Saturday, August 23, 2014

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.


Tips to Lose Weight Without Diet and Exercise


1. ඇති පමණ ජලය පානය කරන්න
අනෙකුත් බොහෝ දේවල් අතර, ජලය ඔබේ ඉන සඳහා වැදගත් වන්නට, බොහෝ හේතූන් ඇත. සිසිල් දිය පානය කිරීම ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය උපකාරී වන්නේ සිසිල් ජලය උණුසුම් කිරීම සඳහා ඔබගේ ශරීරය තදින් ක්‍රියාකාරී වන නිසා වන අතර එයින් අදහස් වන්නේ එය වැඩි කැලරි ප්‍රමාණයක් දහනයට හේතු වන බවය. නිතරම ජලපානයෙන් ඔබේ කුස පිරී ඇති බවක් ඔබට දැනෙන නිසා අඩුවන කැලරි සඳහා ඔබට අමතර කෙටි ආහාර ගැනීමට අවශ්‍ය නොවෙන අතර ව්‍යායාම කිරීමට ප්‍රථම සජලනය මස්පිඩු  ලිහිල් කරයි, ඔබේ සිරුරේ හෝමෝන නිපදවේ,  එය ඔබගේ ශක්ති ඉලක්කයන් සපුරනවා පමණක් නොව පරිවෘත්තිය සඳහාද හොඳ පුවතක් වේ. 
 2. හොඳ නින්දක් ලබා ගන්න
වෛද්‍යවරු සහ ජනප්‍රිය චරිත හෝ එවැනි අය බර අඩුකර ගැනීමේ රහස් පිළිබඳ කථා කිරීම නැවැත්විය නොහැක : නමුත් බර අඩු කරගැනීමේ හෝ වර්ධනය වීම නැවතීමේ ප්‍රධාන සාධකයක් වනුයේ හොඳ නින්දක් ලැබීමය. ඇයි ? අප දිගු නින්දක් නොලබන සෑම අවස්ථාවකම වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම සිදු වේ. මෑතකදී කල අධ්‍යනයකින් පෙන්නුම් කරන ලද්දේ, ඒ සඳහා සහභාගී වූ අයගෙන් පැය හතරක නින්දක් ලබන අය ඔවුන් විවේකයෙන් සිටින විටදී ගන්නා ප්‍රමාණයට වඩා කැලරි 300කට වඩා ලබා ගන්නා බවයි. 
3. ආහාර වේලේ ප්‍රමාණය  පාළනය කරන්න පුරුදු වන්න
ඔබ ආහාරය පාළනය කරන කෙනෙකු නොවුවද, ඔබ ගන්නා ආහාර ප්‍රමාණය ගැන සිතීම හොඳ පුරුද්දකි. ඔබ කුසපිරෙන තරම් ආහාර ගෙන ඇති බව ඔබගේ මොළයට දැනීමට මිනිත්තු කිහිපයක් ගත වෙයි. එනිසා ආහාර වේලකදී ඔබගේ කුස පිරෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය පිළිබඳ දැනුමකින් අහර ලබා ගැනීම, පමණට වඩා කෑම නිසා එකතු වන අමතර කිලෝ ගණන අඩු කර ගැනීමට ඉවහල් වනු ඇත. 
 4. හරිත තේ (Green Tea) බොන්න 
පරිවෘත්ත ක්‍රියාවලිය සඳහා උපකාරී වන එකම විකල්පය ජලයම නොවේ. හරිත තේ පානය ඔබගේ පරිවෘත්ත ක්‍රියාවලිය මද වශයෙන් ඉහල නැංවීමට සමත් බව අධ්‍යනයන් මගින් අනාවරණය වී ඇති අතර එය සතියකට අමතර කැලරි 400ක් පමණ දහනයට ඉවහල් වේ ! එපමණක් නොවේ, හරිත තේ වලට අධික ප්‍රති-ඔක්සිකාරක*(Antioxidant) ශක්තියක් ඇත. එනිසා පානය කරන්න. 
5.  මිතුරන්ගේ සහය ගන්න
සම අදහස් දරන මිතුරකුගේ සහය සහ දිරිගැන්වීම නිරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාමට උපකාරී වේ. එවැනි කණ්ඩායමක්ම සිටියොත් එය වඩා හොඳ තේරීම වනු ඇත. ඔබට දැනේවි ඔබ වෙනදාට වැඩියෙන් ඔබ-මොබ ගමන් ගන්නා බව, වැඩි කැලරි සහිත ආහාර ගන්නා වේලාවන් අතපහු කරන බව සහ බර අඩුකරගැනීමට දායක වන වෙනත් ජීවනරටාවන්ට පුරුදුවන බව. 

