Saturday, April 26, 2014

මයිල් ඇතිනිය අප අන්දන හැටි - තවත් වැඩනොගත් මොළයක් ...... Another Brain in the Drain story

මේ කතාව මා ලියන්නට සිටියේ මීට බොහෝ කාළයකට ප්‍රථමයය. නමුත් කුමක්දෝ හේතුවක් නිසා එය මග හැරිණි. මාතෘකාව කියවූ ඔබේ සිතේ මේ වෙලාවේ තිබෙන කුතුහලය කුමක්දැයි මට පැහැදිලිය. ඒ නියපොතු වල මවිල් හට ගන්නේ කෙසේද යන්නයි ? සැබවින්ම ඔබේ ගැටළුව එය නම් මේ සටහනේ අවසානය දක්වා කියවන්න. මෙහි යම් තැනකදී නියපොතු වල මවිල් හට ගන්නේ ඇයිද යන්නට ඔබට පිළිතුරු ලැබෙනු ඇත.

මගේ දියණියට වයස අවුරුද්දක් වනවිට ඇය බලාගැනීමට ගෘහ සේවිකාවකගේ අවශ්‍යතාව ඇති විය. මුලින්ම ඒ සඳහා පැමිණි මල්ලිකා නමැති හෙර වැඩි කාලයක් යන්නට පෙර ගෙදර යවන්නට හැකි වූයේ, මා සිදුකල රහස් පරීක්ෂක වැඩක ප්‍රතිඵලයක් ලෙසය. ඇය නිවසට ලබා ගන්නා දුරකථන ඇමතුම් මගේ ජංගමය මගින් /රෙකොර්ඩ්/පටිගත(ඉස්සර කාලේ යොදා ගත් තෙරුම දැන් විහිළුවක් වී ඇත) කරගෙන මගේ කාර්යාලීය මිතුරු ශෆීර් ලවා තේරුම් ගත පසු අමතර වැයකින් තොරවම ඇයව නිවසට පිටත් කරන්නට හැකි විය.

නමුත් එදා මෙදාතුර මගේ දියණිය බලාගන්නේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවකි. ඇය අංක එකේ ගෘහසේවිකාවක් බව මා තේරුම් ගත්තේ, තම නිවසේ කාර්යබහුලත්වය සමග තාවකාලිකව සේවයෙන් ඉවත් වී සිටි කාලයේය. එම කාලය සඳහා අපට සේවය ලබාදුන් කරුණාවතී නමැති අනුරාධපුර ප්‍රදේශයේ සිංහල කාන්තාව අපට මෙම දමිළ කාන්තාවගේ වටිනාකම කියා දුන්නාය. අපගේ ආවතේව කටයුතු කෙසේ වුවත්, ඇයගේ අවශ්‍යතා සැපයීමට අපට සිදු විය. ඇයගේ නම කරුණාවතී වුවද, මගේ දියණියට ඉතා අකාරුණික අයුරින් සලකා තිබූ බව දියණිය පවසන දෙයින් පැහැදිලි විය. ය අප නිවසට පැමිණ තිබුණේ සේවයක් ලබා දීමට නොව, නිවාඩුවක් ගත කිරීමටය. ලොකුම ප්‍රශ්නය වූයේ ඇය ගමේ යන දිනට ගෙනවිත් දීමට තිබූ කෝන් ෆ්ලෙක්ස් පැකට්ටුව සහ නියමිත දිනට පඩි ගිණුම්ගත කොට පරිගණක මුද්‍රිතය ඇයට ලබා දීමය.

මාතෘකාව වත්මන් සේවිකාව පිලිබඳ බැවින් කරුණාවතී පිලිබඳ  කතාපුවත පසුවට සටහන් කිරීමේ පොරොන්දුව ලබා දෙමි. මගේ ගෘහ සේවිකාව නොහොත් අයිලන්ඩම් උපත ලබන්නේ පස්සර ප්‍රදේශයේය. අවුරුදු දහයේදී නුගේගොඩ නිවසක සේවය කරන ඇය, තවත් අවරුදු කිහිපයකින් පරම්පාරගත රැකියාව වන දළු කැඩීමට යොමු වේ. ඉන්පසු කහවත්ත ප්‍රදේශයේ විවාහකයෙකුගේ දෙවන බිරිඳ ලෙස පැමිණෙන්නීය. එතැක් පටන් කහවත්ත/පැල්මඩුල්ල ප්‍රදේශ වල වතු වලත්, එම ප්‍රදේශයන්හී නිවෙස්වල  මිදුල සහ පිළිකනු සරසන මැදරට තේ දළු කඩන්නියකගේ චරිතයට පණ පොවන්නේ, ටේලර් වරයෙකු වූ තම සැමියාගෙන් තිලිණ වූ ළමුන් පෙලියගේ අවශ්‍යතා සපුරන්නටය. එසේ ගෙවතු තේ වගාවේදී හමු වූ ඇය අප නිවසට එක් වන්නේ 2007 දීය.

ඇගේ ආගමනය මට මුලින් මහත් හිසරදයක් වුවේය. හේතුව ඈ උයන කෑම මෙලෝ රහක් නැති වීමය. පසුව මගේ සොයුරිය දින කිහිපයක් අපේ ක්‍රමය ගැන හුරුවක් ලබා දුන් අතර සති කිහිපයක් යනවිට සියළු දෙනා පරයා රසවත් කෑම සාදන්නට ඈ සමත් වන්නීය. මුල් දිනවල ඈ සාදන කෑම මා ප්‍රතික්ෂේප කරනා බව දැන මා හා කථා කිරීමෙන් පවා වැළකී සිටියාය. මට මුලින්ම ඇගේ අසීමිත හැකියාව පිලිබඳ අවුබෝධයක් ආවේ ඉන් පසුවය.

ඇය මෙහි පැමිණි මුල් කාලයේ ඇය ගමේ ඇරලවන්න්ට සහ කැඳවාගෙන එන්නට නැන්දම්මාට, මට හෝ බිරිඳට යාමට සිදු විය. ඒ ඇගේ සාක්ෂරතාව බිංදුවේ පැවතීම නිසාය. එහෙත් මාස කිහිපයක් යනවිට ඒ කරදරයෙන් අප මුදවන්නට ඈ සමත් විණි. ඇයට අකුරු බැරි වුවත් කුමක් හෝ සංකේත ක්‍රමයකට සියළු දේ මතක තබා ගැනීමට ඈ දක්වන්නේ උපන් හපන් කමකි. එක් දෙයක් පිලිබඳ එක වරක් දැන ගැනීමෙන් එය හොඳින් ග්‍රහණය කර ගැනීමට ඈ දක්වන හපන්කම පුදුම එලවන සුළුය.

ඇගේ නම අයිලන්ඩම් වූවද, ඇය තේ දළු කඩන්නට යෙදුනු ප්‍රදේශයේ ඇය ඇයට අයිලි යන නමින්ද, ඇය මෙහි කැදවාගෙන ආ අපේ නැන්දම්මා ඇතුළු පවුලේ ඇය අයිල් යනුවෙන්ද ඈ අමතයි. අපද තවමත් ඈ අමතන්නේ අයිල් යනුවෙනි. මේ නිවසේ සිටින දරුවන් ඈ අමතන්නේ අයිල් ඇන්ටී යනුවෙනි. ඒ අතින් ඇය වාසනාවන්තය. බොහෝ ගෘහ සේවිකාවන්ට නිවෙස්වලින් ලැබෙන්නේ තුන්වන පන්තියේ සැලකිලිය. එහෙත් පසුව ගමේ අය සමග ඈ මේ නිවසේ සේවයට දක්වන කැමැත්ත පවසා තිබුණේ "මට මගේ ගෙදරටත් වඩා හොඳයි" යනුවෙනි.

