not lamp a bulb කියලා.

      Delete
  19. මමත් ගිය සතියෙ DIY වැඩක් කළා.. පින්තූරයක්ම දාන්නම්කො...

    ReplyDelete
    Replies
    1. හරි අපිට දෙන්න ලින්ක් එක.

      Delete

    2. මෙන්න ලින්ක් එක

      [im#]https://lh3.googleusercontent.com/-QXNxIsRF5Hw/VDoEDqlEQEI/AAAAAAAABnY/mHXwhppCbAc/w751-h563-no/PA120040.JPG[/im]

      Delete
  20. Thanks for shɑring yoսr thoughtѕ on VF film.
    Regards

    Herе is my webpage: regarder des films en streaming

    ReplyDelete
  21. මම කම්මැලිකමට පරන බෑග් අහක දානවා. මේක කියෙව්වම පොඩි ලැජ්ජාවක් ඇතිවුනා. ඒත් ඉතින් එහෙම කරන්න දස්සකමකුත් නෑ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...