Sunday, February 23, 2014

අසූ නවය අනූව ජේවීපී කාළේ - කෙරුවා අපිත් සේවය මේ ලෙස රාළේ ...... Attended to duties in 89/90 JVP Era

දිනෙන් දිනම ත්‍රස්තවාදය සහ රාජ්‍ය ත්‍රස්තවාදය අතර ගැටුම උග්‍ර විය. අපගේ පාර ගාලු පාරත් සමග සම්බන්ධ වන ගුණදාස මුදලාලිගේ බේකරියත්, අපගේ නිවාස පසුකර ගමන් ගත විට පහලවත්ත පාර හමු වන තැන අතර ඇති තුංමන් හන්දියත් අතර කිලෝමීටර් තුන්කාලක පමණ ප්‍රදේශය හැරෙන්නට අනෙකුත් සියලුම ප්‍රදේශ වල ජාතික හැඳුනුම්පත් මේ වනවිට සහෝදරවරුන්ගේ ආණ්ඩුව(මෙය ජේ.වී.පී යනුවෙන් බොහෝ දෙනා හැඳින්වූවත් ඒ වනවිට නියම ජේ.වී.පී. සාමාජිකයින් එක්කෝ මරා දමා තිබුණි නැතහොත් උපක්‍රමිකව ඔවුන් ක්‍රියාකාරීත්වයෙන් ඈත් වී සිටියා විය යුතුය. මේ වනවිට එහි ක්‍රියාකරීත්වයට සක්‍රීයව දායකව සිටියේ බොහෝ ගම්වල උන් තරුණ පිරිස් අතර ඔවුන් ජවිපේ යනු කුමක්දැයි හරිහැටි නොදනින බව මා හොඳින් දැන සිටි කාරණයකි. මා දන්නා එක්තරා එජාප පවුලක් වැඩිමහල් තරුණයෙකු එම සංවිධානයට එක වූයේ තම පවුලේ සාමාජිකයින්ගේ ජීවිත් බේරා ගැනීමටය) භාරයේ ඇත. කෙදිනක හෝ මේ අඳුරු යුගය අවසන් වූ විට ඒවා නැවතත් අපට ලැබේ යන බලාපොරොත්තුව ඔවුන් ලබා දී තිබුණි. මේ කාරණය නිසාම අදත් මා භාවිතා කරන්නේ පාසල්යේ නවය වසරේදී ලබා ගත් මුල්ම ජාතික හැඳුනුම් පතයි. 

එකල බොහෝ සෙයින් දක්නට ලැබුණු පෝස්ටර වලින් එකක්.
කුඩා ලියුම් කැබැල්ලක් ලබා දී කඩයක්, සාප්පුවක් හෝ ආයතනයක් සම්පූර්ණයෙන්ම වසා දමන්නට සහෝදර වරුන්ගේ ආණ්ඩුව බලවත් වී තිබුණි. මෙයට පෙරද ඇල්පිටිය මුල් කරගත් සහෝදර රාජ්‍යයක් ගැන අපගේ වැඩිහිටියන් නිරතුරුව පවසනු අප අසා ඇත. මෙවරද මගේ නිවසේ සිට කිලෝමීටර විස්සක දුරින් පිහිටි ඇල්පිටිය ඔවුන්ගේ එක් මුලස්ථානයක් බවට පත් වී තිබුණි. නමුත් 71 දී තරම් ඔවුන්ට ප්‍රබල වන්නට නොහැකි වූයේ රජය විසින් ගෙනගිය මර්දනය වඩා ප්‍රබල වූ බැවිණි. තරුණයන් වශයෙන් එකල අප ටයර් වලට මහත්සේ බියක් දැක්වූයේ, කෙදිනක හෝ අපටද ටයරයක් මත වාඩි වී පණපිටින් අවසන් ගමන් යන්නට සිදු වේදෝයි යන භිය එකල තාරුණ්‍යයේ සිටි අප කා තුලත් නොඅඩුව වූ නිසාය. සෑම දිනකම හිරු නැගී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඇසෙන්නේ කුමන හෝ ගම්පියසක දැල්වුණු ටයර් සෑයක් පිලිබඳවය. බොහෝ දෙන වැඩිපුර උන්දුවක් දැක්වූයේ අද කී දෙනෙක් හිටියාදැයි දැන ගැනීමටයි. එම ගණන පිලිබඳ තීරණයකට පැමිණෙන්නේ තවමත් නොදැල්වුණු හිස්කබල්, අත්-පා කොටස් වල ආධාරයෙනි. සමහරුන්ට මෙය විනෝදාංශයක් වුවද ටයරය මත සිටින අය හඳුනා ගත් විට බොහෝ දෙනා තුල ඇති වන්නේ භීතිය මුසු ශෝකයකි.  සහෝදරවරුන්ගේ පාලනය විසින් මුලින් මුලින් මරා දැමුනේ ගමක සිටි බොරු චන්ඩි හෝ ගමට අවැඩ දායක පුද්ගලයන්ය. එහෙත් රජයෙන් කෙරෙන මරා දැමීම් හමුවේ ඔවුනුත් පසුව එකට එක කරන සෙයක් දැනිණි. සමහරවිටක මෙහි අනිත් පැත්තද සිදු විය. ඒ ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරිකයෙකු මරා දමා දවස් කිහිපයකින් පසු එම නිවස ඉදිරිපිට ජවිපෙ ක්‍රියාකාරිකයන් මරා දමා තිබීමයි. නමුත් කාලයත් සමග ඔවුන්ට මරා දමන්නට තරම් ජවිපෙ ක්‍රියාකරුවන් නැතිවන විට අතට අහුවන තරුණයන් පිරිසක් ඒ සඳහා යොදා ගන්නට එවකට ප්‍රදේශය භාරව තිබූ හමුදා කාණ්ඩයට සිදු විය. ඒ ඔවුන්ට නායකත්වය දෙන ඉහල නිලධාරිගේ අණට අනුවය. එම ඉහල නිලධාරියාටද තවත් ඉහල නිලධාරියෙකුගේ හෝ දේශපාලනඥයකුගේ අණක් ලැබී ඇත.