ඇය පංගුබේරුවට වැඩ කරන්නේ නැත. මගේ සොයුරිය මෙම නිවසේ සිටින කාලයේ අතින් සේදිය යුතු සියලු රෙදි ඈ සෝදා, වෙලා නවා අදාළ කෙනා වෙත ලැබෙන්නට සල්ස්වන්නීය. කිසිදින වැඩක් කිරීමට ඈ මැලිකමක් නොදක්වන්නීය. ඔය අතර ඇඳුමක් දෙකක් ගොඩවල් මාරු කර තබන්නේ, ඒවා පිලිබඳ නිසි මතකයක් අයිතිකරුවන්ට නැති නම්, ඒවා ගල් කිරීමටය. මාස කිහිපයකින් මේ ගතිය හඳුනාගත් මා නිතරම මගේ ඇඳුම් සහ වෙනත් දේ පිලිබඳ විමසන්නට පටන් ගත්තේ, එසේ කිරීමට අවදානම් බව ඇයට හඟවන්නටය. එසේ අස්ථානගත කරනා ඇඳුම් පිලිබඳ විමසීමක් නොකළ කල්හී මාස දෙක තුනකින් ඒවා සුරක්ෂිතව කහවත්ත බලා පිටත් කෙරේ. 

ඈ ගමේ යන සෑම දිනකම ඉතා විශාල බෑගයක් පුරවාගෙන යයි. අපි ඒ පිලිබඳ විමසීමක් නොකරමු. කිසිදු දිනක බෑග් පරීක්ෂා කරන්නට නොයන්නෙමු. මේ ගැන පැවසූ විට මගේ මිතුරෙකු පෙන්වූයේ, ඇය යන්නට සුදානම් විට ඇයව කඩයට පිටත් කොට බෑගය පරීක්ෂා කරන ලෙසය. නමුත් ඈ පිටත් වන හිමිදිරියේ කඩ අරින්නේ නැත. කලින් දින කතිකා කරගත් ත්‍රී රෝද රථයක් නිවස අසලට පැමිණෙන අතර, මිනිත්තු කිහිපයකින් එම බඩු ගොන්නද රැගෙන ඈ ඉගිලෙන්නීය. වරක් මගේ සොයුරිය මෙම නිවසින් ඉවත් කරන සියල්ල එක්රැස් කරගන්නා ලෙස ඇයට දන්වා අනවශ්‍ය සියළු දේ ඇයට පරිත්‍යාග කරන්නට අප සියළු දෙනා දැනුවත් කරන ලදී. එසේ එකතු කර ගන්නා ළද සියළුම ගණයේ අබිලි ද්‍රව්‍ය ලොරියක් පුරවා රැගෙන යන්නට ඈ පසුබට නොවීය. මේවා ඇගේ ගමේ අය අතර බෙදා දෙන බව පසුව දැන ගන්නා ලදී. 

මගේ පැරණි ජංගම දුරකථනයකට පෙරගෙවුම් පැකේජයක් දමා අප නිවසේ එවක සේවය කල නානා යනුවෙන් අප අමතන මුස්ලිම් ජාතිකයා සහ ඇයට ලබා දුනිමි. දවස් කිහිපයකින්ම එහි සම්පූර්ණ අයිතිය ඈ සතු කරගන්නා ලද අතර, මුල් මාසයේ හැරුණුකොට එයාර රීලෝඩ් දැමීම අප සිදු කලේ නැත. එසේ ඉල්ලා ඈ අපට කරදර කලේද නැත. මුලින් මුලින් ඒ සඳහා මුදල් ඉල්ලා සිටියත් පසුව අපගේ සාක්කු වල තිබෙන මුදල්ද, අතන මෙතන තිබෙන කාසිද, කඩේ ගොස් ලැබෙන ඉතිරි මුදල් මාටියා ගැසීමෙන්ද එම මුදල් සම්පාදනය කරගන්නට සමත් වන්නීය. මුල් මාස කිහිපයේ හැරුණුකොට, කිසිමදිනක රීලෝඩ් දමා ගැනීමට ඈ අපගේ සහය ඉල්ලා සිටියේ නැත. දැන් ඇය මෙහිසිට ඇගේ නිවසේ කටයුතු සහ ගමේ අයට උපදෙස් දෙන්නේද ජංගමයෙනි. මා දහවල් කාලයේ දියණියගේ හඬ ඇසීමේ පරමාර්ථයෙන් ලබා දුන් ජංගමය දැන් සමහරවිටෙක අපට හිසරදයකි. ඒ අත්‍යාවශ්‍ය වැඩ පසෙක ලා ඈ  දුරකථනයට ප්‍රමුඛත්වල ලබා දීම නිසාය. දැන් ඇය මිස් කෝල් දීමට දනී. දහවල් කාලයේ දියණියට මා ඇමතීමට අවශ්‍ය නම් ඇය එසේ කරයි. නිවසේ හොඳින්ම සිග්නල් තිබෙන තැනින් ජංගමය තබන්නේ පැය 24 ම ලැබෙන ඇමතුම අතපසු වේ යන බියෙනි. 

ඇගේ පවුලේ කෙනෙකු බොහෝවිට/ඉඳහිට අපගේ නිවසේ නවාතැන් ගැනීමට පැමිණේ. එසේ පැමිණි දිනකට ඉතා හොඳ රාත්‍රී භෝජනයක් ගැනීමට අපටද අවස්ථාව හිමි වේ. ගෘහසේවිකාවකවට ඔහේ නටන්නට ඉඩදී බලා සිටිනවා යන චෝදනවා ඔබගේ හිතේ දැන් නලියනවා වන්නට පුළුවන. නමුත් ඇය අපට ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක පවතී. ඉතා පිරිසිදුව නිවෙස පවත්වාගෙන යයි. ආහාර ප්‍රනීතව සහ නැවුම්ව ලබා දෙයි. කිසිදු පැකීලීමකින් තොරව රෙදි සේදීම, නැවීම සහ එකිනෙකාට අදාළ ස්ථාන වල තබයි. ඇය ලබා ගන්නා වැටුපට සරිලන සේවාවක් අපට ලබා දේ. අපද ඉලක්කම් වලට සීමා නොවී අවශ්‍යතා ඇති වනවිට යට මුදල් ලබා දේ. මේ සියළු කාරණා නිසා සහ මගේ කුඩා දියණියට ඇය දක්වන ගෞරවය සහ ආදරය නිසා දීර්ඝකාලීනව අප නිවසේ සේවයට කැප වී සිටී.

