Tuesday, December 17, 2013

සුවඳ හමන රුපවාහිනිය ........ Televisions that smells good ......

ඔබ මෑතකදී නව ඉලෙක්ට්‍රොනික් හෝ ඉලෙක්ට්‍රිකල් උපාංගයක් මිලදී ගත්තාද ? හොඳම උදාහරණය ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගනයකය. මේ හැම එකක්ම මිලදී ගෙන මුල් දවස් කිහිපයේ වයර් පිච්චෙන ගඳක්  දැනිලා ඇති. මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබේ නවතම රූපවාහිනියෙන් නොනවත්වාම ගඳ-සුවඳ හමන්න ගත්තොත් ඔබ මොකද කරන්නේ ? බොහෝ විට මෙය නිෂ්පාදන දෝෂයක් (Manufacturing Defect) කියා ඔබ එය නැවත මිලදී ගත් වෙළෙන්දා හෝ නිෂ්පාදිත ආයතනය වෙත ගෙන යනවා නියතයි. මේක කියවද්දී අර චූටි මල්ලියි පොඩි මල්ලියි හිටිය ඇඩ් එක සිහියට එනවා ඇති.

මම කියන්න යන්නේ ඒ වගේ සිද්ධියක් ගැන නොවෙයි. මා කුඩා කාලයේදී මගේ පියා මා හා නිතර කිව් දෙයක් තමයි, "අනාගතයේදී රූපවාහිනියෙන් ගඳ-සුවඳ එන්න පුළුවන් විදියට හදනවා" කියන එක. ඒ කාලයේදී මට මේක දැනුණේ විහිළුවක් වගේ. අද වුණත් කෙනෙකුට මේක විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් නුදුරු අනාගතයේදී තවදුරටත් මේක විහිළුවක් වෙන්නේ නෑ. අසීරු වුණත් විද්‍යාඥයෝ මේ උත්සාහය අත අරින්න සුදානම් වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ස්මෙල්-ඕ-විෂන් ටී.වී. කියන නවතම මානයකට රුපවාහිනිය ගෙන යන්නේ. 

ස්මෙල්-ඔ-විෂන් පිලිබඳ මුලින්ම වාර්තා වන්නේ 1960 දී නිෂ්පාදනය කරන ලද "ද සෙන්ට් ඔෆ් මිසරි" චිත්‍රපටයෙනි.  මයික් ටොඩ් නමැති චිත්‍රපට නිෂ්පාදකය තම සියළු ධනය ඒ වෙනුවෙන් ආයෝජනය කරන ලදී. එම චිතරපටයේදී එක්-එක් පුද්ගලයාගේ ආසනට සම්බන්ධ කර තිබූ නාල මගින් මේ සුවඳ එවන්නට සැලසුම් කොට තිබුණි. 1980 ගණන් වල නිපදවූ පොලියෙස්ටර් නම් චිත්‍රපටයේදී යලිත් ස්මෙල්-ඔ-විෂන් යොදා ගන්නා ලදී. ඒ මයික් ටොඩ්ගේ පියාගේ හොඳම මිතුරකු වූ එඩී ෆිෂර් විසිනි. ඔහු එවර එම තාක්ෂනය මදක් වෙනස්ව යොදා ගන්නා ලදී, ඒ වෙනුවට දියර වර්ග සෑම අසුනකම ආසන්නයේ ස්ථානයක තබා ඇති කාඩ්පතකට කවා ඇත. ප්‍රේක්ෂකයා එම කාඩ් පත  සූරා සුවඳ බැලීය යුතුය. 
පින්තූරය ගත්තේ : theinstitute.ieee.org

