Sunday, February 9, 2014

ලොල්ද මන්දා අංක 12 : විකුණන ඉඩමට නමක් ....... A perfect name for land for sale

අපේ කාර්යාලයේ ඉන්න කාන්ති නෝනා දවසක් තේ බොන වෙලාවේ අළුත් ආරංචියක් අරගෙන ආවා. මෙතන මේ වෙලාවේ හිටියේ අකිලත්, මමත් තව කිහිප දෙනෙකු විතරයි. ඇවිත් මෙන්න මේ වගේ ඉල්ලීමක කළා
පින්තූරය ගත්තේ : www.getmyland.com

"අනේ මල්ලිලා අපේ උඩහමුල්ලේ තියෙන ඉඩමක් කොටස් කරලා විකුණන්න යනවා. දැන් ඉතිං කොහේ ඉඩම් වෙන්දේසියක් ගියත් ඒවාට ඉංග්‍රීසි නමක් දානවනේ. අපේ එකටත් හොඳ නමක් හොයා ගන්න ඕනේ. පොඩ්ඩක් දෙන්නත් එක්ක මට උදව් කරන්නකෝ"

අපි දෙන්නත් ඔළුව වනලා වැඩේ භාර අරගෙන ඔෆිස් එකේ අපේ මෙසේ දෙපැත්තේ වාඩි වෙලා දැන් ඉඩමට දාන්න නමක් හොයනවා. අනේ ඉතිං දෙයියනේ කියලා එංගලන්තේ තියෙන හැම ප්‍රාන්තෙකම නම් අපේ කට්ටිය පාවිච්චි කරලා තියෙන නිසා ඒවා අත අරින්න වුණා. සමර්ෆීල්ඩ්, වින්ටර් ගාර්ඩන්, ස්ප්‍රින් වැලි, මේ හැම එකක්ම තියෙනවා. බැරිම තැන අකිල කාන්ති මිස් ලඟට ගිහින් වත්තේ සිංහල නම අහ ගත්තා.

වත්තේ සිංහල නම කහටගහවත්ත. අපි දෙන්නා දැන් දස අතේ කල්පනා කරනවා මේකේ ඉංග්‍රීසි නම. කොහේ හොයන්නද ? බැරිම තැන අපි මේකට කියන උද්භිද විද්‍යාත්මක නාමය දාමු කියලා කාන්ති මිස්වත් කැමති කරගෙන, බොහොම අමාරුවෙන් පාවිච්චි කරන්න ලැබෙන අන්තර්ජාලය පීරලා පීරලා නම හොයා ගත්තා. ඒක දැක්ක ගමන් අපි දෙන්නට හොඳටම හිනා. අකිලයා දුවලා-දුවලා ගිහින් කාන්ති මිස්ගේ කණට කරලා නම කිව්වා, කාන්ති මිස්ටත් හොඳටම හිනා.

හොඳයි මම දැන් ඕක මෙතන කියලා දැම්මොත් කිසිම ගතියක් නෑ. ඒ නිසා අපේ බ්ලොග් රසිකයින්ට මම විද්‍යාත්මක ගැටළුවක් විදියට මේක ඉදිරිපත් කරනවා. බලමු කවුද කියලා හරි උත්තරය දෙන්නේ ?

මොකක්ද ප්‍රශ්නේ : කහටගහට කියන උද්භිද විද්‍යාත්මක නාමය. 

අන්තිමට මේ වත්ත කහටගහවත්ත විදියට තමයි වෙන්දේසියට ගියේ. 

101 comments:

  1. හපෝයි .....
    කහට ගහ කියල යුනිකෝඩ් වලින් search කලා.
    acrid tree කියල search කලා.
    නැහැනෙ!

    ReplyDelete
    Replies
    1. තව පාරක් ට්‍රයි කරලා බලන්න.

      Delete
  2. ඔන්න එහෙනම්

    Careya arborea

    ReplyDelete
  3. සුදීක මම හොයා ගත්තෙ මේ site එකෙන්. ලංකාවේ තියෙන් හැම ගහක් ගැනම තියනවා.

