Thursday, May 1, 2014

ATM කාඩ්පත මිතුරන්ට දී මුදල් ගෙන්වා ගන්නා අයටයි. Those who send others to ATM

අද උදේ ලාස්ට් රෝ එකේ සටහනක් කියවත්දී තමයි මේ සටහන තබන්න අදහස ආවේ. ඒක ටිකක් හාස්‍යය පදනම් වෙච්ච කතාවක්. මීට කලින් දේශ් සටහනක් තියලා තිබුනා කාඩ්පත හොරකම් කරපු සිද්ධියක් ගැන. "යාලුවෙකුට දීලා සල්ලි ටිකක් ගෙන්න ගත්තම මොකද වෙන්නේ ?  යාලුවා මට විශ්වාස නම්" ඔබට එහෙම හිතෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වැරදි වැඩේ කරනවා. වැරදි වැඩේ නෙවේ නීති විරෝධී ක්‍රියාවක්. බොහෝ බැංකු වලින් නිකුත් කරන කාඩ් වල පිටුපස ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒත් සමහර බැංකු ඒ බව කෙළින්ම සඳහන් නොකර "කාඩ්පත සමග නිකුත් කල නීති-රීති වලට එකඟව මෙය භාවිතා කල යුතුය" වැනි අදහසක් මුද්‍රණය කර තිබෙනවා. මම සේවය කරන මහජන බැංකුව නිකුත් කරපු කාඩ්පතේ පිටුපස ඡායාරුපයක් පහතින් බලන්න
ක්‍රෙඩිට් කාඩ් සොරකම් අන්සතු කිරීම ඩෙබිට්

මම විශ්වාස කරනවා මේක කියවන ඔබ, කවදාවත් කාඩ්පත පිටුපස තිබෙන මේ කොටස කියවා නැති බවට. එහෙම කියවන කෙනෙක් ඉන්නවා නම්, මට කියන්න තියෙන්නේ "ඔබ බොහොම ප්‍රවේසමෙන් කටයුතු කරන කෙනෙක්" බවයි. තේරුණේ නැති වුණත් මේවගේ කාඩ්පතේ පිටුපස, එහෙමත් නැත්නම් කාඩ්පත සමග තිබෙන ගිවිසුම කියවා බලන ලෙස මා ඉල්ලා සිටිනවා. ඔබ නීතිඥවරයෙක්/වරියක් නම් අනිවාර්යයෙන්ම මෙය කියවනවා සිකුරුයි. මොකද ඔවුන්ගේ වෘත්තීය අනුව ගිවිසුම් එහි කොටසක්. මෙහි අත්සන තබන කොටස මා මකා දැමුවා. කාඩ්පත ලැබුණු විගස අත්සන තැබීම ගනුදෙනුකරුවාගේ වගකීමක්. බොහෝ බැංකු ඔවුන් ඉදිරියේම මෙම අත්සන තැබීමට ගනුදෙනුකරුවන් පොළඹවනවා. අතීතයේදී නම් ATM යන්ත්‍ර සඳහා පමණක් තිබෙන කාඩ්පතට(මෙවැනි කාඩ් Proprietary කාඩ් වශයෙන් හඳුන්වනවා) අත්සන් තැබීම අත්‍යාවශ්‍ය වන්නේ නෑ. නමුත් දැන් බොහෝවිට ඔබ අතට ලැබෙන්නේ හර කාඩ්පතක්. 

හර කාඩ්පතක් කියන්නේ කුමක්ද ? කියලා පොඩි සඳහනක් කරන්න වටිනවා. ජාත්‍යාන්තර වීසා (VISA) ආයතනට අනුව නම් Debit Card කියන්නේ ඔවුන් සතු සන්නමක්(Product)  පමණයි. බොහෝවිට VISA Electron කාඩ් පතක් තමයි මහජන බැංකුවේ අපි ගනුදෙනුකරුවාට ලබා දෙන්නේ. අනෙකුත් බැංකුත් Electron කාඩ් පත ලබා දෙනවා. VISA Plus කියන්නේ තවත් එවැනි සන්නමක්. මාස්ටර් කාඩ් ආයතනය සතුවත් ඔවුන්ට ආවේනික සන්නම් තිබෙනවා. නමුත් මේ කොයි නමින් ලැබුනත් මේවාගේ භාවිතය පොදුයි. ඒ කියන්නේ හර නැත්නම් Debit. මේවා බැංකුවල ඉන්නා කෙනෙකුට මේ වගේ වර්ගීකරණයක් තුලින් දකින්න ලැබුනත්, සාමන්‍ය ගනුදෙනුකරුවන් වන ඔබට ATM කාඩ්පතම පමණයි. බොහොම සවල්ප දෙනෙක් තමයි මෙය හර කාඩ්පත ලෙස භාවිතා කරන්නේ. 

කලින් සඳහන් කළා වගේ ඔබට හිතෙන්න පුළුවන් "ඉතිං යාලුවා අතේ යවලා සල්ලි ගෙන්නා ගත්තොත් මොකක්ද තියෙන වරද  ?" කියලා. හොඳයි, වරදක් නෑ ? මම අහනවා සීයට කීයක් යාළුවාව විශ්වාසයිද කියලා. 100% නැත්නම් ඉතිං ඔයාලා පරාදයි. මොකද 10% වත් ඔවුන් වංචාකාරීනම්  ඒ ඇති. ලෝකය පිළිගන්නා විදියට මිනිසාගෙන 10% ක් පමණයි එලියට පෙනෙන්නේ, 90% ක්ම පිටතට පෙන්වන්නේ නෑ. ජලයේ පාවෙන අයිස් කුට්ටියකට තමයි මිනිස් සිත සමාන කරන්නේ. 

මම දැකලා තියෙනවා මේ දේ වැඩියෙන්ම කරන්නේ හමුදාවේ අය. එකවර කාඩ් පහක්-හයක් අරං ඇවිත් මුදල් අරගෙන යන. හමුදාවේ නිලධාරීන්ට "බඩී" කෙනෙක් ඉන්න නිසා ඔහුව සියළු කටයුතු වලට කඩේ යවනවා ඇති. ඒ වුනත් ඔබ නිසි අවධානයකින් නොසිටියහොත් මේ ක්‍රියාවලියෙන් කරදර වෙනවා. මෙහෙම වුණාම බැංකුවටත් බොහොමයක් කරදරයි. නමුත් ඔබේ කාඩ්පත අන්සතු කරනවා නම් එහි පූර්ණ වගකීම ඔබටම බාර ගන්න වෙනවා. ඇත්තටම මෙතනදී වඩාත් අවදානම් PIN අංකය වෙනත් කෙනෙක් දැන ගැනීම. අපේ බැංකුවේම සහෝදර සේවිකාවන් දෙදෙනක් අතරේ සිදු වුන සිද්ධියක් මතකයට නැගෙනවා

