Friday, June 13, 2014

මෙවර පාපන්දු ලෝක කුසලාන කණ්ඩායම් වල අන්වර්ථ නාම ...... The Nicknames of Football World Cup ......

කෙටි නම් වලින් පුද්ගලයන් හෝ කණ්ඩායම් හැඳින්වීම පාපන්දු ක්‍රීඩාවට පමණක් සීමා වුණු දෙයක් නොවෙයි. තවත් බොහෝ ක්‍රීඩාවල මෙන්ම වෙනත් බොහෝ කටයුතු වලදීද මේ කෙටි නම්(Nickname) යොදා ගනු අප දැක ඇත. කෙසේ නමුත් 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරන්න ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. ලෝක කුසලානය ආරම්භයට පෙර සිට සටහන් තැබූ පාපන්දු පිලිබඳ සටහන් වල අවසාන සටහන මෙය වනවා. නමුත් කුසලානය අතරතුරදී තවත් සටහන් කිහිපයක් තබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අවශ්‍ය මාතෘකාවක් ලැබුනොත්. 

ක්‍රිකට් සහ පාපන්දු ලෝලීන්ට අමතක නොවන තැනක් තමයි ESPN වෙබ් අඩවිය.ඔවුන් මෙවර ලෝක කුසලානය වෙනුවෙන්, එක්-එක් කණ්ඩායමේ ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ රුව යොදාගෙන මේ කණ්ඩායම් වලට ඇති අන්වර්ථ හෝ කෙටි නම් සහිත අලංකාර චිත්‍ර දාමයක් නිර්මාණය කරවා ගත්තේ බ්‍රසීල චිත්‍ර ශිල්පියෙකු සහ පරිගණක ග්‍රැෆික් නිර්මාණකරුවකු වන ක්‍රිස්ටියානෝ සෙකුයිරා ලවාය. හොඳයි අප මෙවර ලෝක කුසලානයේ A/B කාණ්ඩ දෙකට ක්‍රීඩා කරන කණ්ඩායම් අටට ක්‍රීඩා කරන රටවල් වල කෙටි නම් දෙස හැරී බලමු.

A කාණ්ඩය 

බ්‍රසීලය 


මෙවර සත්කාරක රට ඒ වගේම වඩාත් ජනප්‍රිය සහ කතාබහට ලක් වන බ්‍රසීල කණ්ඩායම හඳුන්වන්න නම් කිහිපයක්ම තිබෙනවා. Canarinho(කැනරින්හෝ) හෝ Little Canarinho යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ, බොහොමයක්  තරඟ වලදී සැරසෙන තද කහ පැහැති ජර්සිය සිහි ගන්වමින්. Verde-Amarela කොළ සහ කහ යන තේරුම සහිත තරමක් අප්‍රසිද්ධ තවත් නමකින් ඔවුන් හඳුන්වනවා. බ්‍රසීලයට ආවේනික නැටුම් ශෛලියක් වන සම්බා සිහි ගන්වමින් සම්බා කිංග්ස් යනුවෙන්ද ඔවුන් හඳුන්වනවා. ඒ ක්‍රීඩාවේ යෙදෙන විට ඔවුන්ගේ පාද චලන හැකියාවන්  සම්බා නැටුමක යෙදෙන්නන්ට නොදෙවෙනි නිසා.  නමුත් වඩා ජනප්‍රියම නම ඉහල පින්තූරයේම පෙන්වන සෙලෙසෝ(Selection යන ඉංග්‍රීසි තේරුම සහිත වචනයක්). බ්‍රසීල ජනතාවා සාමාන්‍යයෙන් ඕනෑම පාපන්දු කණ්ඩායමක් හඳුන්වන්නේ මේ නමින්. නමුත් ඔවුන් ජාතික පාපන්දු කණ්ඩායම "The Selection" යන තේරුමෙන් හඳුන්වනවා.

