Tuesday, August 12, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 36 : මග නැගුම ...... Maga Neguma

ලොල් කතා මාලාව අභාවයට ගියා කියලා බොහෝ දෙනෙක් හිතන්න ඇති. එහෙම වෙයිද කියන එක ගැන මටත් පොඩි චකිතයක් නොතිබුණා නොවෙයි. තවත් ලිවිය යුතු කතා බොහොමයක් තිබුණත්, ඒවා මෙහි ලියා ඵල කිරීම කෙතරම් දුරට සදාචාර සම්පන්නද ? යන ගැටලුවත් සමග දෙගිඩියාවකයි මා පසු වුණේ. එවැනි කතා මිඉතුරන් පිරිසක් සමග අල්ලාප-සල්ලාපයෙහි යෙදෙන විට කිවහැකි මුත්, ලෝකයට විවෘත්ත මෙවැනි මාධ්‍යකට එකතු කිරීමට මා තවමත් දක්වන්නේ භියක්. කෙසේ වෙතත් පාඨකයා අතරමං නොකිරීමේ අරමුණින් අවස්ථාවට ගැලපෙන කතාවක් සොයාගන්න මට හැකි වුණා.

මේ දවස් වල මහත් ආන්දෝලනයට තුඩු දුන්න මාතෘකාවක් තමයි, සංස්ථා සභාපතිකම් නුසුදුසු පුද්ගලයන්ට දීලා කියන එක. මේ කතාවත් ගෙතෙන්නෙ අන්න ඒ වගේ ක්‍රියාකාරී අධ්‍යක්ෂයක කෙනෙකු වටේ. මේ වගේ නිලයන්ට විවිධාකාර පුද්ගලයන් පත් වෙනවා. මේ සමහරක් අයට විවිධාකාර පුරුදු, ඇබ්බැහි වීම්  තිබෙනවා. මේවා ගැන හොඳින්ම දන්නේ එවැනි අයගේ ලේකම් වරු, පියන්වරු නැත්නම් රියදුරෝ. මේ කියන්න යන්නේත් ඒ වගේ කෙනෙක් ගැන. මෙහෙම පත් කරන නිලධාරීන්ගෙන් අතලොස්සක් ජීවිතේ සැඳෑසමය ගෙවන අය. නමුත් මේ කියන නිලධාරියා, ඒ ආයතනයේ සේවය කරන තමන්ගේ දියණියන්ටත් වඩා බාල තරුණියන්ට විවිධ තනතුරු උසස්වීම්, ස්ථාන මාරු, රට සවාරි වගේ දේවල් ලබා දීලා ඔහුගේ උවමනා එපාකම් ඉටු කර ගන්නවා. මේක හැමෝම දන්නවා වුණත්, කාටවත් හිතා ගන්න බෑ ඒ වගේ වයසක කෙනෙක්ට මේ වේ දේවල් වලට හැකියාව ලැබිලා තියෙන්නේ කොහොමද කියලා. 
maga neguma as birth control pill
පින්තූරය ගත්තේ : http://julianperezconquerstheuniverse.blogspot.com/

