Tuesday, August 5, 2014

වෛද්‍යවරු සටන්කරනු දැකීම පිළිකුල් සහගත නොවේද ? ...... Ins't it sickening to doctors fight ?

හිතවත් හිපොක්‍රටීස් වෙත,
ඔබ ජීවත් වූයේ ශතක දෙකකට කලින් බව මා දන්නා මුත්, ඔබ දැන් මිය පරලොව ගොස් ඇති වුවත්, තවමත් ඔබට ලිපියක් ලිවිය යුතු යයි මා සිතන්නේ පාරාදීසයක් බඳු දූපතෙහි  සිදු වන දේ නිසාය.  ඔබ කොහේ සිටියත්, ඔබගේ ගෝලබාලයින් අතර සිදුවන දේ ඇසුනොත් ඔබගේ සොහොනින් නැගී සිටිනු ඇත. 
doctors clash for power in trade union sri lanka


ඔවුන් පහුගිය සතියේ පාරාදීස දූපතේ ලොකුම රෝහලේ සිට පැහැදිලිවම බොහෝ සැහැල්ලුවෙන් එකිනෙකාට තර්ජනය කරමින්ද,  අශෝභන ලෙස දබර කරගනිමින්ද, එකිනෙකා පාගදමන අකාරයේ තප්පුලමින් සිටිති. මෙය ඉතිහාසයේ ගෞරවයක් ලබා සිටි ඔවුන්ගේ වෘත්තීය සංගමය බලහත්කාරයෙන් පාලනය කරන්නට යෙදෙන අධික උත්සාහයන් නිසාය. 
 මා වැරදි නම් සමාවන්න, හිපොක්‍රටීස්, මම හිතන්නේ මෙම වෘත්තියට පිවිසේත්දී ඔවුන් තමයි ඔබේ නමින් ප්‍රතිඥා දී තිබෙන්නේ. එම ප්‍රතිඥාවේ, ඔවුන්ගේ සගයන් සහෝදර සහෝදරියන් සේ සලකන බව ඔවුන් පොරොන්දු වුවේ නැතිද ? සහතික වශයෙන්ම මෙයනම් ඔබේ සහෝදර සහෝදරියන්ට සැලකීමේ විකට ස්වරූපයකි!
 ඔබ බලනවා ඇති පාරාදීසයේ වෙලත් ඇයි මම මේ අලකලංචිය ගැන මේ තරම් පුදුම කියලා. එසේ වුවත්, ඇමතිවරුන් මිනිසුන් ගස් බඳින, මන්ත්‍රීවරුන් රාජකාරියේ යෙදී සිටින ට්‍රැෆික් පොලිස් මහතුන් තැතිගන්වන, 'සෙල්ලම්' පිස්තෝලය ලෙළවමින් ගමන් ගන්නා නගරාධිපති වරු සිටින, සංචාරකයන් ඝාතනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිටින තැනකි. 
 ඇත්ත වශයෙන්ම මේ භූමියේ දෝෂයක් තිබේදැයි මා පුදුමයට පත් වී සිටිමි, මන්ද මෙහි එන සංචාරකයන් පවා ඉක්මනින්ම කලහකරුවන් බවට පත්වන නිසාය. ඇයි, බ්‍රිතාන්‍ය අගමැති මෙහි සිටියදී ඔහු ක්‍රියා කලේ මැරයෙකු ලෙස වන අතර ඇමරිකානු මහකොමසාරිස්වරිය නිරන්තරයෙන් අපට සලකන්නේ ඇයගේ මුතුන්මිත්තන් කළු ඇමරිකානුවන්ට සැලකු අකාරයට නිසාය. 
 මම තවත් පුදුමයට පත් වන්නට පටන් ගෙන ඇති කාරණයක් වන්නේ, ඔබගේ ගෝලබාලයින් "බොදු බල සේනා"වෙන් පුහුණුවක් ලබා ඇත්ද යන්නයි. මන්ද පෙර දැනුම් දීමකින් තොරව රැස්වීම් වලට කඩා වැදී ඒවායේ කෙරෙන කටයුතු අඩාල කිරීම ඔවුන්ගේ විශේෂත්වය වන නිසා සහ මෙම කටයුත්තේදීද සිදු වී ඇත්තේද එයයි. 
 එනමුත් මම තවමත් මේ අලකලංචිය ගැන පසුගිය වසර ගණන පුරාවටම පුදුමයට පත් වී සිටින්නේ, සමහරවිට තමන්ගේ වෘත්තියේ ගරුත්වය සහ නිදහස පවත්වා ගත් එකම කණ්ඩායම වීමට හැකි නිසාය. ඔවුන්ගේ සේවක සංගම් අරගල නිසා  නිල් සහ කොළ රජයයන් දෙකෙහිම   දේශපාලනයන්  ඈත් කර තබා ගැනීමද ඔවුන්ගේ සාර්ථකත්වයකි. .
