Thursday, December 12, 2013

පෘතුවිය කරා පැමිණි එකම පිටසක්වල සංඥාව ...... The only Signal that Planet Earth Received from Extra Terrestrial

විස්මයජනක දෙයක් සිදුවන ඕනෑම මොහොතක, මිනිසුන්ගේ කටින් පිටවන වචන වන්නේ "මගේ දෙයියනේ" (ඉංග්‍රීසියෙන් නම් OMG - Oh ! My God නැතිනම් awesome) යන්නයි.  එහෙත් 1977 අගෝස්තු 18 වැනිදා, තමන්ගේ මුළුතැන්ගෙයි මේසයක ඉඳගෙන උන් ජෙරී එහ්මන්, තමන් ඉදිරියේ ඇති පරිගණක මුද්‍රිතයක දුටු ඉලක්කම් සහ අකුරු හයක එකතුවක් දුටු විට ඔහු තෝරා ගත්තේ ඉංග්‍රීසි බසෙයි ඉතා කුඩාම හැඟුම් ප්‍රකාශන වචනයකි - එම සංකේත හය පසුව ලෝකයේ විශාලම ප්‍රහේලිකා අතුරින් එකක් බවට පත් විය. සැණෙකින් රතු පෑන අතට ගත් ඔහු, එම සංකේත වටා රවුමක් ඇඳ පසෙකින් මෙසේ ලිවීය

Image courtesy of the OSU RO and NAAPO

ජෙරී එහ්මන්  මෙම අකුරු තුනේ වචනය "Wow" ලියන විට, ඔහු ඔහියෝ ජනපද සරසවියේ මහාචාර්ය වරයෙක් වශයෙන්, පිටසක්වල බුද්ධි ගවේෂණය කරන ආයතනයේ (Search for Extra Terrestrial Intelligence - SETI) ස්වෙච්ඡා සේවකයෙකු වශයෙන් සේවය කළේය. සෑම දින කිහිපයකට වරක්ම, පාපැදියක පැමිණෙන පණිවුඩකරුවකු, ඔහියෝහී ඩෙළවෙයා ප්‍රදේශයේ පිහිටුවා ඇති දැවැන්ත රේඩියෝ සංඥා දුරේක්ෂය මගින් ලබා ගන්නා ඈත විශ්වයේ සිට පැමිණෙන හඬවල් පිළිබඳ පරගණක මුද්‍රිත ජෙරී වෙත ලබා දෙයි. යම් විස්මිත දෙයක් මතුවුවහොත්, ඔහු  එය අනෙකුත් සෙටි(SETI) සහෘද්දයන් වෙත  දන්වයි.

එදින ඔහු දුටු දෙය, ප්‍රතිචාර ලැබූ දේව කන්නලව්වක් වැනිය.

මම පිටසක්වල ජීවියෙක් නම් .....

වසර දහඅටකට ප්‍රථම, කෝනල් භෞතික විද්‍යාඥයින් දෙදෙනක් වන පිලිප් මොරිසන් සහ ගුසෙප්පේ කොකොනි, පෘතුවිය වෙත සංඥාවක් එවීමට පිටසක්වල බුද්ධිමත් ශිෂ්ටාචාරයක් පවතීද  යන්න ගැන
අදහසක් ගන්නට උත්සාහ කර ඇත. "අප රේඩියෝ සංඥා ලැබෙනවාදැයි බැලිය යුතුයි" ඔවුන් පවසයි. රේඩියෝ සංඥා ජනිත කිරීමට වැඩි ශක්තියක් අවශ්‍ය නැත, එහෙත් අභ්‍යාවකාශය හරහා  අතිවිශාල දුරක් ගමන් කරයි.
Image courtesy of the OSU RO and NAAPO
 කොකොනි සහ මොරිසන් අනුමාන කරනවා පිටසක්වල ජීවීන් සංඛ්‍යාත තෝරා ගන්නේ, ගණිතය සහ රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති ජීවියකුට ගෝචර වන ඒවා බවය. විශ්වයේ වඩාත් පොදු පදාර්ථය වන්නේ හයිඩ්‍රජන්ය. හයිඩ්‍රජන් අනුවකට එක්තරා වේගයකින් පහර දීමෙන් අනුනාදයක් ලැබේ.එය මෙගහර්ට්ස් 1420(MHz).ක්. ඔවුන් පවසනවා "ඉතිං බලන්න, මෙගාහර්ට්ස් 1420කින් පැමිණෙන, ලොකු ශබ්දයක් බලන්  සිටින අපගේ අවධානය එය වෙත යොමු වෙනවා"

