Thursday, October 30, 2014

ලොල්ද මන්දා අංක 17 :

පාමංකඩ ඉලෙක්ට්‍රික් බාස්ගේ අලුත්ම ගෝලයා ...... Pamankada Electrician's Assistant

මේ වනවිට කෙටිම කෙටි ලොල් කතා 37 ක් සහ ලොල්ද මන්දා කතා 16ක් ලියලා තියෙනවා. මම හිතන්නේ ඔබ සැම ඒ සියල්ල කියවන්න ඇති. හිනා යාවිද කියලා අඩමාන කතා ලියන්න තමයි ලොල්ද මන්දා සීරීස් එක පටන් ගත්තේ. සමහරු මේ තීරුවේ ලියපුවත් හොඳටම ලොල් බව පවසපු අවස්ථාත් නැත්තේම නෑ. බලමු අද කියන්න යන කතාවත් ඒ වගේ එකක්ද කියලා.

ඉලෙක්ට්‍රික් බාස් කිව්වම මගේ මතකයට ආවේ මම රිවරිනා වැඩ කරන කාලේ ඒකෙ හිටපු රාජපක්ෂ අංකල්ව. නෑ. නෑ. බය වෙන්න එපා ඒ පවුලේ සම්බන්ධයක් නෑ. මේ කියන කෙනාට ඒ කාලෙත් අවුරුදු පනහකට වැඩියි. ඇවිදින්නේ වගේම, කථා කරන්නෙත් බොහොම හෙමින්. හෙමින් විතරක් නෙවෙයි අමුතු හීනි කටහඬක් එයාට තිබුණේ. මේ වයසක මනුස්සයට කවුරුත් ගෞරව කළා. මම හිතන්නේ වයස ගැන හිතලා. අනික මිනිහා බොහොම වගකීමෙන් අවංකව රාජකාරි කරපු කෙනා. නැත්නම් මේන්ටනන්ස් ඒකට එයා වෙනුවට කොල්ලෙක් ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. 

මගේ මතකයේ හැටියට ඉලෙක්ට්‍රිකල් සුපවයිසර් කෙනෙක් විදියට තමා වැඩ කළේ. ඉතිං මිනිහා නිතරම මේන්ටනන්ස් බඩු තියෙන ස්ටෝරුව පැත්තේ කැරකි කැරකි ඉන්නේ. මොකද එතැන වැඩ කරපු ලොකුහෙට්ටි කියන ස්ටෝර් කීපර්(ට කවුරුත් කිව්වේ කටු කන්නා කියලා. හෝටලයේ සාමාන්‍යධිකාරී අනුර ලොකුහෙට්ටි මහතාගේ ඥාති සොයුරා) එක ජාතියක මිනිහා. නිතර කෑ ගහ ගත්තු ගමන්මයි. අයියගේ පවර් අරගෙන කියලා බොහොම දෙනෙක් කිව්වේ. මමනම් ලොකුහෙට්ටි එක්ක බොහොම ප්‍රවෙසමට ගනුදෙනු කලේ. 

මේන්ටනන්ස් ස්ටෝර්ස් එක කිව්වට තනිකරම හාඩ්වෙයාර් එකක් වගේ.  එතැන එක දොරක් ඇරලා, මේසයක් වගේ ලැල්ලක් හරහට දාලා තියෙන්නේ. එක උඩ තියාගෙන තමයි මේ බඩු නිකුත් කරන්නේ. හරියට හොරා ගන්නවා වගේ තමයි ලොකුහෙට්ටි මේක ලොක් කරගෙන ඉන්නේ. හැබැයි ගිණුම් අංශයේ ඉන්න අයට මේක ඇතුලට යන්න තහනමක් නෑ. අපි මාසේ මුල් දවස දෙක තුන මේකේ රිංගනවා ස්ටොක් ගන්න. එහෙම ස්ටොක් අර ගන්න වෙලාවක රාජපක්ෂ අංකල් ස්ටෝරුවේ දොර ගාව කැරකෙනවා. හරියට නිකං අර මනෝකායවල් තමන්ට කැමති තැන් වල කැරකෙනවා වගේ.

එදා මේ ස්ටෝරුවේ ස්ටොක් ගන්න දවසක්. එහෙම දවසක් වලට එතැන එකම කාලගෝට්ටියක්. මොකද සේනාරත්න ගිණුම අංශයෙන් මේ වැඩේට එන්නේ. මිනිහා අතේ තියෙන ස්ටොක් ෂීට් එකේ පොත් වල තියෙන බැලන්ස් එක ලියලා තියෙනවා. ලොකු හෙට්ටි කැමති නෑ වැඩිපුර බඩු තියෙනවා කියන්න. එහෙම කිව්වොත් සේනාරත්න බැලන්ස් එක හදා ගන්නවා. සමහරු නම් කියන්නේ, අහිංසක නැත්නම් අලුතෙන් ආපු නඩත්තු අංශයේ කොල්ලොන්ගේ ඇස් වලට වැලි ගහලා ලොකුහෙට්ටි ගණන් වරද්දලා මේවා ඉතිරි කරගෙන, ඇතුලට එන වාහන වලින් මේවා පන්නනවා කියලා. මොකද ඌ කටේ සද්දෙන් තමයි මේක කරගෙන යන්නේ. අනිත් එක්ක අයියා(ජෙමා) ඉන්න නිසා කවුරුත් මූට ටිකක් බයයි. එහෙම නැති අය අතලොස්සක් හිටියා. දැන් සේනාරත්න අයිටම් එකේ නම කියනවා - ලොකුහෙට්ටි බැලන්ස් එක කියනවා. ඒ අතරේ ලොකුහෙට්ටි රබර් ඇහැ දාලා ෂීට් එකේ තියෙන ගාන බලනවා. එතකොට සේනා බනිනවා.
"කන්ඩියුට් බෙන්ඩ් අඟල් භාගේ නිල්"
පින්තූරය ගත්තේ : www.ecw.com

සේනාරත්න ඔන්න මේ පාර බැලන්ස් එකත් එක්කම කිව්වා.  බැලන්ස් එක බිංදුව (Nil හෝ Null). මේක ඇහුණා ඒ වෙලාවේ එතැන කැරකි-කැරකි හිටපු රාජපක්ෂ අංකල්ට. ඇහිච්ච් ගමන් මිනිහා ආවේස වෙලා වගේ මිනිහගේ අර අමුතු කටහඬින් කියාගෙන යනවා මෙහෙම
"නිල් පාට කන්ඩියුට් බෙන්ඩ් කොහෙද තියෙන්නේ. මමත් දැන් අවුරුදු විසි ගානක් වැඩ කරනවා. කවදාවත් නිල් පාට කන්ඩියුට් බෙන්ඩ් දැකලා නෑ. කන්ඩියුට් ඉතිං කවදත් කහ පාටයි. නැත්තං සුදු පාටයි. කෝ පෙන්නනවා  බලන්න ඕක"
මේක අහලා ඇතුලේ කාලගෝට්ටි දා ගත්ත සේනා සහ ලොකුහෙට්ටි දෙන්නා බඩ අල්ලාගෙන හිනා වෙනවා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පින්තූරය ගත්තේ : http://www.whatsupcolombo.lk

 පාමංකඩ එකසිය විස්ස පාරෙන් ඇවිත් එකසිය තිස් අට පාරේ බෝ ගහ ගාවට වැටෙන පාරේ මම බොහෝ සතියේ දින වල යනවා. ඒ පොඩි එකී ඇරලන්න. ඉතිං එතනින් යන ඕනෑම කෙනෙකුට දකින්න ලැබෙන තැනක් තමයි Malkey Rent A Car සර්විස් එක. මේක ඉස්සරහ පැත්තේ ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් ඉන්නවා. එයා ගාවට අලුතෙන් ගෝලයෙක් ආවා. මේ කොල්ලා නිතරම Rent a Car එක පැත්තට දුවගෙන යනවා. දවසක් බලාගෙන ඉන්නම බැරි තැන බාසුත් ඒ පස්සෙන් ගිහිං. මේ අතරේ අලුත් ගනුදෙනු කරුවෙකුට වාහනයක් දෙනවා. දැන් ඉතිං ඒ ආයතනයේ මැනේජර් අර ගනුදෙනු කරුවට යතුර දුන්නා. දැන් යතුර ඒ ගනුදෙනුකරුවාගේ අතේ. කොල්ලා රිලා පැටියෙක් වගේ දෙකට නැවිලා ඔලුව කරකව-කරකව බලනවා. ඒ ගමන ගනුදෙනු කරුවා අර මැනේජර් එක්ක වාහනය ගාවට ආවා. දැන් යතුර දාන්න හදනකොටම ආයි කොල්ලා බිම ඉඳගෙන බලනවා. ඒත් යතුර දාලා දොර ඇරගත්තු ගනුදෙනුකරුවා ඇතුලෙන් වාඩි වෙනවා. ඒ පාර යතුර දානකොටත් කොල්ලා එබිලා බලනව. බාස් උන්නැහේ අල්ල ගත්තා කොල්ලගේ කමිස කොලර් එකෙන්
මොකද යෝධයෝ උඹ අර රිලවෙක් වගේ එබී-එබී එතනට වාහන ගන්න එන එවුන් දිහා බලන්නේ.
බලන්න බාස් උන්නැහේ මම දැන් දවස් කීයක් බලනවද ? එකක් බලා ගන්න බැරි වුණානේ මල් යතුරක්. ෆ්ලැට් යතුරු තමයි වැඩි හරියක් තියෙන්නේ.
යතුරු ඉතිං ෆ්ලැට් නැතුව හතර්ස් වෙන්නද ?
නෑ ඉතිං බෝඩ් එකේ නං ලොකුවට ගහලා තියෙනවා මල් යතුරු තියෙන වාහන දෙනවා කියලා. ඒත් මුන් ළඟ තියෙන්නෙම ෆ්ලැට් යතුරුමනේ.
ඔන්න එතකොට තමයි බාස් උන්නැහේට වැඩේ මීටර් වුණේ. කොල්ලා මල් ඉස්කුරුප්පු නියන සහ ෆ්ලැට් ඉස්කුරුප්පු නියන වගේ යතුරුත් ඇතියි කියලා හිතලා.

මේක ටිකක් කාලෙකට කලින් සිද්ධියක්. දැන් නම් ඉතිං වාහන වලට විවිධ වර්ගයේ යතුරු තියෙනවා නේ. පස්සේ කල්පනා වුණේ මේ ගෝලයා නුවර පැත්තේ උනා නම් මල්කි කියන කෑල්ල අල්ල ගන්නේ නැතිව Rent a Car කියන කෑල්ල අල්ල ගන්නත් තිබුණා. 

Tuesday, October 28, 2014

කවුළු නැති ගුවන් යානා අවුරුදු 10 කින් ගුවනේ ..... Windowless Planes in next ten years


සෑම වසරකම බිලියන 3.1 ක් ජනයා ලොව පුරා සැරිසරනවා. කෙනෙකු නිස්කලංකයේ නිවාඩුවක් ගත කරන්න, තවත් කෙනෙක් ව්‍යාපාරික ගනුදෙනුවකට, එහෙමත් නැත්නම්  ත්‍රාසජනක අත්දැකීමක් ලබන්න  හෝ ආදරය  වෙනුවෙන්. ඒ සඳහා ඉන්ධන ගැළුම් දෙලක්ෂ විසිදාහක් වැය කරමින් කාබන් ඩයොක්සයිඩ් ටොන් 705 ක් වාතලයට මුදාහරිනවා. ගමනාන්තයට ළගා වීමටම නොවේ, එහි තිබෙන ජනෙල් ඉවත් කළහොත්, ඔබේ දෑස් අන්කවරදාකටත් වඩා විවෘත වනවා පමණක් නොවෙයි,අඩුබරකින් යුත් යානයක් , නිෂ්පාදක සහ මගියාගේ වියදමද අඩු කර ගැනීමට හැකිය. මෙම තාක්ෂනයට ගුවන්යානයේ සැකිල්ල තුනීලෙස,  සහ වැඩි ශක්තියකින්  නිමවන්නට හැකිය. ඒමගින් මගියාට වැඩි පළලික් යුත් ආසනයක්ද, අඩු ඉන්ධන දහනයක් සහ අවම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුදා හැරීම විශේෂත්වයකි. සජීවී, දීප්තිමත් මෙන්ම නොනවතින වීඩියෝ දර්ශණ මගින් හාත්පස දර්ශන, විනෝදාත්මක වීඩියෝ දර්ශන සහ තොරතුරු ඒවායේ  විකාශනය කෙරෙන අතර යානය තුල සේවාවන් ඇඟිලි තුඩක දුරකින් ලබා දීමට හැක. ඔබේ සංචාරය ඔබේ ආකාරයට ඇරඹීමට කාලයයි මේ.......

CPI innovations for future plains


මෙම සංකල්පය හඳුන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාවලි නවීකරණ මධ්‍යස්ථානය (Centre for Process Innovation) විසිනි. 

ද ගාඩියන් පුවත්පතට වාර්තා කරන අන්දමට ගුවන්යානයේ කවුළු සම්පූර්ණයෙන්ම දීර්ඝ ඕලෙඩ් වර්ගයේ රූපවාහිනී තිර වලින් ආවරණය කරන අතර යානයේ පිටත සවි කරන කැමරා මගින් ලබා ගන්නා හාත්පස දර්ශන ඒවායේ නිරතුරුව ප්‍රදර්ශනය කෙරේ. එයට අමතරව විනෝදාත්මක වැඩසටහන්, යානය තුල සේවාවන් ඇනවුම් කිරීම සහ අන්තර්ජාල පහසුකම්ද මේවායෙන් ලබා ගත හැක.

