Tuesday, February 18, 2014

පොලීසිය ට්‍රැෆික් වැඩි කරනවාද ? අඩු කරනවාද ? / Are policemen Increase the Traffic Jam or what ?

පොලීසිය කිව්වහම ඉතිං අපේ කට්ටිය කිසිම ප්‍රසාදයක් නැතිව කතා කරන සේවාවක් නේ. මම නම් ඒ අය දිහා බොහොම අනුකම්පාවෙන් බලන්නේ. මොකද අපේ වගේ රටක පොලීසියේ වැඩ කරනවා කියන්නේ ඉතිං බොහොම අමාරු රාජකාරියක් නිසා. මේ මිනිස්සු අව්වේ/වැස්සේ විඳින දුක් ගැහැට දැක්කම ඇති වෙන්නේ පුදුම දුකක්. "ගිනියම් අව්වේ මහා වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ" කියලා අපේ ටී.එම්. ජයරත්න මහත්මයා ගායනා කළත්, මේ අය දිහා දෙවියෝ නිකමට වත් බලන්නේ නැති බව තමයි පේන්න තියෙන්නේ.

මම කියන්න ආවේ ට්‍රැෆික් නොහොත් මාර්ග තදබදය ගැන. අම්මෝ ඒ ගැනනම් කථා කරලා වැඩක් නෑ. හිනාම යන කාරණේ තමයි ඉදිරියෙන් වාහන තදබදයක් දැක්කම බොහෝ දෙනෙක් කියන දේ "ඉස්සරහ පොලිස් කාරයෙක් ඇති" කියන එක. ඊයේ හවසත් අපි බලාගෙන ගියා. හරියටම හරි පොලිස් මල්ලිලා දෙන්නෙක් වැඩේට බැහැලා. මේ පොලිස් මහත්වරුන්ගේ ක්‍රියාවලියෙන් හොඳටම බැට කන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරන මම වගේ සාමාන්‍ය පුරවැසියන්. මොකද හිතුණ හිතුණ පාරෙන් යන්නද ? ආපහු හරවලා වෙන පාරක යන්නද ? කීයට හරි බස් එක යන වෙලාවක තමයි යන්න වෙන්නේ. එහෙම ගිහින් බොහෝ දිනවලට රතු ඉරට අහු වෙනවා.

කෙනෙක්ට හිතෙන්නේ පුළුවන් ප්‍රමාදයට හේතුව පුද්ගලික බස් පදවන ක්‍රමය කියලා. නෑ. මම බොහෝ වෙලාවට ගමන් කරන්නේ ජාතික ප්‍රවාහනේ. සුළු දුරක් තමයි ජනතා සන්තකේ යන්නේ. මොකද අපේ ඔරලෝසු කැරකෙන වේගෙන් නෙවෙයි එයාලගේ ඔරලෝසු කැරකෙන්නේ. මේ ගැන මම මීට කලිනුත් ලියලා ඇති. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලීසියේ මහත්වරු ට්‍රැෆික් වැඩි කරන ආකාරය ගැන.

මම දිනපතා ගමන් කරන්නේ 163 කියන බස් මාර්ගයේ. මේ මාර්ගයේ නුගේගොඩ ඉඳලා පිටකෝට්ටේ කියන කෙටි දුර යන්න මිනිත්තු 15ක් ගතවෙනවා කියන එක බොරුවක් කියලද ඔබට හිතෙන්නේ. නමුත් මිනිත්තු දහයට යන වෙලාවල් ඉඳ හිට නැත්තේ නෑ. ඇත්තටම මේ කිලෝ මීටර් එකහමාරට ඒ තරම් වෙලාවක් ගත වෙන්නේ ඇයි ?