මෙවැනි වාතාවරණයක් තුල කොන්ත්‍රාත් පදනම මත බෙන්තොට බීච් හෝටලයේ මා කරන රාජකාරියට නොයන්නැයි මගෙන් දෙමාපියන් ඉල්ලා සිටියද, එය කිසිසේත් අත හැරීමට මා සුදානම් වුයේ නැත. එකල රාජකාරි වලට යාම සහෝදර ආණ්ඩුව තහනම් කර තිබූ අතර, රජය ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවට පෙළඹිණි. අතට ලැබෙන පඩියට වඩා මා කැමැත්තක් දැක්වූයේ එහි සේවය කල විවිධ තාරාතිරම් වල ය සමග විවේක කාල වල කෙරෙන අල්ලාප සල්ලාප වලටය. එකල පොඩි එකා හෝ පොඩි මල්ලි යනුවෙන් කා අතරත් මා ජනප්‍රියව උන්නේ ක්‍රිකට් හෝ පාපන්දු තරගයකදී කණ්ඩායම් වලට නැතිවම බැරි වූ නිසාය. ඔවුන් මා මේ රැකියාව සඳහා තෝරා ගත්තේ ප්‍රදේශයේ අනෙකුත් සංචාරක හෝටල් සමග තරගයකට බැසීමෙනි. අයි පී එල් සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි කරන ආකාරයට මෙන් මෙහි මුදල් ලංසුවක් නොතිබුණද, ලබා දිය හැකි තනතුර නොයෙක් විට මෙම හෝටල් දෙක තුනේ සේවය කරන අප ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨයන් දන්වා තිබුණි. ලිහිණියා සර්ෆ් හෝටලයේ කැෂියර් තනතුරක් හෝ ක්ලාක් තනතුරක් යෝජනා වනවිට බෙන්තොට බීච් හෝටලයෙන් රිසෙප්ෂන් ක්ලාක් නමැති අමුතුම තනතුරක් ගැන පවසා තිබුණි. මගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර දෙකක් අතර තුර තිබූ එක් විවේක  දිනයක මා බෙන්තොට බීච් හෝටලයට කැඳවාගෙන යන්නට රොහාන් අයියා වග බලා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 16 දිනට කල්ගිය ව්‍යවහාරික ගණිත ප්‍රශ්නපත්‍රය ලියා අවසන් කළ මා අගෝස්තු 17 වැනිදා සිට රාජකාරියට එළඹිණි. අම්මාගෙන රුපියල් හාරසිය පනහක් ඉල්ලාගත් මා මොකෑසිනෝ නමැති එකල ජනප්‍රියම වර්ගයේ සපත්තු යුගලක් මිලදී ගත්තේ අලුත්ගම නගරයෙනි.
මේ කවුද මොනවද කරන්නේ
පින්තූරය ගත්තේ : cheapestinindia.com

මේ වනවිට රජයේ ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණි. පුද්ගලික ආයතනද ක්‍රමයෙන් වැසී යන තත්වයකි. එහෙත් මා සේවය කල බෙන්තොට බීච් හෝටලය සහ සෙසු හෝටල් කලින් වෙන් කරගත් විදේශිකයන්ගේ පැමිණීමේ ඒ හැටි අඩුවක් නොවිණි. ඔබ හොටෙල් රුවන්ඩා චිත්‍රපටය නරඹා ඇතිනම් එකල සංචාරක කර්මාන්තය කෙරුණේ ඒ ආකාරයෙනි. නමුත් කිසිදු සංචාරකයෙකුට මේ පාර්ශව දෙකෙන්ම අවහිරයක් නොවීය. එය අපට මහත් අස්වැසිල්ලක් වුවද, කෙදින මේ ආයතනද වසා දමන්නට අණ කෙරෙනු ඇතිද සැක සංකාව බොහෝ දෙනා අතර විය. ඒ දිනය මට අද වාගේම මතකය, මේ වනවිට සියලුම දෙනාට රාජකාරි වලට වාර්තා කිරීම තහනම් බව නිවේදනය වී තිබුණි. රජයද සහෝදරවරුද ඇඳිරි නීතිය සවස හයෙන් පසුව පනවා තිබුණි. මා එදින රාජකාරියට සැරසුනේ සාමාන්‍ය ඇඳුමිනි. මා සතුව තිබු කළු අළු සහ සුදු ඉරි සහිත අත්දිග කමිසය ඇඳ, මගේ නිල ඇඳුම සහ සපත්තු යුගලය පන් මල්ලක දමාගෙන, මට අවුරුදු තුනක් බාල මගේ සහෝදරයා සමග පා පැදියෙන් හෝටලය බලා පිටත් වූයේ, පිටාරඹ නමැති එම හෝටල් සංකීරණයේ කෙලවර ඇති අපගේ පුංචි අම්මාගේ නිවසට යන පරිද්දෙනි. අපි ඇත්තටම මුලින් එහි ගියෙමු.  සවස තේ පානය කර එම නිවසේ පිටුපසින් ඇති හෝටල් සඳහා වන ප්‍රවේශ මාර්ගයට පිවිසුනේ තවත් නිවාස කිහිපයක් පසුකර ගිය විට ඇති දෙවැටෙනි. මේ මාර්ගයත් දුම්රිය මාර්ගයත් සමාන්තරව ගොස් ගාලු පාර සමග එක් වන්නේ බෙන්තොට බීච් හෝටලය ඉදිරියෙන් ඇති වංගුව අසලය. මා හෝටලට මදක් ඔබ්බෙන් බැස වටපිට බලා හෙමින් ගමන් ගත්තේ සේවකයන් ප්‍රවේශ වන කුඩා දොරටුව වෙතය. මගේ සහෝදරයාට පහළවත්ත නමැති මැටි පාරෙන් නිවසට යන ලෙස උපදෙස් දුනිමි.

