Saturday, April 19, 2014

සමාජ ජාල සඳහා අපූරු නම් තෝරා ගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යය ...... Sri Lankan youth who have chosen Fantastic Names for Social Networks

මගේ අවුරුදු පහකටත් වැඩි ෆේස්බුක් සමාජ ජාල ගිණුමට මම යොදා ගත්තේ මගේ ඇත්තම නම. මුල් කාලයේදී ඒ ගැන කිසිම අවුබෝධයක් තිබුණේ නෑ. ටිකක් කල් යත්දී තමයි මේකේ හැඩරුව තේරුම් ගත්තේ. අදවනවිට ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් නැති තරම්. ඊට අමතරව තවත් සමාජ ජාලා බොහොමයක් තියෙනවා. මේ තුලින් විවිධ ආර්ථික වාසි සපයා ගන්නා අයත් ඉන්නවා. ඒවා වෙනම සාකච්ඡා කලයුතු මාතෘකා.

එක-එක කාල කාල වලදී ෆේස්බුක් භාවිතාව අවම වෙලා මිතුරන් ඒ ගැන විමසන්න පටන් ගත්තම තමයි මම නැවතත් සක්‍රීය වෙන්නේ. උදාහරණයකට 2010 පාපන්දු ලෝක කුසලානය පැවැත්වුණු කාලේ FIFA වෙබ් අඩවියේ තිබුණු දැනුම උරගා බලන ගේම් එකකට ඇබ්බැහි වෙලා, අන්තර්ජාලයේ කරන සියලුම කටයුතු පැත්තක තියලා ඒක කරගෙන ගියා. පස්සේ මිතුරන් ඇහුවම තමයි මම අනෙක් කටයුතු වලට යොමු වුණේ. බ්ලොග් පටන් ගත්ත කාලෙත් ඒ වගේ තමයි, සියළු කාරියන් පැත්තක් තියලා බ්ලොග් කියවන්න ගත්තා. ඉන් පස්සේ ලියන්න ගත්ත. මට හිතුණේ "ඒක තමයි නියම තැන" කියලා.  ඔහොම කාලයක් යත්දී තේරුණා බ්ලොග් ලියන කියවන අය මටත් වඩා ෆේස්බුක් එකට ඇබ්බැහි වෙච්ච් කණ්ඩායමක් කියල. ඔන්න මම ආයෙත් ෆේස්බුක් සහ බ්ලොග් සමව බෙදාගෙන පරිහරණය පටන් ගත්තා.

බ්ලොග් අවකාශේ ඉන්න කට්ටිය එකතු කර ගන්නත් මේ කාලයට සමානතරව සිදු වුණා. විශේෂයෙන්ම වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අවුරුදු උත්සවයෙන් පස්සේ. මෙහෙම මුලින් එක්කෙනා, දෙන්නා දවසට එකතු කරගෙන ගිහිං, පස්සේ දවසට දෙන්නා තුන් දෙනාගෙන් ඉල්ලීම් එන තරමට මේ සමාජ සබඳතාවය වර්ධනය වුණා. මමත් ඒ වගේම දෙන්නා තුන්දෙනාට ඉල්ලෙම් යවලා අන්තිමේදී මට තෝරා ගන්න බැරි තත්වෙකට මේක පත් වුණා. ඉස්සර ෆේස්බුක් එකේ තිබුණා මිතුරන්ව කාණ්ඩ ගත කරන ක්‍රමයක්, මේ ටයිම්ලයින් හඳුන්වාදීමත් එක්ක ඒක නැති වුණා. ඒ වෙනකොට මගේ පාසලේ ආදී ශිෂ්‍ය කණ්ඩායම්, බැංකුවේ සහෝදර කණ්ඩායම්, ගමේ ක්‍රීඩා සමාජයේ කණ්ඩායම් වශයෙන් පවත්වාගෙන නිසි පාලනයකින් ගියත් පසුව ඒ තත්වය ගිලිහුණා.

මෑතකදී මගේ මිතුරන් පිරිසක් මට පුංචි දෝෂාරෝපණයක් කළා. ඒ අපේ බ්ලොග් ලෝකේ සමහර ය දාන පින්තූර, ස්ටේටස් වලට මාව ටෑග් වෙලා තිබිලා සුද්ද සිංහළෙන් යන මේ මාතෘකා ඒ අයට දරාගැනීමට හෝ තේරුම් ගැනීමට අපහසු වෙලා. අනෙක් අතින් මගේ විදේශික මිතුරන් බොහොමයකට මේවා තේරුම් ගන්න බෑ. මට වුනත් මගේ සමහර හින්දි මිතුරන් දාන ස්ටේටස් කරදරයක්. ඉතිං මම කල්පනා කළා බ්ලොග් අවකාශේ මිතුරන් සඳහා වෙනමම ගිණුමක් අරඹන්න. මීට ටික දිනකට කලින් ඒ ගැන දැනුම්දීමකුත් කරලා ඔයාලා මාව වඩාත් හොඳින් හඳුනන සුදීක කියන නමින් ගිණුම ඇරඹුවා. ඉතිං මම මේකට ක්‍රම-ක්‍රමයෙන් (ග්‍රැජු-ග්‍රැජුවලි) මිතුරන් එකතු කළා. සමහරුන් මේක වැරදියට තේරුම් ගත්තේ මගේ සාමාන්‍ය ගිණුමෙන් ඔවුන් ඉවත් කළවිට, කුමක් හෝ ආරෝවකට මේක කළාද සිතමින්. මිතුරන් කිහිප දෙනෙක් ඒ ගැන විමසා සිටියා.

මෙහෙම සුදීක ගිණුමෙන් මිතුරන් එකතු කරත්දී මම දැක්කා අපූරු ෆේක් නම් ටිකක්. ටිකක් කිව්වට දහස් ගණනක්. ඒ අය ඒ වගේ නම් වලින් ඉන්නේ ඇයි කියන එක මට ඇති වෙච්ච ලොකුම කුතුහලයක්. ඉතිං මම ඒ ගැන විමසලා මත විමසුමක් කළා(Opinion Poll) නමුත් ඒ වැඩේට එතරම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නෑ. පස්සේ මම කලේ අර වගේ අමුතු නම් තියෙන අයව එකතු කරපු එක. විශේෂයකට තියෙන්නේ ඉල්ලීම් කර බොහෝ කාලයක් බලා ඉන්න නොවීම. සමහර ඒවා එසැනින්, තවත් සමහරු පැය භාගයකින් වගේ ප්‍රතිචාර දැක්වූවා. එහෙම දැක්ක නිර්මාණශීලී නම් ගොන්න මෙතනට එකතු කරන්නයි මගේ උත්සාහය. මම නොදුටු ඒ වගේ ලස්සන නම් ඇතොත් කමෙන්ට් වලින් ඒවා සඳහන් කිරීම ඔබට භාරයි. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ඔබත් එවැනි ගිණුමක් භාවිතා කරනවා නම් එය තෝරා ගැනීමට පදනම් වෙච්ච නිධාන කතාව හෙළි කරන්න කියා.
මුහුණුපොත ෆේස්බුක් සඳහා නම්  Fake Names for facebook

මම මෙතැනදී තේරුම් ගත්ත දෙයක් තමයි බොහෝ අය තෝරාගෙන තියෙන්නේ ඔවුන් කැමති රූපවාහිනී වැඩසටහන්(දෙස්/විදෙස්) වල ඉන්න චරිත. තවත් අය සුරංගනා කතා වල එන චරිත, තමන්ගේ චර්යාව විස්තර වන චරිත(අහිංසක සමනලයා වගේ නම්), දේශපාලන වීරයන්, ජාතික වීරයන්ගේ නම්, නළු-නිළියන්ගේ නම්. ඒ වගේ ලැයිස්තුවක් මම දාන්නම්. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන්. මම චැට් එකෙන් විමසා සිටි අයගෙන් පිළිතරු දුන්නේ එක් අයෙක් නැතිනම් දෙදෙනක්.