ක්‍රොඒෂියා

වෙට්‍රෙනි යන පදයෙහි ඉංග්‍රීසි තේරුම "ද බ්ලෙසර්ස්" යන්නයි. බ්ලෙසර් යනු අතීතයේදී සුලබව ක්‍රීඩකයින් තරගයට පෙර අඳින කබාය යන්නෙහි ඉංග්‍රීසි තේරුමයි. ක්‍රීඩාංගනයේදී ක්‍රීඩකයින්ට දක්වන වේගවත් බව සහ උනන්දුව සහ උමතුවෙන් ඒ සඳහා සහයෝගය දක්වන ප්‍රේක්ෂයින් සිහි ගැන්වීමට මේ නම යොදාගෙන තිබෙනවා.

මෙක්සිකෝව
එල් ට්‍රි හෝ වඩාත් පැහැදිලිව එල් ට්‍රිකලර් (ද ත්‍රී කලර්) යනුවෙන් සඳහන් කරන්නේ වර්ණ තුන යන අදහසයි. මෙයින් මෙක්සිකානු ජාතික කොඩියෙහි ඇති වර්ණ තුන වන රතු, කොළ සහ සුදු යන්න අදහස ගැන්වෙනවා.

කැමරූන්
දි ඉන්ඩොමිටබල් ලයන්ස් (යටත් නොකළ හැකි සිංහයන්)

කැමරුන් රාජ්‍යය තමන්ගේ රටේ දේශ්‍රීය විදහා දක්වන සිංහ ගහනය සංරක්ෂණය සඳහා   තීරණාත්මක පරිශ්‍රමයක යෙදුන අතර, එමගින් මෙම සත්ත්ව වර්ගයාගේ දේශ්‍රිය ප්‍රසිද්ධිය වැඩි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. පාපන්දු කණ්ඩායමේ මෙම අන්වර්ථ නාමය මෙම මනෝභාවය ඇති කිරීමට බල කෙරෙන වා  මෙන්ම එම කණ්ඩායම තුල සෑම විටම ඇති ආත්මවිශ්වාසය සහ ශක්තියට හේතු වේ. "දි ඉන්ඩොමිටබ්ල් ලයන්ස්" මුලින්ම ලොව පුරා පුවත් පත් වලට මග සොයා ගත්තේ 1990 දීය. ඒ රොජර් මිල්ලා ඇතුළු කණ්ඩායම මුළු පාපන්දු ලොවම විශ්මයට පත් කරමින් අර්ධ අවසාන පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමත් සමගය. මෙහිදී මූලික තරග වටවලදී මැ රඩෝනාගේ ආර්ජෙන්ටිනා කණ්ඩායම පැරදවීමද අමතක නොකළ හැකි කරුණකි.

B කාණ්ඩය 
ස්පාඤ්ඤය
ලා ෆියුරීයා රෝජා (ද රෙඩ් ෆියුරි)

මෙම අන්වර්ථ නාමය පිලිබඳ ඉතිහාසය 1920තෙක් දිව යන්නකි. ස්පාඥ්ඥ ජාතික කණ්ඩායමේ මුල් කාලවලදීම කණ්ඩායම මෙම නම ලැබීමට හේතු වූයේ, ඔවුන්ගේ දේහධාරී ශරීරත්, ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවත්, ඔවුන්ගේ ජර්සි වල වර්ණය වූ රතු(රෝජා යනු රක්ත වර්ණය යන අදහස ගෙන දෙන්නකි) මෙම නම ලැබීමට හේතු විය. ෆ්රැන්සිස්කෝගේ ෆ්‍රෑන්කෝ රෙජීමය පැවති යුගයේදී  "වියරුව (ලා ෆියරියා)" යන යෙදුම ස්පාඥ්ඥ ජනජීවිතයේ විවිධ තැන් වල විවිධ මුහුණුවරින් අසන්නට ලැබිණි. විශේෂයෙන්ම ස්පාඥ්ඥ සිවිල් යුද්ධයේදී සහ දෙවන ලෝක යුද්ධයේදී මෙය කියවිණි. මෙම නම එකතු වීමත් සමග ක්‍රීඩා විලාශයද සියුම්ව වෙනස් වනු දක්නට ලැබිණි. ටික-ටකා නමැති කෙටි පන්දුව හුවමාරු කිරීමේ ක්‍රමය යොදාගත්තද මෙම අන්වර්ථ නාමය දිගටම පැවතිනි.