මා යනවිට එහි අනෙකුත් සේවකයන්ගෙන් අතලොස්සක් පැමිණ තිබුණි. පිටගම් වල ජීවත් වන ඔවුන් මෙහි කල් ගෙවන්නේ නිමල් බේකරියට යාබදව ඇති ක්වාටස් එකෙහිය. මේ ආයතන වල සේවක පරතරය මනා ලෙස පවත්වා ගත යුතු නිසා, මෙහි වාසය කරන්නට අවසර දී තිබුණේ සුපවයිසර් ශ්‍රේණියට අදාළ සේවකයන්ට පමණි. ආහාර සැපයුනේද අදාලා මට්ටමට ගැලපෙන ලෙසය. මේ ස්ථානය බලාකියා ගත්තේ ධර්මේ නමැති ඉතා අවිහිංසක සේවකයෙකි. ඔහු අපට පියෙක් මෙනි. මා මෙහි වාසය නොකලත් මගේ කාලයෙන් වැඩි කොටසක් එතන රස්තියාදුවට ගත විය. කැරම් බෝඩ් එකක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමේ ඇති හැකියාව මා ඒ ස්ථානයට ඇදබැඳ තබාගැනීමට හේතු විය. එම ස්ථානයට දහවල් පැමිණෙන වෙනත් සේවකයන්ද අප හා කැරම් සෙල්ලමට එකතු විය. වඩා දක්ෂයන් දෙදෙනෙකු වූ සුනිල් කොඩිකාර සහ අමරසේකර සමග ක්‍රීඩා කිරීම නිසා මගේ හැකියාවන්ද ඉහල තත්වයකට ගෙන ඒමට පහසු විණි. අමරසේකර නමැති චරිතය සමග මට මතක් වන්නේ ඔහු මුලින්ම සේවයට බැඳුනු දින අසන ලද ප්‍රශ්නයකි. මීට අවුරුදු දහයකට පමණ පෙර සිදු වූ ඒ සිදුවීම විස්තර කරන්නේ සෙසු අයයි. ඒ ඔහු නැති තැනකය. මුලින්ම මුළුතැන්ගෙයි සහයකයෙකු ලෙස සේවයට ඔහු එක් වී ඇත. සංචාරක හෝටලයක් වූ එයට ඇතුල් වූ මොහොතේම ඔහු කැඳවාගෙන ගිය පුද්ගලයාට පවසා ඇත්තේ
"හෝටලයක් වුණාට කෙසෙල් කැනක් වත් නෑනේ" යනුවෙනි.
මා සේවය කල වකවානුවෙත් ඔහුට මෙය මතක් කර ලුණු ඇඹුල් ඇතිව අසා ගන්නා අය ඇත. එය අපට මහත්  ප්‍රීතියක් ගෙන දෙන කාරණාවකි.

එදින සිටි සියළුම පිළිගැනීමේ අංශයේ සහ ගිණුම් අංශයේ අය කැඳවූ  සහයක කළමනාකරුවකු වූ මේරියන්ස් මහතා

"අද ඉඳන් කට්ටියට මෙහෙ නැවතිලා වැඩ කරන්න වෙනවා. අපි කාමර දෙකක් දෙන්නම් අපි ඉන්න පැත්තෙන්. ඔයාලට එකේ ඉඳන් වැඩ කරන්න පුළුවන්. ආපහු යන්න වෙන්නේ මේ ඇඳිරි නීති නැති දවසක"
 මෙය අසා අපේ බොහෝ දෙනෙක් අමන්දානන්දය  පත් විය. මෙම කාමර දෙක සඳහා මම, දිලිප්, ජයවර්ධන, ගමගේ, ජයසේන විය. අපට වඩා පහල ශ්‍රේණි වල සිටි බෙල්බෝයි වැනි සේවාවන් කල අයට වෙනම ක්වාටස් එකක් හෝටලයට යාබදව විය. අප සමග සේවය කල සහෝදර සේවිකාවන් තිදෙනාටද ටික කලක සිට නවාතැන් සපයා තිබිණි. ඒ වින්ද්‍යා, මංජුලා සහ ගීතාංජලී යන තිදෙනාටය. මංජුලා සහ වින්ද්‍යා එකම කාමරයක සිටි අතර ගීතාංජලී වෙනම කාමරයක  විය. ඈ මුලින්ම මා යටතේ මගේ රාජකාරිය පුහුණු කිරීමට යෙදවිණි. මට වඩා වැඩිමහල් වූද, වෙනත් හෝටල් රැසක සේවය කර තිබූ ඇය ඉතා ඉක්මනින් මගේ රාජකාරිය ග්‍රහණය කර ගන්නට සමත් විය. මුල් දවස් වල ගීතාංජලීට පුහුණුව දෙන අතර මා විහුළුවට මෙන් "අද මං ඔයාගේ කාමරයට එනවා" යයි කියා සිටියේය. එදින ඈ කාමරයේ සිට "ඔයා එන්නේ නැද්ද?"යි ඇසීය. මගේ ඇඟ සීතල විය. එය කිසිසේත් කල නොහැක්කකි. මේ බව මා එතැන හුන් බෙල් බෝයි වරයාට සහ තවත් කිහිප දෙනෙකුට පැවසීය. පසුදා උදෑසන එදින සිටි බෙල්බෝයි වරයාට පිළිගැනීමේ අංශයේ ප්‍රධානියා කනට ගසා ඇත. ඒ ගීතාංජලීගේ කාමරයට තට්ටු කිරීම නිසා යයි පවසා ඇත. නමුත් එසේ කර ඇත්තේ ඔහු නොවන බව හේ අඬමින් පවසයි. එහි ගියේ ඔහු නොවන බවත්, මා කතාව පවසන තැන සිටි මගේ වෙනත් මිත්‍රයකු බව පසුව දැන ගන්නට ලැබිණි. ඒ වනවිටත් එම කාමරයෙහි වෙනත් කළමනාකරුවකු සිට ඇත. දඬුවම සඳහා හේතුව එය විය.