* මගේ දැනීම අනුව සමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන.

www.ealthDigeZt.com වෙබ් අඩවියේ පල වූ Tips to Lose Weight Without Diet and Exercise ලිපියෙහි පරිවර්තනයකි. 

65 comments:

  1. අපි වැඩේ කලොත් ඇටකටු ටික තමයි ඉතුරු වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අම්මෝ කොල්ලෝ උඹ එහෙම මේවා කොරන්න යන්න එපා.

      Delete
    2. උඹ රෙඩ්බුල් බීහං නාඩියො.

      Delete
  2. kettu wenna nam one noka inna bari ekane wade kiyanne

    ReplyDelete
    Replies
    1. ඒකට ටිකක් ඈත තියෙන කඩේකට ඇවිදන් ගිහින් කන්න පුරුදු වෙන්න.

      Delete
  3. මේ දවස් වල මටත් අතිශයින්ම උවමනා වෙන කරුණු ටිකක්.
    බොහොම ස්තූති සුදීකයියේ!!
    [ප්‍රමාණවත් නින්දක් ලබන කෙනෙකුට අමතර කෑම ඕනෙ වෙන්නෙ නැති නිසා ශරීරය පාලනය වෙනවා කිව්වට අනේ මංදා, මට නං හරි හැටි නිංදක් නැති කාලෙටත් එහෙම අමතර දෙයක් කනවා තියා, අඩු තරමේ ප්‍රධාන වේල් තුනවත් හරියට කන්නෙ නැතුවත් මේ අවුල]

    ReplyDelete
    Replies
    1. අපේ ඔෆිස් වල ඉන්නවා බත් පිඟන් තුනක් විතර කන්න පුළුවන්, ඒත් කිසිම විදියකට මහත් වෙන්නේ නැති කට්ටියක්. ඒ ගැන අපේ සුමිත් කියන්නේ "කන කෑම එකේ තියෙන කැලරි ගානට වඩා, ඒක දිරවන්න කැලරි වැය වෙනවා" කියලා.
      අඩුවෙන් නිදා ගත්තත් කමක් නෑ රෑ 1,2,3 කියන වෙලාවේ ඉන්නේ නින්දේ නම්. ලෝකේ හැමෝම එක විදියට නිදියන්නේ නෑ. මෙන්න මේ පොස්ට් එක බලන්න

      Delete
  4. අපිනං කෙට්ටුයි..හැබැයි බඩ වැඩියි.. :3

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක පොඩ්ඩක් කරලා බලන්න.

      Delete
    2. මමත් කියන්න හැදුවේ මේ බඩ ගැන තමයි :D

      Delete
  5. නොකා ඉදලා බැලුවා හරියන්නෑ
    මේමවත් බලන්නෝනේ

    ReplyDelete
    Replies
    1. කොල්ලට නම් ටිකක් මහන්සි වෙන්න වෙයි.

      Delete
  6. ව්‍යායම නොකර කෙට්‍ටු වෙන්න තියනවා නම් ඕන දෙයක් !

    ReplyDelete
    Replies
    1. ව්‍යායාම වලින් දෙන ශක්තිය සහ ප්‍රබෝධමත් කම මේවගෙන් 100% ලැබෙන්නේ නෑ.

      Delete
  7. කෑම පාලනය .... තහනම් වචනය ...

    ReplyDelete
    Replies
    1. ඔන්න උබට හොඳ උපදෙස් ටිකක් දාලා......

      Delete
    2. කාම පැයේදි කෑම කන්න එපාද එතකොට...

      Delete
    3. ඉවාන් : මොකද ඒ

      සිරා : කන වෙලාවට වඩා, කෑම පුරුදු තමයි වැදගත්.

      Delete
  8. හරි. මම ඕවාම අනික් පැත්තට කරලා මහත් වෙනවා! :D

    ReplyDelete
    Replies
    1. මගේ මතකයේ හැටියට මල්ලිමහතත් නෑ කෙට්ටුත් නෑ.

      Delete
  9. අනේ මංද සුදික අය්යෙ ඔය මක්කවත් නොකර මේ ඉන්නෙ මං... මෙලෝ රහක් නෑ කටුස්ස වගේ...
    ඔය කියන හැම එකක්ම අනික් පැත්තට කරල බලල ඇති ඒත් තාම පට්ට කෙට්ටුයි...
    සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. එක දිගට මාසයක් හෙරලි කෑවොත් අඳුනා ගන්න බැරි වෙන තරමට මහත් වෙනවලු. ඇම්බුම් කෙසෙල් ගෙඩිට් ඒ වගේම තමයි. හැබැයි පුතෝ මහත් වෙන්න ගත්තම නතර කර ගන්න එක තමයි වැඩිම අමාරු.