දොරලොක් හෝම්ස් / කළු මල්ලී (එයාගේ ගමේ අය අමතන නම)

හොර පූසා / විසේකාර අරුමැත්තී

අන්තිම පේලියේ ගල්පාත (අන්තිම පේලිය බ්ලොග් එකක්)

පත්තර මල්ලී (මෑතකදී ජනප්‍රිය කමෙන්ට් කරුවෙක්)

බ්ලැක් පුමා (බ්ලොග් කරුවෙක්) / පිනි බිඳු

පවනි තරංගා(ගැහැණු නමක් තිබෙන පිරිමි බ්ලොග් කරුවෙකි)

කුවේණි(මෑතකදී ජනප්‍රිය වුණු බ්ලොග් කාරියක්)

ලෙජන්ඩ් ස්පියර් රෝමන් රෙයින්ස් /මියැසි පැංචි / පොඩි මදු

පොල් වොර්කර් / මම බීලා / පිස්සු දිමුවා / හාදු පැටියා

මරු සිරා / හිම හංසි / ඇස්ටන් මාර්ටින් / මිසිස් මෝහිනී 

සොමිය සොයන සොමි සඳ /  සංජු මල්ලි / ෆේස්බුක් පොලිස්සිය

පිනක් පැන්තර් / මම තනියම / මලීනා පෙරෙස් / බූත පැටියා

ඔබ මට හීනයක් / සුපර් යාලු ජෝකර් / ෂෝන් බැටළු පැටියා

ෆේක් බුවා / සරායා පෙයිජ් ලයන් / කාලීන සිතුවිලි

ඔෆී ක්ලාරා / ලොකු අයියා /ඇලපාත මුදලි /

පොලිස් මාමා / සායම් කුරුල්ලා / මෝල් කාරයා /ස්වීට් කෙල්ල

ඇල්බර්ටෝ ඩෙල් රියෝ (රෙස්ලින් කරුවෙකුගේ නමකි)

ඉතිං අපිට මොකෝ / මිස්ට පිටරට / හිරු කුමාරයා

අරක්කු සිකරට් / පුංචි රාහුල්ගේ අරෝහි / සුදු නංගා

සෝස කැකුලි / අහිංසක සුරංගනාවී / චූටි පූස්

ගජයා මල්ලි / කැලේ හයිලෑන්ඩ්ර් / පොර කුකුළා

මර්ලින් දී මැජිකල් එම්රස් / දෙවැන්දරා සන්

මඩයා / ඩීන් ඇම්බ්‍රෝස් ද.ශීල්ඩ් / පැණි කුරුල්ලා

මගේ මරණය (පැරණි ජනප්‍රිය බ්ලොග් කරුවෙකි)

බීට්ල් බෙයිලි (ජනප්‍රිය බ්ලොග් කරුවෙකි)

සී එම් පන්ක් එස්.එල් / සුපර් ජෝකර් මං සුපර්

තරු අරුන්දතී / චූටි මදු / සිත්තරී මං (බ්ලොග් කාරියකි)

සුදු මහත්තයා(බ්ලොග් කරුවෙකි) / කින්ග් ආතල්

සින්ඩරැල්ලා කුමරිය / සිහින කුමරා

බඩු කාරයා(මෑතක ජනප්‍රිය කමෙන්ට් කරුවෙකි)

ජයන්ති කවිකළනි තාරකා (ඇත්ත නමක්මද මන්දා?)

රෝඩ් ඩෝග් / මං උයාගේ චීස් බොලේ

නොතිර සසර / මොංගල් කොල්ලා

ජෝන් මොරිසන් එස්.එල්. / සිහින දෙව්දුව

අහිංසක මොනරි / කොස්ගොඩ සුදු මල්ලි

හුදකළා කවියා / නටාල්‍යා ෆැන්ටසි / චූටි මල්ලියා

පට්ටලේ පියදාස / අන්දරේගේ සවාරිය

රැන්ඩි ඕර්ටන් / ජෝජ් බුෂ් / ජපන් කෙල්ල

රෝමියෝ රාජ් කුමාර් (ගැහැණු ළමයි හින්දා කියලා කෙටි පිළිතුරක් දුන්නා)

සර්කිට් හන්දියේ මඩයා / පර්සියන් ජැක්සන්

සිහින කුමාරයා / ඉකිබිඳින හදවත / මීඩියා කෙල්ල

රස්තියාදුකාරයා මං / සුන්දරයි ජීවිතේ

ගුවෙන් ටෙනිසන් / සෙල්ලන්ද ෂෝන්

නේතන් ජෝන්ස් සිංහයා රට වෙනුවෙන්

අහින්සක ආදරය / හල්ක් ඉන්ක්‍රෙඩිබල්

වියරු හා පැටියා / ජිම් පප්පා(මහතා එකා)

කිරි ඉතිරේවා නව වසරේ 

ඒ අතරින් මට හමු වෙච්ච සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. බලන්න කොයි තරම් අහිංසක පැතුමක්ද එයාට තියෙන්නේ කියලා.

ජිමීයා රහස් පරීක්ෂකයා

මට හීනයක් තිබ්බ , තාමත් තියනව .... ! මේකයි මං "ජිමියා රහස් පරීක්ෂකයා" කියල නම දාන්න හේතුවත් මගේ ඒ අහිංසක හීනෙ නිසා තමයි ,, ඒ හීනේ 2005 අවුරුද්දෙ ඉදන් මගේ දකුනු මොලේ කිදා බැහැල තිබ්බ , මං 5 වසරෙ ඉද්දි කියෙව්වා " ශර්ලොක් හෝම්ස් " පොතක් .. ඒ චරිතෙට අද වෙනකම් ආදරේ කලා , තව දුරටත් එහෙමයි , අම්ම, තාත්තා පවුලෙ උදවියට හැර වැඩියෙන්ම ලව් කලේ ඒ පොතකට පමනක් සීමා වූ අජීවමානී චරිතෙට , මට 12 වසරට ගියපු අලුත රැස්වීමක කතාවක් කරන්න සෙට් උනා , මගෙ ඔලුවට ආවෙ මෙයාව. මං පොඩි එකෙක් වගේ මෙයා ගැන කියෙව්ව, හැමෝම හිනා උනා , ඒත් මම සැලුන් නෑ ,

මම දන් නෑ රහස් පරීක්ශකයෙක් වෙන්න තියෙන්න ඕනා සුදුසුකම් මොනවාද කියලවත් , ඒත් මං ගණ්තයට දක්ශ නැති නිසා මට යන්න බැරි වෙයි , බුද්දි අංශයට යන්න ඕන උස මදි වෙයි , මහත මදි වෙයි... ඒත් මං මගේ ඒ හීනෙට නිකංම පැනල යන්න දෙන් නෑ .

ඔයාලත් හීනයක් මවා ගන්න . මං සමාජෙට මෙහෙම පුද්ගලයෙක් වෙනව කියල , හීන වලට නිකම්ම නැති වෙලා යන්න දෙන්න එපා , හීන තුලම නිදාගන්න . ඔයාලා වෙන්න බලන්න ලසිත් මාලිංග කෙනෙක් , ශාහිඩ් කපූර් කෙනෙක් , ශිහාන් මිහිරංග කෙනෙක් , දසුන් මදුශාන් කෙනෙක් , මොකද ඒ මිනිස්සු කාගෙවත් කොපියක් නොවුනු තමන්ගේ අනන්‍යතාවයෙන් රට තුල , ලෝකය තුල නම රැංදූ මිනිස්සු වන නිසා ... හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ , අන්න ඒක ඔලුවට ඇරගෙන හීනය ජය ගන්න බලන්න , ඔන්න එහෙනම් අද ‪#‎ජිමියගේ‬ කතාව . !!
සැ:යු : ඔබට පොල් ගසක දල්ල අල්ලන්න ඕනෑනම් හද අල්ලන්න ට්‍රයි එකක් දෙන්න , එතකොට දන් නැතිවම පොල් ගහේ දල්ල ගාවට යයි :)

මට අන්තර්ජාලයෙන් හමු වුණා, මේ පිලිබඳ කරපු මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් පිලිබඳ වාර්තාවක්. ලැබෙන ප්‍රතිචාර මත එහි පරිවර්තනයක ඉදිරිපත් කරන්නම්.

120 comments:

  1. මොනාවුනත් අන්තිම කතාවනම් සිත් ගත්තා

    ReplyDelete
    Replies
    1. මටත් අවශ්‍ය වුණේ, අන්න ඒ වගේ ඇත්තම කතාව එලියට ගන්න.

      Delete
  2. හ්ම්ම්,,ජිමීයා ගේ පැතුම ගැන සතුටුයි.. මාත් කුවේණි කියලා නම පාවිච්චි කරන්නේ නිකන් නෙමේ :) ඒ වගේම ඊළගට අර ලිපියත් ලියන්න අයියේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව තමයි මෙතනට අවශ්‍ය.

      Delete

    2. කුවේණි "නම දාන්න හේතුව .. මුලින්ම මං fb හිටියේ රියල් නමින්.. ඒත් අවුරුදු 2ක් විතර යද්දී එපා වුණා,ඔන්ලයින් එන්න බැහැ නංගි කොහොමද ?කෑවද? ඔයා කොහෙද? ඉස්කෝලේ යනවද? ඔයවගේ දහසකුත් ප්‍රශ්න. ඒ වගේම ගෑණු ළමයෙක් නිසා නිදහසේ ඕනේ දේවල් ලියන්නත් බැහැ. ඊට පස්සේ රියල් එක දිඅක්ටිවෙට් කරලා කුවේණි නමින් හැදුව.. නමක් හොයද්දි fb එක පුරාම තියෙන්නේ එක වගේ නම් මට ඕනේ වුණා කවුරුත් නොදාපු ,ඕනේ කෙනෙක්ට එකපාරින් මතක හිටින,මගේ සිතුවිලි වලට ගැලපෙන නමක් ..ඒ ගැන කල්පනාකරද්දී තමයි මං පොඩි කාලේ වස නිසා මට කියපු කුවේණි වගේ කියන එක මතක් උනේ. ඊට පස්සේ ඒ නම දැම්මා. ඒ වගේම මං රෙස්ලින් වලට ආසයි ... කුවේණි එක වගේම වෙල්වට් ස්කයි කියන මගේ ආසම ඩිවාස් නමින් ෆේක් එකක් හැදුවා .

      Delete
    3. අපේ රටේ මිනිස්සු වෙනස්. නංගිලාගේ දුක සැප සොයා බලනවා.