අගෝස්තු 15 වෙනිදා හරියටම බලාපොරොත්තු වූ අයුරින්ම එය ආවා.

ජෙරී දුටු දෙය වුයේ, ඔව් එය රේඩියෝ සංඥාවක්, ඔව් එය මෙගා හර්ට්ස් 1420 කට ඉතාමත් ආසන්න සංඛ්‍යාතයක එකක් (නිවැරදි අගය 1420.4556 MHz, එය බලාපොරොත්තු වූ තැනින් බොඳවී). එය මිනිත්තු 2ත් 2 1/2 අතර කාලයක් පැවතිණි. එය විශාල ශබ්දයක්. කොකොනි සහ මොරිසන් අනාවැකි පළ කල ආකාරයේ සම්ප්‍රේෂණයක්. ඔබ මේ මුද්‍රිතය දෙස බැලුවොත්, ඔබට 6EQUJ5 යන අක්ෂර මාලාව දැකිය හැකිය.

විද්‍යා රචකයකු වන මයිකල් බෘක්ට අනුව, ඔහුගේ 13 වැනි පොත වන "Things That Don't Make sense" "ඉලක්කම් සහ අක්ෂර, වීද්‍යුත්-චුම්බක සංඥා රිසීවරය වෙත ලැබීමේදී එහි තීව්‍රතාව මැනීමට අත්‍යවශ්‍ය වනවා. අඩු ශක්තියකින් එන තරංග 0 සිට 9 දක්වා අංක වලින් සටහන් කරගන්නා අතර ඉහළ ශක්තීන්ගෙන් යුත් සංඥා සඳහා, පරිගණකය අක්ෂර යොදා ගණන්ව : 10 A අකුරිනුත්, 11 B ආදී වශයෙන්". ඉංග්‍රීසි හෝඩියේ අග හරියේ අක්ෂර ලැබෙද්දී ඔබට ඉතා ශක්තිමත් සංඥා ලැබෙනවා. 
Image courtesy of the OSU RO and NAAPO

එනිසා තමයි ජෙරී U අක්ෂරය(ඉංගීසි හෝඩියේ 21ක් වෙනි අකුර U වේ) දකිද්දී ඔහුට  දැනුණා කිසිවක් සිදු වෙයි කියා.

ජෙරී පවසනවා "මා මීට් කලින් එතරම් ශක්තිමත් සංඥාවක් දැක නෑ.  "U" ලොග් අගයන්ගේ ගත් විට, සාමාන්‍ය සංඥාවක් හා සැසඳීමේදී එය (ගැඹුරු අභ්‍යාවකාශයේ සිට එන) තිස්ගුණයකට වඩා වැඩි ශබ්දයක්. එය එක්තරා මට්ටමක 'හලෝ' කීමක් ඒ වගේම  එය ජෙරීගේ ප්‍රතිචාරය පැහැදිලි කිරීමක්.

"එය වාව් ගෑමට හොඳම කාරණාව. මම විස්මයට පත් වුණා" යයි ජෙරී තවදුරටත් පැවසීය.

  සක්වල ඝෝෂාකාරී ස්ථානයකි.

