Tuesday, June 3, 2014

මෙවර ලෝක කුසලානයේදී පාපන්දු ක්‍රීඩාවටත් තාක්ෂණය හඳුන්වාදීමට යයි...... Introduction of Technology To Football in this World Cup.

2014 පාපන්දු ලෝක කුසලානයට ඇත්තේ හරියටම තවත් දින 8ක් පමණයි. පාපන්දු ක්‍රීඩාව සඳහා තාක්ෂණය මේ දක්වා යොදා නොගත්තේ, එමගින් ක්‍රීඩාවේ ඇති උද්වේගකර බව ගිලිහී යන නිසාවෙනි. ක්‍රිකට් හෝ ටෙනිස් ක්‍රීඩා වල දැනට යොදා ගන්නවා මෙන් ක්‍රීඩාව නවතා විනිසුරු තීරණ තාක්ෂනය මගින් නිවැරදි කිරීම සඳහා තරගය නතර කළොහොත්, යලි තරගය ආරම්භ කිරීම තනිකරම විහිළුවක් බවට පත්වීම නොවැලක්විය හැකි දෙයකි.මන්ද පාපන්දු තරගයක් නැවතුන පසු එය යලි සුපුරුදු රිද්මයට පැමිණීමට යම් කාලයක් ගත වන බැවිණි.
Interesting facts about fifa world cup 2014 ෆිෆා ලෝක කුසලානය පිලිබඳ රසවත් තොරතුරු
පින්තූරය ගත්තේ : http://www.flipoutmama.com

පසුගිය ලෝක කුසලානය අවසානයේදීම, මෙවර තාක්ෂණය යොදා ගන්නා බවට ඉඟි පළ කර තිබුණි. මගේ මතකය නිවැරදි නම් ඒ Off Side අවස්ථා හඳුනා ගැනීම සඳහායි. සාමාන්‍යයෙන් Off Side(පන්දුව රැගෙන යන කණ්ඩායමේ ක්‍රීඩකයන් එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට පන්දුව ලබා දුන් විට, එම ක්‍රීඩකයා පන්දුව ලබා ගනිද්දී සිටියේ ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින්ට ඉදිරියෙන්ද යන්න තීරණය කිරීම) සඳහා තීරණ ලබා දෙන්නේ පැති විනිසුරු වරුන්ය. නමුත් එම තීරණ ඔවුන් වරද්දා ගත අවස්ථා බොහොමයක් අප දැක ඇත. ඒ රූපවාහිනී තිරය තුලින්ය. නමුත් පැති විනිසුරු වරුන් ක්‍රීඩකයා දුවන වේගයෙන්ම දාවනයේ යෙදෙමින්ම, මේ පිලිබඳ තීරණය ගත යුතුය. වරක් ප්‍රතිවාදී ගෝලය අසල තණකොළ කැපීම, කුඩා තීරු වලට බෙදා සිදු කිරීමන් මෙය පහසු කර ගැනීමට හැකි බවට මත පල විය. තවත් අය එය තාක්ෂනය යොදාගෙන සිදු කල හැකි බවට තර්ක කළහ. පන්දුව තුල ජංගම දුරකථන වල ඇති ආකාරයේ මයික්‍රෝ චිප් එකක් රැඳවීමෙන් මෙයේ සිදු කිරීමටද පර්යේෂණයන් සිදු විය. මෙවර එය නියත වශයෙන්ම සිදු වන බවද නිවේදනය කළහ. එහෙත් සියල්ල පසෙක දමා මෙවර තාක්ෂනය යොදා ගන්නට යන්නේ මේ කිසිවක් හෝ ඉහත කී දේ සඳහා නොව, ගෝල් ලබා ගැනීම විනිසුරු නිවැරදිව දුටුවාද යන්න පෙන්වා දීම සඳහාය. 