  • මේ මාර්ගය ඉතා පටු එකක් වීම. ඒ නිසා වේගෙන් යන්න කැමති වුණත් ඉස්සර කරන්න බෑ. දෙපැත්තටම එක වගේ උදේ කාලයේ වාහන ගමන් කරනවා. 
  • මෙහි තිබෙන කඳු සහිත මාර්ගයේ නිසි වේගයක් පවත්වා නොගතහොත් කඳු තරණය ඉතා මන්දගාමීව සිදු වීම. එනිසා පසුපසින් පැමිණෙන වාහන වලටද ඉදිරියේ යන වාහනයේ වේගයෙන්ම ගමන් කිරීමට සිදු වීම. මෙහි ඇති බස් නැවතුම් කඳු පල්ලම් වල පිහිටා තිබීම. 
  • දේවාල පාර නමැති අතුරු පාරෙන් එන වාහන නුගේගොඩ නාවල පාරට ගමන් කිරීම සඳහා අනවශ්‍ය ලෙස කාලය ලබා දීම. මේ නිසා ප්‍රධාන මාර්ගය අවහිර වීම. 
මේ මාර්ගය ගත්තම සිද්ද වෙන කාරණා මේවා තමයි. මෙතනදී මම ඇතුළු මගීන් බොහොම ආවේගශීලී වෙනවා. මොනවා කරන්නද මම නම් දැන් එෆ්.එම්. අහනවා. වාහන දෙක-තුනක් යන්න කලින් නවත්වලා අතුරු පාරට ඉඩ දෙනවා. ඉතිං මේ වගේ පොලිස් නිලධාරීන් හසුරුවන තැන් තුනක්ම මේ මාර්ගයේ තියෙනවා. නමුත් මෙතනට එන නිලධාරියාගේ රාජකාරිය දේවාල පාරෙන් එන වාහන වලට ඉඩ ලබා දීම නිසා ඔහු පොදු මගී ප්‍රවාහනය ගැන නොසිතා ප්‍රධාන පාර අවහිර කර අවස්ථාව ලබා දෙනවා.

 මේ පින්තූරයෙන් පෙන්වන්නේ මෙහි ප්‍රධාන පාර වන, නුගේගොඩ පිටකෝට්ටේ අතර ඇති පාගොඩ් පාර අවහිර වන ආකාරය.
මෙයට විසඳුමක් ලෙස මා යෝජනා කරනවා රතු ත්‍රිකෝණ තිබෙන තැන් වලින් ගමන් කිරීම උදේ කාලයේදී හෝ සම්පූර්ණයෙන්ම නතර කොට, දම් පාටින් පෙන්වා ඇති මාර්ගයේ වාහන යවන ලෙස. එසේ කළහොත් බොහෝ දෙනෙකුගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙය ඔවුන් භාවිතා කළයුතු සාමාන්‍ය මාර්ගයයි. විශේෂයෙන්ම මේ මාර්ගය(පාගොඩ පාර) භාවිතා කර ඉසුරුපාය, සෙත්සිරිපාය, විදේශ සේවා වගේ දහස් ගණනින් සේවකයන් සිටින ස්ථාන වල සේවයට යන අයගෙන් බොහොමයක් මෙතන හිර වෙනවා. ඔවුන් ලබාදෙන සේවය ගැන තක්සේරු කිරීම වෙනමම කාරණයක්. නමුත් මේ නිසා අහිමි වන ඔවුන්ගේ සේවා කාලය කොපමණද ? 

ඒ නිසා මේ පුංචි වෙනස්කම කරලා බලන්න කියලා මම පොලිස් බලධාරී මහතුන්ගෙන් ඉල්ලනවා. මා මුලින්ම කියපු කාරණය ගැනත් වචන කිහිපයක් සඳහන් කරන්න වටිනවා. සමහර පොලිස් නිලදරුවන් මේ අතුරු පාරට ඉඩ දෙන්න සේවයේ යෙදෙව්වාම, එයාලා කරන්නේ පුළුවන් තරම් ප්‍රධාන පාරේ එන වාහන නවත්වලා අතුරු පාරට ඉඩ දෙන එක. මේ වගේ තැන් තව බොහොමයක් තියෙනවා ඇති, මා මේ සඳහන් කලේ තවත් එක ස්ථානයක් විතරයි. වෙලාවකට හිතෙනවා පොලීසිය ඉන්නවා කියලා පෙන්වන්න, තදබදය නිර්මාණය කරනවා වත්ද ? කියලා. 

