Saturday, March 8, 2014

කෝ අද රත්නේ ..... කෝ... බිසී ද රත්නේ . Ratne Where are you ?

අර තැඹිලි කපන කොල්ලා සහ තැඹිලි ගන්න කොල්ලා ගැන මගේ පහුගිය පොස්ට් එක බලලා බොහොම දෙනෙක් කමෙන්ට් කරා.  ඒ අතරින් අපේ දේශකයා දාපු කමෙන්ට් එකක් නිසා මේ පොස්ට් එක ලියන්න අදහස ආවා. දේශකයා කිව්වේ මේ දවස් වල ඩයලොග් එකෙන් දාන රින්ගින් ටෝන් ඇඩ් ටික ගැන. ඇත්තටම කාලෙකින් දැක්ක බොහොම නිර්මාණශීලී වෙළඳ දැන්වීම කිහිපයක්. කවුරු මේකට දායක වෙලා තිබුණත් මුලින්ම මම සුභ පතනවා ඒ අදහස හිතට ආපු කෙනාට. ඇත්තෙන්ම ගත්තොත් අපි ඕනෑ තරම මේ වගේ ගීත අපිට ආවේනික වචන යොදාගෙන කියනවා. ඔය මළ ගෙවල්වල එහෙම යනකොට කියන සින්දු වල බොහොමයක් තියෙන්නේ අපේ වර්ෂන්. සමහර පද පේළි පිටින්ම අපේ ක්‍රමයට කියනවා. 
Ko ada rathne ko

කොළඹ කොටුවේ තිබ්බ අපේ ඔෆිස් එක බත්තරමුල්ලට ආපු ගමන් කන්න බොන්න අපි ගියේ සෙන් සාල් එකට. මීට කලින් මම බත්තරමුල්ලේ ඉන්න කාලේ සෙන්සාල් තිත්ත වෙලා තිබුණේ. මොකද සුපිරි මිලක් අය කලාට සුපිරි සේවාවක් නැති නිසා. මේ පාර ආපු වෙලාවේ අපි තේරුම් ගත්තේ මෙහෙ ඉන්න මිනිස්සු ගානටම රෙස්ටෝරන්ට්, ස්නක් බාර්, බත් කඩ, හෝටල් තියෙන බව. මගේ එක්ක ඉන්න මගේ සගයා, හැමදාම දවල්ට කාලා තොප්පියක් දාගෙන කිලෝ මීටර් දෙකක් තුනක් පයින් යන පුරුද්දක්. ඔහොම ගිහින් ඔය කෑම කඩ හොයාගෙන එන්නේ මිනිහා තමයි. දවල්ට කාපු ගමන් යන්නේ හවස තේ එක බොන්න මොනවා හරි හොයාගෙන. ඔහොම ගිය දවසක කොස්වත්ත හන්දියේ අලුතෙන් දාපු පුංචි ස්නැක් බාර් එකක ආරංචිය අරගෙන ආවා. මිනිහා මේකට කැමති වෙන්න විශේෂ හේතුවක් තියෙනවා.

නිතරම ගෙදරදී ඔෂින්, දිරිය දියණිය, චන්ගුමී වගේ වැඩසටහන් බලන අපේ මිත්‍රයා, මේක තනියම කරගෙන යන කෙල්ල ගැන තිබුණේ පුදුම පැහැදීමක්. මේ වගේ තැනක ඔය වගේ ව්‍යාපාරයක් කරගෙන යන එක අභියෝගයක් බව මගේ මිතුරා නිතරම පවසනවා. කතාව ඇත්ත. තනියම කොස්වත්ත හන්දියේ ව්‍යාපාරයක් කරන එක ලේසි නෑ. එතන තියෙන්නේ ජූස් බාර් එකක්. ඉතින් දවල්ට කාලා ඇවිදින ගමන් මගේ මිත්‍රයා එතැනින් පලතුරු වීදුරුවක් බොන්න මගේ මිතුරා පුරුදු වුණා. ඒ එක්කම මේ තරුණිය මගේ මිත්‍රයා එක්ක සුහදත්වයක් ඇති කර ගත්තා. ඔය කියන හින්දා මමත් දවසක් ගියා බලන්න. ඇත්තටම එතැනින් මමවත් ආවේ බ්ලොග් පොස්ට් එකක් ලියන බලාපොරොත්තුවෙන්. නමුත් ඒක ලියන්න බැරි වුණා. ඇය පලතුරු වීදුරුව එවෙලාවේම හදලා දීලා ඒකෙ ගුණ දොස් අහන්නත් අමතක කරන්නේ නෑ. අවුරදු තිහක් පමණ වෙන මේ යුවතිය කාගේත් සිත් ඇද ගන්නා ආකාරයට වැඩ කරනවා. කඩාගෙන යන ලස්සනක් නැති වුණත් යම් ආකර්ශනීය පෙනුමක් ඇයට තියෙන්නේ. ඇයගේ පෙම්වතා යයි සිතිය හැකි පුද්ගලයෙක්ද පසුබිමින් උන්නත් ඔහු වැඩිය කරලියට එන්නේ නෑ. 

