Saturday, April 5, 2014

ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව වුණේ ඇයි ?...... Why Cricket is called Gentlemen's game ?

ලසිත් මාලිංග සහ ජාතික ගීය සම්බන්ධයෙන් ෆේස්බුක් අඩවිය තුල ඇති වූ විවාදාත්මක තත්වයේදී, මා එසේ වාදයට ඉදිරිපත් වූ අයට පොරොන්දු වූවා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් සාම්ප්‍රදායිකව පවත්වාගෙන එන ආචාරධර්ම පිලිබඳ සටහනක් තබන්න. වසර සීයකට වැඩි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සහ ඉන්පසු එයට එකතු වූ සියළුම වර්ගයේ ක්‍රිකට් වලටත් මේවා අදාළයි. නමුත් මෑතකදී හඳුන්වා දුන් විස්සයි20 ක්‍රීඩාව තුලදී මේවා යම් මට්ටමකින් ගිලිහී යන ආකාරයක් අප දකිනවා. 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසාලනය ලබා දෙන්නට නායකත්වය ලබා දුන් අර්ජුන රණතුංගයන්, විස්සයි20 හඳුන්වා දීම පිලිබඳ සතුටක් දැක්වූයේ නෑ. එයින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන්නට හැකි බව ඔහු අදහස් ඵල කළා.  
හොඳයි, ඒ පිලිබඳ වෙනමම කථා කලයුතු නිසා දැන් අපි බලමු මොනවද මේ ක්‍රීඩාව තුල තිබෙන අචාරධර්ම කියා. ඔබ කුඩා කල සිට ක්‍රිකට් ක්‍රීඩාව කල කෙනෙකු නම් ,ඒ පිලිබඳ නිසි අවුබෝධයක් ඔබ සතුව ඇති. නමුත් ඔබ ක්‍රිකට් ක්‍රීඩාව නරඹන ප්‍රේක්ෂකයෙකු නම් මේ දේවල් පිලිබඳ ඔබේ අවුබෝධය අවම විය හැකියි. මන්ද රූපවාහිනී කැමරාවෙන්, ක්‍රිකට් පිටියක සිදුවන සියළුම සිදුවීම දකින්නට නොලැබෙන නිසා. ඒ වගේම මේවා පොත් පත්වල සඳහන් නොවන කාරණා නිසා. ක්‍රිකට් බිහි වුණේ එංගලන්තයේ කියා ඔබ සියළු දෙනා දන්නා කරුණක්. එංගලන්තය යනු ලිඛිත ව්‍යවස්ථාවක් පවා නැති රටක්. නමුත් ඔවුන්ගේ මහත්මා ගති නිසා කිසිවිටෙකත් පහත් මට්ටමේ දේ කිරීමට පෙළඹීම අඩුයි. නමුත් ව්‍යවස්ථාවක් සහ නීති පද්දතියක් තිබෙන අපේ රටේ තත්වය කුමක්ද ?

මේ ආචාරධර්ම බොහෝවිට ඔබේ ක්‍රිකට් ගුරුවරයා ඔබට උගන්වනවා. ඒ වගේම ක්‍රීඩාව අතරතුර බොහෝ විනිසුරුවරුන් නොදත් අයට ඒවා පිලිබඳ දැනුවත් කරනවා. පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන පිතිකරුවකු පිත්ත රැගෙන යා යුතු ආකාරයක් තිබෙනවා, වමත් පිතිකරුවෙක් නම් දකුණු අතින් සහ දකුණත් පිතිකරුවෙක් නම් වම් අතින්. එසේ ගමන් කරන්නේ  ප්‍රතිවාදී පිලට පිතිකරුවා වමත්/දකුණත් බව දැන්වීමට. එමගින් පන්දු රකින්නන් ස්ථානගත කර ගැනීමට පහසු වනවා. පිතිකරුවෙක් ලෙස කඩුල්ලට පිවිසෙන පිතිකරුගේ ආරක්ෂක ආවරණ නිසි ලෙස පැළඳ, කමිසය හෝ ටී ෂර්ට් එක කලිසමට යට කර තිබීම අනිවාර්ය වනවා. එසේ නැති අවස්ථා වල විනිසුරු පෙන්වා දෙනවා. මෙය පන්දු රකින්නන්ටද පොදුයි.

පිතිකරුවෙක් කඩුල්ල වෙත ආ විගස කලයුතු දෙයක් තමයි, තමාගේ ඉන්න ලබා ගැනීම. ලනු පැදුරක් මත ක්‍රීඩාව සිදු වනවා නම් ඒවා ලකුණු කිරීම සිදු කල යුත්තේ තමන් පිත්ත අල්ලන පහල අතින්. දකුණත් කෙනෙකු නම් දකුණින්, වමත් පිතිකරුවෙකු නම් වමතින්. එසේ ඉන්න ලබා ගැනීම සඳහා විනිසුරුගෙන් "ලෙග් ස්ටම්ප් ප්ලීස් සර් හෝ මිඩ්ල් ස්ටම්ප් ප්ලීස් සර්" ආදී වශයෙන් ඇමතිය යුතුයි. සියලුම ක්‍රීඩකයින් විනිසුරුට "සර්" යන ආමන්ත්‍රණය සිදු කල යුතුයි. ඉන්න ලබා ගත් පසු "තැනක් යූ සර්" වශයෙන් ස්තූති කල යුතුයි. පහල අතින් අත් ආවරණ ඉවත් කිරීමෙන් පසුවයි රටහුණු කැබැල්ල අධාරයෙන් ඉන්න සලකුණු කරගත් රේඛාව අඳින්න ඕනේ. ඉන්පසු විනිසුරු පන්දු යවන්නා පන්දු එවන අන්තය සහ ඔහු පන්දු යවන්නේ වමතින්/දකුණතින් බව ඉතිරිව ඇති පන්දු ගණන දන්වනවා.  එම අවස්ථාවෙදීත් පිතිකරු විනිසුරුට ස්තුති කල යුතුයි.