ඇය විශ්වාස කරන්නේ මගේ දියණිය දෙව්දුවක් බවයි. විටෙක් රාජු බබා යනුවෙන් අමතනු මගේ සොයුරියගේ දියණිය අසා සිට ඇත. එය මගේ වාසනාවකි. මගේ දියණියද කිසිදු චකිතකයකින් තොරවම ඇය සිප ගනී. අපද ඊට වචනයක් හෝ හරස් කරන්නේ නැත. කුඩා දරුවන් එසේය. කිසිදු දිනක ඇයට බොහෝ නිවෙස් වල සේවකයන්ට කථා කරනා සේ අප අමතා නැත. ඇත්ත වශයෙන්ම කිසිදු සේවක/සේවිකාවකට අප එසේ අමතන්නේ නැත. උඹ/බං/තෝ/තොපි අපේ වාග් මාලාවට එන්නේ මිතුරන් හමු වූ විටෙකදීය. ප්‍රයෝග යොදා යම්-යම් දේ සඟවා නොගන්නේ නම් ඇයතරම් වටිනා සේවිකාවක් නැත. එසේ ප්‍රයෝග යොදා කිරි-පිටි සහල් වැනිදේ ඉතිරි කරනා අකාරය විශ්මයජනකය. මගේ සොයුරිය පවසන්නේ ඇය නිසි අධ්‍යාපනයක් ලැබුවේ නම් ආචාර්ය පදවියක් ලබා ගන්නා බවයි.

කිරිපිටි දමා තිබෙන භාජනයෙන් තුනෙන් එකක් පමණ ඉතිරිවනවිට, කිරි අවසන් වන නිසා නව පැකට්ටුවක් රැගෙන එන ලෙස පවසයි. අප ගෙනෙන නව පැකට්ටුව එම බඳුනට දමන ඈ, ඉතිරිව තිබෙන තුනෙන් එක කවරය පිටින්ම සඟවා තබයි. නව කිරිපිටි පැකට්ටුව අඩක් නිමවනවිට නැවතත් කිරි ගෙනෙන ලෙස ඉල්ලයි. මෙවර ඇය කරන්නේ අප රැගෙන එන නව පැකට්ටුව සඟවා, සඟවා තැබූ තුනෙන් එක, ඉතිරිව ඇති භාගයට එක කිරීමයි. එවිට් අප බලන විට වැටහෙන්නේ නව පැකට්ටුව භාජනයට දමා ඇති බවයි. සහල් වලටද මෙවැනි දේ සිදු කරයි. අප අතර ඉතා අඩුවෙන් සිදු වන සන්නිවෙදනයද ඇය වාසියට හරවා ගනී. එකම කාරණයක් සඳහා අප දෙතුන් දෙනාගෙන්ම මුදල් ඉල්ලා ගැනීමට ඈ පසුබට නොවන්නීය.

මයිල්ඇතිනිගේ පඩි මා ලබා දෙන්නේ දිනපොතක සටහන් කරගෙනය. මේ කිසිදු සටහනක් නැතිව තමාට ලැබිය යුතු ගණන මට වැරදුනු විට පෙන්වා දෙන්නේ මා මවිතයට පත් කරමිනි. කොලයක ලියා ගණන් හදන්නට නොදන්නා නමුත් හිතෙන් තමාට ලැබිය යුතු ප්‍රමාණය ඇය ගණනය කරන්නීය. විටෙක අගේ අධ්‍යාපනය සඟවා සිටින්නේදැයි මට සිතේ. නමුත් සමහර අවස්ථා වලදී කරන කූට උපක්‍රම අප ඉවසා සිටින්නේ මෙවැනි ගෘහසේවිකාවක් සොයා ගැනීම දුෂ්කර කාරියක් නිසාය. තම පුතා රට යැවීමට යයි කියා දිනක් මගෙන් රුපියල් 25000 ඉල්ලා ගත් ඈ, එම මුදල මාසිකව පඩියෙන් අඩු කරගන්නා ලෙස ඉල්ලා සිටියාය. මාද එම මුදල ලබාදී දිනපොතෙහි සටහන් කරමින් පඩි ලබා දුන්නෙමි. අතරින් පතර මාසයක ණය මුදල කපා නොගන්නැයි ඉල්ලා සිටි විටෙක එයද මා ඉටු කලේ ඇගේ සේවය වටිනා නිසාය. නමුත් අවසන් වාරිකය කපා දැමු දින ඇය පැවසූවේ තමා ණය ගෙවා අවසන් බවය. මේවා පවසන්නේ ඉතා යාප්පුවෙනි. එවැනි පාඩුවක් විඳ දරා ගැනීමට අපට සිදු වේ.  මෙවැනි අවස්ථා දෙකකදීම පාඩුව මාහට උරුම වීම නිසා, මම කැලැන්ඩරයේ වැඩ කල දින සහ මුදල සටහන් කරන්නට පටන් ගතිමි.

සමස්තයක් වශයෙන් ගත් කල ඇයට ලැබෙන මුදලට වඩා සේවාවක් ලබා දේ. නමුත් තමන්ට නිවාඩු අවශ්‍ය නම් කෙසේ හෝ එය ලබා ගන්නට ඇය පැකිලෙන්නේ නැත. පසුගිය කාලයේ ඇයගේ පුතාගේ විවාහ අපේක්ෂක ලේලිය ජෝර්දානයේ සිට පැමිණි අතර, ත්‍රිකුණාමලයේ සිංහල කෙල්ලක වූ ඇයගේ නිවසින් මේ සබඳතාවට හරස් කැපීය. නමුත් ඔවුන් හමු වන්නට ගොස් ප්‍රශ්නය සමතයකට පත් කරගන්නට මයිල්ඇතිනිය සමත් විය. මේ සම කරුණක් සඳහාම දවස් දෙකක නිවාඩු ගන්නා ඇය යලි පැමිණෙන්නේ දින පහක් පමණ ගත කිරීමෙන් පසුවය. පසුගිය වතාවේ ඕනෑ දෙයක් කියා මා ඇයට හොඳින්ම දොස් පවරන්නට වග බලා ගත්තේ, මෙම පුරුද්ද හිසරදයක් වූ කළය. එක වතාවක් ඇයගේ පුතෙකුට සහ ස්වාමිපුරුෂයාට මිනීමැරුම් චෝදනා ඇති විය. එවිට අපෙන් සමුගෙන ගියද ඇය යලිත් ගෙන්වා ගැනීමට අපට හැකි විය. දෙවන වතාවටද අපට සමුදී ඈ ගමරට බලා ගියේ, ඔවුන්ගේ නිවෙස අත්පත් කර ගැනීමට වතු අධිකාරී වරුන් ක්‍රියා කරන්නට සුදානම් වත්දීය. නමුත් මෙවර ඇයට වත්තේ ලබා දී තිබී ඇත්තේ නාගයෙකු වසන පාලු පෙදෙසකි. ඒ සමග ආ අයුතු යෝජනාවක් නිසා, නැවතත් ඇය අපගේ සේවයට පැමිණියේ පඩි වැඩි වීමක්ද සමගය. නමුත් දැන් මා ඇයට ගෙවන්නේ වැඩ කල දවස් ගණනටය.

මයිල් ඇතිනිය යනුවෙන් මා අයට යොදා කථා කරන්නේ, මගේ කාර්යාලීය මිතුරන් සමගය. එම වචනය අනිත් පැත්ත හරවා බැලූ විට "අයිල් මැතිනිය" යනුවෙන් පෙරළේ. ඉතිං ඒ නම නරකදැයි මා ඔබෙන් අසන්නේ, ඇය ලබා දෙන සේවය සහ අපව නටවන හැටියට මැතිනිය යනුවෙන් ඇමතීම කාලෝචිත නොවන්නේද යන සිතුවිල්ලෙනි?
_______________________________________________
ප.ලි.
දමිළ සංස්කෘතික උත්සව සියල්ල සඳහා ඈ නිවාඩු ඉල්ලා සිටින්නීය. ඇය ගෙදර පිටත් කළ විට තිබෙන ලොකුම ගැටළුව වන්නේ යලිත් ඈ ආපසු එන දිනය පිලිබඳ විශ්වාසයක් නැති කමය. විවිධ හේතු පවසමින් ඈ එන දිනය මග හරින්නීය.