    උද්භිද විද්‍යාත්මක නාම

    ReplyDelete
  4. stain tree garden

    කලින් පෝස්ට් එක අපිට තහනම් කලානේ ,අපි කියවුවේ නැහැ

    ReplyDelete
    Replies
    1. විද්‍යාත්මක නම නම් හම්බුණේ නැහැ ,, ඉඩමට දාන්න නමක් තමයි කිවේ

      Delete
    2. ඔයා බැලුවේ නැද්ද ? අර කොස්වටු කන්දේ රොසලින් නැන්දගේ දුව නම් කමෙන්ට් එකකුත් දාලම ගිහින් තිබුණා.

      Delete
    3. කලින් පොස්ට් එකේ මොකක් ගැනද තිබ්බේ ඔමා ..?

      Delete
    4. ඇත්තමයි මං කියවුවේ නැහැ , වෙනදනම් ඔයා පෝස්ට් එක දාන වෙලාවේම කියෝනව , එකේ රේසර් එකකුත් තිබ්බ නිසා කියවුවේ නැහැ , පිරිමින්ට පමණයි ,වැඩිහිටියන්ට පමණයි කිවම ඉක්මනට කියෝනවා වෙනද අනේ මන්ද බැරි වුනානේ , එක්කෝ දැන් කියවලා බලන්න ඕනේ ,

      Delete
    5. රැවුල බාන රේසර් ගැන බන්..උඹ කියෙව්වේ නැද්ද...?

      Delete
    6. careya arborea ,මට අන්තිමට ජංජාලේ පීරලා ලැබිච්ච එක. මුල් ටික කුනුහබ්බයක් වගේ නේද.. හි හි ,පබ්ලිෂ් කරන්න එපා :)

      Delete
    7. @අපූරුයි ඔමයා තෝව මරලත් මදි මගෙන් අහගෙන මෙතන කියල ජංජාලෙ පීරල හොයාගත්ත කියල :/

      Delete
    8. දැන් ඔය පලවෙනි වචනේ කිව්වේ කෙන්ජි අයියටද ?

      Delete
    9. @සුදික ,,ඔයා හොද නැහැ අප්පා .
      @සසිඳු ..අම්මෝ මමයි මෙයාටත් හොයා දුන්නේ :)

      Delete
    10. @අපූ චැට් එකේ ස්ක්‍රීන්ෂොට් එක දාන්නද මගෙන් ගහේ නම අහගත්ත? :P

      Delete
  5. Replies
    1. දෙනවා. දෙනවා. පළවෙනියට.

      Delete
  6. මට නම් හොඳයි කහටගහ කියන නම..ඒ නිසා විද්‍යාත්මක නම හොයන්න ගියේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඩැයිවර් කොල්ලා හරි කම්මැලියා.

      Delete
  7. Replies
    1. හිතේ තියෙන හොඳම කහට දාන්නද හදන්නේ ?

      Delete
  8. කැමීලියා සිනෙන්සිස් ද....?

    ReplyDelete
    Replies
    1. එහෙම වුනා නම් දානවනේ එකෙන්ම.

      Delete
  9. කහට ගහේ විද්‍යාත්මක නාමය Careya arbovea :D

    ReplyDelete
  10. Replies
    1. එතකොට ඇත්තටම මොකක්ද මේ කහට ගහ කියන්නේ...බොන්ඩ වෙන ප්‍රශ්නයක්

      Delete
    2. සමහරු බිව්වම උද්භිද විද්‍යාත්මක වචන වලින්මයි කතා කරන්නේ.

      Delete
  11. කැරේයා ආබෝවියාද? කැරියා ආබෝවියාද අයියෙ :D

    ReplyDelete
    Replies
    1. හුරේ වේවා මම තමා එක :D

      Delete
    2. සාගර නේද එක ?