  දිලිප්ගේ පෙම්වතිය වූ  වින්ද්‍යා එක් වරම පැපොල රෝගයෙන් රෝගාතුර විය. ඇය නිවසට ගොස් ඇරලවීය. අපට මේ නේවාසික සේවාව ඉබ්බා දියට දැම්මා මෙන් විය. අප බොහෝ දෙනෙකුට අඳින්නට වත් ඇඳුමක් නොවීය. අප මුලින්ම කරන්නේ අපගේ අමතර යුනිෆෝමය ලොන්ඩරියෙන් රැගෙන විත් කවුරුන් හෝ අත ඇඳ සිටි යුනිෆෝමය යැවීමයි. ප්‍රථම රාත්‍රියේදී මගේ වැඩ නියමිත වෙලාව වන රාත්‍රී දහයට අවසන් කර ගැනීමට නොහැකි විය. මම අඩි තුනයි දෙකේ සමරිය සහ කැල්කියුලේටර් පතයද ඔසවාගෙන ගමගේ සමග කාමරයට පිවිසුනෙමි. ඒ වන විට අපේ කාමරයේ කුඩා සාදයක සිරි ගෙන තිබිණි. ඒ බෙල්බෝයිලා, බාර්මන්ලා සහ වෙටර්ලාගෙන් සැදුම්ලත් කන්දයමකිනි. කොහෙන්දෝ ගෙනෙන ලද බෝතලයක් වටා දහ දෙනෙකු පමණ වට වී ඇත. විවිධ කෑම වර්ග රාශියක්ද ඇත.  මීට ටික මොහොතකට පෙර ගමගේත් මමත් හොඳට සප්පායම් වී සිටියෙමු. ඒ කුස්සියේ වැඩ කරන සේවකයන් අප වෙත ලබා දෙන ආහාර තොගයෙනි. ගමගේද ඒ සාදයට සහභාගී වන අතරේ මා කාමරය කෙලවර කන්නාඩි මේසය මත මගේ සමරිය දිග හැර, කැල්කියුලේටරය ප්ලග් එකට ඔබා වැඩ පටන් ගතිමි. එම සමරිය සෑදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. කැලමසු ක්‍රමයට වූ එය දෙපැත්තටම තුලනය කල යුතුය. කාමරයට ගොස් මෙසේ තුලනය කළහැකි බව කලින්ම දැනී මා අනෙකුත් ෆයිල් වලින් ගතයුතු ඩොලර්, පවුම් ආදී මුදල් වර්ග වල අගයන්ද, ඒ ඒ සංචාරක ආයතන වලට අදාළ ගණන්ද එක් එක කාමරයට අදාළ තීරුවේ සටහන්කොට ගත්තෙමි. දැන් ඉතිරිව ඇත්තේ ගණනය කිරීම්ය. මේ ගාලගෝට්ටි අස්සේ එය නිම කල නොහැක. මට තරමක විඩාවක්ද දැනේ. මා නාන කාමරයට පිවිසියෙමි.

මා පිටතට එන විට බොහෝ දෙනා සප්පායම් වී කියවමින්ද, සමහරු බිම නිදාගෙනද, සිටි අතර ගමගේ නාන කාමරයට පිවිසීමට සුදානම්ය. මා ඇඳට වී නිදන්නට සුදානම්ව සිටි අතර අපගේ දුරකථනය ක්‍රියා නොකරන බව පණිවුඩය ගෙන ආවේ වෙනත් සේවකයෙකුය. ගමගේ ආ පසු, සියලු දෙනා පිට වී යනතෙක් බලා හිඳ, අප දෙදෙනා තුවා වලින් සැරසී, තවත් තුවායක දෙකෙළවර ගැටයක් ගසා තනා ගත් හින්ගන්නකුගේ පොට්ටනිය සේ පෙනෙන මල්ලක් සකසා එහි කාමරයේ දුරකථනය හොවාගෙන, ගමගේ හොරෙන් ගෙනෙන ලද අසල හිස් කාමරයක යතුරද රැගෙන් හොරුන් සේ ඇඟිලි තුඩු වලින් පිය මැන්නෙමු. මේ අසල කාමර වල ප්‍රධාන කළමනාකාර හපුගොඩ මහතා, උප ප්‍රධානී විතාන මහතා ඇතුළු සියලුම ප්‍රධානීන්ගේ කාමරය. වැරදීමකින් හෝ ඉන් කෙනෙකු පිටතට පැමිණියහොත් අප දෙදෙනා සුංය. අනෙක් කාමරයට සීරුවෙන් ඇතුල් වූ අප එහි ඇති දුරකථනය ගැලව ගෙන ආ එක සවි කොට අපගේ කාමරයට අවශ්‍ය දුරකථනයත්, තවත් තුවායකින් සාදා ගත් මල්ලක එහි ඇති මිනරල් වතුර බෝතල් දෙකත් රැගෙන හොර බළලුන් දෙදෙනෙකු මෙන් අපගේ කාමරයට ආවෙමු. දැන් මට රාජකාරිය කල හැක. එහෙත් මට දැඩි විඩාවක් දැනේ.

"නිදා ගනින් බං - හෙට උදේට හදපන්. මම ලයිට් නිවනවා"

ගමගේ ගේ අණින් මාද ඇඳට වී නිදන්නට පටන් ගතිමි. පසුදා උදෑසන ඇහැරෙන විට මගේ වමතේ වැලමිටට පහලින් දිය බුබුලක් ඇති බව දැනිණි. එයින් කුඩා වේදනාවක්ද ඇති බවද දැනිණි. මගේ උගුර රිදෙන බව පැවසූ විට හනෝ නොහොත් ගමයා පවසා සිටියේ පෙරදින දහවල් ආහාරය සමග ගිල දැමූ අන්නාසි නිසා වන්නට හැකි බවයි. අද තැඹිලි ගෙඩියක් ඉල්ලාගෙන පානය කරන ලෙසයි. මාගේ අත බෙල්ලට ගමන් කලේ නිරායාසයෙනි, එහි තවත් බිබිලකි. මේ බව ගමයාට පැවසු විට

"බලපන් - බලපන් තව තියෙනවද කියලා. මට හිතෙන්නේ උඹටත් ගස්ලබු හම්බ වෙලා වගේ"

මට දෙලෝ රත් විය. දැන් කොහොමද වැඩ කරන්නේ. වෙලාව උදෑසන හතට ආසන්නය. වහා සුදානම් වූ අප දෙදෙනා පිය මැන්නේ පිළිගැනීමේ අංශයටයි. මීළඟ මට තිබෙන්නේ හිටගෙන ඉන්නා පැය තුනකි. ඒ මා සාදන ලද සමරිය ගිණුම් අංශයෙන් පරීක්ෂා කරන තුරුය. මා අංශ ප්‍රධානී නානායක්කාර මහතා වෙත කැඳවාගෙන ගිය ගමගේ, ඔහුට මාගේ තත්වය පෙන්වීය. ඔහු මගෙන් ඉල්ලා සිටියේ වැඩටික ජයවර්ධනට භාර දී වාහම නිවසට යන ලෙසය. එසැනින් මා නිවසට ගමන් ගතිමි.

