Friday, August 1, 2014

රිප් වෑන් වින්කල්ගේ පස්වෙනි කොළම ...... 5th Column by Ryp Van Wyncle

පසුගිය  ඉරිදා මගේ කාර්යාලයේ මිතුරෙකු, සන්ඩේ ටයිම්ස් පුවත්පතක් මා අත  තැබුවා. පත්තරේ ගත්ත ගමන් මම පෙරළගෙන - පෙරළගෙන ගිහිං නැවතුනේ රිප් වෑන් වින්කල්(Ryp Van Winkle) නමැති අන්වර්ථ නාමයකින් ලියන, පස්වෙනි කොළම නම් තීරු ලිපිය  තිබෙන පිටුවේය. ඉස්සර මම සෑම ඉරිදාවකම මේ පුවත්පත මිලදී ගන්න පුරුදු වෙලා හිටියේ මෙන්න මේ අපූරු තීරු ලිපිය නිසා. ඇත්තටම රිප් වෑන් වින්කල්(Rip Van Winkle) කියන්නේ වොෂින්ටන් අර්වින් නමැති රචකයා ලියන ලද කෙටි කතාවක ප්‍රධාන චරිතය. අපේ කොළම ලියන පුද්ගලයා මෙය Rip සිට Ryp දක්වා වෙනස් කර තිබෙන්නේ, යම් කතෘ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වේ යන හේතුවෙන් විය හැකියි. කෙසේ වුවත් එය අපූරු ලිපියක්. මෙම ලිපිය ලියන පුද්ගලයා කවුරුන්දැයි නොදනිමි. මෙම තීරු ලිපිය දේශපාලනික වුවත්, හාස්‍යය නිසා ඕනෑම දේශපාලන මතයක් දරන කෙනෙකුට කියවා රසවිඳින්නට පුළුවන්.  සිංහලෙන් පමණක් කියවන පාඨකයන් වෙනුවෙන්, හැකි හැම විටම එහි සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා . මෙන්න මේ සතියේ දුටු තීරුව.

මෙම තීරු ලිපි වලින් බොහෝවිට කෙනෙකුට ලියන ලිපියක් ලෙස සම්පාදනය වේ. මෙවර එය යොමු කරන්නේ හිටපු ජ්නාධිපතිව්රියටයි.