Future plains will have wider seats

කවුළු ඉවත් කිරීම මගින්  යානයේ ස්කන්ධය අඩුකරගත හැකි නිසා ගුවන් මගියාගේ ගාස්තුව මෙන්ම ගුවන්සේවාවේ වියදම්ද අවම කර ගත හැක.

ඔක්තෝම්බර් 15 වෙනිදා යූ ටියුබ් වෙත මුදා හරින ලද වීඩියෝවක් මගින් එම මධ්‍යස්ථානය දන්වා සිටින්නේ වසරකට බිලියන තුනකට අධික ජනතාවක් ගුවන් ගමන් වල යෙදෙන බවත් ඒ සඳහා යොදා ගන්නා ඉන්ධන ගැළුම් දෙලක්ෂ විසිදාහ මගින් කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 705 වායුගෝලයට මුදා හරින බවයි.

ආචාර්ය ජොන් හෙලිවෙල් උපුටා දක්වන ගාඩියන් පුවත්සේවය පවසන්නේ "අප ගුවන්ගතවන්නන් සමග නිරතුරුව කතාබහේ යෙදුනා. අපට තේරුනා යානයේ බර අඩු කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව"

"මෙය තර්කානුකූල සිතිවිල්ලක් ඔස්සේ ඉදිරියට යාමකි. උදාහරණයක් වශයෙන් ගත්තොත් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන්යානා කවුළු රහිත ඒවායි. කවුළු ඉවත් කල පසු මගීන්ට කුමක් කල හැකිද ? ඔබ හිතුවාද ? ඇත්ත වශයෙන්ම කවුළුව අසලම ආසන වල සිටින මගීන්ට මින් යම් අපහසුතාවකට මුහුණ පාන්න සිදු වේ"



හෙලිවිල් මහතා පවසන්නේ කවුලුරහිත ගුවන්යානා පිලිබඳ සිහිනය වසර දහයකදී සැබෑවක් වන බවයි. 


future plains will have oled screens instead of windows where pasennger could order through touch screeen

"අප සියල්ලන්ම ඒ පිලිබඳ දැන් කථා කරන්නේ එය ගුවන් යානා සංවර්ධනය කර්මාන්තයේ  කලයුතු අවශ්‍යතා සමග ගැලපෙන නිසයි.






සියලුම පින්තූර සහ සටහන http://www.buzzfeed.com ඇසුරෙනි. 


ප.ලි. මේ ගැන ඔත්තුව ලබා දුන් රන්ජන් ධර්මරත්න මහතාට ස්තුතිය. 

Saturday, October 25, 2014

අරක්කු කොහෙද බං වෙසක් පෝයට ...... No Arrack in Wesak Poya Days ......

බෙන්තොට සහ අලුත්ගම අතර තිබෙන කිලෝමීටර් දෙකකට ආසන්න දුර පයින්ගමන් කිරීම  අදටත් මට මහා ලොකු දෙයක් නොවේ. ඒ මා දිගුකාලීනව ඇවිදීම පුරුද්දක් කරගෙන් සිටීම නිසාය. නමුත් මේ කතාවට පසුබිම් වන කාලයේ කෙසඟ සිරුරකට හිමිකම් කී මට එය අතිශය සාමාන්‍ය දෙයකි. බෙන්තොට යනු සංචාරක පුරවරයක් මිස, වෙළඳ නගරයක් නොවේ. එනිසා එදිනෙදා ජීවිතයට අදාළ වන ආහාරපාන හැරුණු කොට වෙනත් දේ එහි වෙළඳාමට නොමැත. මේ කියන සිද්ධියට පසුබිම් වන්නේ වෙසක් දිනයක් බැවින්, මා අලුත්ගම බලා පයින් ගමන් ගත්තේ, එදින නිවාස අලංකරණය අවශ්‍ය කුමක් හෝ මිලදී ගැනීමටය. ඒ කුමක්ද යන්න අද මගේ මතකයට නොනැගේ. 

හේමචන්ද්‍ර මුදලාලිගේ කඩය එකල අප නිතර ආගිය තැනකි. ඒ එහි වැඩියෙන්ම වෙළඳාම් වුයේ පොත්පත් සහ පාසල් උපකරණ වූ බැවිනි. නමුත් මේ කියන කාලය වනවිට මා, මගේ දෙවැනි රැකියාවේ නිරත වෙමින් සිටියෙමි. නමුත් නිවැරදිව ගතහොත් එය මගේ තෙවැනි රැකියාවයි. දෙවැනි සහ තෙවැනි රැකියාවන් ගැන මා පවසා ඇතත්, මගේ පළමු රැකියාව ගැන සටහනක් කලේ නැති බව මගේ මතකයයි. එය පසු සටහනකින් ඔබ වෙත ගෙන එන පොරොන්දුව සමග කියාගෙන ආ කතාවට සිත යොමු කරමු. 

ඒ කාලයේ මා පාරේ ගමන් කරන්නේ බිම බලාගෙනය. ඒ මගේ පුරුද්දය. බිම බලාගෙන වේගයෙන් ගමන් ගැනීම අපේ පවුල් වල පිරිම් උදවිය කාටත් පොදු ලක්ෂණයකි. මගේ පියාද, ඔහුගේ සොහොයුරන් සියල්ලද අනුගමනය කලේ මේ ක්‍රමයය. මෙකී වෙසක් දිනය 1992 යයි මගේ සිත මට පවසයි. එය එසේ විය යුතුය. ඒ මා රිවරිනා හොටෙල් රැකියාවේ ස්ථිර සේවකයෙකු වූ වසරයි. එම ස්ථිර වීම සහ මේ කතාව අතර සම්බන්ධය කුමක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් කතාවේ අවසාන කොටසේදී ඒ කෙසේද යන ගැටලුවට පිළිතුරු ලැබෙනු ඇත. 

හේමචන්ද්‍ර මුදලාලිගේ කඩය තිබෙන්නේ, අද අලුත්ගම සුපර්මාර්කට් ගොඩනැගිල්ලේ ප්‍රවේශ වන දොරටුවට හරියටම ඉදිරිපසින් පාරේ අනෙක් පසය. හරිටම පැවසුවොත්, ගාලු පාර සහ වැලිපැන්න(මතුගම බලා යන පාර. අදනම් අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම දෙසට  ගමන් කරන මාර්ගය) බෙදෙන්නට අරඹට ස්ථානයේය. එම ස්ථානය දෙපසින් තිබෙන අනෙක් වෙළඳ සැල් වන්නේ රන්ජනාස් ඉලෙක්ට්‍රොනික් වෙළඳ සල සහ නිවැරදිව නම මතක නැති චයිනීස් වර්ගයේ රෙස්ටෝරන්ට් එකය. 

මේ රෙස්ටෝරන්ට් එක ගැනද වචනයක් පැවසිය යුතුය. රිවරිනාවේ මා හා සේවය කල ප්‍රබාත්, පාලිත, සෙනෙවිකුමාර සහ තවත් බොහෝ දෙනා සවසට බියර් බෝතලයක් බොන්නට පැමිණෙන්නේ මෙතනටය.  මෙහි යාම අමධ්‍යපයන් වූ මමත් මගේ අතිජාත මිතුරු සේනාරත්නත්  ප්‍රතික්ෂේප කළෙමු. ඒ සඳහා මට ඉතාමත් සාධාරණ හේතුවක් විනි. ඒ මෙය මාගේ අසල්වැසි නගරයයි. එහි මා සිටි බව මගේ දෙමව්පියන් දැන ගත්තේ නම් රැකියාවෙන්ද ඉවත් වී විවේක සුවයෙන් නිවසේ ගත කල හැකි නිසාය. ඇත්ත වශයෙන්ම පවසනවා නම් මගේ පියාට එය ගැටළුවක් නොවුනද, මගේ මව ඒ සම්බන්ධයෙන් දැඩි නීති රීති අනුගමනය කළාය. 

හේමචන්ද්‍ර මුදලාලිගේ කඩය තුලට ගමන් කිරීමට පාසල් වයසේදී අප බිය වීමු. ඒ එහි පැවති අඳුර නිසාය. අප අවශ්‍ය දේ මිලදී ගත්තේ කඩේ එළිපත්තේ ඇති, රෙදි වලින් තැනූ වියන වැනි සෙවනේ සිටගෙනය. මේ කියූ වෙසක් දිනයේද, සැලකිය යුතු සෙනගක් අතර මාද පසුවූයේ අඳුර වැටෙන්නට පෙර අවශ්‍ය දේ මිලදී ගෙන පිටව යාමටය. එතැන සිටින ගමන් වම් පැත්ත  බැලු මට මගේ හොඳම මිතුරෙකු දකින්නට හැකි විය. ඔහු සිටින්නේ තනිවම නොව තවත් පුද්ගලයෙකු සමගය. නමින් රොහාන් වූ මගේ මිතුරා සහ මම පාසල් කාලයේ එකට ස්කූල් බසයේ ගමන් ගත්තෝ වෙමු. එහි සොඳුරු මතක කෙතරම් ඇත්ද ? නිතර තම ලේන්සුව අතේ තබාගෙන සිටීම රොහාන් අයියාගේ සිරිතයි. එසේ ලේන්සුව තබාගෙන සිටින්නේ තොරක් නොමැතිව ඔහුගේ අල්ලට ගලාගෙන එන දහදිය පිසදා ගැනීමටය. මට වඩා අවුරුද්දක් පමණ වැඩිමල් ඔහුට අයියා යයි එකල ඇමැතුවද, පාසල් අධ්‍යාපනයෙන් පසු අප දෙදෙනා මචං ලා විය. එකල අප නිතරම ඔහුගේ නිවසට ගොඩ වැදුනේ කැරම් ගැසීමටය. එහි ගිය අවස්ථාවක ඇසු කතාවක් "විජේ අංකල්ගේ ඉංග්‍රීසි" නමින් ලියා තැබුවෙමි. සමහරවිට ඔබ එය කියවන්නට ඇත. එය මා ලියන "ලොල් කතා" මාලාවේ තවත් එක් සටහනකි. 

පෙනෙන ආකාරයට ඔහුගේ මුහුණෙන් දිස් වන්නේ අපේක්ෂා භංගත්වයකි. ඔහුගේ මිතුරාගේ මුහුනේද සිනා පොදක් අහලක වත් නැත. ඔවුන් සිටින්නේ කුමක් හෝ කලබලයක බව පැහැදිලිය. අනෙක ඔවුන් සිටින්නේ එතැන තිබෙන රෙස්ටෝරන්ට් එක එලිපත්තේය. හනික මට ලබා ගැනීමට තිබූ දෙය ලබා ගත් මා ඔවුන් සිටින දෙසට පිය මැන්නේ නිරායාසයෙනි. මෙකල මා රිවරිනාවේද, ඔහු බෙන්තොට බීච් හොටෙලයේද සේවයේ නිරත වීමු. ඇත්ත වශයෙන්ම ඔහු මට වඩා වයසින් අවුරුද්දක් වැඩි වුවද, ඔහුට වඩා වසර දෙකකින් වැඩිමහල් ඔහුගේ සොයුරු ඇන්ටන්ද හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වලදී මට වඩා කනිෂ්ඨයන් විය. හේතුව මට රැකියාවක් දීමට මෙම හෝටල් වල සිටි බලධාරීන් මග බලා සිටීමය. ඒ එකල මා ප්‍රදේශයේ සිටි දක්ෂම ගෝල් රකින්නා වීමය. අඩි පහකුත් අඟල් හතරක් යනු ගෝල් රකින්නෙකුට කිසිසේත් උචිත උසක් නොවේ. බෙන්තොට බීච් හෝටලයේදී පසුව හමු වූ තම්මිට නමැති ගම්පහ ප්‍රදේශයේ ගෝල් රැකීමේ දක්ෂයා අඩි හැකයට ආසන්න වූවෙකි. ඔහුගේ ආගමනයත් සමග මා අමතර ගෝල් රකින්නා වූවද, ඒ වනවිට රාජකාරියේදී දැක්වූ නිපුනතාව සහ ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දක්ෂතාව නිසා මගේ රැකියාවට අනතුරක් නොවීය. 

මා දෙදෙනා අසලට යනවාත් සමග රොහාන් මා වෙත කඩා පැන්නේය. 
"මොකක්ද බං මේ වැඩේ තේරුම උඹලාගේ බුදු හාමුදුරුවෝ බුදු වුණා කියලා අපි පලිද ?"
"හරි උඹලා පලි නෑ තමා. ඉතිං මමත් පලි නෑ. ඒ වුණාට අපි බුද්ධාගම නිසා අපේ ගෙවල් වල පානක් හරි පත්තු කරනවා. ඒත් උඹලට එහෙම කරන්න කියලා කවුරුත් බල කරන්නේ නෑනේ"
එසේ පවසන විට මුහුණෙන් මුහුණ බලාගත් දෙදෙනා හිස එක් පසකට ඇල කරමින් මද සිනහවක් නැගීය. 
"නෑ බං උඹට අපි කියන දේ තේරෙන්නේ නෑ" 
 "මට තේරෙනවා වෙසක් පෝය අපේ, ආගම් කාරයොන්ට එකෙන් වැඩක් නෑ"
"වැඩක් නං නැත්තෙත් නෑ. දැන් දන්සලක් තිබ්බොත් අපි යන්නේ නැද්ද ? යනවනේ"
එය ඇසු විට මගේ මතකයට ආවේ ටුටූ අයියාත් රෝහානයාත් මගුල් යෝජනවාක් බලන්නට ගොස් කල මගඩි වැඩකි. එදින ඔවුන් දෙදෙනා ගමන් ගත් නිවසේදී බුලත් හෙප්පුව ගෙන ආ තරුණිය ටුටූ අයියාගේ හිතට අල්ලා නොමැත. කලින් කතිකා කරගත් පරිදි එම නිවසේ අයට ඔවුන් එපා වෙන තරමට මේසය පුරා තිබූ ආහාර සියල්ලට දෙදෙනා විසින් වග කියා ඇත. ඒ සිනහවද සමග මා නැවතත් ඔවුන් දෙසට හැරී 
"ඉතිං දැන් මොකද වෙලා තියෙන්නේ. උඹ ආගම මාරු කරන්නද හදන්නේ. හරි මට දැන් මතක් වුණේ. අරයා බුද්ධාගමනේ"
"අනේ නිකං පලයන් බං රැවුල පත්තු වෙලා ඉන්න වෙලාවේ සුරුට්ටු පත්තු නොකර. අද බාර් ඔක්කොම වහලා උඹලාගේ බුදු හාමුරුදුවන්ගේ බර්ත්ඩේ කියලා. අපි බියර් එකක් ගහනවා කියලා මෙතනට ආවා. ඒකත් වහලා. මොකක්ද බං මේකේ තේරුම. බලපන් කාලෙකින් ගෙදර ආව යාලුවට අරක්කු උගුරක් දෙන්න විදියක් නෑ"
"හරි උඹලට අරක්කු බෝතල් කීයක් ඕනද ?"

