Wednesday, December 4, 2013

ලෝකයේ තවමත් නොවිසඳුණු අභිරහස් දහය මෙන්න. World's most unsolved mysteries.

නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම් කරනා සෙයකි. එම පණිවුඩ රහස් සංකේත ලෙස දක්වා ඇත්තේ ඇයි ?


ඒවා තුළ බැරෑරුම් රහස් ඔවුන් සඟවා තැබුවාද ? බොහෝ උගත් ඉතිහාසඥයන්ගේ, ගුප්ත ලේඛන කියවන්නන් සහ අධිෂ්ඨානශීලී නිදන් හොරුන්ගේ උත්සාහයන් හැරුණුකොට , ඉතිහාසය ප්‍රහේලිකා වලින් පිරී ඇති නිසා අප මේ දක්වා ව්‍යාකූල වී ඇත.  මෙවැනි සැබෑ ජීවිතයේ ප්‍රහේලිකා හා සසඳන විට, ප්‍රබන්ධ කතා පදනම් කරගත් "ඩාවින්සි කෝඩ්" සහ "නැෂනල් ට්‍රේෂර්" වැනි චිත්‍රපට වල කිසිවක් නැති තරම්ය.   ලොව නොවිසඳුණු හොඳම ගුප්ත අභිරහස් සහ සංකේත දහය ලෙස අප විශ්වාස කරන ලැයිස්තුව මෙන්න

1.වොනික් අත්පිටපත

1912 දී පෝලන්ත-ඇමරිකන් සම්භවයක් ඇති පුරාවස්තු රැස් කරන්නෙකු වන  විල්ෆ්‍රඩ් එම්. වොනික් අත්පත් කරගෙන ඇති සහ ඔහු නමින් නම් කර ඇති මෙම  පිටු 240ක සවිස්තරාත්මක පොත ලියා ඇති භාෂාව අදටත්  නොදනී. මෙම කෘතිය තුළ නාඳුනන දේ,  අමුතු අවස්ථා සහ මෙතෙක් හඳුනා ගත කිසිදු ප්‍රභේදයකට අයත් නොවන ශාඛ පිළිබඳ වර්ණවත් චිත්‍ර වලින් පිරී ඇති නිසා එය කෘතිය පිළිබඳ කුතුහලට වඩාත් තීව්‍ර කරන අතර එය තේරුම ගැනීම තවත් අපහසු කරයි. තවමත් මෙහි නියම රචකයා කවුරුන්දැයි නොදනී. නමුත් කාබන් කාල නිර්ණයට අනුව මෙම පිටු ක්‍රි.ව. 1404 සහ 1438 අතර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇත. එය "ලෝකයේ   වැඩිම අභිරහස් අත්පිටපත" ලෙස හඳුන්වනු ලබයි.

අත්පිටපතෙහි ආරම්භය සහ ස්වභාවය පිළිබඳ න්‍යායාත්මකව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ,  එය මධ්‍යතන හෝ නුතන යුගයේ මුල් කාලයට අයත් ඖෂධසංග්‍රහයක් බවයි. එය රසායනඥයන්(ඇල්කෙමියකන්) සඳහා වූ මුද්‍රිතයක් බව එහි ඇති බෙහෙත් පැළෑටි සහ පැල පිළිබඳ රූප ඉඟි සපයයි. බොහොමයක් චිත්‍ර තාරකාශාස්ත්‍රමය ආරම්භයක් සහිත වූ නිර්මාණය නිසා,  ඒවාට පිටසක්වල ජීවීන් විසින් සකන්සන්නක් විය හැකි බව  කාල්පනික න්‍යායාචාර්ය වරුන් යෝජනා කරයි.

බොහෝ න්‍යායාචාර්ය වරුන් එකඟ වන කාරණය නම් එය අසම්භාව්‍ය වංචාවක් නොවිය හැකි බවයි. හේතුව එම නිර්මාණයට යම් කාලයක් සහ මුදලක් සහ  විස්තර ප්‍රමාණයක් ගොනු වී තිබීමයි.

