Wednesday, April 23, 2014

එල්.ඊ.ඩී. භාවිතා කර ලයිට් බිල අඩු කරගත් පෙරේරා මහතා ...... Mr. Perera who slashed his electricity bill by using LED

පහුගිය වතාවේ විදුලි ගාස්තු ඉහල ගියාම බොහෝ දෙනෙක් උත්සාහ කළා මොනවා හරි කරලා ලයිට් බිල අඩු කර ගන්න. මමත් බොහොම දැඩි උත්සාහයක් ගත්තා අඩු කරගන්න. නිතරම ඇවිදලා අනවශ්‍ය විදුලි පහන්, විදුලි පංකා නිවා දමන්න. ඒ වගේම මම කරපු තව දෙයක් තමයි නිවසේ සමහර පෙදෙස් වලට අදාළ සර්කිට් බ්‍රේකර් වසා දමන්න. මොකද එකකට එකක් යා කරලා හදලා තියෙන අපේ නිවෙස් වල, ඉහලම මාලේ තිබෙන විදුලි රැහැන් වලට කොක්කක් ගහලා විදුලිය ගන්නත් බැරි නෑ. ඒ වැඩේ යම්තාක් දුරට සාර්ථක වුණා. නමුත් විශාල වශයෙන් නෙවේ. ඉතිං මමත් තීරණය කළා එල්.ඊ.ඩී.ගන්න. 
LED bulbs එල්.ඊ.ඩී. බල්බ විදුලි පහන්
පින්තූරය ගත්තේ : http://www.relumination.com

දැන් ඉලෙක්ට්‍රික් වැඩ දන්නා බොහෝ දෙනෙක් කරන සයිඩ් බිස්නස් එකක් තමයි මේ එල්.ඊ.දී. විදුලි බුබුළු එකලස් කරන එක. මොකද මේ මගින් විදුලි බිල්පත 40% කින් විතර අඩු කර ගන්න පුළුවන් කියන එක තමයි මතය. පෙරේරා මහත්මයා තව අවුරුද්දකින් විශ්‍රාම ගන්න ඉන්න කෙනා. මේ වගේ ලොකු විදුලි බිලක් ගෙවන්න වුනොත් ඉතිං අනික් වැඩ පල කර ගන්න සල්ලි මදි වෙනවා. ඒ නිසාම පෙරේරා මහත්තයා එයාගේ දරු මල්ලෝ තුන් දෙනාට කෑම මෙසේදී මේ ගැන කිව්වා. කොච්චර කිව්වත් ගෙදර රූපවාහිනිය නිවා දමන වෙලාවක් නැති තරම්. නිතරම ෆෑන් දෙක තුනක් කැරකෙනවා. දවල්ට වොෂින් මැෂින්, රයිස් කුකර්, බෙලෙන්ඩර් හැම එකක්ම ක්‍රියාත්මක වෙනවා. මුළු පැය විසිහතරම ශීතකරණය. අන්තිමට මිනිහගේ හිත ළඟදී එල්.ජී. එකෙන් හදපු අර රෑට ඕෆ් කරන්න පුළුවන් ශීතකරණයට ගිහින් තිබුණේ. 

පෙරේරා මහත්මයා මුළු බෝනස් එකම මේ වෙනුවෙන් යොදවන්න තීරණය කළා. ඉතින් දෙසැම්බර් මාසයේ නිවසේ සියලුම විදුලි පහන් එල්.ඊ.ඩී. කළා. ඒකට පෙරේරා මහත්තයාට වැඩි මුදලක් වැය නොවුණේ, තමන්ගේ කාර්යාලයේ ඉන්න මිත්‍රයෙක් ඒ බල්බ් එකලස් කරපු නිසා. ඒත් ඒ කඩේ විකුණන නුදලට සාපේෂව. නමුත් රුපියල් දහ - දාහක් කියන්නේ ලේසි මුදලක් නොවෙයි. මේකේ ප්‍රතිලාභ ලබන්නත් සෑහෙන කාලයක් ඉන්න වෙනවා. පෙරේරා මහත්තයා එකෙනුත් සෑහීමකට පත් වුණේ නෑ. එක මාසයක් ලයිට් බිල අවාම කලින් එකත් එක්ක බැලුවා 15% විතර තමයි අඩු වෙලා තියෙන්නේ. මිනිහා කෙලින්ම ගිහින් නැවතුනේ බල්බ් ටික එකලස් කරපු කාර්යාලීය මිත්‍රයා ගාව

"මොකක්ද බන් උඹේ එල්.ඊ.ඩිය දාලත් බිල අඩු වුණේ රුපියල් 750 යි නේ"

"මේකනේ පෙරේරා අයියේ බලබ් දැම්මම, බල්බ් වලට යන ඒවායින් 40%ක් අඩු වුනාට, අයන් එක, ෆ්‍රිජ් එක, සිවිලින් ෆෑන්, බ්ලෙන්ඩර්, රයිස් කුකර්, වොෂින් මැෂින්. මේවා පාවිච්චි කරනවා නම් බිල අඩු කරගන්න වෙන්නේ පාවිච්චිය අඩු කරලා"

"ඒකත් එහෙමද ? උඹ හදන්නේ බ්ලබ් විතරද ?"

"ඔව්. පෙරේරා අයියේ"

පෙරේරා මහත්තයා ඊළඟ නැවතුනේ නගරයේ තියෙන විදුලි, ඉලෙක්ට්‍රොනික් උපකරණ විකුණන මුස්ලිම් කඩේ.

"මුදලාලි ඔයාලා ගාව තියෙනවද එල්.ඊ.ඩී. ෆ්‍රිජ්, ෆෑන් එහම"

"ෂර් කියන්නේ එල්.ඊ.ඩී. හයි කරපුවද ?"

"නැතුව ඉතිං එල්ලන්නයි"

මුදලාලිට තේරුණා කතන්දරේ. කොහොමත් මාසයක් යනකං අවුලක් නැති නිසා. ෆ්‍රිජ් එකකුයි ෆෑන් දෙකකුයිම පෙරේරා මහත්තයාගේ ඇඟේ ගැහුවා. 