පන්දු රකින කණ්ඩායමේ නායාකයා තමයි විනිසුරුගේ අත තිබෙන පන්දුව ඉල්ලා ගත යුත්තේ. පිතිකරුවකු දැවී ගියා යයි ඉල්ලීම් කරන සෑම විටෙකම "හව් ඉස් දැට් සර්" යනුවෙන්ද, ඔහු එය ප්‍රතික්ෂේප කළහොත් "සොරි සර්" යනුවෙන් කනගාටුව ඵල කල යුතුයි. කිසිවිටෙකත් පිතිකරුවන්ට බැන වැදීම්, ඔවුන්ගේ හැකියාවට අගෞරව වන වචන ආදිය පාවිච්චි නොකළ යුතුයි. මේවා ක්‍රිකට් නීති මගින්ද යම් මට්ටමකින් ආවරණය වනවා. හොඳ පහරක් එල්ල කල විට එය අගයන අවස්ථා ඔබ දැක ඇති. ශතකයක් අර්ධ ශතකයක් ලබා ගත් විටදය ඒවා අගයන එක හොඳ ගුණයන්. පන්දුවට පහරදෙන පිතිකරුගේ පා ආවරණ, සපත්තු ලේස් ලිහිල් වී හෝ ගැලවී ඇති අවස්තාවක ඒවා සකසා ගන්නට ප්‍රතිවාදී පිලේ කෙනෙකුගෙන් ඉල්ලා සිටියහොත් කිසි විටෙකත් ඒවා ප්‍රතික්ෂේප නොකර එම අවශ්‍යතාව ඉටු කර දිය යුතුයි. එවැනි විටෙක ස්තූතය ඵල කිරීම සාමාන්‍ය දෙයක්. සමහරවිට ඉන්න සලකුණු කිරීමට පවා සමහර ක්‍රීඩකයින් තම අත් ආවරණ ඉවත් නොකොට ප්‍රතිවාදී පිලෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒවා ඉටු කර දීමට කිසිම ක්‍රීඩකයෙක් පසුබට වන්නේ නෑ. සමහර විට පළමු තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් මේ ඉල්ලීම ප්‍රතිවාදී පිලේ ජේෂ්ඨ ක්‍රීඩකයෙකු වෙතින් ඉල්ලා සිටින්නට පුළුවන්. සාමාන්‍යයෙන් එසේ කරන්නේ නෑ. නමුත් ඉල්ලා සිටි විටෙක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. සමහරවිට විනිසුරුවරුන් පවා ක්‍රීඩකයින්ට කමිසය තුලට තමන්ගේ කරමාලය ඇතුලත් කර ගැනීම වගේ කාරණා වලදී උපකාර කරනවා. 

