Tuesday, August 26, 2014

පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න ...... Get close to a Blooming Flower

මේ කතාව කොහොම ලියලා ඉවර කර ගන්නද කියලා මං කල්පනා කරපු වාර අනන්තයි. මේ කතාවේ අවසානය සිද්ධ වෙන්නේ මේ මාතෘකාවේ තියෙන වාක්‍යය ගාව. ඒක මතක් වුණ වෙලාවකට මට හොඳටම හිනා යනවා. ඒත් මේක සිද්ධ වෙච්ච කාලේ මම පපුවේ බිත්තර තම්බපු ආකාරෙ සිහි වෙලා ඇඟේ හිරි ගඩු පිපෙනවා. කොහොම නමුත් මේ සියලු අත්දැකීම් ලියා හමාරා කරන්න ඕනේ කියන බලාපොත්තුව හිතේ තියෙන නිසා, අද ලියන්න පටන් ගත්තා. නැත්නම් වෙන්නේ සෑහෙන කාලෙකට මේ මාතෘකාව ආයේ හිතන්ට එන්නේ නැති එක.

දයානන්ද අයියා කියන්නේ ඥාති කමට මට බාප්පා වෙන කෙනෙක්. ඒ වුණාට මම මිනිහට බාප්පා කියලා අමතපු දවසක් මතක නැති තරම්. ඒකට එක හේතුවක් තමයි දයානන්ද අයියා විවාහ වෙන්න ප්‍රමාද වෙච්ච එක. ඉතිං මිනිහා කොල්ලෝ සෙට් එකත් එක්ක තමයි ආශ්‍රේ. මේකට පාර කැපුනේ අපේ ගෙදරට මීටර් 50 විතර දුරින් පාරෙන් අනිත් පැත්තේ, පන්සලට හැරෙන තැනම තිබුණ මිනිහගේ කඩේ. ඒ වෙනකොට එයාගේ බිස්නස් දෙක තුනක්ම තිබුණා. මේ කඩේ ප්‍රධාන ව්‍යාපාරය නොවුනත්, රෑ මද්දවන එක තමයි ප්‍රධානම එක. උදේට රෑ ටික එකතු කර ගන්න යන්නේත් එයමයි. ඒවා ස්කාගාරේ පීප්ප වලට පුරවලා ඉතිරි හරිය ගමේ ඉන්න බඹරුන්ට පොවන එක මිනිහගේ රාජකාරිය. පොවනවා කිව්වට නොමිලේ නෙවෙයි. සල්ලි වලට.

උදේම රා ටික පීප්ප ගත කරලා මදින්නා උදේට කන්න ගිය වෙලාවට කඩේට එනවා. එතැන පැයක්-එකහාමාරක් වෙළඳාම කරලා, ආයෙත් රෑ එකතු කරන්න යනවා. මේ එකතු වෙන රා ටික බොහෝ වෙලාට යොදාගන්නේ සිල්ලර වෙළඳාමට. ඒක නීතියෙන් තහනම්. කිහිප වතවාක්ම අහු වුණත්, එයාලගේ ගේ පිටිපස්සේ ජයටම වැඩේ යනවා. මිනිහා වෙළඳාම වේගවත් කරන්න නොයෙකුත් ප්‍රයෝග කරනවා. දවසක් එහෙම කරපු එකක් අපෙත් එක්ක කිව්වා.

