Wednesday, May 28, 2014

මගේ පුංචි ආමඩිල්ලෝ ...... My Little Armadillo

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සුරතළුන් ගැන මා ලියූ සටහනේ අවසන් කොටසේ සඳහන් කළපරිදි තවත් දින කිහිපයකින් ආරම්භ වන 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් තෝරාගෙන ඇති මැස්කොට් හෝ සුරතලා වන ආමඩිල්ලා ගැන. ඔවුන් ආමඩිල්ලා මේ සඳහා තෝරා ගැනීමට හේතුවත් එහිදී සඳහන් කළා ඔබට මතක ඇති. යලිත් මතක් කලොත් ආමඩිල්ලා කියන්නේ ලෝකයේ වඳවීමේ තර්ජනයට ගොදුරු වී ඇති තවත් අහිංසක සත්ව කොට්ඨාශයක්. ඒ ගැන අහන්න සිදු වූ මොහොතේ සිට, මට මේ අහිංසකයා ගැන සෙවීමේ පිපාසාවක් ඇති වුණා. පෙරදින උදෑසන ඒ ගැන හොයා බලන්නත් මා අමතක කලේ නෑ. මේ ගැන කියවන විට මට කුඩා අනුකම්පාව මුසු ආදරයක් මේ සතා  ගැන ඇති වුනා. 


නැෂනල් ජෝග්‍රැෆික් වෙබ් අඩවියේ ආමඩිල්ලා ගැන තිබූ මේ සටහන පරිවර්තනය කරන්නට සිතුවේ, සයිබර් අවකාශයේ සිටින සංවේදී පාඨක පිරිස සහ ඔවුන්ගේ දූ දරුවන් සමග එය බෙදා ගැනීමේ අරමුණෙනි.
ආමඩිල්ලා පිලිබඳ ජීවන විස්තර Armadillo NGC National Geographic article translated
ආමඩිල්ලෙකු වනයතුල බිම් ස්ථරය පීරමින් අහර සොයන අන්දම. ඔවුන්ට
ඉතාම දුර්වල  පෙනීමක් ඇති නමුදු, තියුණු ආඝ්‍රහණ ශක්තියක් සහ
හෑරීමට උපකාර වීම සඳහා දිගු නිය පෙළක් පිහිටා ඇත. 

ලතින් ඇමරිකානු භූමි ප්‍රදේශය තුල දැනට ජීවත් වන්නේ 20ක් පමණ ආමඩිල්ලන් ප්‍රබේද වලින් එක් වර්ගයක සතුන්ය.  වඩාත් හුරුපුරුදු මුදු(පිට මත පිහිටා ඇති කටු කොටස්) නවයේ ආමඩිල්ලන් ප්‍රබේදය එක්සත් ජනපදයත් ඇතුළුව ඔවුන් ජීවත් වන කළාපය තුල වාසය කරයි.

කහ පාටින් පෙන්වා ඇත්තේ 
ආමඩිලලන් වාසය කරන 
ප්‍රදේශයයි.
__________________________

ආමඩිල්ලෝ යනු "කුඩා ආරක්ෂක ආවරණයක් ඇත්තා" යන තේරුම දෙන ස්පාඤ්ඤ වචනයකි. එයට හේතුව මෙම සත්ත්වයාගේ හිස, පිට, පාද සහ  වලිගය වසා පිහිටා ඇති විකාරරූපී තද
කටුපෙළක්(ඉබිකටුව වැනි)  සහිත මැවිල්ලක්  නිසාය. එවැනි කටුවකින් සැරසීගත් දැනට ජීවත් වන එකම ක්ෂීරපායී සත්ත්ව ප්‍රබේදය ලෙස ආමඩිල්ලන් සැලකේ.    



|  අඩි 6 ක් උස මිනිසෙකුට සාපේක්ෂව
|  ආමඩිල්ලකුගේ ප්‍රමාණය.