2.ක්‍රිප්ටොස්

ක්‍රිප්ටෝස් යනු චිත්‍ර ශිල්පී ජිම් සැන්බෝන් විසින් නිර්මාණය කරන ලද අභිරහස් මූර්තියකි. එය  ඇමෙරිකාවේ ලැන්ග්ලි හී පිහිටා ඇති සී.අයි.ඒ. මුලස්ථානය එළිපත්තේ ස්ථාපනය කර ඇත. එය කෙතරම් අභිරහස්දයි කිවහොත් සී.අයි.ඒ. ආයතනය පවා එය මුළුමනින්ම සාමාන්‍ය බසට පරිවතනය කරන්නට සමත් වී නැත.

මෙහි අන්තර්ලේඛන හතරක් අඩංගු වන අතර ඉන් තුනක් කඩන්නට දැනට සමත් වී ඇතත්, සිව් වන්න තවමත් අල්ලාගැනීමට නොහැකි වී ඇත. 2006 දී සැන්බෝන් විසින් පළමු අන්තර්ලේඛනය සහ අවසන් එක අතර තිබෙන ඉඟියක් ලබා දුන් අතර, 2010 දී තවත් ඉඟියක්  ඵල කළේය: ඒ හතරවන අන්තර්ලේඛනයේ ඇති 64-69 දක්වා අක්ෂර NYPVTT වන අතර එය BERLIN බවය.

ඔබට තවමත් එය විසඳීමට උත්සාහ කර බැලිය හැක.

3.බෙල් සයිපර්ස්


ඇමරිකානු ඉතිහාසයේ නිදන් කර ඇති විශාලම වස්තු සම්භාරයක් පිළිබඳ ස්ථානය කේතාංක මගින් සටහන් කල කේතාංක ලියවිලි තුනක් මෙනමින් හැඳින්වේ. එහි රාත්තල් දහස් ගණනක් රන්, රිදී සහ මැණික් තිබී ඇත. එම නිදානය මුලින්ම ලබාගෙන ඇත්තේ 1818 දී තෝමස් ජෙෆර්සන් බෙල් නමැති අරුම පුදුම පුද්ගලයාය.

මෙම කේතාංක සටහන් වලින් දෙවෙනි සටහන  පමණක් මේ දක්වා බේරුම් කර ගැනීමට සමත් වී ඇත. මේ සඳහා භාවිතා කර ඇති කේතාංක යතුර වී ඇත්තේ එක්සත් ජනපදයේ නිදහස ප්‍රකාශ කිරීමේ  පාඨයයි.  කුතුහලය දනවන කරුණ නම් නිදහස් පාඨය නිර්මාණය කල තැනැත්තාට බේල්ගේ නමම තිබීමයි.

මෙහි තේරුම් ගත් කොටසේ වත් එම නිදානය වළලා තැබූ නියම ස්ථානය වූ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, බෙඩ්ෆොර්ඩ් ප්‍රදේශය සටහන්ව නැත   නමුත් එය තවමත් තේරුම් නොගත් කේතාංක තුළ බොහෝවිට සැඟවී තිබෙන්නට පුළුවන්. අද දිනය දක්වාත්, නිදන් සොරු, බෙඩ්ෆෝර්ඩ්හී කඳුකර ප්‍රදේශ වල (බොහෝවිට අනවසරයෙන්) ගෙන සෝදා කොල්ලකනවා.

4.ෆායිස්ටස් තැටිය.

ෆායිස්ටස් තැටියේ අභිරහස ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේ එන කතාවක් වැනිය. ඉතාලි පුරාවිද්‍යාඥ ලුයිගි පර්නියර් විසින් 1908 දී ඵයිස්ටස්හී මිනොන් මාළිගා බිමෙන් සොයා ගන්නා ලද තැටිය මැටි වලින් සාදා ඇති අතර, එහි අඩංගු වන අභිරහස් සංකේත වලින් නොදන්නා රුපාක්ෂර වර්ගයකි. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සැලසුම් කලා යයි පිළිගැනේ.

සමහර විද්‍යාර්ථීන් විශ්වාස කරන්නේ මෙම තැටියේ ඇති රූපාක්ෂර සමානතාවක් දක්වාන්නේ පෞරාණික "ක්රේට්" වල භාවිතා වන අක්ෂර ඇති රේඛීය ඒ සහ රේඛීය බී වලට බවයි.

