Saturday, March 1, 2014

ලෝකයේ ඔබ සිටින නගරයට අනෙක් පැත්තෙන් තිබෙන නගරය කුමක්ද ? What is the city opposites to your's ?

"මම අමුතු විදියට හිතන කෙනෙක්. ඕනෑම දෙයක් වෙනස් විදියට දකින්න, නිමවන්න තමයි මම කැමති" 

මේ වාක්‍ය දෙක ඔබ මීට පෙර දැක තිබෙන්නට පුළුවන්. එහෙම නොදැක්කා නම් වම්පැති තීරුවේ තිබෙන මා ගැන මමම කරන ප්‍රකාශය බලන්න. ඒක මම මා ගැන දුන්නු අර්ථකථනය. මේ මාතෘකාව සහ තවත් බොහොමයක් ඒවා දැක්කම ඔබටත් මා ගැන එහෙම හිතුනා නම් පුදුමයක් නෑ. ඇත්තටම මට පොඩ්ඩක් වෙනස් විදියකට බොහෝ දේවල් පේනවා. මෙහෙම කිව්වේ ලොකු කමටවත්, නයා දාන්නවත් නෙවෙයි. ඒ මගේ හැටි. මේක වරදවා වටහා ගත් අයත් නැත්තේම නෑ. 

ඔබ අසා තිබෙනවාද කියමනක් "මුළු චීන ජනගහනයා බීජිං නගරයට එකතු වෙලා එකවර පොළොවට තදින් පහර දුන්නොත්, ඇමරිකාවෙන් විශාල කොටසක් ගැලවී විශ්වයට එකතු වේවී" කියන ප්‍රකාශය ? මේක ජේ.ආර්.පී. සූරියප්පෙරුම උන්නැහේ රාව-ප්‍රතිරාව නංවනවා දොරමඬලාව ඔස්සේ. දැන් අපේ මවුතුමිය සිහි කරන්න එපා එතුමාව සිහිපත් කරාට. හැබැයි මම මේ කථාව අහලා තිබුණේ අපේ තාත්තාගෙන්. මේ කතාව මගේ හිතේ පුංචි කාලේ ඉඳලා තදින් පැලපදියම් වෙච්ච එකක්. මම හැම තිස්සෙම හිතුවේ ලංකාවට යට පැත්තේ තියෙන්නේ මොන රටද කියලා? හොඳ වෙලාවට මට පහුගිය දවසක මේක නැවතත් සිහිපත් වුණා. අද කාලේ මගේ බොහෝ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සපයපු ගූගල් දෙවියන්ගෙන් ඇහුවා. හොඳ වෙලාවට අපි හිතන විදියට හිතන අය තව ලෝකේ ඉන්නේ. 

ඉතින් ගූගල් දේවතාවුන් වහන්සේ ලබා දුන්න පිළිතුර ඔස්සේ ගියාම මගේ හිත කඩා වැටුණා. මොකද අර කලින් කියපු කියමන භෞතික විද්‍යාත්මකව ඇත්ත වගේ පෙනුනට, භුගෝලීයව සාවද්‍ය කරුණක් නිසා. හොඳයි අපි මුලින්ම බලමු ලංකාවට අනෙක් පැත්තේ, එහෙමත් නැත්නම් යට පැත්තේ තියෙන නගරය මොකක්ද කියා.අපට වරදින තව තැනක් තමයි අපි ලෝක සිතියම දැක්කෙම පොතක නිසා මේකට උත්තරය අපි හොයන්නේ කඩදාසිය මත ඇන්ද සිතියමක වීම. 