මේ භාණ්ඩ ටික ගෙදර ගෙනාව පෙරේරා මහත්තයා සැනසුම් සුසුමක් හෙළුවා. පරණ ෆ්‍රිජ් එකයි ෆෑන් දෙකයි ළඟ ඥාතියෙකුට දුන්නා. ඊළඟ මාසේ ලයිට් බිල ආවා. මිනිහට හිතා ගන්නත් බෑ ලයිට් බිල රුපියල විසි ගානකින් වැඩි වෙලා. මිනිහා කඩාගෙන ගියා කඩේට

"මොනවද නිසාර් තමුසේ කරන්නේ. බලනවා තමුසෙගෙන් එල්.ඊ.ඩී. ෆ්‍රිජ් එකයි ඵ් දෙකයි ගෙනිච්චේ අතේ සල්ලි තියෙනවට නෙවෙයි. ලයිට් බිල අඩු වුණේ නෑ. මට පෙන්නේ තමුසෙත් අපේ ඔෆිස් එකේ බල්බ් හදන එකාගේ කවුරු හරි වෙන්න ඕනේ. එල්.ඊ.ඩී. දැම්මම 40% කින් බිල අඩු වෙනවා කිව්වට, කිසි වෙනසක් නෑනේ අයිසේ"

"මේකනේ මාතියා ඔය ෆ්‍රිජ් එක ඇතුලේ හයි කොරලා තියෙන්නේ එල්.ඊ.ඩී. තමයි. ෆෑන් එකේ රේගුලේටර් එකේ තියෙන්නේ පොඩි එල්.ඊ.ඩී. තමයි"

"ඉතිං අයිසේ ඔය කෙහෙල් මල හයි කරාම ලයිට් බිල අඩු වෙනවා කියන්නේ බොරුවක්ද?"

"අපි නම් දන්නේ ෂර් කවුද කිව්වා"

"තමුසෙලා ඔක්කොම එකයි" 

 කියාගෙන පෙරේරා මහත්තයා එලිට බැස්සා.
__________________________________________________
මේ ළඟදී මම ගෙදර විදුලි පහන් වලට එල්.ඊ.ඩී. දැම්මා. අපේ අය රැල්ලට ගියාම කෙළවරක් නැතිව යන නිසා, මට හිතුණා, කෙනෙකුට මේ වගේ හිතෙන්න පුළුවන් කියලා. LED කියන්නේ Light Emitting Diodes කියන එක බොහෝ දෙනක් දන්නේ නැති බව පැහැදිලි වෙනවා. සමහරු හිතන්නේ මේක ලයිට් බිල අඩු කරන යුනිට් එකක් කියලා. මගේ කාර්යාලීය මිත්‍රය කිව්වා දෙයක් තමයි ෆෑන් එක අඩුවෙන් දැම්මත්, වැඩියෙන් දැම්මත් වැය වෙන විදුලි ගාස්තුවේ වෙනසක් නෑ කියලා. 

105 comments:

  1. මේ පෝස්ට් එක අපේ අම්මට පෙන්නන්න විදියක් තිබ්බනම් ගොඩක් වටිනවා. අපි දන්න කාලේ ඉදලා කරන්ට් බිල ආපු දාට බැනුම් අහනවා. "ෆෑන් එකේ ස්පීඩ් එකට කරන්ට් මීටරේ කැරකෙනවා කියලනේ එයත් හිතං ඉන්නේ " LED ගැනත් හරි අවබෝදයක් නැහැ ගොඩක් දෙනාට ,, ස්තුති

    ReplyDelete
    Replies
    1. සමියට කියන්න අම්මට පෙන්නන්න කියලා.

      Delete
  2. අපි නං ෆෑන් ඕෆ් කරන් නෑ මෙයා මොකද අපේ ෆැමිලි එකේ අය ගොඩක් අබ්‍රෝඩ් නේ ඉන්නේ,ලංකාවෙ නොහිටි‍යත් දවසම ගෙදර ac දාලා..මේ ළඟදි අපේ ඉන්ටනැශනල් ස්කූල් යන නංගිට තරහ ගිහින් අපේ රොට්‍වයලර් පපී ට 5000 කොලේකින් ගුලිකරලා ගැහුවම අපේ අපේ ප්‍රිමියෝ කා එක යට රිංගලා ආෆ්ටර් ටූ ඩේස් තමා ආවේ..

    සෝ එයා වෙට් ළඟට ගෙනිච්චම බිල් එක ෆිෆ්ටීන් තවුසන් .. කා එකේ පපී ගෙනියන්න බැරි නිසා කසින්ගෙ V8 ලෑන්ඩ්කෲෂර් එකට එන්න කියලා එයාගෙ note 3 එකට කෝල් කරේ ..එයා විත් ඩ්‍රයිව වෙහිකල් එක එවලා තිබුනා. සෝ අපිට මොන LED ද මෙයා ෆිෆ්ටි ඉන්ච් LED එකක් නං ලාස්ට් වීක් අපි ඕඩ‍ර් කරා.. සොරි ඩියර් .. අපි ඩිනර් ගන්නේ කැන්ඩ්ල් ලයිට් වලින් නිසා නෝ ඉන්ටරෙස්ට්.. ඕ යේස් .. ඇනිවේ ඔය පුවර් ෆැමිලීස් වල අයට ලියන පෝස්ට් බ්ලොග් එක් දාන්න එපා ප්ලීස් !!!

    එන්නං ඈ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි

      Delete
    2. පත්තරේ..... මං දන්නව උඹ ලංකාවට ගිහිං ආව දවසෙ ඉදල දාන කමෙන්ට් පට්ට රසයි.....
      ඒ කියන්නෙ මගෙ ඉල්ලීමට කොළ එළියක් නේද.....?

      Delete
    3. පික්ශු හැදුනා බොල පත්තරේ. :)

      Delete
    4. අර නංගිට කියහංකො අපි වගේ බල්ලන්ටත් 5000 කොල වලින් ගහන්න කියල.