එකඟතාවය මතා ලබා ගන්නා තනි ලකුණ ( Agreed Single) කියන්නේ පන්දු රකින කණ්ඩායම ලකුණක් ලබා ගත හැකි යයි පැහැදිලිව තිබෙන මොහොතක දුවද්දී දවා ගැනීමට  කිසි විටෙකත් උත්සාහ නොකිරීම. කණ්ඩායමක අවසන් පිතිකරුවන් පන්දුවට පහර දෙනවිට ඔවුන් වෙත බවුන්සර් පන්දු නොයැවීමත් මෙහි දැකීමට හැකි හොඳ ගුණාංගයක්.  පිතිකරුවකු දවා ගැනීමට හැකි බොහෝ ක්‍රම තිබුණත් සමහර ඒවා භාවිතා කරන්න කිසිවකු  නොපෙළඹෙන්නේ මේ මහත්මා ගුණය නිසා. ශතකයක් අර්ධ ශතකයක් ලබා ගත් විට ප්‍රේක්ෂකයන් ලබා දෙන ප්‍රතිචාර පිළිගැනීම සඳහා පිත්ත ඔසවා  අචාර  කිරීමත් මේ අචාරධර්ම වලම කොටස්. ඒ වගේම තමයි ඉහල ලකුණු ගණනක් ලබා දැවී හෝ විවේකයක් සඳහා ක්‍රීඩාගාරයට යනවිට නරඹන්නන් හෝ තමා කණ්ඩායමේම සගයන්ගෙන් ලැබෙන දිරිගැන්වීම  පිත්ත උරහිස මතට ගෙන එය පිළිගැනීම කල යුතුයි. පන්දු යවන්නෙක් දස්කම් දැක්වූ   විට තරගය අවසානයේ ඔහුට පන්දුව ලබා දීමට විනිසුරු කාරුණික වනවා. එවැනි විටෙක පන්දුව ඔසවා ක්‍රීඩාගාරයට  පෙන්වමින් ක්‍රීඩාගාරයට ගමන් කල යුතුයි. ක්‍රීඩාගාරයට මෙසේ තරගය අවසානයේ හෝ විවේකයක් සඳහා ගමන් ගන්නා විට දස්කම් දැක්වූ කෙනාට ඉදිරියෙන්ම යාමට සලස්වන්නේ කණ්ඩායම් දෙකෙහිම අය එකතුව. අලුතෙන් කණ්ඩායමේ ස්ථානය ලබා ගන්නා අය සඳහා කණ්ඩායමේ කැප් තොප්පිය ලබා දීම තරග දින උදෑසන කණ්ඩායම නායකයා අතින් සිදු වනවා.   විනිසුරුට හතරේ සීමාව පසු කර ගිය පන්දුවක් ගමන් ගත් අකාරය අනුව ලැබිය යුතු ලකුණු ප්‍රමාණය දැක්වීමද තවත් එක අංගයක්. මෙසේ කිරීමට අවශ්‍ය වන්නේ හතර හෝ හය විනිසුරුට පැහැදිලි නොමැති විටෙක. බොහෝ විටෙක ක්‍රීඩාංගනයේ පන්දු රකින්නන්  දක්වන ලකුණු ප්‍රමාණය ලබා දීමට විනිසුරු වරයා පැකිලෙන්නේ නෑ.තමන් උඩ පන්දුවක් රැකගත් මොහොතක, පන්දුව පොලව ස්පර්ශ වූවා නම් අවංකව එය විනිසුරුට දන්වන අවස්ථා අප දැක තිබෙනවා.  අද නම් එවැනි අවස්ථා පිලිබඳ තීරණය ගන්නේ තෙවෙනි විනිසුරු. ප්‍රතිවාදී කණ්ඩායමේ දැවුණු ක්‍රීඩකයෙකුට, හතරේ සීමාවෙන් පිට වීමට ප්‍රථම, ඔහුට ලැබුණු තීන්දුව පිලිබඳ පන්දු රකින පිලේ නායකයා සෑහීමකට පත් නොවන්නේ නම්, ඔහුට දිගටම පන්දුවට පහරදීමට ඇරයුම් කිරීමට පන්දු රකින පිලේ නායකයාට හැකියි. ඇත්තටම එය නීති වල අඩංගු වූවත්, එය ක්‍රියාවට නැගීම ක්‍රීඩකයන්ගේ මහත්මා භාවය අනුව සිදු වෙන්නක්.
පින්තූරය ගත්තේ : www.cockfosterscc.freeuk.com
පින්තූරය ගත්තේ : recoveringagnostic.wordpress.com
පින්තූරය ගත්තේ : www.blackcaps.co.nz
පින්තූරය ගත්තේ : www.telegraph.co.uk
පින්තූරය ගත්තේ : www.smh.com.au



අද බොහෝ විනිසුරුවන් ශ්‍රී ලංකාව තුල තරග වලදී සිංහල භාෂාවෙන් ක්‍රීඩකයින් ඇමතුවත්, අතීතයේදී මේ සන්නිවේදන සියල්ල සිදු වූයේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම ඒ සඳහා භාවිතා වන වචන මාලාවක්ද තිබුණා. නමුත් ඒවා දැන් ක්‍රමයෙන් වියැකී, අපේ  භාෂාවෙන්ම බොහෝ බොහෝ දුරට මේ සන්නිවේදනය සිදු වනවා. මෙය කිවයන කෙනෙකුට සුද්දා කරපු ආකාරයෙන්ම මේවා සිදු කලයුතුයි ප්‍රශනයක් සිතට නැගෙන්න පුළුවන්. නමුත් ක්‍රිකට් සම්බන්ධ නීතිරීති සංශෝධනයට ලක් වුවත්, මේ අචාරධර්ම බොහෝදුරට පරපුරෙන් පරපුරට ඉදිරියට යනවා. 


72 comments:

  1. දැන්නම් ඉල්ලීමක් කරද්දි සර් කියනවා අහන්ඩත් නෑ නේද ? සංගක්කාර එද වෙස්ටින්ඩීස් තුවෙනි විකට් එකට අපීල් කරපු කැත කොහොමද ?

    චැපල්ලා අතයටින් බෝලේ දාලා, මේ සදාචාරයක් යම් මට්ටමකට හෑල්ලු කළා නේද ? ඉංදියාවෙ උන්තමා අවුට් වුනාම බැට් විසිකරන්න ( මට මතක විදිහට රවී ශාස්ත්‍රි ), බැන බැන යන්න පුරුදු කළේ මම හිතන්නේ. මොකද උන්ට ඕනා දිනන්නම විතරයි..