මදුවන්ති සහ දුෂිකා නවක සේවකයන් ලෙස පත්වීම් ලබා බැංකුවට එකතු වෙන්නේ එකම දවසේ. කන්නේ -බොන්නේ, යන්නේ-එන්නේ එකට. බොහෝවිට දුරබැහැර රාජකාරි වලට යනවා නම්, මේ දෙදෙනා එකටම යන්න පුරුදු වෙලා හිටියා. මධුවන්ති බොහොම අහිංසක චරිතයක් කියලා බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ කථා බහෙන්. නමුත් දුෂිකා   ගුප්ත චරිතයක් බව බොහෝ දෙනා කථා වුණා. බැංකුවේ වුනත් බොහෝ දෙනා කරපු දෙයක් තමයි පෙට් එකට(ATM යන්ත්‍රයට බොහෝ දෙනා කියන්නේ මෙහෙම) කවුරු හරි යනවා නම් කාඩ්පතයි PIN අංකයයි යවලා මුදල් ගෙන්වා ගන්න එක. මුල් කාලයේ තමන්ගේ පාස්පොත යාවත්කාලීන කරනකන් අර මිතුරා හෝ මිතුරිය කරපු ගනුදෙනුව කොපමණද කියලා කිසි කෙනෙක්ට දැන ගන්න ක්‍රමයක් තිබුණේ නෑ.(නොතිබුනාම නොවෙයි, බොහෝ දෙනා එය භාවිතා කලේ අඩුවෙන්. අවසාන ගනුදෙනු පහක් පෙන්වන MiniStatement එක තිබුණත් නිතර භාවිතා කලේ නෑ) ඒත් විශ්වාසය සහ ඒ වගේ තත්වයට(අගහිඟ කම් නිසා හොරකමට)  පත් වන අය බැංකු වල නැති නිසා මේවා කරදරයක් නැතිව සිදු වුණා.  සේවය කරපු තැන ඉඳලා පෙට් එකට මීටර් සීයක දුරක්වත් නැති වුණත් මධුවන්ති කම්මැලි කමට දුශිකා අතේම යවලා මුදල් ගෙන්වා ගත්තා. ඒ වගේම එහෙම යන ගමනකදී ඒ වගේ අවශ්‍ය අයට මුදල් ගෙනවිත් දීමට දුෂිකා කාරුණික වුණා. 
SMS Alert නැති 1990-2000 වගේ කාලයේදී තමන්ගේ ගිණුමෙන් සහ ක්‍රෙඩිට් කාඩ් පතෙන් කල ගනුදෙනු කිහිපයක් ගැන මධුවන්ති දැන ගන්නේ බොහෝ කාලයකට පස්සේ. ඇය තමන්ගේ ප්‍රධාන කළමනාකරු වෙත මේ බව දන්වනවා. අන්තිමේදී ක්‍රෙඩිට් කාඩ්පතින් මිලදී ගැනීම කරලා තිබුණේ පිටකොටුවේ රත්‍රන් භාණ්ඩ වෙළඳ සැලකින්. ඉතාම සූක්ෂම විදියට දුෂිකා වෙනත් ශාඛාවක පරිගණකගත කිරීමේ කටයුත්තකට පිටත් කරලා, එම වෙළඳ ආයතනයේ කැමරා(ඒ කාලේ තිබුනේ VHS පටි වල සටහන් වන පැරණි ක්‍රමයක්) පද්දතියේ සටහන් වී තිබූ වීඩියෝ පට වලින්, සැකකාරිය හඳුනා ගන්නවා. නමුත් බැංකුව පැත්තෙන් ලොකු දඬුවමක් දුෂිකාට හිමි නොවෙන්න හේතුව මගේ මිතුරන්ට මා ඒ කාලයේත් පැහැදිලි කළා. මෙවැනි කරුණු සඳහා පොලිස් පැමිණිල්ලක් මත උසාවිය මගින් ඇය වැරදි කරු වීම අවශ්‍යයි. ඒ සඳහා මදුවන්ති ඉදිරිපත් වුණේ නෑ. නමුත් සියළුම දෙනා දුෂිකා වර්ජනය කළා. මෙයින් බැංකුව තුල සිදු වී තිබුණේ කාඩ්පත් සොරා ගැනීම පමණයි. නමුත් කාඩ්පත් නැති වූ බව මධුවන්ති චෝදනා කර නෑ. හේතුව එසේ නැති වීම ඇයට නොදැනුන නිසා. ඒ සැකකාරිය යලිත් තිබූ ආකාරයටම ඇගේ කාඩ්පත් බෑගයට දැමූ නිසා. 
මධුවන්තිට අවුරුදු ගණනක් වැටුප් වර්ධක තහනම් වුයේ නොසැලකිල්ල නිසා. දුශිකා වෙනත් ස්ථානයකට මාරු කර යැවුනා. මධුවන්තිගේ කාරුණික කම නිසා දුෂිකාගේ රැකියාවට අනතුරක් වුයේ නෑ. 

 අද මේ වගේ ගනුදෙනුවක් සිදු වනවා නම් SMS Alert මගින් අදාළ ගනුදෙනුකරුවාට මොහොතකින් දැනුම් දෙනවා. එනිසා මෙවැනි අවස්ථා වලට ඉඩකඩ නෑ. කොහොම වුනත් තමාගේ කාඩ්පත වෙනත් අයෙකු අත යැවීම එතරම් නුවණට හුරු වැඩක් නොවෙයි. මොකද කුමක් හෝ තාක්ෂනික ගැටළුවක්, එහෙමත් නැතිනම් ඔබගේ ජංගම දුරකථනයේ බැටරි අවසන් වූ මොහොතක මෙය සිදු වන්න පුළුවන්. හිතාමතා එවැනි දෙයක් කරන කෙනෙකුට ජංගම දුරකථනය නිහඬ(Silent Mode) තත්වයට පත් කර එසේ කරන්න පුළුවන්. කුමක් හෝ හොරකමක් සිදු වූ විට පොලීසිය රාජකාරි කරන්නේ ලඟම ගැවසෙන පුද්ගලයන් සැකකරුවන් කරමින්. එහි සැඟවුණු සත්‍යයක් තිබෙනවා. හේතුව මෙවැනි බොහෝ හොරකම් සිදුකර තිබෙන්නේ ලඟින්ම සිටිනා අයෙකු විසින් වීම. ඉතිං අවදානමට පෙර සූදානම කියලා තියෙන කතාව වගේ, පොඩ්ඩක් කම්මැලි නොවී ATM යන්ත්‍රයට ඔබම යන්න පුරුදු වෙන්න. නැතිනම් පාඩුවේ ප්‍රමාණය කොතරම්ද යන්න තීරණය වන්නේ ඒ වනවිට ඔබේ ගිණුමේ හෝ ක්‍රෙඩිට් කාඩ්පතේ තිබෙන මුදල් ප්‍රමාණය අනුව. ඒ වගේම ඔබ PIN අංකය මෙන් ඔබේ ජංගම දුරකථනයත් ප්‍රවේසම් කර ගත යුතුයි. 

කාන්තාවන් සඳහා විශේෂයි : ඔබේ කාඩ්පත් මෙන්ම අනෙකුත් සියළුම උපාංග පුරුදු වූ නිශ්චිත තැනක තබන්න. එවිට අස්ථානගත වීමක් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ජංගම දුරකථනය සහ කාඩ්පත් සමීපව තැබීම කිසිසේත් අනුමත කරන්න බෑ. මේකට සුදුසු විකල්පයක් තෝරා ගන්න. 

86 comments :

  1. වටිනා ලිපියක්. ස්තුති දැනුවත් කිරීමට. ඒත් සමහර විස්තර ටිකක් අපහදිලිව දැනුණා.
    //ඒත් විශ්වාසය සහ ඒ වගේ තත්වයට පත් වන ය බැංකු වල නැති නිසා මේවා කරදරයක් නැතිව සිදු වුණේ නෑ. //

    ඇයි අන්තිම කොටස කාන්තාවන්ට පමණක්.

    ReplyDelete
    Replies
    1. එතැන පැහැදිලිව නිවැරදි කළා.

      කාන්තාවන්ට විශේෂයි කිව්වට පුරුෂ පාර්ශවයටත් අදාලයි. නමුත් බොහෝ කාන්තාවන්ට කාඩ් පත හොයා ගන්න ටිකක් වෙලා ගත වෙනවා. බස් රථයේදී, දුම්රියේදී, වෙළඳ සැලේදී ඔවුන්ගේ බැගය තුල සියල්ල කලවමේ තිබෙනවා අප දැක තිබෙනවා. අර ප්‍රසිද්ධ ඊමේල් එක ඔයත් කියවලා ඇති. කාන්තාවක් සහ පිරිමියෙක් මුදල් ගන්න ATM එක වෙත යන පියවරවල් විස්තර වෙන.

      Delete
    2. //බස් රථයේදී, දුම්රියේදී, වෙළඳ සැලේදී// යකෝ සුදීක අයිය කාන්තා බෑග් වලට එබෙන්නෙ නැති තැනක් නෑ නෙව බලාගෙන ගියාම! :P

      Delete
    3. මතක තියා ගන්න "ඇරලා තියෙන කවුළුවෙන් ශාන්තුවරයෙක් වුවත් එබී බලනවා". නමුත් අහිතකින් නොවේ. හිටගෙන බස් එකේ ඉන්නකොට මේවා ඉබේම දකිනවා. ඔයා දන්නවද මගේ නිරීක්ෂණ. කාන්තාවෝ විනාඩි දහයකට වරක් තමන්ගේ ජංගම දුරකථනය බෑග් එකෙන් අරගෙන බලනවා කෝල් ආවාද කියලා. සමහරු තමන් විවාහක බව හෝ විවාහ අපේක්ෂිත බව පෙන්වන්නත් මෙය භාවිතා කරනවා. හරියට මුද්ද ඇති/නැති බව පෙන්වනවා වගේ. ඉහිතින් කියපු තැන් තුනේදී එයාලා බෑග් අරිනවා හෝයියා ගාලා, අරන් දුවන එකෙකුට නම් ඒ හොඳටම ඇති.

