Tuesday, March 4, 2014

එක වල්ලේ පොල් ...... Coconut from same Bunch

ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන පවුලක ඒ වනවිටත් සිටින දරුවන් සිව් දෙනාට අමතරව තවත් දරු සම්පතක් ලැබෙනවා. ඒ කාසල් රෝහලේදී. බොරැල්ලත් නාරහෙන්පිටත් අතර මුඩුක්කුවක ලෑලි වලින් වටකර තිබෙන මේ නිවසට තවත් දරු උපතක් යනු අමතර බරක් බව පවසන්න අවශ්‍ය නෑ. නමුත් මේ දෙමාපියන් උපත් පාළනය පිලිබඳ අල්ප හෝ දැනුමක් ඇති අය නොවේ. වර්ග අඩි 20ක් වත් නැති ඒ නිවසේ සෙසු දරුවන්ගෙන් පාසල් යන්නේ දෙදෙනෙකු පමණයි. අනෙක් අය කුඩා කළම විවිධ ආදායම් මාර්ග සඳහා යොමු වී තිබෙන්නේ ඔවුන්ගේ පියා දැනට කරගෙන යන තැඹිලි කැපීමේ රැකියාවට සහයක් වන්න. 

පින්තූරය ගත්තේ : http://packwel.blogspot.com/
ඔවුන්ගේ පවුලට තවත් සාමාජිකයෙකු එකතු වන බලාපොරොත්තුව ඔවුන්ට තිබුණත්, එය නිවුන් දරු
උපතක් වන බව හීනෙකින්වත් ඔවුන් බලාපොරොත්තු වුණේ නෑ. රජයේ රෝහල් වල අපේක්ෂිත දරුවන් පිලිබඳ ස්කෑන් පරීක්ෂණ කෙරෙන්නේ නෑ. එසේ තිබුනද එය දන ගැනීමට ඔවුන්ට ඒ හැටි උනන්දුවන් නෑ. ගැබ් ගැනීම සහ දරුවන් ලැබීම ඔවුන්ට ඒ හැටි අරුමයක් නොවේ. මෙම නිවුන් දරු උපතත් සමග පියා වූ සුමනපාලගේ නළල රැලි ගැන්වුණේ සිහින් දහඩියත් සමගම. සවස ආපසු නිවාස කර යන ගමනේදී වත්තේ කිහිප දෙනෙකු  සමග එය  පැවසුවේ අපේක්ෂා භංගත්වයෙන් පිරි මුහුණින්.

එදින රෑ හදිසියේ ඔවුන්ගේ නිවසට ගොඩ වදින්නේ, සවස් යාමයේ නව දරු උපත ගැන ආරංචිය කන වැකුණු අයගෙන් කෙනෙක්. ඔහු පැමිණෙන්නේ හිස් අතින් නොව ගල් බෝතලයක්ද සමගිනි. නිවාස ඉදිරිපිටට වී එය හිස් කරනා අතරේ අමුත්තා තමන් ආ කාරණය පැහැදිලි කරනවා. 


"සුමනේ උඹලා කොහොමද තව ළමයි දෙන්නෙකුට පිටිකිරි දෙන්නේ. කන්න අඳින්න ඉස්කෝලේ යවන්න. අද කාලේ මේවා ලේසි වැඩ නෙවෙයි. උඹලා කැමති නම් මං  වැඩට යන බංගලාවේ මහත්තයාගේ ගමේ මල්ලිගෙන් අහලා බලන්නම්. ඒ මිනිස්සු රත්තරන් වගේ හොඳයි. ආපු වෙලාවට මටත් කීයක් හරි දීලා යන්නේ. හැබැයි ඒ ඉස්කෝලේ මහත්තයාට තියෙන එකම අඩුපාඩුව ළමයි නැති එක. උඹ කැමති නම් මං අහලා බලන්නං. උඹලාගේ දෙන්නගෙන් එකෙක් දෙන්න" 