      Delete
    3. සොරි වෙන්න ඕන අයියෙ මන් දැක්කෙ නෑ.. :)

      Delete
  12. Namanam mama hoyagaththa... honda welawata menama damme naththe.... meka danmanam idama wikunanna wenne ne..... balamuko ilagata kawda nama hoyaganne kiyala ...

    ReplyDelete
  13. ටී ට්රි ස්ටේට්

    ReplyDelete
  14. කැමති නමක් තෝරා ගන්න
    කැරියා වත්ත
    කැරියා එස්ටේට්
    කැරියා ගාර්ඩ්න්
    කුණුහරුප කිව්වා කියල බයින්නෙපා ඉතිං....ගහේ නම Careya arborea.

    google දෙයිය තමයි හොයල දුන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක නම් අයාල් සිතක්ම තමයි.

      Delete
    2. ආයෙත් අහලා...හෙහ් හෙහ්...

      Delete
  15. කලින් කමෙන්ට් එක ගිල්ලද? Careya arborea

    ReplyDelete
  16. යෙලෝ ටු ගාර්ඩ්න් :)

    කහට ගස් නම් මන්දා අයියෙ, කහට ගෙඩි නම් මරු කෑමක්. ඒ වගෙම කහට කොල වලින් හැලප ඔතනවා.

    ReplyDelete
  17. ඔය වගේ නම් දාන්න කියලා.. ප්‍රේමදාස මහත්තයගේ ගම් උදාවට.. මරු මරු නම් ආවලු.. හැලපයත් ඔය කතාව කිව්ව මයෙ හිතේ.. නමක් නම් ආවා.. මෙතන ලියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මට පෙන්නේ උත්තරය දැනගෙන තමයි මේ කමෙන්ට් එක දැම්මේ.

      Delete
  18. සොරි වෙන්ට ඕන ඉස්සෙල්ල පොඩි මිස්ටේක් එකක් වෙලා, Careya arbovea නෙමේ Careya arborea :D කඩ්ඩෙන් කියන්නෙ Slow Match Tree කියලා :)

    ReplyDelete
    Replies
    1. මුන්ට පොඩි නිදහසක් දුන්නම හතර අතේ කුණුහර්ප වපුරනවා

      Delete
    2. ඉතින් ඔයානෙ හොයල කුණුහරපෙ කියන්න කිව්වෙ අයියෙ :D

      Delete
  19. අපි ඉන්න වත්තත් කෑලි කඩල වික්ක එකක්,දන්නා කාලෙක ඉඳලම කිව්වේ අලවත්ත කියල ඒ වුනාට වෙන්දෙසිකාරයෝ සමර් ගාඩ්න් කියල නම් දැම්මනෙ,කොහෙන් හොයාගෙනද මන්ද,අපි නං ඉතිං තාම කියන්නෙ පොඩි කාලෙ ඉඳල කියපු නම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ කියන වත්ත තියෙන්නේ උඩහමුල්ල පැත්තේ, දන්නේ නැද්ද ?

      Delete
    2. උඩහමුල්ලේ කොයි හැරියෙද කැරියාවත්ත තියෙන්නේ?

      Delete
  20. //බොහොම අමාරුවෙන් පාවිච්චි කරන්න ලැබෙන අන්තර්ජාලය//

    හැක හැක

    මොකක්ද බං ඒ නම .

    හිටපිය මම යනවා රැ ඉංගිරිසි පන්තියකට

    දැන් ඉතින් එක එකා පොලිමට කමෙන්ට් දාන්ට එපා

    එල එල . උගත මනා සිල්පය අරකය. අහක යන් නැතිය කියලා )(*^$!@%^&((*&^^^

    ReplyDelete
    Replies
    1. 2001 දී විතර මේක වුණේ. ඒ කාලේ අන්තර්ජාලයට ඩයල් අප් වලින් යන්නේ. ඩිරෙක් ලයින් එකක් ගලවලා ගන්න එපැයි. ඒකට ඉතින් ලොක්කගේ අවසර ඕනේ.