      Delete
    4. ඔව් ඒක නම් ඇත්ත අයියේ , මගේ හෑන්ඩ් බෑග් එකේ තියෙන බඩු ගොඩත් එක්ක නම් ෆෝන් එක රින්ග් වෙලා ඉවරවෙනක්ල්ම ෆෝන් එක හම්බෙන්නේ නැහැ . කාර්ඩ් එකත් ඒ වගේමයි

      Delete
  2. Seylan bank eke visa card eke kalayak customerge picture 1k demma. Ethakota swipe karanakota POS machine eka bars cashierta me inne card eke real ownermada kiyala adunaganna lesiyi, customerta thiyena risk ekath adui.

    debit/crrdit card walata e wage secure system ekak demma nam Honda nedda?

    Anthima Peliye Galpatha

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. ඒ වුණාට පින්තූරේ දාලා කාඩ් එකක් හදන්න කාලයක් ඕනේ. නමුත් ඩෙබිට් කාඩ් එකක් කවුටරයෙන්ම ගන්න පුළුවන්. ඒකෙ තියෙන අඩුපාඩුව තමයි කාඩ් එක මත නම නැති නිසා අනන්‍යතාව හොයා ගන්න බැරිකම.

      Delete
    2. මගේ ඩෙබිට් කාඩ් එකක අත්සන තිබුනෙ නෑ කියලා දවසක් රෙදි කඩයකදි ඒ කාඩ් එකේ අත්සන දාන්න කියලා පෑනක් දුන්නා මට. මම දැක්ක විදියට අත්සන සසඳලා බැලුව පළමුවෙනි හා අන්තිම වතාව තමයි ඒ. ඒ වෙලාවෙ කරපු පැහැදිලි කිරීමට බ්ලොග් පෝස්ට් එකකුත් දැම්මා.

      Delete
    3. වෙළෙන්දාගේ විමසිලිමත් බව හොඳයි. හැබැයි අත්සන් නොකරපු කාඩ් එක හොරා ගෙනිච්චත් එච්චරයි. දවසක් නුගේගොඩ කීල්ස් එකේ ෆාමසියේ ඉන්න කෙල්ල මට කියනවා කාඩ් එකේ අත්සන් නොකර ඉන්න එක තමයි වඩාත් ආරක්‍ෂිත. අත්සන් කරලා තිබ්බම හොරකම් කරපු කෙනාට අත්සන කොපි කරන්න පුළුවන් කියලා. මම එතකොට කිව්වෙත් ඔය උත්තරයමයි.

      Delete
  3. ශත පහකට බය වෙන්න දෙයක් නෑ අපෙ කාඩ් උස්සන එකා උගෙ අතින් ගානකුත් එක්කම මට ආයෙ ගෙනත් දෙනවා. "ආ ඉදා මේකවත් බැංකුවට දා ගනින්" කියලා. :) :)

    ස්තූතියි අයියෙ විස්තර ටිකට. මාත් හිටපු ගමන් ගොන් වැඩේ කරනවා. ඒක කම්මැලි කමම තමා. පරිස්සම් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පිට උන්ට දුන්නත් ගෑණිට නං දෙන්නම එපා.. සුදීකට ඒක ලියන්න අමතක වෙලා,ඔන්න මං වැරැද්ද හැදුවා.. :D

      Delete
    2. උස්සන එක වෙනම එකක් නමුත් මේ වගේ දුන්න වෙලාවක පොඩි ජිල්මාට් එකක් දැම්මොත් ?

      Delete
    3. මම ලියන්න ගිය එක මූ ලියලා...

      Delete
  4. මමත් එච්චරම පරිස්සම් නෑ .. දැන්නම් හිතෙනවා ටිකක් සලකලා බැලුවොත් හොඳයි කියලා .

    ReplyDelete
    Replies
    1. තමන්ගේ දේට තමන් පොඩ්ඩක් මහන්සි වුණාට පාඩු වෙන්නේ නෑ.

      Delete
  5. මං අදත් ඔය වැඩේ කළා.. 100% සහ 10% ගැන ගොඩක් හිතන්න වෙනවා..
    ස්තුතියි දැනුවත් කලාට..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්තිම පාරට මට දියං..ඊට පස්සෙ එපා.

      Delete
    2. ඇරලා තියෙන ජනේලයෙන් ශාන්තුවරයෙක් උනත් එබිලා බලනවා කියලා මම කතාවක් අහලා තියෙනවා. අවස්ථාවක් හදලා තියෙනකොට අර 100% විශ්වාස කෙනාට අගහිඟ කමක් ආවොත්. ඒ වගේම හොර හිතක් තියෙන කෙනෙක් වුණොත් ?

      Delete
  6. සුදීක අයියා..මේ සිද්ධියම මගේ වයිෆ්ගෙ යාලුවෙකුට උනා..විවාහ වෙලා මාසයක් ගියෙ නැහැ කෙල්ල වෙඩින් එකට ගනුදෙනු කරන්න යූස් කරේ ATM එකක්..සේරම ඉවර වෙලා අන්තිම සල්ලි ටික ගන්න ගියපු දවසෙ කාඩ් එකේ ඉතුරු පන්සිය ගානයි.. තිහක් විතර අඩුයි.. පින් එක දන්නෙත් එයා විතරයි..අන්තිමට පොලිසිය හරහා ගනුදෙනු උන වෙලාවල cctv චෙක් කරා..

    අරන් තියෙන්නේ අල්ලපු ගෙදරක මල්ලි කෙනෙක්..පොර මෙයා බෑන්ක් එකෙන් සල්ලි ගද්දි පෝලිමේ මෙයා ළඟට පිටිප්සෙන් එයත් සල්ලි ගන්න ඉඳලා..කොහොමහරි මිනිහ පින් එක එන්ටර් කරද්දි බලාගෙන.. පස්සෙ වෙඩින් එකේ වැඩ වලට ගෙදරට යන එන අතරේ අන්තිම දවස් වල හෑන්ඩ් බෑග් එකෙන් කාඩ් එක අරන් ආයෙ දාල තුන් හතර පාරක්ම..දෙක වදිද්දි ගිරව වගේ කිව්වා.. දෙමව්පියන්ට සලකලා පැමිනිල්ල අයින් ස්ල්ලි දෙන පොරොන්දුව පිට ගොඩින් බේරගත්තා..

    ඒත් මාර වැඩේ කියන්නෙ මාසෙකින් විතර පොර බයික් එක බස් එකක වැදිලා නොමැරි බේරුනා.ඒත් දැං ඩිසේබල්.. කකුලක් අප්සට්.

    ReplyDelete
    Replies
    1. පින් අංකය ඇතුලත් කරද්දී නොබලා ඉන්න එක අචාරධර්ම වලට අයිති කොටසක්. අපි සිස්ටම් වල පාස්වර්ඩ් ගහද්දී අනිත් අය ඉවත බලා ගන්නවා. එක තමයි අචාරධර්මය. නමුත් කෙනෙක්ට අවශ්‍ය නම් බලා ඉන්න පුළුවන්. ඒත් බලා ඉන්නවා නම් අහක බලා ගන්න කියන්නත් පුළුවන්. කෙනෙක් සාමාන්යෙන් බලන්නේ නෑ.
      ඔව් සමහරුන්ට සොබාදහම දඬුවම් දෙනවා පුදුම විදියට.

      Delete
    2. විදේශිකයින්ගේ කාඩ් වැඩ කරන් නෑ කීවම අපි උදව්වට එයාලත් එක්ක ඒටීඑම් එක ඇතුලට ගියාමත් පින් එක ගහන්න කලින් අපි දිහා බලලා අපිට කියනවා අහක බලාගන්න කියලා. නැතිනම් ඒ අය කීපෑඩ් එක සම්පූර්ණෙන්ම වැහෙන්න ඒටීඑම් එකට ළං වෙනවා. එහෙමත් නැතිනම් එක අතකින් කී පෑඩ් එක වහගෙන ටයිප් කරනවා.