B.J. Mochejska (CfA), J. Kaluzny (CAMK), 1m Swope Telescope
ජෙරී පුදුම වූ තරමටම ඔහු තුළ ප්‍රහෙලිකාවක්ද ඇති විය. ඒ කොහි සිට මේ සංඥාව පැමිණියේද යන්නයි ? SETI විද්‍යාඥයින් එය සැගිටෙරියස් තාරකා මණ්ඩලයේ සිට පැමිණි බව සොයා ගත්තා, M55 ගෝලාකාර රාශියට වයඹට වනන්නට මෙය පිහිටා ඇත. නමුත් එය ජනිත වූ ස්ථානය සෙවූ ඔවුන්ට, එහි ග්‍රහලොවක් හෝ තරුවක් හෝ කිසිවක් නැති බව පැහැදිලි විය. නමුත්, තවමත් එම සංඥාවේ ඒ.එම්/ එෆ්.එම්. ස්වභාවයේ පටු ආයාමය  සහිත සංඛ්‍යාතය, එය සිතා මතා එවූවක් යයි යෝජනා කිරීමට  අමුතුවෙන් නොකිවයුතු  පුදුමාකාර ලෙස වද දෙන්නකි. සමහරවිට මෙම සංඥාව එවූ පුද්ගලයා කවුරුවූවත් හෝ කුමක්වූවත් එතනින් ඉවත් වී තිබිය හැක.

නැතිනම් එසේ නොවන්නටද පුළුවන. සමහරවිට සංඥාවක් නැති වන්නටම පුළුවන්. ජෙරී සහ කණ්ඩායම මෙයට සමාන වෙනත් විකල්ප ගැන සොයා බැලීය. එය චන්ද්‍රිකා සන්නිවේදන පනිවුඩයක්ද(නැත), හමුදා  සංඥාවක්ද(නැත), ගුවන් යානා සංඥාවක්ද(නැත),   ගුවන්විදුලි තරංගයක්ද(නැත) ? ස්වභාවික දෙයක් විය හැකිද? ස්පන්දනය වන තරුවක් ? එතනින් තමයි එය බේරුම් කර ගැනීමට හැකි වුවේ.

 තාරකාවිද්‍යාඥයින් විශ්වයේ හඬ නගන්නන් සොයාගැනීමේ කාර්යයේ දිගටම නිරත වූහ: ගට්ටනය වන කළු විවරයන්, හදිසියේ ක්‍රියා විරහිත වන අඳුරු තාරකාවන්, පිපිරෙන ගැමා කිරණ ආදී වශයෙන්. කොලොම්බියා සරසවි තාරකා විද්‍යාඥයකු වන කැලෙබ් ශාර්ෆ් පවසන්නේ අප සෑම වසරකම තවත් අලුත් දේ දැන ගන්නා විට, වියහැකි දේ  කිසිදා නොසිඳෙන  බවයි.

ජෙරීට එහ්මන්ට තිබෙන ලොකුම ප්‍රහේලිකාව වන්නේ "එක  සංඥාවක් පමණක් ලැබුණේ ඇයි? එය පිටසක්වල බුද්ධිමත් ජීවීයකු යම්තැනකට යවන්න උත්සාහ කල පණිවුඩයක් නම්,   ඔවුන්ට එය කිහිප වතාවක් යැවීමට තරම් හැගීමක් ඇති නොවිනිද ? සංඥාව 1977 අගෝස්තු 15 වනදා පතිත වුවත්, එය නැවත සිදු නොවීය.

"එය තමයි විද්‍යාත්මක ක්‍රමයට පදනම" යනුවෙන් කොලොම්බියාහී ශාර්ෆ් පවසයි. "ඔබට එය නැවත සිදුවීමට අවශ්‍යද ?". ඒ විදියටම අනෙකුත් විද්‍යාඥයින්ට එම සොයාගැනීම    සනාථ කල හැක".