අදත් මෙම තැටිය පුරාවිද්‍යාව මගින් නොවිසඳූ ප්‍රහේලිකාවක් වශයෙන් පවතී.

5.ශග්බරෝ (පිළිගැන්වීමේ) වාක්‍යය

එංගලන්තයේ, ස්ටඵර්ඩ්ෂයර් හී 18 වන සියවසේ එඬේරාගේ සමාධියට පෙනෙන දුරින් ඇති එය නිකලස් පොසින්ගේ ප්‍රසිද්ධ චිත්‍රයක් වන "රමණීය දේවගැතියා" හී නැවත නිර්මාණය කරන ලද මූර්තියක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. ලංව බැලුවොත් ඔබට පෙනේවි අපූර්ව අකුරු පන්තියක්, "DOUOSVAVVM" ලෙස. එම කේතය  අවුරුදු 250ක කියවා තේරුම් ගැනීමේ ප්‍රයත්නයන් ඉක්මවායන බව. 

මෙහි කැටයම්කරුවා කවුද යන්න තවමත් අභිරහසක් වුවද, සමහරුන් අනුමාන කරන්නේ ටෙම්ලර් හී ආදිපාදවරුන් ශුද්ධවූ බඳුන(යේසු තුමා අවසන් භෝජනය සඳහා භාවිතා කල) සඟවා ඇති ස්ථානය පිළිබඳ රහස මෙහි සඟවා තබන්නට ඇති බවයි. 

ලෝකයෙන් බිහි වූ විශිෂ්ඨතම චින්තකයන් යුගලක් වූ චාර්ල්ස් ඩාවින් සහ චාර්ල්ස් ඩිකන්ස් මෙම අභිරහස විසඳන්නට ඉදිරිපත් වුවද අසමත් වුහ.
___________________________________________
මෙවැනි ලිපි පරිවර්තනය ඉතා අසීරු බැවින් වඩා රසවත් ඉතිරි පහ දෙවන කොටස දක්වා ගෙන යාමට සිදු වේ. 

මෙය http:/alft-teluu.blogspot.ca හී පල වූ World's most unsolved mysteries. ලිපියේ පරිවර්තනයකි. 

83 comments:

  1. ඉතුරු ටික දානකම් බලං ඉමු එහෙනම්...

    ReplyDelete
  2. මේ ටික ගැන දැනගෙන හිටියේ නැහැ.ඉතිරි ටිකත් දාන්න

    ReplyDelete
    Replies
    1. හරි ඉක්මනින්ම දාන්නම්.

      Delete
  3. http://www.smh.com.au/news/World/Mysterious-code-finally-cracked/2004/11/26/1101219737558.html
    සුදීක.......මේ ලිපිය කියවා බලන්න...ඒ පිංතූරය ඔබට වැදගත්ද මම දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක වැදගත්.

      Delete
  4. ඔබගේ ගියවර ලිපි ලිපිය මට මග හැරිලා සුදික මල්ලි.
    ඊලග කොටසත් කියවලම ඉන්නම්.
    පළමු වැනි එක ටිකක් කුතුහලය වැඩි කෙරුව.

    ReplyDelete
    Replies
    1. හරි බලලා එන්න. දැන් ටිකක් බිසී ඇති නේ, කමෙන්ට් වලට පිළිතුරු ලබා දෙන්න තියෙන නිසා.

      Delete
  5. සුදීක, ඔය වොයිනික් මෙනුස්ක්‍රිප්ට් එක ගැන කියනකොට තව එකක් මතක් වුනා."කොඩැක්ස් සෙරෆිනියානස්". ඔය වගේම හිතාගන්න බැරි භාෂාවකින්, සම්පූර්ණයෙන්ම වෙනත් විශ්වයක් සම්බන්ධයෙන් ලියලා තියන පොතක්. හැබැ‍යි මෙහෙම එකකුත් තියෙනවා, වොයිනික් මෙනුස්ක්‍රිප්ට් එක වුනත්, සෙරෆිනියානස් කොඩැක්ස් එක වුනත් මනුෂ්‍ය පරිකල්පනයේ එක්තරා උත්කර්ෂයක්. ඒක මාර වෙන්නේ ඒ වගේ දෙයක් පරිකල්පනය කරන්න තරම් නිර්මානශීලී මිනිස්සු ඉඳීම නිසා.