      Delete
  7. සුදීක අයියා..මේ සිද්ධියම මගේ වයිෆ්ගෙ යාලුවෙකුට උනා..විවාහ වෙලා මාසයක් ගියෙ නැහැ කෙල්ල වෙඩින් එකට ගනුදෙනු කරන්න යූස් කරේ ATM එකක්..සේරම ඉවර වෙලා අන්තිම සල්ලි ටික ගන්න ගියපු දවසෙ කාඩ් එකේ ඉතුරු පන්සිය ගානයි.. තිහක් විතර අඩුයි.. පින් එක දන්නෙත් එයා විතරයි..අන්තිමට පොලිසිය හරහා ගනුදෙනු උන වෙලාවල cctv චෙක් කරා..

    අරන් තියෙන්නේ අල්ලපු ගෙදරක මල්ලි කෙනෙක්..පොර මෙයා බෑන්ක් එකෙන් සල්ලි ගද්දි පෝලිමේ මෙයා ළඟට පිටිප්සෙන් එයත් සල්ලි ගන්න ඉඳලා..කොහොමහරි මිනිහ පින් එක එන්ටර් කරද්දි බලාගෙන.. පස්සෙ වෙඩින් එකේ වැඩ වලට ගෙදරට යන එන අතරේ අන්තිම දවස් වල හෑන්ඩ් බෑග් එකෙන් කාඩ් එක අරන් ආයෙ දාල තුන් හතර පාරක්ම..දෙක වදිද්දි ගිරව වගේ කිව්වා.. දෙමව්පියන්ට සලකලා පැමිනිල්ල අයින් ස්ල්ලි දෙන පොරොන්දුව පිට ගොඩින් බේරගත්තා..

    ඒත් මාර වැඩේ කියන්නෙ මාසෙකින් විතර පොර බයික් එක බස් එකක වැදිලා නොමැරි බේරුනා.ඒත් දැං ඩිසේබල්.. කකුලක් අප්සට්.

    ReplyDelete
  8. වැදගත් ලිපියක් සුදීක අයියේ. මරදානෙ රේල්වේ ස්ටේශන් එක ගාව තියන කමර්ෂල් ATM එකනම් කියල වැඩක් නෑ. පින් එක පෝලිමේ ඊගාවට ඉන්න එකාට හොඳට බලාගත්තැකි.

    ReplyDelete
    Replies
    1. හොඳටම ATM එකට ලං වෙලා අනිත් අතින් වහගෙන PIN එක ඇතුලත් කරන්න. ඕවා නීති මගින් කියන්න අවශ්‍ය නෑ. වෙන කෙනෙකුගේ පින් එක නොබලා ඉන්න එක යහපත් අචාරධර්ම වල කොටසක්. අපේ රටේ මේ දේවල් පිරිහිලා.

      Delete
    2. දවසක් කෙනෙක් පැමිණිලි කරලා තිබුනා ඒටීඑම් කියුබිකල් එකේ මැෂින් දෙක වෙන් වෙන්න මොනවත් ගහලා නැති නිසා එහා පැත්තෙ කෙනාට අනික් මැෂිමෙ කෙනාව පේනවා කියලා. ඒ වෙරිවෙලා සල්ලි ගන්න ආපු කෙනෙක් අතින් ඒ වෙන් කරන වීදුරුව කැඩුන බවත් ඒ වීදුරුව කැඩුන ආකාරය තියෙන වීඩියෝවත් පෙන්නුවාට පස්සෙ ඒ ගනුදෙනුකරු ඒ බව පිළිගත්තා. මොහු විශේෂ වෙන්නෙ ඔහු මාධ්‍යවේදියෙක් බවත් මේ පිළිබඳව රූපවාහිනියේ පෙන්වන බවත් කියපු නිසයි.

      Delete
  9. අපේ ගෙදර හතර දෙනාගෙන් තමන්ගේ කාඩ් එක පාවිච්චි නොකරන්නේ අපේ උන්දෑ විතරයි. හැබැයි එයා ඉන්න තැන තමයි මම හැමදාම කාඩ් එක දාලා සල්ලි ගන්නේ. එයාට ඔය ජිල්මාට් වැඩ ටිකක් නුහුරුයි.

    මට එපාම වෙන දෙයක් තමයි කාඩ් එක හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය ඒ ටී එම් යන්ත්‍රයේ බොහෝ වෙලාවක් එල්ලී සිටීම.

    ReplyDelete
    Replies
    1. කාඩ් එක හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය කිව්වම නියම පණිවුඩයක් දෙන්න මේක මම අවස්ථාව කර ගන්නවා.

      අපේ සමහර ATM වල VISA ලාංඡනය සහිත කාඩ් වලින් අංක 6ක පින් අංකයක් බලාපරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් අංක 4කින් එය අවසන් වෙනවා. දකුණු පැත්තේ උඩම බට්න් එක ඉදිරියෙන් අපි සඳහන් කරලා තියෙනවා "වෙනත් බැංකු කාඩ් සඳහා" කියලා. ඒ කියන්නේ අංක හතරකින් පස්සේ එම බොත්තම එබුවොත් ඉක්මනින් ඊළඟ පියවරට යන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා මෙය දකින්නේ නැතිව බලා ඉන්නවා. අපගේ සේවකමන්ඩලයේ බොහෝ දෙනෙකුත් මෙය දන්නේ නෑ. සියළු දෙනා ඔය බොත්තම නිසියාකාරව යොදා ගත්තා නම් මේ පෝලිම් වලින් සෑහෙන කොටසක් නැති කරන්න පුළුවන්. බොහෝ විට අනුන්ගේ කාඩ් රැගෙන එන්නන් තමයි වෙලාව ගන්නේ. නමුත් හුරු කෙනෙකුට වුවත් පෝලිමේ ඉන්නා විටම කාඩ්පත අතට ගන්න පුළුවන්. පින් අංකය මතකයේ තබාගෙන කඩිසරව යොදන්න පුළුවන්. කලින්ම තමන් ලබා ගන්නට යන මුදල පිලිබඳ තීරණයක ඉන්න පුළුවන්.
      ATM යන්ත්‍රය අසල ඉඳගෙන කල්පනා කරන අය අපටත් ලොකු ගැටළුවක්.

      Delete
    2. ඔන්න ඔය වෙලාවට තමයි මගේ පුෂ්පය විකසිත වෙන්නේ..මෙහෙ නම් අපි ATM එක මොන බැන්කුවට අයිති එකක්ද කියල එච්චර බලන්නෙ නෑ..හෙතුව ඕනම අට්ම් එකකින් සල්ලි ගන්න පුලුවන් අමතර ගාස්තුවක් නැතුව.ඒක නිසාමද කොහේද ගොඩක් ප්‍රසීද ස්තාන වල තියන ATMවල ටිකක් විතර පොලිම තියනව.විශේෂයෙන්ම ඔය සුපිරි වෙළඳසැල් අසල වගේ තැන් වල.
      හැබයි කරුමෙට හරි ඉන්දියනුවෙක් ඕකට ආවොත් ලෙසියෙන් යන්නෙ නෑ.පෝලිමත් එතකොට දෙගුණ තෙගුණ වෙනව..අම්මප ඒ වෙලවට නම් උගේ පරම්පරාවම මතක් කරන්න හිතෙනව

      Delete
    3. වෙනත් බැංකු සඳහා කියන බොත්තම ගැන විදේශිකයින්ගේ පවා දැනුම අඩුයි. ඒ නිසාම ඒ අය අන් අයගේ සහය පතනවා. ඒත් අපි උදව්වට ආවත් මැෂින් එකට අතවත් නොතියන්න වගබලාගන්නවා. නැතිනම් කොහෙන් කෙළවර වේවිදැයි කියන්න බැරි ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් නිසා. කාට සල්ලි ගන්න උදව් කළත් ඒ උදව්ව මැෂින්එක නොඅල්ලා සල්ලි ගන්න කෙනා ප්‍රමුඛ වෙන විදියට කළාම ප්‍රශ්න අඩුයි.