පසුගිය කාලයේ ලේලිය ලංකාවට ආවාය. ඇය එහි සේවය කර තිබුණේ හවුස් මේඩ් රකියාවකය. තම පුතා වැඩ කරන ගාමන්ට් එකටම අද උදෑසන ඇයද පිටත් විය. නමුත් හවුස් මේඩ් තනතුර පාස්පෝට් එකේ තිබෙන විට වීසා ගැටළු ඇති වන බැවින් නව පාස්පෝට් එකක් සාදා ගත් බව ඇය පවසන්නීය. ලේලියා ආ දා සිට ඇයව තම දියණිය සේවය කරන ඇඟලුම් කම්හලටම මාස කිහිපයකට ඇතුලත් කරන්නේ අද උදෑසන සඵල කරගත් බලාපොරොත්තුව ඇතිවය. එමගින් අත්දැකීමද, නව පාස්පෝට් එක මත ජුකී මැෂින් ඔපරේටර් යන්නද සටහන් කරගන්නට ප්‍රමාණවත් විය. ඊළඟ පියවර දියණිය ඒ මග ඔස්සේම පිටත් කර යැවීමය. එතනින් නතර නොවන ඈ, මුළු ගමේම අයට පාස්පෝට් හදන හැටි උපදෙස් දෙන්නීය. 

90 comments:

  1. හි හි එයා ගැන කියවද්දී දකින්න ආස හිතුණා. මාත් ඔය මැතිණිය වගේ වගේ කූට වැඩ කරනවා සීයට.. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ෆොටෝ එකක් හොයා ගත්තා අමාරුවෙන්. අපේ බබා කැමරාව අතට අහු වෙච්ච වෙලාවක ගත්ත එකක්.

      Delete
    2. ස්තුති... දැන් කතාව තවත් පැහැදිළි.

      Delete
    3. ඒක දැම්මට කමක් නැද්ද මචං

      Delete
    4. ඇ අපුරියෝ සීයගේ පිටි පැකට් එක උබත් හංගනවද

      Delete
    5. අම්මෝ අපූර්වී අපිට නං කිරි පිටි එපා.. සීයා මත්පැන් පානය ක‍රන්නේ නම් සලකා බලන්නෙමු !!!

      Delete
    6. නැහැ අනේ හි හි . අනික මං ගෘහ සේවිකාවක් නෙමේ සාත්තු සේවිකාවක්..කන බොන දේවල් ඕනෙවටත් වඩා තියෙනවා අයියේ. හැමදේම මං නේ ගේන්නේ. මොනාද දන්නවද කූට වැඩ, ගෙදර මගේ අතින් සීයාගේ වටින දේවල් කැඩුනම ,ගෙදර බල්බ් එහෙම මගෙන් මගේ අතින් කැඩුනම ඒවා එයා නොදැනෙන්න අටෝලා තියලා කොහොම හරි අවස්ථාව බලලා එයාගේ අතින් වුණා වගේ වෙන්න වැඩේ සෙට් කරනවා..එයා නොදන්නවට ගෙයි ගොඩක් බඩු මගේ අතින් කැඩිලා ඉවරයි.

      Delete
    7. උඹේ මොකුත් කැඩුනොත් ??? ඒත් සීයද වැරදි ??

      Delete
    8. හි හි ..කට තලනවා :(

      මල්ලි සීයාගේ මත්පැන් කාමරයක්ම තියෙනවා,පෙන්නනම්කො දවසක ෆොටෝ හොදේ. ගෙදර එක්ස්පයර් වෙන දේවල් වත් විසිකරනවට එයා කැමති නැහැ. මුල් කාලේ නොදන්නා කමට හැමදේම අහ අහා කලාට දැන් එයාට හොරෙන් හැම දේම විසිකරනවා. අර පිටි හංගන වැඩේ කරලා එයා කඩපු නැති පිටි පැකට් ඉතිරි කරගන්නවා වගේ මට ඒකෙ අනිත් පැත්ත වෙන්නේ, ගොඩක් දේවල් විසිකරන්න වෙනවා කන්න ඉන්නේ අපි දෙන්නා නිසා,

      Delete
    9. මත් පැන් කාමරයක්ම තියනවනං සීයෙක් නෙමෙයි ඒ දෙයියෙක්නේ .,!! අනේ මාවත් ඔහෙ වැඩට ගනින්කෝ..සීයගෙන් අහන්න අර අවුරුදු 12 ක් විතර පරණයි කියල බෝතලේම ගහල තියන ෂිවාස් තියනවා කන්න බොන්න නැති අහිංසකයෙක් ඉන්නව ඌට දෙන්නද කියලා..

      Delete
    10. මේකි සියව හොදට අන්දගන ඉන්නේ. ඌට රෙස්ලින් දාලා දිලා මේකි බුකියේ

      Delete
  2. කියෙව්වා.. ගෘහ සේවක සේවිකාවන්ගේ අත්දැකීම් නෑ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක ලෝඩ් වෙනකොට හිරවෙනවා..

      Delete
    2. ඔව් හරී. එකට විසඳුම ළඟදීම දෙනවා.

      Delete
  3. වැඩට දක්ෂ දිගටම ඉන්න ගෘහ සේවිකා කෙනෙක් හොයාගන්න එක කසාද බඳින්න ගෑනියෙක් හො‍යාගන්නවට වඩා අමාරුයි සුදීක අයියා...

    ReplyDelete
    Replies
    1. පත්තරේ, හොද ගෘහ සෙවිකාවක් හොයාගෙන එයාව බැදගත්තොත් මක් වෙයිද කියලා මම කල්පනා කරන්නෙ. අපි නම් පරක්කු වැඩී. ;)

      Delete
    2. ඒකත් හරි ප්‍රියෝ ..ෂහ් අදහස.. මල පැන්නද පඩි නඩි බේරුවා ගෙදර ඇරියා .. ඕ යේස්.

      Delete
    3. ඊට පස්සේ අපායේ ඉන්ටවල් ඉවරයි කියලා ඔලුවෙන් හිට ගත්තා.

      Delete
  4. පොඩි පොඩි හොර වැඩ තිබුනත් ඔය කියන විදියට හොදට වැඩ කරන කෙනෙක් හොයාගන්න එක නම් එච්චර ලේසි වැඩක් නෙමේ..

    ReplyDelete
    Replies
    1. ඒක සම්පූර්ණ අත්ත.

      Delete
  5. මෙයා බඩු හංගලා ගෙදර ගෙනියනවද? නැත්නම් ගෙදර අයට ඉතිරි කරලා දෙනවද කියන එක තේරුනේ නෑ. එයා ගොඩක් හොඳයිද? හොඳ එක්කම වෙනත් දේවල් කරන කෙනෙක්ද? මට ටිකක් පැටලුණා සුදීක.

    ඊයේ පබ්ලිෂ් කල පෝස්ට් එකක් මට මේ දැන් පේන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. සමහරවිට ළඟ කඩේකට විකුනනවා වෙන්නත් පුළුවන්.

