Thursday, February 27, 2014

ඔබත් කාටූන් බලන වැඩිහිටියෙක්ද ? Are you an adult still watching Cartoons ?

අද මම ගෙදර ආවේ ලොකු සිත් තැවුලකික්. ඒ ගැන ප්‍රසිද්ධ වේදිකාවක කථා කරන්න බෑ. ඒ වුනත් කෙටියෙන් කිව්වොත් මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ගෙන් වෙච්ච හානියක් තමයි හේතුව. මම ගෙදර ඇවිත් මගේ දියණියව වෙනදාටත් වඩා වෙලාවක් තුරුල් කර ගත්තා. ඒ මා සිටි පීඩනයෙන් මිදෙන්න. මගේ හැඟුම්බර තත්වය ඇය මොහොතකින් හඳුනා ගත්තා. ඒ ගැන කෙලින්ම විමසා සිටියා. මම අහපු සමහර බොළඳ වදන් වලින් ඇගේ දෙනෙත් තෙත් වුණා. පසුව අඩන්න ගත්තා. ඇය අස්වසාලද්දී මගේ බරෙන් ගොඩාක් නිදහස්. පස්සේ මගේ හොඳම හිතවතෙකුට ඒ ගැන කතා කරලා හිත නිදහස් කර ගත්තා. එහෙම ඉන්න ගමන් මම මතක් කරන්න උත්සාහ කළා ඊයේ උදේ හීනෙන් ලියන්න හොඳ මාතෘකාවක් දැක්කා. නමුත් මතක් කරන්න කොයි තරම් උත්සාහ ගත්තත් වැඩක් වුණේ නෑ. 


පින්තූරය ගත්තේ : www.dooyoo.co.uk
මට නිකං ඉන්න ගමන් මගේ හිතේ හිර වෙලා තිබ්බ එක් දෙයක් ගැන ගූගල් සෙවීමක් කළා. ඒ වැඩිහිටියන් කාටූන් බලන්න කැමති ඇයි කියන කාරණේ. මොකද මමත් හරිම කැමැත්තෙන් කාටූන් බලන නිසා. ගිරිපුර ඇත්තෝ තමයි මගේ කැමතිම එක. ඊට අමතරව මගේ දියණිය බලන චෝටා බීම්, මිස්ටර් බීන් ඇතුළු බොහොමයක් කාටූන් වලට කැමතියි. ඇත්තටම මොකක් වෙන්න ඇතිද හේතුව ? මම දවසක් මේ කාටූන් බලන්න කැමති අය ගැන පොඩ්ඩක් හිතලා බැලුවා. ඒත් අද ඇත්ත කාරණාව හොයා ගන්නකම් මම හිතන් හිටියේ වෙන දෙයක්. ඒක කිව්වොත් නයා ඇදීමක් වෙන නිසා ඇත්ත කාරණේටම බහිමු.

බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කාටූන් බලන වැඩිහිටියෝ වයසිට ගියත් මානසිකව මුහුකුරා නොගිය අය කියලා. නමුත් මමත් ඇතුළුව මගේ ලිස්ට් එකේ ඉන්න අය එහෙම නෑ. එහෙම කියන්නේ මම නෙවෙයි.  http://www.2knowmyself.com කියන වෙබ් අඩවිය. මිලියන් 50ක් හිට්ස් තියෙන මේ අඩවියේ සඳහන් අනිත් කරුණුත් වැදගත්. මෙහෙම කාටූන් බලන වැඩිහිටින් එහෙම කරන්නේ තමන් තුල තියෙන ආතතිය ඉවත් කර ගැනීමට. කොහොමද එහෙම වෙන්නේ ?

කාටූන් මගින් ඔබව සමාන්තර විශ්වයකට ගෙන යනවා. සමහරවිට ඔබේ බාලා කාලයට. සමාන්තර විශ්වයේ ඔබට කරදර නෑ. එහෙම ඉන්න කෙටි කාලයේදී ඔබේ ආතතියෙන් වැඩි කොටසක් නැති කරගෙන සැහැල්ලු වෙනවා. ඔබත් ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් මෙන්න විසඳුම. කාටූන් .... කාටූන්..... කාටූන්.... මේ සඳහා චිත්‍රපට සමහරුන් යොදා ගත්තත් ඒවා ඔවුන්ගේ ප්‍රශ්නය සමහරවිට තීව්‍ර කරන්න හේතු වෙනවා. මොකද ඒවා සැබෑ ලෝකය පිළිබිඹු කරන නිසා. හොල්මන් චිත්‍රපට බලන්න සමහරු කැමති ඇයි කියන කාරණය ගැනත් මෙහි ලිපියක් තිබෙනවා. ඔබේ ශරීරයේ තුවාලයක් ඇති විට ඒ පීඩාවෙන් මිදෙන්න කදිම මගක් හොල්මන් චිත්‍රපට බව එහි සඳහන්. හේතුව අතක් පයක් හෝ බෙල්ලෙන් කොටසක් අහිමි කෙනෙකුගේ තත්වය සමග සංසන්දන කොට ඔබට ඒ වේදනාවෙන් මිදෙන්න හැකි බව එහි තවදුරටත් සඳහන්.