      Delete
    2. මහේෂ්, කෝලි කුට්ටියි රට ඉඳියි කවලමට කාලා බලන්න. මට ඕක වැඩ කරා. මාසෙන් කිලෝ එකක් වැඩි උනා.

      Delete
    3. හැබැයි පස්සේ දොස් කියන්න බෑ.

      Delete
  10. වතුරත් ඕනිවට වඩා ගන්ට හොඳ නෑ කියනවනේ. නින්ද නොයන කෙට්ටු අයත් ඕනි තරම් ඉන්නවා. හැබැයි ඉතින් මේවා පිටට නොදෙන රහස් වෙන්ටත් ඇතිනේ...:D

    ReplyDelete
    Replies
    1. පර්යේෂණ වලින් එන්නේ පොදු දේවල්. නමුත් එක්-එක්කෙනාට ගැලපෙන ආහාර රටා, නිදාගැනීම, ව්‍යායාම තෝරාගෙන කිරීම තමයි වැදගත්.

      Delete
  11. සයිලන්ට් සිඟර්August 24, 2014 9:49 AM

    "ආහාර වේලේ ප්‍රමාණය පාළනය කරන්න පුරුදු වන්න"
    ඉතින් ඕකත් අහාර පාලනයක් තමයි නෙ.

    ඔය මොක කලත් වැඩක් නැ. අහාර පාලනය කල "යුතුමයි" කෙට්ටුවෙන්න. ඩේලි ගන්න කැලරි ප්‍රමාණය වැය කරන කැලරි ප්‍රමාණයට වඩා අඩු වුනාම තමා ඇඟේ (මේදය) තැන්පත් වෙලා තියන කැලරි දහනය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නැතිනම් ව්‍යායාම ප්‍රමාණය වැඩි කරන්න වෙනවා.

      Delete
  12. ටැන්කිවු ටැන්කිවු

    ReplyDelete
    Replies
    1. දමියා උඹ මේ ගැන හිතුවොත් හොඳයි තමයි.

      Delete
  13. Replies
    1. හෙන්රියාගේ ඇඟ දැක්කම පේනවා ඩයට් කරනවා කියලා :)

      Delete
  14. අපි වගේ අයටනම් මේක ඉතින් එච්චර වටින්නේ නෑ.......... ඔය ඉවාන්ලට සිරාලට , නලින්ලට එහෙමනම් සෑහෙන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. රාළගෙ ලොකු බඩක් තියෙනවා කියලා මම අහලා තියෙනවා....තාම දැකලා නෑ....ගම්මඩුවක් නටන්න පුලුවන් ලු ඒ බඩගෙඩිය ඇතුලෙ.

      Delete
    2. යෙලා ... යෙලා...

      Delete
  15. සරීර උෂ්ණත්ව යාමනය (metabolism) අනුව ඔය කරන කැපකිරීම් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. කොපමණ ආහාර පාලනය කරත් සමහරු කෙට්ටු නොවෙනෙත් කොස්ච්චර කෑවත් සමහරු මහත් නොවෙන්නෙත් ඔය නිසාමයි, ආහාර පාලනය හා අනෙකුත්කරුනු වලින් හරි සරීර උෂ්ණත්ව යාමනයක් පවත්වා ගත හැකිනම් එය වැදගත්. ස්වාබවිකවම සියල්ලන්ටම උරුම මෙටබෝලිස්ම් එකක් තියෙනවා
    fast metabolism - හුගක්ම කෙට්ටු අයට තියෙන විදිය.
    medium metabolism - BMI එක හරියටම තියෙන අයට තියෙන විදිය
    slow metabolism - එකේ අනිත් පැත්ත

    එක නිසා මැද මාවත තමයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. සොමියාට මේ පිලිබඳ හොඳ අවුබෝධයක් තියෙන බව පේනවා. මගේ විශ්වාසේත් කෙනාගෙන කෙනාට මේක වෙනස් වෙන බව තමයි. ඒ කියන්නේ තමන්ට හරි යන විදිය හොයා ගන්න ඕනේ. ඉන් පස්සේ ඒ ඔස්සේ වැඩ කරන්න ඕනේ.