|   ___________________________
| තොරතුරු කෙටියෙන්
|
|  වර්ගය : ක්ෂීරපායි
|
|  ආහාර රටාව : සර්වභාක්ෂක
|
|  සාමාන්‍ය ආයුකාල පරාසය : 
|  අවුරුදු 12 ත් 15 අතර
|
|  ප්‍රමාණය : අඟල් 5 සිට 59 දක්වා (සෙ.මී. 
|   13 සිට 150 දක්වා)
|
|  බර : අවු. 3 සිට රා. 120 දක්වා (ග්‍රෑ. 85
|  සිට කි.ග්‍රෑ. 54 දක්වා)
|
|  ආරක්ෂක තත්වය :  අනතුරුදායකයි
|
|  ඔබ දන්නවාද ? : මුදු නවයේ 
|  ආමඩිල්ලන් රතවාහනවලාට යට 
|  වීමේ අවාසනාවන්ත ප්‍රවනතාවක් වී
|  ඇති අතර එය "වේග පාලක ගොඩැල්ල" 
|  යන අන්වර්ථ නාමය ලැබීමට හේතු වී ඇත.
|
ඈන්ට් ඊටර්ස් (කුහුඹුවන් පමණක්
ආහාරයට ගන්නා කබැල්ලෑ වර්ගයක්) සහ ස්ලොත් නමැති සත්ත්ව විශේෂයන්ට ඉතා ළඟ නෑකම් දක්වන ආමඩිල්ලන්ට උල් හෝ සවලක් මෙන් හොම්බක් සහ කුඩා ඇස් ඇත. ඔවුන් ශරීර ප්‍රමාණයෙන් ඉතා විශාල වශයෙන් වෙනස්කම් දක්වයි. සෙන්ටි මීටර් 15(අඟල් 6) සිට සැමන් මාළුවාගේ රෝස පැහැයට සමාන මීටර්1.5 (අඩි 5 ක්) පමණ දිග ආමඩිල්ලන්ද,  තද දුඹුරු ආමඩිල්ලන්ද වේ. අනෙකුත් සතුන් කළු, රතු, අළු හෝ කහ පැහැයට හුරු වර්ණයන්ගෙන් යුක්තය.

සෑම ආමඩිල්ලකුටම තමන්ගේ කටුව තුලට රිංගා ගැනීමට නොහැකි බව ප්‍රතිවිරුද්ධ සිට  පොදු අදහස් දක්වන්නන්ගේ පිළිගැනීමයි. මුදු(පිටේ ඇති කටු) තුනේ ආමඩිල්ලන්ට පමණක් තම කටුව තුලට රිංගා ගත හැකිවන අතර, තම හිස සහ පිටුපස පාද රැලි ගන්වමින් සහ උන්ගේ කටුව පාලනය කරමින් තද බෝලයක් සේ ක්‍රියා කරන්නේ විලොපීයන් පලව හැරීමටය.

ආමඩිල්ලෝ වැසිවනාන්තර, තෘණභූමි සහ අර්ධ-කාන්තාර  ඇතුළුව උණුසුම් සහ සමෝෂ්ණ වාසස්ථාන වල ජීවත් වේ. ඔවුන්ගේ අඩු පරිවෘත්තීය අනුපාතය සහ ඌන මේධ තැන්පතු නිසා සීතල ඔවුන්ගේ සතුරෙක් වන අතර  පමණ ඉක්මවා සිදුවන හදිසි ජල ගැලීම්  සමස්ථ ගහනයම අතුගා දැමීමට ප්‍රමාණවත්ය.