      Delete
    5. අනේද කියන්නේ ඉදගෙන බොල පත්තරයෝ :)

      Delete
    6. අම්මට බොල මූ මාර පොස් පොරක්නේ, කතා කරන්නත් බයයි.

      Delete
    7. පත්‍ර බ්‍රදර් +++++++++++++++++++++

      Delete
    8. මේ පත්තර ටයිකූන්, අපිට ඔය පත්තර බෙදන එම්පයර් එකේ රස්සාවක් දෙන්න බෑරිද?

      Delete
    9. හරී , විදානේ ප්‍රියා ,යස්සනී .
      ඔය වගේ ටෝක්ස් ඉෂූ වෙනවා බං තැනකට ගියාම ඊස් මීස් ගාල..ඒවට පොඩ්ඩක් කන දාන එකත් මාරම ආතල් වැඩක්.. දවසක් අපේ වයිපරේ මට කියනවා "අයියෝ එයාල පව් නේද" ලු !!!!

      ප්‍රසන්න අයියා.. ඕන ගාන කියපං චෙක් එකක ලියල උඹටගහන්න.

      කෙන්ජි මාමෙ..උඹ කියනවනං එල්ලුං ගස් හරි යනවා.. මේ කමන්ට් එකක් දානවනංකෙන්ජා සුදීක මාතලන් ඉවා අපූ වැවා අටමා වගේ උඹල දුන්න උපදෙස් නිසා තමයි මෙහෙම දෙයක් වැටෙන්නේ.ඒකෙ ස්තූතිය උඹලාට බාරයි..!!!!

      Delete
    10. මිස්ටර් අරූ..
      ඔයා අබ්‍රෝඩ් නිසා දන්නවනේ ..ඒ කොලිටීස් නැත්තං අපිට ඉන්න අමාරුයි,අපේ පපීව වත් ත්‍රීවීල් එකක ගෙනියන් නෑ බිකෝස් එයාට හුලං වදිනවා

      මිස්ටර් ප්‍රා.. අපි අපේ කම්පැනීස් වලට ඩ්‍රෙක්ට බෝඩ් තෲ ඇප්ලයි කරල මගෙ අයිෆෝන් එකට කෝල් කරන්න.ඔය පර්සනල් මැනේජ වගේ පෝස්ට් වල පොඩි මිනිස්සු එක්ක අපි ක්න්ටෑක්ස් තියාගන් නෑ මෙයා !!

      මාතේ.. යස් ඩියර්.. අපි ඔයාල වගේ බෝන් රිච් අය මිසක් මම ඔය අනිත් අයගේ බ්ලොග්ස් වල කමෙන්‍ට් වත් කරන් නෑ..අපි අපේ ස්ටේටස් මේන්ටේන් කරන්න ඕනනේ.

      Delete
    11. Thank you, Mr. P.M. Rupert Murdoch

      Delete
    12. පත්තරේ, මම ඔය පැත්තේ එන්නම් උඹත් මට යූරෝ 500කින් හරි ගහපන්කෝ..

      Delete
    13. දන්නවා නම් මූ ආපු වෙලාවේ වලියක් දා ගන්නවා.

      Delete
  3. http://www.ebay.com/gds/What-s-the-Most-Energy-Efficient-TV-/10000000177628065/g.html

    What’s the Most Energy Efficient TV? This plays a big role

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලින්ක් එකට. මේ ලිපිය ඉතා වැදගත්. ඒ සම්බන්ධයෙනුත් මොනවා හරි ලියන්න හිතුණා.

      Delete
  4. හයියෝ සල්ලි..

    ඉතුරු කල හැකි සීමාවක් තියෙනව බං. මුන් හදන්නෙ ඔක්කොම නිමලා කරුවලේ ඉන්න. වන ගත වුනා න්ම අහවරයි.

    ReplyDelete
    Replies
    1. උඹට ඉතිං අත්දැකීම් තියෙනවනේ. වැකුම් ක්ලීනර් වල එහෙම.

      Delete
  5. හොඳ ක්‍රමයක් නෙ. මාත් ගන්න ඕන එල්ඊඩී බඩුටිකක්

    ReplyDelete
    Replies
    1. බල්බ් හොඳට පත්තු වෙනවද කියලා ටෙස්ට් කරලා ගනිං.

      Delete
    2. //මාත් ගන්න ඕන එල්ඊඩී බඩුටිකක්//
      එතකොට හොඳට එමිට් වෙනවද?

      Delete
  6. හී...හී...මටත් කියන්ට තියෙන්නේ ඔය පත්තර මල්ලි අන්තිමට කීව එකම තමයි...

    ReplyDelete
    Replies
    1. එතකොට ඕගොල්ලොත් බල්ලොන්ට ගහන්නේ 5000 කොලෙන් ?

      Delete
  7. තාපන දඟර හා ශිතකරණ භාවිතය සිමා කරන්න...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල රස්නේ වැඩි කමට රෑට ෆ්‍රිජ් එකේ දොර ඇරං නිදියන්නේ.

      Delete
    2. බිත්තියේ කවුළුවක් හදන්න ෆ්‍රිජ් එකේ ප්‍රමාණයට ඉන්පස්සේ එකේ පස්ස කොන එලියට එන විදියට තියලා දොර ඇරලා තියන්න. නැත්නම් වැඩක් වෙන්නේ නැහැ ටිකවෙලාවක් තියෙන කොට කාමරේ තවත් රත් වෙයි.

      Delete
    3. නියම අදහස. බලන්න හසන්ත මහත්තයෝ මේ වගේ කළු සිංහලයන්ව නේද අපි අත දීලා ඉදිරියට ගෙනියන්න ඕනේ.

      Delete
  8. ඔක්කොටම වඩා ලේසියි බිල මාස දෙක තුනක් නොගෙවාහිටියනම්. ඊළග බිල් වල 100%ක්ම අඩු වෙනවා. ඇයි ඉතිං ක‍රන්ට්එක කපලා යනවනෙ. :)

    ඔය LED ඇස් වලට හොද නෑ කියලා කතාවක් තියෙනව නේද…?? ඇත්තද බොරුද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ආලෝකයට වඩා LED වල ආලෝක තීව්‍රතාව වැඩි හින්ද ඒ බල්බ් දිහා කෙලින්ම බලන්න යන එක එච්චර හොඳ නෑ.

