Sunday, August 17, 2014

කොළ, අපේ කොළ පරාජිතයෝ ...... Green, Green Losers of my Home !


 Ranil Karu Sajith Ryp Wan Wynkle 5th column
මා ආදරණීය කොළ මිනිසා වෙත,
මා ඔබට ලිවිය යුතුම බව සිතුවේ ඌව පළාත සඳහා මහින්ද මාමා මැතිවරණයක් කැඳවා ඇති බව දැනගන්නට සැලස්වීමටයි. ඇත්ත වශයෙන්ම, බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ඔබ චන්දය ගැන දන්නා නමුදු කොළ කණ්ඩායම ඔවුන්ගේ කාර්යය වෙත ගමන් ගන්නා අකාරයට අනුව, ඔබ තවමත් අඳුරේ අතපත ගාන බව මට කුකුසක් ඇති වේ !
ඌව පළාත කොළඹ පහසුකම් වලට ගව් ගණනක් දුරින් පිහිටි  සහ ඉතා අඩු ජනගහනයක් සහිත  ප්‍රදේශයක් නිසා අඩු වැදගත් කමක් ඇති බව ඔබ හිතනවා විය හැකිය. මම හිතන්නේ මහින්ද මාමා හිතන්නේ එහි අනිත් පැත්ත බවය.  මීළඟ ජනාධිපතිවරණ සහ මහමැතිවරණය සඳහා මිනුම්දණ්ඩක් වහයෙන් එය යොදා ගැනීමට ඔහු සිතයි. 
කොළ කණ්ඩායම වෙනුවෙන් තරඟ කිරීම සඳහා හරීන් තරුණයා ඔහුගේ පාර්ලිමේන්තු අසුනින්  ඉල්ලා අස් වී ඇති බව ඔබට තවමත් ඇසුනේ නැතිමනම්. එය හොඳ ලකුණක්  වුවත් ඔහු අත්‍යවශ්‍ය ලෙසම ජය ගන්නා බව ඉන් අදහස් නොකෙරේ. එයින් අදහස් වන්නේ තවමත් කොළ කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් මැරෙන්න සුදානම් අය සිටින බවයි. 
මට ඇහුන දේ අනුව, හරීන් උත්සාහ කරන්නේ ඔහුගේ චන්ද ව්‍යාපාරය තුල  ඔබ සියළු දෙනා එකම වේදිකාවකට ගෙන ඒමට ඉතා දුෂ්කර වෑයමක යෙදෙන බවයි. මෙතරම් කාලයක් සිදු වුණේ ඔබලාගෙන් කෙනෙකු වේදිකාවට ගොඩ වනවිට, අනෙකා ඉන් බැස යාම වන අතර, තවමත් කොළ කණ්ඩායමට මහජනයා චන්දය පාවිච්චි කිරීම ඔබට අවශ්‍යව ඇත. දෙවියනේ, ඔබ සුබවාදීයි !! 
 මට දැනගන්නට ලැබුණු තවත් දෙයක් තමයි, ඔබලා "පොදු" අපේක්ෂකයෙකු සොයන්නට උත්සාහ කරන බව, එය දුර්ලභ වෙළඳ භාණ්ඩයකි. ඔබලාගේ නම්, සැටලයිට්, ජෙනරාල් වරයා සහ ගරුතර ස්වාමීන් වහන්සේ ගැනද සඳහන් වී තිබේ. අවසානයේ සඳහන් කල කෙනාටඑකම කෙනා වීමට ඕනෑකර තිබේ. හේතුව ඔහුට විධායක ජනාධිපතිකම අවසන් කිරීමට අවශ්‍ය බැවිනි. 
 අපට විධායක ජනාධිපතිවරුන් පස්දෙනෙකු වූ අතර (අවුරුදු කිහිපයක් බලයේ සිට, තමා වටේ සිදු වනදේ පිලිබඳ අන්ධ-ගොළු පිළිවෙතක් අනුගමනය කල එහෙත් ඉතා ජනප්‍රිය වූ ඩියර්ලි බිලොව්ඩ් හැර) ඔවුන් සියළු දෙනා පූර්ණ බලතල බුක්ති විඳි අතර ඒවා පූර්ණ දූෂිත බව අපි දනිමු. 
එසේ නමුදු, විධායක ජානාධිපතිකම අහෝසි කිරෙමට ඔබට ජනතාව චන්දය ලබා දෙතැයි මා විශ්වාස කරන්නේ නැත. අපි එයට මුහුණ දෙමු, සැටලයිට් පොදු අපේක්ෂිකාව වශයෙන් (නැවත !) එම  පොරොන්දුව ලබා දීම තරමක් විකාරරූපීය. ඒ ඇය දෙවරක් ජනාධිපති පුටුවේ සිටි මුත් එම පොරොන්දුව පැහැර හැරී බැවිණි.