      Delete
  3. තමන්ට ලබාගත්න බැරි වුන ලෝකයක් බුකියෙන් ලබාගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා, විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ නම් වලින් ඉන්නේ ඒ අය. පොඩි කාලේ ඉදන්ම රේස් එකේ ගිහින් තමන්ට ලබාගන්නබැරි උන ළමා කාලය මේකෙන් ලබාගන්න උත්සාහ කරන අය වගේ

    ReplyDelete
    Replies
    1. මෙහෙම කේස් එකකුත් තියෙනවා. අපි පොඩි කාලේ මේ මොනවත් තිබුණේ නෑනේ. ඉතිං අපිත් වැඩි-වැඩියෙන් මේවායේ හිර වෙලා ඉන්නවා.

      Delete
  4. මේක මාත් දැකපු අමුතු ට්‍රෙන්ඩ් එකක්. ඔය කිව්වා වගේම ලස්සන ෆේක් නම් තියෙන FB account වලට request දාන පමාවෙන් accept කරලා reply එනවා.
    අන්තිමට ලියල තියෙන වචන පේලිය නම් ඇත්තටම හිතට වදිනවා. අර කියල තියෙන පර්යේෂණ වාර්තාවත් පුළුවන් නම් publish කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක මුලින් නොදැම්මේ අපේ අය අතරින්ම උත්තරය හොයා ගන්න. මට අවශ්‍ය වුණේ අඩුම තරමින් මේ ඉන්න ෆේක් කට්ටිය තමන්ගේ නම හැදුන හැටි විස්තර කරයි කියලා.

      Delete
  5. හ්ම්ම්.. මට නම හැදුනු හැටිත් පිස්සු බම්ප් වෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒක දාපං මල්ලී. බ්ලොග් පොස්ට් එකකට ලින්ක් එකක් හරි තියෙනවා නම් දාපං.

      Delete
  6. මචං මම මාවම හොයපු කාලයක් තිබුනා. තාමත් සමහර වෙලාවට මම මාව හොයනවා. ජිමියා හොඳ උත්තරයක් දීල තියනවා.

    නම් පරීක්‍ෂණයනම් එල. මට සහභාගි වෙන්න බැරි උනා කොම්පීතර් මල්ලි උදව් කලේ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. පුල් එකක් ගහමුඩ හි හි

      Delete
    2. ඒ නම් පරීක්ෂණය මම පේජ් එකක්නේ මචං දාලා තිබුණේ. මම හිතන්නේ ඒක අයින් කරලා. :)

      Delete
  7. දාන පමාෙවන් ඇක්සෙප්ට් වෙනවා කියන්න උන්ට බුකිය ඉන්නව හැර වෙන රාජකාරියක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පොඩි එවුන් ෆෝන් එකෙන් ෆුල් ටයිම් ඉන්නවා.

      Delete
  8. Mokatada boru nam dala facebook a/c hada ganne, tamange atta namin indala puchi kale idala ada venakan maga arunu yaluwo, wagema aluthin labena yaluwoth ekathu karagena niyama namin peni idala yalukam pawathwagena yanna eka neda hoda ?

    ReplyDelete
    Replies
    1. ඒ ඔබේ අදහස නමුත් ෆේක් තියෙන බොහෝ දෙනෙක්ට රියල් එකකුත් තියෙනවා . ඒ වගේම ෆේක් ප්‍රොෆයිල් එකක් තියෙන සුන්දරත්වය ඔයා නොදන්නවා වෙන්න පුළුවන් .

      Delete
    2. @ඇනෝ : එක-එක්කෙනාගේ අරමුණු වෙනස්. මමත් සෑහෙන මග ඇරුණු මිතුරන් පිරිසක් මේ මගින් හොයා ගත්තා.

      @කුවේණි : පොඩ්ඩක් විස්තර කරන්නකෝ.

      Delete
    3. ඉතින් බන් මේ යකා මේ ඇනෝ ඇවිත් කුණුහබ්බයක් නේද කියන්නේ.

      Delete
    4. @මාතලන් : මටත් ඕකම හිතුණා. විහිළුවක් කළා වෙන්න බැරිද ?

      Delete
    5. හොදයි මං දන්න සහ හිතන විදියට කියන්නම්.

      ෆේස්බුක් එකේ පහුගිය ටිකේම දකින්න හම්බුණා ෆේක් ප්‍රොෆයිල් ගැන ලොකුවට කතා කරන රියල් ප්‍රොෆයිල් යැයි තමන්ගේ ප්‍රොෆයිල් හදුන්වලා දෙන පිරිසක්. රියල් කියන වචනෙන් එයාලා අදහස් කරන්නේ ඉංග්‍රීසි අකුරුවලින් නම තියෙන මොකක් හරි කරලා සුදු කරපු ලස්සන මුණු තියෙන ,ටයිකොර්ට් දාපු ප්‍රොෆයිල් ෆොටෝ තියෙන ෆේස් බුක් ගිණුම්....

      තක්කාලි චොප්පේ,කොත්තු නිහාල් , මොණර පැටික්කි වගේ අපේ සිංහලෙන් නම තියෙන එවුවා එයාලට ෆේක්. ඒ වගේම මේ ෆේක් වල ඉන්නේ ඔක්කොම ලෝකෙට මුණ දෙන්න බැරි ,කෙලින් කතා කරන්න පවුර්ශයක් නැති ,බුද්ධිමට්ටමෙන් බොහොම පහල ඉන්න අමුතු මිනිස්සු ටිකක් කියලා තමයි කියන්නේ,, එහෙම ප්‍රසිද්දියේ කියපු තමන් රියල් යැයි කියාගන්න අය නම් වශයෙන් කියන්නේ නැහැ.

      මගේ අදහස නම් ෆේක් ප්‍රොෆයිල් තුල ඉන්නේ සැබෑ මිනිස්සු, නමක් ආදේශ වීම විතරයි තියෙනවා වෙනස..අපි වෝල් එකේ ලියන්නෙත්, කොමෙන්ට් විදියට ප්‍රකාශ කරන්නෙත් ඉතාම සරලව,නිරායාශයෙන් දැනෙන හැගීම්,, එහෙත් මේ තමන් රියල් යැයි කියාගන්න බහුතරය ෆොටෝ එකයි නමයි වෙනුවෙන් රියල් ජිවිතයෙන් ඈත් වෙලා සයිබර් එක ඇතුලේ අමුතු රුපයක් පෙන්නන්න සහ ඒ අනන්‍යතාවය දිගටම පවත්වාගෙන යන්න උත්සහ කරනවා.. (හැමෝම නෙමේ )
      ඔබ ෆේක් ප්‍රොෆයිල් එකක් සහ රියල් ප්‍රොෆයිල් එකක් සතියක් අධ්‍යනය කරලා බලන්න වෙනස දැනේවි හොදින්ම....

      _ෆේක් ප්‍රොෆයිල් තුල රියල් චරිත හමුවෙනු ඇත..රියල් ප්‍රොෆයිල් තුල ෆේක් චරිත හමුවණු ඇත _ කියලා පහල කොමෙන්ට් එකක් දැම්මේ ඒකයි.

      ආචාර්‍ය කුවේණි රාජපස්ස ___________
      @

      Delete
    6. මම දාපු මත විමසීමට මම ඔය ටික එකතු කරලා තිබුණා. මගේ යාලුවෙක් ඉන්නවා. එයාට අයියල දෙන්නෙක්. ඒ තුන්දෙනාට දෙමව්පියන්ම දාපු වෙනත් නම් තියෙනවා. ගෙදර කථා කරන්නේ ඒ නමින්. එතන වාසි අවාසි දෙකම තියෙනවා. ඒ වගේ නම් සමහරුන්ට අතහරින්න බැරි නිසා ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම ඇතුලේ ඉන්න මිනිහා හොඳ නම් මොන නමකින් හිටියත් කමක් නෑ. හැබැයි මට පෙන්වන්න ඕන එක කරුණක් තමයි හිතන තරම් ෆේක් යකා කළු නෑ කියලා. නමුත් අර ගල් වලට මුවා වෙලා හූ කියන අය නිසා මුළු ෆේක් සංහතියම ප්‍රතික්ෂේප කරන එක වැරදියි.

      Delete
  9. මාත් ඔය වගේ කීප දෙනෙක්වම ඇක්සෙප්ට් කරල තියෙනව. මොනව උනත් මොන නම දාගෙන හිටියත් කාටවත් කරදරයක් නැත්තං එච්චරයි.

    ReplyDelete
    Replies
    1. අන්න පොයින්ට් එක ප්‍රසන්න.

      Delete
  10. දැං මේවා ඇති බං , අඩුම තරමේ හිතේ සතුටවත් ඉතුරු වෙන්නේ නැ

    ReplyDelete
  11. අඩේ මගේ නමත් තියෙනවා.මාත් ෆේස් බුක් එකේ සර්කිට් හන්දියෙ මඩයා අකවුන්ට් 1 හැදුවේ බ්ලොග් වලින් හම්බෙන යාලුවො ඇඩ් කරගන්න.ඒ වගේම ටික දවසක් යද්දි තෙරුන 1ක් තමා බ්ලොග් නොලියන ඒත් පට්ට අදහස් තියෙන සෙට් එකක් ෆේක් ලොකේ ඉන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මමත් එකඟයි.

      Delete
    2. සක්ර්බර්ග් උන්නැහේට යෝජනා කරමුද facebook කියන එක fakebook කියලා වෙනස් කරන්න කියලා...මොකද දැන් බලන් යනකොට face වලට වඩා fake වැඩියි වගේ...