"අනේ බං මට ඔය ගැන තීන්දු කොරන්න බෑ. අපේ සිරියාවතී ගෙන් අහලා බලන්න ඕනේ"
"හරි බං මේවා හදිස්සියට කොරන්න පුළුවන් කාරණා යැයි. හැබැයි ඉස්පිරිතාලෙන් එන්න කලින් කොරන්න වෙනවා. මොකද උප්පැන්නේ හදන්න එපැයි. ඒ වැඩ කර ගන්නත් පුළුවන් එතැන මහත්තැන් කෙනක් ඇල්ලුවාම"
"අනේ මං දන්නේ නෑ බං. සීදේවි කොලු පැටව දෙන්නා. අනික් උන් ටිකට වඩා ටිකක් පාටයි"

මේ කතාව එතනින් අවසන් වුවත්, දින කිහිපයකදී සියලු වැඩකටයුතු යුහුසුළුව සිදු වෙනවා. කොළඹින් ඈත ප්‍රදේශයකට එක් ළදරුවෙක් ගෙන යනවා. සිරියාවතී තමන්ගේ ඇඟේ ලේ වලින් සැදුනු මේ කුඩා පැටිත්තා නෝනා මහත්මියට දෙන ගමන් දෑසේ කඳුළු පුරවාගෙන මෙසේ ප්‍රාර්ථනා කරනවා
"අනේ මගේ පුතේ. මට සමා වෙයන්. උඹව හදා ගන්න තරම් අපි පෝසත් නෑ. උඹ ඔය මහත්තැන්ලාගේ ගෙදර හැදිලා මනුස්සයෙක් වෙයං"

මෙහෙම අවුරුදු විස්සක් විසි පහක් ගෙවී යනවා. එදිනෙදා ජීවන බරත් සමග වෙන්වූ දරුවා පිලිබඳ හාන්කවින්සියක් සියලු දෙනාට අමතක වී යනවා. වැඩිදුර අධ්‍යාපනයක් නොකරන පවුලේ බඩපිස්සා පියාගේ තැඹිලි කපන රැකියාවට උර දෙනවා. කැහුටු පෙනුමත්, විකට මුහුණත්, වාචාල එහෙත් අරුතක් ඇති යමක් මේ කොලුවාගේ කටින් නිතර පිට වෙනවා. "පණ්ඩිතයා" යන නම ඔහු ඇති තැනත්, නැති තැනත් කියවෙනවා. 

ඔහුගෙන් තැඹිලි ගෙඩියක් බොන්නට එන ගනුදෙනුකරුවන් සමග වචනයක් දෙකක් දොඩමලු වන්නට මේ කොලුවා අමතක කරන්නේ නෑ.   තවත් දිනක් ඔහු තැඹිලි කැපීමේ නිරත වෙනවා. ඔහු වෙත පැමිණෙන්නේ ඔහුගේම තරමේ නමුත් ඉතා හොඳ ඇඳුමකින් සහ ටයිපටියකින් සැරසුණ තරුණයෙක්. බැලූ බැල්මට මේ තරුණයා තැඹිලි කපන සුමියාගේ පෙනුමට සමානයි. නමුත් පාරට හැදුනු සුමියාට වඩා මදක් ගනුදෙනුකරුවා පිරිසිදුයි. තමන්ගේ පොල් කෑල්ල වැනි දත් කුට්ටම විදා පා සුමියා මෙසේ පවසනවා

"වාසිය අවාසිය තීන්දු කරනවට වඩා  ජීවිතේ  ඇදගෙන යන්නෙ මේ ගමනෙන්නේ"
ගමේ සිට කොළඹ පැමිණි තරුණයා විශ්මයෙන් මේ තැඹිලි කපන කොලුවා දෙස බලා සිටිනවා. ඔහුට මේ කොලුවාගේ සුබවාදී සංකල්පය ගැන පුදුමාකාර පැහැදීමක් ඇති වනවා. ඔහුගේ මතකයට එන්නේ මීට දින කිහිපයකට පෙර නගරයේ රැකියාවට පැමිණි විගස ලැබුණු ධානාත්මක චින්තනය පිලිබඳ පුහුණුව. ඒ අතින් මේ කොළුවා කෙතරම් ධානත්මකව සිටිනවාද ? ඒ හැමට වඩා ප්‍රසන්නට ඔහුගේ මුහුණේ දැනෙන යම් සමීප බව නිසා, කලෙක සිට දන්නා කියන හැගීමක් ඇති වනවා.