"එදා වැස්ස දවසක්. වැහි දවසට රා ටිකක් දියාරු හින්දා මිනිස්සු බොන්න එනවා අඩුයි. ඒ වුණාට මේ ටික ඉවර කර ගන්නත් එපැයි. ඒ වෙලාවේ රා බීපු මිනිහා දෙවෙනි වීදුරුව මගක් හරියට යනකොට මම කිව්වා 'අද නම් බඩු ටික ඉක්මනටම ගියා' කියලා. අර මිනිහා බොන ගමන්ම අතින් තව එකක් ඕඩර් කළා. ඒ වෙනකොට විකුණා ගන්න බැරි බෝතල් දහයක් පහළොවක්ම තිබුණා. මිනිහා එක හුස්මට වීදුරු තුනක් ඇදලා දැමමා. තුන්වෙනි එක ඉවර කළා විතරයි. දැම්මේ නැද්ද කබරයා. ඊට පස්සේ තව වීදුරු දෙකක් අරන් බිව්වා. මම ගොඩ"
වෙළෙන්දෙක් වුණාම, ඉතිං ඒ වගේ ප්‍රයෝග කරන එක සාමාන්‍ය දෙයක් වුණත් අපිට ඒ කාලේ මිනිහා ගැන පිළිකුලක් ඇති කරන්න ඒ සිද්ධිය සමත් වුණා. ඒත් අපි එක්ක තිබුණ යාළුකම හින්දා මේවා අමතක වෙලා යන්න වැඩි දවසක් ගියේ නෑ. හවස එක වෙනකොට රා ටික ඉවර වෙලා මිනිහා ඇවිත් කඩේ අරිනවා. කඩේ අගුව යට ලැල්ලක් ලී කොට දෙකක් උඩ සවිකරලා හදලා තිබුණ ලෑල්ලේ ප්‍රධාන සාමාජිකයෙක් වෙන්න මට ඒ කාලේ පුළුවන් වුණා. එහෙම රස්තියාදු ගහන්න එපා කියලා මට රසායන විද්‍යා පන්ති කරපු ඩන්කන් සර් මට කිහිප විටක්ම අවවාද කළා. තරුණ වියට බ්රේක් නෑ කියන්නැහේ මමත් අත ඇරියේ නෑ. මගේ උපාධියේ මුල් කොටස සම්පූර්ණ වුණේ ඒ බැංකු ලෑල්ල උඩ. අධ්‍යන විෂය වුණේ  සමාජ විද්‍යාව. මෙතන රස්තියාදු ගහපු පූර්ණ කාලීන සාමාජිකයන් කවූරුවත් හිටියේ නෑ. ඒ ආසන්නයට ආවේ මම තමයි. අනෙක් අය කඩේට ගොඩ වෙන්නේ සිගරට් එකක්, බුලත් විටක්, පාන් ගෙඩියක් ගන්න. මම මිනිහට කඩේ වැඩ වලට සහයෝගය දුන්න අවස්ථාත් තිබුණා. 

දයානන්ද අයියා නිතරම කියපු දෙයක් තමයි 
"මම තමුසෙලාගේ තාත්තටත් මචං කියලා තියෙනවා - තමුසෙටත් මචං කියනවා" 
කියලා. ඒක ඇත්තටම දෛවෝපගත සිදුවීමක්. මට නෙවෙයි ඔහුට. මොකද ඔහුගේ අත්දැකීම්වල තියෙන්න පුළුවන් මගෙන් සඟවන්න අවශ්‍ය දේවල්. මට ඒ වගේ දේවල දැන ගන්න අවශ්‍ය වුණෙත් නෑ. මේ කඩේට නිතරම ගොඩ වෙන අනික් සාමාජිකයින් තමයි. පැටී නොහොත් ජානක, ජයතිස්ස අයියා(දැන් ජීවතුන් අතර නෑ. බෙන්තොට ලිහිණියා සර්ෆ් හෝටලයේ කෝකියෙකු විදියට සේවය කරලා ඉවත් වෙලා හිටියේ), මහේෂ් සහ මහින්ද සහෝදර වරු. නමුත් ඉඳ හිට ගොඩවන බොහෝ දෙනෙක් හිටියා. අපේ ගමේ ජීවත් වෙච්ච මහා පුදුමාකාර චරිතයක් වෙච්ච පොලා නොහොත් ෆොරින්  බොහෝ විට මෙතැනට ගොඩ වෙනවා සිගරට් පැකට් එකක් ගන්න. ඒ වගේම පුදුමාකාර නොමසුරු පුද්ගලයෙක්. එතැන ඉන්න බාල මහළු හැම කෙනෙකුගේම අතේ මොනවා හරි තියලා යන්න පොලා අමතක කරන්නේ නෑ. හොඳකට හෝ නරකකාට මේ කඩේ පොතට බඩු ගන්න පුළුවන් කම තිබුණා. ඒ නිසා තමයි මගේ මුල්ම රැකියාව කරන කාලේ මමත් පොතට බඩු(කෑම-බීම තමයි) ගත්තේ. ලොකු බිලක් තිබුණේ නෑ. මාසෙකට උපරිම රුපියල් එකසිය පහක් දහයක් වගේ ගාණක්. 