ඒ සඳහා කදිම පසුබිම් කතාවක්ද වෙයි. මුළු ලෝකයම නිවැරදිව දුටු එංගලන්ත ක්‍රීඩක ෆ්රෑන්ක් ලම්පාඩ් විසින් ලබා ගත් ගෝලය, එම ක්‍රීඩාංගනයේ විනිශ්චයේ යෙදුනු විනිසුරු තුමා නොදැකීම කනගාටුවට කරුණකි. එහෙත් සාමාන්‍ය මිනිසෙකු ඇසිපිය හෙලන මොහතක සිදු වූ සියල්ල කැමරා කාච මත සටහන් විය. එනිසා එය ගෝලයක් බව ලෝකයාම දුටුවේය. අසරණ විනිසුරුවා තරගය දිගටම ක්රියාමතක කරවීය. පහත වීඩියෝව එයට සාක්ෂි සපයයි. යම් හෙයකින් එය ගෝලයක් ලෙස සටහන් විණි නම්, කණ්ඩායම දෙකෙහිම ලකුණු සමාන වෙයි. 

සියල්ල සිදු වන්නේ යහපතටයි කියා අප කුඩා කාලයේ පටන් කියන කියමනට කදිම සාධාරණයක් ගෝල පිරික්සීමට නව තාක්ෂනය හඳුන්වා දීමෙන් ලබා දේ. පෙර සඳහන් කල පරිදිම ක්‍රීඩාවේ ගලායාමට බාධාවක් නොවන්නට එය සිදු කරන්නට ඔවුන් වග බලාගෙන ඇත. තරග පැවැත්වෙන සෑම ක්‍රීඩාංගනයකම ඇතුලත රාමුවේ සවි කරන කැමරා 14ක් මේ සඳහා යොදා ගනී. මේ අනුව කැමරා 7ක් මගින් එක් ගෝලයක් ආවරණය වන බව පැහැදිලිය. මෙම කැමරා 7 අංශක 360 ම ත්‍රිමානව ආවරණය කිරීමට සමත් වේ.  මේවා  සියල්ලම මධ්‍යගත මේන්ෆ්‍රේම් වර්ගයේ පරිගණකයක් වෙත සම්බන්ධ කර ඇත. තරගය සඳහා යොදා ගන්නා පන්දුව ගෝල රේඛාව පසු කරත්ම විනිසුරුවරයාගේ අතේ බැඳී ඔරලෝසුව දෙදරීම(Vibrate) මගින් ඒ බව විනිසුරු වෙත දැනුම් දේ. ඉන් නොනැවතී එම ඔරලෝසුවේ මුහුණත මත "GOAL" යනුවෙන් සටන් වේ. මෙම තොරතුරු ඔරලෝසුව වෙත සම්ප්‍රේෂණය කරන්නේ මධ්‍යගත මේන්ෆ්‍රේම් පරිගණයකයයි. අත්හදා බැලීමක් වශයෙන් මෙම තාක්ෂනය 2013 බ්‍රසීලයේදීම පවත්වන ලද අන්තර් - මහද්වීපික තරගාවලියේදී යොදා ගන්නා ලදී. අප බොහෝ දෙනෙකුට ලෝක කුසලාන තරගයකදී ලබා දුන් අසාධාරණ එක් තීන්දුවක් වත මතක තිබේ. 2010 ලෝක කුසලානයේදී ලම්පාඩ් ලබාගත් ගෝලය සඳහා මුළු ලෝකයක් සාක්ෂි සපයන මොහොතක එක් දෑසක් එය නොදක තිබීම අතිශය කණගාටුදායක සිදුවීමකි. එම එක පුද්ගලයා තරගයේ විනිසුරු වීම මේ කනගාටුව වඩාත් තීව්ර කරයි. ඒ කාලයේ තිබූ පැහැදිලි කෝපය සහ අපේක්ෂා භංගත්වය සතුටක් සහ සහනයක් බවට පත් කරන්නට මෙමෙ තාක්ෂණික විසඳුම සමත් වී තිබේ. වඩාත් වටින්නේ එය තරගය නරඹන ඔබට මට නොදැනෙන්නට සිදු කිරීමයි.