      Delete
    2. මගේ ෆීඩ් වල ප්‍රශ්නයක් තියෙනවා.

      Delete
  6. මාර කැරැට්ටුවක් නේ ..

    ReplyDelete
    Replies
    1. කැරට්ටුවේ නම් වරදක් නෑ. ප්‍රයෝග තමයි.

      Delete
  7. කොහෙද නියපොතු කතාවක් තියෙන්නෙ ?

    අහලා දැකලා තියන කරුණු වලින් දන්නවා හොඳ ගෘහ සේවිකාවක් සොයා ගැනීම ලොකුම අභියෝගයක් කියලා. හුඟක් ඉන්නෙ හොරු. එහෙම නැත්නම් වෙන වෙන කේස්...

    ඇයගේ ක්‍රියාකලාපය අනුවනම් මයිල් කෙසේ වෙතත් ඇතිනිය කියන එකනම් ගැලපෙනවා කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. මයිල්+ඇති+නිය
      මටත් ඔය ප්‍රශ්නෙම මුලදී ආව බන්. :p

      Delete
    2. මටත් ආපු ප්‍රශ්නයකට හරි උත්තරේ ලැබිලා වගේ.
      සිංහල පාඩමක් මතක් වුණා."සන්ධි-විසන්ධි"

      Delete
    3. ඒ මැතිනිය හරිම කාර්යශූරයි. හදිසියේ මොනවට හරි මුදල් අවශ්‍ය වුණොත්, කඩයෙන් හෝ ත්‍රී වීල් කරුගෙන් පසුව මුදල් දීමේ පොරොන්දුවට භාණ්ඩ හෝ සේවාව ලබා ගන්නවා. ඒ වගේ තැන් වලින් පොඩි කට් එකක් තියෙනවනේ.

      Delete
  8. පත්තරයා කියනවා වගේ බලන් ගියාම මයිල් ඇතිනිය කසාද බඳින්න උනත් වටිනා කෙනෙක්නෙ සුදික අයියේ

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා නම් මේ වැඩ සිද්ධ වෙන්නේ මේ විදියට නෙවෙයි.

      Delete
  9. මං මේ අන්තිම වෙනකන් කියෙව්වේ "මයිල් ඇති " බව සුදීක දැනගත්තේ කොහොමද කියලා බලන්න , බලන් ගියාම මේකනේ සීන් කෝන් එක

    ReplyDelete
    Replies
    1. හේ හේ මමත් බැලුවා ඉවාන් ..... තැන්කූ AKM

      Delete
    2. හෙක් ... හෙක්... කුපාඩි.

      Delete
    3. ඉවාන් ඔයාගේ බෙලගට එන්න මට අවසර නෑලු පොඞ්ඩක් බලනවාද?

      Delete
  10. මාර චරිතයක්නෙ. උණු හන්දා බොන්නත් බෑ, කිරි හන්දා අහක දාන්නත් බෑ.

    කරුණාවතී ගැනත් ලියන්න අයියෙ.

    ReplyDelete
    Replies
    1. කරුණාවතී නම් මහ අප්‍රසන්න චරිතයක්.

      Delete
  11. විස්වාසවන්ත කෙනෙක් වැඩට හොයාගන්න එක නම් කලුනික හොයනවට වඩා අමාරුයි

    ReplyDelete
    Replies
    1. දමියට මේ දවස් වල ඔය ප්‍රශ්නේ තදින්ම ඇති.

      Delete
  12. මමත් අහල තියෙනවා දෙමල ජනයා ඉතාමත්ම කඩිසර බව.ඒත් ප්‍රෙයා්ගකාරි ඒ බව සුදීකයියා මනාවට පෙන්නලා තියෙනවා.නමුත් ඒ සියලු ප්‍රෙයා්ගයන්ට වඩා ප්‍රෙයා්ගකාරි ලෙස ඔබතුමා වැඩ කැර ඇති අන්දම අපුරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. එයාලත් එක්ක ඔට්ටු වෙන්න එහෙම නැතුව බෑ. අක්කගේ ළමයි නම් මාසෙකට එක්කෙනෙක්වත් නහයෙන් අඬනවා අරක නෑ- මේක නෑ කියලා.

      Delete
  13. කරුණාවතී බොහෝ කරුණාව අැත්තියක බව යන්තමින් හැගීයයි..
    කෙතරම් හොදින් ගෘහ කටයුතු කලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අයිල් සමත් බව හැගෙයි.. ඔබ කීවා වගේ හාෙද ගෘහ සෙව්කාවක් සොයාගැනීම ඉතාමත් අපහසුය..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ. හොඳ සහ නාරක තරාදියක දෙපැත්තේ දැම්මොත් හොඳ වැඩියි.

      Delete
  14. මේ වගේ මෙහෙකාරියක් මාත් දැක්කා...... හැබැයි එයාගේ තිබුන දුර්වල කම තමයි......love කරන්න කෙනක් නැතිකම. අනික ගෙදර land phone එකට එන calls වලට හයි හයියෙන් කතා කිරීම....මේවා එන්නෙත් එයාගේ දන්න කට්ටියගෙන්ම තමයි.......වැඩ හොද උනාට චර්යාව ගෙදර වැඩිහිටියන්ට අල්ලන්නේ නැනේ..... ඒ හින්ද පිටක් කරා......

    ReplyDelete
    Replies
    1. මෙයාගේ චර්යාව 100% ක් සහතික කරන්න පුළුවන්. එක සැරයක් වටපිට සයිට් එක්ක වැඩ කල කෙනෙක් වෙනත් දේවල් ඉල්ලාගෙන අපේ නිවසට එන්න පටන් ගත්තා. ඒ වගේ වෙලාවල් වලට ගෑණි අපිව ඉස්සරහට දාලා බේරුණා.

      Delete
  15. අපිත් ඔය කට්ට කෑවා. දැන් ඒ ගැන කතාකරලා වැඩක් නෑ.

    ඒ වුනාව මම මල්ලිලගේ ගෙදර ගිහින් ඉන්නකොට අල්ලපු ගෙදරින් මහා විශාල ගාලගෝට්ටියක් ඇහුනා. එහා ගේ හරිම ලස්සන විශාල ගෙයක්. මල්ලි ඇහුවා "අයියා හිතන්නේ ඒ සද්දේ මොකක් කියලද?" මල්ලි ඇහුවා. මම කිව්වා දන්නේ නෑ කියලා.

    "ඒ ගෙදර ඉන්නේ ජෝඩුවක් වතරයි. ඒ අයට සේවිකාවෝ ඉන්නවා හෙන රංචුවක්. එක වැඩේට එකා ගානේ. උයන කෙනා මොනම හේතුවක් නිසාවක් වෙන වැඩක් කරන්නේ නෑ. බබා බලාගන්න කෙනත් එහෙමයි. ගෙයි වැඩ කරන කෙනා වත්තේ වැඩ කරන්නේ නෑ. ඔය වගේ. ඔය සද්දෙ තමයි සේවිකාවෝ ගෙදර හිමිකාන්තාවට බණින සද්දේ. හැමදාම ඔහොමයි. නමුත් ගෙදර යවන්නෙත් නෑ තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි නිසා. අර කට්ටිය ඒ බව දන්නවා. මේ ලඟදි දවසක් ගෙදර ඇවිත් කන්න මෙලෝ දෙයක් නැති නිසා අහලා මොනවත් උයලා දෙන්න පුලුවන්ද කියලා එකියකගෙන්. ඒකි ගත් කටටම කිව්වලු "ඇයි නෝනට ළූණු ගෙඩියක්වත් කපාගන්න තේරෙන්නේ නැතෙයි?" කියලා.
    කොහොමද වැඩේ?"