නෙදර්ලන්තය

නෙදර්ලන්ත කණ්ඩායමේ තැඹිලි පැහැති ඇඳුමක් ඇඳීම ගැන බොහෝ දෙනාට පැහැදිලි අදහසක් නැත. ඒ ඔවුන්ගේ ජාතික දජයේ වර්ණයන් වන රතු, සුදු හෝ නිල් වලට කිසිදු සම්බඳතාවක් නොමැති නිසාය. නමුත් පිළිතුරු වන්නේ එය ඕලන්ද රාජකීයයන්ගේ වර්ණය තැඹිලි පැහැ වීමය(තැඹිලි නසාවූ නිවස). එය විලම් වෑන් ඔරේන්ජ් නමැති ස්පාඤ්ඤ  පාලනයට එරෙහි  අරගලය සංවිධානය කල පුද්ගලයා දක්වා දිව යන සිහිවටනයකි. 1648 දී ඔවුන් ස්පාඤ්ඤ පාලනයෙන් නිදහස් විය. 

චිලී
B කාණ්ඩය යටතේ කාණ්ඩ ගත කර ඇති ස්පාන්ක්ඤය මෙන්ම චිලි කණ්ඩායමද ල රෝජා ලෙස හඳුන්වයි. කෙටියෙන් ඔවුන් පළඳින රතු ඇඳුම සලකා මෙසේ ආමන්ත්‍රණය කරයි. චිලි කණ්ඩායම මුලින්ම රතු, නිල් සහ සුදු වර්ණ පෙළ සහිත ඇඳුම 1947 දී කෝපා ඇමරිකා තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරන ලදී.

ඔස්ට්‍රේලියාව
මෙය තේරුම් ගැනීමට එතරම් අපහසු එකක් නොවේ. නමුත් කණ්ඩායමට සොකරූස් නාමය ලැබීම තරමක් රසවත් කතාවකි. බොහෝ දෙනා ඒ සඳහා ගෞරවය ලබා දෙන්නේ සිඩ්නිහී මාධ්‍යවේදියෙකු වන ටෝනි හොර්ස්ටෙඩ් ටය. මෙම අදහස ඔහු ඉදිරිපත් කර ඇත්තේ 1967 දී වියට්නාමය බලා ගිය හොඳහිත වර්ධනය කර ගැනීමේ චාරිකාව කාලයේදීය. 1972 වනතෙක් සොකරූස් යන නාමය  විධිමත්ව භාවිතා නොවීය. එම වසරේදී ඕස්ට්‍රේලියානු පාපන්දු ෆෙඩරේෂණය ඔවුන්ගේ  ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ  ප්‍රයත්නයත් සමග  නව සංකේතයක් හඳුන්වා දීමත් සමග සිදු විය. පාපන්දු බූට් පැළඳ සිටින කන්ගරුවකු සහ ඊට පහතින් "1974 ලෝක කුසලාන සොකරූ" යනුවෙන් මුද්‍රණය කර තිබුණි. එම කාලයේදීම තම කොළම  මගින් බොහෝසෙයින් මේ වදන පුන-පුනා ලිවීම නිසා එය ඔස්ට්‍රේලියාව තුල ප්‍රචලිත විය. 

___________________________________________________
මේ දිනවල කාලය සහ අන්තර්ජාලය  පිලිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් මෙය කොටස් වශයෙන් ලියා පල කිරීමට සිදු වී ඇත. 