World Map

කරුමෙක මහත, ලංකාවේ අනිත් පැත්තේ තියෙන්නේ දකුණු පැසිපික් සාගරය. මම හිතනවා "Journey to the Centre of the Earth" කියන ලස්සන චිත්‍රපටය ඔබ නරඹන්නට ඇති කියලා. ඒ චිත්‍රපටයේ තියෙන්නේ මේ පැත්තෙන් ගිහින් අනිත් පැත්තෙන් මතු වන කතාවක්. ඔවුන් මතු වෙන්නේ ඉතාලියෙන්. අපි එහෙම ගියොත් හොඳටම නාන්න වෙන්නේ. මම ලෝකයේ නගර බොහොමයක් මේ විදියට මේ අපූරු වෙබ් පිටුවෙන් බලා ගත්තා. ඒත් බොහෝ තැන් වලට එන්නේ මහා මුහුද. මුලින්ම හිතුනේ මේක වැරදියි කියලා. හැබැයි අන්තිමේදී මට දෙපැත්තේ පිහිටන නගර/රටවල් දෙකක් හමුවුණා. ඒ චිලී සහ චීන දේශයන්. 

ඉහල පින්තූරේ සමකය තමයි කඩ ඉරෙන් පෙන්වන්නේ. නමුත් ඒ පින්තූරේ අපි ඉන්නේ සමකයට උඩින් අනෙක් පැත්තේ තැන පෙන්වන්නේ සමකයට යටින්. මතක තබා ගන්න ලෝකය ගෝලාකාර බව.එතකොට උඩ අර්ධයේ පිහිටන නගරයක අනෙක් පැත්ත පිහිටන්නෙම යට පැත්තෙන්. හා.... මම හොයා ගත්ත එක. ඔන්න ඒකත්. 

චිලී දේශයේ සන්තියාගෝ නගරය සෙවීම් කලාම ලැබෙන උත්තරය ඔන්න. දැන් තමයි මට වැඩේ අහු වුණේ. සමකයේ ඉඳලා පහලට හෝ ඉහලට තිබෙන දුර, අනෙක් පැත්තේ නගරයේ පිහිටන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට සමාන දුරකින්. දැන් ඔයාලටත් මේ වගේ ඒවා ගොඩක් හමු වෙයි. මෙන්න ලින්ක් එක ගිහින් ඒ වගේ ලැබුණු ඒවා කමෙන්ට් විදියට එකතු කරන්න. එතකොට අපිට හොඳ ලැයිස්තුවක් හදා ගන්න පුළුවන් වෙයි.

World Map

මේ ලින්ක් එක බුක්මාර්ක් කර ගන්න වටිනවා. මම නම් කළා. කන්ට්‍රෝල් + D ගහන්න.
____________________________________________
ප.ලි.
පහුගිය පොස්ට් එක අතරමැද මගේ ෆලෝවර්ස්ලා ගණන 300ක් වුණා. කිසිම කෙනෙකුගෙන් ඉල්ලන්නේ නැතිව මෙහි ලියන දේ ගැන සිතා එකතු වූ 300 ක් තමයි එහි ඉන්නේ. ඉතිං ඒක මට සතුටට කරුණක්. ඇවිද්ද පය ...... කියවා ඒ හා එක්වූ ඔබ සැමට තුති. 

72 comments:

  1. මටත් ඕක ඉස්සර හිතුනා. අපිට පොලොවේ මේ පැත්තෙක් හාරගෙන අනිත් පැත්තට ගියොත් කොහේට වැටෙයිද දන්නෑ කියලා. ගුගල් ලාට පිං සිද්ධ වෙන්න දැන් ඒකත් හොයා ගන්න පුලුවන්. මේ දේවල් හොයා දුන්නට හා මතක් කර දුන්නාට ඔබට ස්තූතිය..

    ReplyDelete
    Replies
    1. හරි මම හිතෙන දේ ගූගල් ලාගෙන් අහලා බලනවා. එහෙම කරමු.

      Delete
  2. මාත් ඉස්සර ඔය දේ ගැන හිතපු කාලයක් තිබ්බා ,, ලස්සන ෆිල්ම් එකක් තිබ්බා නම මතක නැහැ.. එකේ තිබ්බේ පොලවේ එක තැනකින් ඇතුල් වෙලා ලෝකේ මාධ්‍ය හරයට ගිහින් එන කතාවක්,, පොලව මැද තියෙන ලාවා... ඊට එහා තියෙන විශාල දියමන්ති ආකාර ගැන එකේ තිබ්බා... හම්බුනොත් ලින්ක් එක දාන්නම්

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය කියන එක "Journey to the Centre of the Earth" නෙවෙයිද ?