    ReplyDelete
    Replies
    1. ඔබට මේ ගැන හොඳ කියැවීමක් තිබෙන බව පේනවා. ඇත්තටම මෙවැනි දේ ගැන උනන්දුවක් දක්වන අය අඩුයි. අනිවාර්යයෙන්ම එවනි මිනිසුන්ගේ පරිකල්පනය සාමාන්‍ය අය ඉක්මවා ගිය මට්ටමකින් තිබී ඇති බව පැහැදිලි වනවා මෙවැනි ප්‍රකාශන තුලින්. අප පරිගණක ලෝකයේ දකින බොහෝ Encryption මේවාගෙන් පෝෂණය ලැබූ ඒවා. ඔවුන්ගේ බුද්ධි මට්ටමට වත්මන් පරපුරට ලඟා වීමට හිතන්නත් අමාරු බවයි මගේ විශ්වාසය.

      Delete
  6. මට මතක් උණේ විචාරකගේ ස්ල්යිඩෙක්ස්. ඒ වගේ පුංචි දෙයක් විසඳගන්ට බැරි අපිට මේ වගේ දේවල් ගැන හිතන්ටවත් පුලුවනිද? :)

    ReplyDelete
    Replies
    1. එවැනි තැනකින් තමයි පටන් ගන්න ඕනේ. කරනවා නම් Cryptography Online Game එකක් තියෙනවා රීඩර්ස් ඩයිජෙස්ට් වෙබ් පිටුවේ.

      මෙන්න ලින්ක් එක

      Delete
  7. Replies
    1. මුල් ලිපියේ රචකයට මෙහි ගෞරවය හිමි විය යුතුයි. මා කලේ පරිවර්තනයක්.

      Delete
  8. සමහර වටින දේවල්නම් හන්ගල තියපු එකමයි හොද නැත්තන් ඒවගෙන් අයුතු ප්රයෝජන ගන්නවනෙ මිනිස්සු....

    ReplyDelete
    Replies
    1. ඔව්. හැබැයි ඒ රටවල අය ඒවා හොයන්න මහන්සි වෙනවා.

      Delete
  9. ඔය අනුරාධපුර පැත්තෙත් තියෙනවලු, ෆායිස්ටස් තැටිය වගේ එකක්, අද වෙනකන් කියවගන්න, අවබෝධකරගන්න, හඳුනාගන්න බැරි උන. ඒ ගැනත් හොයලා ලියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. අර රන්මසු උයනේ තියන සක්වල චක්‍රය ගැන නේද මේ කියන්නේ?

      Delete
    2. අනේ මම පුරවිද්යාඥයෙක් නෙවෙයි. මෙතන කලේ තනිකරම පරිවර්තනයක්. මේ විෂය ගැන පොඩි උනන්දුවක් තියෙනවා. ගැඹුරින් හදාරලා නෑ.

      Delete
    3. හරියට හරි ඒක තමයි බාන්ඩේ.. අර උඩ ඉන්නේ මගේ නියම නමෙන් හොඳේ..

      Delete
    4. හොඳයි දැන ගත්ත එක. මට හිතුණා කැම්පස් සින්ඩියේ ඉන්නකොට. උවමනා නම් සක්වල චක්‍රය පරිවර්තනය කරන්නම්.

      Delete
    5. ආන් කරනවනම් වැඩ.

      Delete
    6. එතකොට අර ඉස්සර දිවයින පත්තරේ චිත්‍ර කතාව ඇන්දේ ජනක රත්නායක කියල ඒ ඔයද මාතලන් ලොක්කෝ

      Delete
    7. අනේ නෑ.. තව ප්‍රසිද්ධ එකෙක් ඉන්නවා.. එයත් නෙමෙයි..