සැටලයිට් ප්‍රතිවර්ත(අනෙක් අතට කැරකෙන) කක්ෂයක 
හිතවත් සැටලයිට් වෙත,
මා මේ ලිපිය ඔබට ලියන්නට හිතුවේ, ඔබ ඉස්සර නිතරම කියන ආකාරයට ජේ.ආර්ගේ බහුබූත ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය අංගයක් වූ විධායක ජනාධිපතිකම අහෝසි කලයුතු බව කියමින් කැඳවනු ලැබූ හමුවට සහභාගී වූ අය අතර  ඔබත් සිටි බව අසන්නට ලැබුණු විටය. 
 ඔබ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැඳවූ හමුවේදී රනිල් මාමාත්, සම්බන්ධන් සීයා සහ ජෙනරාල් සමග එකම පේලියට හිඳගෙන ගන්නා ලද ඡායාරූප දුටු විට මා සිනාසිය යුතුද, හැඬිය යුතුදැයි නොදැන සිටියෙමි. ඉතිං ඔබට ලියා ඒ පිලිබඳ කරුණු පැහැදිලි කර ගැනීමට උත්සාහයකි මේ. 
 සැටලයිට්, මගේ මතකය මට නිවැරදිව සේවය කරයි නම්, ඔබ මුල් වතාවේ චන්ද ව්‍යාපාරය කලේ ජනාධිපති වී මාස හයකින් එය අහෝසි කරන බවට දුන් තදබල ප්‍රතිඥාවක් සමගයි. ඔබ එය අහෝසි කිරීමට නිශ්චිත දිනයක්ද සඳහන් කරන ලදී. එම පොරොන්දුව මත පදනම් වී රතු සහෝදරවරු ඔවුන්ගේ අපේක්ෂකයාද ඉවත් කර ගන්නා ලදී. 
 ඔබගේ ලගන්නා සිනහව සහ පිරිසිදු වාර්තාව අනුවත්, සිය පවුලට පිටුපාමින්, තම සැමියාගේ හදගැස්ම අනුව යමින්, ඔහුත් සමග වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටුවාගන්නට තරම් ධෛර්යයවන්ත වීම නිසාද ජය සහතික විය.  ඔබට එය අහෝසි කරනවා යයි අපට පොරොන්දු වීමටද අනවශ්‍ය විය. 
ඔබගැන විශ්වාසය තැබීමට හේතු වුයේ,  ඒ වනවිට ඔබ තරුණ වියේ පසු වීමත්, චාම් සහ 'හරි' පවුලකින් එන කෙනෙකු නිසාත්ය. එනිසා ඔවුන් ඔබව අගේ කලෝය. එයින් නොනැවතී ඔබට දුන් පොරොන්දු ඉටු කරන්නට අධික බලයක්ද ලබා දුනි. එහෙත් ඔබ එය ඉටු කලේ නැත.
ඔබගේ කඩවුණු පොරොන්දු නොසලකා තිබියදීත් සහ ඔබගේ අකාර්යක්ෂම ශෛලියේ පොදු පෙරමුණු රාජ්‍ය පාලනයත් නිසා සමහරුන් එය "පරක්කු - අරක්කු" ලෙස සඳහන් කළහ. වසර පහකින් පසු නැවතත් ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ගේ චන්දය ඉල්ලන ලදී.
 මා විශ්වාස කරන්නේ ඔබගේ අවසන් රැලියේදී, වේලුපිල්ලේ ඔබව නගරභා පිටියේදී  ඝාතනය කරන්න උත්සාහ නොකළා නම් ඔබ එය පරදින්නට ඉඩ තිබූ බවය. ඔබ ගැන අනුකම්පාව ඇති කරන්නට එතරම් අපහසු නොවූයේ, ඔබගේ පියාටත්, සැමියාටත් නිවසේ එලිපත්තේදීම ජීවිත අහිමි වූ නිසා  සහ ඔබගේ ජීවිතයද ආසන්නව අහිමි වීම නිසාය.
 ආපදාව වාසියකට පෙරලාගන්නට ඔබට හැකි විය, ඔබගේ ඇස අහිමි වී මොහොතකට පසු ජාතිය අමතන ලදී. සංවේදී ශ්‍රී ලාංකික ජනතාව නැවත වතාවක්  ඔබට චන්දය ලබා දුන්නේ ඔබ  කඩකල  පොරොන්දු සහ රාජ්‍ය පාලනයට දක්වූ අසමත්කම අමතක කරමිනි.
ඉන්පසු එළැඹුණේ එස්.බී. සහ ජී.එල් වැනි කැරලිකරුවන් ඔබට එරෙහි වී රනිල් අංකල් සමග එකතු වීමට ඔබ හැර ගිය කෙටි කාලපරිඡ්චේදයයි. එය ඔබට විධායකයේ ශක්තිය උපරිමයෙන් යොදා ගැනීමට බල කෙරුණු අතර, රත්තන් සමග "පරිවාස රජයක්" ඇරඹීමටද සිදු විය.