"තව එකක් කපන්න"
මේකා නම් ඊයේ කට් වෙන්නම ගහලද කොහෙද ? ඒ වුණාට හරි සීදේවි මහත්තයා. මං විතරම ඇති. දෙකක් බොනවා කියන්නේ, තුන්කාලක්වත් ගහලා ඇති. හැබැයි හොඳට දැකලා පුරුදු පාටයි. එහෙම හිතන ගමන් දෙවෙනි තැඹිලි ගෙඩිය කපා තරුණයාට දිගු කරනවා. 

"මේක ඔයාට"
සුමියාගේ කට කනට යන්නේ මේ මොහොතේ. එයට සමගාමීව ප්‍රසන්නගේද කට කනට යනවා. එවිටයි දෙදෙනාට අදහා ගන්නට බැරි වන්නේ තමන් මේ ඉන්නේ කන්ණානාඩියක් ඉදිරිපිටද කියා. දෙදෙනාගේම නල දත් පිහිටා ඇති අකාරය දෙදෙනාගේම විමතියට හේතුව.

______________________________________________

මේ කතාව මගේ හිතට ආවේ මේ දිනවල රූපවාහිනී නාලිකා වල දර්ශනය වන ඉතාම ජනප්‍රිය වෙළඳ දැන්වීමක් දුටුවාම. හේතුව තමයි තැඹිලි කපන්නා සහ සේවාදායකයා යන දෙදෙනාම එකම රූප ස්වභාවයේ අය වීම. ඇත්තටම ඔවුන් නිවුන් සහෝදරයන්ගේ පෙනුම ඇති අය. එය ඉතා සාර්ථක වෙළඳ දැන්වීමක් වන්නට තිබුණා, ගනුදෙනු කරුවාට තරමක් කඩවසම්, මදක් තරබාරු සිරුරක් ඇති අයෙක් තෝරා ගත්තා නම්. නමුත් ඔවුන් සිතුවේ මෙහි අනෙක් පැත්තද යන්න සිතා බලන්නට වෙනවා. ඒ පහල ස්ථරයේ ජනතාවට ගැලපෙන සේවකයන් පිරිසක් ඔවුන් සතු බව පෙන්වීමට උත්සාහ කලාද යන බව . ඔවුන්ගේ මානුෂීය බව එයින් ඉස්මතු කරන බව ඉතා පැහැදිලියි. 
______________________________________________
මෙන්න දෙන්නා
පින්තූරය කපා ගත්තේ : http://www.cclk.lk/ 

73 comments:

  1. මාත් ඔය දැන්වීම කිහිපවරක් නැරඹුවට ඒ දෙන්නා එක වගේ කියන එක ගැන නම් එච්චර අවධානයක් යොමු කළේ නෑ.මොකද මගේ ප්‍රශ්නේ වුනේ ඇයි තැඹිලි කපන මනුස්සයට එයා ගාවම තියෙන තැඹිලි දෙන්නේ කියලා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මම මෙතන නිවුන් දරුවන් කිව්වත්, දෙදෙනාගේ වෙනස්කම් තියෙනවා. නමුත් සහෝදරයන් කියන්න පුළුවන් තරමට කිට්ටුයි. එයාලට මෙතැනට ඊට වඩා ටිකක් පොෂ් කොල්ලෙක් යොදා ගන්න තිබ්බා.

      Delete
    2. // ඇයි තැඹිලි කපන මනුස්සයට එයා ගාවම තියෙන තැඹිලි දෙන්නේ කියලා//
      ගොඩක් වෙලාවට කොළඹ වගේ තදාසන්න පැත්තක තැඹිලි කරත්තයක් කියන්නේ buying & selling වෙන තැනක්. උදේට යම් කිසි ගානකට මිලඳී ගන්න තැඹිලි හවස් වෙනකොට විකුනලා ඒ ගැන පියවිය යුතුයි. එක තැඹිලි ගෙඩියක් හරි නිරපරාදේ යැව්වා කියන්නේ business එකට පාඩුයි. ඒ නිසා වෙන්න ඇති.