කොටි යුද්ධය හමාර කලද, සමහර රටවල් අයුතු බලපෑම් කරන වෙලාවක, එම පීඩනයට මුහුණ දීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව කෙනෙකුට තර්ක කල හැක.  මම හිතන්නේ, බොහෝ දෙනෙක් හිතන්නේ දයාවන්ත අගමැති කෙනෙක් ඇති පාර්ලිමේන්තුවට එය නොකළ හැකි බවයි.
 ඉතිං කොළ මිනිස, කරූ මාමා සහ සජිත්, එය වෙනස් කිරීමට උත්සාහ කරනවට වඩා නරකද,  ඔබලා නිල් කණ්ඩායමේ මිලියනයක් අඩුපාඩු පිලිබඳ හිත යොමු කර චන්දය ජය ගැනීමට උත්සාහ කිරීම ? අවසානයේදී ඔබ ජය ගතහොත් ඔබට සදහටම විධායක ක්‍රමයෙන් ගැලවීමට පුළුවන් වන අතර සියළු දෙන ඉන් සතුටට පත් වේවි.
අවසාන ප්‍රධාන චන්දයේදී ඔබ දක්ෂ ආකාරයෙන් අවස්තාව කර හැර ජෙනරල් වෙත අපේක්ෂකත්වය නමැති දේශපාලන කඹය ලබා දී බෙල්ලේ වැලලා ගැනීමට සැලැස්වූ බව මම දනිමි. නැවතත් ඔබ එම උපක්‍රමයටම සුදානම් වී ඇතිද ? ඇත්තටම ඔබ තවමත් මෙම තරගය සඳහා දිවීමට කැමති බව ටිකදෙනෙක් පවසයි. නමුත් අවංකවම ඔබගේ අවස්ථා ඔබ මුලාවේ යෙදවීමට ඇත්තටම සුදානම්ද ?
කරූ මාමේ, මම හිතනවා කොළ කණ්ඩායමේ ඔබේ නියෝජනය හොඳම තුරුම්පුව බව ඔබට වාද කල හැකි බව. මම එයට විරුද්ධ නොවෙමි. කොහොම නමුත්, ඔබ මහින්ද මාමා සමග තරග කර දිනුවොත්, සමස්ත විපක්ෂයම ඔබට එක්සත් කිරීමට ඔබට සිදු වනවා - එයින් බොහෝම අමාරුම කොටස වන්නේ කොළ කණ්ඩායම එක්සත් කිරීමය.
සජිත්, ඔබ මුල්ලකට වී බුම්මාගෙන සිටීම නතරකොට කොළ මිනිසා සහ කරූ මාමා සමග එකතුව වැඩ කල යුතුය. ඔබ කොළ මිනිසාට වඩා ආසන්න වශයෙන් අවුරුදු විස්සක් තරුණය. ඔබේ කාලය නිශ්චිතවම පැමිණේවි. ඔබට දිරිමත් වීමට ඉතා දුර නොබැලිය යුතුය; ඔබේ පියා ඉතා ඉවසීමෙන් බලා සිටියේ අනෙකුත් කොළකාරයන් ඔහුව පැත්තකට කිරීමට උත්සාහ කරත්දීය.
ඔබ සිතට ගතයුතු තවත් දෙයක් තමයි සජිත්, ඩඩ්ලි සහ සැටලයිට්ට එසේ සිදු වුවත්, පක්ෂ නායකත්වය යනු දෙමාපියන්ගෙන්න දරුවන්ට දායාද කරන පරම්පරාගත දෙයක් නොවන බව.  මට තරමක කනස්සල්ලක්ව විශේෂයෙන්ම තිබෙන්නේ ඔබ පුංචි නාමල්ට වැරදි ආදර්ශයක් ලබා දෙයිද යන්නයි.   
   කොළ මිනිස, කරූ මාමා සහ සජිත්, මම හිතන්නේ ඔබ තිදෙනා එක්කාසු වුවහොත් අඩුම තරමේ නිල්කාරයන්ට හොඳ තරගයක් ලබා දිය හැකි බවය. එසේ නොවුනහොත් රතු සහෝදරයන්ට ඔබව අභිබවා යාමට හොඳ අවස්ථාවක් තිබේ, මන්ද අනුර හාදයා ඔහුගේ කාර්යය හොඳින් කරමින් සිටින නිසාය. එය හොඳින් මතකයේ තබා ගන්න. පුලුවනිද ?     
 ඔබේ විශ්වාසී 
පුංචි පුතා
 ප.ලි: සියළුම පළාත් සභා පරාජය වීමෙන් පසුව, ඌව ජය ගැනීමට උත්සාහ කිරීම හරියට අන් සියල්ලන්ම අපොහොසත් වූ පසු ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් අපේ ක්‍රිකට් කණ්ඩායම ගොඩ ගැනීමට උත්සාහ කිරීම වැනිය. නමුත් ඔවුන් එය කළා. ඉතිං ඔබත් පුළුවන්. එක්කෝ ක්‍රිකට් ගැන කතා නොකර ඉමු, මොකද මේ දිනවල පකිස්තානය සමග ක්‍රීඩා කරන නිසා බොදු බල සේනාව එයටත් විරෝධය දක්වන්නට හැකි බැවිණි. 
Ryp Wan Wynkle 5th Column Translation Sunday Times