    සුදීක, මේ බ්ලොග් එකටනම් මොනා හරි ඉක්මනටම කරනන් වෙනවා, හරිම අමාරුයිනෙ මේක ස්කොරල් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. ගොඩක් හිරවෙනවා මේ blog එක

      Delete
    2. හ්ම්ම්ම්... මේ ඩිග් බටන් එක එක්ක තියන ජිල්මාජ් එක, ශෙයා කරන්න අමතර දාල තියන අනිත් ඒව, අර රෙඩ් බුල් එක... ඔන්න ඕවයින් මං හිතන්නෙ ස්ලෝ වෙන්නෙ. මාත් ඕවයින් ටිකක් කලින් දාල තිබිල ගලවල දැම්මෙ හිර වෙන නිසා. ඒ ස්ක්‍රිප්ට් ටික සේව් කරල තියාගෙන අයින් කරල බලන්න සුදීක අයියෙ.

      Delete
    3. ස්ක්‍රිප්ට් රන්වෙලා හිරවෙන්නෙ..

      Delete
    4. @සෙන්නා : ඉස්සර එකිනෙකා වුණත් අගයන්නේ සර් කියලා. ඒ කියන්නේ ක්‍රීඩාගාරේ ඉන්න අනිත් අය ක්‍රීඩා කරන අයගේ දක්ෂතා අගටන්නේ "good bowling sir, good shot sir" වගේ. ඒවා නැති වුණත් විනිසුරුවරුන්ට එහෙම ගරු කරන එක හොඳයි.
      කලින් වතාවක් හොඳට සුද්ද කරා සයිඩ් බාර් දෙක. මට පොඩි වෙලාවක් අවශ්‍ය වෙනවා. නමුත් කාලය හරස් වෙලා තියෙන්නේ.

      Delete
    5. ඔයාගෙ බ්ලොග් එක ලෝඩ් වෙන්න සෑහෙන්න වෙලා යන්නෙ මේකට දාලා තියෙන ගැජට් කෑලි නිසා...අනවශ්‍ය ගැජට් අයින් කලා නම් මේක ලේසියෙන් ලෝඩ් වෙනවා.

      Delete
  2. පිරිහී තිබෙන්නේ ක්‍රිකට් ද මනුස්සකම ද?

    ReplyDelete
    Replies
    1. හිතන්න වටිනවා. ඒත් මනුස්සකමේ පිරිහීම තමයි හැමතනකටම කාන්දු වුණේ.

      Delete
  3. මේ දැන්නම් ටික ටික අඩු වෙනව නේද.අවුට් දෙන්න කලින්ම අවුට් නම් යන අය ඉන්නව.මහෙල, සන්ග ,අර්ජුන ඔක කරනව මම දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඉස්සර බොහෝ දෙනෙක් එහෙම කළා. රොෂාන් මහානාමත් ඒ වගේ. දැන් දොනිත් එහෙම කරනවා.

      Delete
  4. වේග පන්දු යවන්නෙකු පන්දුවට පහර දෙද්දී අඑක් පිලේ වේග පන්දු යවන්නෙකු ඔහුට බවුන්සර් පන්දු නොයැවිය යුතුය කියා සම්ප්‍රදායක්ද තිබෙනවා නේද?. මේ සියල්ල ක්‍රීඩාවේ ක්‍රීඩාශීලීත්වය රැක ගැනීමට සහ මහ්ට්මා ගුණය රක ගැනීමටයි . නමුත් චැපල් ගේ ඇත යටින් පන්දුව අදටත් ඒ මහත්මා ගුණයට එක්කකල කළු පැල්ලමක් හියට දකින්න පුළුවන්, දොස්තර W.G. ග්‍රේස් හිතන්න ඇතිද ක්රිකට ක්‍රීඩාව මේ තැනට එයි කියලා

    ReplyDelete
    Replies
    1. දොස්තර ග්‍රෙස් නිසා තමයි ගොඩාක් නිති හැදුනෙ.මිනිහ එක සැරයක් හෙන පලල බැට් එකක් අරන් ඇවිත්.ඉට පස්සෙ තමයි බැට් එකෙ පලලට නිතියක් හැදුවෙ.

      Delete
    2. ඔය කියන අය තමයි අද තියෙන පිරිහීමේ පියවරු. ඒත් එයාලා එදා ගැරහුමට ලක් වුණා. අද එහෙමෙ දෙයක් කෙනෙක් කළාම මොහොතකින් එය පැතිරෙනවා.

      Delete
    3. WG.Grace කියන්නේ ක්‍රිකට් ඉතිහාසයේ රජෙක්.

      Delete
  5. ක්‍රිකට් ගැන එතරම් උනන්දුවක් නැති උනත් අදනම් බ්ලොග් එකට ගොඩවුනේ නොදන්න යමක් දැනගන්න පුලුවන් බව අනිවාර්යෙන් දන්න නිසා . අචාරධර්ම නම් එන්න එන්නම පිරිහෙන බවක් පෙනෙන්න තියෙන්නෙ .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි. මම දන්නවා ඔයා කැමති නැති බව. මට බ්ලොග් දෙකක් කරන්න බැරි නිසයි ක්‍රිකට් ගැනත් මෙතනම ලියන්නේ.