      Delete
  2. මෑත කාලයේ දුටු ලස්සනම , සිත් ගත් වෙළඳ දැන්වීම් . මේක ඔයාට කියනකොට යන හිනාවට මම හරිම කැමති . හරි තාත්විකයි .

    ReplyDelete
    Replies
    1. මේක තවත් තාත්වික වෙන්න තිබුණා මම කිව්වා වෙනස කරා නම්.

      Delete
  3. අප්ඩේට් නොවීමේ ගැටළුවක්...???

    ReplyDelete
    Replies
    1. ඔව් අයාල්. කමෙන්ට් හරි තැනට නොවටීමේ ගැටළුවකුත් තියෙනවා.

      Delete
  4. තැඹිලි කපන කොල්ලා කොහොමත් හොඳට රඟපානවා. අනිත් කෙනාට සම්පූර්ණ ආධුනිකයෙක් වුණත් යොදා ගත්තට වරදක් නෑ. නමුත් ඔහු සැප සම්පත් සහිතව හැදුනු කෙනෙක් බව පෙන්නුවා නම් වඩාත් තාත්විකයි.

    ReplyDelete
  5. හ්ම්ම් සෑහෙන්න වාරයක් ඔය දැන්ව්ම බලලා තිබුනට දැන්නෙ හිතට දැනුනෙ.

    ReplyDelete
    Replies
    1. මමත් ටිකක් කල් දකිද්දී තමයි එහෙම දැක්කේ.

      Delete
  6. තව ටික දවසකින් ලංකාවට ඇවිත් දැන්වීම බලලාම කියන්නම්...

    ReplyDelete
    Replies
    1. මුළු ජාලයම පෙරළලා මේකේ වීඩියෝ එක හෙව්වා. හම්බ වුණේ නෑ.

      Delete
  7. මම ඇඩ් එක දැකල නෑ.. හැබැයි කතාව ලස්සනට ලියල තියෙනවා.. ආසාවෙන් කියෙව්වා.. ඇඩ් එක යු බටේ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මම කියන්න ගිය ටික මෙයා කියලනෙ.ඇඩ් එක බලන්න ඉතිං ලංකාවට එන්න එපෑ.

      Delete
    2. මම ෆෝන් එකෙන් රෙකොර්ඩ් කරලා දාන්න බලන්නම්.

      Delete
  8. මාත් ඔය ඇඩ් එක අනේක වාරයක් දැකල තිබ්බට ඕච්චර දෙයක් හෙවුවෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං අගක් මුලක් නෑර හොයනවනේ.

      Delete
  9. සුදීක පෝස්ට් අප්ඩේට් වෙන්නේ නෑ වගේම කමෙන්ට් දාද්දි ප්‍රශ්නෙකුත් තියෙනවා වගේ.

    කතාව ටෙලි නාට්‍යකට හරි ෆිල්ම් එකකට හරි හොඳයි. :)

    තමන්ට හදාගන්ට බැරි දරුවෙක් ඔහොම දෙන්නේ සමහර විට ආදරේ හන්දම වෙන්ට පුලුවනි. මේ රටවල නම් ඒ වගේ ලමයි පවුලේ අය විදියටම හොඳින් හැදෙනවා පේනවා.

    ReplyDelete
    Replies
    1. මගේ හැම පොස්ට් එකක්ම අප්ඩේට් කරන්න ගියාම ඔය ප්‍රශ්නේ එනවා. හැම පාරම ෆීඩ්බර්නර් ගිහින් ක්ලියර් කරන්න ඕනේ.

      මේ වගේ ටෙලි නාට්‍ය ඕනෑතරම් තියෙනවා නේද?

      Delete
  10. සුදික අයියා , අපි tv බලන්නේ නෑ නේ... ඉන්නෙත් වෙන දේසෙක...
    අපීටත් add 1 බලන්න ලින්ක් 1ක් දාන්නකෝ...
    නැත්තං නම කියන්න සර්ච් කරලා බලන්නං...