      Delete
    2. බිත්තියේ සවි කරලා සිවිලිමට යොමු වෙන විදියට සවි කරානම් හොඳයි.

      Delete
  9. අර සෑම් කිව්වා වගේ කරුවලේ ඉන්න කට්ටිය බොහෝ දෙනෙක් මං දන්නව... හි හි... අපේ මහත්තයගේ අම්ම නං තාත්තගෙන් බැනුං අහනව ගෙට ලයිට් දාලා තියෙන්නෙ කරුවලේ ඉන්න නෙවෙයි කියල.. යට තට්ටුවෙම බල්බ් 40 ගානක් තියෙනව... ගිය පාර ඔන්න අපේ මහත්තයා ඔය එකලස් කරන බල්බ් 10ක් විතර ගෙනත් දාලා දුන්න.. නැත්තං රෑට ගෙයි ඉස්සරහා පැත්ත කරුවලම කරුවලයි.... කුස්සියෙ විතරක් ලයිට් එකක් දාගෙන ඉන්නෙ.. ලයිට් බිලේ හැටියට එහෙම කරන එක ගැන දොස් කියන්නත් බෑ... මොකද දැං එන්නෙත් මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් තරමෙ බිලක් නෙවෙයිනෙ....

    මට තියෙන පුරස්නෙ මේකයි... ඔය ව්‍යාපාරික ස්ථාන වලටයි ගෙවල් වලටයි එන්නෙ බිල් ජාති දෙකක් නෙ... අපේ කඩේට එන්නෙ 10000 වගේ බිලක්.. ඒසීත් දාලා, බිටර් දෙකක්, ෆිජ් එකක්, ස්ටෑන්ඩ් ෆෑන් දෙකක්, ටීවී එකක්, රේඩියෝ එකක්, දිනපතා චාර්ජ් කරන ෆොන්, බ්ලෙන්ඩර්, පොල් ගාන මැෂින් අරවා මේවා ඔක්කොම බැලුවම සිරාවටම ඒක ලාබයි... මෙහෙ අපි ඉන්න ගෙදරට එනවා 10000ක බිලක්... ඒ රෑට ලයිට් දාන එකේ ඉඳලම කරන්ට් පාවිච්චිය අඩු කරලත්... ( ෆ්‍රිජ් එක රෑට ඕෆ් කරන්න එපා කියල කිව්වට ඔය වයසක කට්ටියට කියලා තේරුම් කරවන්න බෑ....) යුනිට් 60 පැන්න ගමන් හෙනට වැඩි වෙනව.... මඟුලක්නෙ මේක අප්පා..

    ආ.. තව එකක්.. LG එකෙන් කරන්ට් යනවා අඩුයි කියලා ඇඟේ ගැහුව ඩෝ කූලිං ෆ්‍රිප් එකේ නං එහෙම අඩු වීමක් නෑ.. මාසෙකට යුනිට් 40-50 අතර යනවා කොච්චර කළත්...

    ReplyDelete
    Replies
    1. පසුගිය බිල් වැඩි වීමේදී ගෘහස්ථ අගයයන් වැඩි වුණාට, ආයතන කඩ සාප්පු වලට විශාල වැඩි වීමක් වුණේ නෑ..

      Delete
    2. ඔය විදුලි බිල් ගැන .... ගෙදර& ව්‍යාපාරික දෙකම දන්න ළද හිරු මිසක් වෙන කවුරුද,,,,,

      Delete
  10. i also made two LED lamps. i checked the meter. there is a significant difference in meter speed when compared to a normal bulb and a small difference when compared with CFL. But everyone should understand that this will reduce only the 'Lighting" cost... A/C, Fridge, Hot Plates, water pump are the main electricity consumers. So keep your aim on them also.

    ReplyDelete
    Replies
    1. If entire Sri Lankan consumers switched to LEDs including road lights, then country's consumption will reduce dramatically. Because rural consumers majority use is lighting. Hence Electricity board could turn down coal/fuel plants where unit cost will come down. This is only an idea, could not measure practical scenario.

      Delete
  11. මම හිතන තරමින්නං ඔය LED වලින් බිලේ ලොකු අඩුවීමක් වෙන්නෙ නෑ. අධික විදුලිය පරිභෝජනය කරන විදුලි මෝටර් සහිත උපකරන (ශීතකරන, වායු සමීකරණ, වොෂින් මැෂින්) වගේ ඒව පාවිච්චිය අඩු කළොත් තමයි බිල අඩුවෙන්නෙ.
    ඒ වගේම ඒ උපකරණ නිසි ආකාරයෙන් නඩත්තු නොකරන හින්දත් වැයවෙන විදුලිය වැඩි වෙන්න පුලුවන්.
    ඔය වගේම LCD ටීවී වලට වඩා LED ටීවී වලට යන විදුලිය අඩුයි කියලත් කාලයක් මතයක් තිබුණනෙ. නමුත් ඒ දෙකේ ලොකු වෙනසක් නෑ. නොදැනුවත් කම හින්ද කඩ කා‍රයො මිනිස්සු අන්දන එක තමයි වෙන්නෙ.

    ලොකුවට විදුලි බිල අඩු කරගන්නනං කරන්න තියෙන්නෙ මෙන් ස්විච් එකෙන්ම වහල දාන එක තමයි. :D

    ReplyDelete
    Replies
    1. මේ ළඟදී වුණා පොඩි වැඩක්. මම එක තැනක ෆෑන් එක දැම්මා වැඩ කලේ නෑ. ඒ එක්කම වෙන වැඩකට ගියා. දවස් දෙකකට පස්සේ මට ඇහෙනවා ම්ම් හඬක්. මම හැම ෆෑන් එකක් ළඟටම ගිහින් බැලුවා. බලනකොට එදා දාපු එක. ඉතින් LED දාලා මාසෙකින් කවර් කරන ගාන යන්න ඇති ඒ පැය දෙකට.