      Delete
    3. ඔය දෙකෙන්ම වෙන්නේ මිනිහගේ එකවුන්ට් එකට සල්ලි එකතු වෙන එක. ඒ අතින් අපි මිනිහගේ පඩි නොගන්න සේවකයෝ.

      Delete
  12. එක එක්කෙනාගෙ ආතල් එකනේ. බ්ලොග් ලියන ගොඩක් අය ෆේක් ඉන්නවා. මමනම් කැමති ඇත්ත නමින් ඉන්න එකට.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම කියන්න බස්සි කියන නම හැදුන හැටි.

      Delete
    2. ඕක ඔච්චර කල්පනා කරන්න දෙයක්ද? බස්සගෙ ගෑණු සතා බස්සිනෙ.
      නේද බස්සි අක්කේ??

      Delete
  13. බ්ලොග් අවකාශය උඩට පැන්නේ ගූගල් බස් හරහා,,මම අදටත් සමාජ ජාල වලින් ආසා උනේ ගුගල් බස් වලට විතරයි,බ්ලොග් අවකාශය උනත් ලොකු පිම්මක් පැන්නේ ගූගල් බස් හරහා...

    ReplyDelete
    Replies
    1. දාමුකෝ ගේ ගැන පොස්ට් එකක්. බොහෝ දෙනෙක් ගූගල් බස් ගැන කතා කරනවා.

      Delete
  14. මම නම් මේ යාලුවෙකුට මම ම දාපු නමක් තමා ෆේක් කරගත්තේ

    ෆෙක් වල තියන විශේෂත්වය තමයි ඕනි දෙයක් කියන්න පුළුවන් කරන්න පුළුවන් අපි රියල් එකේ මොනා හරි කිව්වොත් ඉන්න යාලුවෝ ටික ඉතින් දවසේ බයිට් එකට ගන්නවා නේ ඔන්න ඕක නිසා තමයි මන් ෆේක් වලට ගොඩාක් ආස

    අනිත් එක තමයි ෆේක් එකේ කොයි වෙලේ උනත් චැට් එකට ඕනි තරම් අය ඉන්නවා කම්මේලි නෑ ගොඩාක් අය ජෝක් කරගන්නවා හදිසියකට උදවුව්වක් ගන්න පුළුවන්

    ඔන්න ෆේක් එකක් හදන්න කවුරු හරි හිතන් ඉන්නවා නම් ජීවිතේට කවුරු ඇහුවත් රියල් විස්තර නම් මොකුත් කියන්න එපා එතකොට ඉතින් එකේ ආතල් එක අඩුවෙනවා... කවුරුත් දන්නේ නැති උනාම ඕනි මගුලක් කියන්න පුළුවන් අහන්න පුළුවන්.

    මම මෙම කිව්වට මාවත් දැන් නම් බ්ලොග් ලියන අයයි ගමේ උනුයි බාගයක් දන්නවා බ්ලොග් ලියන අය නම් අහනකොට කියනවා රියල් එක

    ගමේ උන් නම් මන් ගොන් කමට ad කරගෙන හිටියා පස්සේ මම අප්ඩේට් කරන ස්ටේටස් ෆොටෝ එක්ක කවුද කියලා දැන ගත්තා දැන් නම් සේරෝ උන් බ්ලොක් කරා....

    හැබැයි ෆේක් වලින් බුකියට ඇබ්බැහි උනොත් නවත්තන්න බෑ ආයේ උපරිම මාසයයි ඉන්නේ ෂුවර්

    ReplyDelete
    Replies
    1. මම ආසම කාටූන් එකේ චරිත දෙකෙන් එකක් තමයි බොරළු. ෆේක් දෙක තුනක් තියා ගන්න ඉදිරියට බැරි වෙයි. එයාලා මොබයිල් අංකය ඉල්ලනවා නේ.

      Delete
  15. ඒ වාර්තාව දාන්න. මොකද්ද බලන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. ඒක පරිවර්තනය කරන්න ටික වෙලාවක් අවශ්‍ය වෙයි.

      Delete
  16. ෆේක් ප්‍රොෆයිල් තුල රියල් චරිත ඔබට පෙනේවී.....රියල් ප්‍රොෆයිල් තුල ෆේක් චරිත ඔබ දකීවි (may be)

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ පොයින්ට් එකක් තමයි.

      Delete
    2. @ අපූර්වී දීදී,

      තවත් ගැඹුරට බැලුවොත් අර "බෙල් පෙපර් සැලඩ්" කාපු ඈයොන්වත් පෙනෙයි!!!!!!!!!!!

      හික්z!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. @ අපූර්වී දීදී,

      ප:ලි: ගැනීම:- ඒත් එක්කම අර "සැලඩ්" කාලා දිරවගන්න බැරිව ඉන්න මුහුණත්තහඩුවත් පෙනෙයි!!!!! (definitely)



      හික්z!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!

      Delete
    4. ඔව් //may be// තමයි..

      Delete
    5. පිල්ලි මුන්නෝ ප:ලි ගැනීමක් තමයි ඉදගෙන :)

      Delete
  17. ඕ යේස් ..!! මගේ නමත් තියනවා..මගෙ නමේ ඇත්තම කතාව මේකයි සුදීක ..දුප්පත්කම ලැජ්ජාවට හේතුවක් නෙවෙ‍යි මට..විවාහ උන අලුත එන ආර්ථික ප්‍රශ්නයට මමත් මුහින දුන්නා..පිට රටකට ගෙනාව වයිෆ් රස්සාවට යවන්න හිත දුන් නැති නිසා මම තෝරගත්තේ තවත් අමතර රැකියාවක් කියන ඔප්ෂන් එකයි..
    මම කරන රස්සාවෙ රෑ දවල් ෂිෆ්ට් එක මාරු වෙන නිසා මට තිබුනෙ රෑ 12 සිට උදේ 6 දක්වා ෆ්‍රී ටයිම්.. මම Buongiorno roma කියන කිරි /පානීය ජලය/උදැසන ආහාරය/උදෑසන පුවත් පත් එක පලාතක ඩිලිව‍ර් කරා පාන්දර 2 සිට 6දක්වා වාහනෙන්..ඉතාම කටුකයි ..හිම ශීතල වැස්ස පාරෙ බල්ලෙක් වත් නෑ !! වාහනේ හැප්පුනොත් හොයාගන්නේ පහුවදා උදේ..උදේ ගෙදර එනකොට වයිෆ් නම දාලා "පත්තර මල්ලි "කියලා :D
    ඒ පාට් ටයිම් රස්සාවෙන් අයින් උනත් වයිෆ්ට මං තාම පත්තරයා !!

    ReplyDelete
    Replies
    1. මේක හරි අපූරු විස්තරයක්. ජීවත් වෙන්න සාධාරණව කරන්න පුළුවන් දෙයක් කරන එකේ වරදක් නෑ. අපේ රටේ තමයි ඒවා පහත් කොට සලකන්නේ.

      Delete
    2. අපේ පත්තරේට මගේ සැලියුට් එක...

      Delete
    3. පත්‍ර බ්‍රදර්......ඔය රැකියාව කරන බොහෝ තරුනයෝ මේ රටෙත් ඉන්නවා. ඒක කටුකයි. නමුත් පොඩි ආදායම් මාර්ගයක්. අත්දැකීම ගැන සතුටු වෙයන්.

      සුදීක.......මම ඉන්න ගමේ, පෙට්‍රල් ශෙඩ් එක ක්ලීන් කරන්න එන්නේ... ගමේ බැංකුවේ හිටපු මැනේජර්. දැන් රිටයර් වෙලා. කරන රස්සාව ගැන පම්පෝරි ගහන්නේ දකුණු ආසියානු මිනිස්සු විතරද මන්දා.

      Delete
    4. @පත්තර මල්ලී භයියා,

      රියලි ප්‍රවුඩ් ඔෆ් යූ අයියණ්ඩියේ..........!!!!!!!!

      "පත්තර මල්ලී" කියන නම පිටිපස්සේ මෙච්චර ලොකු ෆ්ලෑෂ්බැක් එකක් තියෙයි කියලා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ!!!!!!!!!!!!

      සිරාවටම, ෆට්ට ආඩම්බරයක් දැනෙනවා!!!!!!!!

      කාවා ජී දැක්කා නම් තවත් සතුටු වෙයි!!!!!!!!

      සිරාවටම "කාවා" කියන නම පිටුපසත් මේ වගේම සීන් එකක් තියෙනවද දන්නෑ!!!!!!!!!!!!!!!!!

      හික්z!!!!!!!!!!

      @ සුදීක සහබ්,

      අච්චා! අච්චා!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. අපූර්වි , ඕ යේස් .. පිලිගත්තා ඕං

      අරූ අ‍යියේ..උඹ දන්නවනේ බං ඒ දුක..මට හොඳටම ගෙව්වා.. රෑ බල්ලෙක් නෑ සමහර පාරවල් වල .පාන්දර නිදිමතක් එනවා බං . අම්මෝ !!
      පිල්ලියා .. කොහෙද මල්ලියේ යන්නේ උන් හිටි ගමං ??? ටැන්කූ උඹට..