    පුදුමයි, ඒත් ඇත්තයි.මට ** හපාගෙන මැරෙන්න හිතුනා බං ඒක අහලා.

    ReplyDelete
  16. මයිල් තියෙන නියපොතු බලන්න නොඉවසිල්ලෙන් කියෝගෙන ආවා.

    ReplyDelete
    Replies
    1. හලපයියගෙ අපි නොදන්න නියපොතු... හැක් හැක් ...

      Delete
  17. මචෝ පොඩි පොඩි ගේම් දුන්නට ඔය වගේ කෙනෙක් හොයා ගන්න එක ලේසි නෑ. අනිත් ඔක්කෝටම වඩා වටින්නේ උඹේ පොඩි එකා මයිල් මැතිනිය එක්ක තියෙන සම්බන්ධතාවය. අපේ ගෙදරත් බොහෝම හිතවත් කෙල්ලෙක් උන්නා සෙල්වී කියලා පොඩි එකා මාර අප්සට් ගියා එයා ගියයින් පස්සේ. අපේ යක්කු නම් කිව්වේ පොඩි එකාට වඩා මම අප්සට් කියලා.

    ReplyDelete
    Replies
    1. යක්කු වුනත් කියලා තියෙන්න ඇත්ත :P

      Delete
  18. මයිල් ඇතිනිය - ඇයිල් මතිනිය.

    පොඩි අපහාසයක් නෙවෙයි කරලා තියෙන්නෙ දුප්පත් ගෑණිට.

    ReplyDelete
    Replies
    1. මේක ඉංග්‍රීසියෙන් ලියලා අනිත් පැත්ත හැරෙව්ව්වේ.

      Delete
  19. ඇතිනියෙක් වේවා මැතිනියෙක් වේවා හොයාගන්න එක තමා හෙනම ගේම.
    මටත් මේ ගැන කතාවක් තියෙනවා.එකත් වෙලවක් ලියන්ට ඕනෑ.
    වෙලාව අතොත් මගෙ බ්ලොගටත් ගොඩවෙන්ට (http://elapataha.blogspot.com) හැබැයි තාම පටන් ගත්තා විතරයි

    ReplyDelete
    Replies
    1. හරි බලමුකෝ ඒ කතාවත්.

      Delete
  20. අපේ නංගිටත් ඉන්නවා දෙමල කෙල්ලෙක් . . අපෙ අප්පෝ අපේ නංගිට වඩා ළමයි ගැන ගෙදර වියදම් ගැන ඇතුලු හැමදේම ගැනම වද වෙන්නේ බලා ගන්නේ ඒ කෙල්ල තමා . .වෙලාවකට ඕනවට වඩා වැඩී කියල හිතුනත් විස්වාසය පිරිසිදු භාවය රස කෑම වගේ දේව්ල ගැන හිතුවහම ඒ ටූ මච් ගති අමතක කරන්න ඇහැකි . . තමන්ටත් දරුවන්ට හොඳන් සලකනවනම් මැතිනිය කිව්වම මක්ක වෙනවද බන්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙතන මුදලට වැඩ කරනවට වඩා පිහිට වීමක් තියෙන්නේ.

      Delete
  21. සුළු සුළු වැරදි තිබුණත් සේවය හොඳින් සලසනවනං ඒ වගේ කෙනෙක් දිගටම තියාගන්න එක වටිනව.

    ReplyDelete
    Replies
    1. මේ පේනව නේද ගමට අදින හැටි.

      Delete
  22. කපටි වැඩ කලාට පඩියට සරිලන්න වැඩ කරනවනම් ඉතින් යවලත් බෑ නේද....
    මයිල් ඇතිනි මරු නම :D

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ මනුස්සයට 25000 ක් දුන්නත් වටිනවා. වැඩේ තියෙන්නේ දවස් 30න් 10ක් වත් ගමේ යනවා.

      Delete
  23. ගෘහ සේවිකාවන් ගැනනම් මටත් පොතක් ලියන්න තරම් අත්දැකීම් තියනවා. අපි ඉස්කෝලේ යන කාලෙත් ගෙදර වැඩට වරින් වර ගෘහ සේවිකාවන් කීපදෙනෙක් හිටියා. අපේ අක්කලාට අලුතෙන් ගවුම් මහනකොට ඒ රෙද්දෙන්ම ඒ ගෘහ සේවිකාවටත් ගවුමක් මහලා දෙනවා. ඒ වගේම හොරකම්, අසල්වැසියන් සමග ප්‍රශ්න, ආදියෙන් අඩුවක් වුණේ නැහැ.

    මමත් බිරිඳත් දෙදෙනාම රැකියාවේ යෙදුන කාලයේ මගේ කුඩා දියණිය බලාගන්න මම උඩරට වතුකරයෙන් ද්‍රවිඩ ජාතික කාන්තාවක් ගෙනාවා. මම මුලින්ම කලේ ඒ ප්‍රදේශයේ පොලීසියේ සහ මගේ ප්‍රදේශයේ පොලීසියේ මේ තැනැත්තිය ගෘහ සේවයේ යොදවන බවට පොලිස් පොතේ සටහන් දැමීමයි. ඉතින් මෙයා අර ඔයාගේ සේවිකාව වගේම ඉතා උනන්දුවෙන් සේවයේ යෙදුනා. මගේ බිරිඳ කියනවා එකම කරදරේ රෑට ටිකක් හයියෙන් දෙමල සින්දු කියනවලු නින්ද යනතුරු. මගේ අසල් වැසියෙක් දිනක් මට කිව්වා මේ කාන්තාව අපේ නගරයේ රටබීම සාප්පුවෙන් 'බඩු ගන්නවා' දැක්කා කියලා. මගේ පපුව ගැහෙන්න පටන් ගත්තේ මොන ජංජාලයක් වෙලාද දන්නේ නැහැ කියලා. ඊට පහුවදා තවත් අසල්වැසියෙක් ආවා ඔහුගේ නිවස පිටුපස තිබුණු හිස් අරක්කු බෝතල් තොගයක් මේ තැනැත්තිය ගෝනියක දමාගෙන යනවා අතටම අසුවූ බව. බලනකොට මෙයා හැමදාම හැන්දෑවට 'දෙකක් දාන' එක්කෙනෙක්. අර හිස් බෝතල් අරන් තියෙන්නේ විකුනලා සල්ලි ගන්න. තවත් පොඩි පොඩි හොරකම් කීපකුත් හෙළිවුණා. මොනවා කරන්නද වහාම ආපහු යැව්වා.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක්ගෙ ගෙදර භාගයක් පාවිච්චි කරපු බෝතල් ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. එන්න එන්න සැර අඩු වුණාම යාලුවා හොයලා බලලා. බලනකොට ගෑණි බීලා වතුර දාලා.

      Delete
    2. ආහ් ! පොලිස් කතාව කිව්වම මතක් වුණා, මල්ලිකාගේ කතාව ඒකත් ලියන්නම ඕනේ.

      Delete
    3. සෑර්ටම හරියන ගෝලයා !!