බොහෝ විශේෂයන් ගුල් හාරා දිනකට පැය 16 පමණ ඵලදායක නින්දක් ලබා ගන්නා අතර, හිමිදිරියේ සහ සහ සන්ධ්‍යාවේ  කුරුමිණීන්, කුහුඹුන්, වේයන් සහ අනෙකුත් කෘමීන් ආහාරයට ගැනීම සඳහා බලා හිඳීී.  ඉතා දුර්වල ඇස් පෙනීමක් සහිත  මොවුන් දඩයම් සඳහා භාවිතා කරන්නේ තියුණු ආඝ්‍රාහන ශක්තියයි. ශක්තිමත් පාද සහ තියුණු නිය  හෑරීම සඳහා ඉවහල් වන අතර දිගු ඇලෙනසුළු දිව කුහුඹුවන් සහ වෙයන් ඔවුන්ගේ තුඹස් වලින් ඇද ගැනීමට යොදා ගනී. කුහුම්බුවන්ට අමතරව ආමඩිල්ලන් කුඩා පෘෂ්ඨවංශිකයන්, පැලෑටි සහ සමහර පලතුරු වාගේම ඉඳහිට මලකුණුද ආහාරයට ගනී. 

සියළුම සත්ත්ව කොට්ඨාශයන්හී ගහන අගයයන් තර්ජනයට ලක්වන්නේ නිජබිම් අහිමි වීම නිසා  සහ අධි-දඩයම් නිසාය. උතුරු/දකුණු ඇමරිකාවල බොහොමයක් දෙනා ආමඩිල්ලන් පරිභෝජනයට ගන්නේ ඔවුන්ගේ මස ඌරු මස් වලට රසයෙන් සහ ස්වහාවයෙන් සමාන බැව් කියමිනි. වර්තමානයේ මුදු - නවයේ ගහනය වර්ධනය වුවද,  රෝසපහැති දිව්‍යමය වර්ගය ඇතුළු බොහෝ විශේෂයන් තර්ජනයට ලක්ව ඇත. 

නැෂනල් ජෝග්‍රෆික් වෙබ් අඩවියේ  (This is a translation of article published in National Geographic Web Site) පලවූ http://animals.nationalgeographic.com/animals/mammals/armadillo/ ලිපියේ පරිවර්තනයකි. 

44 comments:

  1. අපරාදේ.. මට තිබුනේ ඕන වෙලාවට ගූගල් කරල බලන්න ... ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මේක වෙන තැනකට දාපු කමෙන්ට් එකක්ද ?

      Delete
  2. සතා ගැන නම් කියෙව්වා.. දැන් මුගෙයි පාපන්දු මෙවා එකෙයි සම්බන්දෙ මොකද්ද? එක බාන්න ආයෙ පරන පොස්ට් කියවන්න වෙනවනේ.. :3

    ReplyDelete
    Replies
    1. ජුනි 12 බ්‍රසීලේ රියෝ නගරයේ ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුරතලා(Mascot) වශයෙන් තෝරාගෙන තියෙන්නේ ආමඩිදිල්ලෝව.

      Delete
  3. ලංකාවේ ඉන්න ඈයා ගේ ලගම නෑදෑයෙක්ද කොහේදෝ

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete
  4. මේ සතා ලංකාවේ ඉන්න "ඈයා"ගේ ලගම නෑයෙක් වගේ

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ රටේ ඉන්න සතාත් වඳවී යාමේ තර්ජනයට ලක් වෙලා.

      Delete
  5. අපේ කබැල්ලාවත් මේකමයි මයෙ හිතේ. හැබ්යි ඌටත් ඉතින් දෙයියන්ගේ පිහිටම තමා. මස් වලට ගේම දෙනවා ඕසෙට. යාපනේ යන අයගේ ෆේවරිට් බයිට් එකක්.

    ReplyDelete
    Replies
    1. යාපනේද ඉන්නේ ? අපේ තාත්තා බිබිලේ වැඩ කරපු කාලේ කාලා ටිබුණා. මටත් වැලිකන්දේදී දෙන්න හැදුවා. මම කෑවේ නෑ.

      Delete
    2. ඔය ඇයයි කබැල්ලෑවයි කියන්නේ එකම සතාට නේද? මාතලන්

      Delete
    3. මම දන්න විදියට නම් එහෙමයි නලීන්...

