Wednesday, January 22, 2014

කොස්ගහ කපන්නේ නැතිව මායිම ගහන්න බැරිද ?

වීඩියෝව ගත්තේ :Inflame (Pvt) Ltd හී youtube නාලිකාවෙනි. 
"හරියටම මායිම බෙදන්න නම් කොස් ගහ කපන්නම වෙනවා"

මේ ඉහතින් තිබෙන වීඩියෝ පටයේ හොඳින් ඵලදාව ඇති කොස් ගසක දර්ශනයත් සමග පසුබිමින් ඇහෙන වදන් පෙළයි. මේ වචන පේළිය ඇසුණ විට පපුව හෝස් ගා නොයන්නේ කාගේද ? අපි කොස් ගහට එතරම් ඇලුම් කරමු. හේතුව කොස් ගසේ දල්ලේ සිට මුල දක්වා සෑම කොටසක්ම මිනිසාට ප්‍රයෝජනවත් වන බැවිනි. ඉතිං මේ වීඩියෝ පටය අවසානය තෙක් කට බලියාගෙන නොබලා සිටින්නේ කවුද ? එය විකාශනය වන මොහොතේ ඔබ දුරස්ථ පාලකය ගෙන වෙනත් නාලිකාවක් නැරඹීමට හිතුවා නම්, තවත් මොහොතක් (තත්පර 32ක්) හිඳ එය නරඹා අවසන් කරනු නියතයි.  හොඳයි පළමු වතාවට ඔබ එසේ කළා යයි සිතමු. දෙවන, තෙවන හෝ විසිවන වතාවේ වත් ඔබට නාලිකාව වෙනස් කිරීම හෝ, රුපවාහිනිය ක්‍රියා විරහිත කරන්නට සිතුණාද ? උත්තරය 99% ක්ම "නෑ" බව විශ්වාසයි. 

කොස් ගහ කපන්න වෙනව් නම් මායිම අපේ පැත්තට ගන්නැයි, මායිමේ අනෙක් පාර්ශවය පවසයි. එය කෙතරම අසම්භාව්‍ය වුවද, එමගින් කොස් ගසට මෙරට ජනයාගේ ඇති ප්‍රේමය නැවත වතාවක් පසක් කරවයි. මේ වනතෙක් ජවනිකාවේ කිසිදු ගැටලුවක් නැත. අපේ රටේ මිනිස්සු බෙදා හදා ගන්න ජාතියක් බව පැවසීමත් මුසාවක් නොවේ. එතෙක් පවසන්නේ මේ රටේ ජීවත් වන ජාතියේ හැඟුම්බර ස්වභාවය නොවේද ? වරක් මා සහභාගී වූ නායකත්ව පුහුණු වැඩසටහනකදී පිය ගුණ ගීතයක් අසන්නට සලස්වා, සියලු දෙනාගේ දෙනෙතෙන් කඳුළු වැටෙද්දී, ඔබ වැඩ කරන ආයතනය ඔබගේ පියා මෙන් සුරකින්න යන පණිවුඩය අපට හීනියට ඔබන්නට එය සිදු කල සම්පත් දායකයා සමත් විය. කෙනෙකු හැඟුම්බරව සිටින විට දෙන පණිවුඩය හිතේ ධාරණය වන බව මා දැන ගත්තේ ඉන් පසුවයි. 

ඒ සමගම දෙන දුරකථන සමාගමේ පණිවුඩය ප්‍රේක්ෂක ජනයාගේ සිත්හී තදින් ධාරණය කරන්නට මේ වෙළඳ දැන්වීම් මාලාව නිෂ්පාදනය කල ඉන්ෆ්ලෙම් පුද්ගලික සමාගම උත්සාහ දරා ඇත. මෙයින් නොනැවතී ඔවුන් මොබිටෙල් සමාගම වෙනුවෙන්ද, "ඔක්කොම ඩවුන්ලෝඩ් කර ගන්න බැරි වුණාද" යනුවෙත් තවත් එවැනිම ගණයේ වෙළඳ දැන්වීමක් නිපදවා ඇත. වෙළඳ දැන්වීම් සඳහා ඕනෑම දෙයක් යොදා ගත හැකි වුවත්, ප්‍රේක්ෂකයාගේ හැගීම් සමග සෙල්ලම් කිරීම කෙතරම් සාධාරණද ? මොනවා පෙන්නුවත් ඔබ බුද්ධිමත්ව තෝරා ගැනීම් කළයුතු බව කෙනෙකු පවසනු ඇත. ප්‍රශ්ණය මෙරට සිටින සියලුම ස්තර වල ජනතාව බුද්ධිමත්ද ? යන්නයි. 