එය එතරම් දිගු කලක් නොපැවතීම පිළිබඳ මා ඔබට චෝදනා නොකරන්නේ, ඔබගේ සැමියා  කුමන්ත්‍රණය කර ඝාතනය කල පක්ෂයක් නිසාවෙනි. ඉන් කියැවුණේ තවත් චන්ද වටයක් ක්‍රියාත්මක කිරීමට සිදු වීමය, අරුමයකින් තොරව එය කොළ කණ්ඩායම නැවතත් බලයට පැමිණි අතර ඔබ "අබ්බගාත තාරාවකුගේ" මට්ටමේ ජනාධිපති කෙනෙකු විය.
 සැටලයිට්, ,ඒ වෙලාවේ ඔබට කරන්න දෙයක් තිබුණේ නෑ හරියට  අගමැති කාලේ ජනාධිපති වෙලා උන්නු ඩී.බී(ඩියර්ලි බිලෝව්ඩ්) කළා වගේ  කැමරා වලට හිනා වෙනවා ඇරෙන්න ඔබ පැත්තකින් ඉඳ ගත්තේ නෑ. නැවතත් ඔබ විධායක බලය උපරිමයෙන් භාවිත කරන්න හැදුවත් සමහරු කීවේ ඔබ එය අනිසි ලෙස භාවිතා කරන්න හදන බවයි.
ආයෙත්, ඔබට මතකද, සරලවම පුද්ගලික කෝන්තරයක් නිසා කොහොමද ඔබ එස්.බී. අමාත්‍යවරයෙක් වශයෙන් දිවුරුම් දීම ප්‍රතික්ෂේප කල හැටි ? සැටලයිට් ඔබට මෙයත් මතකද ? කොහොමද ඔබ රනිල් මාමා රට යනකං ඉඳලා වැදගත් ඇමතිකම් තුනක් පවරා ගෙන ඔහුගේ රජය පීඩාවට පත් කල හැටි. ඒ වෙලාවේ රනිල් මාමාට ගතු කීවේ කෙතරම් වැරදි තිබුනත් හොඳ මහත්මයකුගේ ගති තිබූ, පිළිගතහැකි ආකාරයටම ලේ වතුර වලට වඩා උකු යයි නොසිතු ඔබේම සහෝදරයා වගත් ඔබට මතකද ?
සැටලයිට්, එවෙලාවේ විධායක බලය උපරිමයෙන් භාවිතා කර අවසානයේ රනිල් මාමාගේ රජය පෙරලා දමන්නට අත්තනෝමතික ලෙස  නියමිත කාලයට කලින් විසුරුවන්නට ඔබට කිසිදු  ප්‍රතිපාදනයක් තිබුණේ නෑ. ඔබ එසේ කලේ බහුතරය රනිල් මාට තිබෙන තුරු එය විසුරුවා නොහරින බව ගාම්භීර ලෙස පාර්ලිමේන්තුවට ප්‍රතිඥා දෙමිනි. 
නිල් කණ්ඩායම බලයට පැමිණි පසුවත්, සැටලයිට්, නියමිත කාලය අවසන් වූ පසුවත්, ඔබට තවත් වසරක් ජනාධිපති පුටුවේ  සිටින්නට උවමනා වුණා. බොහෝවිට එය එසේ වන්නට තිබුණා, මහින්ද මාමා සමහරවිට සරත්ට (හෙමින් වැලමිටෙන්) ඇනීම නිසාදෝ, ඇති කියන්නේ ඇති බව සිතා ඔබ යායුතු බව නොකීවා නම්. 
ඇත්ත වශයෙන්ම මහින්ද මාමාද ඒ දෙයම කල බව අපිට පසක් වුණේ, ඔහුගේ මහින්ද චින්තනයෙන්ද විධායකය අහෝසි කරන්නට පොරොන්දු දී තිබියදී, තවත් පියවරක් ඉදිරියට තබමින් එක් අයෙකුට එම තනතුරේ සේවය කල  හැකි වාර ගණන දීර්ඝ කළේය.
පොදු අපේක්ෂකයෙකු ගැන දැන් විශාල  කසු කුසුවක්  තිබෙන අතර මහින්ද මාමා නීතිය වෙනස් කල නිසා, ඔබටත් නැවත ජනාධිපති තරගයට දිවිය හැකිය, සනත් ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට නිසා අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා නොකරනවාට වඩා එය නරක වියහැකි නිසා මම අවංකවම ප්‍රාර්ථනා කරනවා ඔබ එය නොකරයි කියා. 
ප.ලි. :  මට ජේ.ආර්. ගේ පැරණි කියමනක් මේ මොහොතේ මතකයට එයි. විධායක ජාන්ධිපතිවරයාට කල නොහැක්කේ ගැහැණියක් පිරිමියෙක් කිරීම සහ පිරිමියෙක් ගැහැනියක් කිරීම පමණකි. මම හිතන්නේ මහින්ද මාමා එයත් කල බවයි. ඒ කාන්තාවක වූ අග්රවිනිශ්චකාරිය  මහත්මා  ගති නැති පිරිමියකු කල බවට එක් රැයකින් පත් කළ නිසාය. 