මේ සටහන තබන මොහොත වනවිට හිට්ස් ලක්ෂ තුනක් පසු කර යන්නට ඇවිද්ද පය සමත් වුණා. ඒ වෙනුවෙන් පාඨක ඔබට මගේ ප්‍රණාමය. 

45 comments:

  1. හිට්ස් ලක්ෂ තුනට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි.

      Delete
  2. තුන් ලකක්ෂයට සුභ පැතුම්''''''''! මචං ....මල්ලියෝ..........
    මා සිත් ගත් ඉතා හොද ලිපියක්.......සත්‍යය ඕක තමා.....
    බඩ ගෝස්තර ...අනික් අයගෙ පදයට නටමින් දේශපාලනය කරන සජිත් කියන නපුන්සකයාගෙන් සුභවාදී දෙයක් බලාපොරොත්තු විය නොහැක.....
    ඌ ට ඕන නියෝජ්‍ය නායක කම අරගෙන ඇතුලෙ කට්ටියව බේද බින්න කරමින් ආණ්ඩුවෙ පදේට ඩෙගා නටන්න......
    ඌව හරීන්ට ජය නියතයි.................!!!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මහත්තයා සජිත් ගැන කියපු දේ ම තමා මත් සජිත් ගැන හිතන්නේ....

      Delete
    2. උඹ මහත්තය කෑල්ල හලපන් මචෝ.....
      thnx .....එකෙක් හරි ඉන්නවට......

      Delete
    3. මම කරේ පරිවර්තනයක්. මේක ටිකක් විකට ස්ව්භාවේ නිසා කැමති වුනත්, දේශපාලනය අකමැති මාතෘකාවක්. දැනට වඩා ඉස්සර ලිපි ඉතාම රසවත්. දැන් ලියන්නේ වෙන කෙනෙක්ද මන්දා ?