ඕනෑම තාක්ෂණයක ප්‍රාථමික යුගය මදක් විසුළු ස්වභාවයක් ගනී. නමුත් එය විකාශණය වත්ම එහි ඇති අඩුපාඩු ඉවත් කර මටසිලිටුව නිපදවන්නට පර්යේෂකයෝ සමත් වෙති. රුපාවහිනිය සමග ස්මෙල්-ඔ-විෂන් තවමත් පසු වන්නේ ප්‍රාථමික අවධියේය. මේ වසරේ මාර්තු මාසයේ ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු ආයනතය විසින් පවත්වන "වර්චුවල් රියලිටි" සම්මන්ත්‍රනයේදී හරුකා මට්සුකුරා, හිරෝෂි ඉෂිඩා සහ ටට්ෂිරෝ යොනිඩා විසින් ඔවුන්ගේ නව නිර්මාණය ප්‍රදර්ශණය කරන ලදී. ඔවුන් එය නම්කොට ඇත්තේ "ඕල්ෆැක්ටරි ඩිස්ප්ලේ" යනුවෙන් (ආඝ්‍රහණ ප්‍රදර්ශකය). මෙහි තිරය දෙපස සුවඳ නිකුත් කරන කවුළු දෙකක් තබා ඇත. තිරලා එල්.සී.ඩී. වර්ගයේ එකකි. එම මොනිටරය වර්ග අටක සුවඳ නිකුත් කිරීමට සමත්ය.

නමුත් මෙම සොයා ගැනීම රුපවාහිනියේ ශ්‍රව්‍ය - දෘශ්‍ය සංඝටක දෙක සිදු වන ආකාරයට සපුරා වෙනස් අයුරකින් සිදු වේ. මෙහිදී සුවඳ ලබා දිය යුතු ස්ථාන කලින් දැන සිටිය යුතුය. උදාහරණයකට මල් වත්තක දසුනක් යන මොහොතක මල් සුවඳක් හැමීමට සැලැස්විය හැක. රස ආහාරයක් පිලිබඳ වැඩසටහනක් යන විට අදාළ සුවඳ විසරණය කල හැක. මෙය වඩාත් යෝග්‍ය වෙළඳ දැන්වීම් සඳහාය. දැනටමත් ආහාරපාන නිෂ්පාදකයෝ ඔවුන්ගේ වෙළඳසල් වල විවිධ සුවඳ වර්ග හැමීමට සලස්වා ඇත. මැලිබන් සහ මන්චි ආයතන අසල මේ සුවඳ ඇති බව ඔබ දන්නවා ඇත.

නමුත් නිසියාකාරයෙන් සිදු වන්නට නම් අපට සුවඳ පටිගත කර ගැනීමට හැකි විය යුතු අතර අදාළ සුවඳ විකාශණය කල හැකි විය යුතුය. නමුත් මෙහි සිදු වන්නේ පටිගත කල දසුනට අදාළ සුවඳ ලැබෙන්නට සැලැස්වීමයි. එනිසා මේ ක්‍රමය සජීවී වැඩසටහනක් සඳහා යොදා ගත නොහැක. එසේ කල යුතු නම් රූකඩ නටවනවා වගේ සිදු කල යුතුය. කෙසේ නමුත් මෙම උත්සායහ අගය කල යුතුය. මන්ද එය තුලින් නියමිත ඉලක්කයට යාම ආරම්භ කල හැකි බැවිනි. මේ සමග ඇතිවන අතුරුඵල ගැනද සිතිය යුතුය. සමහරු ප්‍රිය කරන සුවඳක්, තවත් කෙනෙකුට අප්‍රිය විය හැකි නිසාය. 

69 comments:

  1. ගද සුවද එන මොකක්ද එකක් මේ ළගදි පොඩි එකෙකුත් හදල තිබ්බේ ලංකාවේ.. මේ ලංකාවේ..

    ReplyDelete
    Replies
    1. දෙන්නකෝ ඒ ගැන විස්තරයක්.

      Delete
    2. දැන් ඒ පොඩි එකා හිරේද ?

      Delete
    3. මට වස්තරේ හොයාගන්න බැරි උනා බං.. ආයේ ට්‍රයි කරමු

      Delete
  2. තාක්ෂණය පුදුමාකාර දේවල් කරනවා...

    ReplyDelete
    Replies
    1. අපි නොහිතන දේවල් පවා හැම මොහොතේදීම පර්යේෂණය වෙමින් පවතිනවා.