76 comments:

  1. පොලිස් නිලධරුවන් ඉන්න කොට නැති ඉවසීමක් හැදෙනවා නෙව රතගායොන්ට. ඒකයි අවුල..

    ReplyDelete
  2. අනේ මන්ද කියන්න දේවල් බොහෝයි....

    ReplyDelete
  3. බලමු සුදීකයියාගේ අදහස කෝම වෙයිද කියල. ඒ පැත්තෙම අය කමෙන්ට් කරන්න එපැයි.. :)

    මොනව වුනත්, බස් එකකට කියල නැග්ගොත් මම නගින්නෙම ලංගම ක තමා.. :)

    ReplyDelete
    Replies
    1. ලංගමේ නගින එක හොඳයි.

      Delete
    2. හුගක් ලංගම බස් හරි අපිරිසිදුයිනේ....:(

      Delete
    3. ඔයා ඇමරිකාවෙ ඉදලද බැස්සෙ...
      අපේ මගීන් හින්දමයි බස් අපිරිසිදු වෙන්නෙ...
      එයාල එයාල ගැන විතරක් හිතන එක අතෑරල සමස්ථ සමාජය ගැනම හිතන දවසක .................?

      Delete
    4. කථාව ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, පිරිසිදු තැනකට කුණු දාන්න ඕනෑම කෙනෙක් මැලි වෙනවා. නමුත් කුණු තියෙන තැනකට කුණු දාන්න කිසි කෙනෙක් මැලි වෙන්නේ නෑ. මේක එංගලන්තේ කරපු පර්යේෂණයක්.

      Delete
    5. මහේෂ්,මම ඇමරිකාවත් එක්ක ලංකාව සංසන්ධනය කරන්න ගියේ නැහැ.මම කිවේ හුගක් ලංගම බස් පුද්ගලික බස් වලට සාපේක්ෂව අපිරිසිදුයි කියන දෙයි.මගින් සතුව වගකීමක් තියෙනවා තමයි තමන් යන ප්‍රවාහන සේවය රැක ගැනීමේ.සුදික අයියා කියා තියෙන දේ තමයි ඇත්ත.කොළඹ 07 පාරක යන අපිට පාරට ටොපි කොලයක් දාන්න හිතෙන්නේ නැහැ.නමුත් මාළිගාවත්ත පැත්තේ,එහෙමත් නැතිනම් දෙමටගොඩ අතුරු පාරක යන කොට ඇයි අපිට අර හැගීම එන්නේ නැත්තේ.?

      Delete
  4. පොලිස් නිලධාරියෝ මේක දකීද සුදීක?

    ReplyDelete
  5. බයික් එකක් ගන්ඩ අනේ

    ReplyDelete
    Replies
    1. අම්මෝ කථා කරන්න එපා ඒ ගැනනම්.

      Delete
    2. කමක් නෑ ගනිං... එකක්

      Delete
    3. මම එකක් ගත්තා කියමු. එතකොට අනිත් අයට මොකද වෙන්නේ ?

      Delete
  6. මටනං හිතෙන්නෙ පොලීසිය වගේම කලර් ලයිට් හයිකිරීමත් වාහන ගමන් කරන රටාව ගැන අධ්‍යයනයකින් තොරව කරල තියෙන්නෙ කියන එකයි. මේ ළඟදි මම කඩුවෙල හන්දියෙ හිරවෙලා හිටිය පැයක් විතර.