      Delete
  24. ගෙදර දෙන්නාම වැඩට යන අය වුනාම තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. අපිටත් කාලයක් හිටියා දේවී කියල බදුල්ල පැත්තේ ගර්ල් කෙනෙක්. හරිම හොඳයි. ඒ ගැන කියන්න වචන නැහැ. පස්සේ අපි දන්න කියන ටැමිල් ඩොක්ටර් කෙනෙක්ගේ ගෙදරට සෙට් කරලා දුන්නා මැලේසියාවේ. තාම එහේ. ලංකාවට ආපුවාම අපේ අයගේ ගෙවල් පැත්තෙත් එනවාලු තෑගී බෝග අරගෙන.

    ReplyDelete
  25. ගැජට් අඩු කරලා නේද ? දැන් සිං සිං ගාලා ස්කොරල් වෙනවා...

    ReplyDelete
  26. (නයා ගැහුව කියල පස්සෙ කියන්න එපා, කකුල් උස්සගෙනම බලන්න.)

    ඔය වැඩට කෙනෙක් ගේන එක ලංකාවෙදි වගේ නෙමෙයි මෙහෙදි ලොකු වියදමක් යන වැඩක්.

    මුලිම්ම ට්‍රේනින් යවන්න ඕන, පාස්පෝට් හදල දෙන්න ඕන, මෙඩිකල් යවන්න ඕන, බියුරෝ එකේ ගාස්තු ගෙවන්න ඕන, ටිකට් එක අරන්දෙන්න ඕන, මෙහෙ වීස එකට ආන්ඩුවට ගෙවන්න ඕන, අන්තිමේදි මෙහෙත් ආයි මෙඩිකල් යවන්න ඕන, ඔය සේරම එකතු උනාම ඇන්ටිගෙ ලෑන්ඩින් කොස්ට් එක විතරක් වෙනව ලක්ෂයක් විතර. ඊට අමතරව මාස දෙහෙක පඩිය එන්න කලින් දෙන්න ඕන. මොකද ඒජන්සි කාරයො මස තුනක දෙනව. ඉතින් අපිත් දෙහෙකවත් නුදුන්නොත් ගෑණු එන්නෙ නෑ, යනව ඒජන්සි වලින් අරාබි ගෙවල් වලටම.

    කොහොමද ඔහොම එන කෙනා සතියෙන් ආයි තව තිහක විතර ටිකට් එහෙකුත් අරන් දීල යැව්වම? එක පාරක් ආපු එක්කෙනෙක්ට ආවම සීතලට කලන්තෙ දානව, නිකන් මීමැස්මොරෙ වගේ. එයා යැව්ව, පාඩුව කියල වැඩක් නෑ.

    තව එක්කෙනෙක් ඇවිත් මාස පහකින් එයාගෙ දරුව වහ බීල. කණගාටුදායකයි දෙපැත්තටම.

    මේ දවස්වල ඉන්න එක්කෙනාගෙ හොර මිනිහට ඉවසගන්න බැරුව එයාට එන්න එන්න කියල මෝල් කරවනව. දැන් අවුරුද්දක් ඉවරයි, ඉතුරු එක ඉන්න බෑ වගේ මොකද නිතර ලෙඩ වෙනව. හරිම අමාරුවෙන් තමයි ඉන්නෙ. එක පාරක් ඇස් පේන්නෙත් නෑ අමාරුම අමාරුයි කිව්ව. පස්සෙ මෙහෙ තීන ලොකු ආන්ඩුවෙ ඉස්පිරිතලෙ ගෙනිහින් එම් ආර් අයි ඉඳන් කරල කිව්ව මොන ලෙඩක්වත් නෑ, අමු බොරු කරන්නෙ කියල. සයිකැට්‍රිස් කෙනෙක් ගාවටත් දැම්ම. මිනිහත් ලෙඩ නෑ කියල රිපෝර්ට් එකක් දුන්න. පස්සෙ ලෙඩේට හේතුව හොයා ගත්තෙ ෆෝන් එකේ එස් එම් එස් බැලුවම. අර හොර මිනිහ වැළ පත්තර මේ මනුස්සයට එස් එම් එස් කරල තීන්නෙ.

    මේ උන්නු අවුරුදු අටට එක්කෙනෙක් හිටිය අවුරුදු හතරක්, තව එක්කෙනෙක් දෙකක් ඉවර වෙනකල්, එක්කෙනෙක් සති දෙකයි, තව එක්කෙනෙක් ඇවිත් මාස පහයි දැන් ඉන්න කෙනා අවුරුද්දයි.

    අතරමැද මෙහෙන් හොයාගත්තු ලංකාවෙ ඇන්ටිල දෙන්නෙකුත් උන්න. උන් ඔක්කොම අර අපිට වැඩී කියල හිතල කරෝල කෑල්ලෙ ඉඳන් ඒ ගොල්ලොනගෙ යාළුවන්ට සිකුරාදට ගිහින් දෙන අය! සතියෙන් දෙකෙන් පිහි, සබන්, ටූත්පේස්ට්, තේකොල, ලංකාවෙන් ගේන තුනපහ වගේ ඒව අඩුවෙනකොට ආයි එන්න එපා කියල කියනව.

    අපේ අම්මලත් දැන් ඕන වෙලාවක ඔය මේඩ්ලගෙ ඩේටබෑන්ක් එක අප්ඩේට් කරල තියන් ඉන්නෙ. ඇයි කොයි වෙලාවෙ ඕන වෙයිද දන්නෙ නෑනෙ :D

    මම හිතන්නෙ ඕක තමයි ලංකාවෙ නාගරික මධ්‍යමපාන්තික පවුල්වලට තීන ලොකුම ප්‍රශ්නෙ දැන්!

    ReplyDelete
    Replies
    1. නයාපාර. මමත් ඒ ගැන හිතලා බොහෝ දේ සඟවා තැබුවේ. ඇත්තටම පඩියට අමතර තව රුපියල් 5000ක් වත් මාසෙට යනවා. බොහෝ දෙනාට මේක දැවෙන ඒ වගේම අප්‍රසන්න ප්‍රශ්නයක්. අපේ අසරණ කමෙන් එයාලා උපරිම ප්‍රයෝජනය ගන්නවා. ඔයාගේ දැන් සර්වන්ට්ට කරන්න දෙයක් තියෙනවා. ෆෝන් එක පැය කාලකට උස්සලා අර නම්බර් එක බ්ලොක් කරන්න. එතකොට ඔය මෝල් ගතිය නිකංම අඩු වෙයි.

      Delete
    2. ඉන්දික බොස්.. ඉතාලියෙත් තත්වෙ අන්තිමයි..ගෙදර වැඩට කොල්ලෙක් එහෙම හරියන් නැද්ද ?????

      Delete
    3. අපොයි ඉන්දික මාර වියදමක්නේ

      Delete
  27. අපේ ගෙදරත් ඉස්සර මාව බලාගන්න ආව දෙන්නෙක් ගැන අම්ම කියල තියෙනවා. ගති ගුණ වලින් දෙන්නා අහසයි පොළොවයි වගේ දෙන්නේක්ලු.
    මොනවා උනත් කියන්න තියෙන්නේ කොහිල කටු ඇනෙන එක ඉවසන් ඉන්න කියල තමා. මොකද සර්වන්ට් කෙනෙක් හොයනවා කියන්නේ දැන් කාලේ.... ඊට එහා ලෙඩෙක් ගාව නවත්තන්න කෙනෙක් හොයන එක.