නමුත් ඇත්තටම කොස් ගස බේරා වැට ගසන්නට අවශ්‍ය නම් පහත පෙනෙන එක් ක්‍රමයක් උපයෝගී කර ගත හැක. 
දෙපාර්ශවයම යම් කැප කිරීමක් කිරීමෙන් මේ අකාරයේ වැටක් ගැසිය හැක. කොස් ගස අයිති පාර්ශවයට කුඩා ගේට්ටුවක් දමා ගැනීමෙන් ඵලදාව නෙලීමට ගසට ළඟා විය හැක. 


නමුත් මායිමක තිබෙන ගස් වල ඵලදාව දෙපාර්ශවයටම හිමි විය යුතුය යන්න බොහෝ දෙනාගේ විශ්වාසයයි. එනිසා එම ක්‍රමයට යනවා නම් ගසටම කම්බි ඇණයක් ගසා පහත ආකාරයට වැට ගැසිය හැක. 

මෙලෙස දෙපසින් වැටවල් ඉදි කර මැද දෙපාර්ශවයටම අයිති නැති (No man's Land) ඉදි කරන්නේ, ගොඩබිමින් දේශ සීමා ඇති රටවල් වලය. ඉතිං ගමටම කන්න කොස් ගස තැබීමට නම් පාර තිබෙන පැත්තෙන් අඩි දෙකක පමණ පාරක් කොස් ගහ වෙත තැබිය හැක. 

53 comments:

  1. හොද අදහසක් සුදීක අයියේ,,

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙන් හරි ක්‍රියාත්මක කලොත් තමයි වටින්නේ.

      Delete
  2. කොස් ගහ පැරැන්නො බත් ගහ කියලා හදුන්වන්නෙ නිකන්ද මං අහන්නෙ.බත් කනවට වඩා කොස් තම්බං කන එකටනං මාත් සෑහෙන්න මනාපයි.ලුනු වතුර ටිකක් ඉහලා පොල් ටිකක් ගාලා තියනවනං ලුණු මිරිස් ටිකක් එක්ක ගිලිනකොට කොහොමද තියන රහ?? දැං බලන්න මේක කියවලා කී දෙනෙක් කෙළ ගිලිනවද කියලා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් කෙල ගිලුනා.

      Delete
  3. ගහ කපලා ලී ගන්න උනොත් ?

    ReplyDelete
    Replies
    1. එදාට වැට ගහ ගන්න දීපු එකේ පංගුව ගෙවන්න වෙයි.

      Delete
  4. එල අදහසක් අයියෙ (y)

    ReplyDelete
    Replies
    1. මම හදන ගෙදර මායිමේත් කොස් ගහක් තියෙනවා. එයාලත් හරියටම මගේ පැත්තෙන් දාලා මායිම ගැහුවේ නැද්ද

      Delete
  5. ඇඩ් එක නියමයි.. මතක ඇති මම සිරි ලංකාවේ නාට්ටි ගැන ලිව්වා පසුගිය පෝස්ට් එකක. ඒකෙ නිමිත්ත වුනේ නාට්ටිවලට වඩා කලාත්මක වෙලද දැන්වීම් දකින්නට ලැබීම. මේ ඇඩ් එකත් එහෙමයි. මේ ආයතනයම තවත් මේ වගේ ඇඩ් දෙකක් තුනක් කලා මයෙ හිතෙ. සම්මානත් ගත්තා.

    සිත සංවේදි කරල අදහසක් ඇතුලට ඔබන එක සාර්ථක ක්‍රමයක්. සුද්දා කිව්වලු "Dnt make promises, When you are happy" කියල. සතුටින් ඉන්නකොට, සංවේදි වෙනකොට කරන්න බැරි දෙවල් පොරෙන්දු වෙනව නොවැ..