      Delete
    4. ඈයා, කබැල්ලෑව = Pangolin/scaly ant-eater
      Armadillo ටිකක් ඒවගේ ඒත් වෙනස් සත්ව විශේෂයක් (different species)

      Delete
  6. කූබි පෘශ්ඨවංශීන්ද...????

    ReplyDelete
  7. මටත් හිතුනේ මූ කැබැල්ලෑ වර්ගයක් කියලයි. කැබැල්ලෑවගෙ වෙඩි තියලාවත් මරන්න බෑලු. හැබැයි හරියටම උගේ ඔලුවට පුංචි කෝටු කෑල්ලකින් ගැහුවත් මැරෙනවලු. දඩයක්කාරයො කැබැල්ලෑවෙක් දැක්කම කෝටුවකින් ඌට තට්ටු කරනවලු. ඌ හැකරැල්ලා වගේ කෝටුවේ වෙලුනම අරන් එනවලු..

    ReplyDelete
    Replies
    1. ඊගාව දවසේ දඩයමේ යනකොට තුවක්කුව තියලා කොටු කෑල්ලක් අරන් යන්න ඕනේ...:D

      Delete
    2. මේ කතාව මගේ හිත සසල කළා.

      Delete
    3. මට මතක් වුනේ ස්වර්ණවාහිනිය.කවුරුහරි සියදිවි නසාගත්තහම ඒක කරගත්ත විදිය පියවරෙන් පියවරට අපූරුවට ප්‍රවෘත්ති වල පෙන්වනවා.ඒක බලාන ඉඳලා තව දෙන්නෙක් පහුවදාට කරනවා. තුවක්කුවලට වඩා කෝටු ලාබයිනේ.විහිලුවට වගේ වුනත් මනෝජ් කිව්ව දේටත් මගෙ හිත සසල වුනා.

      Delete
  8. දැකල තිබ්බට විස්තර දන්නේ අද. වටින ලිපියක් සුදීක අයියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම කලේ පරිවර්තනයක්.

      Delete
  9. කැබැල්ලෑවා / ඈයා / ආමැඩිල්ලා එකම පවුලෙ උදවිය වෙන්න ඇති...මේ ලගදි විශාල ආමැඩිල්ලෙක් ගැන ප්‍රවෘත්තියක් යාහූ නිව්ස් වල තිබුනා වගේ මතකයි...සිදුවීම මතක නෑ ....අපි නොදන්න යමක් ජාලයෙන් පෙරලලා මෙතනට අරගෙන ඒමට ගත්ත උත්සාහය අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ සිරා අපේ එකා ගැන තවමත් මෙයාලා දන්නේ නෑ. මේ රටවලත් ඒ පවුලේ අය ඉන්න බව දන්නවා නම් ? හැබැයි අපේ කට්ටිය උන්ව ඉවර කරන්න කලින්.

      Delete
  10. ඇත්තටම මේකා සුරතල් සතෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. හම්බ වුනොත් හදන්න පුළුවන්.

      Delete
  11. අලුතින් දෙයක් දැනගත්තා. ස්තුතියි සුදීක. ලංකාවේදී කබල්ලෑවෙක් කියල එකෙක් දැකල තියෙන්නේ මම එකම එකපාරයි ඇහැට. ඒත් යාලේ මැරුණු සතෙක්. ඒ ජාතියේ සත්තු තාම ඉන්නවද කියල මට හිතුන මේක දැක්කම.

    ReplyDelete
    Replies
    1. අනේ මටත් දකින්න ලැබුණොත් ?