ඔන්න එතකොට රොහාන්ගේ මූනට පුන්සඳ පෑව්වා වගේ එළියක් ආවා. යාලුවාගේ මූණටත් ලේ ටිකක් ඉනුවේ ඒ වෙලාවේ. 
"මේ... මේ... උඹ හදන්නේ අපිව අන්දන්නද ? ජීවිතේට අරක්කු මුඩියක් කටේ තියන්නේ නැති උඹ කොහොමද අපි නොදන්නා හොර පොළවල් දන්නේ. ඒවා සේරම පහු කරන් තමයි මෙතනට ආවේ"
"හරි ඒ කථා උඹලට වැඩක් නෑ. උඹලට ඕනේ අරක්කු නේ. බෝතල් කීයක්ද?"
"උඹ හිතුවේ අපි ගුදම් කියලද ? යකෝ එකක් හොඳටම ඇති"
"හරි උඹලා කීය ගානේද ගන්න කැමති ?"
"වයින් ස්ටෝර්ස් එකේ  140යි. උඹට පුළුවන් නම් තුන්සීයක්, හාරසීයක් වුනත් කමක් නෑ"
දැන් දෙදෙනා සිටින්නේ මා වැළඳ ගන්නවාද ? නැතිනම් මා දෙදෙනාට මගෝඩි වැඩක් කරනවාද ? යන දෙගිඩියාවෙන් බව පැහැදිලිය. මා වැනි ළදරුවෙක්ගෙන් මෙවැනි දේවල් බලාපොරොත්තු වීමට තරම් ඔහු බොළඳ නොවීය. මම සාක්කුවට අත දමා එහි තිබෙන මගේ කබඩ් එකේ යතුර අල්ලා සොලවන ගමන් මෙසේ පැවසීමි.
"හරි. දැන් එහෙනං දෙන්නත් එක්ක මගේ පස්සෙන් එන එකයි ඇත්තේ. මම දන්නවා බඩු තියෙන තැනක්. බෝතල් දෙක මම දෑහින් දැක්කා. එතැන අරක්කු විකුණන තැනක් නෙවෙයි. ඒ වුනාට බඩු ෂුවර්"
"අනේ මචං වඳින්නං බොරු නම් කරන්න එපා. තව වැඩි වෙලාවක් නෑ"
ඔවුන්ගේ මුහුණෙන් දිස් වන්නේ විඩාපත් බවකි, තරමක් තරබාරු සිරුරු වලට හිමිකම් කී මේ දෙබෑයෝ දැන් මගේ පසුපසින් නමුත් ආසන්නයේ ගමන් ගනිති. එහෙත් මා වේගය වැඩි කරන හැම වෙලාවකම 
"යකෝ අපිට නැති හදිස්සියක්නේ මූට තියෙන්නේ. පොඩ්ඩක් හෙමින් පලයන් බං"
"උඹලා අහලා නැද්ද ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියලා"

අප බෙන්තර පාළම පසු කර ඒ අසලින්ම මගේ නිවසට ආසන්නයෙන් කෙලවර වන පහල වත්ත පාර නමැති ගුරු පාරට පිවිස ගමන් ගතිමු. පොහොය දිනය නොවුනත් තරමක මඩ වලවල් ප්‍රමාණයක් මෙහි ඇත. හේතුව මෙය ගඟ ආසන්නයෙන්ම පිහිටා ඇති අතර, තුරුලතා සෙවන සහිත ගුරු පාරක් වූ බැවිණි. මිනිත්තු දහයක පමණ කාලයකදී අප නිවසට මීටර් දෙසීයක් පමණ ඈතින් ඇති රවුම් පාරට පිවිසුණු විට.
"මචං පිස්සු නම් කෙලින්න එපා. උඹ ඔය ගෙදර නේද යන්නේ"
"හරි මොකෝ අපේ ගෙදර උඹ නොගිහින් තියෙන තැනක්ද ? වරෙන් පොඩ්ඩක් ඇවිල්ලා තේ එකක් එහෙම බීලා ඉමු. ඊට පස්සේ බඩු ටික ගමු"
"මං උඹට කිව්වනේ"
මේ වනවිට අරක්කු මාන්දම උත්සන්න වී සිටි මිතුරා පැවසීය. කිසිවක් නොකියා මා කෙලින්ම ඇතුළු වුයේ මගේ කාමරයටය. එහි ඇති වීදුරු සහිත දොරවල් හැරගෙන කෙලින්ම කාමරයට පිටතින් ඇතුල් විය හැකිය. නිතර දෙවේලේ එහෙ මෙහෙ ගමන් කරන මා හට එය අස්වැසිල්ලකි. දැන් මිතුරන් දෙදෙනා මේ දොර අසල හිටගෙන සිටී. දෙදෙනාට ඉඳගන්නට මාගේ ඇඳ පෙන්වූවත්, ඇතුලට විත් ඉහල පහළ බලමින් සිටින ඔවුන් ගැන ඇත්තටම මට අනුකම්පාවක් ඇති විය. මා රැගෙන ආ දේ මේසය මතට දැමූ මා සාක්කුවෙන් යතුරු කැරැල්ල ගෙන හනික මගේ කබඩ් එක ඇර රොහාන්ට අතින් සන් කලේ මා අසලට එන ලෙසය. ඔහුගේ දෑස් බිත්තර බුල්සායි දෙකක් මෙන් විය. සිදු වන්නේ කුමක්දැයි මිතුරා විමසිලිමත් දෑසින් බලා හිඳියි. එම දසුන ඔහු ජීවිතයේ දකින්නට ලැබුණු පුදුමාකාරම දසුනක් වනු නොඅනුමානය. ඔහු මා වැලද ගනු ලැබුණි. පසෙක හුන් මිතුරාද මොහොතකින් අප අසලය. ඔහුගේ මුවේද ජයග්‍රාහී සිනහවක් මතුවිණි. 
"මචං උඹ නම් දෙයියෙක්. මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ අද අරක්කු ටිකක් බොන්න හම්බෙයි කියලා. උඹට මේකට කීයක් ඕනෙද ?"
ඕල්ඩ් අැරැක් ගල් අති විශේෂ කබඩ්ඩුව ඇතුලේ
මුල් පින්තූර ගත්තේ : www.harrisonantiquefurniture.co.uk       : fr2.wearedesigners.net
    : colombofoodcity.com

"මට වැඩිපුර සත පහක් වත් එපා. උඹ මේ දෙකම හරි ගනින්. මේ ඕල්ඩ් අැරක් බෝතලේ ගත්තේ ආතර් අංකල් ගෙන්. මියුසිකල් ෂෝ එකේ ඉතිරි එකක්. ඒක මට එයා 120ට දුන්නේ. මේ බෝතලේ අපි ගත්තේ 120කට වගේ මතක"
ඒ විගසම පන්සීයේ කොළයක් ඇදගත් රොහාන් මා අත තබා බෝතල් දෙක අතට ගත්තේය. මම ඉතිරි සල්ලි දෙන්න උත්සාහ කලත් ඔහු ඊට ඉඩක් නොතබාම නිවසෙන් පිටව මිදුලට පැන්නේය. මා ලබාදුන් බෑගයේ ඒ බෝතල දෙක ඔබාගත් ඔහු මදෙස බලා ස්තූති පූර්වක සිනහවක් ඵල කර වේගයෙන් ඔවුන්ගේ නිවාස තිබෙන දිසාවට ගමන් ගති. කිසිදා අරක්කු බිඳක් කටේ නොතබන මගේ කබඩ් එකට අරක්කු බෝතල් දෙකක් කෙසේ එන්නට ඇතිද ? ඒවා ලැබුණු සහ මිලදී ගත ආකාරය ඉහතින් පවසා තිබුණත්, අරක්කු වල අවශ්‍යතාව කුමක්දැයි ඔඅ සිතනවා ඇත. 

මගෙත් සේනාරත්නගේත් සේවාව ස්ථිර කලේ එක ළඟ මාස දෙකකදීය. ඒ පෙබරවාරි සහ මාර්තු මාස වලදීය. සංචාරක හෝටලයක පර්මනන්ට් වනවා යනු මගුල් ගෙයක් ගන්නට තරම් විශේෂිත අවස්ථාවකි. එවැනි පර්මනන්ට් පාටි කිහිපයකට මේ වනවිට අපද සහභාගී වී ඇත. සංචාරක හෝටල් වල ඇත්තේ සොච්චම් වැටුපක් බව අරූගේ අඩවිය සමග එක් වන ඔබ මේ වනවිටත් දන්නවා ඇති. සර්විස් චාජ් හෝ සේවා ගාස්තුව පඩිය මෙන් හතරපස් ගුණයක් වන මාසද කිහිපයක්ම අවුරුද්දට ඇත. 

අප දෙදෙනාගේ පාටියට අරක්කු මිලදී ගැනීම සඳහා ගණන් හැදු ආකාරය සිනහව උපදවන අකාරයේ එකක් වෙයි. අරක්කු හෝ බීම ගැන කිසි අවුබෝධයක් නොවූ අප දෙදෙනා, හොඳින් බොන ශාන්ත, මයිකල්, ප්‍රේමදාස, පාලිත සහ වික්‍රම ඇතුළු තවත් කිහිප දෙනෙකුට එක් අයෙකුට බෝතලය බැගින්ද, ගානකට බොන අය වූ බැසිල් අයියා ෂර්ලි, ආනන්ද වැනි ය සඳහා භාගයක්ද වන්න ගණන් සාදා බෝතල් විස්සක් පමණ මිලදී ගතිමු. අවසානයේ අපේ නිවාස පිටුපස පිට්ටනියේ සංගීත සැඳෑවක් පැවැත්වූ දිනක් ඒ සඳහා තෝරා ගතිමු. එදින අපේ නිවසට ගොඩ වූ සියළු දෙනා හොඳින් සප්පායම් වී ගිය අතර, ඉතිරි බෝතල් දෙක මා ප්‍රවේසමෙන් ඉතිරි කර තබා ගත්තේ, එදින නොපැමිණි අය සඳහාය. ඊළඟ මාසයේ පොහෝදින තවත් මිතුරෙකුට එය මාහැඟි වස්තුවක් වී ඇත. 

Tuesday, October 21, 2014

මෙන්න තවත් සිම්පල් ප්ලෑන් එකක් ......Yet another simple plan ......

අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙකුට තියෙන ලොකුමප්‍රශනයක් තමයි "බ්‍රවුසර් හයිජැකින්"(බ්‍රවුසරය පැහැරගැනීම). හයිජැකින් කිව්වම එක පාරටම සිහියට එන්නේ ගුවන් යානා පැහැරගනීමනේ. ඉතිං එහෙම කිව්වම බොහෝ දෙනෙකුට තේරුම් ගන්න බෑ. බ්‍රවුසර් හයිජැකින් කියන්නේ "ඔබේ බ්‍රවුසරයේ ආධිපත්‍යය වෙනත් පාර්ශවයක් විසින් අත්පත් කරගෙන එය ඔබේ උවමනාවන්ට  පිටින් ක්‍රියා කිරීම"(ඇත්තටම ප්ලේන්එකක්හයිජැක්කලත්වෙන්නේඔයටිකමතමා).

එහෙම කිව්වත් තේරෙන එකක් නෑ. ඔබ දන්නවා ඕනෑම වෙබ් පිටුවකට අදාළ වෙළඳ දැන්වීම්, එහෙමත් නැත්නම් ගූගල් විසින් ලබා දෙන වෙළඳ දැන්වීම් ඒවායේ ප්‍රදර්ශනය වන බව. නමුත් මේ වගේ පැහැරගැනීමට ලක් වුණු බ්‍රවුසරයකින් වෙබ් පිටුවකට පිවිසුනාම, ගූගල් දැන්වීම් වලට බොහෝ සෙයින් සමාන වෙළඳ දැන්වීම් ලවක්-දෙවක් නැතිව හැම තැනම මතු වෙන්න පටන් ගන්නවා. මේක මහා හිසරදයක්. එක් අතකින් එම පිටුව අයිති කෙනාට ඉන් සත පහකවත් ආදායමක් ලැබෙන්නේ නෑ. මෙවැනි වෙළඳ දැන්වීම් හඳුනා ගැනීම පහසුයි. එම දැන්වීම් ආවරණය කරන ප්‍රදේශය තුලම ඒවා ඉවත් කිරීමේ පහසුවත් සපයනවා. හරියට අර යූ ටියුබ්වල මතු වන දැන්වීම් වගේ. 