Wow ! සංඥාව ගැඹුරු අභ්‍යාවකාශයේ සිට උවමනාවෙන්ම පෘථිවිය වෙත එවූවා සැලකිය හැකි ගුණාත්මක බැවින් යුත්, පටිගත කල එකම සංඥාව වේ. ජෙරී එහ්මාන් එය පිටසක්වලින්ම ලැබුණු එකම සංඥාවට තමා සවන් දුන්නේ යයි පවසන්නේ නැත. එය පැමිණි අත ගැන තවමත් විවෘත්ත ගැටලුවක් ඔහුට ඇත. ජෙරී එහ්මාන්ට පැවසිය හැක්කේ, (හැකි උපරිමයෙන්) එසේ නොවිය හැකි සියලුම කාරණා ඉවත දැමිය හැකි බවත්, පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් බව ඔහුට තවමත් ඉවත දැමිය නොහැකි බවත්ය.

2008 දී මයිකල් බෘක් ලියා පළ කල " Things THat Don't Make Sense" නමැති පොතෙහි, හත්වන  පරිච්ඡේදයෙහි ඇති මේ පිළිබඳ සටහනෙහි "Wow ! පණිවුඩය බොහෝවිට මා කියවූ හොඳම දේ විය හැකියි" යනුවෙන් සටහන්ව ඇත. 


මී කලින් මේ ලිපියට ප්‍රවේශයක් ලැබුණ මේ ලිපි දෙක නොබැලු අය ඉන්නවාද ? .......

[1] ලෝකයේ මෙතෙක් නොවිසඳුණු අභිරහස් දහය - I කොටස

[2] ලෝකයේ මෙතෙක් නොවිසඳුණු අභිරහස් දහය - II කොටස

74 comments:

  1. කියන්නට ඇත්තේ මෙපමණයි....."WOW"....
    පුතාටත් පෙන්වන්න ඕනේ මේ ලිපිය,
    ස්තූතියි සුදීක.

    අපේ ජීවිත කාලේදී, මේ ලෝකය හා පිටසක්වල ජීවීන් අතර හමුවක් සිදුවේවිද? එසේ වේවායි පතමු.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ? ඔවුන් අපට බයයි මට හිතෙන්නේ.

      Delete
    2. මෙතෙක් බිහිවූ සුපිරිම බුද්දිමතුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් වන මහාචාර්ය ස්ටිව් හෝකින්ස් කියන්නේ පිටසක්වල ජිවයක්‌ පවතනවා.නමුත් අපි ඔවුන් සමග සම්භන්ධතා නොපවත්වා සිටිය යුතුයි. කියලා.

      මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

      Delete
    3. මමත් හිතන්නේ පිටසක්වල ජීවයක් පැවතිය හැකියි. කියලයි. අපි ඉන්නවනම් අපි වගේ තව අය නැතිවෙන්න බැනේ..

      Delete
    4. මම හිතන්නෙත් ආසාව තිබුනට, ඔවුන් සමග ගනු දෙනු කිරීම ඵලක් නැති ක්‍රියාවක් වෙයි කියලා.

      Delete
  2. woow .. ලිපිය අවසානයට කියවා ආපසු මුලට ගියේ නැවත අවුරුද්ද කියවන්න .. ස්තුති මෙවැනි ලිපි පලකරනවට..මගේ ගගනගාමියෙක් ,තාරකා විද්යාඥයෙක් වෙන්න තිබ්බ හීනෙ ආයේ අලුත් වෙනවා ..

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් මේක විෂයයට කැමතියි.

      Delete
  3. ඉතා වැද්ගත් ලිපියක් . නොදන්න දෙයක් දැනගතිමි. දිගටම ලියන්න

    ReplyDelete
  4. මගේ 6 7 පන්තිවලදි තිබ්බ දැවැන්ත මේනියාවක්.. පිටස්ක්වල ජිවින් නෙවෙයි ඇස්ට්‍රොමි :) වාවු

    ReplyDelete
    Replies
    1. ඇස්ට්‍රොමි. හ්ම්ම් හොඳයි දැන ගත්ත එක. මමත් ඔය වයසේදී අනුර සී. පෙරේරාගේ පොත් කටපාඩම් කළා.

