Friday, January 3, 2014

චාලි නමැති බෙදා හරින්නා නොහොත් Charles - the Delivery Man

අපට එදිනෙදා රාජකාරි වලදී බොහෝ මිනිසුන් මුණ ගැසේ. විවිධ තරාතිරම් වල අය සමග ගනුදෙනු කිරීමට සිදු වේ. ඉතා දැන උගත්, පොහොසත් අය මෙන්ම නුගත් පහළ සමාජ තලවල ජීවත් වන්නන් මුණ ගැසේ. මා ප්‍රිය කරන්නේ මේ දෙවෙනි කොටසටයි. හේතුව ඔවුන් සමග කථා බහේදී අපිට ළඟා විය නොහැකි තැන් පිළිබඳ දැන ගැනීමට හැකි වීමයි. එසේත් නැතිනම් අප පරිහරණය නොකරන දෙයක් හෝ අප නොයන තැනක් පිළිබඳ අපූරු  විස්තරයක් ඔවුන් කරයි. හැබැයි මේවා දැන ගන්න නම් ඔවුන් සමග කුළුපග විය යුතුය. එය එතරම් පහසු කාර්යයක් නොවේ. හේතුව ඔවුන්ට සහජයෙන් හිමි ඉවය. අප හැරෙන්නේ කුමකටද යන්න ඔවුන් පහසුවෙන් වටහා ගනී. මා මේ කියන්න යන්නේ එසේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගොඩ නගා ගත් හිතවත්කමක් නිසාම දැන ගත් කරුණුය. මා මේ සටහන ලියන්නට පෙර ඔහුගෙන් අවසරද ඉල්ලා සිටියෙමි. ඔහු කීවේ එක දෙයකි. ඒ
පින්තූරය ගත්තේ : http://www.dedegames.com

"ඕන දෙයක් කරන්න. හැබැයි ෆොටෝ එක නම් දාන්න එපා"

මෙතැන් සිට අපි ඔහුට "චාලි" කියමු. ඒ ඔහුගේ උප්පැන්නයේ සඳහන් නම නොවේ. ඔහුගේ බජාර් එකේ නමද නොවේ. මේ කතාව ගෙන යන්නට අවශ්‍ය නිසා යෙදු අන්වර්ථ නාමයකි. ඒ ඔහුගේ ආරක්ෂවටය. ඔහු අපගේ ලියුම් බෙදන්නය. ලියුම් බෙදන්නා යයි කීවද, ඔහු තැපැල් පියන් කෙනෙක් නොවේ. චාලි අප වෙත එන්නේ මෑතකදී ජනප්‍රිය වූ කුරියර් හෝ ඩිලිවරි සේවාව සමගය. මා මීට කලිනුත් සඳහන් කර තිබූ පරිදි රටක - සමාජයක ඉදිරියට යාමට මේ සියළු දෙනාගේ සේවාවන් වැදගත් වේ. අප ඉටු කරන්නේද එවැනි සේවා දාමයක කොටසකි. මේ කතාවන් මා කියන්නේ බොහෝ දෙනෙකු මෙවැනි අය තලා පෙළා කතා කිරීම නිසාය. නමුත් චාලි වැන්නන් සහමුලින්ම සොරුන්, මංකොල්ල කරුවන් නොවී මෙවැනි දෙයක් තම ජීවනෝපාය මාර්ගය කරගෙන සිටීමට අප ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුය. මගේ කාර්යාලීය සගයන්ගෙන් මට නිරතුරු ලැබෙන අවවාදය වන්නේ ඔවැනි පුද්ගලයන් සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරන ලෙසය. නමුත් මා නතර කරන්නේද නැත. මෙවැන්නන් සමග වචනයක් දෙකක් කථා කිරීමද යම් ආකාරයක සතුට ලැබිය හැකි කාරියකි.

චාලි කොළඹ හතේ ජීවත් වන දමිළ කොල්ලෙකි. කොල්ලෙක් කී විට ඔබේ හිතේ මැවෙන රූපයට වෙනස් යයි මා ඉඳුරාම දනිමි. හේතුව ඔහු දරු පවුලක් රක්ෂා කරන තිස් ගණන් වල මුල් හරියේ වයසක් උරුම පුද්ගලයෙක් නිසාය. කෙසඟ සිරුරත්, මීයකුගේ මෙන් ඉදිරියට නෙරා ඇති කන් දෙකත්, චීනකුගේ මේ ලාවට වැඩී ඇති රැවුලත්, නෑබිලි කට් කොණ්ඩයත්, නිරන්තරයෙන් ඇති නොන්ඩි ගැසීමත්  ඔහුට එක් කරන්නේ විකට පෙනුමකි. ඔවුන් කොළඹ හතට ආ කතාන්දරයද විටෙක මට පවසා ඇත. ඔවුන් මුලින් සිටි මුඩුක්කු ප්‍රදේශය යම් සංවර්ධන කටයුත්තකට අත්පත් කර ගැනීම නිසා ඔවුන් අද සිටින තැනට පැමිණ ඇත්තේ මීට අවුරුදු පහලවකට පමණ පෙරය. පහසුවට මා එතැනට ඉන්ගම්මාරුව යනුවෙන් පවසන්නම්.

ඇත්තටම අප ජාතික රුපවාහිනියේ දුටු ඉන්ගම්මාරුවේ කතන්දර බොහොමයක් සත්‍ය යයි මා පිළිගන්නේ චාලි මට පවසන දේ සමග සැසඳෙන බැවිනි. කොළඹ හතේ වත්ත නිසා ඔවුනට ලැබෙන එකම ප්‍රතිලාභය ලෙස ඔවුන්ගේ දරුවා අපටද කිසි විටෙකත් ළඟා නොවිය හැකි රෝයල්, විශාඛා වැනි ජනප්‍රිය මෙන්ම සුපිරි පාසලකට ඇතුළත් කර ගැනීමට හැකි වීමය. ඒ සඳහා ඔවුන්ට ව්‍යාජ උප්පැන්න සහතික අවශ්‍ය නොවේ. ඔප්පු, විදුලි බිල්, ජල බිල් මේ කුමන අකාරයෙන් ගත්තද ඔවුන් ඉන්නේ මේ ජනප්‍රිය පාසල් වලට නියමිත සීමාවේය. එනිසා ඔවුන් මගහැර දැමීමට පාසල් බලධාරීන්ට කල නොහැක.  ඒ අතින් ඔවුන්ගේ දරුවන් වාසනාවන්තය. නමුත් ඒ දරුවන් ඒ පාසලට යවා සෙසු දරුවන්ගෙන් කොන් නොවී තබා ගැනීමට ඔහු දරන වෑයම මගේ සිතේ ඇති කරන්නේ කම්පනයකි.