      Delete
    6. දවසක් අටං අයියා ෆෝන් එකට අරං ..වයිෆ් ආන්සර් කරේ .නංගි මේ මේ අර අර කියද්දි ගෑණි අහනවා පත්තර මල්ලිද ඕන කියලා, අටමා කියනවආ ඔව් ඔව් ලු !!!!

      Delete
    7. hats off පත්තර මල්ලි
      (Y)

      Delete
    8. ඉවා .. හොරකං නොකර ගිනිගෙඩි නොදී ජීවත්වෙන්නනේ බං මේ !!!!

      Delete
    9. ආචාරය ඔබට පත්තර මල්ලි.. ඔය වගේ කටුක කාලයන් නම් අනන්ත ගෙවිල ඇති ඒත් වැඩේ කියන්නෙ කවදාවත් කටු කද්දි තේරුනේ නෑනෙ මේ කන්නෙ කට්ටක් කියල.. පස්සෙ කල්පනා කලාම තමා තේරෙන්නෙ යකෝ මාර දුකක්නෙ විදල තියෙන්නෙ කියල..
      …විදින කාලෙ දුකක් නෙවෙයි නම් අවුලක් නෑ නේද??

      Delete
    10. සසර මචං.. ඒ දවස් වල ඔය කිව්ව වගේ තේරුනෙ නෑනෙ බං ..අම්මප ඇත්ත.දැං කියද්දි තමා ඒකෙ අමාරුව රිස්ක් එක තේරෙන්නෙ බං.. දැං කරන දේවල් එක දිගට ඩේ නයිට් ශිෆ්‍ට් අදින ඒව පස්සෙ කාලෙක කියයි මාරයිනෙ කියල නේද.. ජීවිතේ ඔහොම තමා මචං.. ස්තූතියි ඔබට ..!!!

      Delete
    11. @මහසෝන් පිල්ලිය : බොහොත් ශුක්‍රියා(හරිද මන්දා)

      Delete
  18. ෆේස් බුක් එකේ කට්ටිය වටවෙලා ඉඳන් මොනාද කරන්නෙ ? නිකන් කතා බහ කර කර ඉන්න එකද ? හුඟක් බ්ලොග් කාරයන්ට චෝදනාවක් තියනවා "ෆේස්බුක් එකේ රස්තියාදු ගහන්න වෙලා තියනවා ඒත් ලියන්න වෙලා නෑ" කියලා..

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එක සුපර්මාර්කට් එකක් වගේ. ඕනෑම කෙනෙකුට සරිලන දේවල් එතන තියෙනවා. ගේම් ගහන වයසේ අයට ඒවා, සේවා සපයන ආයතන වල පිටු සහ අප්ඩේට්, ප්‍රවෘත්ති, මඩ, ඡායාරූප බෙදා ගැනීම්, පැරණි මිතුරන් සොයා ගැනීම. ඔය අතරේ ස්ටේටස් අප්ඩේට් එකකින් මුළු බ්ලොග් පොස්ට් එකක්මත් දාන්න පුළුවන් සෙන්නා. එතකොට ප්‍රතිචාර එතනම. කමෙන්ට් කරන අයව පාලනය කරන්න ලියන කෙනාට පුළුවන්. අනිත් එක හැමෝටම ක්ෂණයකින් අප්ඩේට් එක යනවා. අපිට තියෙන ප්‍රශ්න ගොඩක් එතන නෑ. ඔයා දන්නවද මම ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආව කෙනෙක්.

      Delete
  19. මොකේ මොන විදියට උන්නාම මොකද බං පරමාර්ථය හොඳ නම්. උඹට හම්බ උනේ නැතෙයි මාතලන් කියලා එකෙක්. මාතලන් ෆිල්ම් එක මම පොඩි කාලේ 10-12 සැරයක් බලලා ඇති. ඒ අපේ තාත්තා කැමතිම චිත්‍රපටියක් නිසා. ඒකේ ගීත අදටත් ජනප්‍රියයි. ඔය ෆිල්ම් එකේ ගී ගයන ධර්මදාස වල්පොල ලතා වල්පොල අපේ ගෙවල් ගාව. ඒ නිසා ඒක තවත් සමීප උනා. මාතලන් පොඩි කාලේ මට වීරයෙක් උනා. දැන් උනත් ආස කරනා චරිත හිටියට වීරයෝ කර ගන්නේ නෑ. ඒත් හැඳින්වීමෙදි හඳුන්වන්නේ වීරයෝ කියලාම තමයි. බ්ලොග් ලියන්න හිතා ගත්ත දවසේ නමක් ගැන හිතන කොටම ආවේ "මාතලන්" කියන එක. මොන හේතුවකටද මම දන්නේ නෑ එහෙම උනේ. ඒත් මම අද මගේ නමටත් වඩා ඒ නමට ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. මට ඕන වුණේ ඔන්න ඔය කතාව දැන ගන්න.

      Delete
    2. මම නම් කැමති උඹේ නමේ ෂෝට්න්ඩ් වර්ෂන් එකට..මාතා!!
      මට මාතලන් කියලා ලියවෙන්නෙම නැහැ.

      Delete
  20. මං නම් බුකිය පැත්තෙ යන්නෙ බ්ලොග් පෝස්ට් එකක් ශෙයා කරන්න විතරයි බොහෝ විට. මට තියන්නෙත් ඔය දැන් තියන අකවුන්ට් එක විතරයි. දෙක තුනක් රන් කරන්නෙ කොහොමද අප්පා, මේ තියන එකත් ඇදගෙන යන්න හරි අමාරුවෙන්.
    හැබැයි ෆේක් තියන අය එක් එක් අරමුණු වලට ඕව පාවිච්චි කරනව. සමහර විට තමන්ගෙ යාළුවො කවුද කියල බලා ගන්න වගෙත්. :)

    ඒකෙත් අවුලක් නෑ ඉතින්, කාටවත් කරදරයක් නැත්නම් ඕන එකක්. පොඩි ජොලියක් නැතුවාමත් නෙවෙයි.
    අර කිව්වත් වගෙ ලස්සන ලස්සන නම් ගොඩක් තියනව ඕක අස්සෙ.

    ReplyDelete
    Replies
    1. හැංගිමුත්තන් කරන්න ආස නැත්තේ කවුද මලේ.

      Delete
  21. කොටියා...
    සමයං කැලේ චට්ට චරුණා..
    කිංකොකනට්...
    ටුටූ බබී
    ආදරණීය සිත...

    මේ අය හුගක් කියවන්න පුලුවං ටිකක් ගතියක් තියෙන් පෝස්ටු දානඅය...
    විසේසයෙන් කිනා පිටසක්වලයෙකුගේ දිනපොත කියල එකක් ලියනව මාර ගති
    ෆේක් ඉන්න හුගක් උන්නෙ පරිකල්පනය අපේ සමහර බ්ලොගර්ලට වඩා හොදයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් දැකලා තියෙනවා ෆේස්බුක් ස්ටේටස් වල බ්ලොග් පොස්ට් වලට වඩා සිරා දේවල්.

      Delete
  22. ඉස්සරම ( 2005 විතර) තිබ්බ චැට් සයිට් වල මම මුලින්ම දාගත්තෙ පිරිමි නමක් වගේ එකක්... මෙලෝ යකෙක් චැට් කරන්න ආවෙ නෑ.. ඊට පස්සෙ දැම්මා ගෑණු නමක්... මෙන්න හෝ ගාලා චැට් කරන අය... හි හි... තාම ඒ එකවුන්ට් තියෙනව වගේම ඒ නමින් මාව දන්න අයත් ගොඩක් ඉන්නවා... ඒ පිස්සන්ට මගේ ඇත්ත නම දැනගත්ත කියලා වැඩක් නෑ... උන් පාරෙ දැක්කත් කෑ ගහන්නෙ අර නම කියල... හි හි...

    ෆේස් බුක් එකටත් වඩා මාර ලස්සන ෆේක් නම් ගොඩක් තිබ්බා චැට් සයිට් ජනප්‍රිය වෙලා තිබ්බ කාලේ... ඒවා නං ෂෝට් ඇන්ඩ් ස්වීට්.... හි හි

    ෆේක් හදනවා නං නම් ඕනෙ තරං තියෙනව.. කාටූන්, වීරයෝ, හතුරො, බල්ලෝ පූසෝ, ඒ වෙලාවට හිතට එන නම්... හි හි ... ඒත් කම්මැලියි අප්පා... ඔය තියෙන ෆේස්බුක් පේජ් එකත් අප්ඩේට් වෙන්නෙ අවාරෙට පොල් හැදෙනව වගේ... කොහෙද ඉතිං ෆේක් ඒවත් මේන්ටේන් කරන්නෙ...

    ReplyDelete
    Replies
    1. කොහොමද කොස්වටු කන්දේ රොසලින් නැන්දා වගේ නමක් ?

      Delete
  23. ඔව් ඔව් මෙ නම් ඇතුලෙ ලස්සන කතා ඇති

    ReplyDelete
    Replies
    1. මේ උත්සාහය ඒ හෙළිදරව්ව වෙනුවෙනි.

      Delete
  24. සුදීක....මම ෆේස්බුක් නැහැ. බ්ලොග් එකේදි...මම නමේ කොටසකුයි, අරූ, මූ,අරකි කියන වචන වලට සෙට් වෙන විදිහටයි අරූ වුනා. මට මගේ නියම නමින් කතා කරපු මගේ යාළුවෝ පවා දැන් කියන්නේ අරූ කියලා. සමහර වෙලාවට අරූ කෝ බන් කියලා අහන්නේ මාව නෙමේ. ඒත් සමහරු මා දිහා බලනවා.