      Delete
  3. හරීන් ට ජය ලැබේවිදැයි සැක සහිතය. මන්ද යනු තවමත් සශීන්ද්‍ර රාජපක්ෂ යනු මොණරාගල ජනප්‍රියතම පුද්ගලයාය. එසේම බදුල්ලේ ආසන තුනකුත් දැන් මොණරාගලට හිමිව ඇත.
    හරීන්ගේ මේ ව්‍යායාමය බොහෝ සෙයින්ම ඔහුගේ පෞද්ගලික දේශපාලන ගමනට සුවිශේෂී වූ ගැම්මක් සපයනු ඇත. අනිවාර්යයෙන්ම ඔහු ජයගත්තත් නැතත් මනාප ලක්ෂ එකහමාරක් පමණ ලබාගෙන දේශපාලන වශයෙන සළු වීමට ඔහු මේ අවස්තාව ප්‍රයෝජනයට ගනු ඇත.

    සුදීක ගේ ලක්ෂ තුනට උණුසුම් සුබ පැතුම්.

    මම නිතරම කියන දේ මේකනේ - " ඇවිද්ද පය දහස් වටී සුදීකයා රටක් වටී"

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ලි...ශශියගේ ගෑනිගෙ එතනෝල් කෂිය & පිං කැට සල්ලි ගැන ...උඹලගෙ එව්වො දැනුවත් කරපං .....
      අපේ තරුණ එවුන් රොක් වෙලා අහවරයි.... හරීන් එක්ක....හරී ...ය..... හෙක්...හෙක්....

      Delete
    2. බොහොම ස්තුතියි ඉවාන්. මොණරාගල ගිය වෙලාවේ මටත් තේරුනේ ශෂීන්ද්‍ර ඒ පැත්තේ මිනිස්සුත් එක්ක ඉන්නා බව. බලමු මොකද වෙන්නේ කියලා.

      Delete
  4. මේ පාර කරකැවෙන්නේ පඬු පාට සැටලයිට් එකක්.
    එකත් උල්කාපාත වෙන සයිස් එකක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ස්වාදීනව ඉල්ලන්න වෙයි වගේ.

      Delete
  5. හිට්ස් ලක්ෂ තුනට සුභ පැතුම් !!!!! දේශපාලනය අප්‍රිය කර ඇත.

    ReplyDelete
    Replies
    1. අත්ත්ටටම මාධව මටත් එහෙමමයි.

      Delete
  6. ලස්ස තුනට සුභ පැතුම්.. ඊඊඊඊයා...


    මීට නිල් මිනිහා..

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... බොහොම ස්තුතියි. ඒ පැත්තේ එන්න බැරි වුණා.

      Delete
  7. සුබ පැතුම්

    ReplyDelete
  8. සිදික අය්යාමුලින්ම සුභ පැතුම්.
    කොල මිනිහ කරන්නෙ මොනවද කියන එක හරියටම තෙරෙන්නෙ කොරලත් හුග කලක් ගියාට පස්සෙ.බලමු මේ පාරවත් ඔලුව උස්සයිද කියල.හරින් නම් දිනුවත් පැරදුනත් කොලපාඅට අය අතරෙ විරයෙක් වෙලා ඉවරයි.ඔහොම ගිහින් සජිත්ට තර්ජනයක් වෙන තැනට මිනිහගෙනත් එතනත් ගැටුමක් කොලමිනිහ නොහද හිටියොත් හොදයි.මම කියන්නෙ ගැටුම විතරයි.අනිත් එක වෙන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ. ඇත්තටම කොළ මිනිසා මාස්ටර් මයින්ඩ් කෙනෙක්.

      Delete
  9. මන්ත්‍රී වන්නම ...

    තන තන තන තන තානම්
    තන තානම් ....
    දන තම් දන තානම් ...

    ඡනදය ළඟ එන විට මන්
    සිනහා මුනින් ගෙයින් ගෙයට පිය නගනෙම් ..
    සැමටම ලෙන්ගතු පානෙම් ...
    සැප දුක සැමගේ විමසන්
    වැඳ වැටෙමින් සේසතම උවත් පුද කරනෙම් ...
    මව් පියෝ වත් නැත මෙලෙසින් ..

    ඉලව් ගෙයක් දුටුවොතින්
    ඒ සැනෙකින් යන්නෙමි මනාප ගනිමින්
    ඔවුනට සොව පලකරනෙම් .....