මගේ සැටලයිට් බොක්ස් එක කපලා. නැතිනම් මේ මොහොතේ හෝ මම කාටූන් බලනවා. මේක නම් හරි ශෝක වැඩක්. ඔන්න ඔබත් දැඩි පීඩනයකින් හෝ ආතතියකින් පෙලෙන්නෙක්ද ? එහෙනම් මෙන විසඳුම කාටූන්. මොකක්ද ? කාටූන්. 

114 comments:

  1. මාත් කාර්ටුන් වලට ගොඩක් කැමතියි . මගේ කාර්ටුන් වීරයා "ගාර්ෆීල්ඩ්" ඔයා හිත සනසගත්ත විදිය නියමයි.

    ReplyDelete
    Replies
    1. මම ආස ෆ්ලැට් කාර්ටූන් වලට. 3D ඒවාට වැඩිය කැමති නෑ.

      Delete
    2. ගාෆීල්ඩ් එල !
      ජෝන් , ඕඩි
      හික් හික්

      Delete
    3. ෆ්ලැට් කාටූන්..හා හා..පට්ට නම

      Delete
    4. මගෙත් ප්‍රියතම කාටුන් එක ගාර්ෆීල්ඩ්...!

      Delete
    5. ඔයා ෆ්ලැට් කාර්ටුන් කීවෙ ටූඩී කාර්ටූන්ස් වලටද...........?

      Delete
    6. ඔව් 2D කියනවාට වඩා හොඳයි නේද ?

      Delete
    7. ඔව් මාත් එහෙමයි දැන් හැදෙන ගොඩක් කාර්ටුන් වල අර තිබ්බ කාර්ටුන් වල තිබ්බ ගතිය නැහැ ... ඇත්තට ලෝකේ වෙන දේවල් ම තියෙද්දී වැඩක් නැහැ

      Delete
  2. මර කතාව , ආතතියට -> කාටුන් . ඒකත් හරි වගේ ඔයිං එකක් බලලවත් හිත හදාගන්නෙපායැ . නැත්තනං අර ඇඬිලි බලල දැන් එපා වෙලා අයියා

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි ප්‍රශ්නෙකින් හිත කලබල වෙලා ඉන්න වෙලාවට, තව කෙනෙකුගේ දුකක් බලන්න වුනොත් ?

      Delete
  3. එහෙමනං මමත් හොල්මන් චිත්‍රපට බලනව අද ඉදල .... :)

    ReplyDelete
    Replies
    1. කාටූන් බලන්නේ නැද්ද ? නිකමටවත්. ආ කියන්න අමතක වුණා ඒ ලිපියේ තියෙනවා සමහරු ආතතියෙන් මිදෙන්න තෝරා ගන්නේ මධ්‍යසාර කියලා. මධ්‍යසාර වලින් හානි වෙන නිසා හොඳම ක්‍රමය කාටූන් කියලා.

      Delete
    2. මන් නම් දෙකම එකපාර කරනව..එතකොට ඉක්මනට වැඩේ වෙනව :ඩි

      Delete
    3. හෙහ්....හෙහ්...මධ්‍යසාර ....ත් නරකම නැහැ...

      Delete
    4. ඔව් ඒකත් හොද් බේතක් නෙන්නම් හික්ස්

      Delete
    5. දැන් කාටූන් යන හවස හතරට විතරද ගන්නේ ?

      Delete
  4. මං වගේ අය තව ඉන්නවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. නැත්තං. ඕනෑ තරම් ඉන්නවා.

      Delete
  5. මමත් හෙනම කාටුන් බලන එකෙක්! ෆිල්ම් එකක් බැලුවත් කාටුන් ෆිල්ම් එකක් නම් ඉතිං බලනවම තමා. ආතතිය කෙසේ වෙතත් අඩුවක් නැතිව හිනා වෙන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. ඒකමනේ මල්ලි උත්තරේ. හිනා වෙනකොට ආතතිය අඩු වෙනවා.