    ReplyDelete
    Replies
    1. මාස කිහිපයකට වරක් මේවා යලි සොයා බලන්න ඕනේ. කාලගුණය වගේම ට්‍රැෆික් එකත් වෙනස් වෙනවා, පාරවල් අලුත් වෙන්න වෙන්න.

      Delete
    2. හවස 5-6 වෙලාවට කඩුවෙලින් පැයක් ඉඳල යනවා කියන්නේ සැහෙන්න ලොකු දෙයක්.. දැන් තත්වේ කොහොමද දන්නේ නෑ.. මිට මාස 6-7ක ට කලින් නම් හවසට කඩුවෙල කියන්නේ සොරි.කොම් සීන් එකක්..

      Delete
  7. ට්‍රැෆික් එකක් තියෙද්දි මමත් අනිවාර්යයෙන්ම හිතනවා පොලිස් කාරයෙක් ලඟ ඇති කියලා... ඒත් උනුත් හිතල ට්‍රැෆික් ඇතිකරනව නෙවෙයි නෙ... ට්‍රැෆික් වැඩි වෙද්දි තමයි ඒ තැන් වලට පොලිස් කාරයෙක් ව දාන්නෙ, ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න... අපි දකින්නෙ ට්‍රැෆික් තියෙන තැන ඉන්න පොලිස් කාරයව විතරයි... උනුත් පවු, අපිත් පවු... :D

    ReplyDelete
    Replies
    1. //උනුත් පවු, අපිත් පවු...//

      මේ ටික තමයි කියන්න තියෙන්නේ.

      Delete
  8. නැති ප්‍රශ්න ඇති කරන්නත්,ඇති ප්‍රශ්න නැති කරන්නත් දන්නා එකම පොලිස් සේවය ලංකා පොලිස් සේවය විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. පොලීසිය වගේම එයාලට පාලනය කරන්න වෙන ජනතාවත් මේකේ කොටස් කාරයෝ නේද ? අපි 100% නීතිගරුක නම් එයාලට කරන්න වැඩකුත් නැතිව යනවා.

      Delete
  9. ඔය විස්තර අදාළ ආයතන වලට මේලක් මගින් හරි යොමු කලොත් කියා තිබෙන සියල්ල නොවුනත් යම් දෙයක් වෙයි කියා මා සිතනවා සුදික.

    ReplyDelete
  10. හොද අදහසක් අයියේ ..පොලිෂ් කාරයෝ බ්ලොග් කියවන්නේ නැහනේ අප්පා.. ,ඔන්න පොලිසියේ වෙබ් අඩවියකට ජොලියට වගේ ලින්ක් එක යැවුවා ... මේ රටේ නම් රථවාහන හසුරුවන්න පොලිසියක් මැදිහත් වෙන්නෙම නැති තරම්,,, පාරවල් 8ක් ක්‍රොස් වෙන තැන් වලත් කලර් ලයිට් වලට සහ කලර් ලයිට් නැතුවත් මිනිස්සු හැමෝම මාර්ග නීති අනුගමනය කරනවා..

    ReplyDelete
    Replies
    1. අපේ විනයත් මේකට සෑහෙන බලපානවා.

      Delete
  11. මම උඹ ඔය කියන තැන ගැන නොකියා සාමානය තත්වය ගැන කිව්වොත්, ඔය ඉහලින් අහවලා කියලා තියෙනවා වගේ පොලිසියෙන් ඉන්නේ ට්‍රැ‍ෆික් වැඩි තැනකයි. ඒ නිසා අපිට් එහෙම පේනවා, හිතෙනවා. සමහර වෙලාවට ඔය රවුන්ඩබවුට් වල හන්දිවල මිනිස්සු ගොං වැඩ කරලා පටලාගෙන ග්‍රිඩ්ලොක් එකක් හදාගත්තාම අපිට හිතෙනවා අයියෝ පොලිස් කාරයෙක් හිටියනම් මේක පැටලුම් ඇරලා දෙනවනේ කියලා.