 දැන්, ඒ සියල්ල අවසානයකට පැමිණ ඇති බව පෙනෙන අතර ඔවුන්ද අනෙක් අය ආදර්ශයට ගනිමින් ඝට්ටන සහ තැතිගෑන්වීම් මගින් ගැටළු  නිරාකරණය කරන්නට උත්සාහ කරන අයුරු පෙනේ. සමහරවිට ඔවුන් රූපවාහිනියේ විකාශනය වන දේශපාලන වාද වැඩසටහන් ඕනෑවට වඩා නරඹනවා විය හැකිය. ඒවායේ සහභාගී වන්නන් එකිනෙකාට පහර ගසන සැටි, අපහස කරන හැටි සහ කා ගන්නා සැටි දැකිය හැකිය. 
ඔවුන්ට ඇත්තටම සටන් කිරීමට අවශ්‍යව තිබුණා නම්,  දැන්, ඔවුන්ගේ සියළුම ශක්තීන් සහ කලහකාරීත්වය එකට කැටි කොට  ඩෙංගු මදුරුවන් මර්ධනය වැනි වඩාත් ඵලදායි දෙයකට යොදවා ඉන් අහිමි වන  දුසිම් ගණන් ජීවිත බේරා ගන්නට තිබුණත් එය වැලක්වීමට සිදු කරන සියළු දේ වලකාලමින් එය දිගටම සිදු වේ. 
ඔවුන්ට නියම  අභියෝගයක් අවශ්‍ය නම්, මේ කාලයේ ඉහලින් වැජඹෙන දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදන ඒවා පාළනය කිරීමට මෛත්‍රී ගන්නා උත්සාහය සහ මහින්ද මාමාගේ 'මතට තිත' විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම කඩවුණු පොරොන්දු වුවද, එය නොසලකා  තෝරා ගත හැක. 
නැතිනම්, මේ කුලප්පුව ඇති වී තිබෙන්නේ වෘත්තීය සංගමයේ බලය ලබා ගැනීමට බැවින්,  ඔවුන්ට මහින්ද මාමාගේ 'මහින්ද චින්තන' පොතේ පිටුවක් ඇද, ඕනෑම කෙනෙකුට ඉහල තනතුරේ දිගටම රැඳී ඉන්නට හැකියැයි සම්මත කර ගත හැකි නමුත්, ඔවුන් මහින්ද මාමා තරම් දක්ෂයන් වීමට නොහැකියි. නොවේද ?
දැන්, මාව වැරදියට තේරුම් ගන්න එපා, හිපොක්‍රටීස්, මම හිතන්නේ නෑ පාරාදීසයේ සිටින ඔබේ සියළුම ගෝලබාලයින් සියල්ලටම  මේ සිදුවීම ගැන දෝෂාරෝපණය කල හැකියි කියා.  ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ අති බහුතරය ඉතා සුළු වැටුපකට හොඳ සේවාවක් ලබා දෙන බව පැහැදිලි වන්නේ කලාපයේ පමණක් නොව ලෝකයේම නිරෝගී රාජ්‍යයන්ගෙන් එකක් බවට පාරාදීසය පත් වී තිබීමෙනි. 
මම විශ්වාස කරන්නේ ඔවුන්ටත් ඔවුන්ගේ තත්වය එපා වෙලා, ඔවුන් තරම් හැකියාවක් හෝ පරිපූර්ණත්ව්යාක් නැති මිනිසුන් පාර්ලිමේන්තුව වැනි තැන් වලට  ඇතුළු වී, තක්කඩියන් ලෙස  ඒ පිවිතුරු ස්ථානයේ හැසිරුනත්, පසුව එක් රැයකින්  මිලියනපතියන් වේ. ඉතිං ඔවුනුත් දේශපාලකයන් විදියට හැසිරෙන්න හිතුවා වෙන්න පුළුවන්. 
ඔබ පුදුමයෙන් බලා ඉන්න පුළුවන්, ඔබේ ගෝලබාලයින්ට  ඊළඟට වෙන්නේ මොනවාද. කෙනෙකුට කියන්න පුළුවන් ඔවුන්ව ක්‍රිකට් පාලක මණ්ඩලයට යවන්න ඕනෑ කියා. එය තමයි  පාලක මණ්ඩලය සඳහා නිලධාරීන් පත් කිරීමේදී නිරන්තරයෙන්ම අලකලංචි සිද්ධ වෙන අනෙක් තැන, එම රැස්වීම් අවසානයේ නීතිය සහ සාමය ඇති කිරීම සඳහා පොලීසිය කැඳවීමට සිදු වෙන. 
 කොහොමවුනත් හිපොක්‍රටීස්, ඔබ කොහේ හිටියත්, පාරාදීසයේ සිටින ඔබේ ගෝලබාලයින් ගැන හොඳින් බලා ගැනීමට ඔබට සිදු වී තිබේ. නැතිනම්, අපගේ මැතිවරණ කොමසාරිස් වරයාට ඔවුන්ගේ නිලවරණය පැවැත්වීම සඳහා ඉල්ලා සිටීමට අපට සිදු වේ - එනමුත් අප කවුරුත් දන්නා පරිදි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් ගැන සහතිකයක් ලබා දිය නොහැක ! 
 ඔබේ විශ්වාසී
 පුංචි පුතා