_________________________________________

  • මට ඉතා දරුණු ලෙස පැපොල වැළඳිණි. සති දෙකක් පමණ බිම එලන පැදුරකට වී කොහොඹ කොළ මත කාලය ගත කලෙමි. සියොලඟම බිබිලි වලින් පිරිණි. පහුගිය කාලේ ආහාරයට ගත් ඉස්සෝ,දැල්ලෝ අන්නාසි වල ප්‍රතිඵල නිකුත් වී ඇත.
  • එම කාමරය ආ ගිය දහතුන් දෙනෙකුට පැපොල රෝගය පැතිරී තිබුණි. එක් අයකුගේ දෙමාපියන්ටද බෝ වී, සුලෙයිමාන් රෝහලේ ප්‍රතිකාර සඳහා රුපියල් 18,000 ක් වැය වූ බව පසුව දැන ගන්නට ලැබිණි.
  • ඉන් දින කිහිපයකට පසුව සියළුම හෝටල් දින නියමයක් නැතිව වසා දැමිණි.
  •   මිතුරන්ගේ තොරතුරු තබා රටේ සිදුවන දෙයක්වත් දැන ගත හැකි අයුරක් නොවීය. 

61 comments :

  1. 9 වසරේදී හදන්නේ තැපැල් හැදුනුම්පත කියලා එකක් නෙමේද ? ඒක අපේ කාලේ වලංගු උනේ අවුව්රුදු 3ක් වගේ තමයි . පස්සේ අනිත් එක.අපේ අම්මලා සහෝදරවරුන්ගේ ආණ්ඩුව ගැන කියලා තියෙනවා මං ඉපදුණු කාලේ වෙච්ච අවාසනාවන්ත දේවල් ගැන කියද්දී ... අම්මෝ පැපොල කියන්නේ මහ නරකම ලෙඩක් ,, අපේ ගෙදර ඔක්කොටම හැදුනා මං ඉස්ස්කොලේ යන කාලේ එයාල එක්කම මට ඉන්න වුණා . ගෙදර හැමෝටම පතෝල ඉවුවේ මං තුන් වේලටම ,ඒත් හැදුනේ නැහැ ඇයි කියල තාම දන්නේ නැහැ. කොහොඹ කොළ අස්සේ පනුවෝ හිටියේ නැද්ද .

    ReplyDelete
    Replies
    1. අපේ පාසලේ නවය වසරේදී ජාතික හඳුනුම්පතම හදා දුන්නා. පැපොල දෙවෙනි වතාවටත් මට හැදුනා. බෙහෙත් නොගත්තා නම් හොඳටම අමාරු වෙනවලු.

      Delete
  2. JVP කළබල කාලෙ ගැන අපෙ අම්මලා තාත්තලා කියන ඒවා ඇහුවම නම් පිස්සු හැදෙනවා.

    මට පැපොල හැදෙත්දි මට ඇති අවුරුදු හතක් අටක් විතර.

    ReplyDelete
  3. සුධීක මේ අත්දැකීම් වැනිම අත්දැකීම් බොහොමයක් මටත් තිබෙනවා. මමත් ඒ. එල්. කලේ ඔය අවුරුද්දෙමයි. ඒ කාලේ.....................දැන්නම් මතක් කරන්නත් හිතෙන්නේ නැහැ. මූසල කාලයක්. දිනක ලියන්න ලැබුනොත් ...............................බොහෝ ඈත අතීතයකට ඔබ මාව ගෙන ගියා.

    ReplyDelete
  4. මම කොල්ලුපිටියේ ඉනෝඩේටා එකේ වැඩ කරන කාලේ එක සැරයක් ඇනුවල් ට්‍රිප් එක ගියා ලිහිනියා සර්ෆ් එකට....කුලියට ගත්ත කෝච්චියකින්...කොච්චියේම අපේ අය....ඒ ගමන මතක් වුනා....සහෝදර ආන්ඩුව ගැන යන්තන් මතකයි...

    ReplyDelete
  5. අපිත් ඉස්කෝලේ රතිඤඤ පත්තු කරා ඒ දවස් වල හදුන් කූරේ ගැට ගහල. ටයිමින් බොම්බ්.. හැක්.. පැපොල නිසා ගොඩ ගියා..

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාටත් පැපොල හැදුණද?

      Delete
  6. හ්ම ඒකාලෙ නොහිටපු එක ගැන සතුටුයි මේවා අහද්දි

    ReplyDelete
  7. කියවපු ටික දැක්කාම විනෝදයෙන් හිටිය කාලයකුත් වගේ. එක අතකට කට්ටියට පැපොල හැදුනු එකත් හොඳයි. එතකොට එලියේ මොනවද වෙන්නේ කියලා දන්නේ නෑනේ.

    පොඩි කාලේ පොඩ්ඩිටයි, අම්මටයි දෙන්නටම ගස්ලබු ආවා. අපොයි ගෙදර අය වින්ද දුකක්...:)

    ReplyDelete
  8. පොඩි කාලේ හැදුනම ලේසියි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් හැදිලා තියෙනවා පොඩි කාලේ...කොහොඹ කොල ගොඩේ ඉන්න එක තමයි අමාරුව...ඇයි තව කිරට උයපු පතෝල,කිරි හොදි කාලම එපා වෙනවා...

      Delete
  9. ඔය සහෝදරයින්ගෙ වැඩ මේ පැත්තෙත් තිබුණ. අපේ පංතියෙ හිටපු කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙකුත් මරල තිබුණ ඒ කාලෙ.

    පැපොලනං මටත් හැදිල තියෙන්නෙ ගොඩක් පොඩි කාලෙ. ඒ ‍කාලෙත් සෑහෙන්න අමාරු වෙලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ නේද කනට පෑන් ගැහුවෙත් ?

      Delete
  10. අපේ ගම නගරයෙන් ටිකක් දුරස්ව තිබුනු නිසා ඒ තරම් පීඩනයක් තිබුනෙ නෑ. ඒත් එක් තරුණයෙක් මරා දාල තිබුන. මගෙ පියා ඒ කාලෙ යූ එන් පී ක්‍රියාකාරිකයෙක්.. ඒ වගේ අයට ඒ තනතුරු වලින් ඉල්ලා අස්වෙන්න කියල බැනර් දාල තිබුන මතකයි..
    //හොටෙල් රුවන්ඩා චිත්‍රපටය // මගෙ ප්‍රියතම චිත්‍රපටයක්.

    පැපොල හැදුනු කීප දෙනෙක් ගෙ ගෙවල් වල දවස් කීපයක් ම ගිහින් කාල බීල හෙම ඇවිත් තියනව. ඒත් මට අවුලක් වුනේ නෑ. ඒක හැදුනම නම් එක විදිහකට වත් ඉන්න බැරි නිසා හරි අමාරුයි නේද.. පැපොලෙන් ඇති වෙන කැලැල් ඔක්කොම සුව වුනත් එකක් ඉතුරු වෙනව කියලත් කියනව.