      Delete
  10. මම පොඩි ජිල්මාට් එකක් පාවිච්චි කරනවා මෙතැනදී.. මගේ නිතර ගනුදෙනු කරන ගිණුමේ වැඩිය සල්ලි නෑ. තියෙන්නේ පොකට් මනි ටිකක් විතරයි. ඒක debit card එකක්. අනිත් එකට හම්බෙන excess ටික දානවා. ඒක ගන්නේ හදිසි අවශ්‍යතාවයකදී විතරයි. ඒක නම් කාටවත් දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝදුරට හොඳයි. හිතන්න බැංකුව වැරදීමකින් ඔබේ ගිණුමට ලොකු මුදලක් බැර කරනවා. ඔයා බය නැතිව යාළුවාට කාඩ් එක දෙනවා. යාලුවා මුළු ගණනට වග කිව්වොත් මොකද වෙන්නේ ? වග කීම ගිණුම් හිමිකරු සතුයි.

      Delete
  11. api nam HNB පට්ට.... සල්ලි ටික atm එකේන් එලියට එනවත් එක්කම ෆෝන් එකට sms එක එනවා... හැබයි මේ hnb එකේ උන් අවුරුදු සීසන් එකේ එපා කරා මල රෙද්ද අරකෙන් මේකෙන් බඩු ගන්නලු 10% මෙවුවා දෙනවලු මේ හොටෙල් එකට යන්නලු පිසා කන්නලු කියා කියා එක දිගට ස්පෑම් කොරා මන් ඉතින් ඔය වෙලාවට උඩ යනවා sms එක දැක්ක ගමන් ඇයි යකෝ අහින්සක මගේ රුපියල් 2000 ට විද්දේ කවුද කියලා open කරලා බැලුවාම තමයි ලේ උනන්නේ දැන් නම් 500 බැලන්ස් එක එක නිසා අවුලක් නෑ


    අහා hnb එකේ නම් online අකවුන්ට් එකකුත් හදාගෙන තියන්නේ එකත් පට්ට ගෙදර ඉදන් උනත් සල්ලි transfer කරන්න පුළුවන් බැලන්ස් එක බලන්න රිලෝඩ් කරගන්න තව online පේමන්ට් වලටත් ඇක්ටිවු පෙප්ල් එම ගෙවන්නත් පුලුවන්
    මගේ එක නම් මේ ලගදී බ්ලොක් උනා පාස්වර්ඩ් එක වැරදියට 3 පාරක් ගහලා ආයේ පාස් චේන්ජ් කරන්න තමයි එපා වෙන්නේ බැංකුවට ගිහින් දිග ෆෝම් එකක් ෆිල් කරලා දන්නා ඕනි ඊට පස්සේ සතියකින් විතර ලියුමකින් එවනවා අලුත් ලොගින් ඩිටෙල්ස් එකට පාස්වර්ඩ් එකක් අලුතෙන් දාන්න ගියමා එපා වෙනවා නමේ අකුරක් ගෑවෙන්න බෑ කලින් දාපුවා දාන්න බෑ characters 8 ක් ඕනි අවමය

    ReplyDelete
    Replies
    1. ඔයා කියන ඔය පහසුකම් සියල්ල අපේ බැංකුව ඇතුළු අනෙකුත් බැංකු බොහොමයකත් තියෙනවා. SMS Alert සහ SMS Marketing පටලවා ගන්න එපා. ඒ දෙක දෙකක්. ලංකාවේ නැති වුණත් අනෙක් බොහෝ රටවල ජනප්‍රියම ප්‍රවර්ධන මාධ්‍ය වෙලා තියෙන්නේ SMS. හේතුව කෙටියෙන් ඉක්මනින් ගනුදෙනු කරුවන් වෙත පණිවුඩය ගෙන යා හැකි වීම.

      Delete
    2. ආපෝ HNB ගැනනං කතා කරන්න එපා. මටත් තිබුණෙ HNB එකවුන්ට් තමයි. උං වෙන කිසිම බැංකුවක් නොකරන විදියට කස්ටමර්ලගෙන් ගසාකනව.

      Delete
  12. අපේ අයියටයි පන්සලේ සාදුටයි නම් මං කඩේ ගිහින් තියෙනවා, මං ඉතින් හොඳ බබෙක්නේ :P මේක කියෙව්වට පස්සේ නම් වැඩේ බරපතලකම දැනුනා.. හොඳ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. දෙපැත්තම භයානකයි.

      Delete
  13. අපේ ගෙදර උන්දැත් මගෙන් කාඞ් එක ඉල්ලනවා සල්ලි ගන්ක අද ඉදලා ටිකක් බය කරලා තියන්න ඔිනේ. කාඞ් එක පින් නම්බර් එක හොරකන් කරන්න පුලුවන්, බැංකුව දැන ගත්තොත් කාඞ් එක කැන්සල් කරනවා වගේ ඒවා ටිකක් කියලා සුදික අයියාත් අද ඔය ගැන ලිපියක් ලියලා තිබුනා කිහවාහම අනිවාර්යෙන්ම විශ්වාස කරනවා.
    අපේ පැක්ටිරි වල ළමයි සමහර වෙලාවට අපිට කාඞ් එක දෙනවා සල්ලි ගෙනත් දෙන්න කියලා එහම ගෙනත් දෙන්න බාර ගන්න එකත් වැරැද්දක් නේද? මම නමි ඒ වෙිලාවට ලදුපත ගෙනත් දිලා ගැනලා සල්ලි භාර ගන්න කියනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම බැරිම අවස්ථාවක් ආවොත්, මුලින්ම බැලන්ස් එක බලන්න, ඊට පස්සේ අවශ්‍ය මුදල් ප්‍රමාණය ගන්න, නැවතත් බැලන්ස් එක බලන්න. මේ තුනම මුද්‍රණය කර ගන්න. ඒත් අනුන්ගේ කාඩ් එකක් භාවිතා කිරීම වරදක්.

      Delete
  14. මමත් රස්සාවට ගිය මුල් කාලයේ ඔවන් දෙයක් සිද්ධ වුණා...කාටවත් නෙවී මට..
    ඒක දැනුවත් නොවීමට වඩා විසවාසය නිසි සිදුවූවක්
    ඒත් මගෙ කාඩ් එක ගෙනිච්ච කෙනා ඒකෙන් 5000ක් ඇරන් තිබ්බ...
    ඔයාට හිතෙන්න පුලුවන් අප්පෝ ඒක මොකද්ද කියල ඒත් ඒකෙන් මං පාඩමක් ඉගෙන ගත්ත වගෙම කාඩ් එකත් නැතිවුණා කියල ලියුමක් දීල අලුත් එකක් ගත්ත...
    අර යාලුව පස්සෙ වෙන තැනකට ඩ්‍රාෆ්ට් එකක් ඇවිත් ගියා...
    දැං දැක්කොත් කොහෙදි හරි ටටාකියල යනව මිසක් වැඩි ගනුදෙනුවක් නෑ
    වටිනා තොරතුරු ටිකක් දැනගත්ත ස්තූතියි

    ReplyDelete
    Replies
    1. 500 ක් වුණත් පොඩි ගණනක් නොවෙයි. ඔයාට් ත්‍රී වීල් එකේ ගිහින් අරන් එන්න තිබුණා.

      Delete
    2. දවසක් ආපු පැමිනිල්ලකින් අපිට පැහැදිලි වුනේ කාඩ් හිමිකරුට රුපියල් 2000ක් අරන් එන්න කියලා යාලුවෙකුට කාඩ් එක දුන්නම යාලුවා මුලින්ම රුපියල් 2000ක් අරන් රිසිට් පතත් අරගෙන තමන්ට ඕන මුදල ඊට පසුව අරන් තියෙන බව. 2000ට අදාල රිසිට් එකේ ගිනුම් ශේෂය පෙන්වන නිසා කාඩ් එක අයිති කෙනා කාලයක් යනකන් දැන ගන්නෙ නෑ නෙ. එයා sms alert පහසුකම අරන් තිබුනනම් ඒ වෙලාවෙම දැනගන්න තිබුනා.

      Delete
  15. තැන්ක්ස් සුදීක...