      Delete
  12. LED බල්බ් වලින් කරන්න පුළුවන් ලයිට් වලට යන බිල අඩු කරන එක විතරයි. ඒවා දාලා මුළු විදුලි බිලම අඩුවෙයි කියලා බලාපො‍රොත්තු වෙන්න බෑ. ඒකට අර උඹගේ යාළුවා කිව්ව ක්‍රමේ (Cap) වගේ විවිධ ක්‍රම අනුගමනය කරන්න වෙනවා. හැබැයි මගේ වැඩිම වියදම තිබූ ලයිට් බිල නම් LED වලින් අඩුවුනා. නමුත් අනෙක්වාට යන කරනට් බිල නම් එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. බලමු මේකේ ප්‍රතිඵල මම කියන්නම්.

      Delete
  13. කියන කියන මොන සෙල්ලම දැම්මත් බිල අඩු කරගන්න නම් බෑ තමයි මචෝ. විදුලිය වැඩියෙන් භාවිතා වෙන භාන්ඩ භාවිතයෙන් ඉවත් කරන එක තමයි එකම විසඳුම.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඉවත් කරන්න ඕනේ වොෂින් මැෂින් එක. දෙන්නා දෙමාල්ලෝ හවුලේ ඇඳුම් හෝද ගන්න ඕනේ. එතකොට හයි-ෆයි අසනීප හැදීමේ ප්‍රවනතාව අඩුයි.

      Delete
  14. අපෙත් ෆිජ් එකේ අවුලක් තියෙනවා.එක නිසා එනවා මාසෙකට රුපියල් 5000 විතර බිලක් ගිය මසේ ඒ නිසාම ෆ්‍රිජ් ඒ ක නතර කරලා තියලා බැලුවා.මෙන්න බොලේ බිල රුපියල් 3500 විතර අඩු වෙලා.අලුත් ෆිජ් එකක් ගන්න කාලේ හරි දැන්.

    ReplyDelete
    Replies
    1. ෆ්‍රිජ් එකේ දොරේ තියෙන බීඩින් එක හොඳට තියෙනවද කියල බලන්න ලීක් වෙන්නෙ නැතුව. අලුත් එකක් ගන්නවට වඩා ඒක ලාබයි මම හිතන්නෙ. :D

      Delete
    2. ෆ්‍රිජ් ගැන දෙන්න තියෙන අනෙක් උපදෙස තමයි දොර ඇරලා තියෙන කාලය අවම කරන එක. සමහරු ඉන්නවා නිකං දොර ඇරලා බලනවා මොනවද තියෙන්නේ කියලා. මට මේ ළඟදී බබාගේ බෙහෙතකට ෆාමසියෙන් (ඩර්ඩන්ස්) දුන්න උපදෙසකින් තේරුණා තව දෙයක්. ඔහු කිව්වා ෆ්‍රිජ් එකෙන් එලියට අරන් බෝතලය සාමන්‍ය උෂ්ණත්වයට ගන්නවාට වඩා බෙහෙත් ටික ෆ්‍රිජ් එක ලඟින්ම දාගෙන බෝතලේ ෆ්‍රිජ් එකට දාන්න කියලා. ඒකෙන් අපි ගන්න ඕන පාඩම තමයි සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන දෙයක් සීතල කරන්න වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. බලන්න අපේ ගෘහණියෝ එළවලු ටික ෆ්‍රිජ් එකෙන් අරගෙන උයලා ඉවර වෙලා ආයි ෆ්‍රිජ් එකට දානවා. නමුත් ෆ්‍රිජ් එක ළඟ ඉඳගෙන (දොර අරගෙන නෙවේ :D) ගන්න දේ අරගෙන ඉතිරි කොටස ශීතකරණයට දානවා නම් අවශ්‍ය ශක්තිය අඩුයි. ඒ වගේමයි උණු දේවල් නොදා ඉන්නත් වග බලා ගන්න ඕනේ.

      Delete
    3. බීඩින් එකේනම් අවුලක් නැහැ.එත් තව පාරක් චෙක් කරලා බලන්න ඕනේ එක එහෙමනම්.

      Delete
    4. >>මට මේ ළඟදී බබාගේ බෙහෙතකට ෆාමසියෙන් (ඩර්ඩන්ස්) දුන්න උපදෙසකින් තේරුණා තව දෙයක්. ඔහු කිව්වා ෆ්‍රිජ් එකෙන් එලියට අරන් බෝතලය සාමන්‍ය උෂ්ණත්වයට ගන්නවාට වඩා බෙහෙත් ටික ෆ්‍රිජ් එක ලඟින්ම දාගෙන බෝතලේ ෆ්‍රිජ් එකට දාන්න කියලා.<<
      රස්නෙ රටවල අනිවා....

      Delete
  15. LED බල්බ් දානවන්ම් හොද එකක් දාන්න ඕනි. මිනිස්සු LED දැම්මම බිල අඩු වෙන නිසා දාන්නම් වාලේ දානවා, හරියට හදපු LED බල්බ් එකක් රු 1000 එහා මිසක් මෙහා ගන්න බෑ. ගෙවල් වල හදන එවාගේ ආරක්ෂාව ගැන සහතිකයක් නෑ. මේවත් නිකන් දැන් අර පේමන්ට් එකේ විකුනපු CFL වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. කුමක් හෝ දෙයක් වෘත්තීයව නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී කරන අනෙක් දේවල් සාමාන්‍ය ඒවාගේ වෙන්නේ නෑ. හැබැයි මගේ මිතුරා හැම බැච් එකකින්ම එක බල්බ් එකක් මාස දෙකක් එකදිගට දාලා තියනවා කිව්වා.

      Delete
  16. http://www.energylightbulbs.co.uk/energy-saving
    මෙහේ තියෙන්නේ මේවා. සුදීක කියන්නේ මේ ජාතියද.