      Delete
  21. මොකද මේ ආප්ප අප්පිරියයි

    ReplyDelete
  22. ඔය ඉඩම මම හිතන්නේ ඩිපෝ එකට එහා පැත්තේ තිබුන ඉඩම වෙන්ටෑ..

    ReplyDelete
    Replies
    1. මේක ස්ටේෂන් එක කිට්ටුව.

      Delete
    2. ඉස්ටේසමට ඉස්සරහ වෙල එහායිං (වෙල දැන්නං තියේද දන්නෑ) ඇඹුල්දෙනියට වැටෙන පාරෙ තිබ්බ එකක්ද. එහෙම නැත්තං ඉස්ටේසමට සූට්ටක් එහා කනත්ත ගාව තිබ්බ ඇන්ටිගෙ කඩේ ගාවිං (ආ කලිං පාර පටන්ගන්නෙත් මෙතනින්ම තමා නේහ්) ඇතුලට යන පාරෙං ගියාම වැටෙන ඩිපෝවෙ පිටිපස්සට වෙන්නට තිබ්බ ඉඩමද...සෝක් නම "වරිකැත්ත ගාර්ඩෙන්ස්" හෙහ්.... හෙහ්.....

      Delete
    3. දැනුයි මේ කමෙන්ට් එක දැක්කේ..... X-Porterමාව අතීතයට ගෙනියනවා...මම ඔය කිට්ටුවම ඉරිදාපොළ ඉස්සරහ.

      Delete
  23. මන් හරි උත්තරය දීලත් මේතන දාල නෑ :(

    ReplyDelete
    Replies
    1. මම මේ ඒකට කියන වෙන නමක් හොයනවා. මුල වචනයට නම් තේරුම් තියෙනවානේ. දෙවෙනි වචනයට තමයි තේරුමක් නැත්තේ.

      Delete
    2. මොකක් කිව්වා? :O

      Delete
  24. ඔය පොෂ් නං දාල විකුණන ඒව තමයි පොඩ්ඩ වැස්ස ගමං වතුරෙන් යටවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ එයාලා කියලා තියෙන්නේ පාර අතළඟ, වතුර කට ළඟ කියලා.

      Delete
  25. අනේ බාං අය්යෙ ඔච්චර අගේ කොරවන්නැතුව දාහන්කො ඔන්න ඕක.. අනේ මංද ඉංගිරිස්දන්නව නං අපේ ඉංගිරිසි ටීස ගෙං කිස් එකක් අරං මම.. ඒ කේස් එක මං කියල නැ යතා කාලයෙදි දාංනංකො ඈ

    ReplyDelete
  26. Careya arborea (Wild Guvava, Ceylon Oak)

    ReplyDelete
  27. ඇත්තටම මොකක්ද කහට ගහේ විද්‍යාත්මක නාමය..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල හනිමූන් ඉන්න එකෙකුට ඕවා කියලා නින්දෙන් කියවුනොත් තමයි වැඩේ.

      Delete
    2. දැන් හනිමුන් ඉවර වෙලා දැහැමින් සෙමින් කාලය ගෙවනවා .., ආයෙත් දෙවැනි හනිමුන් ටුවර් එක වැලන්ටයින් ඩේ එකේ සිට දින තුනක් ...
      හික්..හික්.. එපා වෙනවා අප්පා ..හරි මහන්සියි... :D

      Delete
    3. //හික්..හික්.. එපා වෙනවා අප්පා ..හරි මහන්සියි... :D// දැන්වීමක් නොවේ කියල දාපං යකෝ යටින්. :D :D

      Delete
    4. ඔව්. ඔව්. නැත්නම් ස්වේච්ඡා සේවකයෝ එයි පෝලිමේ.

      Delete
    5. හ්ම්ම් ඒකත් හැබෑව,
      මහන්සියක් නෑ ඕo...