    ReplyDelete
  16. වැදගත් ලිපියක් ..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං.

      Delete
  17. මිනිස්සුන්ගෙ උපන් ගෙයි මෝඩකම් සහ කම්මැලිකම්නෙ සුදීක. මම දැකලා තියනවා සමහරු අනුන්ට තමන්ගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එක පවා දෙනවා බඩු ගන්න කියලා. මමනම් කාගෙවත් ඒවා එහෙම පාවිච්චි කරන්නෙත් නෑ, කාටවත් මගෙ ඒවා දෙනෙන්ත් නෑ.. ඔය බොක්කවල් කියාගෙන ඉන්න උන්ම තමා බොක්කට කෙලලා යන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම දෙනවා නම්, ඒවාගේ තියෙන මුදල් සහ ණය සීමාව ගැන ආසාව අත ඇරලා දෙන්න ඕනේ. මොකද ක්‍රෙඩිට් කාඩ් එක්ක තොරතුරැ ලියා ගත්තොත් පසුව පාවිච්චි කරන්න පුළුවන්.

      Delete
  18. මමනම් කොහොමත් නොකරන වැඩක් , අනික ලොකුවට කාඩ් එක දීලා එකවුන්ට් එකේ සතේ නැත්තම් වස විලිලජ්ජාවයිනේ

    ReplyDelete
    Replies
    1. එහෙම අයියලත් ඉන්නවා. කෝල් කරලා නෑ කිව්වොත්, මචං එහෙනං උඹෙන් අරන් වරෙන් කියන.

      Delete
  19. මට මේ ප්‍රශ්ණ වලට උත්තර දීපං හොඳට කල්පනා කරලා.

    අපේ ඩෙබිට් කාඩ් එකක් නැතිවෙලා තිබිලා හම්බවුනොත් මාස තුනකට විතර පස්සේ, ඒක ආයෙම පාවිච්චි කරන එක අනතුරු දායකද? මම අදහස් කරන්නේ, නැතිවෙලා තිබ්බ කාලෙදි කෙනෙකුට ඔය magnetic strip/chip එකේ තියෙන දත්ත හොරකම් කරලා වෙන කාඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදි හෙමිහිට වැඩේ දෙන්න හැකියාවක් තියෙනවද?

    ඊ ලඟට, කාඩ් එකක් නැතිවුනාම කාඩ් සෙන්ටර් එකට කොහොමද ඒක දැනුම් දෙන්නේ? ෆෝන් එකෙන් විතරද? නැතිනම් ඊ මේල් එකකින් පුලුවන්ද?

    එයාලා කාඩ් එක කැන්සල් කරාම ඒ බව අපිට ආපහු ඊ මේල් එකකින් දැනුම් දෙනවද?

    උඹට මතකද මම ලිව්වා ATM බහිරවයෝ කියලා පෝස්ට් එකක්? දැන් ඒ වෙනුවට එතන හයි කරලා තියෙන්නේ පට්ටම machine එකක්. ඒකේ කාඩ් එක ඇතුලට දාගෙන transaction කරන්න ඕනේ නෑ. කාඩ් එක අතේ තියාගෙන swipe කරලා වගේ ස්ලොට් එකෙන් තියලා ආපහු සාක්කුවට දාගෙන තමයි පාස්වර්ඩ් එක ගහන්නෙත්. ආයේ කාඩ් හිරවිලි, ගිලිලි, අමතක වීම් මොකුත් නෑ. කාඩ් එක ආපහු ගන්නකල් පාස්වර්ඩ් එක ගහන්න දෙන්නෙත් නෑ මේකේ. මගේ ප්‍රශ්ණේ ඇයි ඒ වගේ machine හැම බැංකුවටම හයි කරනන්න බැරි ඔය පරණ හුචක්කු විසි කරලා දාලා?

    ඇයි සමහ්ර ATM කාඩ් වල තියෙනවා වගේ චිප් එකක් හැම කාඩ් එකටම නො එන්නෙ අර magnetic strip එක නැතුව? ඒකට වියදම් යනවා බං වගේ උත්තරයක් දෙන්න එපා මොකද නිකං දෙන සිම් එකේ තියෙන්නෙත් එහෙම එකක් නිසා.

    ReplyDelete
    Replies
    1. //මගේ ප්‍රශ්ණේ ඇයි ඒ වගේ machine හැම බැංකුවටම හයි කරනන්න බැරි ඔය පරණ හුචක්කු විසි කරලා දාලා?// ඔය බැංකුවටත් ඕක පරණ හුචක්කුවක් කියල හිතිල විසි කරන කාලෙක ඕව මෙහේ බැංකුවල හයිවෙලා තියෙයි ලස්සනට. :D

      Delete
    2. හෙන්රි අයියා මගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්න මම උත්සාහ කළා කලින් වතාවක. ඒත් අයියා ගුගල් චැට් බලන් නැද්ද මන්දා.

      චිප් එක තියෙන කාඩ් එකට magnetic stripe එක ත් දමන්නෙ තවමත් චිප් කියවන මැෂින් අඩු ගානක් දකින්න ලැබෙන නිසා ගනුදෙනුකරු අපහසුතාවට ලක් වෙන එක වළක්වන්න. ඉදිරියේදි චිප් කියවන මැෂින් වැඩි වුනාම චිප් එක විතරක් දමපු කාඩ් වැඩි පුර නිකුත් කරාවි. කාඩ් එක swipe කරන එකත් ඒ වගේම තමයි.

      Delete
    3. අනිවාර්යයෙන්ම, ගෙදරදී නැති වෙලා ගෙදරදී හමු වුණොත්, කා ගැනවත් සැකයක් නැත්තනම්, උඹ කාඩ් සෙන්ටර් එකට කිව්වෙත් නත්න, එහෙම හමු වුනේ දවස් දෙකකින් වගේ නම් කමක් නෑ. හැබැයි නැති වුණ තැන උඹ දන්නේ නැත්නම්, හමු වුණේ පැය භාගෙකින් වුණත්, අලුත් කාඩ් එකක් ගන්න එක ගුණයි. උඹ කාඩ් මධ්‍යස්ථානයට කථා කරලා නැති වුණා කියපු වෙලාව තමයි, ඔවුන් කාඩ් පත නැති වූ වෙලාව විදියට සලකන්නේ. එතන ඉඳලා පැය 72 ඇතුලේ(මේක ලංකාවේ සමහර බැංකු භාවිතා කරන සීමාව, වෙනස් වෙන්න පුළුවන් බැංකුවෙන් බැංකුවට) හමු නොවුනොත්. අනිවාර්යයෙන්ම කාඩ්පත අලුත් කරන්න වෙනවා. හිතපන් වැරදි සයිට් එකකට කාඩ් අන්කේ දුන්නා කියලා හිතුණොත්, එත් අලුත් කාඩ් එකක් ගන්න එක නුවණට හුරුයි. සමහර බැංකු කාඩ් එක අලුත් කරන්නම කියන්නේ, ගාස්තු අය කර ගන්න. ඇත්තටම ඔය මැග් ස්ට්‍රිප් එකේ දත්ත කොපි කරන්න නම් ස්වයිප් එකකට යන කාලේ විතරයි යන්නේ. චිප් එකේ තොරතුරු කාඩ් එකෙන්ම ගත්ත ආරංචියක් නම් තාම නෑ.
      හොඳම දේ ෆෝන් එකෙන් කියන එක. ෆැක්ස්, ඊ-මේල් එන්නේ ඊට පස්සේ. කොහොමත් ෆැක්ස් /ඒ-මේල් කලත් කාඩ් සෙන්ටර් එකේ අය ගනුදෙනු කාරයාට කථා කරනවා. කස්ටමර් වෙරිෆයි කරලා තමයි බ්ලොක් කරන්නෙත්. වෙනම දැනුම් දෙන්නේ නෑ. නමුත් අලුත් කාඩ් එක ලැබෙද්දී ඒ බව සටහන් කරනවා.
      ඒක හොඳයි. හැබැයි යුරෝපීය වගේ ජාතීන් ඉන්න රටවල් වලට. අපේ රටේ එළියෙන් ස්වයිප් කරන ස්ලොට් එක හයි කරොත්, කාඩ් වලින් හොර කරන එවුන්ම ඕක මාරු කරනවා. අනිත් එක ගනුදෙනුකරුවන්ගේ එවැනි දේ ගැන දැනුම. බොහොම අඩු දැනුම් ඇති අය වැඩි රටකට ඔයතරම් ලේසි නෑ. එයාර්පෝර්ට් එකේ වගේනම් ඔන්න කමක් නෑ. සමහර මැෂින් වලට යන වියදමත් වැඩියි.
      මැෂින් එකක් පරණයි කියලා විසි කරන්න බෑ. ඒකට ගිය වියදම කොහොමද කවර් වෙන්නේ. අනිත් එක ඕවා වෙන්දේසි කරන්නත් බෑ. බයිබැක් එකක් ආවොත් හරි.
      චිප් වලට උඹ කැමති වුණත් අකමැති වුණත් දෙන්න පුළුවන් උත්තරය ඒවාගේ මිල. මුලින්ම චිප් වලට යන්න වීසා-මාස්ටර් ලට ගෙවන්න වෙන ගාන. ඊළඟට සොෆ්ට්වෙයාර් අප්ග්‍රේඩ් කරන්න යන ගාන, කාඩ් වලට ගැලපෙන ATM/POS වලට යන ගණන් ඩොලර් වලින් එන්නේ. චිප් කාඩ් එකක් කස්ටමයිස් කරන්න අපිට බෑ. ඒවා සමහරවිට ලංකාවෙන් පිටට යවන්න වෙනවා. දැන් ලංකාවේ සමාගම් කරන බව ආරංචියි. ඒ වුණත් උන් දන්නවා රටින් කරන්න යන ගාන, එනිසා උනුත් වැඩි ගානක් ඉල්ලනවා. මැග් ස්ට්‍රිප් කාඩ් අපිටම එන්කෝඩ් කරන්න පුළුවන්. එකකට රුපියල් සීයකට ආසන්න ගාණක් යන්නේ. චිප් එකකට දාහකට වැඩි මිසක් අඩු නම් වෙන්නේ නෑ. ගනුදෙනුකරුගෙන් මේක අය කලොත් කී දෙනෙක් එයිද ? අලුත් කරන්න.