මෙතනට එකතු වෙන අය බොහෝ මාතෘකා ඔස්සේ කතා කරනවා. දේශපාලනය කතා වෙන්නෙම නෑ. එහෙම වුණානම් විවිධ වාද-විවාද හේතුවෙන් කඩේ වැහෙන්න ඉඩ තියෙනවා. වැඩියෙන්ම කතා වෙන්නේ විහිළු කතා. කවුරු හරි කෙනෙක්ව දවසකට බයිට් එකට අල්ලා ගන්න එක එතන සිරිතක්. දයානන්ද අයියා කොහොමත් හිනා වුන ගමන් හිටිය කෙනෙක්. ඒ නිසා හිනාව පුරවන් දවස ගෙවුවේ. මිනිහා සෑහෙන වයසක් යනකම් විවාහ වුණේ නෑ. ඒකට නිශ්චිත හේතුවක් තිබුණෙත් නෑ. මේ කඩය කරනවා, රා මදිනවා. ඉතිං හොඳටම බිසී. ගමේ වගේම අහල පහල ගම් වලත් මගුලක්, මරණයක්, දානයක් තිබුණොත් නොවැරදීම යන එක මිනිහගේ හොඳ ගුණයක්. ඒ වගේමයි අලුත්ගම ලිබර්ටි සහ ලිච්ඡවී සිනමා ශාලා දෙකට එන චිත්‍රපට අත අරින්නේ නැතිව බලන එකත් මිනිහගේ පුරුද්දක්. සාමාන්‍යයෙන් කොල්ලෝ සෙට් එකක් එකතු වුණ තැනක ඉතින් සෙක්ස් ගැනත් කථා වෙනවානේ. මෙතනත් ඒ වගේ කථා ඕනෑතරම්. මොකද සංචාරක පුරවරයක ඒ වගේ අත්දැකීම් එතැනට ආ බොහෝ දෙනෙක් බෙදා ගත්තා. ඒ වගේ දෙයකට දායක වෙන්න බැරි ය හිටියානම් මමත් දයානන්ද අයියාත් පමණයි. 

ඒ වගේම එතැන එක්තරා විදියක පුස්තකාලයක් වගේ තැනක්. ඒ මේ කඩේ පිටිපස්ස කොටසේ පදිංචි වෙලා හිටිය මදින්නා නොහොත් මදින මාමාගේ කාමර කෑල්ල. එතනට විවිධ පත්තර සහ පිටරටින් එන සෙක්ස් මැගසින් එකතු වෙලා තිබුණා. මෙතනට ඒ වගේ ඒවා ගෙනත් දාන්න බොහෝ දෙනා කාරුණික වුණේ, මෙතනට එකතු වෙන අයගේ ජන-විඥ්ඥානය දියුණු කරන්නම නෙවෙයි. ඔවුන්ගේ නිවෙස් වල වැඩිහිටියන්ගෙන් සහ දරුවන්ගෙන් මේ වගේ දේවල් ඈත් කර තබන්න ඔවුන්ට උවමනා නිසා. මේකෙන් වැඩි ප්‍රයෝජනය ගත්තේ එතනට හිස් අතින් ආව ගිය අපි වගේ අය. මේ මදින්නාගේ නම සැක්සන්. ඔහු කළුපටි කාරටේ ක්‍රීඩකයෙක්. පහු කාලෙක මමත් මහේෂුත් ඔහුගෙන් කරාටේ ඉගෙන ගත්තා. 