    ReplyDelete
    Replies
    1. කාලයක් රඳවා ගන්න කෙනෙක් හොයා ගන්නවා කියන්නේ පණ යන වැඩක්.

      Delete
  28. හොඳ වෙලාවට අපේ ගෙදර සේවිකාවෝ නෑ. හිටියනම් ඔය පඩි නඩි ගෙවන වැඩ අනම මනම් බලන්න තව කෙනෙක් ගන්න වෙනවා :D

    ReplyDelete
  29. පොඩි පොඩි වැරදි වෙන එක ඉතින් කාගෙනුත් වෙන දෙයක් නේ එක අතකට බලන් යද්දී.. අඩු ගානේ කරන වැඩේවත් හරියට කරනවනම් ඒකම මදැයි..

    ReplyDelete
  30. මේකයි අවුල... අපි කොච්චර හිතුවත් හරියට වැඩ කරන කෙනෙක් ඒ කියන්නේ අපිට කරදරයක් නැති දේවල් ගැන මාත් වැඩිය තැවෙන්නෑ.. මයිල් ඇතිනිය ඔය තරං ඉතුරු කරල බෑග් පුරවන් අරන් යන්නේ බිස්නස් එකටද කියල ඩිංගක් හොයන්න. අනික පිටි පැකට් එකට දෙන ගේම, අනිත් හැම දේටම සමහර විට නොහිතන දේටත් දෙන්න ඉඩ තියෙනවා... නරකද සීසීටීවි කැමරාවක් හයි කරා නං...

    ReplyDelete
  31. මගෙ මිත්‍රෙයක් එයාගෙ බිරින්දෑ එක්ක උදේට ගෙදරින් පිටවෙන්නෙ අවුරුදු එකහමාරෙ දරුවව ඔයවගේ බදුල්ලෙන් ගෙනාපු මෙහෙකාරියකට බාරදීල.හැබැයි මගෙ මිත්‍ර ජෝඩුව හවසට ගෙදර එන වෙලාවට දරුව නිදිලු.ඒ විතරක් නෙමේ කොයි වෙලාවෙ බැලුවත් නිදිලු.රෑට කවන්න, කිරිදෙන්න පවා ඇහැරවගන්න අමාරුලු.ඒ ඇයි කියල මෙහෙකාරියගෙන් ඇහුවට උත්තරත් නැතිලු.හැමදාම මෙහෙම වෙන නිසා දවසක් බය කරල සැර කරල අහගත්තලු.අල්ලපු ගෙදර හෙහෙකාරිත් එක්ක දවල් කාලෙ කතා දාගෙන ඉන්න ඕන නිසා දරුවගෙ උදේ කෑම එක කවල තියෙන්නෙ මදුරු කොයිල් අළු ටිකකුත් එක්ක.ඒක කාපු ගමන් දරුව නිදි.මගෙ මිත්‍රය හිටියෙ නැත්කම් එයාගෙ බීරින්දෑගෙන් ඒ වෙලාවෙම ඒ ගෑනි පරලොවලු.එහෙම බලපුවහම මයිල් ඇතිනිය හොඳයි නේද.

    ReplyDelete
  32. ගෙදරක උදවිවට කෙනෙක් හොයා ගන්නවාට වඞා ලෙහෙසි අල්ලපු ගෙදර බල්ලට සිංහල උගන්නනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මරු නිදර්ශනය..

      Delete
  33. අයිල් මැතිනිය - මයිල් මැතිනිය වෙච්ච හැටි නම් මරු.

    ReplyDelete
  34. ඔක්කොම කරුණු සලකල බැළුවම ඒ මනුස්සයා හොඳයි..අර පුරුදු දුප්පත්කමෙන් ආවේණික උන දේ..
    අපි ලංකාවෙ හිටි අවුරුදු දෙකක කාලෙ අපි එක්ක හිටියෙ රාණි කියල දමිල ගෑණුලමයෙක්.. අපි ආපහු යන්න කලින් එයාව ගමේ යවන්න සිද්ද උනා. පව්.. දවසක්ම ඇඬුවා යන්න බෑ කියලා. දුවත් ඇඬුවා. අපිටත් දුකයි.. අපි සැලකුවෙ පව්ලෙ කෙනෙකුට වගේ.. අපිටත් සැලකුවේ එහෙමයි..කිසිම හොරයක් බොරුවක් නෑ. යාළුවෙලා හිටි කොල්ලා හොරෙක් ඔක්කොම සල්ලි අදිනවා. අයියා ඊටත් වඩා හොරෙක්..ඌත් කලේ කෙල්ල සූරා කාපු එක.. දැන් කවුරුහරි බැඳගෙන දුක් විඳිනවා ඇති කියලා අපි තාමත් දුක් වෙනවා.

    ReplyDelete
  35. දරුවො පුංචි කාලෙ වැඩට ඉන්න අය ගැන නම් ඕන තරම් කතා තියෙනවා මටත්... උන්දලා ගෙදර ගියාම නිවාඩු දාගෙන ඉන්න ඕන එනකම්... කියන දවසට කවදාවත් එන්නෙ නෑ... බලාගෙන ඉඳලා බැරිම තැන අන්තිමට යනවා වඩම්මන් එන්න... ඔය පිටි බිස්නස් එක වගේ හාල් බිස්නස් එකක් කරලා එක්කෙනෙක් අහුවුනා අපට... ගෙදරින් පන්නලා අල්ලපු ගෙදර වැඩ කරන කෙනත් එක්ක එකතුවෙලා ළඟ කඩේකට තමයි විකුණල තියෙන්නෙ...
    ඔය කාලෙට ඉතින් අවශ්‍යතාවය හින්දා කොච්චර දේවල් ඉවසා වදාරන්න වෙනවද...?

    ReplyDelete
  36. ගෘහ සේවිකාව කියලා බොහෝ අය අඩු තක්සේරුවක් දැක්වූවත් මේ ඉන්නෙත් මනුෂ්‍යයෙක් නේද කියලා හිතලා කරුණාවන්තව සැළකීම ඉතාම අගය කරමි.

    ReplyDelete
  37. සුළු අඩුපාඩු තිබුනත් මනුස්සයා හොඳයි. ඔහොම අය ලැබෙන්න පින් කරන්න ඕන. සල්ලි තිබුනත් හොඳ කෙනෙක් හොයාගන්න එක තමයි ලොකුම අමාරු වැඩේ

    ReplyDelete
  38. හනේ අම්මේ මේ ගෘහ සේවිකා අද්දෑකීම්නම් මට නෑ එත් දවසට දෙතුන් දෙනෙක් වත් කියනවා මචෝ බැයිද නාවලපිටිය පැත්තෙන් වැඩට කෙනෙක් හොයාගන්න කියලා. අනේ හොයල දුන්නත් සතියයි තමා උපරිම.

    ReplyDelete
  39. ඹන්න සුදීක මහත්තය වැඩ ඇරිල ගෙදර එනකොට නෝනා දුකෙන් ව‍ගේ කම්මුලට අත තියාගෙන ඉන්නවලු.ඉතිං සුදීක මහත්තයටත් දුක තේරිලා ඇයි කියල ඇහුවලු ඒ පාර නෝනා කිව්වලු මං ඉන්නෙ'' මයිල් ' එනකං කියල

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...