ඒ කාර්යාලයේ ඉන්න තරුණ සහ මැදිවියේ අයට මේක බලාගෙන ඉන්න බෑ. ඒ මදිවට අර කෙල්ලෝ ටික නිසා ඇතිවෙන ප්‍රශ්න. කට්ටිය කථා වුණා, මේ නිලධාරියාගේ තිරිහන් වීමේ රහස හොයා ගන්න. දවසක් හවසක මේ නිලධාරියාගේ පියන්ව සෙට් කර ගන්න තරුණ කණ්ඩායම සමත් වුණා. 
> ආ සමරේ මල්ලි උඹල ඉතිං ලොක්කත් එක්ක ඉන්න නිසා ආඩම්බරේ නේ. අපි උන්නද මලාද කියලාවත් හොයලා බලන්නේ නෑ. 
< පිස්සු කියනවද නිමල් මහත්තයා, එහෙම දෙයක් නෑ. මට වැඩ වැඩි එකයි ප්‍රශ්නේ. දන්නවනේ ලොක්කගේ හැම වැඩටම එහෙට මෙහෙට දුවන්නෙත් මමනේ.
දැන් ඉතිං ඔන්න කොල්ලව මාතෘකාවට ගන්න ලේසි බව නිමල් දැන ගත්තා. 
 > සමරේ මෙහෙම අතන මෙතන කථා කර-කර ඉන්න බෑ. අද හවසට අපි පොඩියට සෙට් වෙන්න හිතාගෙන ඉන්නේ. වියදම අපි බලා ගන්නම්, සමරේ මල්ලිත් එන්න.
 < හරි. හරි. නිමල් මහත්තයා කොහෙටද එන්න ඕනේ. අද ලොක්කා මොකක්ද මීටිමකට යන කථාවක් කිව්වා. එන්න පුළුවන් වෙයි.
> දන්නවනේ ඉතින් අපි ලොකු ලොකු තැන් වලට යන්නේ නෑ. ඒ වුණාට අද සමරෙත් එන නිසා අපි හිතුවා මැද මිදුලට යන්න.
මැද මිදුල කියන්නේ ඒ කාර්යාලය සමීපයේ තියෙන, ටිකක් නිස්කලංක, ටිකක් මිල වැඩි රෙස්ටෝරන්ට් එකක්. "ඒ වුණාට ඒ වගේද අද මේ රහස එලි කරගන්න පුළුවන් වුණොත් " කියන බලාපොරොත්තුව නිමල්ට වගේම, මේ කාර්යාලේ ඉන්න හැමෝටම තිබුණා. වෙනදාට වැඩියෙන් කවුරුත් ඉතා උද්‍යෝගයෙන් මේ අවස්ථාවට සහභාගී වෙන්න පොදි කනවා. අද සමරේගේ කටින්ම මේක අහ ගන්න කං හැමෝටම ඉස්පාසුවක් නෑ. වැඩේට අවශ්‍ය මුදල් සම්පාදනයත් ඒ හැටි අපහසු වුණේ නෑ. සමහර කාන්තා පාර්ශවේ අයත් එන්න සූදානම. නමුත් එහෙම වුණොත් සමරෙට සැක හිතිලා නොකියා ඉඳියි කියන බය නිසා, අකමැත්තෙන් වුණත් පුරුෂ පාර්ශවය විතරක් මේකට සහභාගී කර ගන්න තීරණය කළා. ඒ වුණාට ඔෆිස් එකේ ඉන්න රොයිටර් මට්ටමේ කාන්තාවකට මේක හැකි ඉක්මනින් දැන ගන්න අවශ්‍ය වුණා. 
> අනේ සරත් මලයෝ. ඔන්න බෑ කියන්නනං එපා. මම ගෙදර ගිය ගමන් උඹේ ෆෝන් එකට රිංග් එකක් දෙනවා. ඒක ආන්සර් කරලා පේන්නැති තැනකින් තියා ගනිං. 
 < අනේ අක්කණ්ඩි උඹට තියෙන තදියම, මම ඉවර වෙලා උඹට කෝල් එකක් ගන්නම්.
> අනේ උඹ දෙන කෝල්. උඹලට ඔය නැටුම් තෙල් ටික තොලේ කටේ ගාගත්තම මතක්ම වෙයි.
< හොඳයි. අද බලපන් නැද්ද කියලා.  
අනිතිමෙදී කට්ටිය කාර්යාලය ඇරුණු ගමන්ම හැල්මේ මැද මිදුලට දුවගෙන ගියා. එළිමහනේ තියෙන සමර්හට් එකක් වටේ එකතු වුණු මේ පිරිස දහයකටත් වැඩියි. බෝතල් දෙක තුනකට වග කියන්න වැඩි වෙලාවක් ගත වුණේ නෑ. වෙනදා දෙන්නා තුන්දෙනා එකතු වෙලා, වෙන වෙනම කයිය ගැහීම සිරිත වුනත්, එදා ප්‍රශ්න ඇසීම නිමල් සහ පිළිතුරු දීම සමරේ අතින් සිද්ධ වුණා.  අනෙක් අය බොහොම සංයමයෙන් අහගෙන හිටියා. සමරේ හිතුවේ කාර්යාලයේ කට්ටිය තමාට ගෞරවයට තමන්ට ඇහුම්කම් දෙන බවයි. 