      Delete
  10. ""ඇමරිකානු ඉතිහාසයේ නිදන් කර ඇති විශාලම වස්තු සම්භාරයක් පිළිබඳ ස්ථානය කේතාංක මගින් සටහන් කල කේතාංක ලියවිලි තුනක් මෙනමින් හැඳින්වේ. එහි රාත්තල් දහස් ගණනක් රන්, රිදී සහ මැණික් තිබී ඇත. එම නිදානය මුලින්ම ලබාගෙන ඇත්තේ 2013.12.06 දී මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ සැමය..
    ""

    යකෝ මේව දාන්න එපා....

    ReplyDelete
  11. මාත් ඔය ගැන කියෙව්වා හැබැයි සිංහලෙන් නොවන නිසා ඉතිරි කෑල්ල එනකං බලාන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හරි දවස් දෙකක් විතර යයි.

      Delete
  12. මම දාපු කොමෙන්ට් එක හොද මදිද සුදීක අයියා......

    ReplyDelete
    Replies
    1. \\""" යකෝ මේව දාන්න එපා....\\ කියලා ඔයාමනේ ඒකෙ අන්තිමට දාලා තියෙන්නේ. ඒක මම පබ්ලිෂ් කරනවා තව දවසකින්. හේතුව ඒකෙ තියෙන දිනය තාම පහු නොවුන නිසා. අනෙක සාකච්ඡාව වෙනත් පැත්තකට යොමු වෙන්න පුළුවන් ඒක නිසා. :)

      Delete
  13. ඇත්තෙන්ම වැද්ගත් මෙවනිදේ පාඨකයන් තුලින් මග හැරී යන්නේ කඩ්ඩ පිළිඹඳ තියෙන අවුල නිසයි . ඉතින් පරිවර්තනය කර දීමෙන් මේ කරන්නේ මහත් පිනක්. මේ පිළිඹඳ හොඳ විචාරයක් අපේ විචාරක මහත්තයා සතුව ඇතිබව සිතමි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. මේ Cryptography වගේ විෂයයන් අප ඉගෙන ගත් චුලන්ත කුලසේකර ගුරුතුමා කියන දෙයක් තමයි, මේ විෂයට කැමති අය බොහොම අඩුයි කියලා. ඒ කතාව ඇත්ත. හැබැයි විචාරක තුමා අනිවාර්යයෙන්ම ඒ විෂයට කැමති කෙනෙක්.

      Delete
  14. අදමයි ඔහොම දෙයක් ගැන දැනගත්තෙ. ඉතුරු පහ ගැනත් බලමු.

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මණින් දාන්නම්.

      Delete
  15. හොද ලිපියක්. අනිත් කොටසත් කියවන්න බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඉක්මණින්ම දාන්නම්.

      Delete
  16. මං ආස කරන වර්ගයේ ලිපියක් ,,, ඊයේ රෑ ඔයා මේක දාපු වෙලේ බැලුවා ඒත් ලිපිය තිබ්බේ නැහැ ,,
    නියමයි

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල බ්ලොග් රෝල් වල අප්ඩේට් වීමේ ගැටළුවක් තියෙනවා. ඉතිං දෙතුන් පාර පබ්ලිෂ් කරනවා.

      Delete
  17. මාතෘකාව දැක්ක ම ගමන් දුවගෙන ආවේ. මේක මගේ ආස ම විෂයයක්. දෙවැනි කොටසත් ඉක්මනට දාන්න :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉක්මණින්ම දාන්නම්.

      Delete
  18. සුපිරියි ඉතිරිටිකත් ඉක්මනට දාන්න

    ReplyDelete
  19. බොහොම ස්තුතියි සුදීක. මෙ ලිපි තෙරුමක් තියෙන එවා කියන එක කොහොමද තිරනය කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. එ කියන්නෙ ඔය කියවගන්න බැරි දෙවල් වල තියෙන්නෙ තෙරුමක් ඇති ලියවිල්ලක් කියල.දැන් // එජ්ජ්හ්ඩ්cන්බුශ්ඩ්සක්zcන්xක්ම්c න්ස්ඩ්ජ්බ්cඊඋහ්ෆ්ඩ්ඣ්වුද්// මෙ වගෙ එකක් ලියල තිබුනොත්