39 comments:

  1. මේක මෙතනිං ඉවර වෙනව කීවෙ ඇයි...
    අනික් රටවල් වල ඒව ගැන ලියන්නෙ නැතෙයි...
    කැමරෑන් වල නම නං පට්ට...
    ඒත් ගතියටම එන්නෙ සොකරූස්....
    පට්ට

    ReplyDelete
    Replies
    1. තනි සටහනකින් ඉවර කරන්න බලාපොරොත්තු වුණත්, ඒ සඳහා අවශ්‍ය කාලය වෙන් කර ගන්න බැරි වුණා.

      එහෙනම් ඔයා මෙක්සිකෝ එකටත් කැමති වෙයි.

      Delete
    2. ඈයිය මං කැමතී නෑ...
      හැක්....
      ඊයේ ඔපන් සෙරමනිය මගෑරුණානෙ...
      තරගය බලන්න වුනෙත් විනාඩි දෙක තුනක් විතරයි...
      බලන්න විදියක් නෑ නේ..
      දන්නව නං ලිංක් එකක් දාන්නකො...
      මට හොයාගන්ට බැරි වුණා

      Delete
  2. අන්වර්ථ නාම වලින් ඉදිරියෙන්ම ඉන්නෙ රග්බි කණ්ඩායම්. කොටින්ම රටේ නමට වැඩිය භාවිතා වෙන්නෙ අන්වර්ථ නාමය
    ඕල් බ්ලැක්ස්, වොලබීස්, ස්ප්‍රින්බොක්ස්, ඊගල්ස්....

    ReplyDelete
    Replies
    1. ද ලයන්ස් (SL නොවේ UK)
      අපි සුදුසුකම් ලැබුවොත් "මිරකල්" කියයිද?

      Delete
    2. මම හිතන්නේ ඒක රග්බි වල නිල නොවන ඒත් අනිවාර්ය දෙයක්. පාපන්දු තරග වලට සාපේක්ෂව රග්බි රටවල් අතර තරග වැඩියි. ඒ වගේම කණ්ඩායම් ප්‍රමාණයත් අඩුයි.

      Delete
    3. මම හිතන්නේ The Tea Boys හෝ Tea Lions වගේ නමක් හරි යයි.

      Delete
  3. මම මේ දැන් තේ බොන්න එලියට ගිහින් බ්‍රසිල් ක්‍රෝඒෂියා මැච් එකේ රිපීට් ටෙලිකාස්ට් එක බල බල ඉඳල ආවේ.. ආපු ගමන් මේක දැක්කේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මෙහෙත් 3.30 ට රිපීට් එකක් යනවා.

      Delete
  4. සුදීක මේ කියලා තියෙන ස්පාඥ්ඥේ සෙල්ලම් කරන ටිකි ටකා ස්ටයිල් එකට මම ගොඩක් කැමතියි... ඒගොලන්ගේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයොත් ගොඩදෙනෙක් ක්‍රීඩා කරන ස්පාංඥ්ඥ ලීගයේ බර්සිලෝනා කණ්ඩායම ටිකි ටකා සෙල්ලම් කරද්දී බලන් ඉන්න ආසයි... ඒ තත්වට උපරිමේටම ගත්තු උන්ගේ කෝච් පෙප් ගාර්ඩියෝලා මියුනික් වලට ගියාට පස්සේ ආව අලුත් කෝච්ලා දෙන්නා අවාසනාවකට මේ ස්ටයිල් එක එච්චර ප්‍රමෝට් කල බවක් පෙනෙන්නේ නෑ...