 > ඒක නෙවේ සමරේ, අපේ ලොකු මහත්තයාට දැන් වයස හැත්තෑහතරක්ම වෙනවා නේද ? කොහොමද බං ඔය මනුස්සයා සිල් ගන්න වයසේ ඉඳන් අවුරුදු විසිදෙකේ-තුනේ කෙල්ලන්ව උස්සගෙ රෙස්ට් හවුස් ගානේ යන්නේ.
< අනේ අයියේ අන් සැපතට ඉරිසියා කරන්න එපා. ලොකු සර් ඔහොම හිටියට හොඳ වැඩ කාරයා.
> අනේ නිකං ඉඳින් බං. එහෙමනං මේ අපටත් පුළුවන් වෙන්න එපැයි.
ඒ කතාවෙන් සියල්ලන්ම සතුටු සාගරයක ගිලිනි. ඒ සමගම තමා කතානායකයා වැනි හැඟීමක් සමරේට ඇති විය. තවත් මදුවිත වීදුරුවක් කටේ හලාගත් සමරේ කථාව පටන් ගත්තේය.
> මේකයි අයියේ කාරණේ. උඹල කටේ කෙල පොදක් හෙලන්න එපා. අපේ ලොක්කා මග නැගුමෙන් තමයි අල්ලලා ඉන්නේ.
< අනේ මල්ලියේ කියන හරුපයක් තේරෙන සිංහළෙන් කියපං. උඹ කියන්නේ මග නැගුමේ එක එක කොන්ත්‍රාත් මේ කෙල්ලන්ට දීලා ඔවුන්ව අල්ලා ගන්නවා කියලද?
> අනේ බං අයියේ උඹලත් තොත්ත බබ්බු වගේනේ. උඹලා දන්නේ නෑ මග නැගුම එතකොට. මමත් දවසක් ගත්තා.
< එහෙනං ඒක තමයි උඹත් ලකේට ඉන්නේ. අනේ අම්මපා අපිටත් ඔය මොකක් හරි කොන්ත්‍රාත් එකක් පන්ගාර්තු කොර ගන්න බැරිද ? ඒවා බැරියැයි පස්සට. දැන් කියාපන්කෝ ලොක්කගේ රහස.
> අනේ බං උඹලාගේ කොන්ඩේ පැහුනේ අවුවටද ? එතකොට මගනැගුම උඹලා එකෙක් වත් අරගෙන නෑ. හරි උඹලා කියපන් මග කියන එකේ තේරුම ?
> මග කියන්නේ ඉතිං  මාර්ගය නැත්නම් පාර කියන එකනේ. 
< නෑ. නෑ. උඹලා යන්නේ වැරදි පැත්තට. මට කියපල්ලා මග කියන එකේ විරුද්ධ පදේ. එතකොට මේක පැහැදිලි කරන්න ලේසියි. 
> මග කියන එකේ විරුද්ද පදේ ඉතිං නොමග කියන එකනේ.
< අනේ දෙයියනේ ! ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරන මහත්තුරුන්ගේ සිංහල දැනුම. මහත්තයෝ මග කියන එකේ විරුද්ද පදේ දුර කියන එක නෙවේද ? මග නැගුම කියන්නේ වැඩිය දුර යන්නේ නැතිව කියන එකනේ. ඒ කියන්නේ ඉක්මනින්ම කියන එක. ඉතිං ෆාමසියේ තියෙන අර ටැබ්ලට් ජාතියට කියන්නේ මග නැගුම කියලා. ලොක්කා මට රුපියල් පන්සීයක් දීලා කියනවා. "සමරේ මෙන්න මේක මග නැගුම එකවුන්ට් එකට දාන්න" කියලා.  මමත් ඉතිං රූං ගාලා ෆාමසියට ගිහිං ගෙනැත් දෙනවා බඩු. 
 බ්ලොග් කියවන අලුත් සාමාජිකයින් බොහෝ දෙනෙක් සිටින බව පේන නිසා, එයාලගේ පහසුව වෙනුන් කලින් දාපු ලොල් කතා ටිකේ සබැඳියාවන් පහළින් තියෙනවා.
 අංක 1 අංක 2 අංක 3 අංක 4 අංක 5 අංක 6 අංක 7 අංක 8 අංක 9 අංක 10 අංක 11 අංක 12 අංක 13 අංක 14 අංක 15 අංක 16 අංක 17 අංක 18 අංක 19 අංක 20 අංක 21 අංක 22 අංක 23 අංක 24 අංක 25 අංක 26 අංක 27 අංක 28 අංක 29 අංක 30 අංක 31 අංක 32 අංක 33 අංක 34 අංක 35

