Tuesday, October 28, 2014

කවුළු නැති ගුවන් යානා අවුරුදු 10 කින් ගුවනේ ..... Windowless Planes in next ten years


සෑම වසරකම බිලියන 3.1 ක් ජනයා ලොව පුරා සැරිසරනවා. කෙනෙකු නිස්කලංකයේ නිවාඩුවක් ගත කරන්න, තවත් කෙනෙක් ව්‍යාපාරික ගනුදෙනුවකට, එහෙමත් නැත්නම්  ත්‍රාසජනක අත්දැකීමක් ලබන්න  හෝ ආදරය  වෙනුවෙන්. ඒ සඳහා ඉන්ධන ගැළුම් දෙලක්ෂ විසිදාහක් වැය කරමින් කාබන් ඩයොක්සයිඩ් ටොන් 705 ක් වාතලයට මුදාහරිනවා. ගමනාන්තයට ළගා වීමටම නොවේ, එහි තිබෙන ජනෙල් ඉවත් කළහොත්, ඔබේ දෑස් අන්කවරදාකටත් වඩා විවෘත වනවා පමණක් නොවෙයි,අඩුබරකින් යුත් යානයක් , නිෂ්පාදක සහ මගියාගේ වියදමද අඩු කර ගැනීමට හැකිය. මෙම තාක්ෂනයට ගුවන්යානයේ සැකිල්ල තුනීලෙස,  සහ වැඩි ශක්තියකින්  නිමවන්නට හැකිය. ඒමගින් මගියාට වැඩි පළලික් යුත් ආසනයක්ද, අඩු ඉන්ධන දහනයක් සහ අවම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුදා හැරීම විශේෂත්වයකි. සජීවී, දීප්තිමත් මෙන්ම නොනවතින වීඩියෝ දර්ශණ මගින් හාත්පස දර්ශන, විනෝදාත්මක වීඩියෝ දර්ශන සහ තොරතුරු ඒවායේ  විකාශනය කෙරෙන අතර යානය තුල සේවාවන් ඇඟිලි තුඩක දුරකින් ලබා දීමට හැක. ඔබේ සංචාරය ඔබේ ආකාරයට ඇරඹීමට කාලයයි මේ.......

CPI innovations for future plains


මෙම සංකල්පය හඳුන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාවලි නවීකරණ මධ්‍යස්ථානය (Centre for Process Innovation) විසිනි. 

ද ගාඩියන් පුවත්පතට වාර්තා කරන අන්දමට ගුවන්යානයේ කවුළු සම්පූර්ණයෙන්ම දීර්ඝ ඕලෙඩ් වර්ගයේ රූපවාහිනී තිර වලින් ආවරණය කරන අතර යානයේ පිටත සවි කරන කැමරා මගින් ලබා ගන්නා හාත්පස දර්ශන ඒවායේ නිරතුරුව ප්‍රදර්ශනය කෙරේ. එයට අමතරව විනෝදාත්මක වැඩසටහන්, යානය තුල සේවාවන් ඇනවුම් කිරීම සහ අන්තර්ජාල පහසුකම්ද මේවායෙන් ලබා ගත හැක.

Future plains will have wider seats

කවුළු ඉවත් කිරීම මගින්  යානයේ ස්කන්ධය අඩුකරගත හැකි නිසා ගුවන් මගියාගේ ගාස්තුව මෙන්ම ගුවන්සේවාවේ වියදම්ද අවම කර ගත හැක.

ඔක්තෝම්බර් 15 වෙනිදා යූ ටියුබ් වෙත මුදා හරින ලද වීඩියෝවක් මගින් එම මධ්‍යස්ථානය දන්වා සිටින්නේ වසරකට බිලියන තුනකට අධික ජනතාවක් ගුවන් ගමන් වල යෙදෙන බවත් ඒ සඳහා යොදා ගන්නා ඉන්ධන ගැළුම් දෙලක්ෂ විසිදාහ මගින් කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 705 වායුගෝලයට මුදා හරින බවයි.