ප.ලි:  එක්තරා කාලයක් තිබුණා, දොස්තරවරු ඔවුන්ව එනමින් හඳුන්වනවාට ලජ්ජා වූ, මක්නිසාද මර්වින් තමාට ආචාර්ය(doctorate) පදවියක් ඇති බැවින්, තමා ඩොක්ටර් ලෙස  කියා ගත්තා. මට හොඳින්ම විශ්වාසයි පසුගිය සතියේ සිදු වූ සිදුවීම් සමග, මර්වින් දැන්  ලජ්ජා වේවි තමාට 'ඩොක්ටර්' කියා අමතනවාට!

ryp van wynkle 5th column sunday times
රිප් වෑන් වින්කල්ගේ පස්වෙනි කොළම II ..... - Ryp Van Winkle's 5th Column II

15 comments:

  1. කාලෙකින් ආවේ ශෝක් ලිපියක් කියවන්න හම්බුණේ,, නියමයි

    මර්වින් මහත්මයා ඇත්තටම එහෙම කියයි ....

    ReplyDelete
    Replies
    1. මමත් දැන් සයිබරයේ සැරිසරනවා අඩුයි.

      Delete
  2. ඊයේ Office එකේ හිටපු නැති නිසා ලපියක් miss වෙලා ඒකත් බලලා එන්නම්. අනේ මන්දා අයියන්ඞි රටට මෙනවා වෙලාද කියලා. මගේ රටට තරම් මම කිසිම දෙයකට ආදරේ නැතුව ඇති ඒත් අපේ මිනිස්සු කරන දේවල් දැක්කාම මාර කල කිරිමක් ඇතිවෙන්නේ. මගේ රටට මගේ මිනිස්සුන්ට සේවය කරන්න ඔිනේ කියන හැගිම නිසා පිටරටක ලොකු පඞියකට යන්න තිබුන අවස්ථා දෙක තුනක් අතඇරලා දැම්මා ඒත්?