      Delete
  6. මාත් හරි කැමති කාටූන් වලට . පොඩි කාලේ බලපු කාටූන් නැවත බලන්න වඩාත් කැමති . හිත සනසගන්න කාටූන් බලනව කියල අදයි දැනගත්තෙ .

    ReplyDelete
    Replies
    1. මමත් දැන ගත්තේ අද තමයි.

      Delete
  7. මමත් පොඩි කාලෙ ඉඳන්ම කැමතිම කාටුන් වලට .. වර්ගය විශේෂයක් නෑ. ඕනිම එකක්. කැස්පර් ෆ්‍රෙන්ඩ්ලි ගෝස්ට් තමයි ෆේවරිට්. අදටත් CN එකේ යන ගොඩක් එවා වෙලාව තියෙන විදියට බලනවා. ආතතියට හොඳ විසඳුමක් තමයි !

    ReplyDelete
    Replies
    1. අනික වෙනී අපි පොඩිම කාලේ ටී.වී. වත් තිබුණේ නෑනේ. ඒ නිසා තවමත් බලන්න පුළුවන්.

      Delete
  8. සෝරෝ.......
    අදටත් තාමත් හොයනවා සේරම ටික බලන්න විදියක් :D

    ReplyDelete
    Replies
    1. සෝරෝ මට බලන්න වුණේ නෑ.

      Delete
  9. ඇත්ත කතාව. කාටුන් බලනකොට වෙනි කිසිම දෙයක් ගැන හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. මම දන්න තරමින් පොඩි කාලෙ ඉඳල වයසට යනකල්ම මනුස්සයෙක් දිගටම බලන දෙයක් තියෙනවනං ඒ කාටුන් විතරක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒත් ප්‍රසා හැමෝම මේවා බලන්නේ නෑ.

      Delete
  10. //ඔබේ ශරීරයේ තුවාලයක් ඇති විට ඒ පීඩාවෙන් මිදෙන්න කදිම මගක් හොල්මන් චිත්‍රපට බව එහි සඳහන්.// මේක නම් දැනගත්තු එකත් වටිනවා !
    අපි කොහොමත් කාටුන් බලනවෝ

    මෙන්න සුපිරි චාන්ස් එකක් ඒ පොඩි කාලෙට ආයෙත් යන්න........

    ReplyDelete
    Replies
    1. ඔයාගේ එකත් බලන්නම්.

      Delete
  11. මේ පෝස්ට් එක කොහෙවත් අප්ඩේට් වෙලා නෑ නේද තාම.

    ReplyDelete
  12. කාටුන් විතරක් නෙවි ගොඩක් විනෝදාත්මක මාධ්‍ය වර්තමානයේ දියුණු වෙලා තියෙන්නේත් මේ ආතතිය සමනය කිරීම මූලික කරගෙන..ප්‍රශ්නේ තියන්නේ ලංකාවේ කලා කරුවන් මේ ගැන අවධානයක් යොමු නොකරන එක..

    ReplyDelete
    Replies
    1. අපේ රටේ බොහොම අඩුවෙන් තමයි කාටූන් කෙරෙන්නේ. බලන්නකෝ ඉන්දියාව.

      Delete
  13. මේ ඉන්නේ තව කාටූන් පිස්සෝ ටිකක් එහෙනම්..... :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේවගේ දෙබස් බොහොමයක් ගැලපෙන්නේ වැඩිහිටියන්ට.

      Delete
  14. කාටුන් වලට මාත් කැමතියි. අනතුරක් වෙලා මාස හතරක් විතර ගෙදරට වෙලා ඉඳපු කාලෙ ඔය තියන සේරම වගෙ බැලුව. දැන් නම් එච්චර බලන්න වෙන්නෙ නැති වුනත් හිත සැහැල්ලු කර ගන්න කියාපු දෙයක් කාටුන්.

    (මේ පෝස්ට් එක කොහෙවත් අප්ඩේට් වෙලා නෑ..)

    ReplyDelete
    Replies
    1. මම නම් ලැබෙන හැම වෙලාවකම බලනවා.