    ReplyDelete
    Replies
    1. නැහැ. LED බල්බ ඔය උඩ පින්තූරෙට බොහෝ දුරට සමානයි. ඔයාගේ ලින්ක් එකේ තියෙන බොහෝ ඒවා CFL.

      Delete
  17. අනේ මෙහෙම ගවයෝ. ඒක නෙවෙයි. LED ලයිට් එකෙන් විදුලිය ඉතුරු වෙනවා තමයි, නමුත් ඒවෑ එලිය මදි බං. මම අකමැති ඒකයි.
    අනික ෆෑන් එකේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් රෙගියුලේටර් එකක් නම් ස්පීඩ් එක අනුව වැයවෙන විදුලිය වෙනස් වෙන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. මගේ හිතට ආව එක කිව්වට අමනාප වෙන්න එපා මචං. දීපාට උඹව හොයා ගන්න බෑ නේද ඔය එළියෙන් ?

      Delete
  18. LED බිරින්දෑවරු එහෙම ගන්න පුළුවන් තැනත් එහෙම තියනවනම් අපිටත් කියන්න හොඳේ..........

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තටම. එහෙම අය බොහොම දුර්ලභයි. හැබැයි දැක්කොත් නම් කියන්න පුළුවන්. ඉන්න තරමක් ඉන්නේ පෙට්‍රල් බෙන්ස් වගේ කට්ටිය.

      Delete
    2. පෙට්‍රල් බෙන්ස් .. :D නියම කතාව සුදීක අයියා

      Delete
  19. කොහොමත් දැන් 60 පැන්න ගමන් නහුතෙට නගිනවනේ බිල. හරි අමාරුයි ඊට යටින් තියා ගන්න

    ReplyDelete
    Replies
    1. ගෙදර තට්ටු දෙකක් තියෙනවා නම් වෙන වෙනම කනෙක්ෂන් ගන්න.

      Delete
  20. මාත් එල් ඊ ඩී බල්බ් එකක් දා ගත්තා..බලමු බිල අඩු වෙයිද කියලා !
    ටීවී නම් ඉතින් එල් ඊ ඩී එව්වා තියෙන්නෙ ඔය ! ෆ්‍රිජ් ?! :-D

    ReplyDelete
    Replies
    1. LED ලයිට් දාපු ෆ්‍රිජ්.

      Delete
  21. අප්පේ විදුලි බිල කියන්නේ ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් ම තමයි නේද?
    මේ රටවල (බහරේන්) පොළොවේ තෙල් තියෙන කල් ඉතිං ගොඩම තමයි. පෙට්‍රල් ලීටරයකට යන්නේ රු 30 - 35 ත් අතර මුදලක්.
    හැම පාරක් ගානේම ළඟ ළඟ හිටවපු ලයිට් කණු. ඒවාට බලය ගන්නේ දවල් හිරු රැස් වලින්. ඉර බැහැගෙන යද්දිම එබේටම පත්තු වෙනවා.
    අනේ අපේ රටටත් එහෙම තාක්ෂණයක් ආව නම් කොච්චර අපූරුද...........
    අපිට වතුර, ගෑස්, ඉන්ටර්නෙට්, විදුලිය නොමිලේ. ඒ කියන්නේ වැඩ කරන ආයතනයෙන්ම ගෙවනවා ගෙදර සියලු බිල්.
    ලංකාවේ පදිංචියට ආයෙමත් ආව දවසක තමයි ඉතිං තරු විසි වෙන්නෙ.........

    ReplyDelete
    Replies
    1. //අපිට වතුර, ගෑස්, ඉන්ටර්නෙට්, විදුලිය නොමිලේ. ඒ කියන්නේ වැඩ කරන ආයතනයෙන්ම ගෙවනවා ගෙදර සියලු බිල්.//
      ලංකාවෙත් එහෙම ගෙවනව ඇමතියංගෙ, මංතිරියංගෙ එව්ව.

      Delete
    2. එහෙම බැලුවාම් බහරේන් වල යටත් විජිතයක් වුණත් හොඳයි. :)

      Delete
    3. "හැම පාරක් ගානේම ළඟ ළඟ හිටවපු ලයිට් කණු. ඒවාට බලය ගන්නේ දවල් හිරු රැස් වලින්. ඉර බැහැගෙන යද්දිම එබේටම පත්තු වෙනවා."

      ඒවනම් මෙහෙත් තියෙනවා. ලංකාවේ නැති දෙයක් නෑ සල්ලි තියෙනවනම්.

      Delete
  22. සාමාන්යෙන් නිවසක බල්බ සඳහා CFL භාවිතා කරනවා නම් අල්කය සඳහා යන්නේ සමස්ත විදුලි ඒකක ප්‍රමාණයෙන් 20% අඩු ප්‍රමාණයක් එතනිනුත් 40% ඉතුරුවක් කියන්නේ කරන වියදමට සාපේක්ෂව අඩු අගයක් නිසා කෙලින්ම තියෙන CFL ටික විසිකරලා LED වලට යන එක තේරුමක් නැහැ. LED වලින් එන්නේ අසම්පුර්ණ වර්ණාවලියක් පෙනුමට සුදු ආලෝකය උනාට සමහර වර්ණ හිග නිසා නියම වස්තුවල නියම වර්ණය දකින්න බැහැ එක නිසා පොඩි අය ඉන්න තැන්වලට LED දාන එක නම් මම අනුමත කරන්නේ නැහැ. ඔවුන්ගේ මොලයේ ඇති පුහුණු වන ස්නායු පද්දති වලට වර්ණ හදුනාගැනීමේ අක්‍රමිකතා ඇති වෙන්න පුළුවන්. මටනම් LED ආලෝකය අප්ප්‍රසන්න නිසා මමනම් දාන්නේ නැහැ. පසුවට හොඳ LED වර්ග එවි. එවිට බලනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉදිරියට මේ ගැන පර්යේෂණ සිදු කරයි. CFL එකක් කාමරේ අනෙක් කෙලවර තියෙන නිසා හොඳයි. ඔන්න හැමෝම මේ දැනුවත් කිරීම හිතට ගන්න.