    සුදිකයියා කියපු විදිහට වැට ගැහුව නම් හරි.. හැබැයි ගෙඩි ආපු දාට ගමම මරා ගනී..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ ඔහොම එක තැනකවත් වුණාද කියලා. මගේ ගේ හදන තැන නම් මගේ අවසරයක් නැතුවම මගේ පැත්තෙන් දාල වැට ගහලා තිබුණා.

      තව කතාවක් තියෙනවා "Don't make decisions when you are angry" කියලා.

      ඒකනේ ඔච්චර අමාරුම නම් අඩි දෙකක පාරක් තියන්න පුළුවන් කිව්වේ.

      Delete
  6. වෙළඳ දැන්වීම් වලින් නොවිකිනී ඉතිරිවූ තවත් සමාජ හරයන් කියා දෙයක් ඉතුරුවෙලා තියනවද? මේ ගොන්පාට් වෙළඳ දැන්වීම් අර ඉන්දියානු කුණු තුට්ටුදෙකේ වෙළඳ දැන්වීම් වල ආභාෂයෙන් හදපුවා. සාක්ෂරතාව අඩු ඉන්දීය ජනතාවට හදපු අභව්‍ය වෙළඳ දැන්වීම් වලට සිංහල දෙබස් කවා මෙහෙ පෙන්නන එක නවත්තන්න එකෙකුටවත් ඕනෙකමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දෙබස් නම් කැව්වත් කමක් නෑ. චන්ඩි වගේ කොපිය හදලා කලිසම් ඇඳන් ඉන්න එකනේ වැඩේ.

      Delete
  7. කොස් කන්න පටන් ගත්ත හැටි ගැනත් (සත්‍ය විය නොහැකි) කතාවක් තියනවා නේද..

    වෙළඳ දැන්වීම් මෙහෙ අතිශයෝක්තියෙන් පෙන්නුවට, සාමාන්‍ය තත්වය ඉක්මවා ගොස් භාණ්ඩයේ හෝ සේවාවේ සැබෑ ලෙසම පවතින්නේ නැති තත්වයන්, ඇති බවට ප්‍රචාර කරන්න බෑ කියල මං අහල තියනවා..

    ReplyDelete
  8. මම නම් කොස් වලට වඩා ආස පොලොස් වලට. :-D

    ඔය වෙළද දැන්වීම් කතා කරන්නෙ මොලේට වඩා හදවතටයි. ඒක වැරදීම කියනවා නෙමේ. ඇත්තටම එතන ඇන්දවීමක් වෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. ඔවුන් කරන්නේ ඔවුන්ගේ වෙළඳ නාමය ප්‍රේක්ෂකාගේ හිතේ සටහන් කරන එක.

      Delete
  9. අපුරු අදහසක්.....

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නම් මෙතන වෘත්තයක් හැටියට හෝ වෙනත් සංකේතයක් හැටියට ඉතුරු කරන්න පුළුවන්.

      Delete
  10. සුදීක අයියටත් හිතෙන දේවල්.. මාත් ඔය දැන්වීම දැකලා තියෙනවා.. හැබැයි ඉතින් මිනිස්සුන්ගේ ආකල්ප දැන් ඇත්තටම ඔය වගේද කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. 1% වත් වැට මායිම් කාරයෝ ඔහොම සමගි වෙනවා නම් බැරියැයි.

      Delete
  11. සුදීක කොස්වල මුල් මොනවට හරි ගන්නවද ..මේ මේ දන්නැති හිංද ඇහුවෙ.ඒක නෙමේ බැරිද නායකත්ව වැඩමුළුවක් සංක්ෂිප්ත කරන්න

    ReplyDelete
    Replies
    1. කොස් ගහ ඉරන්න ගන්නේ මුදුන් මුලේ වැඩි කොටසක් එක්කම. ඒ වගේම ලොකු මුල් වුනත් ගන්නවා මගේ දැනීමේ හැටියට. අපේ මහවේදනාගෙන් අහන්න ඕනේ මුල් බෙහෙතක් වශයෙන් පාවිච්චි කරනවද කියලා. ඒ වගේ අහලා තියෙනවා වගේ මතකයක් තියෙනවා. ඒත් හරියටම මතක නෑ. නායකත්ව වැඩමුළු ගැනනම් මගේ හිතේ ඒ තරම් හොඳ ආකල්පයක් නෑ.