ගෝල රේඛාව හෝ ගෝල් ලයින් (Goal Line) යනුවෙන් හඳුන්වන මෙම තාක්ෂනය, ඉදිරියේදී විනිසුරු තීරණ වඩාත් නිවැරදි කරන ගමන්, විනිසුරු වරයාට කදිම සහයක් සපයයි.   ඔබ දන්නවාද ? 
  • ගෝල් ලයින් තාක්ෂණය යොදා ගන්නා පළමු ලෝක කුසලානය මෙය වනු ඇති.
  • තරග සංවිධායක කමිටුවට බ්‍රසීල ලෝක කුසලාන ජයගත් කණ්ඩායම් නියෝජනය කල ක්‍රීඩකයින් පස් දෙනෙකු යොදා ගනු ඇත. 
  • බ්‍රසීලයේ ලෝක කුසලානය පැවැත්වෙන දෙවන වතාව මෙයයි.
  • ලෝක කුසලානයක් දෙවරක් සංවිධානය කල පස්වෙනි රට බ්‍රසීලයයි.
  • ලතින් ඇමෙරිකාවට ලෝක කුසලානය පැමිණෙන්නේ අවුරුදු 36කත පසුවයි. 
  • මෙවර ලෝක කුසලානය සංවිධානය කිරීමට ආර්ජෙන්ටිනාව සහ කොලොම්බියාවද කැමැත්ත පල කර තිබුණි.
  • නගර 17 ලෝක කුසලානය සංවිධායක නගරය වන්නට බලාපොරොත්තු විය.
  • ප්‍රථම වතාවට එක ළඟ ලෝක කුසලාන දෙකක් යුරෝපයෙන් පිට පැවැත්වීම. 
  • 2014 ලෝක කුසලාන තරගාවලිය රූපවාහිනී තිරය මත නිල  විවෘත කිරීම සජීවිකරණ  වීඩියෝවක් ලෙස ඉදිරිපත් කෙරේ.
  • නියමුවන්  රහිත ඩ්‍රෝනා යාත්‍රා සහ එක්සත් ජනපද රොබෝවන් මෙම ලෝක කුසලානයේදී යොදා ගනු ඇත. 
  • ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වටිනාකමක් ඇති තරගාවලිය මෙය වනු ඇත.
  • විරෝධතා වැළක්වීමේ අරමුණින් ෆිෆා ලෝක කුසලානය වෙනුවෙන් කතා පැවැත්වීම පිටු දැක ඇත.
  • මෙවර ලෝක කුසලානයේ ආරම්භක පා පහර, දෙපා පන නැති දරුවකු විසින් සිදු කරනු ඇත. මින් පෙර ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් මෙය සිදු කර ඇත.
  • කාලගුණ තත්වයන් මත තරග දෙතුන් වතාවක් තාවකාලිකව නැවතීමට විනිසුරුවන්ට අවස්ථාව.
  • නිල ලෝක කුසලාන ගීතය "අප සියල්ලන්ම එකයි"(We are one) ලෙස නම් කර ඇත.
  • නිල ලෝක කුසලාන ජයගීතය "අප මගක් සොයමු" (We will find a way) යනුවෙන් නම් කර ඇත.
  • කොකා-කෝලා නිල ජයගීතය "ලෝකය අපෙයි" (World is ours) යනුවෙ නිමවා ඇත.
  • රිකී මාර්ටින් ලෝක කුසලාන ජයග්‍රහණයේ ගීතය ගයනු ඇත. 