      Delete
  6. ඇත්තටම මේව ගැන නම් දැන ගත්තෙ අද තමා... මෙවන් ලිපියක් ලිවීම ගැන ඔබට නොවක් තුති...
    අද වන විට පැවැත්වෙන තරග වාර වලදී මම නම් දැක නෑ ඔයින් කීපයක් වත් රකිනව... අර සෙන්න කියල තියෙනව වගේ... ඇත්තටම ඒ විනය පිරිහීමද නැත්තං මෝඩය ඔළුවට ගහලද....
    අනේ මංද

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන එක වරදක් තමයි නීති වල තියෙන හිල් වලින් රිංගීම. මේක හැමතනකටම අදාළ කර ගන්න එක වැරදියි. විශේෂයෙන්ම ක්‍රිකට් වගේ තැනකට. අනිත් රටවලත් එහෙම වෙනවා. නමුත් එංගලන්තයේ අය මේ අතින් අනෙක් අයට වඩා පොහොසත්.

      Delete
  7. මටත් දැන් ටික ටික කුිකටි උන වැලදි ගෙන ඵනවා. අයියන්ඩි ඔයාගේ දැනමු නමි ඉහලයි. විනය අතින් අනිත් රටවල් වලට වඞා අපි හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. එංගලන්තය තමයි උඩින්ම ඉන්නේ.

      Delete
  8. වටිනා සටහනක්..
    සියල්ල මුදල්මත තීරණය වන යුගයක ක්‍රිකට් මහත්මාගතිය විකිනිලාදෝ කියා පොඩි සැකයක් ද මතුවෙනවා...
    ඒක නෙවෙයි හෙට ෆයිනල්, අපිට මෙදාපරත් අනුශුරතාව රැකගන්න හැකිවේද? නොවේද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් මේකට උත්තරය ලැබිලා තියෙනවා නේ. පහුගිය දවස් දෙකේ පරිගණකයක් ඉදිරියේ වාදී වෙන්න බැරි වුණා.

      Delete
  9. It's very hard to load this blog. So many widgets. Please look in to this. Readers facing so much trouble.

    ReplyDelete
    Replies
    1. Thanks for pointing out. Would do the needful in due cause.

      Delete
  10. ක්‍රිකට් නෙමෙයි ඕන දෙයක් කාලානුරූපව වෙනස් වෙනවා. ඉස්සර පිරිත් නූල් බැඳන් ක්‍රිකට් ගැහුවේ නෑ නේ. අර්ජුනලා ළෝක කුසලානේ දින්නට වඩා ලංකාවේ ක්‍රිකට් වලට හළ හානිය විශාලයි. විශේෂයෙන් පළණය පැත්තෙන්.

    මට කියන්න තියෙන්නෙත් උඩ කෙනා කියපු දේම තමයි. එහෙම නැත්නම් කීයක් හරි එකවුන්ට් එකට දාපන්..

    ReplyDelete
    Replies
    1. වෙනස් වීම නරකයි කියනවා නෙවෙයි. මේ දේවල් තිබුණේ එකිනෙකාට ගරු කරමින් ඉදිරිය යන්න. ක්‍රීඩාව මගින් සමගිය මිස හතුරන් බිහි නොවිය යුතුයි.

      Delete
  11. මේවයින් සමහර ඒව රැකෙන වෙලාවලුත් කැඩෙන වෙලාවලුත් කියන දෙක ම දැකල තියනව ඉස්සර මැච් බලද්දි. මට මතකයි එක් පන්දු යවන්නෙක් පන්දුව අරගෙන දුවගෙන එනකොට ඒ අන්තයෙ හිටපු පිතිකරුවා සීමා ඉරෙන් පිටත හිටියේ. ඔහුට අර පිතිකරු අවුට් කරන්න තිබුනත් එහෙම නොකර ඒ බව දැනුම් දීල ආපහු පන්දු එවන සීමාවට ගියා. වැඩි විස්තර මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ලොක කුසලාන තරගයකදි කොදෙවුවන්ට අවසාඅන තරගයට එන්න තිබුන අවස්තාව අතහැරල මහත්මා ගතිය පෙන්නපු අවස්තාවක් එක.

      Delete
    2. කර්ට්නි වොල්ෂ් තමයි එහෙම කළේ. අද සාමි කියන්නේ ඔහුවගේ මහත්මා ගති පෙන්වන්නෙක්.

      Delete
  12. දැන්නම් ඔය ආචාරධර්ම හොයා ගන්නත් නෑනෙ.

    බ්ලොගේ නම් මොකක් හරි අවුලක් තියෙනෝ…

    ReplyDelete
    Replies
    1. දෙයක් නැති කර ගන්න පහසුයි. නැවත ඒවා ක්‍රියාවට නවන්න තමයි අමාරු.

      Delete
  13. වෙනස් නොවෙන දේ කිහිපයකුත් තියේවි..

    ReplyDelete
    Replies
    1. දැන් මේ දේවල විහිලු වගේ පෙනෙන්නත් ඉඩ තියෙනවා.