    ReplyDelete
    Replies
    1. //අපේ ගම නගරයෙන් ටිකක් දුරස්ව තිබුනු නිසා ඒ තරම් පීඩනයක් තිබුනෙ නෑ. //
      ගම්වල තමයි වැඩිම ප්‍රශ්ණ තිබුණේ.

      මම සතුටු වෙනවා ඒ කාලේ පැපොල හැදුනු එකට. මොකද ඒ කාලේ ඇවිදින්න කරන්න අපහසු නිසා.

      Delete
  11. මතක් කරන්නත් අකමැති කාලයක් සුදීක ඒ යුගය. පරාන බය කියන එක හොදට දැනුනු කාලයක් ඒ.

    ReplyDelete
    Replies
    1. මේකට කමෙන්ට් කරන තුන්වෙනි පාර නලීන්. දැම්මම මෙතන වැටෙන්නේ නැතිව යටටම යනවා. මම ඒ ගැන මතක් කරලා දැන් හිතට එන සමහරක් වේදනා තුනී කර ගන්නේ.

      Delete
  12. මේ කියන කාල සමය උදා වෙද්දි මම සූටි එකා හින්දා එච්චර මතකයක් නෑ...නමුත් භද්‍ර යෞවනයේ සිටි මගේ බාප්පලා නම් රෑට රෑට නිදියන්න එක් එක් තැන් වලට මාරු වූ බව නම් මතකයි...ගීතාංජලීගෙ ඇරයුම එදා පිළිගත්තා නම් පස්සෙ කාලෙක හිතුනද ? එක බෝතලේකට 10 ක් විතර සැට් උනාම කිසිම ප්‍රයෝජනයක් නෑ.....එලවටත් නෑ මෙලොවටත් නෑ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. අපේ අල්ලපු ගෙදර කුලියට හිටියේ ක්‍රිස්තියානි පවුලක්. එයාලගේ පුතාගේ කොන්ඩේ දිගට වවලා රෑට් නයිටියක් අන්දවලා නින්දට යැව්වේ.

      Delete
  13. මතකයන් තිබේ පොඩිවුන් නිසා අවුලක් නම් උනේ නෑ. ඒත් දෙපාර්ශවයෙන්ම අපේ ගෙවල් වලට නම් ආවේ නෑ. මොකද අපේ කට්ටියත් ගමේ රාලහාමිලා නෙව.. හෙහ් (හැබැයි නිල නොලත්)

    ReplyDelete
    Replies
    1. තවම රාළහාමිලා ටික කරදරයක් නැතිව ඉන්නවද ?

      Delete
  14. එ තුන්ඩූ දීපූ අය අද ඇමතිහොරු... පොත දහයක් ලියන්න පුළුවන්.. මට අමතක නොවනම දිනය නම්, වනවාසල මිනී කන්දෙන් බේරුන එක..

    ReplyDelete
    Replies
    1. මාතලන් එහෙමද ? මමත් එදා .............. පුදුම බේරිල්ලක්. උදේ පාන්දර වෙනකන්ම එක දිගට වෙඩි තිබ්බා. නමුත් .............ඒවා දැන් වැඩක් නැහැ. අඩි තුනක් විතර උසට රවුමට කෙතේ මිනී ටික පහුවෙනිදා උදේ ගොඩ ගහල ගිනිතියලා තිබ්බා. පස්සේ චන්ද්‍රිකාගේ කාලේ ඒක හෑරුවා. කටින් නෙමෙයි අනිත් පැත්තෙනුත් හිනා. දැක්ක අපි අත්වින්ද අපි කියන එක අහන් නැතුව වෙන තැනක් හාරලා මිනී හම්බ වුනේ නැහැ කිව්වා.

      Delete
    2. ඒ ගැන ලියලා නැත්නම් ලියමුකෝ පොස්ටුවක්...

      Delete
    3. මගෙත් ඉල්ලීම ඒකමයි.

      Delete
  15. බ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්රෝෆියිල් පින්තූරේ දැක්කම මට මතක් වුණේ ඒ කාලේ හිටිය ගෝණි බිල්ලව.

      Delete
  16. ඒ කාලේ ගැන අත්දැකීමක් නෑ.. හැබැයි මේ වගේ කතා ගොඩක් අහලා කරලා තියනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ කාලේ බ්ලොග්/ෆේස්බුක් තිබ්බා නම් කියලා හිතෙනවා අද ඉන්න සමහරක් වීරයෝ දැක්කම.

      Delete
  17. ඔය පැපොල උස්සන්න වෙන්න නොදී මැඩලන්න, වෛද්‍යවරු එසයික්ලෝන් කියලා ඖෂධයක් නේද දෙන්නේ?

    මාගේ සොයුරා ඔහුගේ පුතාට පැපොළ සෑදී ඇති බව දැනගත් වහාම ඉහත ඖෂධයෙන් පෙති භාගය බැඟින් දෙවරුවක් දී නැවතුවා. දරුවාගේ පැපොල බිබිලි හට ගැනීමද නැවතුනි. නමුත්, වෙනත් රෝගයක්දෝ යැයි බියට වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළ අතර, දරුවාගේ දිවද බලා බැපොල සෑදී තිබුණ බවත්, එය උස්සන්න වී නැති බවත් පැවසුවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මලා දැන් මේවට ඉන්ජෙක්ෂන් තියෙනවා. ඔයා ලිපියේ පසුබිම ගැන කමෙන්ට් කරා නම් ගොඩක් වටිනවා.

      Delete
  18. ඔය කාලේ අත්දැකීම් තියෙද්දී මම පොඩි අත දරුවා කාලේ.. ඒ හන්දා ඉතින් ඒවා දැන් මතක අම්මලා කියද්දී තමයි මටනම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් මල්ලී අපි මේ අඳුරු යුග දෙකටම දැනුවත්ව සහ නොදැනුවත්ව මුහුණ දුන්නා. ඒවාගෙන් අපේ ජීවිත ගොඩාක් පිටිපස්සට ඇදුනා. අපි ඉන්න ඕනේ තැන් වෙනස් වුණා. මගේ පරපුරේ බ්ලොග් කාරයෝ ඒ ගැන දන්නවා.