      Delete
  15. මම කාටූන් බැලිල්ල පටන්ගත්තේ 1980 දී විතර ඒ කියන්නේ අවුරුදු 26 දි. අදත් මම කාටූන් බලනවා. මම ගිරිපුර ඇත්තෝ බැලුවේ ෆ්ලින්ට්ස්ටෝන්ස් නමින් ගිය කාලේ කලුසුදු රූපවාහිනියකින්. ඊට පස්සේ මගේ සිත් ගත්තේ වුඩී වුඩ්පෙකර්, ටොම් ඇන්ඩ් ජෙරී, අදටත් ඒවා යනවානම් බලනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඉස්සරත් ගියාද ? වුඩ් පෙකර් එකත් ශෝක් දැන් යන පිනක් පැන්තර් කියන එකත් ඒ වගේමයි.

      Delete
  16. ඇත්තම කතාව, මාත් හරි ආසයි කාටූන් බලන්න. ඒ හැම වෙලාවකම මොන තරම් කරදරවලින් හිටියත් මොහොතකට හරි හිත ඒවගෙන් නිදහස් වෙනව.

    ReplyDelete
    Replies
    1. හැබැයි දැන් තියෙන සමහරක් කාටූන් නම් බලන්න හිතෙන්නේ නෑ.

      Delete
  17. මගෙනම් කැමතිම කාටුන් තමයි රෝඩ් රනර් ෂෝ ,සහ ටොම් ඇන්ඩ් ජෙරී .....ඉස්සර නම් ආසම එක පිස්සු පූසා ..

    ReplyDelete
    Replies
    1. මොකද මේ පස්සෙන් පන්නන ඒවාටම ආස ?

      Delete
  18. මමත් කාටුන් බලන්න ආසයි. ඔක්කොම ඩිස්නි ෆිල්ම් ටික බැලුව.

    ReplyDelete
    Replies
    1. මම හිතුවට වඩා බොහෝ දෙනෙක් කාටූන් ප්‍රේමියෝ එහෙනං.

      Delete
  19. මාත් ආසාවෙන්ම කාටුන් බලන එකෙක් තමා.

    පෝස්ට් එක දැනුයි දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. මේක මුලින් සමහර සින්ඩි වලයි බ්ලොග් රෝල් වලයි අප්ඩේට් වෙලා තිබුණේ නෑ.

      Delete
  20. මමත් කාටුන් බලනවා ..මගේ ආසම කාටුන් එක තමයි ග්‍රාෆීල්ඩ් කාටුන් එක .. (අර පුසෙකුයි බව්වෙකුයි ඉන්න එක අනේ ) :D

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... උගේ මාර ටෝක් ටිකක් තියෙන්නේ නේ ?

      Delete
  21. හැබැයි කාටූන් වලින් ලමා මනසට අයහපත් බලපෑමක් වෙනවා කියල මං ලඟදි කියෙව්වා. හුඟක් කාටූන් වල ඉන්න චරිත කරන්න්නෙ යුද්ද කිරිල්ලනෙ. නිකමස්ට ගන්න මිකී මවුස්.. දෙන්නම කරන්නෙ යුද්දයක්.ඊට හපන් අළුත් එව්ව. අළුත් අළුත් ආයුද අරං මරාගන්න එව්ව තමයි ලමයි බලන්නෙ. ඉතිං කොහොමද යුද මානසිකත්වෙ වෙනස් කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. දැන් යන අර ජපන් කාටූන් වල නම් යුද්ධම තමයි තියෙන්නේ. ඒවාගේ තියෙන්නේ තනිකරම තේරුමක් නැති දේවල්. නමුත් බොහෝ කාටූන් හොඳයි කියන එකයි මගේ විශ්වාසෙ.

      Delete
  22. මිසිස් ඩ්‍රැකියයි මායි මේ පෝස්ට් එක කියෙව්වෙ එකට. ඉතිං සුදිකට ස්තූතියි මාත් නොමේරූ ළදරුවෙක් නෙවෙයි කියන එක මිසිස් ඩ්‍රැකියට ඔප්පු වෙන විදිහෙ පෝස්ටුවක් දැම්මට.

    ReplyDelete
    Replies
    1. එකෙක් හරි ගොඩ ගියානම් එච්චරයි.

      Delete
  23. වෙලාවක් නෑ අම්මප නැත්නං මාත් අතාරින්නේ නෑ.. සැනසුරාදා සිරසේ යන යකාරි කාටුන් එකට මංහරිම කැමතියි...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් යාකාරී ඒ මොකක්ද ?

      Delete
    2. ඇත්තටම බලන අය ඒවා ගැන දන්නවා. නැතිව අරව මේවා පීරල කියන අය ඕවා ගැන දන්නෑ. අපි සාමාන්‍යෙයන් කරන්නෙත් හිත හෑල්ලු කරගන්න කාටුන් බලන එකයි කියල දන්නවා.. හැක්...