      Delete
  3. මේ ක්‍රමය සිනමාවේදීත් අත්හදා බැලුනා. එහිදී සිදුකෙරුණේ වායු සමීකරණ යන්ත්‍ර වලුන් එන නල වලට එයාර් ෆ්රෙශ්නර් මගින් සුවඳ කලවම් කිරීමයි. නමුත් එය ප්‍රායෝගිකව සාර්ථක වුනේ නැහැ. මෙය ප්‍රාරයෝගිකව 100% ක් සාර්ථක කරගැනීම ඉතා අපහසු කාර්යයක් වනු ඇති.

    ReplyDelete
    Replies
    1. කැමරාවක දර්ශනයක් සටහන් වෙත්දී, හැම කෙලවරකම තිබෙන වර්ණ අඩු වැඩි වශයෙන් පටිගත වෙනවා. සුවඳත් ඒ වගේ පටිගත වුනොත්, ඒ සඳහා කෘතීම නාසයක් නිපදවිය යුතුයි, අඩුම තරමේ ෆෝකස් වෙන තැන තිබෙන දේ සටහන් වෙන්න. කල නොහැක්කක් නොමැත කියනවා නේ. බලමු.

      Delete
  4. පට්ට නේ? වැඩි කල් නොගිහින් සජීවීව විකාශය කරන්න පුළුවන් වෙයි :D

    ReplyDelete
    Replies
    1. එතකොට ටී. වී. එකේ මියුට් බට්න් එක වගේ සුවඳ ඕෆ් කරන්නත් බට්න් එකක් දාන්න වෙයි.

      Delete
  5. බඩ ගින්නේ ඉන්න වේලාවක මල පනින වැඩක් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය උඩ එකට දාල තියෙන කමෙන්ට් එකම හරි යයි නේද ? නැත්නම් චැනල් එක මාරු කරත් හරි.

      Delete
  6. නකඩෝ මේම ගියොත් හැමදේම ලයිව් වෙයිද මංද

    ReplyDelete
    Replies
    1. දැන් කැමරාවකට අසු නොවෙන තැනක් නැති තරම්.

      Delete
  7. ITN සහ SLRC නම් සුවඳයි election කාලෙට

    ReplyDelete
    Replies
    1. මේ දවස් වලත් සුවඳ හමන ඒවා තියෙනවා නේද ?

      Delete
  8. ඔය ටෙලිවිශන් එක හැදුවට පස්සෙ විලවුන් දැන්වීම් හදන එකත් වැඩිවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව්. තවත් අය ඉඳියි.

      Delete
  9. ඊට පස්සෙ ලංකාවෙ ටෙලි නාට්‍යනං කවුරුවත් බලන ඒකක් නෑ. ඒවයින් එන තරමක් එන්නෙ ගඳ නෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් දැන් අවුරුදු දෙකක විතර ඉඳන් බලන්නෙම නෑ.

      Delete
  10. mathakada last April 1st google nose ...... people try to use it. but it was a joke. that's people's expectation. or trust the technological development. good article sudeeka . I am proud of u brother. go ahead .

    ReplyDelete
  11. හපෝ ඕකෙන් ගූ ගොඩක් පෙන්නුවොත් ටීවි එකත් එක්කම එපා වෙයි නේ.

    ReplyDelete
    Replies
    1. චැනල් එක මාරු කරන්න පුළුවන්. ඒ වගේම ගඳ/සුවඳ නවත්වන්නත් බොත්තමක් තියෙයි දුරස්ථ පාලකයේ.

      Delete
  12. මේ මම කලින් දාපු කමෙන්ට් ඒක ආවද??

    ReplyDelete
    Replies
    1. ආවා. අර උඩ තියෙන්නේ.

      Delete
  13. RGB අගයන් වෙනස් කරලා වර්ණ විශාල ගණනක් හදනවා වගේ. සුවඳත් ඒ වගේ මාන කීපයකට අරන් අගයන් වෙනස් කරන්න පුළුවන් උනොත් වැඩි හරි යයි. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වැඩේ මටත් හිතුනා. අපි හදනවා සුවඳ දෙන කාට්‍රිජ් එකක්. ඒකෙ තියනවා මූලික සුවඳ ජාති ටික. ඒ ටික එක එක ratio වලට එකතු කරපුවහම සුවඳ ජාති ගොඩක් ගන්න පුළුවං. එතකොට මොකක් හරි program එකක් broadcast කරද්දීම පුළුවන් ඒ frame එකට අදාළ සුවඳ code එකත් යවන්න.