      Delete
  28. Careya arborea (Wild Guvava, Ceylon Oak)

    ReplyDelete
  29. එක අතකට පයියාගල, ගොක‍රැල්ල, පොල්ලේබැද්ද වගේ නම් වලට වඩා ඔය ඉඩම් වෙන්දේසිකාරයෝ දාන නම් ලස්සන තමා.

    ReplyDelete
    Replies
    1. ඇයි ඩුඩ් අයියා අහලා නැතිද අර "කිබිස්ස"කියලා ගමකුත් තියෙන්නේ ඔය සිගිරිය පැත්තේ...

      Delete
    2. මේකට තමයි කන්න ඕනේ වුණාම කබරයා තලගොයා කරනවා කියන්නේ. පොල්ලේබැද්ද නෙවෙයි පල්ලේබැද්ද.

      Delete
    3. නෑ නෑ සුදීක...මට මතක විදියට පොල්ලේබැද්ද කියල ගමක් තියේ.ඔය අම්පාර පැත්තේ..වැද්දෝ ඉන්න ගමක් මයේ හිතේ.හෙන්රිත් අම්පාර පැත්තේ වැඩ කළා නෙව.

      Delete
    4. එහෙමද ? හරි ඒ බැද්දේ පොල් තියෙනවද ?

      Delete
  30. අයියේ සිරාවටම දන්නේ නැහැ අනෙක නරකද වටවල වත්ත කියල දැම්මනම් (හොඳම කහට වටවලනේ)

    ReplyDelete
    Replies
    1. අනේ කෝරළේ මලයෝ වලව්ව පිටිපස්සට ගිහින් පොඩ්ඩක් බලපංකො.

      Delete
  31. Careya arborea
    හරි උත්තරේ දාන්නෙ අන්තිමටද?

    ReplyDelete
  32. නොදනී. දාපං ඉක්මනට. හොයන්න කම්මැලියි

    ReplyDelete
    Replies
    1. හරි උත්තරේ කීප දෙනෙක්ම දාලා තියෙනවා. බලපන්.

      Delete
  33. පැය බාගයක විතර උත්සහයකින් පස්සෙ නම හොයාගත්තා.දැම්මාම හරිද බලමු.

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න ඔක්කොම පබ්ලිෂ් කරා කැත නැතිවම.

      Delete
  34. නමනම් හොයාගත්තා.දැම්මාම බලමු හ‍රිද කියලා.

    ReplyDelete
  35. මේ වනවිට නිවැරදි පිළිතුරු සැපයූ අය

    සාගර / අයාල් සිත / සසිඳු / ප්‍රා ජේ / ඇනෝ දෙන්නයි / චින්තක සුදර්ශන

    ReplyDelete
  36. මාත් කියන්න ආවෙ stain tree garden කියල..

    PLANE TEA/TREE/GARDEN :D

    ??

    ReplyDelete
    Replies
    1. සෑමට බැරි වුණා කියන්නේ ඉතිං වැඩක් නෑ

      Delete
  37. මගේ ඉතින් විද්‍යා දැනුම ගැන ඉතින් කියලා වැඩක් නැහැනේ.. ඒ හන්දා ඔන්න ඔහේ මේකත් අයියම කියන්න එක්කෝ..

    ReplyDelete
    Replies
    1. මේක සාමාන්‍ය දැනීම :)

      Delete
  38. http://en.wikipedia.org/wiki/Careya_arborea

    ReplyDelete
  39. මහන්සියි. ඒ හන්දා හරි උත්තරේ මෙතනින්ම බලන්නම්...:)

    ReplyDelete
    Replies
    1. හැබෑටම පොඩ්ඩියේ වෛද්‍ය විද්‍යාවේත් ඔය වගේ වචන නැතෙයි ?

      Delete
  40. මොරටුවෙ ලී මුදලාලිලා ඕවා දන්නෙ නැතෙයි...

    ReplyDelete
  41. මාත් බලා ඉන්නෙ කවුද හරි උත්තරේ කිව්වෙ කියල...

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...