    ReplyDelete
    Replies
    1. මම මාර ට්‍රයි එකක් දුන්නා ක්ලිප් එක හොයා ගන්න. තවම යූ ටියුබ් දාලා නෑ.

      Delete
  11. කතාව එල ... මගට එනකොටම හිතට ආවේ කොමෙන්ට් එකකින් අහන්න ඕනා කියලා කොමද මේ වගේ අදහසක් හිතට අවී කියලා බැලින්නම් පලි එකේ එකත් ලියලනේ ..... දැන් එහෙනම් ඇඩ් එක අපිට බලන්න සලස්වන්න

    ReplyDelete
    Replies
    1. මේක තාම යූ ටියුබ් නෑ.

      Delete
  12. ඉස්සර "කල්පනා" සඟරාවෙ ගිය පරිවර්තිත කෙටි කතාවක් මතක් උනා. කෙටියෙන් කියන්නම්,

    ඒ කතාවෙ වෙන්නෙ එක ලඟම දුප්පත් ගෙවල් දෙකක දරුවො මේ වගේම ගොඩක් ඉන්නවා, දවසක් ලමයි සෙල්ලම් කරනවා දැක්ක පොහොසත් ගැහැණු කෙණෙක්, එක පවුලක දෙමාපියන්ගෙන් එයාලගෙ බාලම දරුවා ඉල්ලනවා දරුකමට. නමුත් මේ දෙමවුපියන් කැමති වෙන්නෙ නෑ. පසුව අර කාන්තාව අනිත් ගෙදරින් බාලම දරුවාව ගන්නවා දරුකමට. ඒකෙන් පස්සෙ පවුල් දෙක තරහ වෙනවා, දරුවා නොදුන් අම්ම නිතරම කියනවා, අපි යමයි වික්කෙ නෑ, අපි ආදරෙයි, කොහොම හරි හදනවා කියල. ඒ ගෙදර දරුවත් ආඩම්බර වෙනවා තමන්ව දරු කමට නොදුන්න එක ගැන.

    කාලයක් ගියාම, දවසක් අර හදා ගන්න දුන්න දරුවා අවිත් අම්මවයි තාත්තවයි ඔහුගෙ පොහොසත් ගෙදරට ගෙනියනවා, මේක දැක්ක අනිත් ගෙදර තරුණයා ඉහලුම් නැතිව දෙමවුපියන්ට බනිනවා, "හරි නම් මමයි ඔහොම පොහොසත් වෙලා සැප විඳින්න තිබ්බෙ, උඹලගෙ මෝඩ කමට මම දැන් දුක් විඳිනවා, තව දුරටත් මම මෙහෙ ඉන්නෙ නෑ, මම යනවා"

    මට තාමත් ගලප ගන්න බැරි, දුප්පත් තරුණයගෙ අම්ම හරිද වැරදිද කියල.

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. ඒක ආදර්ශමත් කතාවක්. නමුත් බොහෝ දෙනා සිතන්නේ අද තමන් ඉන්න තැන ඉඳන්.

      Delete
  13. මම ඕක දැක්කා නිවාඩු කාලේදි ගෙදර ගිහින් ඉන්නකොට. ඒක හොඳ එකක්. ඒ වගේම ඒ මත බිහිවෙච්ච උඹේ නිර්මාණයත් හොඳ එකක්.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ ක්ලිප් එක හොයා ගන්නම වෙනවා. දෙන්නා ඉන්න පින්තූරයක් නම් දැම්මා.

      Delete
  14. ඔව්න් එහෙම දෙන්නෙක් යොදා ගන්න ඇත්තෙ දැන්වීම ගැන වැඩි අවධානයක් ගන්නට වෙන්න බැරිද ?

    සුදීක අයියගෙ ඔය කතාව කියෙව්වම මටත් කතාවක් මතක් වුනා. ඒකෙ තියන්නෙ අයියයි නංගියි නොදැන විවාහ වෙන සිද්ධියක්. ඒක නම් නිර්මාණයක් වගෙයි මතක.