      Delete
  14. This web site certainly has all of the info I needed concerning this
    subject and didn't know who to ask.

    my site :: minecraft games

    ReplyDelete
  15. Howdy! I know this is kinda off topic but I was wondering if you knew
    where I could find a captcha plugin for my comment
    form? I'm using the same blog platform as yours and I'm having problems finding one?
    Thanks a lot!

    my pagethere adult pc games

    ReplyDelete
  16. සම්මතමය කරපින්නාගෙන යන එක ප්‍රායෝගික නෑ කියල මං නම් හිතන්නේ .ඊට වඩා වටිනවා ඔය මහත්මා ගති ටික අරං යනේක..
    මං නම් ආසම කලුවා ෆීල්ඩ් කරනවා බලන්න සුදීක අයියේ..

    ReplyDelete
    Replies
    1. කළුවා තමයි සිංහලෙන් දිරිමත් කිරීම් හඳුවලා දුන්නේ. මම කලූගේ ඉන්ටර්වීව් එකක් දැම්ම ගිය අවුරුද්දේ. පොඩ්ඩක් ගිහින් බලන්න.

      Delete
    2. කළුවා තමයි සිංහලෙන් දිරිමත් කිරීම් හඳුවලා දුන්නේ. මම කලූගේ ඉන්ටර්වීව් එකක් දැම්ම ගිය අවුරුද්දේ. පොඩ්ඩක් ගිහින් බලන්න.

      Delete
  17. උඹලා කියන ඔය ස්ක්‍රෝල් නොවෙන ලෙඩේට මම නම් කරන්නේ මේකගේ පෝස්ට් එක තියෙන කොලම් එකේ ක්ලික් කරලා ස්ක්‍රෝල් කරන එකයි. ක්ලික් කරගෙන නෙවෙයි. ක්ලික් කරලා අතෑරලා.

    ReplyDelete
    Replies
    1. DIY දන්නා අයට මේවා වැඩ නොවෙයි. Walk around solution එකක් හොයා ගන්නවාමයි. මයික්‍රෝසොෆ්ට් අධිපති බිල් ගේට්ස් වරක් කිව්වා "මම වැඩියෙන්ම කැමති කම්මැලි වැඩසටහන් සම්පාදකයින්ට. ඔවුන් ඕනෑම දෙයකට කෙටි ක්‍රමයක් හොයා ගන්නවා" කියලා.

      Delete
  18. මම මේ සැරේ අර පත්තු වෙන විකට් දැක්ක ගමන් හිතුවේ මේක කම්පියුටර් ගේම් එකක් වේගන එනවා කියලා.. ක්‍රීඩාව හෑල්ලු වෙලාද මන්දා තාක්ෂණය නිසා

    ReplyDelete
    Replies
    1. තවත් ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නේ ක්‍රිකට් වලට අනෙකුත් ක්‍රීඩා වලින් ලැබුණ දේ සහ තාක්ෂණයෙන් සිදු වූ වෙනස් කම් ගැන.

      Delete
  19. I’m not that much of a internet reader to be honest but your sites really nice, keep it up!
    I'll go ahead and bookmark your website to come back in the future.
    Cheers

    Feel free to surf to my site pest exterminator port st lucie (http://meemi.com/portstluciepestcontrol45/12141326)

    ReplyDelete
  20. කලකට පස්සේ සුදිකඅයියා මේ ක්‍රිකට් ගැන ලියලා තියෙන්නේ.
    මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා කියන්න මේ කියන ආචර ධර්ම හේතු වෙනවා කියා දැන් තමයි දන්නේ.

    ReplyDelete
    Replies
    1. මුල් මේ ක්‍රීඩා වල යෙදුන අයගේ තත්වයත් මේකට බලපෑවා. නමුත් දැන් ක්‍රිකට් කියන්නේ ඉන්දියාවේ තියෙන තවත් ආගමක් පමණයි.

      Delete
  21. අම්මේ බං මේ බ්ලොග් එක ලෝඩ් වෙන්න තියෙන අමාරුවක්...

    ඔය දැන් කියාපු දේවල් වලින් හතරෙන් පංගුවක්වත් දකින්න නැති හින්දා තව දුරටත් මේක මහත්තුරුන්ගේ ක්‍රිඩාවක් නොවන බවට තමා ඉතිං සලකන්න වෙන්නේ.. හැබැයි ඉතිං අර උඩ ඉවාන් කියලා තියෙන ග්‍රේස් උන්නැහෙත් ලෝක හොරා නේද..? අවුට් උනාම යන්නේ නැතිව ආයේ ආයේම ගහන්න බලං හිටිය.. එහෙම බැළුවම ඕක නිකං නමට මහත්තුරුන්ගේ ක්‍රිඩාවක් විතරයි.. මුල හිටංම හොරුන්ගේ ක්‍රීඩාවක්.. ඒත් ඉතිං අර බොරුවට උන් අන්ම කියා ගන්නවා මේක මහත්තුරුන්ගේ ක්‍රිඩාවක් කියලා... ඕකත් නිකං අර පාර්ලිමේන්තු මංත්‍රිලා විහින්ම උන්දලාගේ පඩිය වැඩි කරගන්නවා වගේ සින් එකක්... දැන්නං තියෙන්නේ එහෙං පිටින්ම බිස්නස් ක්‍රිකට් වෙච්චි කොට මොන මහත්තුරුද..? දෙකයි පණහේ පීචං කිරීඩාවක් මිස.. :D

    ReplyDelete
    Replies
    1. එංගලන්තේ නසාර් හුසේන් සහ නික් නයිට් ඕලන්දයට පරාජය වෙච්ච වෙලාවේ පෙන්නුවා මේ මහත්මා ගති. ග්‍රේස් ලා වගේ අය බොහෝ ස්වල්පව ඉස්සර හිටියේ.අද ඉන්න තරමක් ඉන්නේ ග්රේස්ලා.