  • ගියවර ලෝක කුසලානය ගැයූ ශකිරා මෙවරද ගීතයක් පටිගත කර ඇත.
  • නිල 2014 ලෝක කුසලාන ගීත ඇල්බමයට ගීත 17ක් ඇතුලත් වේ.
  • වර්ග දෙකක සබන් වර්ග සියලුම හෝටල් කාමර වල තැබිය යුතු යයි ප්‍රංශය ඉල්ලා ඇත.
  • ජර්මනිය ඔවුන්ගේම ලෝක කුසලාන හෝටලයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කොට ඇත.
  • ෆිෆා ලෝක කුසලානය බ්‍රසීලය වෙත පැමිණියේ දින 267ක් දිගු ගමනකින් පසුවයි.
  • ජනප්‍රිය සිම්ප්සන් කාටූන් වැඩසටහන ලෝක කුසලානය වෙනුවෙන් පිළිගන්වා ඇත.
  • වාර්තාගත ස්වේච්ඡා සේවක අයදුම්පත් ප්‍රමාණයක් ෆිෆා වෙත ලැබිණි.
  • බ්‍රසීල වඩාත්ම මිල අධික කණ්ඩායම බවට පත් වී ඇත.
  • ලයනල් මෙසී වඩාත් මිල අධික ක්‍රීඩකයා වී ඇත.
  • මෙවර ජය ලබන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 35ක මුදලක් ලැබෙනු ඇත.
  • නිදහස් පහර සඳහා ස්ථානය ලකුණු කිරීමට, තාවකාලික අතුරුදහන් වන ස්ප්‍රේ කෑන් විනිසුරුවන් යොදා ගනු ඇත. 
  • නිල ටී ෂර්ට් යට පණිවුඩ පාඨයන් සටහන් කරන ක්‍රීඩකයන්ට ෆිෆා මගින් තහනම් පැනවෙනු ඇත. 
  • සහභාගී වන රටවල් තුනක් තරගාවලිය තුලදී කිලෝ මීටර 14000 කට අධික දුරක් ගමන් ගනු ඇත. 
  • ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් තරග සඳහා බොස්නියා සහ හර්සගොවිනා සුදුසුකම් ලබා ඇත. 
  • පෘතුගාලයට එරෙහි ජර්මානු තරගය ඔවුන්ගේ 100 වන ලෝක කුසලාන තරගය වනු ඇත.
  • ගෝල 15 වේ රොනල්ඩෝගේ වාර්තාව බිඳ දැමීමට මිර්ස්ලාව් ක්ලොසේ බොහෝ දුරට සමත් වනු ඇත. ඔහු මේ වනවිට ගෝල 14ක් ලබාගෙන ඇත.
  • ලෝක කුසලාන තරගය තවමත් දිනා නැති කණ්ඩායම් වනුයේ හොන්ඩුරාස් සහ බොස්නියා හර්සගොවිනා යන රටවල් දෙකයි.
  • කිසිදු ස්කැන්ඩිනේවියන් රටක් මෙවර ලෝක කුසලානය සඳහා තරග නොකරනු ඇත. 
  • 2006 දී හඳුන්වා දුන් ෆිෆා පාඨක තරගාවලිය මෙවරද පැවැත්වෙනු ඇත. 
  • අවසන් කණ්ඩායම් 32න් බොහෝ කණ්ඩායම් ඔවුන්ගේ කඳවුරු සාවෝ පෝලෝ සහ රියෝ ද ජැනීරෝ යන නගර දෙකෙහි පිහිටුවාගෙන ඇත.
  • මුළු ලොවම ලෝක කුසලාන තරග විකාශනය කරනු ඇත.
  • විනිසුරුවන් 25ක් තරග විනිශ්චය කරනු ඇත.