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියන්ගේව. තව මගේ යාලුවෙක් ඉන්නවා ලස්සන ඩයස් කියලා. ඔය වගේ පැටලිලි වෙනවා ඒ වගේ වෙලාවල් වලට.

      Delete
  25. ඔව්.... සුදික නියම නමින් මං බ්ලොග් එක ලිව්වා...... මාව වැඩි දෙනෙක් කියෙව්වේ නැ ..... තාක්ෂණික දෝසයක් නිසා.......ඉතින් මාව නැවත බිහිකළේ හා... මාව ඉස්සරහට ගෙනාවේ අටම්......ඉතින් මං දැන් නිහිංසා .....මට නම් තිබ්බේ අටම්..... මං ඒක පිළිගත්තා.....ඉස්සරට වඩා , මාව දැන් කට්ටිය කියවනවා..... මං හිතන්නේ නම සුබ ඇති මට ..... ජනප්‍රිය වෙන්න නෙමේ මට ඕන.... කියා ගන්න තියන මොනා හරි, කාට හරි කියන්නයි මට ඕන..... ඉතින් මගේ බ්ලොග් එක වෙනුවෙන් ස්තුති වෙන්න ඕන අටම්ට තමයි...... ඔයා ඔය කරන පර්යේෂණය හරි..... අළුත් විදියක එකක්. සමාජ ප්‍රවනතාවයක්.... විදියට මට මේක දකින්න පුළුවන්.....fb එකට වඩා මේ ක්‍රමය සාර්ථකයි...... කියල මට හිතෙනවා ....

    ReplyDelete
    Replies
    1. ඒක දැනෙන්න ඕනේ දෙයක්. හැබැයි බ්ලොග් එකට නම දාද්දී තමන්ගේ නම දාන එක අපි වගේ අයට ඒ තරම් සාර්ථක නෑ. ප්‍රසිද්ධ කෙනෙකුට ඒක හරි යයි. අපේ බ්ලොග් නමෙන්ම පාඨකයෝ ආකර්ෂණය කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම තව හොඳ නමක් අටමට කිව්වා. ඒක අටමා ඔයාට කිව්වේ නැද්ද ?

      Delete
  26. ඔය හොද අදහස් සහිත ෆේක් අය අතරෙ කුප්ප වැඩ සදහා ෆේක් වෙච්ච අතලොස්සකුත් ඉන්න එක තමා අවුල. මමත් කාලය් ෆේක් එකවුන්ට් එකකින් හිටියා. ඒත් මට ඉක්මනින්ම තේරුණා ගොඩක් අය ෆේක් එකවුන්ට් ඇඩ් කරන්නෑ කියන එක.

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ හැම නමක් පිටුපස්සෙම මනුෂ්‍ය ජීවිතයක් තියෙනවා කියන එක අපි මතක තියා ගන්න ඕනේ.

      Delete
  27. maath unna wagema fake wela hitiyanm hodai kiala hithenawa dan...

    ReplyDelete
    Replies
    1. ෆේක් ඉන්නකොට තියෙන එක හොඳක් තමයි ගහන මඩ වදින්නේ නැති එක.

      Delete
  28. “යසලාලක තිස්ස“ රජ්ජුරුවන්ගේ කථාව මතක් වුණා.අරාබි නිසොල්ලාසෙත් තියෙනවා ඒ වගේ කථාවක්.ඔය වගේ වෙස් පෙරලිලි ඉතිහාස කථාම කොච්චර තියෙනවද?

    සුදීක..ඔයාට මිස් වෙච්චි තව ටිකක් එකතු කරන්නම්.
    සමහර ෆේක් අකවුන්ට් ඇත්ත නම් වගේ ඒවා හිතන්න සුදීක අකවුන්ට් එකක් අරිනවා “ දීප්ති පෙරේරා “ කියලා .එහෙම ෆේක් අකවුන්ටුත් තියෙනවා.

    මේ පෝස්ට් එකට හරිම කැමතියි.
    ෆේක් රස කථා ගොඩාක් මතක් වෙලා තනියම හිනාවෙමින් මේ ඉන්නේ.
    :)

    පිනි

    ReplyDelete
    Replies
    1. ඔව්. හැබැයි වැඩි කාලයක් දුවන්න ලැබෙන්නේ නෑ. ෆේස්බුක් එක නියම ක්‍රමයකට වෙරිෆයි කරනවා. ඒ ජංගම දුරකථන අංකය ඉල්ලලා. තව ටික කලක් යත්දී ගොඩක් ෆේක් තියා ගන්න අමාරු වෙයි.

      ඇත්ත ඔයා කියලා තියෙන දේ. සනත් ජයසුරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න දිල්ශාන් නමින් ඕන තරම් ෆේක් ඒවා තියෙනවා. හැබැයි අපි දක්ෂ නම් පටස් ගාලා අඳුන ගන්න පුලුවන්. පොඩි ප්‍රශ්න කිහිපයක් අහලා.

      Delete
  29. ඔය ෆේක් නම්වලින් ඉන්න රියල් හදවත් තියෙන බුවාලා බුවීලා අනන්තවත් මාත් දැකලා තියෙනවා සුදීක අයියෙ. ඒ වගේම රියල් නමින් ඉදන් ෆේක් හදවත් වලින් ජීවත් වෙන උනුත් කොට්ටාසයක් ඔය බුකියෙ ඉන්නවා. නම මොක උනත් හදවතයි වැදගත්ම.

    ඒත් මාත් කැමතියි ඔය ෆේක් නම් වල නිධාන කතාවන් අහන්න නම්.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. කරන කියන දේ තමයි වැදගත්.

      Delete
  30. මං මගේ එකත් කියලා දාන්නම් ;))

    මෙහෙමමයි මට නම් සැබෑ ජිවිතේ හැංගුණ පැත්තක් ෆෙක් නමින් එනවා ,එක නිකන් ආරූඪ කර ගැනිමක් වගේ දෙයක් .මං දැක්කා බුකියේ කවුරු හරි බැණලා තිබුණා ෆෙක් ඉන්න වුණ්ට කොන්ද පණ නෑ තමන් ගේ සැබෑ නමින් මේ කරන දේවල් කරන්න කියලා .එහෙම නෙවෙයි ෆෙක් වෙන එකේ වින්දනයක් තියෙනවා ,හිතන දේ අලුත් වෙනවා මට නම් ,

    .අනික මේ නම් හිතෙන හිතෙන විදියට දා ගත්ත එවා නෙවෙයි .බොහෝ විට සමාජයෙනම අපිට තියපු නම් එවා ,අපේ සැබෑ නමින් දන්නෙ කවුද ?සැබෑ ජිවිතයේදිවත් සැබෑ නමින් කතා කෙරෙනවා හරි අඩුයි මට නම් ...මට කියන්නෙ ගොඩක් අය" කුලේ" කියලා ...තව නම් තියෙනවා''දොබා ,චුටි පුතා ,පුංචි මහත්තය''වගේ නම් තියෙනවා,එවා කියන්න අමාරුයි ,මං කොහේ හරි නම් පුරවන්න ගියාම තමා අයේ නම මතක් කර ගන්නෙ ..

    මං නම් සැබෑ ජිවිතේ හරි නම් භාවිතා කරන නොකරන ගානයි ,එක නිසා ෆෙක් විම මගේ අදහස මහා ලොකු දෙයක් නෙවෙයි අපේ සැබෑ ජිවිතේම කොටසක් සයිබරයට ඇතුල් කිරිමක් විදියටයි ...එකත් අපිට තියෙන එක නමක් විතරයි හැබැයි ඒ අපි ආසම නම මොකද සැබෑ ජිවිතේ අපේ අම්මලා තාත්තලා නම් තිබ්බෙ අපිට කැමැති නම් නෙවෙයි නේ ,ජොතිශ්‍යයටයි ,ඒ කාලේට ගැලපෙන්නයි විතරයි ..

    ගොඩක් දේ තියෙනවා මේ ෆෙක් නම් ගැන කියන්න ..

    ReplyDelete
    Replies
    1. දෙමව් පියන් තබපු නම වෙනස් කර ගන්න අය ඉන්නේ බොහොම සීමිතව නේද? කුඩා කාලේ ඉඳන් අමතපු නමට හුරු වීමක් තියෙනවා නේ.

      Delete
    2. කියපු කතාව වැරදි විදියට තෙරුම් අරන්ද මන්දා ..සැබෑ නම වෙනස් කර ගැනිමක් මෙතන වෙන්නෙ නෑනේ ..එහෙම එකක් අදහස් වෙනවා නම් මං කියපු දේ සම්පූර්ණ වැරදි දෙයක් ..ඔව්

      Delete
  31. අර නමි ටික මරැ..සිහින උලේල ගැන ලියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ සංජීව. මම කෙටි කතාවක් ලිව්වා අවරුදු උත්සව ගැන ඒකෙ තියෙනවා. බක් මහා කඳුල" ඔයාට මග ඇරිලා ඇති බලන්න. අවුරුදු උත්සවය ගැන බොහෝ දෙනෙක් මේ වෙනකොටත් ලියලා නේ.