චාලිගේ දින චරියාව ආරම්භ වන්නේ උදෑසන හතරයි ගානකටය. පෙරදින දසතේ මෝටර් සයිකල් පැදීම නිසා ඇතිවන විඩාව නිවා ගැනීමට අමුවෙන්ම ගල් කාලක බඩට දා ගන්නා බව ඔහු මා හා පවසා ඇත. පාන්දර හතරහාමාරට ඔහු අවදි වන්නේ වන්-වන් ඩබල් සීරෝ නමැති ජනප්‍රිය නොකියා ජංගම දුරකථනයේ පිහිටෙනි. එහි එලාමය සතියේ දවස් හතටම එක සේ ක්‍රියා කරවන්නට ඔහු වග බලා ගනී. එසේ නොවුණා නම් අතට ලැබෙන ගානෙන් කොටසක් අහිමිය. පාන්දර පහට චාලි වාර්තා කරන්නේ ඔහුගේ සාමාන්‍ය රැකියාවට නොව, පාර්ට් ටයිම් ජොබ් එකටය. අප වැනි කෙනෙකුට පාට්-ටයිම් තරමක් නුහුරු දෙයක් වුවද, සමාජයේ මෙම ස්තරයේ සිටින්නන් මෙවැනි රැකියා කිහිපයක්ම කරන්නේ, රැකියාවෙන් ඔවුන්ට ලැබෙන සොච්චම හැරෙන්නටවත් මදි නිසාය. තවත් ශ්‍රී ලංකාවේ අතිරේක රැකියාවක් කිරීම තත්වයට හොඳ මදි දෙයක් සේ සැලකුවද බොහෝ දියුණු රවටල් වලට සංක්‍රමණය වී ඇති සියලු දෙනා එවැනි රැකියා දෙක තුනක්ම කරයි. ඒ ඒවාට ගරහන්නට හෝ තහංචි පනවන්නට කිසිවකු නැති නිසාය. අනෙක් අතින් එවැනි සටනක් නොදී ජීවත් වන්නට ඔවුන්ටද නොහැකි බැවිනි. ඒ අතින් චාලි ලා ජීවත් වන්නේ අපට වඩා ගව් ගාණක් ඉදිරියෙනි.

ඩිලිවරි සමාගෙම් තමා වෙත ලබා දී තිබෙන මෝටර් සයිකලය ඔහුගේ ගමනකට යොදා ගත්තාට ඒ සමාගම ඔවුන් සමග උරණ වන්නේ නැත. ඒවා පාලනය කිරීමට ඔවුන්ට වෙලාවක් නැත. එහි හිමි කරුවන්ටද බත සරි කරන්නේ, දුවිලි - දුම් කාගෙන පිම්මේ දුවන ඔවුන් නිසාය. පාර්සලයක නියමිත වෙලාවට නියමිත් ස්ථානයට ගෙනගොස් භාරදුන් විට සමාගමට රුපියල් එක්දහස් පන්සීයක් ලැබේ නම් චාලිට එයට රුපියල් පනහක් ලැබේ. එනිසා මෝටර් සයිකලය ගැන වැඩි යමක් කොම්පැනිය සොයන්නේ නැත. එහි පෙට්‍රල් සඳහා ලබාදෙන මුදල් එහා මෙහා කර මේ අමතර ගමනින් චාලි තමන්ගේ පවුල් සංස්ථාව සඳහා යම් මුදලක් උපයයි. තම බිරිඳ සාදා දෙන තේ කෝප්පය එහෙන්-මෙහෙන් බඩට දා ගන්නා චාලි මිටින් මුදා හල කුරුල්ලෙකු මෙන් තවත් විනාඩි ගණනකදී කොළඹ කොටුවේ ඇති අයිලන්ඩ් ප්‍රවෘත්ති පත්‍ර කාර්යාලය වෙත ළඟා වේ. ඉන් ලබා ගන්නා පත්තර මිටිය බයිසිකලයේ පෙට්‍රල් ටැංකිය උඩ තබා ගන්නා චාලියා ඉන් පසුව අතැඹුලක් සේ ඇති  ගමන් මාරගයේ අදාළ ස්ථාන වලට ගුවනින් පත්තර යොමු කරමින් ගමන් කර උදෑසන හතට පමණ යළිත් නිවස කරා ළඟා වේ.

දිනක් මෙසේ ගුවනට යොමු කල පුවත් පත කෙලින්ම ගොස් වැදී තිබෙන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ ඇති හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියගේ උදරයේය. මාස අවසානයේ මුදල් එකතු කිරීමට යනවිට ඒ බව පවසා ඔහුව බිය වද්දන්නට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරියා උත්සාහ කලද, අදාළ තරුණිය මුණ ගැසී ඔහුගේ සුපුරුදු සිනහව සමග කතාව දමා වැඩේ ෂේප් කරගෙන ඇත.

චාලියාගේ භාෂාවද මා අපමණ ප්‍රිය කරන්නකි. එහි කිසි විටෙකත් "හ" යනු නැත. පායි කියන්නේ පහයි කිව යුතු තැනටය, දහයට කියන්නේ දාය කියාය. මා ඔහුගේ අගය කරන ලක්ෂණය වන්නේ, කුමන ඇබද්දීයකට මුහුණ දුන්නද, ඒ බව පවසන්නේ සිනහවකින් මුව පුරවාගෙනය. ඔහු කිසි විට කෝප ගන්නෙකු නොවේ. එසේ වුවානම් මේ රාජකාරි කරගෙන යාමට නොහැක.

වඩාත්ම රසවත් කතා ඇත්තේ ඔහුගේ මේ අතුරු රැකියාව සමගය. මුලින්ම ඔහු පත්තර ලබාගෙන තිබෙන්නේ ඔවුන්ගේ වත්ත ආසන්නයේම ඇති මුදලාලි කෙනෙකුගෙනි. ටික කාලයක් එහි රැකියාව කරනවිට ඇති වූ කුළුපග කම නිසා මුදලාලි ඔහුට ලබා දිය යුතු මුදල ඉක්මවා රුපියල් හැටදසහක් පමණ ලබා දී ඇත. මුදලාලිගේ බිරිඳ පියකරු කතක් වුවද ඒ ගැන කිසිදු ඇල්මක් මුදලාලි දක්වා නැත. ටික කලිකින් චාලියාව වරදට පොළඹවාගෙන ඇත්තේ මුදලාලිගේ බිරිඳමය. ඒ බවට සාක්ෂි ලෙස ඉදිරිපත් වුයේ දිනක් මුදලාලිගේ අතටම ඔහු මාට්ටු වූ පසු පොලීසිය පැවැත්වූ අපරාධ පරීක්ෂණයේදීය. මුදලාලිගේ බිරිඳගේ සහ චාලිගේ ජංගම දුරකථන වෙත ආ ගිය ඇමතුම් පරීක්ෂා කලවිට, සියළු ඇමතුම් රූමත් බිරිඳ විසින් ලබා දී ඇත. ඇයගෙන් ලැබුණු විවිධ ප්‍රතිලාභද චාලියා ඒ කාර්ය සඳහා තව-තවත් නැඹුරු කරන්නට හේතු විය. පොලීසිය කිසි විටෙකත් ආගන්තුන නොවන චාලියාගෙන්

"කොහොමද බං හිටගෙන වැඩේ දුන්නේ" යනුවෙන් පොලිස් නිලධාරියා ඇසූ විට.