      Delete
  22. වැදගත් විස්තරයක් අයියේ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලී.

      Delete
  23. එදා ක්‍රිකට්වල මහත්තුරු හිටියා අද ක්‍රිකටිවල මහත්හොරු ඉන්නවා!!!

    ReplyDelete
    Replies
    1. එදා ඉඳහිට මහත්හොරුත් අද ඉඳහිට මහත්වරුත් ඉන්නවා.

      Delete
  24. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා සුදීක බොහොම ස්තූතියි.ක්‍රිකට් ආචාරධර්ම නං දැන් වලපල්ලට යමින් පවතිනවා නොවේද.

    ReplyDelete
    Replies
    1. තව බොහොම පොඩ්ඩයි ඉතුරු. තව පරම්රා දෙකක් යත්දී මේවා රූපවාහිනී වැඩසටහන් පමණයි.

      Delete
  25. හොද විස්තරයක් සුදික....
    මට නම් කිසි හෙනයක් නැහැ ඔබේ පෝස්ට් එක කියවන්න...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බහුතරය ලෝඩ් වීමේ අමාරුවක් ගැන කියනවා. ලංකාවේ ප්‍රශ්නයක්ද මන්දා ?

      Delete
  26. හැම තැනම ආචාර ධරර්ම පිරිහෙන කාලෙ ක්‍රිකට් කියල අරුමයක්ද සූදීකයා..

    අපේ ටීම් එකේ සංගලා වගේ අවුට් එක දෙන්න කලින් අවුට් කියල යන මහත්තුරු ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තත්. හැම ටීම් එකේම ඒමයි නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔව්. අර උඩින් විචාරක තුමා කියන්නෙත් ඕකම තමයි.

      Delete
  27. ක්‍රීඩාවට මුදල් පොම්ප වෙන්න වෙන්න ආචාර ධර්ම විනාශ වෙනවා. ඒක බිස්නස් එකක් වෙනවා. මෙහේ ගම්වල ඉරිදාට තියෙන පොඩි පොඩි ක්ලබ්ස්වල ක්‍රිකට් මැච්වල තවමත් සුදීක කියන ලක්ෂන දකින්න පුළුවන්. ඒවා සාම්ප්‍රදායික ලෙස තවමත් කෙරෙනවා. ගමේ කට්ටිය පවුල් පිටින් එනවා. පොඩි එවුන් සෙල්ලම් කරනවා. ආච්චිලා වූල් ගොතනවා නැත්නම් පොත් කියවනවා. සීයලා පයින්ට් එකක් ගහගෙන මැච් එක බලනවා..තාත්තලා පුතාලා ක්‍රිකට් ගහනවා.අම්මලා හිනාවෙවී ඕප දූප කියවනවා. මමත් ඉඳලා හිටලා ඉරිදාට ගිහින් ඕවාට මුහුවෙලා එනවා.

    20-20 ගැන මට මුල ඉඳලාම තියෙන්නේ අප්‍රසාදයක්. කානිවල් ක්‍රිකට්. සුදීක මම කිසිම 20-20 ගේම් එකක් බලන්නේ නැහැ. ඒක මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක්.

    ReplyDelete
    Replies
    1. විස්සයි 20 ගෙනාවේ ලෝකය පුර ක්‍රිකට් ප්‍රචලිත කිරීමේ බලාපොරොත්තුවෙන්. පසුව එය ඔලිම්පික් ක්‍රීඩාවක් කරන්න. නමුත් ඔබ කියනවා වගේ එය මුදලාලිකරණය වුණා.

      Delete
  28. තරගයේ තියෙන උද්යෝගය අනුව මේ නිතිරිති සදාචාරයන් වෙනස් වෙනවා එහෙමත් නැත්නම් කැඩෙනවා කියන එකයි මගේ නම් අදහස.. හැමෝගෙන්ම නෙමෙයි.. සමහරු අතින්..

    ReplyDelete
    Replies
    1. බහුතරයක් අතින් එහෙම වෙනවා දිනේෂ්.

      Delete
  29. ක්‍රිකට් වලට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියල කියන එකට අදාළ දේවල් සෑහෙන්න දැනගත්ත. ඒ වගේම කියන්න ඕනේ දෙයක් තමයි, ඉන්දියාවෙන්නම් බොහෝ විට නීති හිටන් කැඩෙනවා මට දකින්න ලැබිල තියනවා.. ඒ වගේම තමා විස්තර විචාරයත්. මට මතකයි ෆේස් බුක් එකේ හිලේරියස් රස කතා ගෘප් එකේ පොස්ට් එකක් තිබ්බ දුලිප් මෙන්ඩිස්ගේ හයේ පහර තුනක් විස්තර කරපු මනුස්සය අන්තිම හයේ පහර ගහද්දි මුළු රටටම ඇහෙන්න "අම්මටහුඩු තවත් හයක්" කිව්වා කියල කතාවකුත්.