      Delete
    2. අන්න ඒ මුලික සුවඳටික හඳුනා ගැනීම වගේම සුවඳ පටිගත කර ගැනීම අභියෝගයක්.

      Delete
  14. අර 5ඩ් 7ඩ් කියන ෆිල්ම් වල සුවදත් දැනෙනව නේද

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා. 4D නම් බලලා තියෙනවා.

      Delete
    2. හැන්රියගේ දූව නං බලල තිබ්බා 7ඩී එකක් ටික කලකට කලින්...

      Delete
  15. ගොඩක් වැදගත් ලිපියක් අනාගතයේදී සජීවී වැඩසටහන් වලටත් පුළුවන් වේවි ,,,


    මාත් මේ බලන් ඉන්නේ ස්කයිප් එකෙන් මගේ බෝයිෆ්රෙන්ඩ් ට ඇත්තම උම්මා එකක් දෙන්න පුළුවන් සොෆ්ට් වෙයා එකක් එනකල් :D

    ReplyDelete
    Replies
    1. ඔයාට තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයිද මන්දා ?

      Delete
    2. http://www.dailymail.co.uk/femail/article-2141776/The-Skype-limit-Sex-toy-connects-laptop-lets-couples-hit-big-O-distance---novel-use-Nintento-Wii-remote.html

      ඔමා & සුදීක....මේ ලිපිය කියවන්න.

      Delete
    3. චූටි මල්ලියි..පොඩි මල්ලියි Stand up comedy වගයක් කරන්න හැදුවා....මොකද උනේ.

      Delete
    4. මම බැලුවා ඕමාත් බලන්න.

      Delete
    5. හෆොයි බැලුවා ඉදගෙන :)

      Delete
  16. මතකද අප්‍රේල් පළවෙනිදා ගූගල් එකෙන් මොනවහරි සර්ච් කලාම දුන්න සුවඳ එන බටන් එකක් :D හඃ හඃ හඃ ඒක මතක් වුනේ හෙඩිම දැක්ක ගමන්ම :D

    ReplyDelete
    Replies
    1. ඒවා යථාර්ථයක් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.

      Delete
  17. කොහොමද පරණ කක්කුස්සියක දර්ශනයක්...එහෙමත් නැත්තං ඌරු කොටුවක දර්ශනයක් වගේ රූප පෙට්ටියෙ පෙන්නුවොත්....නරඹන්නො රූපවාහිනියත් වහලා දායි ගේ ගද ගහනවා කියලා....හික් හික්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ඒවා යනකොට කොටු දාන්නා පුළුවන් නේ.

      Delete
  18. ඔය ගෙදරටම සුවඳ ගේන එක කොච්චර දුරට ප්‍රායෝගිකද.මැලිබන් සහ මන්චී ආයතන අසල පමණක් නෙවෙයි පාන් බේකරි කෝපි කඩ අසල මොන තරම් රුචිකර සුවඳක් නිරායාසයෙන්ම නිකුත් වෙනවද.

    ReplyDelete
    Replies
    1. මතක් වෙනකොටත් කටට කෙල උනනවා.

      Delete
  19. නහය වහගෙන ටීවී බලන්ටත් කාලයක් එයි ඉස්සරහට, පෙන්නන දේවල් වල හැටියට.

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... හෙක්... අර දුම්වැටි මත්ද්‍රව්‍ය වගේ දැන්වීමක් යටින් දායි. මෙම දර්ශනයට අදාළ ආඝ්‍රහණය අවශ්‍ය නම් අහවල් බොත්තම ඔබන්න කියලා.

      Delete
  20. පරිගනකය හරහා රස දැනෙන සන්වේදක‍යක් ලාංකික විද්‍යාඥයෙක් ප්‍රධානව ජපානයේ නිපදවා අවසන්. සුවඳට කවර කතාද.

    ReplyDelete
    Replies
    1. අහන්න ලැබුණ ඒකත් සන්තෝසයක් සාගර.