      Delete
  20. වටිනා උපදෙසක්. මගේ අතින් නම් ඔය වැරැද්ද වෙන්නේ නැහැ. කාටවත් දෙන්නේ නැහැ. සාමාන්යෙන් කාඩ් එකක් කෙනෙක් අතට දෙනවිට වුනත් සැලකිලිමත් වෙන්න ඕන කල් ඉකුත් වන දිනය, කාඩ් අංකය, දන්නවා නම් online ගනුදෙනුවලට භාවිතා කරන්න පුළුවන් නිසා. මේ සිද්දිය ගැන බොහෝ අය දන්නෙවත් හිතන්නෙවත් නැහැ. ඒ වගේම ලංකාවේ බොහෝ බැංකු වල කෙඩිට් කාඩ් වලට සල්ලි දාන විට කාඩ් අංකය ලියන්න ෆෝම් දෙන එකත් වැරදි වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේවාට ප්‍රමිතියක් තියෙනවා PCI/DSS කියලා. ඒකට අනුව නම් කොතනකවත් කාඩ් අංකය සම්පූර්ණයෙන් සටහන් වෙන්න බෑ. බොහෝ බැංකු එකත් ස්වයිප් කරලා හරි, කාඩ්පත ඇතුලත් කරලා හරි කරන්න පහසුකම සලසලා තියෙනවා.

      Delete
    2. එතකොට ලංකාවේ සමහර බැංකු ඔය ප්‍රමිති ක්‍රියාත්මක කරන්නේ නැද්ද ?

      Delete
    3. මම හිතන්නේ නෑ ඒක ප්‍රායෝගිකව කිසිම බැංකුවක් ක්‍රියාත්මක කරනවා කියලා. ඒ තරමට අමාරුයි එහි තිබෙන දේ කරන්න.

      Delete
  21. ඉතාමත් වැදගත් කාලින ලිපියක් සුදික.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්.

      Delete
  22. වටින උපදෙස් ටිකක්. අපිනං ඉතිං ඉඳල හිටල ඕව පාවිච්චි කරන නිසා වැඩිය අවුලක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. භාවිතය අනුව තමයි ප්‍රශ්න/තීරණාත්මක බව ඇති වෙන්නේ.

      Delete
  23. හොද උපදෙස් ටිකක් සුදීකයිය. ස්තූතියි ලිපියට

    ReplyDelete
    Replies
    1. මතක තියා ගන්න. යාලුවන්ටත් කියන්න. හමුදාවේ කට්ටියට විශේෂයි.

      Delete
  24. බොහෝම වටිනා ලිපියක්. ඔබට මේ පිළිබඳ ඕනිතරම් අත්දැකීම් ඇති, බැංකුවෙම වැඩකරන නිසා. පුරුද්දක් විදියට මං නම් මගේ බැංකු කාඩ් එක කිසිම හේතුවකට වෙන කෙනෙක්ට දෙන්නෙ නෑ.

    අදයි ඉස්සරෝම මේ පැත්තට ආවෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ පුරුදු තමයි ඒවා. පැමිණීම සතුටක්. තව මේ සම්බන්ධ ලිපි තියෙනවා බලන්න.

      Delete
  25. හොඳ උපදෙස් ටිකක්!
    මැෂින් ආශ්‍රිතව හෙන ගේම්ස් යනවා මේ රටවලත්. හරියට ඊස්ටන් යුරෝපියන් එවුන් ගේම්ස් දෙනවා.
    දැන් මෙහේ තියෙනවා වීසා කන්ටැක්ට් කියලා කාඩ් ෆැසිලිටි එකක්. පවුම් 25කටද කොහෙද අඩු පේමන්ට් එකක් පින් නම්බර් මුකුත් නැතිව කඩේ තියෙන ඒ ගැජට් එකට අතුල්ලාගෙන යන්න තියෙන්නේ. නිකන්ම ගෙවෙනවා. හැබැයි කාඩ් එක නැතිවුනොත් ලෙඩේ තමයි.

    VISA ELECTRONසහ SOLOකාඩ්ස් වර්ග දෙකම මෙහේ දැන් කාලයකට පෙර නැවැත්තුවා.

    ReplyDelete
    Replies
    1. දන්නවද ස්මාර්ට් ෆෝන් එකත් ඕනනම් කන්ටැක් කාඩ් එකක් විදියට භාවිතා කරන්න පුළුවන්. NFC කියන තාක්ෂනය තමයි භාවිතා වෙන්නේ. ජාලයෙන් මේ ගැන කියවන්න පුළුවන්. ලංකාවේ HNB මේක පටන් ගත්තා.

      Delete
  26. මේ වන විට මගේ ATM කාර්ඩ් 2 ක්ම නැති වෙලා ඉවරයි. මං හැබැයි බැංකු වලට දැනුම් දුන්නෙත් නැ.දැන් අවුරුදු 6 ක් විතර වෙනවා. දැනට නම් මුකුත් csae එකක් නම් නැ..... හැබැයි , ගිණුමේ එච්චර සල්ලිත් නැ. ඔයා කියපු කතාව හරි සුදික, ලගම ඉන්න ඇය තමා ඔය වංචාව කරන්නේ. ඔයා වගේම වැඩක් මං දන්නා කෙනෙකුටත් උනා. නඩුත් දාල. punishment transer දීල තමයි වැඩේ ඉවර උනේ....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කාඩ් ඩෙබිට් ඒවා නොවෙන්න ඕනේ. අනිත් එක නැති වීමයි හොරකමයි අතර වෙනසක් තියෙනවා. හමු වූ කෙනා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පින් අංකය නැතිනම් පරණ Proprietary කාඩ් වලින් නුදල් ගන්න බෑ. ලඟම ඉන්න අය වංචා කරන්න හේතුවක් තමයි ඔයාගේ ආර්ථික තත්වේ එයා දන්නවා. නමුත් ඔයාට තරම් ඉතිරියක් නැති කෙනෙක් වීම. ඒ වංචාව කරන්නේ පොඩි ඉරිසියාවකුත් එක්ක.