    ReplyDelete
  3. හිහික් පට්ට ඈ.......
    මේ සුදීක අය්යෙ මරු ඈ.... හිහි...
    ඔයාගෙ බ්ලොග මගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑනෙ

    ReplyDelete
  4. මම නම් හිතන්නෙ,ඔයාගෙ ලිපියෙම අදාල දේට,අවැසි උත්තරේ තියෙනව කියලයි.මුලු සමාජයම,නරා වලකට ඇදල දාන,කැත දේසපලනයක් ලංකාවෙ ක්‍රියාත්මක වෙනව.නිදාගෙන හිටියට වැඩක් නැහැ,මිනිස්සුන්ටම තමයි,මේක නැති කරන්න පුලුවන්.

    ReplyDelete
  5. මේ ලියුම ලියල තියෙන්නෙ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ පොරක් වෙන්න ඕන. මම හිතුව ඒත් සුධීකට ටැප්ලිලද කියල. නෑ, වෑන් කොලුවටම තමා!

    ReplyDelete
  6. හිපොක්‍රටිස් විතරක් නෙමේ නයිටින්ගේලුත් ඉකි ගසා අඩාවි මේ වෙන විගඩම් දැක්කම...

    ReplyDelete
    Replies
    1. එයාලාට විතරක් නොවේ අපි හැමෝටම අඩන්න වෙලා තියෙන්නේ සෙන්නයියේ රටට වෙලා තියෙන වෙමින් යන දේවල් නිසා.

      Delete
  7. ලංකාවෙ දේශපාලන සංස්කෘතියෙ ගති ලක්ෂණ වේගයෙන් අපේ සමාජය...එහි වෘත්තිකයො වෙලා ගනිමින් ඉන්න බවක් තමයි මට පේන්නෙ...

    ReplyDelete
  8. කාලෙකට පස්සේ මට ආපු හොඳම ලියුම...., බෝලාටත් මාව මතක් වෙන්නේ මේ අවරුදු දෙසීයකටත් පස්සේ මගේ ගෝල බාලයෝ කියලා උන්ම කියා ගන්න එවුන් ටිකක් පිස්සු නැටුවට පස්සේ තමයි. මුන් මගේ නමින් දිව්රනවා කියලා මම දැන ගත්තේ මේ ලියුම කියවලා... මම මේ පහුගිය කාලේ දිගටම තිබුන ලොකු පස්නයක් විසදුනා එක දැන ගත්තට පස්සේ... පස්නේ තමයි අපේ අච්චිගෙයි අම්මගෙයි මගෙයි සොහොනට නොකදාවා හෙන වදින එක එකයි මම කිව්වේ මේක තමයි මට කාලෙකට පස්සේ මට ආපු හොඳම ලියුම කියලා........ බලමුකෝ උබලගේ රජාට (හෝ පොදු අපේක්ෂකයාටවත්) කියලවත් මේකට විසදුමක් හොයන්න.... මම කිව්වේ අපේ මේ වලවල් වලට හෙන වදින එක ....

    මිට
    හිපොක්‍රටීස්..

    ReplyDelete
  9. දොස්තරලත් මනුස්සයොය කියල, අර හිරකාරයන්ගෙ තියරියෙන්ම හිතල ඉන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
  10. දැන් ඉන්නෙ බිස්නස් කරන දොස්තරල මිසක් සෙවයක් කරන එවුන් නෙමෙයි.උන්ගෙයි මිනිපෙට්ටි කඩ කාරයන්ගෙයි වෙනසක් නැ

    ReplyDelete
  11. දැන් ඉතින් හැමදේකම තත්වේ ඕක තමයි සුදීක අයියේ.. වැඩක් නෑ කතා කරලා..

    ReplyDelete
  12. ඇත්තටම ඉතා වැදගත් ලිපියක්.රෝගියා වෛද්‍යවරයාව දකින්නේ දෙවියන් ලෙසට ! මේ දෙවිවරුන් රන්ඩුවෙනවා දකින්න කවුරුතු කැමති නෑ.

    ReplyDelete
  13. අනේ මන්දා රටකට ගිය කල..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...