පහුගිය ටිකේ ඉතා ජනප්‍රිය වෙච්ච් ඩයලොග් ඇඩ් ටිකෙන් මට නැගලම ගිය එක තමයි "කෝ අද රත්නේ  - බිසී ද රත්නේ" කියන එක. මට විතරක් නෙවෙයි මගේ දුවත් ඒකට කැමතියි. කොහොමත් රෙගේ රිද්මය මට අල්ලලා ගිය එකක්. ඉතිං මම ඕක මුමුණ - මුමුණ ඉන්නවා. ඔය අතරේ මගේ මිත්‍රයා පහුගිය දවසක කියනවා මෙහෙම
"මේ දවස් වල අව්ව හරි සැරයි බං. යන්න හිතෙන්නේ නෑ එලියට. අද පලතුරු එක බොන්න වෙන්නෙත් නෑ"
මෙහෙම කිව්වා ගමන් මට ඉබේම මෙහෙම කියවුණා.
"දැන් කඩේ කෙල්ල කියනවා ඇති කෝ අද රත්නේ කෝ - බිසීද රත්නේ" කියලා.
එහෙම කියලා මම මෙහෙමත් කිව්වා. ඔය රත්නේ කියන තැනට ඕනනම්  තට්ටේ කියලා දා ගන්නත් පුළුවන්. මොකද මගේ යාලුවාගේ කොන්ඩේ තාම වැවෙන නිසා.

මෙන්න වීඩියෝ එක



ඔය හැම එකකටම තව මොකක් හරි විකල්පයක් හිතෙන එක මට තියෙන ලෙඩක් නේ. ඒ සිංදුව යත්දී මගේ මතකෙට එන්නේ මම කුඩා කාලේ නිතරම ඇහුන, සිසිර/ඉන්ද්‍රානි සේනාරත්න  සුසිල් ප්‍රේමරත්න සහ මල්ලිකා කහවිට ගායක (විචාරක මහතාගේ දැනුවත් කිරීමෙන් නිවරදි කල පසු)යුවල ගායනා කරන "ආදර රත්නේ මොකද ඔයා" ගීතය. මේ ගීතය ඇහෙනකොට මගේ හිත ළමා කාලයට දිව යනවා. ඒ කාලේ මම මේ සිංදුව රස විඳපු පරිසරය සිහිපත් වෙනවා. හිතට අමුතුම පාලු ගතියක් දැනෙනවා.
විචාරක මහත්මයාගේ පෙන්වාදීමෙන් පස්සේ මේ ගීතය එකතු කරන ලදී. 

39 comments:

  1. කොතනද බොලේ මම නොදන්න ඔය ස්නැක්බාර් එක තියෙන්නෙ ???

    ReplyDelete
  2. ඇත්තටම දාන්න තිබුණේ ආදර රත්නේ ගීතයේ හඬ ගොනුවක් මෙතනට. සුසිල් ප්‍රේමරත්නගේ සහ මල්ලිකා කහවිටගේ ප්‍රේමාන්විත ගායන විලාශය බොහොම සිත්ගන්නාසුලුයි. මුල් ගැයුම මෙන්න මේ පිටුවේ තිබෙනවා

    http://www.youtube.com/watch?v=fLkoplMfVNk

    ReplyDelete
    Replies
    1. ඔන්න මම එකතු කළා. ඒ ගීත කෙතරම් ප්‍රේමාන්විතද ? ඇත්තටම.

      Delete
    2. බොහොම ස්තුතියි

      Delete
  3. ඔය අපිට කැරෝකී පුරුදු කරනවා ඩයලොග් එකෙන්.. තට්ට රත්නේ ගේ පින්තුරයක් නැද්ද සමහර විට බිසී ද දන්නෑ.. හැක්..