30 comments:

  1. තාමත් බ්‍රසීලයේ විරෝධතා,,ඒ වගේම තාමත් යම් ක්‍රීඩා පිටි ලෑස්ති නෑ.බලමු සාර්තක තරගයක් වේවිද කියලා..
    නොමිලේ ගෝල් ලකුනු කරන ගේම් එකක් සුධීක අයියේ මේක.
    www.betme.se

    ReplyDelete
    Replies
    1. මේ තරගාවලියට එන කණ්ඩායම ඉල්ලලා තියෙන දේවල් දැක්කම, විරෝධතා නැති වුණා නම් තමයි පුදුමේ. ක්‍රීඩාංගන හදන්න නම් හැම තැනකදීම ගැටළු මතු වෙනවා. ගේම් එකත් බලමු.

      Delete
  2. thnx සුදික මල්ලි විස්තරයට.....
    උඹ නම් ඇත්තටම ක්‍රීඩා පිස්සෙක්........ මෙච්චර කාර්‍ය බහුල මිනිහ මේ විස්තර හොයාගෙන අපව දැනුවත් කරන්න ගන්න මහන්සිය ගැන හිතලයි එහෙම කිව්වෙ ... හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේක පොඩි කාලේ ඉඳලා තිබුන පිස්සුවක්. මට දුක අපි පොඩි කාලේ අන්තර්ජාලේ නොතිබුණේ.

      Delete
  3. එකෙන්ම එකගයි කෙන්ඡි අයියන්ඞි.
    ඔයාගේ කැපවිම අගය කල යුතුයි.
    (ඔට්ටුවක් දාමුද බුසිල් දිනන්නේ)

    ReplyDelete
    Replies
    1. බ්‍රසිල් දිනන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ඔවුන් හැමදාම ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම ඉන්න කණ්ඩායමක්. මම ගියවර ස්පාඤ්ඤයට සහයෝගය දැක්වූවා මුල සිටම. හේතුව රටේ නියම පාපන්දු ලීගයක් තිබුනත් ලෝක කුසලානයක් ඔවුන්ට හිමි නොවීම. මේ වසරේ ඒ වගේ මම සහයෝගය දෙන්නේ පෘතුග්‍රීසියට. පසුගියවර සහ ඊට පෙර ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රීඩකයන් දේපලක් වුණු ලුයිස් ෆිගෝ, සහ ඩෙකෝ ක්‍රීඩා කරලත් ඉදිරියට එන්න බැරි වුණා. මම දන්නේ නෑ ඔවුන්ට තිබෙන හැකියාව කොයි තරම්ද කියලා. නමුත් ආර්ජෙන්ටිනාව, මෙක්සිකෝව වගේ රටවල් ඉදිරියට ඒමේ හැකියාවක් තිබෙනවා.

      Delete
  4. තාක්ෂණය දියුණු නම්, විශ්වාස කළහැකිනම් ......................

    කීම බැදිවල යන්නේ - මංමුලාවූ අයකු සේ......................?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. සමහර තැන් වලදී තාක්ෂණය පියවි ඇසට වඩා ඉදිරියෙන් ඉන්නවා. අපේ ඇසට දෘශ්‍ය මායා (Optical Illusion) ලෙස පෙනෙන දේවල්, කැමරාවේ සටහන් වූ පටිගත කිරීම වලින් නිරවුල් කර ගන්න පුළුවන් වෙනවා. අපේ අස සහ සාමාන්‍ය මතකයේ තිබෙන අඩුපාඩු මේ මගින් වලකා ගන්න පුළුවන්. තීන්දු වල නිවරද්‍යතාව වැඩි කරන්න කුමන සහයෝගය ගත්තත් වරදක් නෑ කියන එකයි මගේ විශ්වාසය.

      Delete
  5. මගේ නම් ඉතින් ඔය ක්‍රීඩා වලට එච්චර උනන්දුවක් නෑ, එත් අපේ තාත්තගේ ආසම තාත්තගේ ආසම ක්‍රීඩාව තමා, තාත්තත් කොල්ල කාලේ පොලිස් ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරලා තියෙනවා. වටින ලිපියක්. ජය.

    ReplyDelete
    Replies
    1. පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් විය යුතුයි. මේක ආසාව ඇති/නැති ඕනෑම කෙනෙකුට කම්මැලි නැතිව බලන්න පුළුවන් ක්‍රීඩාවක්.

      Delete
  6. ලොකු මහන්සියක් අරන් හොයා ගත්ත කරුණු වලට ස්තූතියි සුදීක අයියෙ.

    ප්‍රංශය විතරක් ඇයි වර්ග දෙකක සබන් ඉල්ලන්නෙ.?

    ReplyDelete
    Replies
    1. ප්‍රංශය ඉල්ලපු එක තරමක් පුදුමාකාර නිසා තමයි එකට ප්‍රසිද්ධියක් ලැබුණේ. නමුත් අනෙක් කණඩායම් ඉල්ලලා තියෙන දේවලුත් ඒ වගේම පුදුමාකාරයි. මම ඊළඟ පොස්ට් එකෙන් ඒ ගැන ලියන්නම්.