දයානන්ද අයියා කොල්ලන්ට ගිනි-ගෙඩි දෙන්නත් උපන් හපන් කමක් දැක්වූ කෙනෙක්. දවසක් එතැනින් මෝටර් සයිකලයක ගිය ජයවීර පවුලේ කෙනෙකුගේ කලිසමේ පිටිපස්සේ පර්ස් එක අඟල් භාගයක් විතර උඩට ඇවිත් තියෙනවා දැකලා එතැන හිටපු මහේෂ්ට කිව්වා. 

"වැඩි දුරක් යන්න කලින් අර පර්ස් එක වැටෙනවා. පස්සෙන් ගියොත් වරදින එකක් නෑ"  
කියලා. මේක අහපු ගමන් දෙවරක් නොසිතා මහේෂ් බයිසිකලයට ගොඩ වෙලා පස්සෙන් ගියා. පය භාගයකට පස්සේ ආවේ හිස් අතින්. හිතපු විදියට වැඩේ සිද්ධ නොවී. මේකා පිටත් වෙනකොටම දයානන්ද අයියා ඔයදේ, ඔය විදියට සිද්ධ වෙන බව එහි සිටි අයට කීවේ සින්සෙමින්. 

මේ කඩේත් ඉස්සර බොහෝ කඩවල වගේම, මේසය ඉතා උස එකක් වුණා. එහි පහල කොටස ලෑලි ගසා ආවරණය කර තිබුණා. ඒ ලෑලි ගහපු කොටසේ තමයි වෙළඳ දැන්වීම අලවලා තිබුණේ. මගේ ජීවිතේට මුහුණ දීපු ලොකුම අපහසුතා වලින් එකක් සිද්ධ වුණේ මෙන්න මේ දැන්වීමක් නිසා කිව්වොත් ඔබ පිළිගන්නවද ? මගේ ජීවිතේ තියෙන කං මට ඒ අත්දැකීම අමතක වෙන එකක් නෑ. 

අවුරුදු හතළිහකට ආසන්න තනිකඩ දිවියට තිත තියලා, දයානන්ද මුදලාලි විවාහ වුණා. අපිත් ඒ වෙඩින් එකට බැහැලාම වැඩ කළා. අපේ ගෙවල් වලින් ඒ ගැන බාධාවක් තිබුණේ නෑ. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ දෙයක් වුනු බ්රේක්-ඩාන්ස් තරගයක් කට්ටියගේ නර්තනය අවසානයේ තිබුණා. ඒ කාලේ බ්රේක් ඩාන්ස් කරපු අයට ජොයින්ට් නැති තැන් වලිනුත් අත් නවන්න පුළුවන් වගේ තමයි වැඩ කිඩ. වැඩි කාලයක් හනිමූන් ගත නොකර මිනිහා පුරුදු ව්‍යාපාරයට එකතු වුණා. වෙනසකට තියෙන්නේ කඩේ වැඩට බිරින්දෑ කැන්දන් ආපු එක. එයා ආවාට අර මෙසේ පිටිපස්සට වෙලා බයාදු විදියට බලාගෙන හිටියාට, දයානන්ද අයියා වගේ කඩේට එන අයත් එක්ක කතා-බහට ගියේ නෑ. මේ කඩේ දවල්ට ලයිට් දන්නේ නැති නිසා මද අඳුරු ගතියක් තිබුණා. ඇත්තටම ඇය කඩේ ඉන්නා බවක් වත් අපට දැනුනේ නෑ. 