      Delete
  27. ATM කාඩ් එක දාල තියන කවරෙම පින් නම්බර් එකත් දාගෙන තියන් ඉන්න මිනිස්සු ඉන්නවනෙ අයියෙ, ඒගැනත් මතක් කලානම් වටිනවා :)

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම සුලබ තත්වයක්. මම ඔය ගැන බස් රේඩියෝ සාකඡ්චාවෙදී කතා කළා.

      Delete
  28. මගේ ඩෙබිට් කාඩ් එකනං PIN PROTECTED. ඒ උනත් සමහර වෙළඳ ආයතනවල CASHIERS / TILL OPERATORS ලා PIN එක BYPASS කරනවා. අත්සන් TALLY කරලා බලන්නේත් නෑ. මම දවසක් ෆුඩ් සිටි එකක මැනේජර් කෙනෙකුට කම්ප්ලේන් කරා. ඌට ගානක් වත් නෑ.

    ReplyDelete
    Replies
    1. හැම තැනම චිප් රීඩ් කරන මැෂින් නෑ. වැරදිලා හරි ඔයා කිව්වොත් ගනුදෙනුව කලේ ඔයා නෙවෙයි කියලා එයාලා අමාරුවේ.

      Delete
  29. මමත් පුළුවන් හැම වෙලේම මමම ගිහින් සල්ලි ගන්නවා.. කාඩ් එකයි පින් නම්බර් එකයි දන්නේ වයිෆ් තමයි.. එකත් මම මතක් කරලා කිව්වම දන්නවා නැත්නම් නෑ..

    හොඳ උපදෙස් ටිකක්..

    අපි ඔය කාඩ් වලින් ගෙවනකොට සමහර තැන් වලදී පින් නම්බර් එක දෙන්නේ නැතුව ගෙවන්න පුළුවන් නේ.. ඒක වලක්වන්න විදියක් නැද්ද..

    ReplyDelete
    Replies
    1. මැලේසියාවේ නම් තනිකරම චිප් ඇන්ඩ් පින් ක්‍රමයට ගනුදෙනු වෙන්නේ. මගේ කාඩ් එකේ චිප් නැති නිසා ස්වයිප් ගනුදෙනුවකදී ඔවුන් කාඩ්පතේ සහ පාස්පෝට් එකේ ඡායා පිටපත් ලබා ගත්තා.

      Delete
  30. වැදගත් විස්තරයක්.. මං නම් ඉතින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ කාඩ් එක හන්දා මේවා මතක දියාගන්න ඕන.. ඒත් ඉතින් මට කාඩ් එක දෙන්න තරම් යාළුවෙක් නම් නැහැ..

    ReplyDelete
    Replies
    1. විදේශගත වුණාම ඒ වගේ ප්‍රශ්ණ නෑ තමයි. අපි පත්තර මලයාවත් එවන්නම් ඒ පැත්තට. වැඩේ තියෙන්නේ ඒකා සල්ලි වලින් ගහන එකනේ.

      Delete
  31. කිව්වට කටවහ නෑ මේකනං කාලීන පෝස්ටුවක් සුදීක ළමයො.NSB එකෙන් දුන්න කාඩ් එකක් පාවිච්චි කරන මටත් තියනවා අපැහැදිලි තැන් කීපයක් අනේ පැහැදිලි කරල දුන්නනං වටිනව.
    1.මුදල් ලබාගන්නා හැම වාරයකදීම බැංකුව විසින් අයකරන ගාස්තුව කියද?
    2.ලංකා බැංකුව හා මහජන බැංකුව NSB සමග අන්තර් බැංකු ක්‍රමයට එකතු වී නැතිද?
    3.වෙනත් බැංකුවක ATM පාවිච්චියේදී අයකරන සේවා ගාස්තු ගැන පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. 1. මේක බැංකුවෙන් බැංකුවට වෙනස්. මම මේ ගණන අහලා කියන්නම්.
      3. ලංකා පේ ජාලයට NSB එකතු වුණේ නෑ.
      3. මේ ගාස්තු තීරණය කරන්නේ ATM එක අයිති බැංකුව. අපේ බැංකුවෙන් ලංකා පේ ජාලයේ නැති බැංකුවක කෙනෙක් මුදල් ගත්තොත් රුපියල් 75ක් ය කරනවා. ජාලයේ ඉන්න අයගෙන් 30 (දැන් වැඩි කරලා පටන් ගත්තේ 15ට - මේ මුදල ලංකා පේ ජාලයේ ගාස්තු).

      Delete
    2. 1. රුපියල් 3ක් කැපෙනවා එක මුදල් ගැනීමක් වෙනුවෙන්.

      ගල්පාත

      Delete
  32. මා දන්නා කාන්තාවන් නම් පුරුෂ පක්ෂයට වඩා පරිස්සමින් ඔය වගේ දේවල් හැන්ඩ්ල් කරන අය. අපේ අප්පච්චි නම් මේ ලෝකේ දෙයක් කරන්ට දන්නේ නෑ. ඒ හන්දා වෙන්ට ඇති මට එහෙම හිතෙන්නේ.

    අනුන් ලව්වා සල්ලි ගෙන්නගන්න එක නීති විරෝධී නූනත් මම නම් ඒක අනුමත කරන්නේ නෑ. මොකද යම් විදියකින් ඒ සල්ලි මොනා වෙලා හරි නැති උණොත් අපි සැක කරන්නේ ඒ පුද්ගලයින් නිසා. ඒ වගේ තත්වයකට මගේ යාලුවෙක් පත් වෙනවා දකින්ට මම නම් කැමති නෑ.

    කාලීන, වටිනා ලිපියක් සුදීක.

    ReplyDelete
    Replies
    1. //මොකද යම් විදියකින් ඒ සල්ලි මොනා වෙලා හරි නැති උණොත් අපි සැක කරන්නේ ඒ පුද්ගලයින් නිසා. ඒ වගේ තත්වයකට මගේ යාලුවෙක් පත් වෙනවා දකින්ට මම නම් කැමති නෑ.//

      මේක නම් ඇත්ත.ඒත් මමත් නිතරම ඔය වැඩේ කරනවා.මීට පස්සෙවත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ ඒ ගැන දැන් ඉතින්.

      Delete
  33. SMS Alert තියෙන නිසා දැන්නම් ලොකු අවුලක් නැහැ.

    මට හුගක් වේලවට වෙන දෙයක් තමයි.pin නම්බර් එක අමතක වෙන එක,

    ReplyDelete
  34. ඔය මොඩ වැඩෙනම් මම කොහොමටවත් කරන්නෙ නැ

    ReplyDelete
  35. ඉතාම වටිනා ලිපියක් අයියේ...වෙනත් දේ ගැන ලිපි ලියනවා වගේම ඔබේ රැකියා ක්ෂේත්‍රයට අදාළව මෙවැනි ලිපිත් හැකි තරමක් ලියන්න...මම නම් ඔය වැරැද්ද කවදාවත් කරලා නෑ...

    ආයතන වල සේවය කරද්දි මමත් දැකපු දෙයක් තමයි..කාන්තා පාර්ශවය පණට පණ දෙන්න වගේ ආශ්‍රය කිරීම. නමුත් ඒ විදියට ආශ්‍රය කරන්නෙ ඒ ආයතනයේ සේවය කරන තුරාවට පමණක් කියලා අපි හොදට දැකලා තියෙනවා...අපේ අම්මත් එයාගෙ යාලුවෙකුගෙ ණයකට ඇප වෙලා හොද පරිප්පුවක් කෑවා....ඒ නිසා ගණුදෙනු යාලුවා එක්ක කලත් හරිම පරිස්සමෙන්...සල්ලි කියන දේ හරිම භයානක දෙයක්.

    ReplyDelete
  36. මමත් බිරිඳත් සමහර වෙලාවට අපේ වැඩ රාජකාරි එක්ක මෙහෙම කරනවා. ඒත් මම ඇයට හැම විටම මතක් කර දෙන අවවාදය තමයි. ක්‍රෙඩිට් කාඩ් හෝ බැංකු කාඩ් කල්පනාවෙන් පාවිච්චි කල යුතු බව.

    ස්තූතියි සුදික ඔබට මේ අගනා තොරතුරු ගැන දැනුවත් කිරිම ගැන

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...