    ReplyDelete
    Replies
    1. ''හයේ පහර තුනක් විස්තර කරපු මනුස්සය...." ඒ මනුස්සයාගෙ කමෙන්ට්‍රියක් අහලවත් නැති එකෙක්.... ඒකට පින තියෙන්න ඕන....

      Delete
    2. ඇත්තටම ඒ සුන්දර මනුස්සයා නැත්නම් අද සිංහල විස්තර විචාරයක් කියලා දෙයක් නැති වෙන්නත් තිබුණා. වෙන කවුරුවත් නොවෙයි ඒ සිංහල විස්තර කථනය මුලින්ම කල පාලිත පෙරේරා මහතා. මා මුලින්ම ක්‍රිකට් ගැන ඒ හඬින් අහන්න වාසනාවන්ත වුණා. ඔහුටම ආවේනික ශෛලිය සහ වචන ඒ විස්තර විචාර රසවත් කළා. නමුත් "අම්මට හුඩු ඒකත් හයක්" යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් සිදු වුනේ ඔහු තුල සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා එලියට ඒම. ඔහුට ඒ වෙනුවෙන් දඬුවම් කාලයකුත් නියම වුණා.

      Delete
    3. ඔව් සුදීක...ඒ ගැන පෝස්ට් එකක් ලියන්න. පාලිත පෙරේරාට ඒ වෙනුවෙන් බොහෝමයක් ගුරුහරුකම් මග පෙන්වීම් කරලා තියෙනවා එච්.එම්.ගුණසේකරයන්. විස්තර විචාරක කටයුතුවලදි අමරබන්ධු රූපසිංහ, මයිකල් කරුණාතිලක වගේ අය මුලදී සහයවෙලා තියෙනවා. පස්සේ තමයි ප්‍රේමසර ඈපාසිංහ ආවේ.

      Delete
  30. මනුෂ්‍යකම් පිරි යන කාලයක් මේ.එය සෑම විෂයයකටම බලපානවා.

    ReplyDelete
  31. ටෙනිස් බෝල ක්‍රිකට් ගැහුවට මම නොදැන සිටි බොහෝ න්‍යායාත්මක කාරණා අද මේ ලියවිල්ල තුලින් දැනගත්තා...දිගටම ලියන්නකො අපි නොදන්න ක්‍රිිකට් ගැන හරබර ලිපි...මේ උත්සාහය ඉහළින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා.

      Delete
  32. සමහර විට අපේ වගේ රටවල ආචාර ධර්ම ව්‍යවස්ථාගත කරල තියෙන්නෙ එහෙම නැති උනාම මිනිස්සු ඕනෙම පහත් වැඩක් කරල 'ආහ්..ඒක නීති විරෝධී කියල කොහෙවත් ලියල නෑනෙ' කියල හිතන නිසා වෙන්න ඇති. අනිත් අයට ගරු කරන සමාජවල ඒ වගේ ආචාර ධර්ම වලට ව්‍යවස්ථාවක් ඕනෙ නැතුව ඇති. අද සමාජයෙ මිනිස්සු බහුතරයක් සාමාන්‍ය ජීවිතයෙදිවත් අනිත් අයට ගෞරව කරනව කියනව කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුව ඇති. ක්‍රිකට් වලත් එහෙම සිදුවීම පුදුමයක් නෙවෙයි. ක්‍රිකට් ගැන නොදන්න රසවත් ගොඩාක් දේවල් මේ ලිපියෙන් දැන ගත්තා :)

    ReplyDelete
  33. සමහර විට අපේ වගේ රටවල ආචාර ධර්ම ව්‍යවස්ථාගත කරල තියෙන්නෙ එහෙම නැති උනාම මිනිස්සු ඕනෙම පහත් වැඩක් කරල 'ආහ්..ඒක නීති විරෝධී කියල කොහෙවත් ලියල නෑනෙ' කියල හිතන නිසා වෙන්න ඇති. අනිත් අයට ගරු කරන සමාජවල ඒ වගේ ආචාර ධර්ම වලට ව්‍යවස්ථාවක් ඕනෙ නැතුව ඇති. අද සමාජයෙ මිනිස්සු බහුතරයක් සාමාන්‍ය ජීවිතයෙදිවත් අනිත් අයට ගෞරව කරනව කියනව කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුව ඇති. ක්‍රිකට් වලත් එහෙම සිදුවීම පුදුමයක් නෙවෙයි. ක්‍රිකට් ගැන නොදන්න රසවත් ගොඩාක් දේවල් මේ ලිපියෙන් දැන ගත්තා :)

    ReplyDelete
  34. මේ තරම් දේවල් දැනගත්තේ අද තමයි. දැන් දැන් මේ ආචාර ධර්ම නැති වෙලා යනවද මන්දා

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...