      ප්‍රංශය ඉල්ලලා තියෙන්නේ කෑලි සබන් නැතුව ද්‍රව සබන්(Liquid Soap) කාමර වල තියෙන්න කියලා. ඒකෙනුත් වර්ග දෙකක් ඉල්ලන්නේ එකක් අත් සෝදන්න, අනෙක ශරීරය පිරිසුදු කරන්න.

      Delete
  7. ස්තූතියි සූදීක.තරඟ නරඹකොට මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. මේ ඒ වගේ ලැබෙන තොරතුරු වලින් කොටසක් පමණයි. ඉදිරියේදී තව අලුත් තොරතුරු ලැබෙයි.

      Delete
  8. සැහෙන ලොකු තොර තුරු ගොඩක් දැන ගත්ත. මට එක පාරටම හිතුන ජයග්‍රාහී කණ්ඩායමට දෙන තෑග්ග මදි වගේ කියල..මම හිතන් හිටියේ නිකන් මිලියන 100ක් විතර දෙනවා ඇති කියල.. එච්චර ෆුට්බෝල් පිස්සුවක් නේ මේ ලෝකේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේක අපිට ලොකු වුනාට යුරෝපයේ සංවර්ධිත රටවල් වලට නම් ගානක් නැතිව ඇති. ඔයාලා ඉන්න රටේ අයට නම මේ දවස් වල හොඳටම පිස්සු හැදිලා ඇති.

      Delete
  9. ජර්මනිය හොටෙල් එකක් හදලා තියෙන්නේ බ්‍රසිල්වලමද..?මිල අධිකම කණ්ඩායම කියලා කිවත් බ්‍රසිල්වල විරෝධතා තියෙනවා නේද මේ ගමන කුසලානේ එහේ තියෙන එකට.?

    ReplyDelete
    Replies
    1. ඔව්. ජර්මනිය මේක නිර්මාණය කර ගන්නේ අනුග්‍රාහක බවතුන්ගේ අරමුදල් වලින්. ඒ ඔවුන් බ්‍රසීලය සපයන පහසුකම් ගැන සැහීමකට පත් නොවුන නිසා. මෙය ගම්මානයක ලෙස නිර්මාණය කර තිබෙනවා. එහි නිවාස දහතුනක් කාමර 65ක් තිබෙනවා. එයට ලඟම ගුවන්තොටුපොළ කිලෝමීටර් 15ක් දුරින් තිබෙනවා. තරගාවලියෙන් පසුව එය කැම්පෝ බහියා නමින් හඳුන්වන මේ සංකීර්ණය හෝටලයක් බවට පත් වනු ඇති.

      Delete
  10. මැරඩෝනා ගේ "Hand of God" ගෝල් එක ජාතියෙ ඒව නවත්වන්න re-play බලන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ. මේ විසඳුම මගින් එවැනි දේ ආවරණය වෙන්නේ නෑ. එය ඉතා විරල සිදු වීමක්. නමුත් ගෝලය දැල තුලට යා හැකි අවස්ථා බොහොමයක් තිබෙනවා පියවි ඇසට නොපෙනී. ඒවා වලක්වා ගන්නයි මේ විසඳුම.

      Delete
  11. me goal line technic eka yoda gath yuthui kiyana mathaya pahu giya wasara dekedee europaya pura football kreeda karana ratawala first division thranga waladee nithrama wisthara wicharakayan wagema specelist la(owun hemoma hitapu prabala kreedakayan)tharanga athrathuradee slowmotion tv darshana yoda ganimin awadaranaya karanwa.denata sathi dekakata withra kalin german bundesliga final ekedee byern münchen pasupela kreedaka dante( Brasila jathika)athin ea wage deyak wuna Borusia dortmund walata erehiwa.ethanadee dante dannethne eya waradak kala kiyala.ein passe me kramaya world cup eken pasuwa digatama kriyathmaka kalayuthi kiyana mathya thawa wediwenawa.mokada bundesliga ekata mulu lokema prabala kreedakayan sahabhagi wenanisa.oyage wisthath maka lipiyata godak sthuthii sudeeka malli thwathawath mewage football gena liyanna!!! Ranjan.düsseldorf

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රන්ජන් අයියා.