දවසක් පාසැල් ගොස් ආපසු තියෙන දෙයක් බඩට දමාගෙන, මම දයයන්ද අයියාගේ කඩේට දුවලා ගියා. ඒ යනකොට අර කියපු මෙසේ ලෑල්ලේ අලුත් පෝස්ටරයක් අලවලා. ඒක ඒ කාලේ නැතිවම බැරි දෙයක් වෙච්ච පවුඩර් වල දැන්වීමක්. අදටත් මට මේ වෙළඳ දැන්වීම් පෝස්ටරය මැවී - මැවී පේනවා. එහි මුද්‍රණය කරලා තිබුනේ 

"පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න ...."
Get close to the fragrance of the blooming flower
පින්තූරය ගත්තේ : http://addspakistan.blogspot.com

කියලා. ඒ වැකිය මේ සටහනට මාතෘකාව වෙන්නෙත් ඒ නිසා. ඒ කාලේ ඒ වගේ එකක් දැක්කම කට තියාගෙන ඉන්න බැරි කමක් අපිට තිබුණා. මේ වාක්‍යය එක පාරට කියාගෙන ගිය මම මෙහෙම කිව්වා

"පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න - බැරිද මෙන්න මේකත් කටෙන්  තියා ගන්න"
එහෙම කියලා මම දයානන්ද අයියාගේ ප්‍රතිචාරය බැලුවා. වෙනදා එහෙම එකක් කිව්වම කොක්-හඬලා හිනාවෙන මිනිහා ඉන්නවා තක්බීර් වෙලා. මෙහෙම කඩේ ඇතුලට පොඩ්ඩක් ගිය මම
"මොකද අද නිකං බය වෙලා වගේ. අපි අරක බලමුද ?'
කියලා. ඉහල රාක්කයක් උඩ තියලා තිබුණ නිල්-සඟරාව ගන්න හදනකොට

"මොන අරකක්ද ? - එතන මොනවත් නෑ. මොනවද ගන්න ආවේ"
කිව්වේ තරමක බැරෑරුම් මුහුණ ආරූඩ කරගෙන. මට එක පාරටම වම පැත්තේ කෙලරව මොකක්දෝ ඡායාවක් වගේ දෙයක් පෙනුණේ, මෙන්න මේ මොහොතේ. මගේ ඔලුවත් එක්ක හිරිවැටිලා ගියා. "යකෝ මේ මනුස්සයා මෙතන ඉන්නවා කියලා කවුද දන්නේ." කියලා හිතින් කියනා ගමන් මම පස්ස නොබලා දිව්වා ගෙදර. ගෙදර ගිහිං කාමරයට වැදිච්ච මම එලියට ආවේ රෑට කෑම කන්න. අවුරුදු ගාණක් පුරුදු තැනකට අලුතෙන් කෙනෙකු එකතු වුණාම, එහෙම නොවුනා වගේ දැනෙන එක සාමාන්‍යයි. 

මේ සිද්ධිය ගොඩින් බෙර ගන්න දයානන්ද අයියා සමත් වෙලා තිබුණා. මගේ අතේ බීලා විසි කරපු සුරුට්ටු කොටයක් තිබුණා එයා දැක්කා කියලා. නමුත් එයාගේ වයිෆ් මේක අපේ අක්කා හරහා අපේ අමම්ටත් දැනුවත් කරලා තිබුණා. ඉන් පස්සේ වුණ හරිය ඉතිං විස්තර කරන්න අවශ්‍ය නෑනේ.  තව පොඩ්ඩෙන් මිනිහගේත් කොලේ ඉරෙනවා.

Moral of the Story : යමක් පවසන්න පෙර දෙතුන් වතාවක් වටපිට බලන්න. මන්ද කටින් පිටවූ වචන ආපස්සට ගත නොහැකි බැවිනි. 