"සර්ලා ඉටගෙන කරන විදියටම තමයි" යනුවෙන් පිළිතරු දී ඇත්තේ නිලධාරියාට ඉන් එහාට කිසිවක් පවසන්නට ඉඩ නොතබයා.

"මුලින්ම ඕටලයකට තමයි ගියේ. පස්සේ-පස්සේ ගෙදරටම එන්න කරදර කරා. ඔක්කොම අරි සර් මට අපේ ගෑණිගේ මුණ බලන්න බැරුව ඉටියේ. අපේ ගෑණි නිසා ඔඳයි. දැන් නම් මූනට අම්බ වුණත් මං ආක බලාගෙන යනවා"

එක්තරා තානාපති කාර්යාලයකට ඔහු එකම වර්ගයේ පත්තර හයක් දිනපතා සපයයි. ටික කලක් යද්දී ඔහු එතනට පත්ත්ටර පහ බැගින් දමා තවත් නිවසකට ඉතිරි පත්තරය නිකුත් කොට ඒ මුදල ඔහු වෙනම ලබා ගනී. මා විමසා සිටියේ එම්බසියෙන් මුදල් ගන්න යනවිට එය අසු නොවන්නේද යන්නයි. ඔහුගේ පිළිතුර වන්නේ 

"කවුද සර් ඕවා ඔයන්නේ. ඇවුවත් මම කියන්නේ, ඇයි අයම දුන්නේ. කියලා. අනිත් එක සල්ලි ගෙවන එක්කෙනා පත්තර ගණන් කරන්න යන්නේ නෑනේ"

එවැනි පුංචි ප්‍රයෝග වලින් ඔහු යම් මුදලක් වැඩිපුර සොයා ගනී.  කොළඹ තිබෙන ඕනෑම ක්‍රීඩාංගනයකට හොරෙන් ඇතුල් වන ස්ථාන චාලියා දනී. පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය සඳහා මා සහ මගේ මිතුරන්ට ටිකට් ලැබුනේ නැත. අප අවසන් තරගය නැරඹුවේ සී.එච්.ක්‍රීඩාංගනයේදීය. ඒ සඳහා රුපියල් දාහක ඇතුලත් වීමේ ටිකට් පතක් මිලදී ගැනීමට සිදු විය. ඒ බව චාලියාට පැවසු විට

"ඇයි අප්පා දන්නැද්ද ග්‍රවුන්ඩ් එකට රිංගන තැන. මට කිව්වා නම් පෙන්නනවනේ. අර ලොකු නුග ගහෙන් නැගල බහින්න පුළුවන්"

ඔහු මේ පවසන්නේ ක්‍රීඩාංගනය අසල ඇති ගසකින් බසින අකාරයකි. අපට එවැනි ක්‍රියා කොහොමටවත් හරි යන්නේ නැති බව ඔහුට නොතේරේ. 

වරක් සිරස නාලිකාව මගින් පවත්වන සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස්, අවසානයේ එහි තිබූ බැනරයක් ගලවාගෙන යන්නට ආසන්න වනවාත් සමගම ඔහු ඇතුළු කිහිප දෙනෙක්ම පොලීසියට කොටු විය. ඔහු ඇතුළු එකිනෙකා නොදත් කන්ඩාමයට කිසිදු සහනයක් නොලැබිණි. කෙලින්ම ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. රිමාන්ඩ් එකට ගිය විට එහි සිටින අයියා කෙනෙකු චාලියාට පාට් එක දමන්න පැමිණ ඇත.

"අඩෝ උඹ කවුද ඩෝ ?"

"ඇයි ආන්නේ ?"

"අඩේ මේ රිමාන්ඩ් එකේ මට උඩින් යන්න එකෙක් නෑ. උඹ කොහෙද ?"

"මම ඉන්ගම්මාරුවේ. ඇයි මොකද ?"

"අඩේ එහෙනං කමක් නෑ. උඹට කවුරු හරි පාට් එකක් දැම්මොත් මට කියපං. උඹලාගේ වත්තේ මගේ යාලුවෝ දෙන්නේ ඉන්නවා. ගියාම පොඩ්ඩක් කියපන් මන් ගැන"

"අරි. අරි. ලොක්කා"

ඉන්පසු චාලියාට පාට් දමන්නට කවුරුත් පැමිණ නැත. ඔහු පවසන්නේ එහෙම සයිස් දන්නා එන අයට කතා කල යුත්තේ ඒ ආකාරයට බවයි. චාලියාගේ පසුබිම ගැලපෙන නිසා එසේ කතා කලද, අප එවැනි ඒවා කරන්නට ගියොත් නැව් ගුටි වලින් කන්නට හැකිය.

තවත් දිනක චාලියා නිවසේ නිදා හිඳීද්දී පොලීසියෙන් පැමිණ ඇත.  වෙනත් කිසිවක් කතා නොකොට ඔහුගේ හොඳම මිතුරකුගෙන්, "මේ ඉන්නේ චාලියාද ?" අසා ඔහුව ජීප් රියට නග්ගා ගෙන ඇත. මොහොතකින් සිදු වූ සියල්ල තේරුම් කර ගැනීමට චාලියාට හැකි වී ඇත. හේතුව මීට පැය කිහිපයකට කලින් මල් සොයාගෙන ආ මිතුරාට තම වත්තේ තැනකින් මල් සපයා දී තිබීමයි. ඔවුන් මීළඟ හොරට පවත්වාගෙන ගිය  සුරා සැලක් වටලන ලද අතර එහි තිබූ රටබීම වර්ග සියල්ල අත් අඩංගුවට ගෙන ඇත. අද රාත්‍රිය රිමාන්ඩ් භාරයේ ගත කරන්නට සිදු වන බව ඉඳුරාම දැනගත් චාලියා, එහි සිටි සාජන් වරයා අමතා

"සර් අද රෑ කොහොමත් රිමාන්ඩ් නේ. අපි මේකෙන් පොඩි ෂොට් එකක් දා ගන්නද?" යි අසා ඇත.

"දාගනිං හැබැයි ගොඩක් බොන්න බෑ. එකක් අර ගනින්"

ඔවුන් දෙදෙනා අතට අහු වූ බෝතලයකින් සප්පායම් වී ඉතිරි කොටසට මුහුණ දී ඇත. පසුදා උසාවියට යන විට ඔවුන් අතට බෝතල් දී, වැරදිකරු  බව පිළිගන්නා ලෙස අණකර ඇත.