    ReplyDelete
    Replies
    1. පින්තූරයක් නම් තියෙනවා. දාන එක හරි නෑනේ. නිකන් බෙන් කිංස්ලි වගේ.

      Delete
  4. අපේ ගෙදරත් හොඳට අල්ලල ගිය ඇඩ් ටිකක් තමයි ඔය. වැඩි විච්චූරණ නැතුව හොඳට හිතට වදින්න ඒ ඇඩ් වලට පුලුවංකමක් තියෙනව.

    ඉතිං අර පලතුරු කඩේ ගෑණුළමය ගැන දැංවත් ලියමුකො.

    ReplyDelete
  5. තට්ටෙ හිමිකාරයා මේක බලනවා ද ? :)

    දවල්ට කාල කිලෝමීටර් දෙක තුනක් පයින් යනවා ? එපා වෙන වැඩක් නෙ ඒක.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. පුරුදු වුණාම ඕනෑම දෙයක් ගානක් නැතිව යනවා.

      Delete
  6. ලස්සණ සින්දුවක්...මම මේක දැක්කේ 'කෝ අද රත්තරනේ' කියලානේ. රත්තරන් ගැන පෝස්ට් එකක් දාපු හන්දා වෙන්ට ඇති. :)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමමයි දැක්කේ ... :D

      Delete
    2. තාම බැරි වුණා ඒක බලන්න.

      Delete
  7. කාපු ගමන් ඇවිදිනවා කියන්නෙ අම්මෝ එපා වෙනවානෙ.

    වැඩේ මේ කමෙන්ට් එක කොටන ගමන් ඔය දැන්වීමෙම වෙන සිංදුවක් දැන් ගියා TV එකේ. ෆයිනල් මැච් එක බලත්දි. :)

    ReplyDelete
    Replies
    1. match එක අද කම්මැලි අප්පා, මේ සින්දුව මං මිට කලින් එක වතාවක් අහල තියෙනවා මතකයි,,add එකක් ගැන නම් දන්නේ නැහැ ආවම බලමු

      Delete
  8. මාර රස්නෙයි අප්පා...! අර කඩේට ගිහින් පලතුරු බීම එකක් බොන්න ඕනේ ...:D

    ReplyDelete
    Replies
    1. යන වෙලාවක මටත් කියපන්. මාත් ඉන්නේ ඇවිදින දුරින්.

      Delete
  9. මොක වුනත් යුවතියක් තනියම ව්‍යාපාරයක් කරගෙන ඔය ඉසව්වේ ඔලුව ගහන ඉන්නවා කියන ඒකත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ලේසි වැඩක් නෙවෙයි.

      Delete
  10. ඒ පාර මෙයා දිගටම ඇඩ් දාන්න අරන් ......

    ReplyDelete
    Replies
    1. මේක අපේ දේශකයා මතක් කලේ.

      Delete
  11. මේ ඔරිජිනල් සිංදුව අපේ අම්මාත් ඉස්සර කියනවා නිකම් ඉන්න වෙලාවට. ඒ තාත්තා දයා-රත්න හින්දා වෙන්නැති. අමුතු සුන්දරත්වයක් තියෙන ගීතයක්. ඒ ගීතය නොබලාපු අය වෙනුවෙන් මෙහෙම ලියන්නම්.

    ලිව්වේ.....ධර්ම ශ්‍රී කල්දේරා...(අපිට හිටපු දක්ෂ කලාකරුවෙක්..චිත්‍රපට ඇදියුරෙක්.. සහ තවත් හැකියාවන් බොහෝයි )

    සංගීතය.....පැට්‍රික් දෙනිපිටිය (සංගීත ක්ෂේත්‍රයේ මහා ගීත ගොන්නක නිර්මාතෘ...ජීවතුන් අතර නැත )

    සුදීකගේ ලිපිය රස වින්දා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ධර්ම ශ්‍රී කල්දේරාගේ රෝස මල් තුනක් නුවර රිවර්ඩේල් එකේ කලයින් පස්සෙ මට නළු බුවෙක් දුන්න ගේමක් මතක් වුනා ඔය නම මතක් කලාම ඒක ලියන්නං ..
      කළු කොට පොර වුනාට බොක්ක & අදහස් එල ... නිහඩ මනුස්සයෙක්...