46 comments:

  1. කතාවේ අවසානය කුතුහලයක් වේවි කියලයි හිතුවේ පටන් ගත්ත විදියට. දයානන්ද අයියට නෙමෙයි සක්‍රයට උනත් ඔය සෙතේ තමයි පෙළවහක් කරගත්තම..

    බීඩි කොටේ.. හැක් හැක්..

    ඔය ලිහිිනියා සර්ෆ් එකට දවසක් මම ගියා වෙඩිමකට. අන්තිමට බඩු වැඩි වෙලා අර ඉට්ටේසමට නගින පාලමේ උඩ කබරයා දැම්මා. අඩේ බ්රේක් ඩාන්ස් කිව්වම පිස්සු හැදෙනවා ඒ දවස් වල. හොද පොරවල් ගෙැන්නල් තරග තියනවා නෙව බං. සමහර උන් හිටිය දිව හතර ට පහට නමන උන්. ඒවත් බ්‍රේක් ඩාන්ස්..

    කතාව ලියපු විදිය නං මරු.. මේවා පෙළගස්වපු ආකාරය මනරම්..

    ReplyDelete
    Replies
    1. පස්සෙ මතක් උනේ. පිපුන පිච්ච මල් තුරුල් කරන් ඉදල නැද්ද??

      Delete
    2. වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
      නිරන්තරේ හිමි වූයේ දුකමය අපට
      පිපුණු මලක් නම් නොදෙමිය තලන්නට
      කැකුළු මල නිසා තලපන් පිපෙන්නට …

      Delete
    3. @දේශකයා : මම වතාවක් ගියා බ්රේක් ඩාන්ස් තරගයක් බලන්න. අම්මේ යාම යුද්දේ වගේ ? තර්ඩ් අම්පයර්ලා දෙන්නෙක් හිටියත් මදි ආරවුල් විසඳන්න. ඒ කාලේ බස් වල යනකොට අත වනන්නෙත් බ්රේක් වලින් තමා. කොහොමද උන්ගේ හෙයාර් කට්?

      @පත්තර : මල් තලන්නමයි කල්පනාව නේ ....:)

      Delete
    4. සුදීක බොස්. එකෙන්ම. අනේ අහිතකට නෙමෙයි මල තලලා තෙලිජ්ජ ඩිංගක් බොන්න :D

      Delete
    5. පත්තරේ මේ ලිපියත් බැලුව නං තව තව කවි අල්ල ගත්ත හැකි..
      http://thelydiya.blogspot.com/2014/08/blog-post.html

      Delete
  2. ඕං අපේ ගේ ලඟ ලස්ස්ස්ස්සන අක්කෙක් හිටියා,ඒ අක්ක දවසක් මට කිව්වා මල්ලි මගෙ බයෝඩේට එකක් තියනවා ටයිප් කරල දෙන්න කියලා..ජොබකට යන්න , මං සුටුස් ගාල එදා රෑම ගහලා ප්‍රින්ටවුට් එහෙකුත් ගහං ඇවිත් ගෙදර තියලා තිබ්බා. … සල්ලි වගේද මනුස්සකම :D මෙයා ඇවිල්ලා ගෙනියන්න.

    අංකල් පත්‍තර මල්ලි ඉන්නවද ??
    ආ නෑ දුවේ… ඇයි දූ මේකා මොකද ඔයාට කටකැඩිච්ච කතාවක් කිව්වද පාරෙදි ?
    අනේ නෑ අංකල් බයෝ ඩේට එක ගෙනියන්න.. මල්ලි කාමරෙන් තියන්නං කිව්වා..
    මට ඒකිමයි කිව්වේ . තාත්ත ගම කාලා . :D

    ReplyDelete
    Replies
    1. හිකිස් කාමරේට වෙලා මැදගෙන ඉන්න ඇති ,පව් යකෝ ..තාත්තා කරන වැඩ අම්මප

      Delete
    2. එන ආත්මේ පුතා තාත්තා වෙලා උපදින්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

      Delete
  3. අර 'රා' කියල ලොකුවට තනි අකුර ලියල ඒකෙ ඇතුලේ බොමු කියල පොඩිවට ලියල තිබ්බ තබැරුම මතක් වුනා .