      Delete
  19. දේශපාලන මතවාද පදනම් කරගත් සන්නද්ධ කැරැල්ලක් ඇතිවන කිසිම රටක මානව හිමිකම් රැකෙනු ඇතැයි මමනම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. ඒ ගැන උදාහරණ සහිතව අදහස් දක්වන්න වෙනම ලිපියක් ලියන්න වෙනවා. 88 - 90 කාලය තුල මම වයඹ සහ මධ්‍යම පාලාත්වල සේවය කළා. නානාප්‍රකාර අත්දැකීම් ලබුවා. අදටත් මට මගේ බිරිඳගේ, දරුවන්ගේ ඔලුවේ අත තබා දිවුරන්න පුළුවන් මා මිනීමරුවකු නොවන බව.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් අවකාශයේ හැමෝටම ඔබ ගැන යම් තක්සේරුවක් ගෞරවයක් තිබෙනවා.දැරූ තනතුර වයස අත්දැකීම් ආදිය නිසයි.ඔබ මෙහෙම දිවුරන්න ගිහාම අපටත් ලැජ්ජයි.

      ඔය මානව හිමිකම් ගැන කතා කරන එවුන් හමුදාවෙ හරි පොලීසියෙ හරි හිටියනම් උන් මොනව කරාවිද?උතුරෙ කොටි වාගෙම 87/89 ජේවීපී එකත් පිරිත් පැන් ඉහල විසදන්න පුළුවන් එකක් නොවෙයි.තුන්ඩු කෑලිවලින් රට අකර්මන්‍ය කරල.ඇදිරි නීතිය දාල උන්ගෙ නිල නොවන ආන්ඩුවක් කරගෙන යන කොට ජනතාව පත් කරපු ආන්ඩුවට කියන්නෙ උඩ බලාගෙන ඉන්නද?
      හැම එකටම වචන උඩප්පරන් ගහන ජේවීපී කාරයො කියන්නෙ මේව කරන්නෙ ජනතාවලු.එදා හමුදාව පොලීසිය ඉස්සරහට ආවට පස්සෙ මෙච්චර කල් බයේ හිටපු ජනතාව ජේවීපී එක මර්ධනය කරන්න උදවු කලා

      වෙනස් මත දැරුව කියල වෙන පක්ෂවල අය මරන්න ජේවීපී එකට අයිතියක් නෑ.

      Delete
    2. //මේව කරන්නෙ ජනතාවලු//
      මෙන්න මේ කෑල්ල කිව්වම මට හොඳ කතාවක් මතක් වුණා. අද අපේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයෙක් එයාගේ අත්දැකීමක් අපෙත් එක්ක පැවසුවා. ඒ කාලේ ජවිපෙ සාමාන්‍ය ජනතාවට බැනර් දීලා පෙළපාලි යැව්වා. අපේ නිලධාරියාත් එහෙම ගිය කෙනෙක්. ඊට පස්සේ මගදී හමුදාවෙන් එලෙව්වා. ආයෙත් ජේවීපී කාරයෝ යන්න කියනවා. හමුදාව එලවනවා. ගෙදර ගියොත් අඹු නහී තත්වයකට මිනිස්සු පත් වුණා.

      Delete
  20. අපිටත් ඔය කාලේ අවුරුද්දයි,දෙකයි වයස.ඉතින් අපරාඩේ කියලා හිතුනේ නැතිද ගීතාංජලීගෙ කාමරේට නොගිය එක.දෙයියන්ට හැදෙන්නේත් මරු ලෙඩ තමයි.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. මම මගේ සීමාව දැනගෙන තමයි හැම වෙලාවකම ඉන්නේ.

      Delete
  21. ඉස්කෝලෙ යන කාලෙ මටත් පැපොල හැදුනා කාමරේකට වෙලා දවස් 21 ක් හිටිය,බොහොම සීතල ආහාර වර්ග කන්න දුන්නෙ තැඹිලි කුරුම්බා ඕනෑ තරං කොහොඹ කොළ අතුරලා ඒ උඩ නිදාගත්තා.
    දැන් නං ඇන්ටි පැපොල් ෂොට් එකක් දෙනව ළමයින්ට ලෙඩේ හැදෙනවට.

    ReplyDelete
    Replies
    1. ඔව්. පැපොල පැත්තකින් තියමු. ඒ යුගය ගැන අත්දැකීම් නැතිද ?

      Delete
  22. ඔය භිශන කාලෙ අයුතු වැඩ කරගත්ත අය ඔන තරම්.
    මොකසිනො කියන්නෙ අපි දාන්න හින බලපු සපත්තු ජාතියක්.
    උබ එතකොට කාමරෙට ගියෙ නැ? හය්යො
    මට පැපොල හැදුනෙ ජොබ් කරනකොට.බෙහෙත් ගත්ත.කිසි අමාරුවක් වුනෙ නැ.

    ReplyDelete
    Replies
    1. ඔව්. බොහෝ දෙනෙක් පුද්ගලික් කෝන්තර පිරිමැහුවා. කාමරේට ගියා නම් අද මෙතන මම නැති වෙන්නත් පුළුවන්. ඒක උගුලක්. මාව පරීක්ෂා කරා. මම පාස්, වෙන එකෙක් ෆේල්.

      Delete
  23. මටත් මතකයි යන්තං ඔය කාලේ ඉස්කෝලේ යන්නේ සතියට දවසක් විතර ..ආර ගති මුළු දවසම සෙල්ලම කරන එඅක තමයි කරන්නේ. ඔය පෝස්ටර් වල තියෙන ඒවා වාහන වල දූවිලි ගොඩේ ඇඟිල්ලෙන අඳිනවා ඒ කාලේ
    "මව්බිම නැත්නම් මරණය "
    "ආරෝ ආරෝ ජේ ආරෝ කෑවෝ කෑවෝ රට කෑවෝ"
    "ඉන්දීය වඳුරු හමුදාව පන්නමු" වගේ තව ගොඩක් තිබ්බා මතක් නෑ..

    අපේ ගෙට හැරෙන හංදියේ වටරවුමේ රිටි වල ඔලු තුනක් ගහල තියෙනවා දැක්ක දවසේ ඉඳන් සෑහෙන ලොකු වෙනකන් තනියම ඒ පැත්තේ ගිය නැති හැටි මතකයි

    ReplyDelete
    Replies
    1. මමත් තාප්පයක් උඩ ඔලුවක් දැක්කා. කඳ තව කිලෝමීටර් ගාණක් එහායින්. බෙලි කැපුවේ ඉලෙක්ට්‍රික් කියත් වලින්.