      Delete
  21. මගේ හිතට ආවේ බලු, බළල් කෑම පෙන්නන කොට මොන සුවඳ එයිද දන්නේ නෑ කියලා. සමහර ඇඩ් දානකොට කොටු දානවා වගේ සමහර ගඳ සුවඳ එනකොට නාස් වහගන්ට කියලා තරු වගේ දේකුත් දායි....:)

    හොඳ ලිපියක් සුදීක...

    ReplyDelete
    Replies
    1. පින්තූරේ අප්සට් නම් කොටු, වචන අප්සට් නම් තරු, ආඝ්‍රහණය අප්සට් නම් ?

      Delete
  22. හප්පේ ඔහොම ගිහින් ගිහින් කොහෙන් නවතියිද මංදා !?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ඉදිරියේදී ලියන්නම්.

      Delete
  23. මම මේ බැලුවේ කෙන්ජයියා කමෙන්ට් කොරලා තියෙනවද කියලා....:D
    දැන් සුදීක ඕකෙන් ෆිල්ම් එහෙම බලනකොට "වෙරළුමල් සුවඳ" එහෙමත් එයිනේ ඉතිං ....?

    ReplyDelete
    Replies
    1. ලෝකෙම කට්ටිය වෙරළු දන්නේ නැති නිසා ඔලිව් මල් තමයි ගන්න වෙන්නේ.

      Delete
  24. oyat hoyagena ena dewal....istuti...istuti apiwa danuwat karata.

    ReplyDelete
    Replies
    1. මල්ලි කොහොම හරි කරලා සිංහල ටයිප් කරන්න හදා ගන්න.

      Delete
  25. 5D ෆිල්ම් පෙන්නන්න හෝල් වල ඔය ගඳ සුවද එනවලුනේ ....

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි සෙන්ට් සුවඳවල් නම් එනවා.

      Delete
  26. තාක්ෂනය ඕනවට වඩා දියුණු වුනමත් කරදරයක් වගේයි

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනේ.

      Delete
  27. මේක මට ආපු සුවුම් අදහසක්... ගොඩක් උදවිය අලුත් අලුත් දේ කියලා කරන්නෙ එකම කේක් එක වෙනස් වෙනස් විදියට අයිසින් කරන එකා.. ඔය කියලා තියෙන ටිවි එකක්ත් එහෙම්මමයි මට හිතෙන්නේ.. මොකද ටිවි එක කිව්වාම අපෙ හිතෙ ඇදෙන රුපෙම තමයි ඔය.. ඒ රාමුවෙන් පොඩ්ඩක් අයින් වෙලා MRI තාකසණේ හරි ඔනෑ මගුල් තාක්සනයක් හරි අරගෙන කෙලින්ම මොළේට ඉස්නායු ආවේග යැව්වනම් සුවද විතරක් නෙවෙ කම්පනය වගෙ දෙයක් උනත් දැනෙන්න ටිවි එකක් හදතෑකි..

    සමහර විට මට හිතුනු එක වෙන කොහෙ හරි පරියෙශණ මට්ටමේ තියෙද දන්නේ නෑ.. :D

    ReplyDelete
    Replies
    1. කුඩු ගහන එවුනුත් ඔය වගේම වින්දනයක් තමයි ලබනවා කියන්නේ.

      Delete
  28. කෝල් එකක් එනකොට සුවද දැනෙන පොන් එකක් ලංකාවෙත් තිබුනා නේද පහුගිය කාලේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ? ඒ ගැන දැනුමක් නෑ.ලියමුද ඒ ගැන නිරාජ්.

      Delete
  29. අඩේ මේකනම් මරුම අදහසක්.සෑහෙන්න දේවල් තියනවා කල්පනා කරන්න.ඔන්න ඉන්ජොන්ට කරන්න පුලුවන් වැඩ

    ReplyDelete
  30. මට මේ ලිපිය මග හැරිලා සුදීක ....... මම මේ ගැන මුළින්ම ඇහුවේ 98 ගිය බියොන්ඩ් 2000 වලදී .............මෙවැනි පොස්ට් දිගටම ලියන්න සුදීක ...

    ReplyDelete
  31. සුවඳ දැනෙන එකනම් හොඳයි. හැබැයි ගඳ දැනෙන එකක් නම් ඉවරයි

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...