25 comments:

  1. අයියන්ඞි මෙ ලිපිය අලුත්ම අලුත් දැකිමක් සහ දැනුමක් එකතු කලා. අපි වෙනුවෙන් මෙවන් ලිපි පරිවර්ථනය කිරිමට ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිරිගැන්වීමට සංජීව මල්ලී.

      Delete
  2. ela ela
    mama eka

    ReplyDelete
    Replies
    1. නැවත උත්සහා කරන්න.
      මම අනිත් බොලෝග් වලට යන්නෙ ඇවිද්ද පය හරහා එක වෙන්න හේතුව ඒකයි.

      Delete
  3. මේක දකිද්දිම මට මතක්වුනේ චෞර රැජිණ...
    මේක ඒ තරං ලොකු මඩක් නොවුණත් සැටලයිට් ඇන්ටිට සැජ්ජාව කියල එකක් තියේ නං එයා ආයෙ ඔය බිබික්කමට කරගහන්න යන්නෙ නෑ..
    මොන...
    එයාගෙ සැජ්ජ නහරෙ කැපුවලු නෙව

    ReplyDelete
    Replies
    1. ඔය තනතුරේ තියෙන බලගතු කම ගැන ඒක පාවිච්චි කරපු අය තරම් වෙන කවුරුවත් දන්නේ නෑ. ඒකයි හේතුව.

      Delete
  4. ඔය කොලම ලියන්නේ රාජ්පාල් අබේනායක නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ මතකයක් ආවා ඇනෝ මතක් කළාම.

      Delete
  5. දේශපානය මාර දෙයක් තමයි නේද????

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන්නේ මමත් අකමැතිම මාතෘකාවක්. ඒත් මේ වගේ හාස්‍යජනක ලිපි බලන්න හරි කැමතියි.

      Delete
  6. Your writing talent is actually appreciated!! Thank you.
    You saved me lots of frustration. Great post!

    Feel free to surf to my web page - siobhanortega1960.beeplog.com ()

    ReplyDelete
  7. ඔබට තුති...... සුදික........
    මේ ලිපි පලවිය යුතු කාලයයි.......
    මාතලන් ලොක්කයි...පැරයි ඇරෙන්න වෙන කවුරුත් ලියන්නෙ නැහැ....අපිට දැනෙන්න.....
    මෙහෙම පරිවර්තනය කර හෝ දමන්න.... මහන්සිය නොබලා.....
    කාලීන අවශ්‍ය තාවයක්.......

    ReplyDelete
    Replies
    1. සිංහල රාජ්ව ඔබට අමතක වුණාද ?

      Delete
  8. මා සිතන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය තබාගෙන එයට වැදගත් අයෙකු පත්කල යුතු බවකි..

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ අමිල, ඔය තනතුරේ තියෙන අධික බලය නිසා ඔතැනට කවුරු පත් වුණත් එකයි. කරන්න හොඳම දේ තනතුරේ බලතල කප්පාදු කරන එක. මම හිතන්නේ හෙළ උරුමය ඒ වගේ යෝජනා වගයක් කරලා තියෙනවා. ඒත් අත්ත උඩ ඉන්න කෙනා අත්ත කපන්න කැමති වෙන්නේ නෑ.

      Delete
  9. පලිය රිප් වෑන්ගෙද ? සුදීකගෙද ?

    රිප් වෑන් කිව්වම මට නිකන් පොඩි සවුත් ඇෆ්‍රිකන් ගතියක් එන්නෙ...

    ReplyDelete
    Replies
    1. පලියත් එයාගෙම තමා. ඔව් දකුණු අප්රිකාවෙත් වෑන් ලා ඉන්නවා. මම හිතන්නේ ලන්දේසි ආක්‍රමණය කාපු රට වලට මේ නමත් ගියා.