      Delete
  32. අනේ මන්දා.බ්ලොග් ගැන මට නම් මහා විසාල අත්දැකීම් නැහැ.මාව වැඩි දෙනෙත් නොදන්නව විතරක් නෙමේ මම දාපු නම ගැනත් මම තවම හිතනවා.ඒ කියන්නෙ මම මාව තවම හොයනවා.මොනව උනත් මාධ්‍ය කාරයො වෙන්ට බැරිවුන අපි වගේ උන්ට හිතේ තියන දේ කැමති විදියට වමාරන්ට තියන හොඳම තැනක් මේක.
    මචං උඹ ලියපු හොඳම ලිපියක් මේක.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ වගේ ලිවීමේ අවකාශයක් අපිට ලැබෙන්න තිබුණේ තව ගොඩා කලින්. අන්තර්ජාලය පරිහරණය කරපු මුල් කාලෙම මගේ හිතේ තිබුණ එක බලාපොරොත්තුවක් තමයි මගේම කියලා වෙබ් අඩවියක් පටන් ගන්න ඕනේ කියන එක. අපිට කියාගන්න දෙයක් තියෙනවා නම් ඒක කොහොම හරි එලිට දාන්න ඕනේ.
      තව මේ වගේ පර්යේෂණාත්මක ලිපි ගණනක් මම ලිව්වා ගිහින් බලන්න මෙතැනින් මෙතෙක් ලියූ සටහන්

      Delete
  33. ලිස්ට් එකට "ඇවිද්ද පය (ජනප්‍රිය බ්ලොග් කරුවෙකි) " දාන්න බෑරි "සු දී ක" තියන නිසා නේ?

    ReplyDelete
    Replies
    1. මගේ ගැන මම කථා කලොත් මෙහි සත පහක වත් වටිනාකමන් නැති වෙනවා.

      Delete
  34. ලිස්ට් එකට "ඇවිද්ද පය" (ජනප්‍රිය බ්ලොග් කරුවෙකි) දාන්න බෑරි "සුදීක" තියන නිසා නේ?

    ReplyDelete
  35. ලිස්ට් එකට "ඇවිද්ද පය" (ජනප්‍රිය බ්ලොග් කරුවෙකි) දාන්න බෑරි "සුදීක" තියන නිසා නේ?

    ReplyDelete
  36. මම දැකපු විදියට ෆේක් වලත් බොගේ වගේම විවිද අරමුනු වලින් ආව අය ඉන්නව.. අරමුණ මොකක් උනත් ෆේක් ඉන්න ඔක්කොම හොයන්නෙ හිතට එන දේවල් නිදහසේ ලියල දාන්න චාන්ස් එක..

    … මගේ නමත් මෙතන තියනව.. මගේ ෆේක් නමට නම් එච්චර ලොකු කතාවක් නෑ.. දුක සතුට ආතල් කට්ට නෝන්ඩි ක්‍රෙඩිට් අරක්කු පිරිත් පැන් වගේ ඕනෙ දෙයක් කියල හිතාගෙන තමයි ඔය නම වැටුනෙ..

    …බ්ලොග් එකකුත් පටන් ගත්ත ඒත් තාම මොකුත් ලීවෙ නෑ.. ඉස්සරහට බලමු.. හිතට හිතෙන ගොඩක් දේවල් හිතෙන්ම මැකිල යනවට වඩා කොහේ හරි ලියවිලා තියනව නම් හොදයි කියල හිතුන නිසා තමයි පටන් ගත්තෙ.. ගොඩක් කල් ඉදන් සිංහල බ්ලොග් කියෙව්වා ගොඩක් කල් ඉදන් හිතාගෙනත් හිටියා ලියන්න.. ඒත් පටන්ගන්න පරක්කු උනා.. බුකියත් එක්ක සෙට් උනාම එතනම ඉන්නත් හිතෙනව ඒකත් එක හේතුවක් වෙන්න ඇති බ්ලොග් පෝස්ට් නොලියවෙන්නත්.. නිකන් පොඩියක ස්ටේටස් එකක් කමෙන්ට් එකක් දාල නිකන් ඉන්නවා.. දිගට පෝස්ට් එකක් ලියන්න නම් ලියාගෙන ලියාගෙන යන්න ඕනෙනේ.. ඒත් සිතුවිල්ලක් ආව ගමන් ඒ ගැන නොහිතාම ඒක එලියට දානවා බුකියෙන් .. ඒ සිතුවිල්ලට වතුර ටිකක් පෝර ටිකක් දාල බ්ලොග් පෝස්ට් එකක් විදියට හදන්න හිතන්නෙ නැතුවම..

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් කිවයුතු ස්ටේටස් එකක බ්ලොග් පොස්ට් එකක් දානවාට වඩා, ඒ වෙනුවෙන් සපයලා තියෙන ඉඩ පාවිච්චි කලොත් හොඳයි කියන එක මගේ විශ්වාසය.

      Delete
  37. කාලින මාතෘකාවක්. අගෙයි.
    සුදීක ලියල තියෙන තොරතුරුත් එක්ක අපේ කට්ටිය දාලා තියෙන කමෙන්ට් කියෙව්වම හරි අපූරුයි...........!
    ඒ වගේම පත්තර මල්ලීගේ අව්‍යාජ බවට මල් මිටක්............!
    සිත් රූ තමයි මං ලියන බ්ලොග් එක. මං මුලින්ම දැම්මේ මගේ හදට දැනුණු සිතුවිලි. ඒ කියන්නේ පුංචි පුංචි නිසදැස්. ටික කාලයක් යද්දී මං මගෙ තෙවෙනි ඇසින් දැක්ක විවිධ සුන්දර සේයාරූ එකතු කළා.
    ඉතිං මං හිතුවා බ්ලොග් එකට “සිත් රූ“ කියල දාන්න ඕන කියල.
    2011 තමයි මං මුල්ම පෝස්ට් එක දැම්මේ. ඒත් වැඩි උනන්දුවක් නැතිව ඔහේ ගලා ගෙන ගියා. 2014 දී තමයි ආයෙත් විවිධ දේවල් පළ කරන්න පටන් ගත්තෙ.
    පත්තරයක් කියවද්දි ඇස ගැටෙන වටින දෙයක් දැක්කම අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන කියල මං නිතරම හිතන දෙයක්. මං හිතුව ඒකට සුදුසුම තැන තමයි බ්ලොග් එක කියල.
    ඉතිං ඔන්න ඔහොම තමයි මං බ්ලොග් එකට ආස වුණේ. ඒ වගේම නම දැම්මේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මූණු පොතෙන් අපි කලින් හඳුනාගෙන උන්න නිසා ඔයාගේ නිසඳැස් රස වින්දා. මෑතකාලීනව දකින්න නොලැබුණු බව දැනුණේ ඔයා කිව්වට පස්සේ. 2012 දී මේ බ්ලොග් එක පටන් ගත් විගස මුලින්ම ජොයින් වුණු කීප දෙනා අතරින් කෙනෙක් තමයි ඔයා. අද වනවිට කිසිම කෙනෙකුගෙන් ඉල්ලීමක් නොකර තුන්සීයකට වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා.

      Delete
    2. ස්තූතියි සුදීක.
      මං දැනන් හිටියේ නැහැ ඇත්තටම. ඔයාගේ මුල් කාලීන රසිකාවක් වෙන්න ලැබිච්ච එක එහෙනම් සතුටක්.
      දිගටම ලියන්න.........
      ජය......!

      Delete
  38. කුප්ප වැඩ වලට ෆේක් හදාගන්න කාලකණ්ණි ටික දෙනා හැරුණම, අනිත් හැම ෆේක් එකක් ම රන් කරන්නේ රියල් හදවතක්. ඒත්, රියල් නම් දාගෙන ඉන්න ෆේක් හදවත් මීට වඩා ඇති කියලා මට නං හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. චේතනාව පිරිසිදු නම් ෆේක් වලින් වුණත් වැඩක් ගන්න පුළුවන්.

      Delete
  39. කවුරුත් ටච් කරපු නැති මාතෘකාවක් සුදීක .. සාර්තකයි වැඩේ..

    ReplyDelete
    Replies
    1. මගේ ඔලුවට මේ වගේ විකාර අදහස් එනවනේ ඉතිං.

      Delete
  40. මම හුඟක් ඇහුම්කන් දෙන, කියවන, සොයන බලන මිනිහෙක්. හැමදෙනාගෙන්ම මොනවා හෝ විමසා දැනගන්න ආසයි. ඉතින් මම දාගත්ත බ්ලොග් නමයි, මගේ අන්වර්ථ නමයි හොඳයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. e ගැන සටහනක් තිබුණා වගේ මතකයි. ලින්ක් එක දෙන්න පුලුවන්නම්.

      Delete
  41. අවසන් කිරීම ගොඩක් තදින් හිතට වැදුනා.. හැබැයි අනවර්ථ නමක් තිබ්බත් Unique වැඩේ වෙන්නයි ඔනි කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හරි. තමන්ට ආවේනික ශෛලියෙන් ඉන්නවා නම් ඇත්තටම ෆේක් නෑ වගෙයි. ඔය බ්ලොග් වල ඇනෝ දාන අයව බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් හොඳට කමෙන්ට් කියවනවානම්.