තවත් දෙයක්, පිවිසෙන වෙබ් පිටුවේ සමහර වචන වල පාට(කොළ) වෙනස් කරලා යටින් ඉරි(underline ) ඇඳ, මේවා අදාළ වෙබ් අඩවිය විසින් ලබා දුන් සබැඳියාවන් (link) ලෙස දැක්වීම. නොදන්නා අය බොහෝවිට මේ මත ක්ලික් කර අර බ්‍රවුසරය පැහැර ගත අයගේ වෙබ් පිටුවට පිවිසෙනවා. එක අතකින් මෙවැනි වෙළඳ දැන්වීම් මහා හිසරදයක්, සමහරවිට ඒවා වසා දමන්නට ලබා දෙන ස්ථානය මත ක්ලික් කලත් අදාළ වෙබ් පිටුවට පිව්සීම හෝ වෙනත් එවැනි දැන්වීම් පැටව් ගැසීම මේවාගේ සාමාන්‍ය ලක්ෂණ. 

මේවා අපේ බ්‍රවුසරයට එන්නේ කොහොමද? විවිධ අවස්ථාවන්වලදී(බොහෝවිට වීඩියෝ නරඹන්නට ගියවිට,තවත් අත්‍යවශ්‍ය ප්ලගින් එකක් ඩවුන්ලෝඩ් කරවන්න ඔවුන්  ඔබ  පෙලඹවූවා    ඔබට මතකද ? එවැනි අවස්ථා වල ඔවුන් කියනා දෙයක් කරන්න අපි පෙළඹෙන්නේ, නොපමාව එකී වීඩියෝව නරඹන්නට තිබෙන ආශාව නිසායි. ඔය කිව්ව  මෘදුකාංග භාගත කර ගන්නා විට, ඒවාත් සමග විවිධ දැකාංග (Adware කියන වචනයට මම හදපු සිංහල තේරුමක්) එකතු වීම වලක්වන්න බෑ. ඔබේ වයිරස් ආවරණය(Virus Guard) මේවා පිලිබඳ විමසිල්ලෙන් පසුවුණත්, ඒවා පරීක්ෂා කරන ආරක්ෂක කඩුලු (Checkpoints), වෙනත් ප්‍රයෝග මගින් පසු කරන්න මේවා නිපදවන්නන් සමත් වෙනවා. 

මේ දැකාංග වල පරමාර්ථය අනිසි දැන්වීම් ඔබ වෙත ගෙන ඒමම පමණක් නොවෙයි. ඔබගේ සෙවුම් යන්ත්‍රය මාරු කිරීම, ඔබගේ අන්තර්ජාල ක්‍රීයාකාරීත්වය රහසින් අධ්‍යනය කිරීම සහ එම තොරතුරැ වෙනත් තැනකට සම්ප්‍රේෂණ කිරීම, මේ මගින් සිදුවන අනෙක් භයානක කාර්යයන්. යොදාගෙන ඔබගේ සංවේදී තොරතුරැ(Sensitive Data) පවා සොරා ගන්නවා. ඔබගේ ජාල සැරිසැරීමේ ශයිලිය (Browsing Patter) ඔවුන්ගේ තොරතුරු ගබඩා වෙත යැවෙනවා. ඔබට එවිය යුත්තේ කුමන වර්ගයේ දැන්වීමද කියා ඉන් තීරණය කරනවා. ඉතින් පසුව ඒවා භාවිතා කරමින් විවිධ අකටයුතුකම් සිදු කරනවා. ක්‍රෙඩිට් කාඩ් වංචා ඉන් ප්‍රධාන එකක්. එයට අමතරව ඔබගේ පරිගණකය අසාමාන්‍ය ආකාරයෙන් මන්දගාමී වීම මේ හැමටම වඩා දරාගත නොහැකි කාරණයක්. 

මම මදුරුවන්ට පුරුදු කරමු පොස්ට් එක ටයිප් කරත්දී,  මේ අත්දැකීමට මුහුණ දෙන්න මටත් සිදු වුණා. මෙයට කලින් මා එවැනි අවස්ථා වල කළහැකි පියවරයන්  සිංහල බ්ලොග් අඩවි  දෙකකින්ම දැක තිබුණා. ඒත් මෙවර ඒ විසඳුම් හරි යන පාටක් තිබුණේ නෑ. ඒ විසඳුම් වලින් කරන්නේ අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම සහ බ්‍රවුසරයේ තිබෙන නොදන්නා ප්ලගින් ඉවත් කිරීම. එම විසඳුම් හරි නොයන විට මම නැවතත් ගූගල් දෙවියන්ගේ පිහිට පැතුවා.  එවර මට කිරි ගහට ඇන්නා වගේ විසඳුමක් ලැබුනා. ඒ http://7labs.heypub.com/ වෙතින්. දැන් එතකොට හේපබ් කියන්නේ බ්ලොගර් වගේ එකක්ද ? මේ පැනය ඔබේ හිතට එන්න ඇති. සත්තකින්ම ඔව්. ඒ ගැන කියන්නම් ඊළඟ පොස්ට් එකෙන්. 

කලින් සඳහන් කල විසඳුම් වලින් කරනවා වගේ අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම, ප්ලගින් ඉවත් කිරීම ගැනත් මේ සටහනේ සඳහන්. ඒ වුනත් මට හරිගියා වැඩේ ඒවා නොවෙයි.  ඔබේ බ්‍රවුසරයට පරිශීලකයෙකු නිර්මාණය කර ගැනීම. ක්‍රෝම් වල තියෙන ගූගල් පරිශීලකයන්ගෙන් ඇතුළු වීමත් එක්ක මෙය පටලවා ගන්න එපා. නමුත් ක්‍රෝම් වගේම ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේත් මේ පරිශීලකයන්(user create) නිර්මාණය ලබා දී තිබෙනවා. එහි මූලික අරමුණ මෙය නොවේ. විවිධ අය භාවිතා කරන පරිගනකයක, එක් - එක්කෙනාට අවැසි පසුබිම වෙන වෙනම පවත්වා ගැනීම. සමහරවිට වෙනත් භාවිතාවන් තිබෙන්න පුළුවන්. 

මේකෙන් කෙරෙන්නේ එක්-එක් පරිශීලකයාගේ රුචිකත්වය අනුව බ්‍රවුසරයේ වෙනස් කල හැකි හැම දේම වෙනස් කිරීම. 
  • හොම්පේජ්
  • පසුතලය
  • ආරම්භයේදී විවෘත විය යුතු ටැබ් ප්‍රමාණය, හිස් ඒවාද, නැතිනම් නම් කල වෙබ් පිටු සමගද 
  • ෆොන්ට් වල ප්‍රමාණය (අවැසි නම් ෆොන්ට් එකද වෙනස් කල හැක)
  • ප්ලගින් 
 මේවාගෙන් ප්‍රමුඛ ඒවා. ඉතින් මේ විදියට පරිශීලකයෙක් නිර්මාණය කළාම අර කලින් පොදුවේ භාවිතා කල බ්‍රවුසර් සෙටිං අමතක කර අපිට අවැසි ආකාරයට බ්‍රවුසර ලබා දෙනවා. මේ මගින් ඇතිවන වෙනස්කම් 
  • වේගවත්ව අන්තර්ජාලසැරිසරන්නට හැකිවීම 
  • අනවශ්‍ය දැන්වීම් වලින් තොර වීම
  • අනවශ්‍ය ප්ලගින් නැති වීම. 
හරි කොහොමද මේ පරිශීලකයා නිර්මාණය කරන්නේ ? මේ ගැටළුව ඔබට එන්න ඇති. සමහරවිට මේ තර්ජනයට ඔබ දැනටමත් මුහුණ දී ඇතිනම් නොයිවසිල්ලෙන් ඇති "කොහොමද මේක කරන්නේ ?" කියලා.  හරිම ලේසියි. 

ඔබ භාවිතා කරන්නේ ක්‍රෝම් බ්‍රවුසරය නම්
  1.  Menu වෙත යන්න
  2. Setting තෝරා ගන්න
  3. User වල ඇති Add new user තෝරා ගන්න











මේක ඒ හැටි අපහසු වැඩක් නෙවෙයි. එතන ඉල්ලන දත්ත  ලබා  දෙන්න. ඉන් පස්සේ මේ හැමවිටම මේ පරිශීලකයාගෙන්  බ්‍රවුසරය භාවිතා කරන්න මතක තබා ගන්න. මේක සාදා ගන්නකොට අර සුභාෂ් කියන එක ඉදිරියෙන් තියෙනවා වගේ ලස්සන මුහුණක් (අයිකනයක්) තෝරා ගන්නත් ඕන. මම හිතන්නේ හඳුනාගැනීමේ පහසුවට තමයි ඒක ඇත්තේ.

 එහෙම පරිශීකයෙක් නැති අවස්ථාවක පෙන්වන්නේ මෙන්න මේ ආකාරයට. ඔබට දැනටමත් මෙය පුරුදු ඇති.
 ඉන් පස්සේ බ්‍රවුසරය ස්ටේටස් බාර් එකේ පෙන්වන්නේ මෙන්න මේ විදියට.

නමුත් ඔබ පරිශීලකයා නිර්මාණය කිරීමෙන් පසුව ඔබට ලැබෙන්නේ මෙන්න මේ වගේ (ලස්සන), ඔබ තෝරා ගත්ත අවතාර් එකත් එක්ක.





හරි අපි දැන් බලමු ෆයර්ෆොක්ස් නොහොත් ගිනි-නරියාගේ මේ වැඩේ කර ගන්නේ කොහොමද කියලා.

ඔබ දැනටමත් ෆයර්ෆොක්ස් වලින් අන්තර්ජාලය පරිහරණය කරමින් ඉන්නවා නම්, මොහොතකට ඉන් ඉඑවත් වෙන්න. ඊට පස්සේ
  1. Start ගිහින් Run තෝරලා එතන firefox.exe -p කියලා ටයිප් කරලා OK ඔබන්න නැතිනම් එන්ටර් පාරක් ගහන්න. 
  2. එතකොට Profile Manager කියලා window එකක් එයි. එතන තියෙන Create Profile කියන බොත්තම මත ක්ලික් කරන්න. 
  3. එතැන අලුත් නමක් ලබා දෙන්න. ඉන්පසු Finish බොත්තම මත ක්ලික් කරන්න.
ඉන්පසු ඔබ ෆයර්ෆොක්ස් ආරම්භ  කරන හැම මොහොතකම, Profile Manager ඔබගෙන් විමසා සිටියි "කුමන පරිශීලකයාගෙන් ඇතුලත් වෙන්න අවශ්‍යද ?" කියා. එතනදී ඔබ සාදාගත් පරිශීලකයා තෝරාගන්න.

දැන් තේරෙනවා නේද මේ වැඩේ කොයිතරම් පහසුද කියලා. හැබැයි පසුව අර කලින් ක්‍රමයට ඔබේ පරිගණකට, බ්‍රවුසරයට ඇතුලත් වී ඇති දැකාංග (Adware) ඉවත් කරන්නත් අමතක කරන්න එපා. මේක නම් අත්දුටු ප්‍රත්‍යක්ෂ අවුසශදයක්. තවමත් හොඳයි(So far so good).

ප.ලි.
ෆයර්ෆොක්ස් ආරම්බ වෙනකොටම තෝරා ගත්ත පරිශීලකයා තෝරාගෙන අමතර ප්‍රශ්න නැතිව කෙලින්ම ආරම්භ කරන්නත් පුළුවන්. පහලින් තියෙන පින්තූරය බලන්න.

Monday, October 20, 2014

වික්‍රමසිංහ උන්නැහේගේ අමුතු ප්‍රේමය ...... Mr. Wickramasinghe's Strange Love

කෙදිනක හෝ ලියා තබන්නට අදිටන් කරගෙන සිටි මේ මාතෘකාව සඳහා මතකය අවධි කලේ අපේ +Indika Kodithuwakku නොහොත් ඉන්දික උපශාන්ත මිතුරාය. ඒ මා ලියූ වීදි ගණිකාවන් දෙදෙනාගේ රත්තරන් වලිය ට එකතු කරන ලද කමෙන්ට් එකක් හරහාය. ඔහු පැවසුවේ "පොන්ස් ලා අතර ඇතිවන වැලි බලා ඉන්නට ලස්සනයි" කියාය. ඒ කෙසේ වෙතත් මේ මතකය 2001 තරම් ඈතත් නොවන මෑතත් නොවන කාලයේ සිදු වීමකි. 

එකල මාගේ කාර්යබාරය වුයේ ශාඛා වල බැංකු පද්දතිය පරිගණකගත කොට ඒ සඳහා අවශ්‍ය පුහුණුව අදාළ ශාඛාවේ කළමනාකරු ඇතුළු සේවක මණ්ඩලයට ලබා දීමයි. එය සැබවින්ම ජීවිතයේ රසවත්ම අත්දැකීම් ලැබූ කාලයකි. මෙවැනි ගමනකදී තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශාඛාවකට යවනු ලබයි. මෙවර අපේ ගමනාන්තය වුයේ තණමල්විල ප්‍රදේශයයි. නම ඇසූ පමණින්ම ගංජා පිලිබඳ මතකයක් අවධි වන තණමල්විල ප්‍රදේශය ඉතා ශුෂ්ක කාලගුනයකින් යුක්ත පලාතක් බව අමුතුවෙන් නොකිවමනාය. එහෙත් මෙවැනි පළාත් වලට යාමට අප එකල දැක්වූයේ පුදුම රුචිකත්වයකි. ඒ මේ ප්‍රදේශ වලින් ලැබෙන එම පලාතට ආවේනික වූ ආහාර ගැනීමේ හැකියාව නිසාය. විශේෂයෙන්ම පිරිසිදු මී කිරි සහ දඩමස් අපේ ප්‍රධාන බලාපොරොත්තු විය. 