      Delete
    2. හරි ඔයා කියන දේ තේරුණා. පුර විද්‍යාඥයින් මේ වගේ ලියවිලි කියවන්න කලින් ඒවා මොන යුගයේ කෙරුණාදැයි සොයනවා. ඉන් පස්සේ ඒ කාලයට අදාළ අක්ෂර සහ සංකේත, සංකෘතිය වගේ දේවල සලකලා බලලා තමයි මේවා තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඔයා නගන තර්කෙ යම් සතයක් තියෙනවා. ඒ කාලෙත් පිස්සෝ නොහිටියා කියලා හරියටම කියන්න බෑනේ.

      Delete
  20. ඉතුරු කොටසත් ඉක්මනට දාන්න අයියෙ. සෑහෙන්න දෙයක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ල ඊට වඩා රසවත්.

      Delete
  21. ඉතුරු ටික කෝ?ඒකත් නොවිසඳුණු අභිරහසක්ද සුදීක අයියෙ..

    ReplyDelete
    Replies
    1. නැහැ මේ දිනවල මම කාලයත් එක්ක පොඩි සටනක යෙදෙන ගමන්.

      Delete
  22. හරියට බැලුවොත් සුදීක මේ මුලු ලෝකයම නොවිසඳුනු අභිරහස් වලින් පිරිලා.

    පරිවර්තනය කෑඅලා දාපු එක පිනක්. කවදා හෝ කාට හෝ ප්‍රයෝජනවත් වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව්. මේවා තේරුම් ගන්න උත්සාහ කරන අය මොන වගේ කැපකිරීමක් කරනවා ඇතිද ?

      Delete
  23. ඔය වගේ සබ්ජෙක්ට් වලට ඔලුව යොමු කළාම ගොඩක් වෙලාවට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.. ඕකම තමයි ජිවිතේ වෙන්නේ... මේ වගේ කවුරු හරි ලියන එකක් කියවල ඉන්න එක සැපයි කියල හිතෙනවා... මමත් අර වොනික් අත්පිට පතේ කතාව නම් කලින් අහල තියෙනවා... අනිත් ඒවා නම් අදයි දැන ගත්තේ.. ඉතිරි ටිකත් දාන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේ වගේ ඒවාට හිත ගියොත් සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් කැප කරනවා.

      Delete
  24. ඔය වගේ සබ්ජෙක්ට් වලට ඔලුව යොමු කළාම ගොඩක් වෙලාවට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.. ඕකම තමයි ජිවිතේ වෙන්නේ... මේ වගේ කවුරු හරි ලියන එකක් කියවල ඉන්න එක සැපයි කියල හිතෙනවා... මමත් අර වොනික් අත්පිට පතේ කතාව නම් කලින් අහල තියෙනවා... අනිත් ඒවා නම් අදයි දැන ගත්තේ.. ඉතිරි ටිකත් දාන්න..

    ReplyDelete
  25. මමත් ලිපියක් ලියන්න ඉන්නවා මේ වගේ එකක් ගැන .... බර්මියුඩා ත්‍රිකෝණය ගැන ....

    ReplyDelete
  26. ඉතාම රසවත් ලිපියක්...මමත් ඉතාම කැමතියි පුංචි එකා කාලෙ ඉදලම අභිරහස් දේ ගැන ලියවුනු දේ කියවන්න...මේ වෑයම බොහොම අගය කරනවා...ඉදිරියටත් මෙවැනි දෑ ලියන්න...

    ලංකාවෙ තියෙන අභිරහස විදියට මම දකින්නෙ අනුරාධපුර රන්මසු උයනේ තියෙන අභිරහස් ශිලා ලේඛණ්‍ය..සමහර විද්‍යාඥයො එය තාරකා දොරටුවක් ලෙසත්...එහි තියෙන සංඛේත අපේ චක්‍රාවාටය හා ඉන් පිටත පිහිටා ඇති ග්‍රහලෝක ලෙසත් දක්වනවා...