74 comments:

  1. ඔය ලොල් කතා අමතක වෙලාම ගියා නං තමා හොද.. ඔව්

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ කොහෙන් හරි ගිහිං මතක් වෙන එකනේ.

      Delete
    2. ඒක ඉතිං අපේ කරුමේ වෙන්ටැති.. හැක්..

      Delete
    3. ඒ වුනාට දේශා කැමැත්තෙන් බලනවා කියලා මම දන්නවා.

      Delete
    4. දේශත් මග නැගුම ගන්නවාද කොහොද මේ තද වෙලා ඉන්නේ...

      Delete
  2. එල ද බ්‍රා.
    දාන්ඩ අයියන්ඩි මග නැගුම එකවුන්ට් එකට සල්ලි ටිකක්.

    ReplyDelete
    Replies
    1. තවම නම් ඕනේ නෑ.

      Delete
    2. ඔය මෙඩියට බන් ඉල්ලන්නේ.. :p

      Delete
    3. අන්න හරි තේරැනා.
      අයියන්ඩි අපේ Office එකේ Drivers ලා ගහනවා ඇනලැප් සූඩෝල් මෙනවද හෙන ටැබා සෙට් එකක් ඇත්තටම ඒකේ ප්‍රතිපල තියනවද කියන එක මට තියන ප්‍රශ්නේ.
      අනෙ සුදික අයියන්ඩි මම ඇත්තටම ඔයාව අදහස්කරේ නෑ මගේ අයියන්ඩි වගේ කෙනෙකුට එහම කියන්නේ නෑ.
      කන්නන්ගර බොට ඉත්තුතියි කොමන්ටුවට.

      Delete
    4. කන්නන්ගර කෙනෙකුගේ පිහිටට කන්නන්ගර කෙනෙක්ම ඉන්නවා කියන්නේ ඔන්න ඕකට තමයි.

      පිස්සුද සංජීව. කවුද ඕවා ගණන් ගන්නේ.

      Delete
  3. එතකොට ඔපිසියේ අය මග නැගුම දැනං ඉදලම නෑ...
    හුකැස්...
    හිහි..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඔෆිස් වල කෝඩ් නේම් තියෙනවා පිටස්තර අයට කොහොමටවත් තේරුම් ගන්න බැරි.

      Delete
  4. මග නැගුම, දුර ණැගුම කෙසේ වෙතත්, අර තරුණ කාන්තාවන් ට ප්‍රශ්ණයක් නෑ නේද වයසක පොරක් සමග ලිංගිකව එක්වීම?

    කොච්චර ලාබ ප්‍රයෝජන ලැබුණත්, අහවල් දේ කරන්නත් ඕනෑ නේ, මූණ බලාගෙන.

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට ඕක ලොකු ප්‍රශ්නයක් වුනාට සමහරුන්ට එහෙම නැ.

      Delete
    2. මුණ වගේද ලැබෙන ලාභ.....

      Delete
    3. මේ මොනවද කියන්නේ කෙන්ජයියේ. අපි ඕන තරම් උදාහරණ දැකලා තියෙනවා. ඕනෑම කෙනෙකුට මිලක් තියෙනවා. එතැනට ආවාම ඕනෑම කෙනෙක් නැවෙනවා.

      Delete
    4. සහතික ඇත්ත.. කකා නම් කකාගේ ගාන කිව්වා.. මම උනත් එහෙමයි..

      Delete
  5. මග නැගුමයි, රතු ගොනයි පංකාදු පහයි.

    ReplyDelete
    Replies
    1. රතු ගොනා = රෙඩ්බුල්

      Delete
    2. මම ඕක සැහෙන වෙලාවක් කල්පනා කළා.

      Delete
  6. ලොක්කගේද අවුල නැත්තම් ඒක එක්ක යන උන්ගෙද අවුල

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ යන එවුන්ගේ වරද කියල.

      Delete
  7. //කරුමේ කියන්නේ කොහෙන් හරි ගිහිං මතක් වෙන එකනේ.//
    දැං සුදීකට කොහෙදිද මේක මතක් උනේ.

    ReplyDelete
    Replies
    1. ඕං ප්‍රශ්න...!!!
      +++++++++++

      Delete
    2. පුලුවන්නම් දිපල්ලකෝ උත්තර

      Delete
    3. ළඟදී කොන්ක්‍රීට් බ්ලොගයට ගොඩ වුණා. අන්න එතකොට මට ගියා ලොකු හිනාවක්. එතකොට තමයි මට ලොල් කතා ලිව්වේ නෑ නේද කියලා මතක් වුණේ.