      Delete
    2. ඒ ගැන දැනුවත් කිරීම ගැන ස්තුතියි. මම මේවා අහන කාලේ ගීතයට අමතර දෙයක් හොයන්න තරම් වයස නෑ.

      Delete
  12. මේ ඔටුලන්තෙ අපට කොහොද ලංකාවෙ ඇඩ්. මම නම් බත්තරමුලේ හිටපු මාස කීප‍යට කන්න පුරුදු වෙලා හිටිය තැනක් තිබුනා හරියටම බත්තර්මුල්ල හංදියෙ. සෙන්සාල් පැත්තවත් බැලුවෙ නෑ. හෆොයි ඒකේ ගනන්.

    ReplyDelete
  13. ඔය ඇඩ් එක අපි නොදන්න ලයිවු කරපු දෙන්නගෙ ඇඩ් එකක් වෙන්න ඔන.ඔය දෙන්නට තමයි ඔයවගෙ අයිඩියාස් එන්නෙ.පොඩි කඩෙ හිටිය නගා ගැන ලියමු නේ.

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවේ ඒ දෙන්නගේ වැඩක් කියලා. බලනකොට මෙන්න මෙයා

      අමිල ගලප්පත්ති ගේ බ්ලොග් එකෙන්

      Delete
  14. හෙහෙ. උඹ ඔය කියන සින්දුවේ පට්ට කුණුහබ්බ වර්ෂන් එකක්නම් තිබ්බා නමුත් මාර LOL.

    ReplyDelete
    Replies
    1. කම්මැලි නැත්නම් මේල් එකක් එවපන්.

      Delete
  15. මේ වෙළද දැන්වීමෙ ඔබ කියනා තරම් නිර්මාණාත්මක බවක් මා නම් දුටුවේ නෑ. කාලයකට පෙර විකාශය වූ ස්ටෙලා ඇතුලු ලංකාබෙල් දැන්වීම් ටික නම් ඒ කුලකයට ලඝු කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මට සිරා තරම් සංගීතය ගැන දැනුමක් නම් නෑ. ඒ වුනත් මේවා මාර ජනප්‍රිය බව පේනවා සමාජය තුල. මෙතන ගීත පහක් තියෙනවා වෙනත් ගීත වල වචන අලුතෙන් දාල හදපුව. මෙන්න මෙතනින් බලන්න

      අමිල ගලප්පත්ති ගේ බ්ලොග් එකෙන්

      මුල් ගීත දැනගෙන උන්නොත් නිර්මානාත්මක බව වැටහේවි.

      Delete
    2. matath e ad tika nam hondai

      Delete
  16. ඇත්තටම හෝටලයක් පවත්වාගෙන න්නට එවැනි දක්ෂ යුවතියකට පුලුවන්. එකක් තමයි සේවාදායකයන් ගෙන්වා ගැනිමට සිනහ මුසු මුහුනින් කතා කිරිම. අනික එහි ඇති ගුණාත්මක බව පිලිබද විමසීම

    මල්ලිකා කහවිටගේ ගිතය කාලෙකට පස්සේ ඇහුවේ ඉස්සර නිතර දෙවේලේ ගුවන් විදුලියෙන් පුචාරය වුණ ගීයක්

    ReplyDelete
  17. ෂා... මම අදනෙ දන්නේ ඒ ගෑණු ළමයා තවම බැදලා නැහැ කියලා..
    දැම්මම ගිහිල්ලා මිල්ක් ශේක් එකක් බීලා එන්න ඕනේ..!

    සුදීක කාලා නැත්ද ඒ ළමයා හදන ඉන්ඩියන් රොටී. පට්ට රහයි.

    ReplyDelete
  18. ෂා නියමයි අදම තමා මේ සිංදුව අහුවේ බොහොම ස්තූතියි

    ReplyDelete
  19. විචාරක.........මේ වැඩසටහන බලන්න....මල්ලිකා කහවිට ගැන ඊයේ විකාශය වුනේ.
    http://www.col3negoriginal.cc/watch.php?id=51112

    ReplyDelete
  20. Amila galappaththi obawa samajaya wayas jathi thathwa bedayakin thorawa grahanaya karagath mata mathaka dewani awasthawa me, gembage kemathima sinduwa thamai kalin awasthawa. Suba

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...