      Delete
  24. කාටූන් බලනවා පමණක් නොව දශක ගණනාවක් තිස්සේ කොමික් පොතුත් (Marvel, DC, Tin Tin, Lucky Luke, Asterix, Phantom etc) කියවනව.

    ReplyDelete
    Replies
    1. ටින් ටින් ඉතාම ඉහල මට්ටමක කාටූන් එකක්. ඇත්තටම පොත් වලින් තමයි කාටූන් පටන් ගත්තේ.

      Delete
  25. මමත් බලනවා.මම නම් හුගක්ම කැමති ජාතික රුපවාහිනියේ ගිය ටයි මාමාගේ කාටුන් වලට.

    ReplyDelete
    Replies
    1. ඒවායින් තමයි අපි පටන් ගත්තේ.

      Delete
  26. කාර්ටූන් ආතතියට හොද ඔසුවක් තමා සුදික.. මාත් බලනවා වෙලාවක් ලැබුණාම

    ReplyDelete
    Replies
    1. මටනම් හිතා ගන්න බෑ නලීන් කාටූන් බලන්නේ කොයි වේලාවේද කියලා.

      Delete
  27. මමත් කාටූන් බලන්ට ආසයි. ඉතින් ඔයා දුකෙන් හිටියේ ඇයි කියලා කීවේ නෑනේ.:)

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රසිද්ධියේ කියන්න අපහසුයි.

      Delete
  28. මම දවසක් බලංගොඩ ඉඳන් බයික් එකේ එන්න පුළුවන් උපරිම වේගෙන් ආවා ඔය ගිරිපුර ඇත්තෝ බලා ගන්න... බියගම ගෙදරට එනකොට කාටුන් එක ඉවර වෙලා.. එදා මට දැනිච්ච ඒ දුක සුදික අයියට අද ඔය මොකකින්ද මන්ද ඇති වෙච්ච දුකට සමානයි.. ෂුවර්..

    අවංකවම කිව්වොත් පුළුවන් හැමවෙලාවෙම කාටුන් නම් මමත් බලනවා.. අර Big Bang Theory එකේ සෙට් එක ඔය කොමික් වලට පිස්සු වැටිලා කරන ආතල් ටික බලනවද?

    ReplyDelete
    Replies
    1. අනේ මට ඒක බලන්න බැරි වුණා. ටී.වී. එකේ ගියත් මම වෙන වැඩසටහනක් බැලුවා.

      Delete
  29. අෆ්ෆ ඔව් මාත් බලනවා මතකද ඇපල් ආදිපාද එතොකොට සූත්තර කිටියා තව ඉගුරුපාන් මල්ලියා ස්කූබිඩූටත් ගොඩක් ආසයි ගාර්ෆීල්ටත් ආසයි ආතතිය නිවා ගන්න අනිවාර්යෙන්ම කාටුන් මරු බේත

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවද මට ස්කූබිගේ හඬ අනුකරණය කරන්න පුළුවන්.

      Delete
  30. හැක් ඒ හින්ද වෙන්න ඇති මට කිසිම අවුලක් නැත්තෙ
    මොකද මගෙ එකම සාජකාලිය කාටුං බලන එක නෙව...

    මං තාම කැමති පිස්සු පුසට

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට බ්ලොග් ලෝකෙම කාටූන් පිස්සෝ.

      Delete
  31. ඉස්සර කාටුන්නෙ අනේ කාටුන්! මමනම් සූර පප්පා තමයි ආසම එක.තාම බලනවා ඩීවීඩී එක.කාටුන් නම් නියම බේතක් තමා සුදික.

    ReplyDelete
    Replies
    1. සූර පප්පගේ හඬ කවපු අපේ මල්ලිලා දෙන්නා ඒ වැඩේ නියමෙට කරලා තියෙනවා.

      Delete
  32. මමනම් ආසම සූර පප්පයි දොස්තර හොඳ හිතයි!

    ReplyDelete
    Replies
    1. ඒවා හඬ කවන්න භාවිතා කරලා තියෙන වචන තමයි හේතුව මට හිතෙන්නේ.

      Delete
  33. ටින්ටින්, ටොම් ඇන්ඩ් ජෙරි, මිස්ටර් බීන් බලන්ට නොවැරදීම සතියට පැය 2ක් වත් ගතකරනවා :-)

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ තව කට්ටිය.