      Delete
  12. ඔය කියන විදිය සාර්ථක නැහැ. මායිම ආවා නං කොස් ගහට දෙන්නම කොස් ගහට පොර බදනවා. කොස් ගහ කපල අන්ත්මට දෙන්නට බෙදාගන්නයි වෙන්නේ ආදායම. අර මොකක්ද මානුෂික වෙනවද කියන එක මේකට අදාළත් නැහැ. කොස් ගහේ මායිම වෙනස් කරල ගහන්න දුන්න එක ඇඩි එකේ හැටියට ලොකු දෙයක්. ඒක ඒ හැටි දෙයක් නොවෙන වගක් නං කියන්න බෑ. මොකද කව්රුවත් එහෙම කරන්න හිතන්නෑ.

    ReplyDelete
    Replies
    1. මේක අසම්බාව්‍යයි කියන්නේ ඒකයි. මේ ගුණය තියෙන්නේ ඇඩ් එකේ විතරයි. වැටක් ගහගන්නම ඕනේ නම් ඔය කියන විදියට කාටවත් නැතිව ගහන්න පුළුවන්. අමාරුම නම් ලංගම පැත්තෙන් දෙන්නත් එක්ක අඩිය-අඩිය දීලා පාරක් දාන්නත් පුළුවන්, ගමටම කන්න දෙන්න. ජීවිතේට හරි යන්නැති කතාවක් තමයි දැන්වීමේ කියන්නේ.

      Delete
  13. ඇත්තටම ඔය වැඩේ කරන්න පුලුවං උනත් ඕකෙ සාර්ථකත්වය රඳා පවතින්නෙ ගහ දෙපැත්තෙ ඉන්න මිනිස්සුංගෙ හැදියාව මත තමයි. නැත්තං වෙන්නෙ ගෙඩි වලට මරාගන්න එක හෝ හොරෙන් කැඩීම.

    ලංකාබෙල් එකේ ඇඩ් ගොඩක් දුරට ලස්සනයි.
    මගේ කැමතිම ඇඩ් එකක් තමයි මේක.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ප්‍රසන්න. අපේ රටේ මිනිස්සු වෙනස් කියන්නේ ඕක තමයි. ඔය කොස් ගහ ඇති පරම්පරා දෙක පතබාවන්න. මේවා හරියට ලස්සන දර්ශන දාලා ගහන කැලැන්ඩර් වගේ. උන්ගේ කෙරුවාවේ කියන්න මොනවත් නැති නිසා, මේ වගේ ඒවා පෙන්වනවා ඇති.

      Delete
  14. කොස් ගහත් නොකපා වැටකුත් නොගහ අපෙ රටේ මහ දෙජාතියට එකට කොස් කන්න පුළුවන් නම් කොච්චර හොඳද ?

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද ? ඒ අතින් පුදුම අවස්ථාවාදීන් ඉන්නේ.

      Delete
  15. අම්මෝ අපේ රටේ ජනමාද්‍ය ගැන නම් කතා කරල වැඩක් නෑ... මොකක් හරි දෙයක් 100 කරල කියනවා....

    කොස් ගහ ගැන නම් කියන්න තියෙන්නෙ පොල් ගහට සමාන ගහක්... (ප්‍රයෝජන අතින්)... වරකනම් ඉතින් කන්නම බෑ... වැල අම්බෝ... කාලම නෑ.... වැල කාල කක්කුස්සි ගිහිල්ලත් නෑ ඕන් මමනම්....

    ReplyDelete
    Replies
    1. වැල කෑවම කිසි කරදරයක් නෑනේ මල්ලි.