ඔහු අතේ මුදල් යැවීම ඉතාම අවදානම් කටයුත්තකි. දිනක් තම පුත්‍රයාගේ පන්තියේ ගුරුතුමිය හමු වන්නට ඔහු ගොස් ඇත. කුමක්දෝ කටයුත්තක් සඳහා රුපියල් දෙදාහක් අවශ්‍ය බව ගුරුවරිය පැවසූ විට, කවුරුන් හෝ වෙනත් අයෙකුට යවන මුදල් ප්‍රමාණයක් ඔහුගේ සාක්කුවේ තිබී ඇත. දෙවරක් නොසිතාම එම මුදල් ගෙන ගුරුවරියට මුදල් ගෙවා ඇත. එවැනි අවස්ථාවක මුදල් ලබා දුන් පුද්ගලයා මුණගැහෙන්න එන්නේ චාලියා නොවේ. නමුත් ඔහු කිසිදිනක මෙවැනි ක්‍රියාවක් මට සිදු කර නැත. ඒ මා දෙසැම්බර් සහ අප්‍රේල් මාස වල ඔහුට සන්තෝසමක් ලබා දෙන බැවිනි. මගේ කාර්යාලීය සගයාට කිහිප විටක්ම ඔහු මේ අන්ඩරය දී ඇත. චාලියා විටක නොසැලකිලිමත් ලෙස හැසිරෙයි. මගේ කාර්යාලීය සගයාගේ වැටුප් මුද්‍රිතය අස්ථානගත කර ඇත. එය සොයා ගැනීමට මගේ මිතුරා නොවිඳිනා දුකක් නැත.

චාලියාට ඔහුගේ බාල සහෝදරයා සමග ලොකු ඔරෝප්පුවක් ඇත. ඒ අරාබියේ වෙසෙන ඔහු තමාට උදව් නොකර නිසාය. එම සහෝදරයා පහුගිය කාලයේ ජාත්‍යන්තර කරදරයක පැටලී ඇත. ඒ ඉතාලියේ සිටින ශ්‍රී ලංකික කතක් හා විවාහ වී එහි යාමට කරන ලද සැලසුමක් නිසාය. ඒ කත ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දොළහක් ඉල්ලා ඇත. නමුත් මේ වනවිට අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික කතක් හා පෙමින් වෙලී සිටින සහෝදරයට, පෙම්වතිය ඒ ගමනට ඉඩ දෙන්නේ නැත. මේ දෙසැම්බරයේ ඉතාලියේ සිට ලංකාවට එන කාන්තාව තමාට ලක්ෂ තුනහාමාරක් අවශ්‍ය යයි ඉල්ලා ඇත. ඒ මුදල දී ඉන් නිදහස් වන ලෙස ඔවුන්ගේ මවද ඉල්ලා ඇතිමුත්, චාලියා ඊට එකඟ නැත. ඔහුගේ උත්සාහය මේ මුදල සහෝදරයාගෙන් ගෙන ඉතාලි කතට කොකා පෙන්වීමයි. ඒ සඳහා ඔහු මගෙන් උපදෙස් ඉල්ලා සිටි අතර මා එයට ලබා දුන් විසඳුමට ඔහු ඉතා කැමති විය. සහෝදරයාගෙන් මුදල් ගැනීම ගැන අප අප්‍රසාදය ඵල කලද, ඔහු කියා සිටින්නේ කොහොමත් යන ගාන මට දුන්නාම මොකද වෙන්නේ යනුවෙනි.

චාලියා දෙසැම්බර් මාසයට කදිම උපක්‍රමයක් යොදයි. ඒ තමා විසින්ම මුදල් එකතු කරන ලැයිස්තුව සකසා, ඔහු පත්තර බෙදන නිවෙස් වලට ගෙන යාමයි. ඔහු එහි පළමු සටහන කිසි දිනෙක එසේ ආධාර නොකරන කෙනෙකුගේ නමින් ලියවා ගන්නේ තම බිරිඳ ලවාය. එය රුපියල් දෙදාහක් ලෙස සටහන් කරගත් විට අනෙක් නිවෙස් වලින් රුපියල් දාහක් වත් ලැබෙන බව මට පෙන්වූ සටහන සාක්ෂි දරයි. එම ලැයිස්තුවට උඩින් සටහන් කර ඇති වාක්‍ය කිහිපය කෙනෙකුගේ හිත මෙලෙක් කිරීමට සමත්ය. මගේ මතකයේ ඇති වාක්‍ය දෙක-තුනක් ඇත.

"I am Charley who deliver newspapers everyday. It is Christmas season and time to enjoy & give. So it is your turn for some donation. Wish you Merry Christmas & a Happy New Year !!!"

චාලියාගේ රසවත් කතා තව බොහොමයක් ඇතත්, ඒවා එකතු කිරීමට ගියහොත් සටහන දිගු වන බැවින්, චාලියාගේ කතාව මෙසේ නිමා කරමි.


70 comments:

  1. ඔය වගේ අය ආස්සරේ කරාම අපි නොදන්න ඒවා ගොඩක් ඉගෙනගන්න පුලුවන් කියන එකනම් ඇත්තම කතාව.මම මේ සුදීක අයියගේ බොගේ මුලින්ම පළවෙනි කමෙන්ට් එක දාන්නේ.කමෙන්ට් වලින් මෙය පිරී ඉතීරී යැවේවා....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමහරු උවමනාවෙන්ම මේ අයට ඇහුම් කන් දෙන්නේ නෑ. නමුත් ඔවුන් යනෙන තැන් වලට අපිට කිසිදාක යන්න බෑ.

      බොහොම ස්තුතියි.

      Delete
    2. මේක නේ. මේ වගේ අය ගෙන් ගන්න දෙයක් ඇති කියලා හිතන අය අඩු යි. මොකද නම්බු නාම, තනතුරු වගේ දේවල් නැති නිසා. හැබැයි අරුම මිනිස්සු හැටියට අඳුන ගන්න පුළුවන් මෙයාල ම තමයි.

      Delete
  2. පොඩි ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවකට චාලිගේ කතා එකතුව හොඳට ගැලපෙනවා. මම ඇත්තටම කියන්නේ සුදීක, ඔබට බැරි නැහැ, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ වරයකු හමුවී මේ ගැන සාකච්ඡා කරන්න. තිර පිටපත් ලිවීම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්.

    අපේ සමාජයේ තවත් ස්ථරයක් ගැන හොඳ විවරණයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ කුරියර් රස්සාව කරන මිනිසුන්ගේ ජීවිත බොහොම අනතුරුදායි තත්වෙක තියෙන්න. වෙලාවකට ඇවිත් කකුල් පෙන්වනවා වැටිලා තුවාල වෙලා.

      ඒ ගැන ඒ හැටි දැනුමක් නම් නෑ. බලමු කල්පනා කරලා.

      Delete
  3. අරි. අරි. ලොක්කා"
    හිකිස්..!