      Delete
  34. ඇත්ත කතාව අයියේ.පොඩි කාලේ නම් අම්බනෙට කාටුන් බැලුවා.ලොකු වෙලත් බලනවා.ලොකු වෙලා බලන ඒවගෙන් මං ආසම ගර්ෆිල්ඩ් ටයි ගිරිපුර ඇත්තෝන්ටයි

    ReplyDelete
    Replies
    1. ගාර්ෆීල්ඩ් එකට බොහොම දෙනෙක් ආසයි නේ. මම නම් දවස් තුනක් විතර බැලුවේ.

      Delete
  35. මම නම් ස්කුබි කාටූන් එක තමයි ආසාවෙන් බැලුවෙ.හැබැයි මේ පෝස්ට් එක මට අදාලද මන්ද මං ඉතින් පොඩි එකානෙ තවම .
    දැන් නම් කාටූන් බලන්නමයි වෙලාව තිබෙන්නෙ ( ඔන්න බ්ලොග් වලටනම් තියෙනව හොඳේ )

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මම බබාට අවුරුද්දක් විතර වෙත්දී ස්කූබිගේ හඬ අනුකරණය කරන්න පුරුදු වුණා. එයත් එතකොට කාටූන් දිහා බලාගෙන ඉන්නවා. මම පුරුදු වුණ හඬින් කතා කළාම එයා භය වුණා. අදටත් මට ඒ හඬින් කථා කරන්න පුළුවන්. බලන්න කාටූන් අපේ ජීවිත වලට කොයි තරම් සමීපද කියලා.

      Delete
  36. අෆ්ෆේ, මාත් බලනවනේ.. ගොඩක් වෙලාවට කෑම ගන්න කොට තමා බලන්නේ.. මට එකක් කියලා විශේෂයක් නෑ.. හැම එකම වගේ බලනවා..

    ReplyDelete
    Replies
    1. මේකෙන් එන්න පුළුවන් නිගමනය තමයි සමස්ථයක් වැඩිහිටියෝ ඉන්නේ ආතාතියෙන් කියන එක.

      Delete
  37. ගෙදර ඉන්න කාලේ නම් කාටුන් එකක් ගියොත් අනිවාර්යෙන්ම බලනවා..මටත් හිතිලා තියෙනවා මේ ලොකු කාලෙත් කාටුන් බලන්න කැමති ඇයි කියලා....දැන් අවුලක් නෑ මම විතරක් නෙමේ එහෙනම්....

    ReplyDelete
    Replies
    1. බලන්න අපේ බ්ලොග් අවකාශයෙන් වැඩි කොටසක් කාටූන් බලන්න කැමතියි.

      Delete
  38. මම පොඩි කලේ ඉදලමයි cartoon බලන්නේ,ඒ කියන්නේ මම ආතතියකින් පෙලෙන්නෙක්ද ? කුඩාකල සිටම ?

    ReplyDelete
    Replies
    1. කාටූන් හදන්නේ ළමුන් සඳහා. ඒක ඕනෑම කෙනෙක් දන්නවා. ඒත් වැඩිහිටියන් බලන එකයි අසාමාන්‍ය වගේ පෙනුණේ. මම දන්නවා මේ ප්‍රශ්නේ ඇහුවේ නොදැන නොවේ කියලා. ඒත් ප්‍රශ්නේ හොඳ හින්දා උත්තර බැන්දේ.

      Delete
  39. මම හිතුවා ඔය ලෙඩේ තියෙන්නේ මට විතරයි කියලා. බලනකොට ගොඩාක් අයට තියනවා. එකත් මරු. අහුවෙන ඔනම කාටුන් එකක් බලනවා. හැබැයි 3ඩි ටයිප් එවාට ලොකු කැමත්තක් නැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම 3D ඒවාට කාටූන් කියන්න බෑ. මොකද ඒවා ඇනිමේෂන් කියන ඊළඟ පරම්පරාවේ නිෂ්පාදනයක් නිසා.

      Delete
  40. මමත් ආසම කාටුන් බලන්න තමයි , මේ කාටුන් සීරීස් එක බලල තියෙනවද තියෙනවද - Misha and Masha
    http://www.youtube.com/watch?v=KYniUCGPGLs

    ReplyDelete
    Replies
    1. ඩේටා පැකේජ් එකේ අලුත් මාසේ පටන් ගත්තම තමයි බලන්න වෙන්නේ. ඒ කියන්නේ මම මේක බලලා නෑ.

      Delete
  41. අනිවා කාටූන් බලන්න වයස් බේදයක් නෑ මමත් තාමත් ආසවෙන් බලනවා

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. ලැබෙන ප්‍රතිචාරත් එක්ක පුංචි ගැටළුවකුත් මතු වෙනවා. නමුත් නොබලන වැඩිහිටියන් පිරිසකුත් ඉන්නවා.