      Delete
    2. අපූර්වි, ඒකෙ මුකුත් සඳහනක් තිබුන් නැද්ද "ගල් පනුවා" ගැන ? :D

      Delete
    3. සුදික @ ඔව් ඒක වෙන්න ඕනේ ,,,

      සෙන්නා@ ගල් පනුවා ?? හි හි

      Delete
    4. The Core ෆිල්ම් එකත් ඔය වගේ කතාවක්..

      Delete
    5. @ඕමා : ඔයා වමත් කරුවෙක්ද ?

      Delete
  3. චැහ්... දැන් බෝට්‍ටු වලින් යන්න නොදෙන නිසා මම හිතන් හිටියේ පොලව හාරන් ගිහින් ඕස්ට්‍රේලියාවෙන් මතු වෙන්න. මදැයි කොළා, සුදීකයා ඒකත් කෑවා...

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැබැයි එක දිගට හාරන්නේ නැතිව ගිනිකොන පැත්තට හාරාගෙන යන්න ඕනේ.

      Delete
    2. බෝගම්බර ඉන්න කාලේ සෙල් එක යටින් හාරගෙන ගිහිල්ල වැව යටිං මතුවෙන්නෙ නැතුව ගානට අදාල තැනිං මතුවෙච්ච මනුස්සයෙකුට ඕවත් වැඩද. :D

      Delete
    3. ඕකනේ කියන්නේ අපේ රටේ අය වෙනස් කියල.

      Delete
  4. දැන් මෙහෙ වෙන දේවල් වල හැටියට මූදට පනින්න තමයි වෙන්නේ කියලා මිනිස්සු කියනවනේ. ඒත් බයේ බෑ මෙහෙන් මූදට පනින්න. සුදු වෑන් වගේ සුදු බෝට්ටු තිබුනොත් එහෙම. ඒ නිසා පොළොවේ වලක් හාරගෙන ගිහින් දකුණු පැසිෆික් මූදට පනින එක හොඳයි වගේ.

    ඉතාම වටින ලිපියක්. විශේෂයෙන් පාසල් ළමුන්ට වැදගත් තොරතුරක්.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයෙන් ප්‍රයෝජන ගන්නවා නම් කරන්න පුළුවන් වැඩ මේවා.

      Delete
  5. අනෙ අම්මො බොටත් හිතෙන දෙවල්.
    එතකොට ඔය තැන් දකක් අතර හරියටම පැය දොලහක් වෙනසක් නේද

    ReplyDelete
  6. ලිං කපනව දකින කොට මට පොඩි කාලෙ හිතුනු දෙයක් ඕක. දිගටම ගියොත් මොනව වෙයිද කියන එක.
    //එතකොට උඩ අර්ධයේ පිහිටන නගරයක අනෙක් පැත්ත පිහිටන්නෙම යට පැත්තෙන්// මේක වෙන්නෙ අංශක 23.5 ඇලය නිසා නෙවෙයි ද ?

    ReplyDelete
    Replies
    1. මට හිතුනෙත් ඒකම තමයි. ඒත් හරියටම දන්නේ නෑ.

      Delete
    2. ඒකට අංශක 23.5 න් බලපෑමක් නෑ.
      අහල පහල ටෙනි බෝලයක් වත් නැද්ද නිකං පොඩ්ඩක් අතපත ගාලා බලන්නවත්. එහෙම ටිකක් බැලුවනං තේරේවි සිද්ධිය.

      Delete
    3. නෑ චන්දන, ඔය ඇලේ මොනම විදියකින්වත් බලපාන්නේ නෑ ඒකට.

      Delete
  7. මාත් ඔහොම කතාවක් නවකතාවක කියෙවුවා මතකයි. නම නම් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. මතක් වුනොත් අපිටත් දැන ගන්න සලස්වන්න.