    රටවල් ක්‍රීඩා කරන මේ වගේ ලෝක කුසලානෙකට වඩා ක්ලබ් ක්‍රීඩා කරන ලා ලිගා, චැම්පියන්ස් ලීග් වගේ ලිග් වල තමයි ටිකි ටකා ලෙසටම බලන්න පුළුවන්... බර්සා සෙල්ලම් කරන හැටි බලන්න ආසා හින්දාම මම ඒ ලීග් දෙක බලනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රටවල් අතර තරග වලට වඩා සමහර මේ ලීග් තරගාවලි ඉතා ඉහල ප්‍රමිතියකින් ක්‍රීඩා කෙරෙනවා. දැන් දිගු පාස් ආරගෙන බෝලේ ප්‍රතිවාදීන් අතට යාමට අවස්තාව වැඩි කරනවාට වඩා, කෙටි පාස් ගන්න එක වාසිදායක බව බොහෝ කණ්ඩායම් තේරුම් ගෙන තිබෙනවා. කොටින්ම දිගු ගෝල් කික් පවා ගන්නේ කලාතුරකින්. මේ තරග වලට වඩා වඩාත් තරගකාරී තරග UEFA වගේ තරගාවලි වල දකින්න පුළුවන්.

      Delete
    2. සතියක නිහැඬියාව ගැන සොයා බැලුවට බොහොම ස්තුතියි.

      Delete
  5. නොදන්න විස්තර ටිකක් සූදික.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි මේ වගේ තොරතුරු එකතු කර ගත්තේ ලේක් හවුස් එකෙන් දෙන අතිරේක වලින්. නමුත් අද අන්තර්ජාලය ඒ අවස්ථා ඔබේ ආයතනයට අහිමි කරලා :)

      Delete
  6. පාපන්දු වලට මෙහෙ තියෙන්නේ පුදුම උනන්දුවක් කට්ටිය දැන්මම හොඳම මැච් තියෙන දවස්වලට ඔෆිස් එකෙන් නිවාඩු ගන්න

    ReplyDelete
    Replies
    1. නැගෙනහිර ආසියාවේ පාපන්දු වලට පුදුම උනන්දුවක් තියෙන්නේ.

      Delete
  7. අද පාන්දර 4:00 ට මමයි පුතයි බැලුව....බ්‍රසිල් Vs ක්‍රෝඑෂියා තරගය 3 - 1
    සම්පුර්ණයෙන් ලිපිය කියවා නැවත එමි.....

    ReplyDelete
    Replies
    1. යකඞෝ මම හිතුවෙ තනිකඞයා කියලා

      Delete
    2. ඔයාලට මේවා සජීවී යන වෙලාව හොඳයි. මම අද 1:30 ට එලාම් එකක් තියලා අවදි වුණා නමුත් අධික වර්ෂාව නිසා බලන්න බැරි වුණා. ඊයේ රෑ 11:00 පුදුම විදියට අකුණු ගැහුවා. දැන් තමයි රිපීට් එක බලන්නේ.

      Delete
    3. අර විනිසුරු තීරණය හරිද?

      Delete
  8. සුදීක මේ මැචස් ඔක්කොම බලන්ටද යන්නේ? :D

    ReplyDelete
    Replies
    1. දැනට පලවෙනි එකම මිස් වුණා. ඒත් '94 දී සියළු තරග සජීවීව මමත් මගේ සහෝදරයින් දෙදෙනාත් නැරඹුවා. මම ජීවිතේ ගෝල් සෙට් කර ගන්නේ ලෝක කුසලාන දෙකක් අතරතුර. ඒ තරමට මම පාපන්දු වලට සමීපයි. කාලයක් මා වැඩියෙන්ම ක්‍රීඩා කල ක්‍රීඩාවත් මේකයි.