    මම දකින වෙනත් අනතුරක් තමයි ඔය එලිය මදි වෙලාවටත් සමහරි ට්‍රැ‍ෆික් කොප්ස්ලා අර සුදු ග්ලව්ස් නැතුව වාහන වලට සංඥා දෙන එක. එහාපැත්තේ වාහන එලියට පසුබිම් වුනාම මෙලෝ දෙයක් පේන්නේ නෑ. ඒ මදිවට 'මොකද ඕයි බලාගෙන ඉන්නේ යනවකෝ @#%$!' කියලා කෑ ගහනවත් එක්ක. ඇත්තෙන්ම ඒවගේ වෙලාවට සුදු ග්ලව්ස් නෙවෙයි ලුමිනස් එලිය විහිදුවන දේකුයි ඕනේ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එයාලට පහසුකම් පිලිබඳ ප්‍රශ්නත් තියෙනවා මට හිතෙන්නේ.

      Delete
  12. මමනම් හිතන්නේ ට්‍රැෆික් පොලිස් මහත්හොරු කරන්නේ ඔවුන්ගේ රාජකාරිය කියලා .ඒ කියන්නේ ට්‍රැෆික් වැඩි කරන එක ....ට්‍රැෆික් වැඩි වුනේ නැත්නම් උන්ට කරන්න දෙයක් නැති වෙනවානේ .....

    ReplyDelete
    Replies
    1. මටත් මෙහෙම හිතිලා තියෙනවා. මොකද එයාලට තැනක් බාර දුන්නම, එයාලා බලන්නේ ඒවායේ අඩුවෙන්ම චාන්ස් ලැබෙන පැත්ත ගැන. කහ ඉර බලන්න. සමහරවිට ගාලු පාරේ යන වාහන නවත්වලා දෙන්නෙක් පාර පන්නනවා. එතකොට ඒ නිසා සිය ගානක් දෙනා බලාගෙන ඉන්න ඕනේ.

      Delete
  13. ඔය කතාවනම් ඇත්ත තමයි සුදීක. අපිත් පිටකොට්ටේ ඉදලා නුගේගොඩට යනකොට බොහෝවෙලාවට යන්නේ දේවාල පාරෙන් දාලා. දේවාල පාරට priority දෙන්නේ ඇයි දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නඩුකාර උන්නාන්සේ කෙනෙක් වත් ඉන්නවද කියලා. එහෙම වුනොත් නම් ඒ පාර අවහිර කරනවා අඩුයි.

      Delete
  14. නුගේගොඩ ට්‍රැෆික් ලොක්කට මේක ඊමේල් කරන්න අයියෙ :D

    ReplyDelete
    Replies
    1. ඒ මේල් ඇඩ්රස් එක හොයා ගන්න වෙනවා.

      Delete
  15. අනේ මංද... උංට බැවලත් බෑ... ඒත් කොරන කාපාලු වැඩ වලට නොබැනත් බෑ... ඔය පොලිස් අය හිංද ට්‍රැපික් එන්නෙ ඒ වගේ කාර්ය බහුල තැං වලට අත්දැකීම් අඩු අලුතෙං බැස්ස උං එනකොට... ඒ වගේ තැං වල හොද පරණ බුවාල දෙන්නෙක් වත් බැස්සුව නං...............?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාවත් ඇත්ත. මම කියන තැන හිටපු ගමන් පොලිස් ලොක්කෙක් බහිනවා. එදාට කලින් යවනවා.

      Delete
  16. පෝලීසීය ගැන කියන්න කතා ද නැත්තේ සුධීක....
    දූෂීත වූ පොලිස් දෙපාර්තමේන්තුව අවංක අරමුණින් නීතිය ක්‍රියාත්මක කරයිද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ තැන් කිහිපයක්ම හැදිලා තියෙනවා මම දැක්කා. ඒ නිසයි දැම්මේ. දූෂිත කම නම් හුඟක් තැන් වල අඩු-වැඩි වශයෙන් තියෙනවා.