      Delete
  16. "ගමටම කන්න කොස් ගස තැබීමට නම් පාර තිබෙන පැත්තෙන් අඩි දෙකක පමණ පාරක් කොස් ගහ වෙත තැබිය හැක"
    ඔතන කාලයක් පාවිච්චි කරපු පොදු මාර්ගයක් තිබ්බය කියලා මිනිස්සු ඉඩම් දෙක මැදින් පාරක් ඉල්ලන්න පටන් ගනියි.
    ඊට පස්සේ පාර ත්‍රීවීල් එකක්වත් ගන්න බෑකියලා අඩි දහයේ පාරක් කරන්න කියයි.
    ඊට පස්සේ අඩි විස්සේ පාරක් ඕනේ කියයි. අන්තිමට ඉඩම් දෙකේ එවුන්ට කොස්ගහත් නෑ ඉඩමත් නෑ .
    අපේ බහුතරයකගේ සහයෝගය ඔය වගේ තමයි.
    අපේ ඉඩමෙන් ගියාට කමක් නෑ වැට මේ පැත්තෙන් ගහමු කියනකොට අනිකා මුකුත් නොකියා ඉන්නේ ඇයි කියලා මටනම් තේරෙන්නේ නෑ .

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ අපේ රටේ මිනිස්සු වෙනස් කියලා.

      Delete
  17. මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු කරන්නේ හැගීම් විකුණන් කන එකයි අන්කල්... හැගීම් මත හැමදේම මාකටිං වෙනවා. :/

    ReplyDelete
  18. කට්ටිය කිව්වට විස්වාස කරනවද මෙහෙ කොස් උයලා කන්නේ නෑ .... ඉදවලා වරකා හැටියට විතරයි කන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. වරකා ...? එතකොට උඹ ආසම "වැල" කන්නේ කොහෙන්ද... හික් හික්

      Delete
  19. තරහ වෙන්න එපා අයියේ අපේ ගොයියල ඊට පස්සේ රැඳු වේවි අපිට වැඩ පලදාව අරුන් කෑවා කියල

    ReplyDelete
  20. සුදීක අයියා ඉස්සර විවාහයක් කර ගන්නකොට දෑවැද්දට දෙනව කියන්නෙ පොල් පැලේකුයි කොස් පැලේකුයි විතරලු. ඒ කියන්නෙ ඒ දවස් වල කොස් ගහට කියල තියෙන්නෙ බත් ගහ කියලලු.ඒත් අද බලන්න. මේ හැමදේම වෙනස් වුනේ විවෘත ආර්ථිකේ මේ රටට පතබෑවුණු හිංදයි කියල තමයි.හුග දෙනෙක් කියන්නෙ.මං දන්නෑ මේ හරියටම ඇත්ත තත්ත්වෙ. සරච්චන්ද්‍රෙග ධාර්මිෂ්ඨ සමාජය කියන පොතෙන් ඒ බව මනාවට විග්‍රහ කරනව.ඒ සරච්චන්ද්‍ර ජේ.ආර් විරෝධියෙක්වත් හිංදද කියල දන්නෙත් නෑ.ඒත් මගේ ආකල්පය එන්න එන්නම වෙනස් වන මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න බැරිවේවි කියලයි.ඒ අද හැමදේම වාණිජකරණය වෙලා නිසා

    ReplyDelete
    Replies
    1. මමත් ඒ අදහස පිලි ගන්න කෙනෙක්. උතුරේ ගොවි ජනතාව අතරමං වුනෙත් ඒ නිසා. ඒ වෙනකොට තිබුණ ආහාර හිඟය අඩු කල යුතුයි. ඒ වුණත් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකම. ඒ නිසා තමයි 82 ජනාධිපතිවරණේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ජේ. ආර්. තුන්වෙනි තැනට වැටුනේ. නමුත් අපි දැන් ඉන්නේ ඊට යුගයකට පස්සේ. අපිට උඩුගං බලා පීනන්න බෑ. නමුත් දේශීයව වගා කල හැකි දේ ආනයනය අඩු කල යුතුයි.

      Delete
  21. ඇත්ත කතාව.

    එත් කොස් ගහ බීර ගන්න අච්චර ලොකු වැටක් ඕනේ නෑ නේ.කදේ size එකට විතරක් පොඩ්ඩක් එහා මෙහා කරලා ගහන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. නයා ගියා වගේ වැටවල් ගහන්නේ නැති නිසයි මේ ක්‍රමය යෝජනා කලේ. මොකද අනාගත පරම්පරා වල අයටත් තේරෙන්න ඕනේ මොනවද වුණේ කියලා.