ආචාර්ය ජොන් හෙලිවෙල් උපුටා දක්වන ගාඩියන් පුවත්සේවය පවසන්නේ "අප ගුවන්ගතවන්නන් සමග නිරතුරුව කතාබහේ යෙදුනා. අපට තේරුනා යානයේ බර අඩු කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව"

"මෙය තර්කානුකූල සිතිවිල්ලක් ඔස්සේ ඉදිරියට යාමකි. උදාහරණයක් වශයෙන් ගත්තොත් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන්යානා කවුළු රහිත ඒවායි. කවුළු ඉවත් කල පසු මගීන්ට කුමක් කල හැකිද ? ඔබ හිතුවාද ? ඇත්ත වශයෙන්ම කවුළුව අසලම ආසන වල සිටින මගීන්ට මින් යම් අපහසුතාවකට මුහුණ පාන්න සිදු වේ"



හෙලිවිල් මහතා පවසන්නේ කවුලුරහිත ගුවන්යානා පිලිබඳ සිහිනය වසර දහයකදී සැබෑවක් වන බවයි. 


future plains will have oled screens instead of windows where pasennger could order through touch screeen

"අප සියල්ලන්ම ඒ පිලිබඳ දැන් කථා කරන්නේ එය ගුවන් යානා සංවර්ධනය කර්මාන්තයේ  කලයුතු අවශ්‍යතා සමග ගැලපෙන නිසයි.






සියලුම පින්තූර සහ සටහන http://www.buzzfeed.com ඇසුරෙනි. 


ප.ලි. මේ ගැන ඔත්තුව ලබා දුන් රන්ජන් ධර්මරත්න මහතාට ස්තුතිය. 

33 comments:

  1. බොහොම වටින ලිපියක්! ස්තූතියි සුදීක අයියේ....

    ReplyDelete
    Replies
    1. මම කලේ පරිවර්තනයක් සහ මග පෙන්වීමක් විතරයි.

      Delete
  2. මටනං හිතෙන්නෙ ඔය රූපවාහිනී තිර හයිකරන එක සාර්ථක නොවෙන්න පුලුවං කියලයි. මොකද තිරේ ළඟම ඉන්න මනුස්සයගෙ ඇස් වලට ඕකෙන් යම් අපහසුතාවයක් ඇතිවෙන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. දැන් LCD මොනිටර් ඒකෙන් ඔයාට අපහසුතා ඇතිවෙනවද ? OLED කියනකොට තාක්ෂනය තව කොයි තරම් ඉදිරියට ගිහින්ද ? නමුත් ඒ දැන් තියෙන ඉහලම තාක්‍ෂණය. තව අවුරුදු දහයකින් එන එක කොයි තරම් ඉදිරියට ගිහින් තියෙයිද ? මට නම් හිතෙන්නේ පොඩි නින්දක් ගිහිං ඇහැරුණාම මගියෝ කෑ ගහයි බය වෙලා.

      Delete
  3. නියමයි... ඒත් ඉතිං යාපනේට දුම්රියේ යන්නත් පෙරුම් පුරන්න ඕන අපි කවදා ඕව දකීද.. ඔන්න ඔය රොකට් බේබිල නං ඉස්ඉස්සෙල්ලාම ඕකක් ඕඩර් කරලා අරගනීවි. ඒකත් පවුලට....

    ReplyDelete
    Replies
    1. ඔයා කවුරු වුනත් එහෙම හිත අදෛර්ය කර ගන්න එපා. ටිකට් එකේ ගැනත් අඩු වෙනවා කියලා තියෙනවනේ.

      Delete
  4. ගොඩක් හොද ආරංචියක්. ඒත් අපි කවදා ඕව දකින්නද...

    ReplyDelete
    Replies
    1. මම නම් ලොකු බලාපොරොත්තුවක ඉන්නේ. තව දවස් 3650 ක් ආසන්නව තියෙනවා. දවසකට රුපියල් 10 ඉතුරු කරන්න. මේ කියන්නේ උඩ ඇනෝටත් එක්ක.

      Delete
  5. මේකනම් නියම වැඩක්!... කවද හරි දවසක ඔයවගේ පහසුකම් තියන එකක අපිටත් යන්න හම්බවෙයි

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ බලාපොරොත්ත්තුවෙන් ඉන්න. එතකොට එතනට යන්න පුළුවන් වෙයි.