මා මෙයට පෙරත් සඳහන් කර ඇති පරිදි, මෙවැනි ගමනකදී ක්වාට්‍ර්ස් හෝ චමරි වල ලගා ගැහීමට මා අකමැත්තක් දැක්වුයේ, එක් අතකින් අපේ නිදහසට සිදු වන බාධාවය, අනික් අතින් එසේ ගතකරන කාළයේදී ලෙන්ගතු වන මිතුරන්ගේ සමහර ඉල්ලීම් ඉටු කළ නොහැකි ඒවා වීමයි. මේවා පුද්ගලික ඒවා නොව රාජකාරිමය කරුණු බව සඳහන් කල යුතුය. නැතිනම් මෙය කියවන ඔබ මා ගැන හෝ ශාඛාවේ සේවකයන් ගැන වැරදි වැටහීමක් ඇති කර ගන්නවා නියතය. 

අප ලඟා වූ විගස කරන රාජකාරිය වන්නේ අදාළ ශාඛාවේ කළමනාකාරතුමා වෙත වාර්තා කිරීමයි. එවැනි අවස්ථාවක ශාඛාව ගැනත්, ප්‍රදේශය ගැනත්, සැපයිය හැකි පහසුකම් සහ අඩුලුහුඬු කම් ගැන දළ අදහසක් කලමානාකරුවා ලබා දෙයි. මෙහි කළමනාකරුවා ගම්පහ දිස්ත්‍රික්කයේ අයෙකු වුයෙන්, සුළු මොහොතකින් නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකු වූ නාමල් සමග කුළුපග විය. මේ ගමනට අප දෙදෙනා සමග එකතු වුයේ විකට චරිතයක් වූ ගිම්හානය. ඔහු ගැන සඳහන් කිරීමට බ්ලොග් පොස්ට් පහ හයක් වත් අවශ්‍ය වේ. ඒ තරමට රසකතා ඔහු වටා ගොඩනැගී ඇත. 

කළමනාකාර තුමා වූ වික්‍රමසිංහ මහතා දුටු පමණින්ම අවුරුදු පනහකට වැඩි බව පැහැදීය. පියෙකු මෙන් කාරුණික ඔහු ලබා දුන් ඔවදන් අදත් මගේ මතකයේ රැඳී තිබේ. 
"බ්‍රාන්ච් එක වත්තේ නයෙක් ඉන්නවා. ඉස්තෝප්පුවට ගිහින් බලන්න ගේට්ටුව ගාවම තුඹසක් තියෙනවා. ඒක නිසා රෑ ඇවිදින එක ටිකක් අඩු කරන්න. කළුවරේ පේන්නෙත් නෑනේ. නයාට වඩා භයානක දෙයක් තියෙනවා. ඔය ඉස්සරහම තියෙන තේ කඩේට යන්න එපා. යනවා නම් ටවුමට හරි දකුණු පැත්තේ කිලෝමීටර් භාගයක් විතර ගියාම තියෙන කඩේට යන්න. ඔය කඩේ ගෑණියි දුවලා දෙන්නයි සේරම බඩු. පොලීසියේ ඉන්න එවුන් හැම තිස්සෙම ඔය කඩේට රිංගනවා. කෙල්ලෝ දෙන්නට තවම අවරුදු දහ අටක් වෙලත් නෑ. ඔයාලට නවතින්න වෙනම තැනක් බැලුවේ නෑ. මගේ ක්වාටර්ස් එකේ කාමර දෙකක්ම තියෙනවා. වතුරත් ඕනෑතරම් ලැබෙනවා.මෙහෙ හැමතැනම ඒ වගේ වතුර නෑ".
එම ශාඛාවේ ගත කල කාලයේ අපට ඉතා රසවත් අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට හැකි වූ අතර විවිධ තරාතිරමේ පුද්ගලයන් බොහොමයක්ම හමු විය. මගේ සතුටට හේතු වූ කරුණක් වුයේ ශාඛාවට යාබදවම ක්‍රීඩාංගනයක් පැවතීමයි. එහෙත් වැඩිමනත් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් අපිට අහිමි වුයේ අපගේ රාජකාරියේ වැදගත්ම කාලය වන්නේ හවස දෙක පමණ සිට දිනයේ වැඩකටයුතු අවසන් කරන මොහොත වූ නිසාය. එහි ගත කල බොහෝ දිනවල අපිට පාටි වලට සහභාගී වන්නට සිදු විය. 

එක් දිනක් ඔවුන් අපව ගංජා හේනක පවත්වාගෙන ගිය අප්‍රසිද්ධ අවන්හලක් වෙත කැඳවාගෙන ගිය අතර, එහි යන මගේ එක ස්ථානයක වාහනය නවතා ඉතිරි කොටස පයින් ගමන් කිරීමට සිදු විය. එය පිහිටා තිබුණේ කොයි පැත්තේද යන්න අපට කිසිදු නිනව්වක් නොවුයේ, එහි මග අපගෙන් පවා සඟවාගෙන ගමන් ගත් නිසාය. නමුත් ඒ ගමන අද ගියේ නම් හරියටම තැන ජංගම දුරකථනය ආධාරයෙන් සොයා ගන්නට හැකිය. 

ශාඛාවේ ගනුදෙනු කරුවන් සහ සේවක මණ්ඩලය එකතුව පැවැත්වූ සුහද හමුවකදී කුරක්කන් තලප ආහාරයට ගන්නට හැකි විය.  ඒ මා කුරක්කන් තලප කෑ දෙවෙනි වතාවයි. මීට පෙර සූරියවවදී කුරක්කන් තලප කා ඇත. මගේ පියා බිබිලේ සේවය කරන කාලයේ කුරක්කන් තලප කෑ කතාවක් රස කර-කර පැවසු මතකයක් තිබුනත්, එය සැබවින් රස විඳි දවසේ කිසිම විශේෂත්වයක් නොදනින. කිඹුලා කිරිමැටි ගිලින්නා සේ එය ගිල දැමිය යුතුය. රස කරමින් කෑවොත් එය තල්ලෙහි ඇලවී මහත් අලකලන්චියකට මුහුණ දෙන්නට සිදු වනවා ඇත.

හදිසි අවශ්‍යතාවකට හෝ ඉදිරිපස තේ කඩයට නොයන්නට අප වග බලා ගත්තේ, පියෙකු වැනි වික්‍රමසිංහ මහතා තරහා කර ගත නොහැකි නිසාය. අනිත් අයගේ ඇසින් ලෝකය දකින්නට අකමැත්තක් මට ඇත. මන්ද බොහෝ දෙනා තවත් කෙනෙකු ගැන පවසන්නේ තමන්ගේ දැක්ම තුලය. ඒ සඳහා බොහෝවිට පදනම් වන්නේ පරණ කෝන්තරය. මා දිනක් හවස වික්‍රමසිංහ මහතා නිල නිවාසයට ගිය අතරතුර එම කඩයට ගොඩවී තේ එකක් ඇනවුම් කලෙමි. ඔහු පවසන කාරණය සත්‍ය බව පසක් වන්නට මොහොතක් හෝ ගත නොවිණි. මවගේ සහ දියණියන්ගේ ආරාධනාත්මක බල්මවල් වටහා ගැනීමට අපහසු නැත. ඇනවුම් කල කිරි තේ එක පවා නොබී නැවත එන්නට සිතුනත්, එය ලැබෙන තෙක් පසු වීමි. එයට සීනි දැමීම තිදෙනා විසින්ම කර ඇති සෙයකි. එම කඩයෙන් තේ බොන්නන්ට දෙවි පිහිටය. මෙවැනි උෂ්ණාධික ප්‍රදේශ වලට ආවේනික ලක්ෂණ අතර වැඩි සීනි තේ, අධික මිරිස් සහිත ආහාර, සහ අධි කාමාග්නියකින් පසුවන ජනතාව නම් කල හැක. මේවායේ නිතරම අසන්නට ලැබෙන්නේ එක්කෝ බාල වයස්කාරියක් වෙනත් කෙනෙකු විසින් අපයෝජනයට ලක් කිරීමකි. නැතිනම් කුමක් හෝ අසම්භාව්‍ය ලිංගික සබඳතාවකි.

මේ ප්‍රදේශයේ අනෙකුත් කඩ වලද තත්වයේ වෙනසක් නැති බව වැටහුණේ, මා දෛනික උදෑසන ඇවිදීමට යන විටය. ලංකාවේ කුමන පළාකට ගියද මාගේ ශාරීරික සුවතාව පවත්සා ගැනීම අත් නොහලෙමි. ඒ සඳහා අවශ්‍ය ඇඳුම් සහ සපත්තු රැගෙන යාම මාගේ සිරිතයි. මේ පුරුද්ද නිසා සමහර පළාත් වලදී ත්‍රස්තවාදී පාලනය තිබෙන කළාප වලට නොදැනුවත්වම ඇතුලත් වන්නට ගිය උත්සාහයන් වැලක්වුයේ හමුදාව හෝ ග්රාමාරක්ෂකයන් විසිනි.

තවත් දිනක් අප සමග රාත්‍රී ආහාරයට අසල ඇඟලුම් කම්හලේ ගණකාධිකාරී වරයා සහ ඔහුගේ සහායකයන් කිහිප දෙනෙකු පැමිණෙන බව වික්‍රමසිංහ මහතා පැවසීය. ඔවුන්ගෙන් අපහට කමිස කිහිපයක් පවා ලැබෙන බව පැවසීය. අපේ අයද සැදී පැහැදී සිටියේ මේ නිසාය. සවස ලැබුණු දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ බීමට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන අපට ඔවුන්ගේ නිල නිවාස වලට පැමිණෙන ලෙසයි. අපද ෆ්රෑන්ක්ලීන් වර්ගයේ බ්‍රැන්ඩි බෝතල් දෙකක්, සෝඩා කෝලා සහ බදින ලද මුහුදු මාළු, සහ වෙනත් කටගස්මවල් කිහිපයක්ම රැගෙන ඔවුන්ගේ ස්ථානයට ගියේ, වික්‍රමසිංහ මහතා සහ තවත් අයෙකු සමගය. ගණකාධිකාරී වරයාගේ සහයකයා බ්ලොටින් පේපර් වර්ගයේ පුද්ගලයෙකු විය. ගණකාධිකාරී වරයා නම් ෂොට් දෙකකින් සෑහී ගීත ගයන්නට පටන් ගෙන ඇත. ඔහු එහි එල්.එස්.ඕ ගේ රුපසොබාව පිලිබඳ වර්ණනාවක යෙදිණි. ගණකාධිකාරී වරයා චන්දන ලියනාරච්චි මහතා ගායනය කරන "ඇහැල මල් පිපෙනා දෙවට දිගේ" ගීතය එක දිගට කියාගෙන ගියේ, මේ ප්‍රසංගයෙන් පසුව තවත් ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණු සෙයක් පෙන්වමිනි. ඔහු ගී ගයන්නේ පාඩම් පොත කියවන කුඩා ළමයෙකු පරිද්දෙනි.

පසුදින අපට ඔවුන්ගේ මහලොකු ෂර්ට් ලැබුණු අතර, ඒවා එතරම් වටිනාකමක් තිබෙන බවක් නොපෙනින. අන්තිමට අප ඔවුන්ට අහු වී ඇති බව පසක් විය. අතරමැද පෝය නිවාඩු දවසේ අපට කරන්නට දෙයක් නොවිණි. අපගේ රියදුරු ලෙස කටයුතු කල පියල් නොහොත් අෆ්රීඩි තමාගේ ඥාති ගෙදරක් මොනරාගල පාරේ ඇති බව පවසා එහි ගියහොත් අඹ ගෙඩි ටිකක් කඩා ගන්නට හැකි වේ යයි කල ඉල්ලීම නිසා මාත් නාමලුත් ඔහුට එක් විය. නමුත් ගිම්හාන නිල නිවසේ නතර වුයේ, එහි ඇති දුරකථනය භාවිතා කරමින් මල් කැඩීමට බව අපට පැහැදිලි විය. අතරමගදී එම දුරකථනයට ඇමතුමක් ලබා දී ගිමා අන්දන්නට අපට හැකි විය. නමුත් ඇඳ ගත්තා වගේ පෙන්වා හීනියට වැඩේ කර ගැනීම ගිමාගේ සිරිතයි. අවසානයේ ඇඳගෙන ඇත්තේ අපම බව පැහැදිලි වේ. දෙවෙනි ඇමතුමේදී අප හඳුනාගත් ඔහු
"ඉක්මනට වරෙල්ලා බං. නියම සීන් එකක් තියෙනවා. බලාගන්න පුළුවන්"
යයි ඉතා පහත් සවරයෙන් පැවසීය. මේකා හදන්නේ අප අන්දන්න බව අපට පැහැදිලි මුත්, සවස තුන පමණ වනවිට අපට එහි එන්නට හැකි විය. අප එහි එත්දී නාඳුනන තරුණයෙකු විසිත්ත කාමරයේ සිට කළමනාකරු සමග අල්ලාප-සල්ලාපයේ යෙදෙයි. කතා ස්වරයෙන් ඔහු දෙපැත්තටම නැති කෙනෙකු බව පැහැදිලි විය. නමුත් හොඳ පිරිමි පෙනුමක් සහිතය. ඉන් පසු කටහඬ අවධි කල වික්‍රමසිංහ මහතා
"මෙයා තමයි ටවුමේ ෆාමසියේ අයිතිකාරයා"
යනුවෙන් ඔහු හඳුන්වා දුනි. තොරතෝංචියක් නොමැතිව කියවන ඔහු හරි අපූරු කතාවක් දිග හැරීයේය.

