Sunday, August 31, 2014

ලොල්ද මන්දා අංක 15 : චන්ද ව්‍යාපාරට ටී ෂර්ට් යොදා ගැනීමට පෙර දෙවරක් සිතන්න Think twice before you use T shirts for election campaigns

මේක ලොල් කතාවක් විදියට ලියනවද කියලා කල්පනා කරලත්. ඒ තරම් දිග නැති නිසා ලොල්ද මන්දා කැටගරියෙන් ලියන්න හිතුනා. තව හේතුවක් තමයි හැම කෙනාටම මේක තේරුම් නොයන්නත් පුළුවන්. මොකද මේකේ ඉන්න ලේකම් වරයාටත් වෙන්නේ ඒ දේමයි. එහෙනං කියවලා බලන්නකෝ ඔයාලටත් තෙර්රෙනවද කියලා. 

පහුගිය චන්දෙ කාලෙක කැලණිය පැත්තේ චන්ද අපේක්ෂකයෙක් ඉඳලා තියෙනවා බෙවන් කියලා. ඒ අපේක්ෂක තුමාගේ මනාප අංකය වෙලා තියෙන්නේ 10. ඉතිං එයාගේ ආධාරකරුවෙක් එතුමාට ටී ෂර්ට් 1000ක් මුද්‍රණය කරලා ගෙනැත් දීලා. ඒවායේ ගහලා තියෙන්නේ "බෙවන් 10" කියලා. 

Boys loves ben10 Tshirts T Shirts T-Shirts
මුල් පින්තූරය : www.clipartbest.com
මේවා ඉතිං බෙදා දෙන්නේ චන්ද අයිතිය තියෙන අය අතරෙනේ. අනිත් එක තමන්ගේ ආධාරකරුවන්ට දෙන එක විශේෂයි. මොකද විරුද්ධ පක්ෂේ අයට දුන්නොත් මේවා කුස්සියේ වැඩට ගන්න බැරි නැති නිසා. එහෙම වුණොත් ප්‍රචාරණ ජාලය අඩපන වෙනවා. 

ඒත් දවස් දෙකක් තුනක් යත්දී අවුරුදු 6-12 වයසේ පාසල් සිසුන් පෝලිමේ එනවලු එතුමාගේ චන්ද්‍ර කාර්යාල වලට මේ ටී ෂර්ට් එක ඉල්ලගෙන. "පොඩි එවුන්ට මේවා අන්දලා යවන එක හොඳයි. එතකොට මේවා හැම තැනම යනවා නේ" කියලා හිතලා පොඩි එවුන්ට දුන්නලු ටී ෂර්ට්. 

මෙහෙම දීලා ඒ කාර්යාලේ ඉන්න ලේකම් කෙනෙක් වැඩේ කෙරිලද බලන්න පොඩි එවුන් සෙල්ලම් කරන පිට්ටනිය පැත්තේ ගිහිං. පොඩි එවුන් ටීෂර්ට් ටික ඇඳගෙන ඉන්නවා දැකලා මිනිහට බොහොම සන්තෝස හිතිලා. මුළු පිට්ටනියේම ඉන්න පොඩි එවුන් ඇඳගෙන ඉන්නේ මේ ටී ෂර්ට් එක නිසා.  ආපු සතුටට මිනිහා ගියාලු තව ටී ෂර්ට් සෙට් එකක් අරගෙන එන්න. මේ පොඩි එවුන්ට බෙදන්න කියලා හිතාගෙන. 

ටී ෂර්ට් ටික අරගෙන ලඟට ගිහිං බලනකොට මිනිහට හිතා ගන්න බෑලු වෙලා තියෙන දේ. බෙවන් කියන නමේ අකුරක් හැලිලා. මේ ලේකම් මහත්තයා ටිකක් වයසක කෙනෙක්. මිනිහා වහාම දුරකථන ඇමතුමක් ගත්තලු අර ටීෂර්ට් පරිත්‍යාග කරපු මහත්මයාට.
"මහත්මයා, ඔබතුමා ලබා දීපු ටී ෂර්ට් වල අකුරු හැලෙනවා නේ"
"මොනවා .... වෙන්න බෑ ... මම දන්නා කියන හොඳම තැනකට දීලනේ ඕවා ප්‍රින්ට් කලේ"
"ඒකනම් මම දන්නේ නෑ. බොරුවක් කියනවා කියලා හිතනවා නම් දැන්ම එන්න. මම ඉන්නේ අල්ලපු වත්තේ තියෙන ඉස්කෝල පිට්ටනියේ"
"හරි මම දැන්මම එන්නම්, ටීෂර්ට් ගහපු තැන මල්ලිත් එක්කම"