      Delete
    2. You are correct on this, even everybody use L.E.D lights. if you trying to get same light output as CFL bulb. you have to spend more electricity for L.E.D lamps. When using LED other than the Watt you should consider Lumens per watt of LED. good brand LEDs has higher Lumens per watt. but still it is lesser than CLF.

      Delete
  23. //මගේ කාර්යාලීය මිත්‍රය කිව්වා දෙයක් තමයි ෆෑන් එක අඩුවෙන් දැම්මත්, වැඩියෙන් දැම්මත් වැය වෙන විදුලි ගාස්තුවේ වෙනසක් නෑ කියලා. //
    මේ කතාව සම්පුර්ණයෙන් හරි නැහැ. හරි යන්නේ බහුලවම ලංකාවේ ගෙවල් වල භාවිතා කරන පරණ ආකාරයේ වේග පාලක සහිත සිවිලින් fan වල නමුත් දැන් ඔය ගැටලුව නැති වේග පාලක තියෙනවා. stand fan, wall fan වක ඔය ගැටලුව නැහැ සිවිලින් ෆෑන් වල‍ට වඩා වොට් ගණන අඩුයි.ඒක නිසා වාසිදායකයි. ඒ වගේම ඉන්න තැනට එල්ල කරලා අඩු වේගෙකින් දාලා විදුලිය ඉතිරි කර ගන්න පුලුවන්. ශීතකරණය උනත් අනවශ්‍ය භවිතයෙන් අයින්කරලා විදුලිය ප්පිරි මසන්න පුළුවන්. ශීතකරණය රෑට ඕෆ් කරන එක නම් හොඳ ක්‍රමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සොයා බලන්න ඕනේ. ස්ටෑන්ඩ් ෆෑන් විකල්පය විදියට භාවිතා කිරීම හොඳයි. ශීතකරණය රෑට විදුලිය විසන්ධි කිරීම අර්ථ විරහිතයි. මොකද එහි වැඩි වූ තාපය ඉවත් කරන්න අවශ්‍ය ශක්තිය වැඩි නිසා.

      Delete
  24. පාන්දර කියෙව්වා අර පත්තරයගේ කොමෙන්ට් එක කියවලා බඩ කොරඋනා,
    හොදට බලල ගත්තොත් LED ගොඩක් හොදයි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිව්වම උඹල විහිලුවට ගන්නවනේ බං :D

      Delete
    2. මටත් උදේ හිනා ගියා. ඒ වගේම ටී.බී. ඉලංගරත්න මහතාව සිහි වුණා. මම හිතුවේ මාතෘකාව වෙනත් අතකට ඇදෙයි කියලා. පත්තරයා විහිලු කාරයා කියලා දන්න නිසා හින්දයි.

      Delete
  25. මට වැදගත්ම දේ පැන් එක අඞුවෙන් දැමිමත් එකම බිල, අයියන්ඞි මෙික හරියටම හරිද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි දන්නා දේ අර උඩින් මහකළු සිංහලයා කියලා තියෙන එක. ස්ටෑන්ඩ් හරි වෝල් හරි ෆෑන් එකක් ගන්න.

      Delete
  26. නවකථාව කියවිවා...එල ඇ

    ReplyDelete
    Replies
    1. වැඩ අධිකයි කියලා දන්නවා. ඒ නිසා සංජීව නොබැලුවත් දුකක් නෑ. බොහොම ස්තුතියි.

      Delete
  27. ඔය එල් ඊ ඩී වලින් සාමාන්‍ය සූත්‍රිකා බල්බ වලට වඩා සියයට 80ක විතර විදුලි ඉතිරියෙක් ලැබෙනවා.. මම නම් දාපු තැන්වල අය කිව්වා බල්බ් නිසා බිල අුඩුවුනා කියලා.

    ReplyDelete
    Replies
    1. මුල මාසේ අඩු වුණාම, අර පරණ හිටපු ගානටම එනකං පාවිච්චිය වැඩි කරනවා ඇති.

      Delete
  28. හොද ලිපියක්.. වැඩේ තියෙන්නේ අපි එක පැත්තකින් පිරිමහද්දී අනික් පැත්තෙන් අර ගානම යන එක.. එහෙම නැති වෙනවනම් ඉතින් විදුලි බිලත් අඩු කරන ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්. ඒක තමා ප්‍රශ්නේ. හැමදාම විදුලි මීටරය කියවීමත් වැදගත්. එය පොතක සටහන් කර ගත්තොත් නිසි පාළනයක් කරන්න පුළුවන්.

      Delete
  29. බල්බ් වලට යන්නේ ගෙදර කරන්ට් බිලෙන් බොහොම පොඩි ප්‍රතිශතයක්ලු. අනිත් උපකරණ වලටලු වැඩිම විදුලියක් වය වෙන්නෙ. ඒක නිසා එල්.ඊ.ඩී. දැම්මා කියලා ලොකු අඩුවක් වෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. හරියටම කියන්න බෑ නේද හරී. ගෙදර පරිභෝජනය වන අකාරය මත තමා තීරණය වෙන්නේ. දුප්පත්ම අයට මේකෙන් සහනයක් ලැබෙයි.

      Delete
  30. මමත් එක එක එල් ඊ ඩී වලට මාරු වේගන යනවා.. සතියෙම ඇඳුම් එක පාර මැදලා මම සෑහෙන ගානක් ඉතුරු කළා..

    ඔය ඔක්කොම සෙල්ලම් දාලා විදුලි බිල අඩු කරගත්තා කියමුකො. අනේ අඩු වෙනවත් එක්කම ලයිට් බිල වැඩි කළොත් මොකද කරන්නෙ ? එල් ඊ ඩී කඩු එහෙම තියනවද ගන්න ?

    ReplyDelete
    Replies
    1. ඇර ඇර, කඩු නැත්තං මං දෙන්නං කාලතුවක්කුවක් හරි.

      Delete
    2. එතකොට වැඩි වෙන එකෙන් කොටසක් අඩු කර ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්.