"මැනේජර් මහත්තයා දන්නවද වැඩක්.....අපේ ෆාමසිය ඉස්සරහා ළඟදී හයි කළානේ ප්‍රීති මැෂින් එකක්. එකක් රුපියල් පහයි. උඩින් පහ දැම්මම යටින් ප්‍රීති එනවා. ඒ වුණාට කවුරුත් ගත්තේ නෑ. ළඟදී ආවා එස්.ටී.එෆ් බස් එකක්. මෙන්න කට්ටිය පෝලිමේ ඉඳගෙන ගන්නවා. අන්තිමට බඩු ඉවර වුණා. උන් රුපියල් පහ දාලා මැෂින් එකට ගහනවා. ඉන්න බෑ ත ... දී... ය.... ම...."


යනුවෙන් පවසා කෝමල හිනාවක් දැමීය. එය දකින අපටද සිනහව නතර කර ගත නොහැකි විය. ඔහු හිතන්නේ කියපු කතාවට අපිට හිනා ගියා කියාය. තවත් මොහොතකින් ඔහු මනේජර්ගේ කාමරයේය. ඒ කුටු කුටුවට සවන් දෙන්නට නොගොස් අප එලියට ආවේ හිනහව තද කරගෙනය. ඉදිරිපස කඩයට නොයන්න යයි මැනේජර් උන්නැහේ අවවාද කල හේතුව දැන් පැහැදිලිය. ඔහු සමරිසි පුද්ගලයෙකි. එනිසා ඔහුට ගෑනු කෝලම් අල්ලනේ නැත. ඔහුට කදිම සහයකයෙකු ඇත. ශාඛාවත් නිල නිවසත් අතර පැත්තක ඇති වතුර ටැංකිය අසල බොහෝ දිනවල අප ඔක්ෆර්ඩ් බාත් දමන්නේ කිසිවකුට නොපෙනෙන නිසාය. අනෙක ඊට යාබද මාවතේ කිසිවකු රාත්‍රී කාලයේ ගමන් ගන්නේ නැත. දිනක් එක් වරම ඒ පැත්තේ විදුලි පහන දැල්විණි. අප එහාට මෙහාට වත්දී වික්‍රමසිංහ උන්නැහේ පැමිණ
"මම ලයිට් එක දැම්මා, මේ පැත්තේ නයි පොලොන්ගු ඉන්නවනේ" 
පැවසීය. හේතුව ගැන නිසි අවුබෝධයක් ලැබුණේ, අර ෆාමසියේ කොලුවා පැමිණි පසුවය. පසුව ශාඛාවේ සෙසු අයගෙන් කල විමසීමෙන්ද ඒ බව තහවුරු විය.

මෙම සටහනේ ලිපිනය : http://awidda-paya.blogspot.com/2014/10/mr-wickramasinghes-strange-love.html

Friday, October 17, 2014

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න ......

ලංකාවේ ජීවත් වෙන අපිට තියෙන ලොකුම කරදර වලින් එකක් තමයි මදුරු කරදරේ. පුංචි කාලේ විවිධ  කෙම් මගින මදුරුවන් පලවා හරින්න උත්සාහ කරපු විදිය මේ මොහොතේ මගේ මතකයට එනවා. අපි ලාඩප්පා(ඇල්බීසියා) අතු කඩාගෙන ගේ වටේ වට තුනක් ඇවිදලා ගෙදර ඇතුල්වෙන දොරටුවට උඩින් එල්ලලා තියනවා. පොඩි කාලේ මේ වගේ කෙම් වලට පුරුදු වෙලා හිටියා. ඒ වෙනත් විකල්පයක් නොදන්නා නිසා. කෙම් වල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි, ඒ කරන මුළු කාර්යයම කථා නොකර කරන එක.විකල්පයක් විදියට අපි මදුරුතලා ඇතුත් යොදා ගත්තා. අද නම් මදුරුතලා දකින්න නැති තරම්. රත්නපුර පැත්තේ නම් පැලයක් හොයා ගන්න නෑ. ඒ තායි-කොරියන් වගේ ජාතිකයන් ඔවුන්ගේ ආහාර වලට මදුරුතලා ගස් පිටින් එකතු කර ගන්න නිසා. ඒවාගේ තියෙන මින්ට් ගතියට කොලෙස්ටරෝල් අඩු වෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ.

 ඊට පස්සේ අපි කරපු අනිත් දේ තමයි ගිණි මැලයක් ගහන එක. බොහෝ විට සිමෙන්ති අනන්න ගන්න තාච්චියකට විවිධ දර කෑලි, පොල් ලෙලි, පොල් කටු වගේ දේවල් වලින් පුරවලා එකට භූමිතෙල් ටිකක් දාලා ගින්දර ගහලා පස්සේ අමු පොල් ලෙලි දානවා දුම් එන්න. එහෙම ආවම මදුරුවොන්ට විතරක් නෙවෙයි  අපිටත් ඉන්න  අමාරුයි. බැරිම වුනොත් රබර් කෑල්ලක් දානවා. බෙන්තොට ඉලාස්ටෝ ආයතනයට පින් සිද්ද වෙන්න අපිට රබර් කාලි සපයා ගැනීමේ කිසි ගැටළුවක් තිබුණේ නෑ. එහෙම නැතිම දවසකට පරණ රබර් සෙරෙප්පුවක් හරි දානවා. මේ ගිණිමලය ආසන්නයට වෙලා ඉන්න මම ඒ කාලේ පුදුම ආසයි. 

ඒ කාලේ ඒ වගේ සුළු විකල්ප වලින් අපි සෑහීමකට පත් වුණේ, හැමදාම මදුරුවෝ නැති හින්දා. ඒ කියන්නේ අපි කුඩා කාලේ එක්තරා සීසන් එකකට තමයි මදුරුවෝ හිටියේ. අවුරුද්දෙන් මාස හයක් විතරම මදුරුවෝ නැති කාලයත් තිබුණා. මදුරු කොයිල් වෙළෙන්ඳන් මදුරුවන් බෝ කළාය කියන කතාව පිළිගන්න වෙන්නේ ඔන්න ඔය කාරණය මතකයට ආවම. එක්දහස් නවසිය අසූව දශකයේ මුල භාගයේ පටන් මදුරු කොයිල්, මදුරු මැට්, දැන් දියර වේපරයිසර් භාවිතා කරනවා. අනික අද ඉන්නේ මදුරුවන් නිසා මිනිසුන් මිය පරලොව යන යුගයක. හේතුව ඩෙංගු. අටුවා - ටීකා අවශ්‍ය නෑනේ ඒ ගැන. ඉතින් මදුරු වදේට අපි විවිධ විසඳුම් සොයා soyආ ඉන්න කාලෙක තවත් අලුත් විසඳුමක් එක්ක තමයි මම ආවේ. 

මේක දැක්ක ගමන් මට හිනහව නවත්වා ගන්න බැරි වුනා. මොකද මේක හදන්න ගන්න අමුද්‍රව්‍ය දැක්කම. අපේ පත්තර මල්ලිට, අටමට, නලීන්ට එහෙම කදවාවත් මේක හදලා ඉවර කරන්න බෑ කියලා මට හොඳටම ෂුවර්. හැබැයි මේකත් එහෙම ලේසියට හදා ගන්න පුළුවන් එකක් වෙන්නේ නෑ. මොකද අමුද්‍රව්‍ය වලට යන මිල ගණන් නිසා. 
එහෙනම් කොලයක් එහෙම අරගෙන ලියා ගන්න ලැස්ති වෙන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. අමුද්‍රව්‍ය කිව්වට මේවා අමුවෙන් බඩට එහෙම දා ගන්න යනවා නෙවෙයි. අනිත් එක මහත්වරු මේවා ගේන්න කඩේට යවලා නෝනලාට මදුරුවෝ කකා බලාගෙන ඉන්න නොවෙයි කියන එකට මට සහතියක් දෙන්න බෑ. 

අවශ්‍ය ද්‍රව්‍යය

  • මධ්‍යසාර ලීටර් 1/2 (අනේ මන්දා ඔය විස්කි, බ්‍රැන්ඩි වගේ ජාති වලට යන්න එපා. ළඟදී අරක්කුත් ගණන් ගිය එකේ කසිප්පු තමයි යොදා ගන්න වෙන්නේ. හැබැයි එතකොට මේ දේශීය නිෂ්පාදනය නීතිගත කර ගන්නත් පුළුවන්).
  • කරාබු නැටි ග්‍රෑම් 100
  • බේබි ඔයිල් හෝ වෙනත් ඇඟේ ගලවන්න පුළුවන් තෙල් වර්ගයකින් මිලි.මීටර් 100ක්
සාදා ගන්නා අකාරය

මද්‍යසාර වලට කරාබු නැටි එකතු කරගෙන මේක දවස් හතරක් පාඩම් වෙන්න තියන්න ඕනේ. මතක ඇතිව සාම දිනයකම උදයේ මේක ටිකක් කලවම් කරන්න. බොන්න එහෙම එපා.  දින හතර පසු වුණාම බේබි ඔයිල් එකතු කරන්න. දැන් එය භාවිතාවට සුදානම්. 

මෙහෙමයි කරන්න තියෙන්නේ. මිශ්‍රණයෙන් බින්දු කිහිපයක් ගෙන දෑතේ සහ දෙපා වල අතුල්ලන්න. ඉන් පස්සේ බලාගෙන ඉන්න මදුරුවන් පලායන අකාරය. මෙය වෙනත් කුහුඹු වර්ග වලට උනත් හරි යනවා කියලා තමයි කියන්නේ. 

හෙල්ත් ඩයිජෙස්ට් සඟරාව ඇසුරෙන්. 

පසු සටහන : ඉස්සර අපේ අයියා කෙනෙක් දංකොටුව ස්පෙෂල් බෝතලයක් අරං ඇවිත්, සුදු පාටට බොන්න බෑ කියලා කරාබුනැටි කිහිපයක් එකතු කළා පාට වෙනස් කරන්න. මේ හදාගත්තු මිශ්‍රණය නම් බොන්න එපා. ඊට පස්සේ බඩ පණුවොත් විනාශ වුණා කියලා මට දෝෂ කියන්න එපා. 


Wednesday, October 15, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 37 : ගණිකාවන් දෙදෙනාගේ රත්තරන් වලිය ...... Two prostitutes who battles for a Gold

මේ කතාව මට අහන්න ලැබිලා සෑහෙන කාලයක් වුණත්, මේ ගැන සටහනක් ලියනවද නැත්ද කියන දෙගිඩියාව මගේ හිතේ තිබුණා. මොකද ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක් ගැන විස්තර කරන්න ගියාම ඒකෙ රසය නැති වෙනවා ඔවුන් දෙදෙනා කතා කරපු භාෂාවෙන්ම එම සටහන නොතිබ්බොත්. ඉතිං මම බොහොම කාලයක් කල්පනා කරා මේක කරන්න හොඳ මොන විදියකටද කියලා. අන්තිමේදී මට ක්‍රමයක් හිතට ආවා.
පින්තූරය ගත්තේ: http://thunpathrana7.blogspot.com

මේක සිද්ධ වුණේ ලංකාවේ මොන ප්‍රදේශයේද කියන එක වසං කරන්න මට සිද්ධ වෙනවා. මොකද එහෙම සඳහන් කළොත් ඒකට සම්බන්ධ අයට යම් අගතියක් සිදු වෙයි කියන කාරණය නිසා. කොහොම වුණත් ඉතිං ඕපාදුපයක් කියන කොට ඕවා හිත යට තද කරන් ඉන්න එක මහ වදයක්. ඒ නිසා වටින් ගොඩින් විස්තරේ දෙන්නම් ඔයාලා හිතා ගන්නකෝ කොහෙද ඔය තැන කියලා. ඔන්න එහෙනම් කෙටියෙන්ම කියන්නම්. මේ කියන නගරයේ හෝ ගමේ ඒ තරම් වාහන තදබදයක් නෑ. හැබැයි අක්කර කාලක් විතර ලොකු වටරවුමක්(Round About) එකක් තියෙනවා. හරි ඒ කතාවත් ඉවරයි. ඒත් ගණිකාවන් දෙදෙනාගේ වලිය කිව්වම මතකයට එන තවත් රසවත් කතාවක් නොකියම බැරි නිසා කියන්නම්. 

මම දන්න අඳුනන ගෑනු ළමයෙක් දවසක් මිතුරියක් මුණගැහෙන්න උවමනාවකට ආවා නුගේගොඩ හන්දියට. ඔය දැන් ගුවන් පාළම තියෙන නවල්ටි ඉලෙක්ට්‍රිකල් කියන පැරණි ප්‍රසිද්ධ වෙළඳසැල අසල තියෙන හෙවනේ ඇය ඉන්නවා තමන්ගේ යෙහෙළිය බලාපොරොත්තුවෙන්. එහෙම ඉන්නකොට ඉතිං පාරේ යන-එන අය ගැන ටිකක් විපරෙමෙන් නේ ඉන්නේ. විනාඩි පහක් ගියේ නෑ එතනට ආවා වීදි ගණිකාවක්. ඇවිත් මෙහෙම කියනවා 
"පළ පට්ට *සි ආව අතක් බලාගෙන. මෙතන අපේ තැන. උඹ වගේ එකෙක් මෙතන හිටියොත් අපිට බිස්නස් නැති වෙනවා"
මේ කියන්නේ මොකක්ද කියන එක අපේ මිතුරියට මීටර් වුණා. ඇය මේ වෙනකොට කොළඹ සරසවියේ කළා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇයගේ පෙනුම ඒ වගේ ඇති කියන එක ගැන ඇය විස්සෝප වුනේ නෑ. න|මුත් මේකෙන් එයාට ආවා මාර ෆන් එකක්. දැන් එයාට හොඳටම හිනා.
"වල් *සි තව හිනා වෙන්නත් එනවද ? මගෙන් ගුටි නොකා පළ මෙතනින්"
මේක ඇහුනට පස්සේ අපේ මිතුරියට පොඩ්ඩක් බය හිතුනා. එහෙම වෙලා එයා බෝ ගහ පැත්තට එනකොට හොඳ වෙලාවටයාළුවා ඇවිල්ලා.