      Delete
  8. අර සංස්ථාවක ලොක්කෙක් ගැන පාර්ලිමේන්තුවෙදි ජවිපෙ මන්ත්‍රී කෙනෙක් කිව්ව. මෑන් ගත්ත බෙහෙත් වලට සංස්ථාවෙන් සල්ලි අරගෙන.බැලින්නං මග නැගුම අරගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එතින් ඒකත් ලෙඩක්නෙ රාජ්..ඒකනෙ බෙහෙත් ගන්නේ

      Delete
    2. කාලය රන් හා වටිනවා නේ.

      Delete
  9. මග නැඟුම කියන්නෙ එතකොට පරණ ප්‍රොජෙක්ට් එකක් නෙ..... :D

    ReplyDelete
    Replies
    1. මේක ලේබලය හොරකම් කිරීමක්.

      Delete
  10. "මග නැගුම" මරු එකවුන්ට් එක මචෝ. ඕක වයසට යනකොට පටන් ගන්න ඕන එකක්ද කොහෙද මේ පැන්ෂන් එකවුන්ට් එක වගේ.

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම මතක් වුණේ. මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහ උපත් පාලන ක්‍රම වලට හිනා වෙනවා. අපිට නම් ඕවා ඕනේ නෑ. රුපියල් දෙකේ ටිකට් එකක් අරගෙන එකයි පනහේ දුරින් බහිනවා කියලා. ඔය අතරේ අනපේක්ෂිත විදියට වයිෆ් ප්‍රෙග්නන්ට් වුණා. අපි කිව්වා "උඹට බස් එකේ නින්ද ගිහින් ඩිපෝ එකේදී නේද ඇහැරුණේ ?" කියලා.

      Delete
    2. යකෝ මේ කතාව උඹේ පෝස්ට් එකට වඩා ලොල්. :D

      Delete
    3. මේ වගේ ඒවා කමෙන්ට් වලදී තමයි එකතු කරන්න පුළුවන්. හැබැයි මතක් වෙන්න ඕනේ.

      Delete
  11. මග නැඟුම කියන කතාව ඒක්තරා අැමතියෙකුටත් පට බැදුනා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. පොඩි ඉඟියක් දෙන්න බැරිද ?

      Delete
  12. ධීවර සන්ස්තාවේ සබාපති කවුද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දන්නේ නෑ.

      Delete
    2. ministers loving brother Maheel Senarathne> ekane mechcharama laba< Hikkaduwe Kochchiyen Bagayak Sansthawe. katada Adambara?

      Delete
  13. රාජ්‍ය පරිපාලනේ ඉද්දි මැද මිදුල අපේ ප්‍රියතම තැනක් වෙලා තිබුණා.හැබැයි ගණන් වැඩීයි.

    ReplyDelete
    Replies
    1. වැඩිය කෑ ගහන්න එපා. මේ ලොක්කා ඔයා කියලා හිතයි. :)

      Delete
    2. බොරැල්ලේ මැද මිදුල ගැනද මේ කියන්නේ ඇපෙක්ස් එකට පල්ලෙහයින් තියන

      Delete
  14. දැන් කාන්තා අංශෙට මොකටද ඕක දැන ගන්න උවමනා උනේ?? :D

    ReplyDelete
    Replies
    1. උඹ නේද පොඩි එවුන් කඩේ යවලා CUp* ගෙන්න ගත්තේ...

      Delete
    2. මටත් එහෙම තමයි විදානේ හිතෙන්නේ.

      Delete
    3. @ප්‍රියා : ගෑණු කවද්ද හිතෙන දේ කිව්වේ ?

      Delete
    4. බ්‍රා වලට සම්භන්ද කප් නම් කරැනාකර මා අමතන්න.

      Delete
  15. මට නම් 'මග' කීවාම මතක් වෙන්නේ 'අතරමග' කියන එකනේ...:D

    ReplyDelete
    Replies
    1. මේකත් ඒ වගේම තමයි. වැඩි දුර යන්නේ නැතිව කියන තේරුමින් තමයි භාවිතා කරන්නේ.

      Delete
  16. මොනව උනත් ඌට බොන්න ටිකක් අරන් දීපු එකම වටිනවා...