    ReplyDelete
    Replies
    1. ඌ අපේ ඔෆිස් එකට ඇතුල් වෙන වෙලාවේ ඉඳලා මම ඉන්නේ හිනා වෙච්ච ගමන්මයි.

      Delete
  4. පුදුම මිනිස්සු නේද අපි අතර ඉන්නෙ :D

    ReplyDelete
    Replies
    1. අපිට බොහොම අමාරු අසාමාන්‍ය දේවල්. චාලි වගේ අයට පහසු සාමාන්‍ය දේවල්. ඔතැනයි වෙනස.

      Delete
  5. චාලියාගේ නම සදහන් නොවුනත් චාලියා යන තැන් සදහන් වෙලා තියෙන නිසා පොරව මාට්ටු වෙනවා ෂුවර් එකටම ඊලග පාර.

    ReplyDelete
    Replies
    1. මම මේ පොස්ට් එක ලිව්වේ බොහොම ප්‍රවේසමෙන්. බොහෝ නම්-ගම් වගේම ස්ථානත් වෙනස් කරා, චාලියාගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න.

      Delete
  6. චාලිම කියපු කතානම් අරළු බුළු ඇරලා තමයි ගන්න ඕනේ. අර රිමාන්ඩ් කතාව එහෙම. හැබැයි සුදීක ලොක්කා ඒ චාලී වාගේ බුවෙක් කියපු හින්ද නෙමේයි ගිංගල අපි කවුරුත් එහෙම තමයි හින්දා.

    ReplyDelete
    Replies
    1. මම චාලියාගේ දැක්ක දෙයක් තමයි කටට එන දේ කියලා දමන සිරිත. මම විශ්වාස කරනවා ඔහු එහෙම හැසිරෙන්න ඇති කියලා. චාලියා හිංගල නෙවෙයි දමිළ.

      Delete
  7. // "සර් අද රෑ කොහොමත් රිමාන්ඩ් නේ. අපි මේකෙන් පොඩි ෂොට් එකක් දා ගන්නද?" යි අසා ඇත.//

    මෙන්න මේකනම් මරු.. චාර්ලිගේ කතා සිරිස් එක්ක බලන්න පුළුවන්නේ එහෙනම් අපිට..

    ReplyDelete
    Replies
    1. ඔව් පුළුවන් වෙයි මට හිතෙන්නේ.

      Delete
  8. ඔය වගේ චරිත මටත් මුණගැහිලා ඔවැනි ජිවිත කතා අහල තියෙනවා.
    අනිත් එක සුදික මල්ලි දමිල නොවුනත් ඔය වතුවල අය කතා කරන විට ගැහැණු/පිරිමි බේදයක් නැතිව බොහෝ විට වචනවල මැද අකුරක් හැලිලා තමයි කතා කරන්නේ.
    >> මගේ කාර්යාලීය සගයන්ගෙන් මට නිරතුරු ලැබෙන අවවාදය වන්නේ ඔවැනි පුද්ගලයන් සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරන ලෙසය.<<
    මේ කතාව බොහෝ අය කියනවා.
    එයාල චාලි වගේ චරිත දකින්නේ හුගක්ම කළු විදියට.
    ගොඩක් රස වින්ද කතාවක් වුනා.

    ReplyDelete
    Replies
    1. මේ කළු චරිත තුලත් ගත හැකි දේ බොහොමයි. උදාහරණෙකට අපි පොලීසියත් එක්ක ගැටිලා නෑ. ඉතිං මේ වගේ අය කියන දේ වැදගත්.

      Delete
  9. කතාව කියවලා ඉවර උණාම, ලීවේ කවුද කියලා හිතාගන්ට බැරි උණා. ආපහු උඩට ගිහින් බැලුවම දැක්කේ 'ඇවිද්ද පයේ' කතාවක් බව.:)

    චාලිගේ විස්තර කියෙව්වාම, දැන් නම් මුණ ගැහුනොත් අඳුනාගත්තෑකි කියලා හිතෙනවා.

    මගේ ඔලුවට ආපු තවත් දෙයක් තමා, රචකයෙක් තවත් කෙනෙක්ව කොච්චර දුරට නිරීක්ෂනය කරනවද කියන එක. සුදීකගේ ලියැවිල්ලෙන් ඒබව හොඳට ඔප්පු වෙනවා. රසවත් කතාවක් සුදීක...

    ReplyDelete
    Replies
    1. //කතාව කියවලා ඉවර උණාම, ලීවේ කවුද කියලා හිතාගන්ට බැරි උණා.//
      වෙනදා උවමනාවෙන් මග අරින කොටසක් මේකට එකතු කළා තමයි. එකත් කියවන අයගේ රසවින්දනය ගැන හිතලා.
      මේ වගේ තව චරිත ගොඩක් තියෙනවා මගේ හිත ගත්ත.

      Delete
  10. සුදීක චාලිගේ කථා සිරීයස් එකක්ම දාමු ..
    ඊයේ පෙරේදා පොඩ්ඩක් බීසි වුනා....සොරි වෙන්ඩ ඕනෑ සුභ පතන්න පරක්කු වුනාට....
    අළුත් අවුරුද්දටයි ,ඇවිද්ද පය අවුරුද්දු 2කටයි සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. අපි කාටත් ඔහොම එනවා. බොහොම ස්තුතියි. චාලියාගේ වැඩි විරුද්ධත්වයක් නෑ මම දන්නා තරමින්.

      Delete
  11. ඇත්තටම සමාජය තේරුම් ගන්නනං මේ වගේ චරිත ආශ්‍රය කරන්න ඕන. ඒ අත්දැකීම් වලින් අපට ගොඩක් කරදර වලින් ගැලවෙන්න පුලුවං.

    කරල තියෙන වැඩ වල හැටියටනං මිනිහ නියම අංකූරෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අයගෙන් ලැබෙන උදව් පදව් උනත් වටිනවා.

      අන්කූරෙක් නොවී ඒ සමාජේ ඉන්න බෑ.

      Delete
  12. අඩේ චාලිගෙ කතා හරි රසවත් වගේ තව චාලි ගැන ලියන්ඩ

    ReplyDelete
    Replies
    1. චාලියා අපේ එක්ක ඉන්න පොඩි වෙලාවේදී අවුරුදු ගානක් කියපු කතා වල එකතුවක් තමයි ඔය. මේ යන විදියට චාලියාව වෙනමම අල්ල ගන්න වෙනවා.