ටික වෙලාවකින් අර පරිත්‍යාගය කරපු මහත්මයායි, ටී ෂර්ට් ප්‍රින්ට් කරපු තැන තරුණයා විතරක් නෙවෙයි එයගේ පොඩි පුතෙකුත් ආවලු අර කියපු ග්‍රවුන්ඩ් එකට. පොඩි එවුන් ටිකත් දැන් වටවෙලා, අලුත් ටී ෂර්ට් එක ගන්න බලාගෙන ඉන්නවාලු. ඒ අතරේ ටී ෂර්ට් බෙදනවා කියලා ආරංචිය ගම වටේට ගිහිං, මෙතන නොහිටි පොඩි එවුනුත් ඇවිත් වට වෙලා බලාගෙන ඉනන්වාලු. මේ අතරේ අර ටී ෂර්ට් ප්‍රින්ට් කරපු තැන මල්ලිගේ පුතා අර මනුස්සයාට කරදර කරනවාලු ඒ ජාතියේ ටී ෂර්ට් එකක් ඉල්ලලා. 

"පොඩ්ඩක් ඉන්න පුතා කරදර නොකර. මම වැඩකටනේ ඇවිත් ඉන්නේ. ගෙදර ඕන තරම් ටී ෂර්ට් තියෙනවා. ගෙදර ගිහිං දෙන්නම්"
"නෑ. අප්පච්චි මට ඕනේ අර අයියලා ඇඳන් ඉන්න එකක්"
"ඇයි පුතා ඒවා ඕනේ"
"මමත් ආසයි බෙන්ටෙන් ටී ෂර්ට් වලට"
එතකොටයි ටීෂර්ට් ප්‍රින්ට් කරපු තරුණයට වැඩේ වැටහිලා තියෙන්නේ. මේ මගෝඩි කොල්ලෝ ඒ ටී ෂර්ට් එකේ මැද තියෙන 'ව'යන්න මකලා. එතකොට ටී ෂර්ට් පෙන්නේ

"බෙ  න් 10 "  
 කියල. කොහොමද පොඩ්ඩන්ගේ ටිකිරි මොලේ. 
මේ කතාව ලිව්වේ හාස්‍ය සඳහා පමණක් බව සලකන්න.  

44 comments:

  1. හැක් හැක්... අර තුමාට තිබුණෙ බෙන් ‍10 පින්තූරෙකුත් යටින් ප්‍රින්ට් කරල දෙන්න.

    ReplyDelete
    Replies
    1. මිනිහට ඒ කාඩ් එක ගහ ගත්තා නම් ගොඩ.

      Delete
  2. හෙක් හෙක් මන් හිතුවා ගොනා හැරෙන කොටම බෙන් 10 තමා කියලා. අදත් 4.30 ට බලන එකනේ, බැරිද දැන් නෑ අපිටත් ෂර්ට් එකක් ඉල්ලා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔයත් කාටූන් බලන වැඩිහිටියෙක්ද ? සමහරවිට තව ඇති. මම ඔයාගේ බ්ලොග් එක කියවන ගමන්.

      Delete
    2. ආයෙත් අහලා, දැන් බලන්න වෙලා තියෙන බයිලා වලට වඩා ඒවා තව ටිකක් හරි හොඳයි, එත් අපි වෙන්නැති තොටවත්ත මාමා හන්දකවපු ඒ සුන්දර කාටුන් ටික බලපු අවසාන අය, ඒ සුරංගනා කතා ටික අමතක කරන්න ඔබට පුලුවන්ද?

      Delete
    3. මම අයිති වෙන්නේ ඒවා බලපු මුල් පරම්පරාවට. හැබැයි මම ඊට වඩා කැමතිය චූටි මල්ලියි - පොඩි මල්ලියි කරපු ඒවාට.

      Delete
  3. මටත් දැක්ක හැටියෙ ඔක මතක් වුනා

    ReplyDelete
  4. දන්නවා නම් මාත් එකක් ඉල්ලගන්නවා!! :D

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට කාටූන් බලන වැඩිහිටියෝ වැහි වැහළා

      Delete
  5. Mama hithnne loke hemathenama,cartoon balana wedihitiyo wishala Pramanayak Innawa,(Ranjan)

    ReplyDelete
    Replies
    1. ඔව් රන්ජන් අයියා. මම ඒ ගැන පොස්ට් එකක් ලිව්වා. උඩ සොමියා ට දීලා තියෙන ලින්ක් එකෙන් බලන්න මොකක්ද කියලා හේතුව.

      Delete
  6. යටින් පිස්සු පූසගෙ පොටෝ කෑල්ලක් ගැහුවාං ටොපේ ටොප් :D

    ReplyDelete
  7. අම්මේ පොඩි උන්ට මාර පිස්සුවක් තියෙන්නේ Ben10 කිව්වහම!