      Delete
    2. ඔව් ඔව් සුදීක හරි.."වෑන්" වල නිජබිම නෙදර්ලන්තෙ වෙන්ඩෝනා.. දකුණු අප්‍රිකාව නෙමේ..

      Delete
  10. මහින්ද මහත්තයා බලය අත්හරින්න කිසිමදාක කැමති කෙනෙක් නොවෙන වග පෙන්වමින් තමයි උපරිම දෙවරකට සිමා වෙලා තිබුණු ජනාධිපතිධුරය දරන්න පුළුවන් කාලය දික් කර ගත්තේ.ඉතින් බලය අත්හරින්න අකමැති කෙනෙක් තමන්ගේ බලය රැක ගන්න නොකරන දෙයක් නැහැ.
    කොහොම වෙතත් දැන් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකට එකතු වෙලා ඉන්න අය දැක්කම හිනාත් යනවා.හරියට නිකං බලයට පත් වෙන්න කලින් හිටිය මහින්ද මහත්තයායි දැන් ඉන්න ඒකාධිපති මහින්දවයි දැක්කාම එන හැඟීම වගේ හැඟීමක් තමයි එන්නේ එතන ඉන්න සමහර අය දැක්කාම එන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමය හඳුන්වා දීපු ජේ.ආර්. උන්නැහේ එයාගේ වයසත් එක්ක දෙකක් ඇති කියලා හිතන්න ඇති. ඊට පස්සේ ආව ප්‍රේමදාස මහත්මයාට මරණය හිමි වුණා. ඉතිං එතුමා ගැන කියන්න බෑ. හැබැයි දොශාභියෝගයකුත් ආවා, බලයෙන් උමතු වෙලා කියලා. ඩී.බී. ලොක්කව අමතක කරන්න වෙනවා. ඉන් පස්සේ ආව චන්ද්‍රිකා නෝනා මේක දික් කර ගන්න හැදුවා. නමුත් අවශ්‍ය බලය ලැබුණේ නෑ. ඒ නිසා මේක මහින්ද මහත්මයාගේ හිහ්ටේ පහල වෙච්ච අදහසක්ම කියන්න බෑ. නමුත් මේක අතට ආපු කෙනා අත අරින්න කැමති නෑ කියන එක තමයි මට කියන්න පුළුවන්.

      Delete
  11. විධායක බම්බුව තිබ්බත් නැතත් ඕනේ ඕනේ දේ කොහොමත් කරන්නේ.. ඔය පළාත්සභා මන්ත්‍රීලා විධායකද?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ඕක තමයි.

      Delete
  12. මමත් කාලයක් හිටපු තැනක් නොවැ. මේ පත්තරේ...ලියන අය නම් මට ඒ කාලෙ මුලිච්චි උනේ හරිම අඩුවෙන්...අපි ඉතිං දැන්වීම් අංශය එක්කනෙ සම්බන්ධයය තිබුනෙ. මේ පත්තරේ ගොඩාක් අය ගන්නෙ එහි පළවෙනි අති විශාල ලුහුඩු දැන්වීම් එකතුව බලන්න. අනිත් පත්තර වගේ කලින් වෙළදපලට වැටෙන්නෙ නැති, හරියටම ඉරිදටම එන පත්තරයක් නිසාම වාහන ගැණුම් කරුවන් මේ පත්තරේ ගන්න ගල් පාන්දර ඉදන් පොරකනවා.

    හැමෝටම බලය නැති උනාම තමයි විධායක ජනාධිපති දූරය අහෝසි කරන්න මතක් වෙන්නෙ. බලය තියෙද්දි ඒ බලය නැති කරගන්න කවුද කැමති..සැටලයිට් දැන් මේ ගැන කථා කරන එක විහිලුවක්.

    ReplyDelete
  13. කවුරුත් පුටුවට එන්න කලින් නම් ලොකු කතා කියනවා.. ආවට පස්සෙනේ අත අරින්න බැරුව දඟලන්නේ..

    ReplyDelete
  14. මෙක කලින් කියෙවුව.කමෙන්ට් එකක් දන්න බැරිවුනා.නියම වැඩක් සුදීක.බොහොම ස්තුතියි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...