      Delete
  13. අපූරුයි සුදීක අපූරුයි... ඔබ අපූරුවට ඒක ඉදිරිපත් කරලා තියනවා. චාලියගෙ කතාව මෙතනින් නවතින්න බෑනෙ.. තව ලිය වෙන්න ඕනා. චාලි විතරක් නෙමේ තව අනිත් අයත් ගැනත් පුළුවන්නම් හොයලා ලියන්න. අනුර හොරේශස් වගේ ඔබටත් ඒ හැකියාව අපූරුවට තියනවා.. විචාරක මහත්මයාගේ අදහස ගැනත් හැකියාවක් තියනවානම් අවධානය යොමු කරන්න. කෙන්ජියට පුළුවන් වෙයි සමහර විට උදව් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් චාලිගේ කතා බොහොම කෙටියෙන් තමයි මෙතැන ලිව්වේ. ඒවා තනි කතා විදියට ලියන්නත් පුළුවන්. තවත් ගොඩාක් දේවල් තියෙනවා. චාලි අපත් සමග ගත කරන මිනිත්තු කිහිපයේදී කියපු කතා තමයි ඔය. විචාරක තුමා කියන දේ නම් මම දන්නේ නැති තරම්. මගෙත් මිතුරන් ඉන්නවා මේ විෂයට සම්බන්ධ. මම ටිකක් හොයා බලන්නම්.

      Delete
  14. අද සමාජයේ බොහෝ දෙනා මනින මිම්මක් තමයි ඇඳුම් පැළඳුම්.ඒත්.. මොන මිනිහත් අපේ සමාජේ ජීවත් වෙන්න ඕන කියලා නම් වැඩි දෙනෙක් හිතන්නේ නැහැ. මමත් ලංකාවේ හිටිය කාලේ බොහෝ සමාජ මට්ටම් වල අය ආශ්‍රය කළා.හැබැයි ඉහළ පැලැන්තිය හැර.ඒත්... සිමාසහිතව.මොකද ගැහැණියක් විධියට හැම කෙනාම ආශ්‍රය කරන්න බැහැ.එකක් ඒක මට අවදානමක්.අනෙක කොහොම වුනත් අපි ජීවත් වෙන්නේ සමාජය තුළ නිසා කටකතාවක් හැදුනොත්....කියන ප්‍රශ්නය.ඒ අතින් සුදීක වගේ අයට ඒ ප්‍රශ්නය නැහැ නේ.මමත් ඕන කෙනෙක් ආශ්‍රය කරන්න ගත්තේ මහත්තයා පවා ඒ විධිය නිසා.එහෙම නොවුනා නම් පවුල් අවුල් ඇති වෙනවා නේ. එයා කියන්නේ කුඩු කාරයා වුනත් අපි දැන ගෙන ඉන්න ඕන.අපට කරන්න බැරි ගොඩක් දේ එයාලට පුළුවන් කියලා.

    චණ්ඩි වගේම අහිංසකයොත් පොඩි රැකියාවල යෙදෙන අයත් ඕනෑම කෙනෙක්.
    බොහොම රසවත් කතාවක්.අදින් අහවර නොකර,කතා මාලාවක් විධියට ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි විස්තරයට.

      දැන් මේක කතා මාලාවක් කරන්න බොහෝ දෙනාගේ ඉල්ලීමක් වෙලා නිසා ඒ ගැන උනන්දු වෙන්න සිදු වෙලා. බලමු ඉඩ ලැබෙන විදියට.

      Delete
  15. ඔහොම චාලිලා අපි අතරේ ඕනෑ තරම් ඇති අපි හරියට නොදැක්කට.

    ReplyDelete
  16. චාලිගෙ කතා තව තියෙනවනං ලියමු සුදීක,හරිම රසවත් සමාජයේ අපි නොදන්නා පැතිකඩක් මේ කතාවලින් දැගන්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. චාලියාව අල්ල ගන්න එක තමයි වැඩේ.

      Delete
  17. මේ වගේ අය හරිම සුන්දරයි. වරද තියෙන්නේ අපි ඒ සුන්දරත්වය දකින්නේ නැති කම. පොඩ්ඩක් නැවතිලා බැලුවා නම් ගොරහැඩි හමට යටින් ඉන්න සුන්දර හදවත් හදුණා ගන්න පුළුවන්.

    ReplyDelete
  18. සුදීක අන්කල් ඒ අන්කල් නියමයි..
    ඒ අන්කල් ගේ ජීවිත කතාව අපිට රසයක් ගෙනාවට ඒ අන්කල් නොවිඳිනා දුක් විඳිනවා ඇති.. පව් අසරණයා.. මාත් ඒ වග මිනිස්සුන්ට මාර විදියට ලං වෙනවා. ඒ වෙලාවට තමයි දැනෙන්නේ අපිත් මේ පොලවේ පය ගහන්න ඔට්ටු වෙනවා කියලා. අපේ මිනිස්සු කරන සමහර විකාර දකිද්දී, මේ මිනිස්සුන්ගේ හිත් මාර සුන්දරයි අන්කල්...
    ලිපියට තුති

    ReplyDelete
    Replies
    1. අපිට ඒවා දුක් විදියට දැනුනට, චාලියා ඔය කොයි දේටත් සිනා මුසු මුහුණින් මුහුණ දෙන්නේ.

      Delete
  19. මටත් අසම වැඩක් තමයි ඔයවගේ චරිත එක්ක චැට් එක දාගෙන ඉන්න එක.... ඇත්තටම සමහරු පුදුමාකාර ජිවිත ගෙවන්නේ ... එහෙම ඉන්න පුලුවන්ද කියලත් හිතෙනවා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. අපි ඉන්න තැන ඉඳගෙන බැලුවොත් ඒක අමාරුයි වගේ තමයි. නමුත් චාලියාට ඕවා ගානක් නෑ.

      Delete
  20. මේ වගේ මිනිස්සුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සුදීක අයියේ. මමත් හරිම ආසයි ඒ අය එක්ක ගනුදෙනු කරන්න.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා නාඩියත් මේ වගේ පත්තර විකුණන කොල්ලෙක් ගැන ලියලා තියෙනවා. අනිත් එක උඹ කරන සමාජ සුභසාධන කටයුතු නිසා එහෙම සංවේදී හදවතක් තියෙන බව තේරුණා.