    ReplyDelete
    Replies
    1. පොඩි උන් විතරක්නම් කමක් නෑ. සමහර වැඩිහිටියොත් බෙන් ටෙන් කාරයොනේ.

      Delete
  8. හෙහ්. ඒකයි එහෙනම් පොඩි එවුන් ටික පෝලිමේ ඉදලා අරගෙන තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මාර ආතල් එකක් තියෙන්න ඇති නේද එතන.

      Delete
  9. අපේ ගෙදර TV එකකුත් නෑ ඒ වුනාට පොඩි මෙන්ඩියාටත් බෙන් 10 පිස්සුව.
    බෙවන්ගේ අංකය 3 වුනානම් ඇඩ් එක දාන්න තිබුනා
    බෙවන් මහතාගේ ... කපා සහයෝගය දක්වන්න.

    ReplyDelete
    Replies
    1. අප්පා කල දේ පුතා නොකළහොත් නොට්ටිගේ පුතා කියනවානේ. ලොකු මෙන්ඩියාගේ පොඩි කාලේ වීරයා කවුද ?

      එහෙම කැපුවොත් ඉතිං ...

      Delete
    2. රෝබින් හුඩ්, ටාසන් පස්සේ කාලේක දුටුගැමුනු රඡතුමා, ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයා.

      Delete
  10. අපි බලන්නේ ස්පොන්ජ්බොබ්

    ReplyDelete
  11. බෙවන් උන්නැහේ මම හිතන්නේ කැලණියේ යු.එන්.පි සංවිධායක.

    ReplyDelete
  12. හැක් හැක් පෝස්ටර් කටවුට් වලට කොහොමද බෙන් 10 එක්ක ඉන්න පින්තුරයක් දාලා ගැහුවනම් .

    ReplyDelete
    Replies
    1. ඒක භාවිතා කළා නම් හොඳ ප්‍රසිද්ධියක් ගන්න පුළුවන්.

      Delete
  13. එක පට්ට , මටත් එකක් ඕනි , :D

    ReplyDelete
    Replies
    1. කැලණියට යන්න වෙනවා.

      Delete
  14. බෙවන් ලොක්ක ඊළඟ සැරේ ඉල්ලනකොට මාත් යන්න ඕන බෙන් 10 එකක් ඉල්ලා ගන්න , අර තඩි ඔරලෝසුවක් එක්කම දුනනම් ගොඩ

    ReplyDelete
    Replies
    1. මේක හරියට යොදා ගත්තොත් එයා ගොඩ.

      Delete
  15. කාටූන් එක යන අස්සෙම ඇඩ් එකක් දැම්ම නම් ලාබෙට ගොඩ යන්න තිබුන.

    ReplyDelete
  16. අඩේ මමත් එන්න ඕනේ බෙන් ටෙන් එකක් අරගන්න ඒ පැත්තේ.. ඉවාන් යනවා නම් මටත් කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ ඇවිත් වනවාසලින් බැස්සා නම් එකක් හොයා ගන්න පුළුවන් වෙයි.

      Delete
  17. බෙවන්ගෙ නම අහලා පුරුදුයි...මමත් කාලයක්ම පෑලියගොඩ පළාතෙ හිටිය නිසා....තාප්පයක් පාරක් ලයිට් කණුවක් අත අරින්නෙ නැතුව පෝස්ටර් අලවන අනිත් කෙනා තමයි යූ ජෝර්ජ් පෙරේරා....එා හරිම අහිංසකයි හැබැයි....

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් ප්‍රචාරණයට යොදා ගන්න එක ඇත්තටම අහිංසක වැඩ.

      Delete
  18. ටීෂර්ට් එකක් වුනත් අඩුම ගානෙ රුපියල් 600ක්වත් වියදම් කරන්න ඕනේ.
    මේව ඉතින් ආයෙමත් හම්බවෙන මුදල් නේ.

    ප්‍රචාරණ කටයුතුවලදි ටීෂර්ට් කැප්, වගේදේවල් යම්තරමක වියදම් අධික ප්‍රචාරන කලාවක් ඒවුනත් හොඳයි වගේ හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මේවා කවුරුන් හෝ සපයනවා. හයසීයට අඩුවෙන් කර ගන්න පුළුවන්.

      Delete
  19. මං ආස නෑ බෙන් ටෙන් ට, මාර වයලන්ස්!! හැබැයි කතාව නං ටොප්!

    ReplyDelete
    Replies
    1. මටත් ඕක පෙන්න බැරි වුණේ, මගේ මල්ලිගේ පුතා රවාගෙන ඉන්න විදිය දැකලා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...