දැන් බහිමු අපේ මාතෘකාවට. මොකක් හෝ හේතුවකට මේ කියන කුඩා නගරයේ ඉන්න ගණිකාවන් දෙදෙනා ඇවිලුනා. දැන් එතනින් යන-එන කවුරුත් නැවතිලා මේ හබේ බලාගෙන ඉනන්වා.

පළමු ගණිකාව : පල*සි යන්න තෝ හිතාගෙන ඉන්නේ තෝ මහා බඩුව කියලද ? ටිකක් පොත්ත සුදුවට තිබුනට.
දෙවන ගණිකාව : උඹ හිතාගෙන ඉන්නේ උඹ පත්තිනි අම්මා කියලද? යකෝ තෝත් කරන්නේ *සකම මාත් කරන්නේ *සකම. කොහොම කරත් එකයි.

ප.ග. : අනේ නිකන් පලයන් යන්න. මම දැකලා තියෙනවා උඹ තුන්සීයටත් යනවා. අපිනං අපේ ගානෙන් අඩුව යන්නේ නෑ. කවුද උඹත් එක්ක එන්නේ බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා, උඹ නිකං දෙන පොලිස් රාළහාමිලා, හමුදාවේ කොල්ලෝ. ඇයි ඉතිං උඹට තදියමනේ.

දෙ.ග. : අනේ පලයන් බං යන්න. උඹ ගාවට වෙන්නැති ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා,පොලිස්කාරයෝ,ගම්බට්ටෝ එන්නේ. ඊයේ මට බැංකුවේ රත්තරන් මහත්තයත් ගැ*වා.

දැන් බලාගෙන ඉන්නඅයට මේක ටිකක් අවුල්. ඒ අය කථාවෙනවා කවුද මේ රත්තරං මහත්තයා කියලා. නමුත් එතන කතාවට සවන් දීපු මගේ මිත්‍රයට වැඩේ මීටර් වෙලා. රත්තරං මහත්තයා කියන්නේ උකස් අංශයේ වැඩ කරන කෙනා. හිතා ගන්නකො ඉන් පස්සේ මොකද වුණේ කියලා.
 

Wednesday, October 8, 2014

මෙන්න කරනවනම් වැඩ - ඔබේම දෑතින් ...... Another Do It Yourself (DIY) project ......

අපේ පැරැන්නන් එදිනෙදා ජීවිතයේදී තමන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කර ගත්තේ ඔවුන් විසින්ම. කිසිම දෙයක් රටින් හෝ පිට ගමකින් වත් ගෙන්වා ගැනීම මදිකමක් ලෙස ඔවුන් සැලකුවා. අද තත්වය ගත්තොත් ඉතා ශෝචනීයයි කියන එක තමයි කියන්න වෙන්නේ.අද අපේ රටට බොහෝ දේවල් විදෙස් වලින් ගේනවා. ආනයනය කරනවා නොකියා ගේනවා කිව්වේ,මේවා ගෙන්වීමේ කිසිම ප්‍රතිපත්තියක් නැති නිසා.බොහෝවිට මුදලාලි කෙනෙක් තමයි ගෙන්වන්නේ. ඒකත් ඉතින් ආනයනයම තමයි.හැබැයි මහා බැංකුවේ පොත්පත් වල ආනයනගිණුමට මේවා එකතු වෙන්නේ නෑ. එක අතකින් මෙලෙස ඇදී යන්නේ විදේශ විනිමය නේද ? කියලා හිතෙනකොට ඇති වෙන්නේ කනගාටුවක්.මේ දේවල් අපිට නවත්වන්න බෑ. හැබැයි අපි කරන පුංචි දෙයකින් මේ දේවල් වල බර අඩු කරන්න අපිට පුළුවන්. කොහොමද එහෙම කරන්නේ ?ඔබට හිතෙන්න ඇති.

අපි වගේ පුංචි මිනිසුන්ට මේ වගේ මහා පරිමාණ වෙළඳාම් / ජාවාරම්  නවත්වන්න බෑ. එහෙමනම් අපි කෑ ගහලත් වැඩක් නෑ. අපිට කරන්න බැරි වැඩක් වෙන කෙනෙක්ට කරන්න කියලා කෑ ගහන එක තේරුමක් නෑ. තේරුමක් තියෙනවා, එහෙම හඬ නැගීම් අවශ්‍යයි. නෑ කියනවා නෙවෙයි. ඒ දේවල් නිසා කෙරෙන දේ නවතින්නේ නැති නිසයි මම අලුත් විකල්පයක් ගැන හිතුවේ.

මේ වගේ අදහසක් මගේ ඔලුවට ආවේ අවුරුදු පහක් ඇතුලත ගත්ත තුන්වෙනි ඔෆිස් බෑග් එකත් ඉතා වේගයෙන් භාවිතාවට ගත නොහැකි තත්වයට පත් වෙන්න ආවාම.මගේ මතකය නිවැරදි නම් අන්තිමට මම බෑග් එකක් ගත්තේ පෙබරවාරි මාසේ. අරගෙන මාස හයක් යන්නත් කලින් ඒකෙ තියෙන ලෙදර් පටියක් හම යන්න පටන් ගත්තා. ඊට කලින් ගත්ත එකටත් වුණේ ඔය දේමයි. හැබැයි මේ දෙකටම කලින් ගත්ත බෑග් එක තවම හොඳ තත්වයේ තියෙනවා. ටිකක් ගාන වැඩියි තමයි. ඉතාම කණගාටුවෙන් කිව යුතු කාරණය තමයි මේ තුනම චීනයේ හදපුවා. මුල් දෙකම ගත්තේ හමීඩියා එකෙන්.දැන් මේක කියවන සමහරුන්ට මෙහෙම හිතෙනවා ඇති "හොඳ වැඩේ මූට - හම්බයන්ගේ කඩවල් වලින් බඩු ගන්නවට", තව කෙනෙකුට මෙහෙම හිතෙනවා ඇති "කයිය ගැහුවට අරං තියෙන්නේ චීන බඩුනේ. කැඩෙන එක අහන්නත් දෙයක්ද ?"තුන්වෙනි එක ගත්තේ රෝමාෆෝඑකෙන්.  

හැබැයි ඔය කතා දෙකම සම්බන්ධයෙන් මම මෙහෙම අහනවා "එහෙනං කොහෙන්ද ගන්න පුළුවන්?" චීනත් නොවෙන හම්බත් නොවෙන තැනකින් බඩු ගන්න පුළුවන් හැබැයි මම වගේ රැකියාවක් කරන කෙනෙකුට නෙවෙයි, ව්‍යාපාරිකයෙකුට.අද කාලේ අඩුවට ගන්න පුළුවන් චීන බඩුම තමයි.මේ දේ ඇමරිකාවට, එංගලන්තෙටත් පොදුයි. ඒ රටවල් දෙක යැපෙන්නෙත් ඔය කියන චීනේ නිසා. හැබැයි අපිට එවන මට්ටමේ බඩු එහෙ යවන්නේ නෑ. තියෙන බාලම ඒවා තමයි අපිට පටවන්නේ. චීන්නු බඩු සපයත්දී අහන්නේ මිල.ඔබ කියන ගණනට ඔවුන් භාණ්ඩය නිෂ්පාදනය කරනවා. හැබැයි කොලිටියක් නෑ. මෙන්න මේ කාරණය නිසා අපේ රටේ භාණ්ඩ නිෂ්පාදනය කරපු අයත් දැන් චීනේ පැත්තට හැරිලා. මොකද ඔවුන් ඔබේ ලේබලය් භාණ්ඩ නිෂ්පාදනය කරන්න කිසිම අකමැත්තක් නෑ. ඒ වගේම අඩුවට. කොහොමද වැඩේ ? දේශීයව නිෂ්පාදනය කරනවාට වඩා මේ සිම්පල් ප්ලෑන් එක එයාලට පහසුයි.

මම කියන්න ආවේ වෙන කතාවක්.නමුත් ලියන්න වුණේ තවත් එකක්. කොහොම වුණත් මේ කියන්න යන "Do It Yourself" ව්‍යාපෘතිය වගේ දේවල් වලින්,අර කලින් කියපු විදේශ විනිමය ගලා යාම දශම ගණන් වලින් හරි අඩු කරන්න දායක වෙන්න පුළුවන්. ග්‍රොසරි බෑග් එකක් දෙවතාවක් භාවිතා කිරීමෙන් එම නිෂ්පාදනය අඩක් කරන්න පුළුවන් කියලා මම ඩේලි නිව්ස් පත්තරේ දැන්වීමක් දැක්කා. මේකත් ඒ වගේ වැඩක්. 

හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ඔය මිනිසුන්ට යාදෙනවා කියලා තියෙන්නේ. අන්න ඒක.ඒ  කියන්නේ සමහර අයට කොච්චර හොඳ දේවල් ලැබුණත් එයාලා ගාව තියෙනවා හම්පඩ වෙච්ච පරණ එක හරි යනවා. උදාහරණයක් තමයි බොහෝ දෙනෙක් ගාව තියෙන පසුම්බිය නැත්නම් පර්ස් එක. කොච්චර අලුත් ඒවා හම්බ වුණත්, ගත්තත් අර පරණ එකම තමයි හරි යන්නේ. මගේ අර මුලින්ම් ගත්ත බෑග් එකත් අන්න ඒ වගෙයි. වැඩිපුර ආලවට්ටම් දාන්නේ නැතිව මිනිහගේ පින්තූරයක්ම දාන්නම්.හැබැයි මේක ඔක්කොම් වැඩ ටික ඉවර කරලා ගත්තු එකක්. 
මෙයාගෙන් මට ලැබුණු සහයෝගය කියලා වැඩක් නෑ. බෑග් එකේ පිට පැත්තට පිහිටලා තියෙන පොකට් තුනක්(ඔය සිප් එක දාලා තියෙනවා වගේ, ඔය පියන ඇරියම එකයි, පිටිපස්සේ එකයි. ඇතුලත ඒ වගේ සිප් දාපු තැන දෙකක්. ඒ මදිවට කාමර දෙකක් තියෙනවා. කෑම, එක පොත්, ලියකියවිලි ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ඒ වගේමයි මේකේ සවි ශක්තියත්. ඒ නිසා මට මේක කීයට වත් අත අරින්න හිතෙන්නේ නෑ.

අන්තිමට ගත්ත බෑග් එකෙන් මුලින්ම එලියට පැන්නා ස්ප්‍රින් එකක්. ඒ අර බෑග් එකේ කෙලවර මහනකොට එකතු කරන ප්ලාස්ටික් වයරය වෙනුවට දාපු එකක්. මම වැඩි කෑල්ල කපලා දැම්මා අඬුවක් ආධාරයනේ. ඊට පස්සේ ඒක ෂර්ට් වල පැටලෙන්න ගත්තා. තව ටිකක් දවස් යනකොට පිටුපස පොකට් එකේ සිප් එක කොයි පැත්තට ඇද්දත් ඇරිලා තියෙනවා. බැරිම තැන පැත්තකට විසි කරලා දාලා තියපු මෙයාව ආපහු අර ගත්තා. හැබැයි එකම ප්‍රශ්නෙකට තිබුණේ අර කෙළවරවල් හම ගිහින් සුදු පාට වුණ එක. මේ බෑග් එකේ සිප් නම් ඉතාම හොඳ ඒවා බව භය නැතිව කියන්න පුළුවන්. මට හිතෙනවා අනිත් එක්කෙනාගේත් පින්තූරයක් දාන්න. නයා අදිනවා කියලා හිතයිද මන්දා. ඒත් කමක් නෑ. ඔන්න දානවා. 
මේක දැක්කම ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවා. ඒ ආනන්ද - නාලන්ද ඉස්කෝලේ ගිය අය. අපේ කලර්ස් කියලා මැරෙන්න හදනවා. මම ඉතිං තියෙන තැන කියනවා. ඕන නම් ගිහින් ගනීනෙ. දැන් අපි මාතෘකාවට එමුකෝ. මේකටත් ආයුබෝවන් කියන්න සිද්ධ වුණා. දැන් ඉතිං අරයා දිහා ලජ්ජාවෙන් වගේ බලලා රෙදි කෑල්ලක් අරං පිහලා එහෙම ගත්තා කියමුකෝ. නමුත් ඒකෙ ජංජාල ගොඩයි. මොකද බෙල්ට් එකේ තිබ බකල් එකක් කැඩිලා එතැන කලුපාට ඉන්සියුලේෂන් ටේප් එකක් ඔතලා. එතනින් ගැලවෙන්න දඟලන බෙල්ට් එකේ කොටස් දෙක, දෙපස ගම් සහිත පටියක් තියලා අලවලා ගොඩ දා ගත්තේ. ඒ ගම් ටේප් එක සුදු පාට නිසා කරන්නම දෙයක් නැතිව දුඹුරු පාට පෑනකින් පාට කළා. ඒ වුනත් පේනවා. සතියක් විතර මේක අරගෙන යත්දී මගේ කාර්යාල සගයා කියන්නේ නම්, පරණ බෑග් එක ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන බව. 