      Delete
  16. උපදෙස් වලට බොහොම ස්තූතියි සුදීක අයියේ...ඔයින් කීපයක්ම මම දැනට කරනවා...හැබැයි නින්ද කියන සාධකය හැර....මේ බ්ලොග් ලිවිල්ල තමයි මගේ නින්දට හරහට හිටලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමතර දේවල් වලට කාලය හොයා ගන්න වෙන්නේ නින්ද කැප කරලා තමයි.

      Delete
  17. හා එළකිරි වගේ … බොහොම ස්තුතී සුදීක අයියා !!!

    ReplyDelete
    Replies
    1. මල්ලි බ්ලොග් පොස්ට් එකක් දානකම් මම මේ බලාගෙන ඉන්නේ.

      Delete
    2. එලකිරි කියලා දැන් උඔ බර අඩුකරන්නද යන්නේ?

      Delete
  18. මේ දවස්වල මට නම් සෑහෙන්න වටිනවා. ස්තුති වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දිලිනි දැන් අවුරුදු උත්සවේට ආවට වඩා මහතයි ? ඒ හිටිය සයිස්ම නම් පරිස්සමෙන්. හුළඟට ගහගෙන යයි.

      Delete
  19. ස්තුතියි හොදේ,, මේ ටිකේ මගේ වැඩේ කන ඒකමයි අයියේ,,, රෑට හොද නින්දක් ලබන එක ගැන තියෙන කතාව සහතික ඇත්ත,මන් රෑට ඇහැරගෙන ඉද්දි 11 ට විතර ආයේ මොනාහරි කනවා,,, ඔයාගේ පෝස්ට් එක කියෝලා හිතට ආයේ ෆිට් එකක් ගත්ත බර අඩුකරගන්න බලමු,, මේ කට එක්ක බැහැ අප්පා

    ReplyDelete
    Replies
    1. හොඳට නරකට දෙකට කටමය කියලා කියනවනේ. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.

      Delete
  20. මට නම්.... තාම ගානක් නැ..... තියන ගාන ඇති වගේ දැනට..... ඒත් ලිපිය හොදයි.... වැඩිපුර වතුර බොන්නම්..... හොද set එකක් තමයි ආශ්‍රයට නැත්තේ..... ඒක නම් පළාතේ වරද.....

    ReplyDelete
    Replies
    1. අටමා එහෙම ඉන්නවා නේද කිට්ටුව ?

      Delete
  21. ඔක්කොම හරි 2,3 කාරණා තමයි ඉතින් හරි හැටි කරන්න බැරි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ මේ ලිපියේ තියෙන්නේ බර අඩු කරගන්න විදිය ගැන...වැඩි කරගන්න හැටි නෙමේ... :-/

      Delete
    2. යෙලා ... යෙලා...

      Delete
  22. අපේ ඇන්ටි කෙනෙකුට රෑට පාන් පෙති 2ක් කාලා දොඩම් විදුරැවක් බොන්න කියලා ඩොක්ටර් කියලා. ඇන්ටි පාන් රාත්තල පෙති 2කට කපලා අශෝක විදුරැවකට දොඩම් ගෙඩි 6ක් මිරිකලා බොනවා.

    ReplyDelete
    Replies
    1. තවම ඉන්නවද ජීවතුන් අතර ?

      Delete
  23. අපිටනං ඕක අවශ්‍ය නැතිවෙයි. ඒත් හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං කොන්ක්‍රීට් වගේනේ.

      Delete
  24. පොඩ්ඩක් බඩ ගෙඩිය අඩු කරගන්න කොරල බලන්න ඕනේ. ජය.

    ReplyDelete
    Replies
    1. බඩ ගෙඩිය අඩු කර ගන්න නම් මේවා කරන්න වෙනවා.

      Delete
  25. මාත් හරි මහන්සි වෙලා දුක්විදල තමයි සික්ස් පැක් බොඩිය හදා ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ සයිස් එක නම් හොඳයි.

      Delete
  26. නින්දට තමයි ණය.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මනෝජ්.

      Delete
  27. නින්ද තමයි ඉතින් හෙණේට හිටලා තියෙන්නේ..:D අනික්වා නම් හිතා හෝ නොහිතා සිද්ධ වෙනවා...සමහරු කියනවා ග්‍රීන් ටී වැඩිපුර බීමෙන් ගර්භාෂය අශ්‍රිත පිළිකා අවදානමක් තියෙනවා කියලා..

    ReplyDelete
  28. ඔක්කොම තේරුණා... සමට අවශ්‍ය ඔක්සිජන් වැඩි කරන්නෙ කෙ‍ාහොමද බොස්?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...