      Delete
  22. ඔක දැකල මෙ වගෙ මිනිසුන් බිහිවෙවා කියල ප්‍රර්ථනා කරල ඉමු.

    ReplyDelete
    Replies
    1. ඒක සුබවාදී චින්තනයක්. එහෙම වෙනවා නම් හොඳයි.

      Delete
  23. පළමු වතාවේ නම් බැලුව. නමුත් ඊට පස්සෙ ආසාවක් ඇතිවුනේ නෑ. මගේ කෝණයෙන් නං මේක එච්චර සාර්ථක ඇඩ් එකක් නෙවේ. ඊට වඩා නිර්මාණාත්මකයි අර ඩවුන්ලෝඩ් ඇඩ් එක.
    එක්කෝ ඇඩ් එකක හාස්‍ය තිබියයුතුයි. නැත්නම් හිතන්න දෙයක් තිබියයුතුයි. මේකෙ එහෙම දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් අපිට අනුව නම් මේක සාර්ථක නෑ. ඒත් හැගීම්වලට වහල් වූ අය මේවාට ඇබ්බැහි වෙනවා. නිෂ්පාදකයාගේ අරමුණ එතනදී සාර්ථක වෙනවා.

      Delete
  24. මට නං අවුල් වගේ ඇත්තටම ඕ වගේම වෙයිද... (ඉරකි තිතකි..... පොලිස් පොල්ලකි) ඌ..........ව්

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ඕක තමයි මහේෂ්. මේක ලක්ෂෙකට එකක් වත් වෙන්නේ නෑ.

      Delete
  25. ඔබේ මේ අදහස සමග 100% එකඟයි.

    ලංකාවෙ වෙළඳ දැන්වීම් කලාව යම් තරමකට අපට හිතට දැනේන ගත්තෙ ලංකා බෙල් අඩ් නිසා. ඒ හැම එකකම මනුස්සකම තිබුණා ඒවා ගුණයහපත් කම් ගැන කියාදුන්න දැන්වීම්. හැබැයි මේ කලාව රැදීපතින්නෙ ඒ කලාත්මක බව නිසා. ඔය කොස්ගහ හොයාගන්න කොයිතරම් මහන්සි වෙන්න ඇද්ද

    ReplyDelete
    Replies
    1. දයා කොස් ගහ හොයා ගන්න වෙන මහන්සියට මිලක් තියෙනවා. ඒකත් ගෙවන්නේ පාරිභෝගිකයා. මේ වෙළඳ දැන්වීම් ඇත්තටම සිත්ගන්නාසුළුයි. වැඩේ තියෙන්නේ අන්තිමට මේ ගුණයත් එක්ක එයාලගේ සන්නම් නාමයත් එකතු කරන එකනේ.

      Delete
    2. මේ ඇඩ් එකේ මම කිසිම වැරැද්දක් දකින්නෙ නෑ...මීට වඩා කොච්චර ජරා වෙළද දැන්වීම් වගේම ටෙලි නාටකත් රූපවාහිනී වල පෙන්වනවද ?

      Delete
  26. කොස් ගහ කපන්නෙ නැතුව වැඩේ ගොඩින් බේරා ගන්න තිබුනා මේ විදියට. කඩන හෝ වැටෙන ගෙඩිය දෙකට පලලා ගෙවල් දෙකට භාගෙ භාගෙ යැව්වා නම් වැඩේ අහවරයි....

    ReplyDelete
  27. ඔය ඇඩ්ඩ් එක බලන හැම වෙලේම මට හිතෙන්නෙත් ඕකම තමයි. ඇයි දේයනෙ ගහ මැදට වෙන්න වැට ගහන්න බැරි.

    ReplyDelete
  28. සුදීකට තියෙන්නේ තින්කින් අවුට් ඔෆ් ද බොක්ස් කියන හොඳ කරන්න අමාරු ලෙඩේ... :D අපේ රටේදී හැදුනම නම් ආයුකාලය අඩුවෙන්න උනත් පුළුවන්... :D

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...