    වැඩි විස්තර සදහා මේ ලින්කුවෙන් යන්න...http://nawadalihena.blogspot.com/2012/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. සිරාගේ උනන්දුව මා තවත් මෙවැනි දේ ලියන්න පොළඹවනවා. ලින්කුවට ස්තුතියි. දැන් ඒ ගැනත් සොයන්න වෙනවා. :)

      Delete
  27. උඹත් දැන් කඩකඩා දාන්ඩ ගත්තද

    ReplyDelete
    Replies
    1. උඹ වාගේ නරක මිතුරන් ඇසුරු නොකරන්නැයි වලහා මට රහසින් කීවා :)

      Delete
    2. කව්ද ඔය වලා ??? බෝගක් ලියන එකෙක්ද

      Delete
  28. අහ්හ් මගේ ප්‍රියතම විශයයක්. නියමයි අයියේ

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටස ඊට වඩා රසවත්.

      Delete
  29. (මෙය ලිපිය අවතක්සේරු කිරීමක් නෙමයි)
    ඉතුරු අභිරහස් ටිකේ නැද්ද, පාර්ලිමේන්තුවට හරක් දක්කලා ඉල්ලන්'කන , තේරුම්ගත නොහැකි මිනිසුන් කොට්ඨාශයක් ජීවත් වෙන දේශයක් ගැන... ???

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රසිද්ධ රහසක් නේ. මේවා නොවිසඳුණු අභිරහස්.

      Delete
  30. අපේ නිදන් හොරුන්ට දීලා බලමුද ..

    ReplyDelete
    Replies
    1. උන් මේවා කියවන්නේ නෑනේ. ගලවාගෙන යනවා මිසක්.

      Delete
  31. ඉතිරි ටිකේ වත් මෙහේ මොනව හරි තියෙයි ද?

    ReplyDelete
  32. අභිරහස්, මමත් ආසම විෂයක්

    ReplyDelete
  33. මේ විෂය මමත් කැමතිම විෂයක්.ආසාවෙන් කියවූවා හොඳ පරිවර්තනයක්.ඉතිරියත් ලියනකල් බලා ඉන්නව.

    ReplyDelete
  34. මේව ඔක්කොම වැටෙන්නෙ එකම කැටගරි එකකට.. ලිඛිත අභිරහස්.. නමුත් ලෝකෙ තව අභිරහස් ගොඩාක් තියනවා. බර්මියුඩා ත්‍රිකෝණය එයින් එකක්

    ReplyDelete
  35. අයියෝ....ඉතුරු ටික පස්සෙද....මේ ලෝකේ කොච්චර පුදුමද......??

    ReplyDelete
  36. මේ ලැයිස්තුවට එකතු කරන්න ඒවා කීපයක්ම උඹලට මතක් වෙන්නේ නැද්ද සගයිනි?

    ReplyDelete
  37. මේ ලැයිස්තුවට එකතු කරන්න ඒවා කීපයක්ම උඹලට මතක් වෙන්නේ නැද්ද සගයිනි?

    ReplyDelete
  38. ඉතාම්ත් වටිනා උත්සාහයක්. විවිධාකාරයේ විකාර සඳහා තාක්ෂණය හා කාලය යොදා නොගෙන මෙවැනි හරවත් දෙයක් කිරීම පිළිබඳව සතුටට පත් වන අතර දැනුම කිසිදාක ලබා නිම කළ නොහැක්කකි. ඹබට ජය.

    ReplyDelete
  39. ඔබගේ කාලය මෙවැනි එරවත් දෙයක් වෙනුවෙන් යොදා ගැනීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. ඔබට ජය

    ReplyDelete
  40. ptasakwala jeewaya pilimbanadawa thorathuru athulath post ekak dana e wagema me dala thiyana post ganath kiyanaone athatama kuthuhalaya danawanawa rahas basha sanskrutheen athatamea me thorathuru godak watinawa sthuthiy !! thawath idiriyata me wagema post danna obata suba pathum!!!!

    ReplyDelete
  41. me athara pitasakwala jeewaya kiyaneth thawamath nowisandunu rahasak neda mokada e gana kiyane

    ReplyDelete
  42. pitasakwala gana post ekak dannawada?

    ReplyDelete
  43. pitasakwala gana post ekak dannawada?

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...