      Delete
  17. යෝජනාව නම් අපූරුයි සුදීක මහත්තයෝ හැබැයි ඉතින් අපි කියන දෙයක් ඇහුනමත් ඕකලාට ඒක කොච්චර හරි වුනත් පේන්නේ වැරදියට නෙව.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නේ. අපි වගේ කෙනෙක්ගේ අදහසක් බාර ගන්න ඒ අය කැමති වෙයිද ?

      Delete
  18. වැඩක් සහ ට්‍රැෆික් යනු ගහට පොත්ත මෙන් වන නිසා කිසිත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. මල්ලි පොලීසියේදේ වැඩ කරන්නේ ?

      Delete
  19. සුදීකගෙ අදහස බොහොම හොඳයි,නමුත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ පොලිස් නිලධාරීන් බ්ලොග් කියවනවද කියන ඒකයි.

    ReplyDelete
    Replies
    1. පූජිත් ජයුන්දර මහත්මයා ෆේස්බුක් එකේ ඉන්නවා. මම විශ්වාස කරනවා තවත් නිලධාරීන් බොහොමයක් ඇති කියලා. හැබැයි බ්ලොග් බලනවද ? කියන ගැටලුව තියෙනවා.

      Delete
  20. මේ ලිපිය ඒ පැත්තේ ට්‍රැෆික් ලොක්කෙකුට පෙන්නන්න විදියක් තිබුනා නම් හරි....ඔය ඉදිරිපත් කරලා තියෙන විසදුම ට්‍රැෆික් ලොක්කන්ට නොහිතෙන්නේ මොකද මන්දා?

    ReplyDelete
    Replies
    1. එයාලා අපි වගේ බස් වල රස්තියාදු ගහන්නේ නෑනේ.

      Delete
  21. රාජගිරිය-නාවල පාරේ ඉදන් කිරිමණ්ඩල පාරට ඇතුල්වෙන ස්ථානයේ ඉන්නේ නම් ට්‍රෑෆික් රාළහාමි කෙනෙක් නෙවෙයි රොබෝ කෙනෙක්. අත් දෙකෙන් දෙපැත්තකට සිග්නල් දෙන ගමන් ඔලුවෙනුත් ලග ඉන්න අයට නවතින්න යන්න කිය කියා එතන ට්‍රෑෆික් එක අවම කිරීමට ලබාදෙන සේවය නම් අනර්ඝයි. ඒ මදිවට මිනිහගේ මූනේ හොද ප්‍රසන්න හිනාවකුත් තියෙනවා. නියම පර්සනලිටි එකක් තියෙන රාළහාමි කෙනෙක්. ඒ වගේ පාර ගැන, ට්‍රෑෆික් ගැන දැනුමක් තියෙන අය හැම තැනකටම දැම්මා නම් ඔය කියන විදියේ ලොකු පෝලිමක් ඇතිවෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හැමෝම එක වගේ දක්ෂ නෑ නේ. මේ වගේ ආධුනික අය ඒ තැන් වලට අරං ගිහින් පෙන්වන්න ඕනේ.

      Delete
    2. මේ මනුස්සයා මම හඳුනන කෙනෙක් , මං එයාට මේ කොමෙන්ටුව පෙන්නුවා , මිනිහට ඉහලම සතුටුයි.