      Delete
  31. ලංකාවට එන දවසක ගේන්න තිබුනා...එල්ඊඩී වලින් වියදම අඩු වෙනවා කියලා ෂුවර්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නොවැ ඔය උඩ කියල තියෙන්නෙ :-D පෙරේර වගේ කරන්න ද අදහස???

      Delete
    2. මේ දවස් වලනම් කන්ටේනර් එකක් ගෙනාවත් මාකට් එක හොඳයි,

      Delete
  32. අපිත් ගෙදර ශීතකරණය හැමදාම රෑට ඕෆ් කරලා රුපියල් 2000 ක විතර බිලක් ඉතිරි කරගන්නවා. අනික තමයි රෑට හෝ පාවිච්චි නොකරන වෙලාවට විදුලි උපකරණවල ප්ලග් ගලවා තැබීම මගින් 10% ක විදුලිය ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්. සතියෙම ඇඳුම් එක පාරට අයන් කරලා සෑහෙන ප්‍රමාණයක් ඉතිරි කර ගත්තත්, අළුත මැදපු ඇඳුම් තරම් සතියකට පෙර මැදපු ඇඳුමක පෙනුම නැති නිසා මම නම් දිනපතා ඇඳුම් අයන් කරනවා. සීලිං ෆෑන් වලින් සෑහෙන විදුලියක් නාස්ති වෙනවා. ඒ වෙනුවට මේස විදුලි පංකා කාරයක්‍ෂමයි. එල් ඊ ඩී වලට වඩා මේ ක්‍රම වලින් සෑහෙන විදුලියක් ඉතිරි කරගන්න පුළුවන්.
    හරි ගියාම ගාස්තුව ගෙවන්න.

    ReplyDelete
    Replies
    1. රෑට ෆ්‍රිජ් එක ඔෆ් කරන එකෙන් රසායනික වෙනස්කම් සිද්ධ වෙනවද දන්නෑ ?

      Delete
  33. මම පිටකොටුවෙන් බඩු ගෙනිහින් LED බල්බ් පහක් හැදුවා. අපේ මුළු ගෙදරම තියෙන්නේ LED සහ CFL පමණයි. උපරිම බලය සහිත CFL එක වොට් 14 යි. නමුත් ලයිට් බිලේ නම් විශාල අඩුවක් වුණේ නැහැ. ගෙදර තියන අනික් විදුලි උපකරණ තමයි හෙනේ.

    ReplyDelete
    Replies
    1. අපිටම හදා ගන්න පුළුවන් නම් ඉතා වටිනවා. ඒ ගැන ලිපියක් දැක්කා වගේ මතකයක් තියෙනවා. විචාරක තුමාට පුළුවන් නම් එකක් දාන්න.

      Delete
    2. ඕනෙම ප්‍රධාන නගරයක තියන ඉලෙක්ට්‍රොනික් බඩු අමතර කොටස් විකුණන කඩවල උපදෙස් පත්‍රිකාව සමගම මේවා ගන්න තියනවා. හැබැයි විදුලි පෑස්සුම් සහ විද්‍යුත් පරිපථ ගැන දැනුමක් තියනවානම් තමයි මේ වැඩේට අත ගහන්න ඕනේ.

      ශීතකරණයට සවිකරන විශේෂ විදුලිබල පාලකයක් ලංකාවේ නිපදවා තිබෙනවා. ඔවුන් කියන්නේ ශීතකරණය වැයවන විදුලිය හරි අඩකින් පමණ අඩුකර දෙනවා කියලයි. මෙන්න මෙතනින් බලන්න පුළුවන්.

      http://www.bravosl.com/

      Delete
  34. හෑ......... අපෙ මව්තුමිත් ඔන්න ඇල් ඊ ඩී බලුබ් ගෙනල්ල මුලු ගේම එළිය කොරල තිබ්බ. කියන්ට ඕනි ඇල් ඊ ඩී ෆෑන් එකකුත් ගන්ටෙයි කියල

    ReplyDelete
    Replies
    1. මව් තුමිය ගන්නෙත් මම ගන්න කෙනාගෙන්ම තමයි.

      Delete
  35. කුමක්ද ඔබ පවසන්නෙ... පෙරේර අංකල් වගේ අපිත් ඇන්දෙයි කීව...
    ඒය හදේ.... :v

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. මේ වගේ දේවල් ඉදිරියේදී එන්න තියෙන හැකියාව නිසා තමයි කලින්ම දැනුවත් කලේ.

      Delete
  36. ලිපිය කාගෙ උනත් කතාවෙන කරුණ වැදගත් නිසා කමෙන්ට් කල යුතුයි කියල හිතුන.

    මෙන්න මේ නලිනිගෙ ලිපිය ඔය සම්භන්ධව කරුණු හොයන අයට, විදුලිබලය පිරිමසින උපකරණ ගැන දැනගන්න උදව්වක් වෙයි.

    එල් ඊ ඩී බල්බ් වගේම ඉන්වර්ටර් ටයිප් ෆ්‍රිජ් පාවිච්චියත් බිල අඩුකරගන්න වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඉන්දික මාව නොහඳුනන කෙනෙක් වෙන්න බෑ. ඔබ මෙහි නිතර නාවත් වෙනත් තැන් වලදී අපි මුණ ගැහෙනවා. හොඳයි නලිනි මහත්මියගේ ලිපියත් බලන්නම්. මුලින් කමෙන්ට් එක වැටුනා නම් බොහෝ දෙනෙක්ට අවස්ථාව ලැබෙනවා.

      Delete
  37. මම ගේනවා led tv එකක් එක 70w කලින්තිබුන එක 130w සැහෙන වෙනසක් උනා තව led චිප් දැම්මා එක හොඳයි මිදුලට මුළු පළාතම එළියයි

    ReplyDelete
  38. අපේ මහ ගෙදර අයට නම් ලයිට් බිල් කිසි ගානක් නෑ . . . හැම එකම ගෙවන්න විදේශ ආධාර ලැබෙනවනේ . . අහ් අර පත්තර මල්ලිගේ කොමෙන්ටුව සිරා ඈ

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...