      Delete
  42. මම කැමතිම කාටුන් එක පපායි,ඒක ලංකාවෙදි දැකලම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං අපිව අනාථ කරනවනේ. දැන් ඉතිං ඕක බලන්න තව දවසක් ඉන්න එපැයි.

      Delete
    2. පපායි කාලයක් පෙන්නුවා ආර්ට් ටීවී එකේ, පපායි සහ බූඩි කෙල ගන්න විදිය පට්ට

      Delete
  43. සූර පප්පා කවද උනත් බලන්න පුළුවන්, ඒත් සුපර් හීරෝ අලුත් කාටුන් නම් බලන්න හිතෙන්නෙ නෑ ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ චූටි මල්ලියි පොඩි මල්ලියි හඬ කැවීම නව මානයකට ගෙන ගියා. ඔවුන්ට යම් ගෞරවයක් හිමි වෙන්න ඕනේ.

      Delete
  44. දැන් නම් කාටුන් බලන්න විදිහක් නෑ නේ. ඉදල හිටලා යූ ටියුබ් එකේ හොයා හොයා පරණ කාටුන් බලනවා. සුර පප්පා, කව්ද බෝයි, පිස්සු පුසා, දොස්තර හොද හිත මම ආසම ඒවා ටිකක්. ටොම් සහ ජෙරී නියමයි. ටයිටස් තොටවත්තගේ හද කැවීම් නිසා තමයි මම නම් ඕවට පුරුදු උනේ. ඊට පස්සේ සිරසෙන් හද කවපු කාටුනුත් අලුත්ම විදිහකින් මගේ හිතට අල්ලලා ගිය. ස්වර්ණවාහිනියේ යන කාටුන් වලට නම් කැමතිම නෑ.. ඒවගේ හඬ කැවීම අන්තිමයි .

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කථාව හරි. තොටවත්තයන්ට පස්සේ කාටූන් වලට නව පණක් දුන්නේ ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් ඔහුගේ මිතුරා.

      Delete
  45. දැන් නම් කාටුන් බලන්න අවස්ථාවක් නෑ නේ. ඒත් යුටියුබ් එකේ හොයා හොයා බලනවා. පිස්සු පුසා, දොස්තර හොද හිත, සෝරෝ, ටින් ටින්, සුර පප්පා, කවුද බෝයි, ටොම් ඇන්ඩ් ජෙරී ස්කුබි ඩු හප්පේ මම මේවා බහුතරයක් බලල තියෙනවා. ටයිටස් තොටවත්ත මහත්මයා හඬකැවීම් කල ඒවාට තමයි ගොඩක්ම කැමති. පස්සේ සිරසෙන් හොදට හඬ කැව්වා. සුර පප්පා එහෙම නම් ආයේ ආයේ බලන්න පුළුවන්. ස්වර්ණවාහිනියෙන් හඬ කවපුව නම් මට මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  46. ඇයි දෙයියනේ.. ඕක වෙන කවුරුවත් කියන්න ඕනැයැ... මාත් කාටූන් කොච්චරවත් බලන හින්ද අත්දැකීමෙන්ම දන්නවා පරණ කාටූන් කියන්නෙ හිතට මාර සැහැල්ලුවක් දෙන ක්‍රමයක් කියල.. මම මේ කිව්වෙ වෝල්ට් ඩිස්නි මිකී මවුස් හදන්නත් කලින් ඉඳන් තිබ්බ, අතින් ඇඳලා, ඩ්‍රොවිං බෝඩ් එක පාවිච්චි කරලා හැදුව, අර අමුතු රෝස පාටට හුරු දම් පාටකුයි, කලු පාටකුයි විතරක් තිබ්බ, කිසිම වචනයක් නැති කාටූනුත් එක්කම තමයි... ටොම් ඇන්ඩ් ජෙරී, මිකී මවුස් වගේම ඩිස්නිගේ ඔය ෆ්ලැට් කාටූන් කිව්ව පරණ ඇනිමේෂනුත් ඒ වගේ ජාතියක් තමයි... හැබැයි ඒවා 3ඩී වලට වඩා ගතියක් තිබ්බ ස්ටෝරීස් වල.. දැං කාටූන් වල ස්ටෝරීස් ගතියක් නෑ සමහර වෙලාවට...