    ReplyDelete
    Replies
    1. ඔව්. අලුත්ගමත් ඔය වගේ එකක් තිබුණා.

      Delete
  4. නිදහසේ ලකා හහපු තැනට හෙනහුරෙක් පාත් වුනා වගේ.

    ReplyDelete
    Replies
    1. නැත්නම්. අද මෙතැනත් නෑ.

      Delete
  5. එතකොට කටේ තියාගන්න කියලා තියෙන්නේ කොටේ (සුරුට්ටු) .අනේ හොඳයි... සම්පූර්ණ වැරැද්ද දයානන්න්ද අයියගේ ,මොන එහෙකට ගෑනු අරන් ආවද ඔය තැන වලට

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ... සමහරවිට උන්දෑ ගෙදර ඉන්න කම්මැලි කමට ආවද දන්නේ නෑ. මට වඩා දයානන්ද අයියා අසරණ වුණා ඒ වෙලාවේ.

      Delete
  6. දයානන්ද කඩේ හිටපු හින්ද බේරුනා, නැත්නම් ගෑනු මනුස්සය ඔය කතාව කිවුවනම් බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. මිනිහව දැක්ක ගමන් තමයි මගේ කටින් ඔය ටික පිට වුණේ. කළුවරේ මුල්ලට වෙලා හිටිය මනුස්සයව පෙනුණේ නෑ.

      Delete
  7. හෙක් හෙක්, පිපුණු මලක සුන්වන්ද නෙවී තලපු මලක සුන්වන්දනේ බෙදලා තියෙන්නේ, සුවඳ දෙක තුන ගන්න කොට කබරයා සෙට් වෙනවා, අවවාදය එක හෙලා අනුමත කරමි, එහෙත් කුප්ප කටෙන් පනින වචන ගැන වග කිව නොහැක.

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳට ඉන්න හැදුවත්, ඉතිං උපන් ගති නැති කරන්න බෑනේ.

      Delete
  8. අපොයි සුදිකටත් වෙන දේවල්

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් කොල්ලෙකුට ලියපු ලියුමක මගේ නම තිබුණා කියලා ගෙදරින් බැනුම් අහපු යුගයක, මේ වගේ එකක් ගෙදරට ආරංචි වුණාම කොහොමද ? තාත්තා නම් මොනවත් කිව්වේ නෑ.

      Delete
  9. ඔන්න මමත් ආවා... බලමුකෝ... ඉදිරිය.

    ReplyDelete
    Replies
    1. අඟහරු ආවා කියන්නේ ඉතිං.... කී වෙනි කොටුවටද ආවේ ?

      Delete
  10. තනිකර දයානන්දගෙ නේ වැරද්ද.පොස්ටරයක් ගහන්න එපැයි අනතුරු සහිතයි ප්‍රවෙසමෙන් පරිහරනය කරන්න කියල

    ReplyDelete
    Replies
    1. කැෂියර් කූඩුව වෙන්ටැ ???

      Delete
    2. ඔව්. ඔව්. කැෂියර් කූඩුව කිව්වට
      _______
      \ /
      \ /
      \___/
      මෙන්න මේ වගේ එකක්.

      Delete
    3. __________
      \________/
      \_______/
      \______/
      \_____/
      දැන් බලන්න. උඩ එක මඥ්ඥං උණා.

      Delete
  11. අර ගැනු මනුස්සය ඊට පස්සේ උබත් එක්ක කතා බහ කලාද බං

    ReplyDelete
    Replies
    1. එයා කොහොමටත් වැඩිය කථා කරන කෙනෙක් නෙවෙයි. පස්සේ පස්සේ මගේ සත්-ගුණවත් භාවය තේරුම් අරන් කථා කළා.