      Delete
  6. තාක්ෂණය සෑහෙන වේගයකින් දියුණු වෙනවා වගේම සෑහෙන වේගයකින් සාමාන්‍ය ජීවිතයටත් බද්ධ වෙමින් පවතිනවා. මේ ලිපියෙ තියන දේ වගේම තව අවුරුදු දහයක් යනකොට අද අපට හිතා ගන්න වත් බැරි තරම් දේ වෙලා තියෙයි මේ ලෝකෙ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම. අපි කුඩා කාලේ බලාපොරෝර්ත්තු නොවුන දේ අද අපේ නිවසට ඇවිත් තියෙනවා. ඉතිං අනාගතේ කොයි තාමර මේ ලෝකේ වෙනසකට ලක් වෙයිද කියලා හිතන්න වෙනවා. සිලිකන් වලට නම් විකල්පයක් සොයා ගන්නවාමයි.

      Delete
  7. අනාගතය හරි සුන්දරයි නේද?????

    ReplyDelete
  8. ගිහිං ආවත් පාඩු නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ගිය එකාට වැටහෙනවා වටිනාකම.

      Delete
  9. අනේ මට නම් ඒකේ යන්ට බෑ... :D

    ReplyDelete
    Replies
    1. මට හිතුනා බෑ කියයි කියලා. ෂුවර් එකටම අනිත් ඒවාගේ ගාස්තුව වැඩි වෙයි.

      Delete
  10. හුරේ...මම යනවා පත්තර මල්ලි, සරත් අයියන්ඩි, මැලේ රාල, සිරා බලලා එන්න.

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව පොඩි මෙන්ඩියාවත් එක්කන් යන්න.

      Delete
  11. මේක නම් නියමයි. ගුවන් යානයේ හදිසි පිටවීමේ දොර‍ටු එහෙම නිර්මාණය කරනකොට ටිකක් වැඩිපුර හිතන්න වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඔයාට හොඳ අයිඩියා එකක් ආවා. බුලත් විට එහෙමත් කන්න තහනම් කරන්න වෙයි නේද? අපේ මාමලා නැත්තනම් එලිය කියලා හිතාගෙන කෙල පාර ඇරලා දායි.

      Delete
  12. ඇයි අප්ප ඕවට තිර දාන්නෙ අමු අමුවෙන්ම බලන්න දන්න කියන්නො කණ්ණාඩියක්...
    කතාව ඉවරනෙ...
    හිහි..
    ස්තූතියි සුදීක අය්යෙ අපි එක්ක බෙදා හදා ගත්තට

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ නාහෙට අහන්නේ නැති කොල්ලෝ ගල් ගහයි කියලා වෙන්නැති.

      Delete
    2. සමහරවිට කොල්ලො හූ කියයි "අන්න මහේෂයා අහසින් යනෝ..,!!!" කියලා.

      Delete
  13. හරිම වටින, ලස්සන අත්දැකීමක් වෙයි මේක නම්.. තමන් ඉන්නෙ ගුවන් යානයක් ඇතුළෙ කියලා අමතක වෙන්නත් පුළුවන්.. :D

    ReplyDelete
    Replies
    1. ඔහොම අත්දැකීමක් මටත් තියෙනවා. අපි වැලිමඩ ඉඳන් කොළඹ ආවා මහා රෑක. මට නින්ද ගිහින් ඇහැරෙන හැම වෙලාවකම භය වෙලා කෑ ගහනවා ඔන්න පල්ලමට යනවා කියලා.

      Delete
  14. අපොයි මට යන්න වෙන්නෙ කාගෝ ප්ලේන් වල තමයි.

    ReplyDelete
  15. ඇත්තටම එක අපුරු අත්දැකීමක් වේවි.

    ReplyDelete
  16. ඉස්සරහට ඕවා අමුතු දේවල් නෙමේ.....
    10 කෙසේ වෙතත් ...ඉදිරි වසර 5 පැන්න ගමන් ලොකු වෙනස්කම් ඇති වියහැකියි එයට පෙරහුරුවක් ලෙසට.......
    හැබැයි ඔය ගමනකදී උපරිම ආතල් ගන්න නම් 7/8 ක සෙට් එකක් එක්ක යන්නම ඕන....
    හැබැයි අර ගොඩක් උඩ ඉදල බිම බලද්දි ... වොමනය එන අයට තමා අප්ෂට්....දැන් තඹ ශතත් නැහැනේ.....
    දඹදිව යනේවට මිහිං ලංකාම තියන්න වෙනව .....නැත්නම් වයසක උන්දල යන ගානට ...පෙට්ටිත් යවන්න එපැයි .....