      Delete
  24. අනික් කට්ටියට පැපොල්
    ගීතාංජලී කෙසෙල්

    ReplyDelete
    Replies
    1. ගීතාංජලීගේ උගුලට මම අහු වුණේ නැත. බඩේ පාර දෙන්න තමයි එයා ට්‍රයි කලේ.

      Delete
  25. මොනවද මේ කියන්නේ. අදද හෙටද කියන දේ නිතරම හිතේ වැඩ කරා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර අදාල් ස්ථානයට නොවටීමේ ගැටලුවක් ඇත.

      Delete
  26. මමත් හෝටල් සේවකයෙක් නිසා මේ කතාව හිතට ඇල්ලුවා. මම 89දී ඕමානයේ එක් රැකියාවක් අවසන් කරලා ලංකාවට ආපු කාලේ. වයිෆ්ට දුව හම්බවෙන්න ඔන්න මෙන්න. වාහන නැහැ. දාහක් ප්‍රශ්න. මල්ලිලා දෙන්නාම පන බේරගෙන නිදහස් වෙලා ඇවිත්. පොඩි මල්ලි ගෙදර. අපි හිටියේ පනාගොඩ කෑම්ප් එක කිට්ටුව. නිතරම සෝදිසි. ඒ ගැන වෙනමම ලියන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලියන්න අරූ ඕවා තමයි නියම අත්දැකීම්.

      Delete
  27. බැලුව.ඇත්තටම ඒ කාලය ගැන මධ්‍යස්තව කතා කරන කෙනෙක් නෑ.බහුතරයක් තියෙන්නෙ ජේවීපී අය ලියපුව.එතන තිබෙන්නෙ හමුදාව පොලීසිය කිසිම වරදක් නොකල අහිංසකයො මැරුව.ජේවීපී අය සිල් ගත්ත කියල.ඇත්තටම නීච විදියට අපරාධ කිරීම පටන්ගත්තෙ ජේවීපී එක.ඊට පස්සෙ ආරක්ෂක අංශ රට අමුසොහොනක් කළා.මේ දෙපැත්තට මැදිවුනාට පස්සෙ අහිංසකයන්ට කර කියා ගන්න දෙයක් නෑ.දෙපැත්තෙන්ම බැට කනව.

    අවශ්‍ය වෙන්නෙ මේවගෙන් පාඩමක් ඉගෙන ගන්න එක.වචන උඩප්පරන් ගහන ජේවීපී පෙරටුගාමී උන්දල හිටිගමන් සන්නද්ධ අරගල කතා දැනුත් කියනව.උන්ගෙ පිස්සු මරගාත නිසා සාමාන්‍ය ජනතාවටත් ඇට නැති පරිප්පු මන්න වෙනව.මම මගෙ ලිපි වලින් කොමෙන්ට් වලින් පෙන්වල තියනව මුන් පතන ලෝකය චීන සෝවියට් සත්තු වත්තක්,අමු සොහොනක්,මෙලෝ රහක් නැති අපායක් කියල

    ReplyDelete
    Replies
    1. ඔයාගේ රිප්ලයි එකෙන් මට ගොඩාක් දේවල් මතක් වුණා. ඉතාම දුක හිතෙන කතාවක් විතරක් දාන්නම්. අපේ ගෙදර ඉස්සරහ ගෙදර ළමයි හතරක් ඉන්න පවුලක් කුලියට හිටියා. එයාලගේ තාත්තා රියදුරු රැකියාව කලේ. එයාලට බොහොම අඟ හිඟ වුණා. ඒ ගෙදර ලොකු ළමයි දෙන්නා ගැහැණු. වත්තේ තිබුනා යෝධ දෙල් ගස් දෙකක්. නමුත් එයාලට කඩන්න අයිතියක් නෑ. ඉදිලා වැටෙන දෙල් කාලා තමයි එයාලා ජීවත් වුණේ. අපේ ගෙදරින් සුළු සුළු උපකාර කෙරුණා. කවුද ඒවාට වග කියන්න ඕනේ ?

      Delete
  28. ගස්ලබු බිස්නස් එක ජයටම කරලානේ :P

    ReplyDelete
    Replies
    1. හසිත කියවන්න පටන් ගත්ත ගමන් මගේ බ්ලොග් එකට ආවට ස්තුතියි. දැන් ඉතින් ඉතිහාස පාඩම පටන් ගමු.

      Delete
  29. පැපොල.. අප්පේ ඔය ලෙඩේ නිසා මට වෙන ලෙඩක් හැදුනා. මට නම් ඕක හැදුන දවස් ටිකේ තිබ්බ ලොකුම අමාරුව තමයි ගෙයින් එලියට බහින් නැතුව ඉන්න උනු එක. කොහෙද ඉතින් ඒ කාලේ ලැප් ටොප්, ඉන්ටර්නෙට් තිබුන එකක්යැ.

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක වෙස් වලාගත්ත ආශිර්වාදයක් වුණා. ඒත් ඉස්සරහ ගෙදර නොනවත්වා දාපු බඹර පහස / ලියතඹරා කැසට් වල සින්දු කට පාඩම් කරා. එයාලා දාන්නේ ගමටම ඇහෙන්න.

      Delete
    2. මට නම් ඒක වෙස් වලාගත්ත ආශිර්වාදයක් වුණා. ඒත් ඉස්සරහ ගෙදර නොනවත්වා දාපු බඹර පහස / ලියතඹරා කැසට් වල සින්දු කට පාඩම් කරා. එයාලා දාන්නේ ගමටම ඇහෙන්න.

      Delete
  30. ගීතාංජලීගේ දොරට තට්ටු කලේ සුදීක නොවන බව විශ්වාසද?

    ReplyDelete
    Replies
    1. මංජුල, ගීතාංජලීගේ කතාව අතුරු කතාවක් විතරයි. ඒ කාලේ ජවිපෙ ක්‍රියාකාරීත්වය ගැන මොකද හිතන්නේ ? එතකොට රාජ්‍ය මර්දනය එහෙම ?

      Delete
  31. ඒ කාලෙ අත්‍යාවශ්‍ය සේවයක නිලදාරියෙක් හැටියට මං ගතකල ජීවිතේ ගැන පොතක් ලියන්න පුළුවන්..එක්කො යකාට බිලිවෙන්න ඕනෙ නැත්නම් මූදට පනින්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. පොත බ්ලොග් එක ඇතුලේ දිග හරිමු. සමහර කමෙන්ට් වලින් මට තවත් කතා මතක් වුණා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...