    ReplyDelete
  15. ඔය කියන ඇඩ් එකනම් දැකල නැතෝ . ඒක නොදැක කතාව ගත්තම අවසානයක් නැති කතාවක් කියලා හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් මට තියෙන ලොකුම අභියෝගය මේ ක්ලිප් එක හොයා ගන්න එක. දැන් ඒක සම්පූර්ණයෙන්ම දාන්නේ නෑ. එහෙම තිබ්බ නම් කැමරා කොපියක් හරි ගන්න තිබුණා.

      Delete
  16. ඇඩ් එක බැලුවට ඔය සමානකම් ගැන හිතුනේ දැනුයි..
    ඒකට තථාව ලස්සනට ගොතල තියනවා.

    ජය වේවා!!!

    ReplyDelete
  17. මමත් ඔය ඇඩ් එක අනන්ත වරයක් දැක්කට ඒ ගැන ඉන් එහාට හිතුවේ නෑ. සුදීකගෙ පරිකල්පනය සුපිරියි. ඒ ඈඩ් එකත් බොහොම හොඳ එකක් තමා යන අනිත් ඒවා එක්ක බලනකොට.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේක ගැන කතා කරන්න දෙයක් ඉතිරි වුණේ ඒ නිසානේ.

      Delete
  18. මොකක් ගැනද ඇඩ් එක , හොයාගන්න බැරිද youtube එකේ

    ReplyDelete
    Replies
    1. තවම දාලා නෑ. මමත් හරියට හෙව්වා.

      Delete
  19. දැකල නෑනෙ සුදීක.මොනවත් කියන්නෙ කොහොමද.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ආපු වෙලාවේ දැක්කේ නැද්ද ?

      Delete
  20. ලංකාවේ ඇඩ් නම් ඉතින් අපිට බලන්න වෙන්නේ නැහැනේ.. ඒ හන්දා ඇඩ් එකේ තියෙන දේ ගැනනම් මුකුත්ම කියන්න දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. නෝන මහත්තයා කථා කල වෙලාවක අහලා බලන්න. :)

      Delete
  21. කතාව නම් එලට ලියල.
    මම ආසාවෙන් කියෙව්ව.මේක සුදික මල්ලි ගෙතුවද... ?
    නැත්නම් ඇඩ් එකේ ඔය කතාව යනවද...?

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියේ මේ කතාව නම් මම ගොතපු එකක්. ඇඩ් එක තප්පර තිස් ගණනක එකක්.

      Delete
  22. ඕකට කියන්නේ පරිකල්පනය කියල නෙව. සිරාවට මාත් කට ඇද කරන් කියෙව්වේ හැබෑට ඇත්ත කතාව මේකද කියලා හිත හිත.. නියමෙට තියෙනවා. මාත් ඒ ඇඩ් එක ඇති වෙන්න දැක්කා.. (හැබැයි ඒ මොහොක එකක්ද කියල නං මතක නෑ)


    සුදීක දැක්කද මැච් එක වෙලාවට යන ඩයලොග් රින්න්ඉන්ටෝන් ඇඩ් සිරිස් එක. ඒක නං පස්ටම අයිඩියා එකක්.. සමහර විට හොදම ඇඩ් එක වෙන්නත් ඉඩ තියෙනවා..

    පුබ්බඩා බඩා.

    කෝ අද රත්තේ.. බිසීද ද රත්නේ..

    මරු ඈ..

    ReplyDelete
    Replies
    1. ඒ අද ටිකනම් මටත් කට පාඩම්. ඔය කෝ අද රත්නේ එකට මගේ එක්ක එකට ඉන්න අනිත් එකාට කාඩ් එකකුත් ගහලා තියෙන්නේ. ඒ ගැන පොස්ට් එකක්ම දාන්නම්.

      කජු වාරේ ,,, කජු වාරේ ,,, කෙටි පාරේ පාරේ ලේනා මතක නැති වුණාද ?