      Delete
  8. සූරියප්පෙරුම උන්දැගේ හොඳ කතා ටිකක් කතන්දරගේ අලුත් පෝස්ට් එකේ තිබ්බේ :P

    ReplyDelete
  9. සිරාවට සූදික සහෝදරයා මමත් ඕක අනන්තවත් හිතන කාරණයක්. අපේ ගෙදර එවුන් ඕකට හිනාවෙනවා

    ReplyDelete
    Replies
    1. මොකද හිනා වෙන්නේ ?

      Delete
  10. නගර ගොඩක නම් ගහලා ඔක්කොම ආවේ අනිත් පැත්තේ මුහුද.. යන්තනං ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නගරය අනිත් පැත්තේ තියෙන්නේ නවසීලන්තය බව හොයාගත්තා :D

    ReplyDelete
    Replies
    1. පුදුම හිතෙන විදියට එහෙම වෙලා තියෙන්නේ. සමහරවිට මේකට හේතුවක් තියෙන්නත් පුළුවන්.

      Delete
    2. Santiago බැලුවම චීනය අහු වෙනවා.

      Delete
    3. වියට්නාමය සහ පේරු.

      Delete
    4. පෘථිවි ගෝලයෙන් වැඩි ප්‍රමාණයක් වැහිලා තියෙන්නේ සාගරයෙන් කියන එක ඔප්පු වෙනවා මේකෙන්..

      Delete
  11. සුදික මම හරුවොත් නම් ගොඩ ගියැකි වගේ .... Kuala Lampur අනික් පැත්තේ තියෙන්නේ ඇමරිකාවේ Ecuador, cuenca කියන හරිය .... පොඩ්ඩක් ඉන්න එහෙනම් මම උදැල්ලයි සවලයි අරන් එනකම්............................... සිරෝ මෙහෙ වරෝ පොඩි වලක් තියෙනවා බහින්න ......

    ReplyDelete
    Replies
    1. පැරණි ශිෂ්ඨාචාර බලන්න පුළුවන් වෙයි.

      Delete
  12. විරුද්ධ අක්ෂාංශ දේශාංශ හොයාගෙන ඊට අදාල ස්ථානය හොයාගන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකට විශේෂිත දැනුමක් අවශ්‍යයි නේද ?

      Delete
  13. මේක නම් කියවලා බලලාම කමෙන්ට් කරන්ට ඕනි. :)

    ReplyDelete
    Replies
    1. ඒ සයිට් එකේ නම් කියවන්න දෙයක් නෑ.

      Delete
  14. සුදීකයියා ගූගල්ල හිටියෙම නැත්තම් අපිට වෙන ක්‍රමයක් නැද්ද ඕක හොයන්ඩ

    ReplyDelete
    Replies
    1. ඇයි අර ඉස්කෝල වල තියෙන ලෝක ගොලේ. ඒක භාවිතා කරලා හොයා ගන්න පුළුවන්.

      Delete
  15. මං වගේ පිස්සු තියෙන මිනිස්සු තව ඉන්නවා කියලා දැනගත්ත එක සතුටුයි :D

    ඔය Journey to The center of Earth කියවපු කාලෙම මට ඔය ප්‍රශ්නේ ආවා

    ReplyDelete
    Replies
    1. පිස්සන්ගේත් හොඳම එක.

      Delete
  16. ආවට ගියාට හාරගෙන යන්න බෑ වගේ. හොඳට ප්ලෑන් කරල අර නයා අයියගෙ A4 GPS එකත් අරං තමයි වල බහින්න වෙන්නෙ හොඳ රටකිං මතුවෙන්නනං. :D

    ReplyDelete
  17. ඔය පොළව ඇතුලට යන සීන් එක තියෙන තව කතාවක් The Core http://www.imdb.com/title/tt0298814/. මම නම් පොලොව ඇතුලට යන්න නෙවෙයි කෙලින් ම අභ්‍යවකාශෙට ගිහින් උඩ ඉඳන් පොළොව දිහා බලන්න තමයි ආසා.. කවදා හරි ඉෂ්ට කරගන්න හිතාගෙන ඉන්න හීන වලින් ලොකුම එක හෙහ් හෙහ් හෙහ්.. ඩොලර් 250,000ක් තියෙනවනම් තව අවුරුදු 5කින් විතර කරන්න පුළුවන් වෙයි ඕනේ කෙනෙකුට..
    මේ තියෙන්නේ විස්තරේ

    http://www.virgingalactic.com/booking/

    ReplyDelete
    Replies
    1. ඕකත් බලන්න ඕනේ චිත්‍රපට ලයිස්තුවේ තියෙන එකක්.