      Delete
  12. අපේ ආයතනය මැලේසියාවෙ ක්‍රීඩා ලෝලීන් පිරිසක් යවනවා ලෝක කුසලාන තරග නරඹන්න ටිකට් පත්, හෝටල් ඇතුලුව සියලුම පහසුකම් ලබා දෙමින්....රුපියල් ලක්ෂ 5 කට වැඩියි වියදම....

    ඉතාම මහන්සි වෙලා අප වෙනුවෙන් තොරතුරු ගෙන ආ බව පේනවා..මම ඉතිං ලෝක කුසලාන කාලයට විතරක් පා පන්දු තරග නරඹන්න ප්‍රිය එකෙක්...

    ReplyDelete
    Replies
    1. මමත් ලෝක කුසලාන තරග නම් වරද්දන්නෙම නෑ 1982 ඉඳලා. නමුත් අනෙක් කාල වලත් ක්‍රිකට් සජීවී තරග නැතිනම් බලන්නේ පාපන්දු. මැලේසියාවේ කොහොමත් අපිට වඩා පාපන්දු වලට කැමති රටක්. ඒ නිසා මැලේ රටේ සැණකෙළි තියෙයි මේ කාලේ. පාපන්දු තරග විශාල තිරයේ බලන එක හරිම ෆන් වැඩක්.

      Delete
    2. මැලේසියාවෙ ප්‍රධානම ක්‍රීඩාව පා පන්දු...අඩුම තරමේ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක ක්‍රීඩා පුවත් වලටවත් ක්‍රිකට් තරග ගැන කියන්නෙ නෑ.

      Delete
  13. ස්තූතියි තොරතුරට...
    පොඩි අවුලක්...
    කල ක්‍රීඩකයින් ඇස දෙනෙකු යොදා ගනු ඇත./////
    මේ මක්කෙයි කියන්නෙ....
    මේ පර තේමා ගීතය කියන්නෙ කවද කියල නෑනෙ...
    පිට්බුල් අය්යයි ජෙනි අක්කයි තරහ වෙයි ඕං ඈ
    මං එහෙම දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මගේ ලැප් එකේ P අකුර වැදීමේ පොඩි අවුලක් තියෙනවා. ගූගල් ඉන්පුට් වල පස් කියලා p අකුර නැතිව ටයිප් කලාම එන්නේ ඇස කියලා. බොහොම ස්තුතියි පෙන්වා දීමට.

      ඇත්තටම ලස්සන ගීතය. ඒ ගැන ඊළඟ පොස්ට් එකෙන් කියන්නම්.

      Delete
  14. මේ ගැන සිංහලෙන් කියවපු හොඳ ලිපියක්. සුදීක ක්‍රීඩාවට දක්වන ඇල්ම බොරු ශෝ එකක් නෙමේ කියලා පේනවා පහුගිය ලිපි ටික කියෙව්වාම. හරිම වැදගත්.
    ලැම්පාඩ් අවුරුදු 13කට පස්සේ චෙල්සී ටීම් එකෙන් අයින් වෙනවා කියලා කියනවා. දක්ෂයෙක්.

    ReplyDelete
  15. තවමත් බ්‍රසීලයේ පවතින නොසන්සුන්කාරී තත්වය ගැන තමයි බය හිතෙන්නේ .

    ReplyDelete
  16. අපිත් ඉතින් මේ බලාගෙන ඉන්නේ පටන් ගන්නකන් තමයි.. මුල් වටේ මේ පාරනම් ඉතාලියට ඉන්නේ ලේසියි කියලා හිතන්න පුළුවන් රටවල් ටිකක්.. ඒත් ශුවර් නෑ ගිය පාර වගේ අප්සට් කර ගනියිද කියලා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...