    ReplyDelete
  17. හදවතේ කපාටයක වේගය මදි නිසා ඔය ටැබ්ලට් එක මගෙ යාලුවෙක්ගෙ වය්පරේ දවස ගානෙ ගන්නව.
    දවසක් ඕක ගන්නෙ නැතුව කලන්තෙ දාල වැටිල. පස්සෙ කෙල්ලො දෙන්නෙක් ෆාමසි එකට ගිහින් බ්‍ර්‍රෑන්ඩ් නේම් එක ලියාගෙන.
    ෆාමසියෙ එකා සවුත්තු හිනාවක් දාල කිවුවලු නංගි ඔයාලට office එකේ කට්ටිය බයිට් එකක් දීල. ඕක බොන්නෙ අහවල් වැඩේට කියල.
    අහන්ඩ ගිය එකත් අමතක උනා හැබෑට ස්පෝට් මීට් කොල්ලට මොකද හදිසියේ මෙහෙම එකක් මතක් උනේ.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් ඔකේ සයන්ස් එක පැහැදිලි කළා. මෙඩිකල් සේල්ස් මැනේජර් කෙනෙක්. ඕක මුලින්ම භාවිතා කරලා තියෙන්නේ උපතේදී නිල්පාට වන දරුවන්ට දෙන්න. පස්සේ තමයි වැඩිහිටියෝ වැඩේ අල්ලාගෙන තියෙන්නේ. ලෝකයේ බොහෝ දේවල් හොයාගෙන තියෙන්නේ වැරදීම් නිසා කියනවනේ. ඕකෙන් වෙන්න ප්‍රෙෂර් එක අඩු කරන එකලු. ඕන කෙනෙක් හිතන්නේ වැඩි ප්‍රෙෂර් එක තමයි හොඳ කිව්වත්, අඩු ප්‍රෙෂර් එකෙන් තමයි හොඳට ක්‍රියාත්මක වෙන්නේ. මිනිහා කියපු උදාහරණය තමයි උදේට නින්දෙන් අවධි වන විට ප්‍රෙෂර් එක අඩු බව.

      Delete
  18. මට පුදුම ඔක නොදැන හිටි සෙට් එක ගැන

    ReplyDelete
    Replies
    1. සමහර එවුන් ඔය වගේ සිම්පල් ප්ලාන් දන්නේ නෑ මචං. දැන ගත්තත් මේ වගේ කෝඩ් නේම් දන්නේ නෑ.

      Delete
  19. අනේ සුදීක කාටවත් කියන්න එපා මට කියන්නකෝ කොහෙද ඔව්වා ගන්න තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ලොක්කා ඔයා හදන්නේ නඩුව පරද්දවන්න. අපිට මොකෝ අපි දසසිල් උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට කියලා කවියක් අහලා තියෙනවානේ. මම හිතන්නේ හාඩ්වෙයාර් වල ඇති. :)

      Delete
    2. බාර්වලත් තියනවා දෙවරක් පෙරන ලද කියලා ඉල්ලන්න.

      Delete
    3. සංජීව මෙන්ඩිස් කියන්නේ සමාජයේ හැම අස්සක මුල්ලකම කරක් ගහන එකෙක් කියලා පේනවා.

      Delete
    4. @ මෙන්ඩා...
      +++++++ ඇයි බං මේ දවසක්දා මං දැක්කා තෙවර්ක පෙරන ලද එකකුත්...

      Delete
  20. ඉතින් අර ෆෝන් එක අර විදියට ඕන් කරලා තිව්වද කාන්තා පර්ශවෙට අහන්න?

    ReplyDelete
    Replies
    1. කතාවේ හැටියට ඒ අක්කා නිකං ඉන්න නැතුව ඇති.

      Delete
  21. ඇත්තටම උඹට මොකද මේක මතක් උනේ

    ReplyDelete
    Replies
    1. අර කෝප් කමිටුවේ වාර්තාව ගැන ඩිව් අංකල් කියපුවා ඇහුවාම.

      Delete
  22. මරු කතාව අෆ්ෆා.. මේ වගේ කතානම් කොහෙත්තම අමතක කරන්න එපා.. කෝම හරි ලියලා දාන්න..

    ReplyDelete
    Replies
    1. බොහොමයක් රස කතා ලියන්න බැරි මට්ටමේ ඒවා.

      Delete
  23. ඕකටම පින කියලත් කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා විදියක පිනක් තමයි බලාගෙන යනකොට. කොහොමද ඒ වගේ පිං ගැන පින්පොතක් ලිව්වොත් ?

      Delete
  24. ලොකු අයියා … චැහ්. මං පරක්කුයි නෙවැ

    ReplyDelete
  25. අරවට රේන් කෝට් වගේ මේවට මග නැගුම...වැඩේ නරක නෑ....හැබැයි ඔය කොයි ලොක්කගෙත් කැරැට්ටුව ලග ඉන්න කෙනෙක්ගෙන් දැනගන්න පුලුවන්.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...