මේ ළඟදී දවසක පොඩි එකීගේ ඉස්කෝලෙන් මැටි වාස් එකක් පාට කරන්න ෆැබ්රික් පේන්ට් පාට දෙකක් ගේන්න කිවවා කියලා මට කිව්වේ අදාළ දවසේ උදේ. ඉතිං කොහොම හොයන්නද ෆැබ්රික් පේන්ට්. ඒ මදිවට මැටි වාස් එකක්. පොතේ නෝට් එකක් දාලා, ඊළඟ සතියේ එවන්නම් කියලා පොඩි එකී ශේප් කළා. එහෙම කලාට මොකද මට ඊළඟ සතියේ අදාළ දවසට කලින් දවසේ රෑ අටට විතර මතක් වුණා කියමුකෝ. දැන් මොකද කරන්නේ. වහන්න ඔන්න මෙන්න තියෙන කඩයකින් මැටි වාස් එකක් නම් ගත්තා. කරන්නම දෙයක් නැති තැන බත්තරමුල්ලේ ආර්පිකෝ එකට රිංගුවා. පොඩ්ඩක් කලින් ආවනම් සෙත්සිරිපයට ළඟ තියෙන පොත් කඩෙන් ගන්න තිබුණා. කලින් මගේ ටී ෂර්ට් වැඩකටත් කහ පාට එකක් ගෙනාවේ එතනින්. ඒ ගෙනා පින්සලත් තවම ඇති. ඇපල් වර්ගයේ පින්සල් ටිකක් ගණන්. ඒ වුනත් ඉතා හොඳ කෙඳි ප්‍රමාණයක් තියෙන නිසා අඳින්න පහසුයි.

ෆැබ්රික් පේන්ට් කුප්පි තුනක අවශ්‍යතාව තිබුණ මට, අවසානයේ කෑලි හයක පෙට්ටියක් මිලදී ගන්න වුනේ රුපියල් එක්දහස් හාරසිය ගණනකට. මා එය මුදල් අපතේ යැවීමක් ලෙස සිතුවේ නෑ. මේවාගෙන් ඇය වර්ණ සංකලනය ගැන යමක් ඉගෙන ගනීවි කියන විශ්වාසයේ මම හිටියේ. පහුගිය කාලේ මගේ පැරණි බෑග් එක පාවිච්චි කරත්දී හිතේ පොඩි අඩුවක් තිබුණා, "මේක හම ගිහිං නේද " කියන අදහසත් එක්ක. මගේ කාර්යාලීය සගයා යෝජනා කළා දුඹුරු පාට පොලිෂ් ආලේප කරන්න. එය මටත් කිහිප විටක් සිතුනත්, එය ඇඳුම් වල ගෑවීම වලක්වා ගන්නේ කෙසේද ? මේ අතරේ දියණියගේ ෆැබ්රික් පේන්ට් එක්ක මට ආවා කදිම අදහසක්. මේවා මිශ්‍ර කරලා මට අවශ්‍ය වර්ණය හදා ගන්න පුළුවන් නේද කියන එක. දියණිය ගෙදර නැති මොහොතක් එනතුරු මා බලා සිටියා. අද ඒ අවස්ථාව උදා වුණා. මම වැඩේට බැස්සා. මේ දිනවල තිබෙන අඳුරු සහ තෙත් පරිසරය මෙවැනි දේ සඳහා නුසුසුදුසු වුවත්, වෙනත් විකල්ප අවස්ථාවක් නැති නිසා පහල තියෙන බඩු ටිකත් අරන් මම සුදානම් වුණා.




වර්ණ සංකලනය ගැන ඔබට යම් අවුබෝධයක් මෙහදී අවශ්‍ය වනවා. මගේ බෑග් එකේ වර්ණය චොක්ලට් පාට. මම හිතාගෙන හිටියේ දම් පාට සහ කහ පාට මිශ්‍ර කර ඒ වර්ණය ලඟා කර ගන්න. නමුත් මගේ වාසනාවට නිල් සහ රතු මිශ්‍ර කරලා අවශ්‍ය වර්ණය සොයා ගන්න හැකි වුණා. වර්ණ ආලේපයේදී ප්‍රවේසම් වන්න උත්සාහ කළත්, වර්ණය බොහෝ දුරට සමාන නිසා, එහෙන් මෙහෙන් පිට පැන්නත් ගැටළුවක් නැති වුණා. මේ පින්තූරයේ තිබෙන කෝටු කෑල්ල, කාල අවසන් වුණු අයිස් ක්‍රීම් කෝට්ටක්. ඒක වැදගත් වුණේ වර්ණ බෝතලයෙන් ගන්න. අවංකවම කිව්වොත් කහ පාටත් පොඩ්ඩක් දැම්මා. අර දුඹුරු හැදෙන්නේ මේ වර්ණ තුණේ එකතුවෙන් කියන මතය මගේ හිතේ තිබුණු නිසා.

ඉන් පස්සේ මම හෙමින් වර්ණ ගැලවීම කළා. ටිකක් වෙලා යත්දී තමයි මතක් වුණේ, මේ වගේ සටහනකට මේක හොඳයි නේද කියලා. වාසනනවට තවමත් පින්තාරු නොකළ කොටස් බෑගයේ ඉතිරි වෙලා තිබුණා. පෙර සහ පසු පින්තූර කිහිපයක් ගත්තා බලන්න වැඩේ සාර්ථක ද කියලා. වර්ණ තරමක් වේලෙන්න පෙර තමයි මේ පින්තූර ගත්තේ. හොඳින් වෙළුන පසුව එහි වෙනසක් පෙනෙන්නේ නැති බව වැටහුණා. මෙන්න ඒ පින්තූර
පෙර

පසු
දෙවෙනි පින්තූරේ තරමක් සුදට පෙනෙන්නේ දිලිසීම නිසා. නැතිනම් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කළා. 

පෙර : කලුපාට ඉන්සියුලේෂන් ටේප් පටිය සමග.

පසු : ඉන්සියුලේෂන් පටිය වර්ණ ගැන්වීමෙන් පසුව. තීන්ත 100% වේලී නැත. 

Thursday, October 2, 2014

වෙඬරු සදිසි හදක් ...... A kind hearted mother ......

මේ කුරිරු ලෝකය බලා සිටින්නේ බාල බොලඳියන් ඩැහැගන්නේ කොයි මොහොතේද කියායි. මෙය තවත් එවැනි කුරිරු කතාවක්ද ? මේ සටහන අවසානයේ ඔබම තීරණය කරන්න. ඇයගේ මවගෙන් පළමු දිනයේ එන අධික ප්‍රතිශක්තියකින් යුතු පළමු කිරි උගුර උරා බොන්නට ඇය වාසනාවන්ත වුවාය. යන්තම් දෙපයින් නැගී සිට ඇවිදින්නට තතනන මොහොතේදී තවත් කුරිරු මවක් ඇය ඩැහැගන්නේ දෛවයේ සරදමක් ලෙසය. එසේ ඩැහැගන්නේ බිලිඳියට යහපතක් කරන්නද ? තමන්ගේ දෙමව්පියන්ගෙන් පවා දරුවන්ට අතවර සිදුවන  යුගයක, ආගන්තුක මවකගෙන් දරුවකුට කුමන රැකවරනයක්ද ?
lion mother saved a calf old one day initiyally intended to kill for her daily bread amazing miraculous national geographic video
පින්තූරය ගත්තේ : http://www.runningwithsafetyscissors.com

එහෙත් ලෝකයේ කලාතුරකින් හෝ ආශ්චර්යයන් සිදු වේ. එවැනි සිදු වීම් අපට ඉඳහිට අසන්නට දකින්නට ලැබේ. මේ බිලිදියද එවන් වාසනාවක් කරපින්නාගෙන පැමිණ ඇත. ඇය පසුව හමු වූ මවට තුරුල් වන්නේ ආදරය, රැකවරණය පමණක්ම බලාපොරොත්තුවෙන් නොව තම කුසගින්න නිවාගැනීමට කිරි උගුරුක් ලැබේයයි සිතමින්ය. කිරි දෙන්නට නොහැකි වුවද, දරු සෙනෙහස කුමක්දැයි ඇය හඳුනන්නීය. නමුත් බිලිඳිය ඩැහැගැනීමේ ඇගේ අරමුණ වෙනස්ය. දරු සුරතල් කරන්න නම් තම ජාතියේ දැරියක් හුරතල් කරන්නට හැකිය. ඉතා කුඩා වයසක පසු වන බිලිඳියගේ තොඳොල් බස් සහ සිරුරේ වෙලී සොයන මවු සෙනෙසහ කුමක්දැයි ඇයට නොවැටහෙනවා නොවේ. මුලින් ඔහේ තුරුල්වී උණුසුම විඳින්නට ඇය ඉඩ හරී.  මේ බිලිඳියට මේ සිටින්නේ තමාගේ මව නොවේ යන්න මොහොතකටවත් සිතෙන්නේ නැත. බිලිඳිය දැඩි කුසගින්නකින් පසු වේ. මවක් ලෙස ඇගේ හිත උණු වේ. සමහරවිට ඇගේ දරුවකු අකාලයේ මිය යන්නට ඇත. ඊළඟ පැය කිහිපයේ ඇය වෙනත් පාපතරයින්ගේ මේ බිලිඳිය ආරක්ෂා කරයි. උණුසුමද දෙයි. හුරතල් වන්නට ඉඩ හරියි. එහෙත් අබමල් රේණුවක කරදරයක් නොකරයි. බිලිඳියට දෛවයේ කුරිරු සරදමට මුහුණ දීමට සිදු නොවේ. මේ මොහොතේ අප සැමගේ ප්‍රාර්ථනයද එයයි.

පැය විසිහතරක කාලය බිලිඳියට කල්පයක් සේ දැනෙයි. අධික කුසගින්නෙන් ඇය දුර්වල වේ. කුරිරු කත ඇයට යන්නට හරියි. එහෙත් පසුපසින් හිඳිමින් ඇය ආරක්ෂා කරයි. එළඹෙන සන්ධ්‍යාවේදී අකල් වැස්සක් කඩා වැටේ. කුසගින්න, සාංකාව, සීතල අතර ඇය සීතල පොළව මතම රාත්‍රිය ගත කරයි. අවට සිටින ලේ පිපාසිතයින් පමණක් නොව මැසි මදුරුවන්ද ය වට කැරකෙන්නේ, තවත් පැය කිහිපයකින් මේ ගොදුරෙන් තම කුස පුරවා ගන්නටය. අරුනොදයත් සමග අයට නව පණක් ලැබේ. තවත් මොහොතකින් තම හාත්පස සිටින්නේ තමාගේ මව වටා සිටි මිතුරියන් සහ ඔවුන්ගේ දරුවන්ය. දැඩි කුසගින්නේ පසුවන බිලිඳිය අර මවුන්ගෙන් කිරි උගුරක් උරා බොන්න සුදානම් වනවා. මේ ඉන්නේ මගේ මවද ? ඇයට තවමත් තෝරා ගන්න බෑ. දැඩි කුසගින්නකින් පසුවෙන ඇයට මේ සියළු දෙනා ඇගේ මවුන් වගේ පෙනෙනවා. එහෙත් ඔවුන් ඉතා කුරිරු ලෙස මේ බිලිඳිය පලවා හරිනවා. අවසානයේ තම වයසේ වෙනත් අයගේ කිරි බුරුල්ලට තොල තබා ඇය කුසගින්න නිවාගැනීමේ නිෂ්ඵල වෑයමක නිරත වනවා. එවිටත් ඇයට මවගේ මිතුරියන්ගෙන් සුපුරුදු ප්‍රතිචාරය ලැබෙනවා. ඈතක සිට ඒ දෙස ඉතා කණගාටුවෙන් ඇය පැහැරගත් මව බලා සිටිනවා. ඇයගේ ලේ කිරි නොවීම ගැන ඇය මේ මොහොතේ පස්චත්තාප වනවා සිකුරුයි.

මෙසේ දිව යන බිලිදිය වෙත නොපැතූ මොහොතක ඇගේ මව දිව එනවා. එහෙත් බිලිඳිය ඇය හඳුනන්නේ නෑ. නමුත් ඈ කිරි වලින් පිරී ඇති බුරුල්ලෙන් ඇයගේ කුසගිනි නිවාලනවා. තවත් මොහොතකින් දෙදෙනා සතුටින් දිව යනවා. බිලිඳිය තව මව වටා දිව යමින් ඉහවහා යන සතුට ප්‍රකාශ කරනවා. 

දීර්ග සටහනකින් මා විස්තර කරන්න හදන කතාව වීඩියෝ පටයක සටහන්ව තිබෙනවා. එහෙනම් ඔබම බලා තීරණය කරන්න සිදු වූයේ කුමක්ද කියා ?

විශේෂ ස්තුතිය : මෙය මගේ ඇස ගැසීමට සැලැස්වූ තිලක් ලියනවඩුගේ මගේ මිතුරාට. අද මම මෙය මගේ දියණියට බලන්නට සැලැස්වූවා. ඇය දෑස් පිසදමනු දුටු මා ඔයා අඬනවාදැයි විමසා සිටියා. "මට සතුටු ඇයට මව හමු වූ නිසයි. ඒකයි මට කඳුළු ආවේ" ඇගේ පිළිතුර වුණා.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...