      Delete
    2. අමතක උනේ නෑ ඒක ඒ තරං හරි ගිහින් නෑ කියලයි හිතුනේ. අර කෙටි පාරේ කියන එක ගැලපෙන්නේ නෑ ඔඩ්.. තව දාන්න බඩු ඇති.. ටික ටික දාන්නේ. මාරම ආතල් ඒක නං

      Delete
    3. මේ ඇඩ් එකේ පොඩි වරදකට තියෙන්නේ එයාලා වචන දාන එක. ඇත්තටම මෙතන වෙන්නේ වෙනත් අයගේ ගීත අයිතිය නිසා රින්ග්ඉන් ටොන් වලට ගන්න බැරි නිසා, එයාලා ඒවාට ලඟින් යන(රයිමින්ග්) වචන දාලා වැඩේ කර ගන්නවා. ඒකෙ ඒ හැටි වරදක් පේන්න නෑ. ඒ විදියට ගත්තම වචන අරුතට වඩා අර ඔරිජිනල් එක රයිම් කරන එකයි වෙන්නේ. මේවා ඇහෙනකොට ඕනෑ කෙනෙකුට හිතෙන්නේ ඔරිජිනල් එක යනවා කියලා.

      Delete
  23. ටිකක් ඉන්න දිනේෂ් කැමරා කොපියක් වත් ගහ ගන්න. වැඩේ තියෙන්නේ අලුත් ෆෝන් එකේ කැමරාව ස්ටාට් වෙන්න වෙලා යන එක. පරණ ෆෝන් එක තිබ්බ නම් මෙලහට ගහලා. ඔන්න තාක්‍ෂනේ දියුණුව. :)

    ReplyDelete
  24. මේ අඩ එක දැක්කට මේ කතාව දැක්කම තමයි මෙහෙමත් වෙන්න පුළුවන් නේද කියල හිතුනේ ...පරිකල්පනය ඉහලයි සුදීක .මේකනම් " සිංහ පීකුදු "

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්.

      Delete
  25. මාත් කැමති ඇඩ් එකක් හැබැයි මට හිතෙන්නේ ඔය මැදපන්තියේ ගනුදෙනු කාරයම තමයි ඔතෙන්ට හරියන්නේ මොකද ෆොෂ් පොරක් ඔය පරිසරයටයි අවස්තා සම්බන්දයටයි හරියන්නැ

    ReplyDelete
    Replies
    1. මෙතන පන්තියේ නෙවෙයි රාජ් ප්‍රශ්නේ, ඒකගේ පෙනුම. ඌ මීට වඩා පොඩ්ඩක් විතර මහතට හිටියා නම් හරි. අනිත් එක රැවුල වවලා. මට දැනුණේම තැඹිලි කපන කොල්ල්ලගේ නිවුන් සහෝදරයා වගේ.

      Delete
  26. වසන්ත ඔබේසේකරගේ ෆිල්ම් එකක් තිබුණ යශෝධා රඟපාපු ටිකක් මේ වගේ කතාවක් තියෙන . සුදිකට නම් තක ඇති. පොඩ්ඩි නම් පොඩි ඇති ඒ කාලේ. තීර්ථ යාත්‍රා ෆිල්ම් එකේ නම

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක මතකයි. බැලුවේ නම් නෑ. දැන් පුළුවන් බලන්න.

      Delete
  27. ඔන්න මට ලින්ක් එකක් හම්බ වුනා ෆිල්ම් එකට http://lkvideos.net/view/28676/theertha-yathra-full-movie-1/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බින්දී. මම මුලින්ම හිතුවේ ඇඩ් එකට ලින්ක් එකක් කියලා.

      Delete
    2. ඇඩ් එක දැකල නැහැ සුදික ..කොරියන් සහ වියට්නාම ඇඩ් තමයි මන් දකින්නේ . හැබැයි අවන්කවම අපේ දැන්වීම එයිට වඩා නිර්මානශිලියි. මන් දැක්ක ලස්සනම දැන්වීම් තායි ඒවා .මාර ලස්සනයි .නිකන් සර්ච් කරලා බලන්න පැන්ටින් ඇඩ් එක

      Delete
    3. මම ඇඩ් එක යටින් දාන්න හිතාගෙන තමයි මේක ලියාගෙන ආවේ. කරුමෙට ඇඩ් එක යූටියුබ් එකේ නෑ. කොතැනවත් නෑ. මම ඕක හොයාගෙන දාන්නම්. එතකොට තමයි මේක වැඩියෙන් රස විඳින්න පුළුවන්.