      Delete
    2. මමනම් පලවෙනි එකේ ඉඳන්ම වැඩේ පටන් ගත්තා , ක්‍රෝඒශියාවට නිකම්ම ගෝල් එකක් දුන්නම තිකක් බයත් හිතුනා බ්‍රසීල් පලවෙනි එකම සවුත්තු කරගනියිද කියලා , එත් දැක්කනේ පස්සේ බ්‍රසීල් කියන්නේ බ්‍රසීල්

      Delete
  9. මෙන්න මේ ටික තමා මම කලින් කිවුවේ. :D
    මම නම් සපෝර්ට් කරන්නේ three lions(england ) ලට .එත් හොදටම දන්නවා දිනන්නේ නැති බව නම්

    ReplyDelete
    Replies
    1. එංගලන්තය හැමදාමත් හොඳ කණ්ඩායමක්. වාසානාව තමයි නැත්තේ.

      Delete
  10. වෙනාදා වගේම පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සංජීව.

      Delete
  11. අර උද රාජ් කියලා තියෙනවා වගේ අන්වර්ථ නාම වලට ප්‍රසිද්ධ රගර් තමා , මේ දවස් වල නිදි මරන්න් තමයි තියෙන්නේ , අද ස්පාඥඥ මැච් එක අනිවා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. මම නම් රටක් විශේෂ කර ගන්නේ නැතිව බලනවා. හැබැයි හොන්ඩුරාස් - රණ්ඩුහෝස් වැඩක් කළා ප්‍රංශ මැච් එකේ. තනිකර වලි.

      Delete
  12. අදයි දැන ගත්තේ...

    ReplyDelete
    Replies
    1. මම හිතා උන්නේ දන්නවා ඇති කියලා.

      Delete
  13. අගේ ඇති ලිපියක් සුදීක.

    පාපන්දු උණුසුමත් එක්ක ඔබේ බ්ලොගය අපේ දැනුම වැඩි කරන නිසාම පාපන්දු ලෝක කුසලානය තවත් රසවත් වෙනවා කියලයි අපිට හිතෙන්නේ. දෙයක් නොදැන පාපන්දු නරඹන අපිට ඔබ ගෙනෙන පණිවුඩ දැනුමක් එක් කරන අතර එය පාපන්දු ගැන අපිව උනන්දු කරවනවා. ඉතා සාර්ථක ලිපි පෙළක්. දිගට ම ලියන්න..

    ReplyDelete
  14. Den mehe (grmany)Mexiko-kemaroon match eka half time eken passe patangaththa.Thama (0-0) eelangata ree 9.00( mehe welawa)ta spain-nederland match eka patan gannawa.mulu spain team ekama wage lassanata sellam karanawa.ee wagema balana lassani neder land wala Arjen Robbenge kreeda wilasaya .tharangayak wenas karanna heki kreedakayek.Eeye Brasil penelty eka gena adahas nam vividhi.Ranjan.

    ReplyDelete
  15. නිදිමතයි අම්බානට. මැච් එක කම්මැලියි.

    ReplyDelete
  16. හම්මේ රටවල් 32කම ගැන ලියනවද.. ඒක හොදයි.. මම නම් දන්නේ ඉතාලිය ගැන විතරනේ.. ඒ හන්දා බලමු..

    ReplyDelete
  17. මේ මේ විස්තර දැනගෙන හිටියෙ නැහැ ..... ඉතිරි ටිකත් බලමු.....
    ස්තුතියි සුදික...... අපව දැනුවත් කරනවට......

    ReplyDelete
  18. මේ සුදික අයියේ පුළුවන් නම් ලියන්නකෝ ඔය AC මිලාන්,රියල් මැඩ්රිඩ්,බාසිලෝනා වගේ ක්‍රීඩා සමාජ ගැන ලිපියකුත්.

    ReplyDelete
  19. පා පන්දු කියන්නෙ මම එතරම් නරඹන්න ආසා නැති ක්‍රීඩාවක්...ලෝක කුසලානයක් උනත් නරඹන්න උනන්දුවක් නෑ.

    ReplyDelete
  20. නියමයි සුදීක. ROJA ප්‍රනවුන්ස් කරන්නේ රො හා කියලා නේද?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...