      Delete
  22. ඕක විතරක්ද තව අප්පිරියම එක්ක තමයි 154 කිරිබත්ගොඩ - අඟුලාන. උන්ගේ ආච්චිලගේ පාරවල් වගේ යන්නේ රෙද්ද.
    117 රත්මලාන - නුගේගොඩ ඕකත් ආච්චිට හාල් ගරන්න නවත්තන් ඉන්නවා පැය ගානක්.
    192 මහරගම - මොරටුව ඔය ඔක්කොම එකයි :3 :3 :3

    ReplyDelete
    Replies
    1. ඔය කෙටිල්ල ගැන මම පොස්ට් එකක් දැම්මා ටික කාලෙකට කලින් ගිනි බලන්න
      ලංකාවේ වැඩියෙන්ම කොටන බස් රූට් එක

      Delete
  23. නුවර කිංස්වුඩ් එක ළඟත් මේ වගෙයි. අලුත් පාර පාවිච්චි කරන්නෙ ඉක්මනින් යන්න වුනාට මෙතැනත් අතුරු පාරෙ වාහන වලට තමයි ප්‍රමුඛත්වය.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද ? මගේ යාළුවෙක් ඉන්නවා තල්වත්තේ මිනිහා හැමදාම බැන බැන යන්නේ මාලිගාව ලඟින් පාර වහලා තියෙන එකට.

      Delete
  24. නුවර කිංස්වුඩ් එක ළඟත් මේ වගෙයි. අලුත් පාර පාවිච්චි කරන අය නැවතිලා ඉන්න ඕන අතුරු පාරවල් වල වාහන යනකන්.

    ReplyDelete
  25. සුදීකගේ අදහස වටිනවා. එහෙම කරනවා නම් සුපර් මාකට් එක ලඟ සංඥා එළි වල කාල පරතරයත් වෙනස් කරන්න ඕන. මොකද ඒ පැත්තෙන් නාවල පැත්තට යන අයට අඩු වෙලාවක් තමා දෙන්නේ.

    පොලිස් නිලධාරීන් නිසා තදබදය ඇතිවෙනවා කියන එකට මම එකඟ නැහැ. උදාහරණයක් විදිහට කිරුලපන,දෙල්කඳ ගම්සභා හන්දිය, නුගේගොඩ කට්ටිය හන්දිය වගේ තැන්වල පොලිස් නිලධාරීන් හිටියේ නැත්නම් හැමෝම ලොකු අමාරුවක වැටෙනවා. (කිරුලපන පොලිසියේ නිලධාරීන්ට නම් විශේෂ හැකියාවක් තියනවා මාර්ග තදබදය අවම කරන්න.)

    ඒත් මේ වගේ සරල විසඳුම් ක්‍රියාත්මක නොකරන එක ගැන නම් හරිම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ වගේ වෙනස් කමක් කලහම කාල පරතර යාවත්කාලීන කරන්න වෙනවා සංඥා පුවරු වල. කිරුළපන නිලධාරීන්ගේ අතේ සඥා පුවරු වල රිමෝට් එක තියෙනවා. ඔවුන් ඒ පිලිබඳ දක්වන නිපුනතාවත් හොඳයි.

      Delete
  26. මමත් උදේට වැඩට යන එන මාර්ගයේ ප්‍රධාන මංසන්ධියක් තියෙනවා උදෑසන වගේම හවසටත් දැඩි රථවාහන තදබදයක් තියෙන...මෙහෙ නම් රථවාහන පොලිස් නංගිලත් ඉන්නවා අයියලට අමතරව...ඒ අය වර්ණ සංඥා දෙස බලා සිටිනවා හැර වෙන යමක් කරන්නෙ නෑ...අවශ්‍ය හැමතැනකම ගුවන් පාලම් හදලා තියෙන රටක අවශ්‍යම තැනක ඒක හදලා නෑ...

    ReplyDelete
    Replies
    1. සිරා කියන්නේ මැලේසියාව ගැනද ? ලංකාව ගැනද ?

      Delete
  27. එළකිරි පෝස්ට් එක මචෝ... මේවා ලියලා වැඩක් නෑ කිව්වට ලියන්න ඕන.. මගේ ඒවත් මහ තැන්වලට ගියා කියලා ලියුම් එහෙම ආවා. ඒත් ට්‍රැෆික් එක එහෙමමයි.. ඒත් අපි ලියමු..