    ReplyDelete
    Replies
    1. ලස්සන ඒවාත් එක්ක එන අභව්‍ය සිද්ධිත් එක්ක. ඒ වගේම තිබෙන නිර්මාණශීලීත්වය. ඇමෙරිකානුවන සඳ මත පා තබන්න කලින් ඒ ගැන අදහස ටින්-ටින් කාටූන් එකෙන් දී තිබුණා.

      Delete
  47. යෙස් යේස්... මාවත් දාගන්න ඔය ගොඩට... ඒත් ලඟකදිනම් බලන්න බැරි වුනා.. පුතා ලැප් එකෙන් දාගෙන ඩොනල්ඩ් ඩක් එහෙම බලනවා, එතකොටනම් යන එන ගමන් පොඩ්ඩක ඔලුව දාලා බැලුවා...

    ReplyDelete
    Replies
    1. මම ආසම මේවගේ තියෙන නිර්මාණශීලීත්වයට. බලන්න ගිරිපුර ඇත්තෝ එකේ හැම දෙයක්ම ගල් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. සී.ඩී. පටය පවා. බොහෝ දේවල් වලට ගල් ආශ්‍රිත නම් තමයි තියෙන්නේ.

      Delete
  48. දැන්නම් ගොඩක් කාටුන් හරිම බොලදයි, ඉන්දියාවෙ හදපුවනම් මෙලෝකෙ රහක් නෑ....ටිං ටිං කව්ද බෝයි සූර පප්ප ගාෆීල්ඩ් දගය ඔව්ව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... :)

    ReplyDelete
    Replies
    1. සසිඳු ඉන්දියන් කාටූන් වල වෙනම පැත්තක් තියෙනවා. මගේ බ්ලොග් එක පටන් ගත්ත කාලේ ඉඳන් ඔය ගැන සටහනක් ලියන්න ඉන්නවා. කාටූන් වලට කරන්න පුළුවන් දේ බොහොමයි. ජපානයේ පාපන්දු නග්ගලා ගත්තේ කාටූන් ශිල්පියෙක් කියලා දන්නවද ? මේ පොස්ට් එක බලන්න.
      සජීවීකරණ කාටූන් ශිල්පියෙකු තැනූ පාපන්දු උන්මාදය

      Delete
  49. මම හොස්ටල් ඉන්නකාලෙ අපෙ ලොබිය පිරෙන්නෙ මැච් එකක් තිබුනොත් හරි සුර පප්ප්ප යන වෙලාවට හරි විතරයි.මම හිතන්නෙ කාටුන් බලන්න අකමැති කෙනෙක් ඉන්නවනම් එ හුගාක් කලාතුරකින්.එ වයෙ තියෙන සරලගතිය ඉට යටින් යන අරුත් වගෙ දෙවල් නිසා එව මරු

    ReplyDelete
    Replies
    1. රහස තමයි සමාන්තර විශ්වයේ සැරිසරන්න කාගෙත් තියෙන කැමැත්ත.

      Delete
  50. සුදීක......ඇත්තටම මේක හොද තෙරපි එකක්. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි .. හැබැයි පරණ ඒවා.

    ReplyDelete
  51. මම කොහොමත් කැමතියි Tom & Jerry, Road Runner වගේ ඒවට එතකොට Walt Disney ගේ Bambi, Lion King වගේ ඒවට.

    සිංහලෙන් හඬ කවපු ඒවයේ ප්‍රියතම එක පිස්සු පූසා. ඒකේ ඉංග්‍රීසි එකට වැඩිය රසයි ටයි මාමගේ එක.

    ReplyDelete
  52. Misha and Masha - මේක පොඩ්ඩක් හරි බලන්න හැබැයි ඩේටා ටිකක් වැඩිපුර යනවා, මගේ බබාලා ආසම කාටුන් සීරීස් එක

    ReplyDelete
  53. මමත් ඔය ලිස්ට් එකේ උඩින්ම ඉන්නෝ, ජපන් කාටූන් මම හොයා හ ඔය බලනවා, ඇවටාර්1,2 ඊටපස්සේ නරුටෝ, බ්ලීච්, තොටවත්ත මාමාගෙන් පස්සේ සිරසේ ඒවා තමා ඉතින් බැලුවේ, බබා ලන්තය නම් සුපිරි. කව්ද බෝයි, සුර පප්පා, ටින් ටින්, පිස්සු පුසා, අනේ තව මම මේකටත් ආසයි සේසමිස් ස්ට්‍රීට්, අනේ තව මතක් වෙයන්කෝ.

    ReplyDelete
    Replies
    1. නරුටෝ බලන්න බැරි උනානේ මට තවම :(

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...