      Delete
  18. අද ෆැසිපික් සාගරයටම ඇවිදලා තියෙන්නේ.
    අයිස් එජ් කාටූන් චිත්‍රපටියෙත් ලෝකය හරහා යන දර්ශනයක් තියෙනවා නේද.

    ReplyDelete
    Replies
    1. ඔව්. අයිස් ඒජ් එකේදී මුහුද ගොඩබිම දෙකම එකයි. මේ ළඟදී ප්‍රවෘත්තියක් දැක්කා, අපේ හිරු මේ දවස් වල නිද්‍රාශීලී වෙලා කියලා. එහෙම වුනාමලු අයිස් ඒජ් එකක් ඇති වෙන්නේ. එහෙම වුනොත් ලංකාවේ අපිටත් අයිස් බලන්න පුළුවන් වෙයි.

      Delete
  19. ස්කෝලේ විද්‍යාගාරේ තිබුන ලෝක ගෝලය කරකව කරකව කොල්ලෝ රටවල් වලට යන්න ප්ලෑන් කලේ ඔය විදියට...ස්තුතියි ඒ මතකය අලුත් කලාට...

    ReplyDelete
  20. මට මතකයි අපි පොඩිකාලෙ සීය කිව්ව ලංකා පොලව හාරන් ගියොත් ඇමරිකාවෙන් මතුවෙනව කියල, බලද්දි පැසිපික් මූදෙන්නෙ මතුවෙන්නෙ :D

    ReplyDelete
  21. සුදික හැමදාම අමුතුවටම හිතන කෙනානෙ .
    මම ඉස්සර ඉදලම හිතන දෙයක් තමා ලංකාවයි ඉන්දියාවයි අතර පාලමක් දැම්මනං කොහොමද කියල.
    අදටත් මගේ හිතේ ඕක තියෙනව.
    මොන කෙහෙල් මලක් හින්දද මන්ද...

    ReplyDelete
    Replies
    1. මේකට ඉන්දියාව බොහොම අකමැතියි. දැනටත් ඉන්දියානුවෝ තොග ගණනින් ලංකාවේ සංචාරය කරනවා. එයාලට නවත්වා ගන්න බැරි මුදල් ප්‍රමාණයක් ලංකාවට ගලාගෙන එනවා ඔය පාර දැම්මොත්. තවත් දෙයක් එයාලා මුලින් බලාපොරොත්තු වුණා ඔය හරහා තිබෙන නැව් මාර්ගය භාවිතා කරන්න. නමුත් අපේ වාසනාවට ඒ ප්‍රදේශය වැලි වලින් පිරී යනවා. ඒ නිසා හාරන එක ඵල රහිතයි. ඉදිරියේදී එහෙම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. නමුත් මෙය සම්බන්ධ වන්නේ දකුණු ඉන්දියාවට නිසා අපට වෙනත් තර්ජන ඇති වෙන්නත් පුළුවන්.

      Delete
  22. ඇයි මතකද මනුතාපයේ ..සිරකරුවා පොලොව හාරාගෙන හිරගෙයින් පැනයන්න උත්සාහ කරද්දී ගිහින් මතුවෙන්නේ තව හිරකරුවෙක්ගේ හිරකුටියකින්. ඇත්තටම අමුතුවිදිහට හිතන ය නිසා තමයි ලෝකය මේ තරම් කාලයක් පැවතුනේ සහ මෙපමණ දියුණු වුනේ

    ReplyDelete
    Replies
    1. ප්ෂෝ...විළි ලජ්ජාවෙ බෑ වහාම හදපන් වහාම හදපන්,ඉවාන් මල්ලි උඹ ඩෝප් දානව නං ඒත් කමක් නෑ,ඒ වෙලාවක ලියවුනා කියල හිතන්න පුළුවන්.