      Delete
  21. අපි කවුරුවත් තනිකරම සුදු හෝ කළු චරිත නෙමෙයි. සමාජෙ ඕනම ස්ථරයක මිනිස්සු වැඩි පිරිසක් තමංට වඩා පහල ස්ථර වල මිනිස්සුංව නොසලකා'හරිනවා. ඒත් ඒ අවුල තියෙන්නෙ අපි අපිම ගොඩනගාගෙන පවත්වගෙන යන සංකල්ප ඇතුලෙ බව කොහොමත් ගොඩක් අය තේරුං ගන්නෙ නෑ. තේරුනත්, අදහස් වෙනස් කරගන්න සූදානමකුත් නෑ. මමත් පොඩි කාලෙ ඉඳං මේ වගේ විෂේශ චරිත ආශ්‍රය කරනවා.(වෙනම විෂේශ කිව්වට මේ'ලෝකෙ හැමෝම විෂේශ චරිත තමයි...නමුත් ඒක වෙනම කතා කල යුතු දෙයක්.) ඒත් සමහරු නම් මනුස්සකමට රෙද්ද ඉස්සුව ගමං අරින්න බලං ඉන්න අය නිසා අතේ දුරිං තියාගන්න වෙනවා, ඒ වගේම ආශ්‍රය කරද්දි සෑහෙන්න මොලේ වෙහෙසන්නත් වෙනවා. නමුත් සමහර මේ වගේ මිනිස්සුංගෙ අදහස් , අත්දැකීම් හා ඉව නිසා ලද දැනුමෙන් කරන'කියන දේවල් පට්ට ‍ෆිලෝසොෆර්ස්'ලගෙ පොර ටෝක් වලටත් වඩා මාර දාර්ශණිකයි, සරලයි. මේ අය අතරෙ ජීවත් වෙන බොහොම සුන්දර මිනිස්සුත් ගොඩාක් ඉන්නවා.
    (ඊල්ඟට කියන දේ කියන්නේ ඔබව පුම්බන්නට නම් නෙමෙයි.)
    මම මේ බ්ලොගේ ඔක්කොම ලිපි බලලා නෑ, තවම හරි ටිකයි. කෙනෙකුගේ ජීවිතයට සාපේක්ෂව ඔහුව තේරුං අරං ඔහුගේ ජීවිතේ ඇතුලට කිඳාබහින්න හැමෝටම බෑ. එහෙම සංවේදීකමක් තියෙන අය අඩුයි. අනික එහෙම උංට මොලේ තියෙන්නත් එපැයි. ඉතිං ඒ විෂේශ සංවේදීකමයි මොලෙයි තියෙන අල්ප'දෙනාගෙනුත් ඒ'කතන්දර රසවත්ව අකුරු කරන්න පුළුවං ඊටත් වඩා සීමිත පිරිසකට. මාතලං, හැලප අංකල්, අරූ කියන්නෙ මගේ අදහසට අනුව එහෙම අය. ඔබත් ඒ ගොඩේ බව මේ ලිපියෙන් මට වැටහුනා. ඔයාල හැමෝම අපිට වඩා ගොඩක් කල් මේ'ලෝකෙ ජීවත් වෙලා තියෙන, අත්දැකීම් පුරවගත්තු මිනිස්සු. ඉතිං ඔබේ මේවැනි අත්දැකීම් අනිවාර්යෙන් ලිපි බවට පෙරලන්න.
    මේ කතාව ලිව්වාට ගොඩක් ස්තුතියි සුදීක අයියා... හැකිනම් චාලි ගැන තව කතා ලියන්න. කවදා හරි චාලිව මටත් ගොඩාක් ප්‍රයොජනවත් වේවි. එහෙම උනොත් චාලිව හොයාගෙන ඔහුට ස්තූති කිරීම සඳහා ඔබව අමතමි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියේ

      Delete
    2. බොහොම ස්තුතියි දිගු විස්තරයට. මගේ බ්ලොග් එකේ නම් විවිධ පරාස වල ලිපි එකතුවක් තියෙන්නේ. හැම දෙනාටම හැම එකම හරි නොයන්න පුළුවන්.
      //කවදා හරි චාලිව මටත් ගොඩාක් ප්‍රයොජනවත් වේවි. එහෙම උනොත් චාලිව හොයාගෙන ඔහුට ස්තූති කිරීම සඳහා ඔබව අමතමි.//
      මෙන්න මේ කොටස මට තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. මට හිතුනේ ඔබට තිබුණ ලොකු ගැටලුවකට මේ කතාවෙන් විසඳුමක් ලැබුණා වගේ.

      Delete
    3. විසඳුමක් ලැබුන නෙමෙයි අයියා.. මං එහෙම කිව්වෙ, පර්ෆෝමන්ස් විදිහට අපෙන් එලියට එන්නෙ අපි මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේවල් නිසා...

      Delete
  22. චාලි නම් මරු පොරක් . ඔබේ ලිවීම රසවත්. අපි නොදන්නා බොහෝ දේ ඔවුන් දන්නවා.

    ReplyDelete
    Replies
    1. අපි රිංගන්නේ නැති අහුමුළු වල ඔවුන් රිංගන නිසා ඔහුට බොහෝ දේ ගැන අත්දැකීම් තිබෙනවා.

      Delete
  23. ඔය වගේ පාට් ටයිම් පත්තර බෙදන රස්සාව කරපු කෙනෙක් කොරියාවෙත් හිටියා කියලා අපේ එක්කෙනා මට කියලා තියනවා.වෙනත් රටවල පාට් ටයිම් ජොබ් කරන අය සුලභයි.

    ඔය වතු වල,මුඩුක්කු වල ඉන්න අයට පාට් දාන්න ටිකක් කට්ටිය බයයි නෙහ්....මොකද චන්ඩි ඉන්නෙ ඕවයෙමනෙ..

    ReplyDelete
    Replies
    1. චන්ඩි කියන්නේ කම්මැලි ජාතියක්. ඔවුන් මහන්සි වෙන්නේ නැතිව මුදල් හොයන්න තමයි චන්ඩි කම් කරන්නේ.

      Delete
  24. ගොඩක්ම ආසාවෙන් කියවපු බ්ලොග් සටහනක් සුදීක මේක ... තව කතා කීපයක් ලියන්න එවැනි ජීවිත ගැන .....

    ReplyDelete
    Replies
    1. දැන් නම් ලියන්නම වෙනවා සහන්.

      Delete
  25. මාර චරිතයක්නේ! මේ වගේ චරිතාපදාන වලට කියවන්නෝ හුඟක් කැමති බව සුදීකට තේරුනේ නැද්ද? අර නවාතැනේ රාජ් ගොයියත් ඔයවාගේ චරිත ගැන ලියන විස්තර මට මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. උඩින් තියෙන කමෙන්ට් වලින් පැහැදිලියි. මේ චරිතේ හමු වෙලා කතා කලානම් තමයි රසය වැඩි. රාජගේ මුල් කාලේ ලිපි නම් කියවලා නෑ. ඒත් මෑතක ලියපු හැම එකක්ම වගේ කියවනවා.

      Delete
  26. /// මීයකුගේ මෙන් ඉදිරියට නෙරා ඇති කන් දෙකත්, චීනකුගේ මේ ලාවට වැඩී ඇති රැවුලත්, නෑබිලි කට් කොණ්ඩයත්, නිරන්තරයෙන් ඇති නොන්ඩි ගැසීමත් ඔහුට එක් කරන්නේ විකට පෙනුමකි.//
    හි හි එයා දන්නවද දැන් මෙහෙමත් ලීවා කියලා..
    මාත් හරි ආසයි ඒ වගේ අය එක්ක කතා බහ කරන්න .. බොහෝ වෙලාවට හිත රිද්දගන්න වෙනවා ඒ කතාවල අහද්දී...
    අර චාලි දෙසම්බරේ කරන වැඩේ අපි අවුරුදු උත්සව ,දන්සැල් දෙද්දී එහෙම කරනවා .. බොරුවට ලොකු ගණන් ටිකක් උඩින් ලියාගන්න එක...
    හැකි වෙලාවට මෙවැනි කතා ලියන්න. සමහරු මේවගේ ජිවිත දකින්නේ මාධ්‍ය මගින් විතරක් නිසා ..