      Delete
  12. මෙයා ගැන නම් ඇහුවමද කොහෙද? පේන්නේ සත්තු කීප දෙනෙක්ගේ ලක්ෂන එකට වෙලා හැදුනු කෙනෙක් වගේ...:)

    ReplyDelete
    Replies
    1. මේ ඔයා මං ගැන අහල තියෙනවද මෙයා ... :D :D

      Delete
    2. හපොයි මෙයා නොදන්න කෙනෙක් ඉන්නවද? පැණිලූශානේ? :D:D

      Delete
    3. ඔයාට ඒ ගමන මාව ඔයාගේ honey වගේ පේනවද ? හැක හැක හැක මාරයිනේ අප්පා ...
      (තිත් දෙකයි ඩී)

      Delete
  13. වටින ලිපියක්, ගොඩක් දෙ මේ පොඩි සතා ගැන ඉගෙන ගත්තා, මේක කියවද්දී මට මතක් උනේ අපේ ඉස්කෝලේ විද්‍යාගාරයේ බිත්තියේ ගහල තිබුණු කබල්ලෑවගේ හම.

    ReplyDelete
  14. ස්තූතියි තොරතුරුවලට...
    මට පිංතූරෙ දැක්කාම ඉස්සරෝම හිතුනෙ ආමඩිල්ල කියන්නෙ කූඹි කන්නට කියල.. ඒත් බලං ගියාම මේක උගෙ ඥාතියෙක් නෙව..

    ReplyDelete
  15. පාපන්දු ගැන ලියද්දි මේවත් දැනං ඉන්න ඕනි.එතකොට ලියන දේ ලස්සන කරන්න පුළුවන්.සමහර විට මේ ලෝක කුසලානයේ නින්ද්‍රාගත සේ පෙනෙන කණ්ඩායමක් අවදි වී සිය දිගු දිව යොදා බලාපොරොත්තු නොවන තරම් දුරකින් ඉන්න සතුන් දඩයම් කරන අයුරින් දක්ෂයැයි හංවඩු ගැසූ කන්ඩායම් දඩයම් කරන විට ඊට හොදම උදහරණය ලෙස ආමඩිල්ලෝම යොදා ගත නොහැකිද?
    වරක් අරුණ මුදුන්කොටුව නම් මගේ මිතුරෙක් නාට්‍යයක් කළා.ඔහුත් මේ දේශපාලන නිද්‍රාව ගැන කතා කරන්න මේ වගෙ සතෙක් උදහරණයකට අරං තිබුණා.මට මතක නෑ.නාට්‍යයේ නම ශිශිරතරණය

    ReplyDelete
  16. මේ ප්‍රවෘත්තියත් ටිකක් බලන්නකෝ http://www.chinanews.com/tp/hd2011/2014/01-25/296214.shtml

    හර්ෂ

    ReplyDelete
  17. පුට් බොල් නං අරහං කතාව නියමයි

    ReplyDelete
  18. සුදීක ගේ වෙහෙස නිසාම මේ සැරේ පාපන්දු ලෝක කුසලානය ගැන වෙනදට වඩා වටපිටාව ගැන අවධානය යොමු වෙනවා ,ස්තුතියි සුදීක .

    ReplyDelete
  19. අදයි මේ සතා ගැන ඇහුවේ.....

    ඇත්තට ම අහිංසක සතෙක් නෙව.. ස්තූතියි දැනුමට යමක් එකතු කිරීම ගැන සුදීක

    කුරුටු ගෑ ගී පවුර

    ReplyDelete
  20. මෙහෙම සතෙක් ගැන ඇහුවමයි මම. බොහොම ස්තුතියි

    ReplyDelete
  21. මම නම් අහලා තිබ්බට දැකලා නෑ මේ වෙනකන් නම්..

    ReplyDelete
  22. ඈන්ට් ඊටර් ල ගැන අහල තිබ්බට මෙහෙම සතෙක් ගැන ඇහුවමයි.

    ReplyDelete
  23. පොටොස් ටික පෙන්නන්නෙ නැ නේ

    ReplyDelete
    Replies
    1. කන්නාඩි දෙක දාගෙන බලහං

      Delete
  24. සම්පුර්ණ විස්තරයක් ලබා දීම ගැන ස්තුතිය.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...