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකක් ලිව්වම අඩු ගානේ හිත වත් සැනසෙනවා නේ.

      Delete
    2. මේ අදහස් පිළිගන්න එක එයාලගේ අභිමානයට කැළලක් එකයි ඔය

      Delete
  28. මහේ නම් හුඟක් වෙලාවට කලර් ලයිට්ස් වල එහෙම ඔටෝ වැඩ කරද්දී ට්‍රැෆික් අඩුයි.. බැරිවෙලාවත් පොලිස් කාරයෙක් බලාගන්න හිටියොත් අනිවා ට්‍රැෆික්.. ඒක මම හොදටම දැක්ක දෙයක්..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන අවස්ථාත් ඇති.

      Delete
  29. Traffic tiya kohama kata karath "Police" gananam mama kata karanawat kamati naha. ( Kalakirimak tiyanne Ayyandi )

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් ඉන්නේ ඔය මානසිකත්වයෙන් තමයි. ඒ වුණාට පොලිස් කාරයෝත් මනුෂ්‍යයෝය කියලා හිතමු.

      Delete
  30. හැබැයි දැන් පොලිසිය ගොඩාක් පොසිටිව් දෙවල් කරල තියෙනව නේද.ගාලු පාරෙ එහෙම දැන් ට්‍රැෆික් ඇත්තෙම නැ වගෙ නේද

    ReplyDelete
    Replies
    1. ඔව්. දමිත් අර වන් වේ කිරිල්ලෙන් පස්සේ කොළඹ ට්‍රැෆික් ඇත්තෙම නෑ වගේ. නමුත් ආසන්න නගර වල තම්වමත් මේ වගේ තැන් තියෙනවා.

      Delete
  31. ඔය මිනිස්සු ටික අපිට වදයක් වගෙ වෙලාවකට පෙනුනට මේ තරමින් හරි තියන්නෙ ඔහොමවත් ඉන්න නිසා.. ට්‍රෆික් එක අඩු කරන්න නම් තව ගොඩක් දේවල් කරන්න වෙනව. ඒව දීර්ඝ කාලීනව වෙන්න ඕන දේවල්..

    අමතර පුරස්නයක්..//හිරු මෙලෙස පිහිටන්නේ වසරට දෙවරකි.// කොහෙ තියන තැනක් ද ඒ, අයියෙ ?

    ReplyDelete
    Replies
    1. ඔව්. සමහර තැන් වලදී ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍යයි.

      Delete
    2. අර තැන ගැන සටහනක් නෑ. මම හුඟක් හෙව්වා.

      Delete
    3. ආ.. ඒකට කමක් නෑ සුදීක අයියෙ. වෙච්ච මහන්සියට ස්තුතියි. :)

      Delete
  32. මේ යෝජනාව පොලිස් රථවාහන අංහයට යවන්න. හැබැයි පිටපතකුත් මොරටුව විහ්ව විද්‍යාලයේ නාගරික සැලසුම් ඒකකයටත් යවන්න මට හිතෙන්නෙ වැඩේ කරගන්න පුළුවන් වේවි කියලා.

    163 බස් විතරක් නෙවේ 155 අන්න වන්දනා ගමන් යන්න නියම බස්

    ReplyDelete
  33. හොඳ යෝජනාවක්, නමුත් ඔවුන්ගේ ඇස ගැටුනත් මෙය ක්‍රියාත්මක කරයිද කියන්නනම් බෑ ..මම මේ ලිපිය වැලිකඩ O.I.C. ට දුන්නා ...එත් ඒක එයාගේ බල ප්‍රදේශය නෙවෙයි . කතාකරලා බලමු කිව්වා. මොනවා වෙයිද දන්නේ නෑ .

    ReplyDelete
  34. පොලිස් මහජන සම්බන්ධතා අංශයට මේවා යොමු කරන්න විදිහක් නැද්ද ?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...