    ReplyDelete
    Replies
    1. මේක පෙන්නුවත් චාලියා මොනවත් කියන්නේ නෑ. මම හිටපු ගමන් ඌව නැති කරනවා අල්ලාගෙන, ඌට තද වෙන්නේ නෑනේ.

      Delete
  27. මම දාන එකක්වත් වැටිල නෑ....නැ

    ReplyDelete
    Replies
    1. කලින් ඒවා නම් වැටුනා. මම බලන්නම් ස්පෑම් එකක් වත්ද කියලා.

      Delete
  28. මම ලියපු පොල් සෝමෙ වගේම චරිතයක්...අපි කරන රැකියා, උගත්කම, පවුල් පසුබිම ආදී කාරණා මත මිනිස් සමාජයේ යම් යම් උස් මිටිකම් නිර්මාණය වී තිබුනත් අපි සියල්ලෝ මනුෂ්‍යයෝය කියන තැන ඉදලා තමයි මම ඕනෑම කෙනෙක් ආශ්‍රය කරන්නෙ. එතැනදි උස් මිටිකම් පන්ති භේද නෑ...මේ වගේ මිනිස්සුන්ගෙ ඇතුලත ඉන්නෙ බොහෝ වෙලාවට හරිම සුන්දර මිනිසෙක්....චාලි වැනි පුද්ගලයන් කීප වතාවකම මටත් මුලිච්චි වෙලා තියෙනවා...රසවත් සටහනක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ඒ වගේ දෙයකට යම් කාලයක් කැප කරන්න මම නම් පසුබට වෙන්නේ නෑ.

      Delete
  29. චාලි වගේ චරිත වලට මම ගොඩක් කැමතියි.මේ වගේ මිනිස්සු නිසා වෙන සේවය අපි නොහිතන දුරකට යනවා.

    ReplyDelete
  30. බලන් යද්දි චාලිලා,අපිට වඩා බොහොම බුද්ධිමත්.සමජය ගැන ඔවුන් තුල තිබෙන දැනුම බොහොමයි.

    ඒ අතින් බලපුවහම අපි එකම තැන පල්වෙන පිරිසක් වගේ..

    සුභ නව වසරක් වේවා !!!
    මේ ලිපියට එන්ඩ පාර පෙන්නුවට ඔබට බොහොම ස්තූතියි !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අපි අපිට පේන දුරවල් වල වැඩ පෙන්නලා චන්ඩි කියලා හිතන් හිටියට, චාලියා වැටිච්ච තැනකට ගියොත් ඇඩ්රස් නෑ.

      Delete
  31. කාලෙකින් ආසාවෙන් කියවපු ලිපියක් සුදීක. ස්තූතියි...!

    ඔය වගේ අපූරු චරිතයක් මට මේ දවස් වල හමු වෙනවා පිටකොට්ටෙ හන්දියේ.

    පිටකෝට්ටෙ හන්දියේ හා ඒ අවට පාරවල් වල "Janitorial services" කරන ටීම් එකේ ඉන්න කොටකලිසමක් ඇදගෙන වැඩ කරන ගෑනූ මනුස්සයා එතනින් යන එන කට්ටිය දැකලා ඇති. ඒ ටීම් එකේ ගැහැනු හා පිරිමි 5 ක් 6 ක් හිටියත්, ඔය ගෑනු මනුස්සයා තමයි ලිඩ් කරන්නේ.

    කාටවත් හිතා ගන්න පුලුවන්ද, එයා තනියෙම වැඩ පටන් ගන්නේ පාන්දර 3.30 ට විතර කියලා කිව්වහම. පිටකොට්ටෙ බොහෝවිට පිරිසිදුව තියෙන්නෙ, ඔය කැපවීම මතයි කියලයි, ඒ පැත්තෙ උදවිය කියන්නේ.

    ලස්සනම දේ කියන්නේ, කොච්චරවත් එකම කොට කලිසම ඇදගෙන වැඩ කෙරුවත්, මාසේ මුල ගෙවල් වලින් හම්බවෙන ගතමනාව ගන්න එන්නේ, ලස්සන ගවුමක් ඇදලා, කොන්ඩේ ස්ටයිල් එකක් දාලා, ලිප්ස්ටික් ගාලා, හයි හීල්ස් දාලා.

    ඔය අපූර්ව චරිතේ ගැන ගොඩක් විස්තර මම දැකලා/ අහලා /කතා කරලා තියෙනවා. නිවාඩු වෙලාවක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි මචං ලියමු. ඒවා තමයි කතා.

      Delete
  32. හොඳ අත්දැකීම ගන්න පුළුවන් චරිත තමයි මේ. තව කතා තියනව නං දාපං.

    ReplyDelete
    Replies
    1. ඒකාව ඊට පස්සේ අල්ල ගන්න බැරි වුණා. ඌ හරි කැමතියි මෙහෙම දානවට.

      Delete
  33. මටත් ඔය චාලි වගේ මිනිස්සු සෑහෙන් ප්‍රමාණයක් මුනුගහිලා තියෙනවා. මං දැකපු එකම දේ තමයි හොඳින් හිතවත් වුනොත් ඔවුන් කවදාවත් විශ්වාසය කඩන්නේ නෑ,

    ReplyDelete
    Replies
    1. ඇත්ටටම. ඔවුන්ට යම් වටිනාකමක් අපි දෙනවා නම්, එයට ප්‍රති උපකාර කරන්නත් පසුබට වෙන්නේ නෑ.

      Delete
  34. සුදීක.....ටොප් එකට ලියලා තියෙනවා..මමත් මේ වගේ අය එක්ක කුළුපග වෙන්න කැමතියි. මාත් එක්ක පටස් ගාලා සෙට්වෙනවා. චාලි ඉන්නේ රේඩියෝ සිලෝන් එක ගාව හැටේවත්තේද? සුදීක මම පුදුම රසයක් වින්දා..ඒක හරියට මට චාලි හම්බවෙලා පොඩි ජොයින්ට් එකක සෙට් වෙලා අඩියක් ගහනවා වගේ.

    ReplyDelete
  35. ඇත්තටම චාලි වගේ සුන්දර මිනිස්සුන්ගේ ජීවත සමාජයට විවෘතයි. අනික වචන දෙකක් නෑ. ඔවුන් ලෝකය දකින්නේ පුළුල් විදියට ටක් ගාල අඳුනගන්න පුලුවන් පෙර‍ලෙන්නෙ කොයි පැත්තටද කියලා.

    එකම දේ මේ මිනිස්සු හැමදාම ගතකරන්නෙ එකම ජීවිත.ඔබ ඔය කිව්වා වගේ ඒක ඔවුන්ගේ දිනචරියාව.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...