    ජය ලැබූ කල තිබු ඡනදෙන් ..
    බල බිදිමින් ...
    අමතක වේ පොඩි මිනිසුන්
    වරද කිමද මම නොදනිම් ...

    තන තන තන තන තානම්
    තන තානම් ....
    දන තම් දන තානම් ...

    ගායනය - ආරියරත්න කළුආරච්චි ඇතුළු කණ්ඩායම
    (https://www.youtube.com/watch?v=JbYYPlEqMZs)

    ලක්ෂ තුනට සුභ පැතුම් ......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිංදු ඇනෝ.

      Delete
  10. ලක්ෂ 3ට සුබ පැතුම් සුදික අයියා.. දේශපාලනේ ගැන නම් අදහසක් නැත.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්. මමත් දේශපාලනයට කැමති නෑ.

      Delete
    2. දේශපාලනය ගැන කැමති නැහැයි....කියන්නෙ ...හෙක්...හෙක්....

      Delete
  11. තුන්ලක්ෂයට සුබ පැතුම් සුදික

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්.

      Delete
  12. ලක්ෂ තුනට සුබ පැතුම්...!!
    පොදු අපේක්ෂක කතා දැන් වලංගු නැහැ නේද කොළ මිනිහා හරි ඒ පක්ෂේ කෙනෙක් හරි එනවා කියා තියෙනවානේ ඉදිරි මැතිවරණයට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. කොළ මිනිහා අත අරින්නේ නෑ.

      Delete
  13. ලක්ෂ තුනට සුබ පැතුම් !! අනික්වනං මඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. අගෙයි අගෙයි ඔබගේ මනරම් අදහස් දැක්වීම.. මම එක පයිං කැමතියි..

      Delete
    2. බොහොම ස්තුතියි ප්‍රසන්න. මඤ්ඤංම තමා.

      @දේශකයා : හෙක් .... හෙක්...

      Delete
  14. කොල මිනිසා ගැන සංවේදී සටහනක්....
    අනික...

    ලක්ෂ තුනට සුභ පැතුම්....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම කියන්න ඕනේ, මේක Sunday Times වල ගිය කොලමක පරිවර්තනයක්.

      බොහොම ස්තූතියි විදානේ.

      Delete
  15. සුදීකගේ ලක්‍ෂ තුනට සුබ පැතුම්,අනික් හරිය නං පයිත්තියං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. දේශපාලනයට වඩා මට නම් මෙතන තියෙන හාස්‍යය තමයි වටින්නේ.

      Delete
    2. කොහොමත් මාරාගෙ ඇට ලෙව කන උන්ට පයිත්තියන් තමා හැලප මචෝ.... හෙක්...හෙක්....

      Delete
  16. Replies
    1. බොහොම ස්තූතියි තිලකේ.

      Delete
  17. ලක්ෂ තුනට සුබ පැතුම් අයියේ..

    හරීන් දිනාවි.. ඒත් මහ ඇමති වෙයිද කියන එකනම් ශුවර් නෑ හැබැයි..

    ReplyDelete
  18. ලක්ෂ තුනට සුබ පැතුම් අයියේ..

    හරීන් දිනාවි.. ඒත් මහ ඇමති වෙයිද කියන එකනම් ශුවර් නෑ හැබැයි..

    ReplyDelete
  19. තව ගොඩත් දුර ඇවිදින්න ලැබේවා.
    එල ද බ්‍රා

    ReplyDelete
  20. එකෙන්ම ජයවේවා ලක්ෂ තුනට බොස් …!!!!

    ReplyDelete
  21. දේශපාලනය නම් එපෝ.....මමත් 3 කිට්ටුවට ඇවිත් ඔන්න. සුභ පැතුම් බොට...

    ReplyDelete
  22. Hits laksha Thunata Subapethum,Jaya! (Ranjan-Düsseldorf)

    ReplyDelete
  23. හැබැයි පුතෝ ලක්ෂ තිස්තුන වුනත් නවත්තනවා එහෙම නෙවෙයි හොඳද?

    ඉදිරියට යන්න ආශිර්වාද කරමි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...