    ReplyDelete
  17. මම නම් කැමති නෑ කවුලු නැති මොනම වාහනේකටවත්. Trapped in feeling එකක් තියෙනවා.

    ReplyDelete
  18. ඇත්තටම මේ කවුලු රහිත යානා සංකල්පය ආවෙ නිශ්පාදන හා මෙහෙයුම් පිරිවැය දෙකම අඩු කරගන්න අරමුණින්.

    කවුලු තියලා හදන යානා වල, කවුළුව ගොඩක් ලොකු ආතතියක් (concentrated stresses) දරාගන්න සුදුසු විදිහට බොහොම ශක්තිමත්ව හදන්න ඕනේ!! ඒ වගේම, ඒ රාමු රඳවන්න වෙනම යානා සැකිල්ලට ගොඩක් කොටස් (additional frames, formers, stringers etc.) යොදන්න වෙනවා. ඒ යොදන වීදුරුව පවා වෙනම රහසිගත ක්‍රමවේදයකට අනුව, විශාල වියදමක් දරමින් නිපදවන වීදුරු වර්ගයක්.

    ඉතින්, මේ කවුලු නැතුව යානා හදනවා කියන්නේ, ඒ කවුලු රාමු, වීදුරු, සහ අමතර සැකිලි උපාංග ගණනාවක්ම ඉවත් කරන්න පුළුවන්. ඒ දේවල් වලට යන වියදම, කැමරා පද්ධතියක් හා OLED තිර පද්ධතියක් යොදන්න යන වියදමට වඩා බොහොම වැඩියි. ඒ වගේම, කවුලු යෙදීමෙන් ඇති එකම වාසිය, යානයෙන් පිටත දැකගන්න පුළුවන් වීම විතරක් නිසා, ඒ දේ ඒ විදිහටම කරන්න මේ කැමරා හා තිර යොදා ගැනීම ගොඩක් ලාබදායී වෙනවා. අනික, කවුලු යෙදීමට වඩා වැඩි පරාසයක් මේ තිර මගින් දැකගන්නත් ලැබෙනවා (extended visual range). යොදන මූලද්‍රව්‍යය හා උපාංග වලට විතරක් නෙවෙයි, ඒවා එකලස් කරලා යානාව හදන්න අවශ්‍ය වෙන ශ්‍රමයත් (labor cost) සාපේක්ශව ඉතාම අඩු නිසා සමස්ත නිපැයුම් පිරිවැය ඉතාම අඩුයි!!!

    යානා වල කවුලු තැබීමෙන්, යානා සැකිල්ලට, සැලකිය යුතු අමතර බරක් (added weight due to frame components) එකතු වෙනවා. ඒ වගේම, යානාව ගමන් කරනකොට යානා බඳට මේ කවුලු නිසා ඇතිවෙන වාත-ප්‍රතිරෝධයත් (Frictional and parasite drag) වැඩියි!!! වැඩි බරක් දරාගෙන, වැඩි ප්‍රතිරෝධයකට ඔරොත්තු දෙන පියාසැරියකට වැය වෙන ඉන්ධන ප්‍රමාණයත් බොහොම වැඩියි.

    එම ඉන්ධන ප්‍රමාණය භාවිතයෙන් ලබා ගත හැකි විදුලියෙන්, මේ කැමරා හා තිර පද්ධතිය ක්‍රියාත්මක කලත් තවත් සැලකිය යුතු ඉතුරුවක් තියෙනවා. ඒ නිසා මේ කවුලු රහිත යානා වල ඉන්ධන පිරිමැස්ම වැඩියි. අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි මෙහෙයුම් ප්‍රමාණයකට ලඟා වෙන්න ලැබෙන නිසා මෙහෙයුම් පිරිවැයත් අඩු වෙනවා.

    ඒ කියන්නේ, මගීන් ගේ ටිකට් එකේ ගාන අඩු වෙන එක තමයි!! වාසි ගොඩයි!!
    (හැබැයි ඉතිං වමනෙ යන උදවිය ගැන නම් තව ටිකක් හිතන්න වෙනවා. නැත්නම් වැඩේ වණ වෙන්න පුළුවං. නේහ්??)

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...