      Delete
    4. මම එක බැලුවා. ඒක නම් පුදුම නිර්මාණශීලී ඒ වගේම සංවේදී එකක්. දෑසට කඳුළු එන එක වලකන්න බෑ.

      Delete
  28. මේ වෙළද දැන්වීම් හතරටම මම කැමතියි (කොස් ගහ කපන එක , අබ විකුණන එක , කිරි විකුනන්න යන එක සහ මේක ) මුලින් කියවගෙන යනකොට හිතුවේ ඇත්ත කතාවක් කියලා ... (y )

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කලේ අඹ විකුණන එක මොකක්ද කියලා.

      Delete
    2. ඇයි අර වයසක අන්කල්ගෙන් අහන්නෙ බොමුද සිතල වතුර විදුරුවක් කියල.මෙ ඇඩ් ටික පැටලෙනව ලන්කබෙල් එකයි කමර්ශල් ක්‍රෙඩිට් එකයි

      Delete
  29. උපත් පාලනය කිරීම/නොකිරීම ගෑන උපදෙස් දෑන් හාමුදුරුවරු සහ දේශපාලකයො ඕනෑ තරම් දෙනවනෙ

    ReplyDelete
    Replies
    1. තමන්ගේ රාජකාරිය අමතක වෙන වෙලාවල්. මේ වගේ මරු වැඩක් වුණා දවසක්. දොස්තර හරිස්චන්ද්‍ර ධර්මය ගැන කථා කරනවා, සමාජ විද්‍යාඥයා ජොතිශය ගැන. ජෝතිෂ වේදියා මනෝ මනෝ විද්‍යාව ගැන කතා කරනවා. හාමුදුරුවෝ සමාජ විද්‍යාව ගැන කථා කරනවා,

      Delete
  30. දැන්වීමට අපුරු කතාවක් ගොතලා නේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මට ඕක බැලුවම පෙන්නේ ඔහොමයි.

      Delete
  31. ඔබ මේ ලියපු ලියවිල්ලට මම හරිම කැමතියි....උදේ පාන්දර කියවද්දී හරිම හැගීම්බර සතුටකින් කියවපු ලිපියක් වුනා...
    මේ කතාවටම ඔබින අයුරින් මේ ලිවිම විශිෂ්ටයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජයියේ.

      Delete
  32. ඔව් සුදීක එ ඇඩ් එක ඇත්තටම ලස්සනයි.එ අනුව ගොතපු කතාව එක තවත් ලස්සන කලා.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? බොහොම ස්තුතියි දමියා.

      Delete
  33. ඇඩ් එක නං බලල නෑ සුදික අය්යෙ... ඒත් කතාව නං හිතට දැනෙන්නම ගොතල තියෙනව... ඇත්තටම ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මගේ සැටලයිට් කනෙක්ෂන් කපලා. ඒ නිසා මැච් බලන්නේ සී.එස්.එන්. එතකොට යන ඒවා තමයි. මොනවා වුණත් නිර්මාණශීලී වෙළඳ දැන්වීම් ටිකක්.

      Delete
  34. මේ දවස්වල බොහෝම ලස්සන දේශිය ඇඩිස් කීපයක්ම යනවා.. මේ වෙන්ස ටෙලි නාට්‍යවලට හා ගීතවල රූප රචනා වලටත් එනවා නම් රටේ වාසනාවක්.. කොහොම උනත් සුදීක ඇඩ් එකක් තුලින් නිර්මාණය කළ මේ කතාව නම් බොහෝම අපූරුයි..

    ReplyDelete
  35. ඇඩ් එකනම් දැකලා නැහැ. නමුත් සුදීක ලියලා තියෙන විදිහට එකක් මවාගන්න පුළුවන්. නියමෙට ලියලා තියෙනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...