      Delete
  12. හප්පොච්චියෙ මටත් ඔයවගේ කටේ බ්‍රේක් නැතුව හබ්බ කියවෙච්ච වෙලාවල් සහ අම්මගෙන් කනේ පාරවල් කාපු වෙලාවල් තියනවා.

    නියම කතාව. මොනවා කරන්නද ගියදේ ගියා. ලබාගත්ත අත්දැකීම තමයි වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඔහොම එකක් වුණාම මාර ලැජ්ජයි. ඕවා කටින් කට යනවනේ. හොඳ වෙලාවට අර ගෑනු කෙනා ලිඳළඟ සංගම් වලට සෙට් වෙන්න කලින් වුණේ.

      Delete
  13. //"පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න - බැරිද මෙන්න මේකත් කටෙන් තියා ගන්න"//

    මේකෙන් කියන්නේ මොකක්ද සුදීක?

    //යමක් පවසන්න පෙර දෙතුන් වතාවක් වටපිට බලන්න. මන්ද කටින් පිටවූ වචන ආපස්සට ගත නොහැකි බැවිනි. //

    මේකත් ඇත්ත. යමක් කීමට පෙර දෙතුන් වතාවක් සිතා බලන්ට කියලා කීවොත් තවත් හරිනේ. කීව දේවල් ආපහු ඇදලා ගන්ට බෑ. ඒවා කවදාවත් අමතක වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතුන එකම තමයි වුණේ. මගේ අතේ සුරුට්ටු කොටයක් තිබුණේ නෑ.

      Delete
  14. මොකක්ද දැන් ඔය කටේ තියා ගන්න කිව්වෙ ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා හිතුවා හරි. ඒකම තමා.

      Delete
  15. හිහි...
    පට්ට සීන් එක ඈ...
    අපේ සමාර උං වැල බලල ගෙවල් වලට මාට්ටු වුණාම තියෙන වාතාවරනය මතක් වුණා...
    හම්මේ අපිත් ඒවයෙ සැකකාරයො වෙන එකනෙව ඉවසන්න බැරි

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකට මොහුන දීපු කෙනෙකුටම තමයි. :)

      Delete
  16. අනුංගෙ කොටයක් කටේ තියන්න ගිහිල්ල සුදීකටත් හොඳ වැඩේනෙ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කලබලේට වචන දෙක මාරු වෙලා ලියවුනා නේද ?

      Delete
  17. තැන් දෙක තුනක රා රෑ වෙලා....සමාජ විද්‍යාව ප්‍රායෝගිකව ඉගෙන ගන්න පන්ති කාමරයට වඩා දයානන්දගෙ කඩේ බංකු ලෑල්ල හොදයි කියලයි මට හිතෙන්නෙ...ඒ කාලෙ කොල්ලා නියමෙට ඉදලනෙ...වැලක් අදින ගමන් බීඩිත් ගහලා....

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි ඒ ටික හදන්නම්. ඒ කාලේ නම් ආයේ එන්නේ නෑ.

      Delete
  18. බ්‍රේක් නැති කටින් ඔයවගේ දේවල් කියවුනාම ආපහු ඇදල ගන්ඩයැ.දයානන්ද කියපුවම කළුවාමෝදර දයානන්ද අයිය මතකෙට ආවා.

    ReplyDelete
    Replies
    1. අනේ හැලපයියේ උඹත් නොදන්නා පළාතක් නෑනේ බලාගෙන යනකොට. කළුවාමෝදර දයානන්ද කියන්නේ වාහන හයර් කරපු එක්කෙනාද ?

      Delete
    2. කළුවාමෝදර කිව්වම මට මතක් වෙන්නෙ සුනිල් පෙරේරගෙ සින්දුව...

      Delete
  19. අනිච්චේ දුක්ඛේ කිව්වලු...

    වසල හමාරයි වගේ නේද?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...