      Delete
  42. නම ෆේක් උනත් රියල් උනත් කාටවත් කරදරයක් නැත්තං , අරමුණ හොඳයි නං අවුලක් නෑ කියලයි මං හිතන්නේ...
    ඔය අතරේ, කිසි අරමුණක් නැතුව හැබැයි කාටවත් කරදරෙකුත් නැතුව ඉන්න ෆේක් ප්රෝෆයිලුත් තියෙනවා, ඒවත් ඉතිං අවුලක් නෑ .
    >
    හැබැයි සුදික අයියා,
    මං දැකපු/වටහගත්තු දෙයක් තමා ෆේක් ප්‍රොෆයිල් තියෙන අයගෙන් සැලකියයුතු ප්‍රමාණයක් ඉන්නවා විවිධ හේතු නිසා විවිධ අරමුණු සඳහා ෆේක් නම් වලින් ඉන්න...
    ඒවා "හොඳද / නරකද" කියන වචන දෙක අතරේ බෙදන්න ගියොත් ඒක පවා කෙනාගෙන් කෙනාට හරි සාපේක්ෂ දෙයක්... නමුත් හොඳට ඇනලයිස් කරලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් එහෙම පෙනී ඉන්නේ මොකක් හෝ හීනමානයක් නිසා කියලා... මන් නං හිතන්නේ ඒක ලේසියට ගන්න පුළුවන් දෙයක් කියල නෙමෙයි. අපේ පුහු සංස්කෘතික සදාචාරේයි ඊට නොදෙවෙනි සමාජ ක්‍රමෙයි නිසා බෙලහීන මිනිස්සු ගොඩක් හැදිලා...
    >
    ෆේක් ප්‍රොෆයිල් තියෙන ටිනේජර්ස්ලාගෙන් බහුතරය ෆේක් එකවුන්ට් එකක් හදන එකම හේතුව තමන්ගේ ලිංගික හැගීම් විරුද්ධ ලින්ගිකයෝ එක්ක හුවමාරු කරගන්න එක...ඒ වගේ අති සාමාන්‍ය මානුෂිය කරනා වලට ෆේක් එකවුන්ට එකක් හදන්න සිද්ද වෙනවා කියන එක ඇතුලෙම අපේ සමාජේ මානසිකව කොච්චර දුප්පත්ද කියන එක පේනවා.
    මේ කාරනේදී වයස් බේදයක් නැතුව ෆේක් ප්‍රොෆයිල් හැදිලා තිබුනත්, මං විශේෂයෙන් ටිනේජර්ස්ලව මෙන්ෂන් කරේ ලංකාවේ අනාගතේ කියන්නෙත් දැන් වගේම තවත් හිතෙන් දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්න, දැන් වගේම කුණු ගොඩක් නේද කියලා අහන්න....
    >
    ෆේක් නම් වලින් ඉන්න ඉතාම නිර්මාණශීලි මිනිස්සුන්ගෙන් සමහර අය උනත් කිසිම හේතුවක් නිසා අනන්‍යතාවය පොඩ්ඩක්වත් එලියට දාන්න අකමැති හේතුවත් අපේ මේ පුහු සදාචාරවාදී සමාජ ක්‍රමෙන් එයාලාව බෙලහීන විම කියලයි මට හිතෙන්නේ...
    >
    හැබැයි ඔක්කොම පැත්තකින් තියලා මේ ෆේක් ප්‍රොෆයිල් එක්ක වැඩ කරන එක නම් හරි සුන්දරය්. මමත් එයාලගේ දක්ෂකම්, නිර්මාණශිලිත්වය එහෙම හොඳට විඳිනවා...
    >
    කමෙන්ට් වලට පින්තුරයක් දාන්න බැරි නිසා ලින්ක් 1ක් දැන්නම්.
    මගේ බ්ලොග් එකේ ලිපි හරකෙක් ලියන විදිහට ලියන්න මට හිතුනු හේතුව මේ fb පිටුවේ cover pic එකේ තියෙනවා...
    හරක'ගෙ බ්ලොග් එක

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවට 00% එකඟයි. අපි සංස්කෘතිය ඕනෑවට වඩා පෙන්නන්න ගිහිං ඒකෙ හිර කාරයෙක් වෙලා. යතාර්ථය වතුර යට රබර් බෝලයක් ඔබනවා වගේ හිර කරන් ඉන්නේ.

      Delete
  43. අපුරු ලිපියක් ෆෙක් ලොක්යත් අමුතුම තැන්ක් මම දැක්ක...

    ReplyDelete
  44. කොල්ලයි බල්ලයි තමන්ගෙ ෆේස් බුක් ගිණුමට එකතු කරන්නෙ නැතුව අපූරුවට අවුරුදු ගානක් මේක ඇතුලෙ ඉන්න යෙහෙලියෝ මට ඉන්නවා...වැරැද්ද තියෙන්නෙ ෆේස් බුක් එකේ නෙමෙයි තමන්ගෙ චර්යාවෙ....කෙල්ලො තමන් අදුනන්නෙ නැති උනත් මම හරි ෆේමස් කියලා අනිත් උන්ට පෙන්නන්න ආසයි...ඒ නිසාම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාන හැමෝම ඇඩ් කරගන්නවා.

    මම නම් ඔය ෆේක් නම් තියෙන අය එකතු කරගන්නෙ බොහොම සීමිතව...ඔහුගේ මිතුරු ලැයිස්තුවේ මම අදුනන කීප දෙනෙකු හිටියොත් විතරයි. කිසිම කෙනෙකුට තමන්ගෙ නියම නමින් පෙනී ඉන්න බාධාවක් නෑ තමන් අවංක චරිතයක් නම්...මගේ අදහස එහෙමයි...ඔබෙන් ලගදි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ලැබුනාම මම කල්පනා කලා...මේ මනුස්සයා මාව අයින් කලේ කවදද කියලා...

    ReplyDelete
  45. මමනම් fb වල නැහැ. මම අඩි 6 අඟල් 2 උසක් සහිත කිලෝ 110 බර කළු සිංහලයෙක් නිසා මාහා කළු සිංහලයා නමින් ආවා.

    ReplyDelete
  46. මම දැන් අවුරුදු බර ගානක් තිස්සේ මේ බ්ලොග් ලියන වැඩෙයි .. ෆේස්බුක් එකෙයි ඉන්නවා.. මට කවදාවත් වෙන නමකින් එන්න හිතිලා නෑ.. මට ඒක මහා කරදරයක් වගේ කියල දැනෙනවා.. මට මම වෙන්න බැරි නම් මම කොහොමද වෙන කෙනෙක් වෙන්නේ වගේ හැඟීමක් තියෙන්නේ..

    ලියන කියන දේවල් වල පොඩි සිමා වීමක් තියෙනවා.. ඔනලයින් උනත් ඩබල් ඇක්ටින් කරන්න තාම හිතිලා නෑ..

    මේකේ නම් ටික මරු.. පත්තර මල්ලිගේ කතාවත් සිරා...

    ReplyDelete
  47. Mama blog keruwawa gena denagaththe anthima peliya haraha. Mulin kiyewwa, passe liyanna hithuwa. Card eka mokakda daganne kiyala kalpana karaddi thamai galaya saha boralu gena oluwata awe. Boraluta wada galaya Mata gelapena weda karana ekaa nisaa anthime e nama dagaththa. Namath tikak hit Una nisaa digatama genichcha.

    adatath blog wala un mawa personally dannawa unath katha karanne galaya, gale kiyala. Wifeta dotie kiyana unuth set ekak innawa.

    onna ohomai man fake une. Hebei gidak aya mawa real namin dannawa. Fun ekatamai fake eka hadagaththe.

    sudika ayya, post eka maru. Mawa mathak kalatath romba thanks

    mama
    Anthima Peliye Galpatha

    PS: train eke weda arila yana gaman phone ekenui me kotanne. Meweleta Unicode gahanna widihak ne.

    sorry wewa.

    ReplyDelete
  48. කවුරුවත් අංගසම්පූර්ණ නෑ. ඒ කියන්නේ අපි හැමදාම මොනවා හරි දෙයක් අළුතෙන් එකතු කරගන්නවා.
    ඒ කියන්නේ, හැමෝම හැම වෙලාවෙම පිරෙමින් ඉන්නේ.
    ඒ කියන්නේ ඉතිං 'පිරේ' තමයි.

    තවත් හේතු කිහිපයක්ම තියෙනවා. පියරත්න කියන නමට ගොඩක් අය කෙටියෙන් කියන්නේ පියා කියලා. පියා කියන උච්චාරණය ප්‍රංශ භාශාවෙන් ලියවෙන්නේ Pire කියලා. ඒකේ තේරුම, worse (වඩාත් නරක) කියන කියන එකයි. ඉතිං, හැමෝම මට හොඳ එකා කියලා කියන එක වෙලාවකට එපා වෙන නිසා, මට හිතුනා නරකයි කියන එක නමින් ම පෙන්නන්න මේක පාවිච්චි කරන එක හොඳයි කියලා.

    ReplyDelete
  49. Man nam da gaththe " Moda yaka modaya " Kiyala mokada man podi kaale idalam hadune maha gedra ( Thaththa army eke idala nathi una) thaththa army karaya nisath, mata tikak track wage nisath, ape nangi mata wada hugak buddimath nisath, ammage paule un kivve modaya kiyla :) :) dan loku wela matath hithenne man mokuth kara ganna bari modayek kiyala :)) eka nisa mage fake eke nama moda yaka modaya.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...