      Delete
    2. මමත් ටිකක් කල්පනා කළා. මතක නෑ.

      Delete
    3. නෑ නෑ සුදීක ඉවානයට කියලම හදවන්න ඕනෑ

      Delete
  23. මමත් ඕක හිතලා තියෙනවා. අර මැද තියෙන මැග්මා බෝලේ හරහා යන එකනේ බං කේස් එක.

    ReplyDelete
  24. මමත් ඕක හිතලා තියෙනවා. අර මැද තියෙන මැග්මා බෝලේ හරහා යන එකනේ බං කේස් එක.

    ReplyDelete
  25. දැන් ඉතින් ඕන දේකට ගූගල්..

    ReplyDelete
  26. සුදීක අයියට මාර එවුවා තමයි හිතෙන්නේ.. හැබැයි මෙක්සිකෝවේ කොහේ පොළව හැරුවත් ඒකා මතු වෙන්නෙ නම් ඇමරිකාවෙන්ලු.. ඒකටනම් තියෙන්නේ හැබැයි භූගෝලිය කේස් එකක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවටත් ඔය වගේ උමං කපයිද මන්දා ?

      Delete
  27. මම දැන් ගූගල් එක්ක එච්චර ඇයි හොඳයියක් නෑනෙ,ඒ ගොල්ලො මේ දිනවල අතොරක් නැතුව මට ලෙඩ දානව,ඔහොම තමා ඉතිං අනුන්ගෙ තැන්වල පදිංචි වුනාම මදි පුංචිකම් විඳින්න වෙනව,ලෝකේ ලෝකේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට හැලපේ හොට්මේල් මේල්එක්සයිට් වගේ ඒවා බොහොම පොඩි ඉඩ කඩක් තමයි ඒ කාලේ දුන්නේ. ගූගල් ඇවිත් තමයි මේල් වලට 5GB දුන්නේ. මටත් පොඩි වාසනාවක් තිබුණා ඉන්විටේෂන් එකකින් 2004 ගූගල් එකවුන්ට් එකක් අරින්න.

      Delete
  28. Ape aya meka dakala polawa palan yai wage....

    ReplyDelete
    Replies
    1. අපේ අය තෝරා ගන්නේ ලේසිම පාර. මහන්සි වෙන වැඩ තොර ගන්නේ නෑ.

      Delete
    2. Ekath aththa thamai ayye....

      Delete
  29. ane mata hinawenna epa... et matat me prashne awa. map eken hariyata hoyaganna bari nisa man kare podi loka goolayak ara eke lankawa harahata kuurak yawala eha patten enne kohenda kiyala baluwa :) :) : )hik hik hik.. unfortunately... eke anit pattet tibune muhuda! :(

    ReplyDelete
  30. බ්ලා...........බ එතකොට අපි හෑරුවොත් නානව... මං හිතන්නෙ යූල්ස් වර්න්ගෙ ඔය කතාව කියවපු ඕන කෙනෙක්ට ඔය සිතුවිල්ල පහල වෙනව... නේද සුදික අය්යෙ.. මං හරිද........?

    ReplyDelete
  31. අරකිව්වත් වගේ අර ලිංක් එකේ තියෙන එකේ කෙටුවාම මූද මැද්දනෙ පෙන්නන්නෙ

    ReplyDelete
  32. ඔය සිතියම හින්දා අපේ ඔලුවේ ඇඳිලා තියන රූපෙ වැරදියි අප්පා. හොඳම දේ ලෝක ගෝලයක් පරිහරණය කරන එක :) ඉස්සර මට හිතෙන්නෙම රුසියාවයි ඇමරිකාවයි බොහොම ඈතින් තියන රටවල් දෙකක් කියලා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...