      Delete
  5. ඉතාමත් පැහැදිලිව Wow ගැන ලියලා තියනවා. ඉතිරි 9 ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. බලමු ඉඩ ලැබෙන විදියට.

      Delete
  6. ස්තුති මෙවැනි ලිපි පලකරනවට wow.....

    ReplyDelete
  7. ' Wow ' මාත් ආසයි මේ වගේ කතා කියවන්ට. මට මතක් උනේ අර හින්දි ෆිල්ම් එක. ( Koi Mil Gaya ) :)

    ReplyDelete
    Replies
    1. අපේ ඕනයා කියන්නේ කොයි මිල් ගයා හදලා තියෙන්නේ ET බලාගෙන කියලා.

      Delete
    2. මටත් මතක් උනා.. අර ඕම් සද්දෙ යවන විදිය :)

      Delete
  8. ඇත්තටම අපි හැරුනම තව ජීවින් මේ සක්වල ඉන්නවද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඉන්නවා.

      Delete
  9. හොද විස්තරයක් සුදික මල්ල.
    හෙහ්..හෙහ්..Koi Mil Gaya :) .

    ReplyDelete
  10. අඩේ මටත් ආසාවක් ආව පිටසක්වල ජීවියෙක් බැහැදකින්න.... එයිද දන්නෙ නෑ නේ....

    ReplyDelete
  11. සුදීකගේ කට හඬින්ම මේ කතාව වරක් අසා ඇතත් මේ ලිඛිත සටහනින් මෙය ඉතාමත් හොදින් හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. තව කතා ගොඩක් තියෙනවා.:)

      Delete
  12. බර්මියුඩා ත්‍රිකෝණය ගැනයි .. area 51 ගැනයිත් දවසක ලියන්න :)
    ගොඩක් රසවත් සිදුවීම් ඒ වටා එකතුවෙලා තියන්වා

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ බර්මියුඩා ගැන ලියන්න දැනටමත් කවුරුහරි බාරගෙන තියෙන්නේ. Area51 ගැන අන්තර්ජාලයේ සිංහල සටහන් ඕනෑ තරම තියෙනවා.

      Delete
  13. බොහෝ දෙනෙක් වගේම මමත් කැමතිම විෂයක්. සුදීකගෙන තවත් මෙවැනි ලිපි බලාපොරොත්තුවෙන් . නමුත් පහුගිය කාලය තුල අහපු දැකපු විකාර නිසා මේ දේවල් එපාවෙන්නයි ගියේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉතිහාසය ලස්සනයි. පහුගිය කාලේ තිබ්බේ මිත්‍යා විශ්වාස සහ සිදුවීම්.

      Delete
  14. Wow... නියම විස්තරයක් සුදීක.
    සමහරවිට විශ්වය හරහා ඔය සංඥාව එන්න ගතවුන කාලය අතරතුර ඒ සංඥාව නිකුත් කල ග්‍රහලෝකය හෝ වෙන කුමක් හෝ විනාශ උනා වෙන්න පුලුවං. සමහරවිට ඒ බව දැනගෙන උදවු ඉල්ලා එවුව පණිවිඩයක්ද දන්නෑ ඔය.

    ReplyDelete
    Replies
    1. ඔයා නගන තර්කෙ නගපු අය බොහොමයක් මුල් ලිපියේ කමෙන්ට් කරලා තිබුණා. ඔවුන් කියූ ප්‍රධාන කරුණ ඔතරම් දුරක් තරඟයක් එන්න ගතවන කාලය වැඩි නිසා එහෙම විය නොහැකියි කියන එක.

      Delete
  15. බෝම ස්තුතියි සුදික බොසා.. මම හිතාපු එකම දුන්නට... රොම්බ තැන්ක්ස්..

    ReplyDelete
    Replies
    1. මේක බොහෝ දෙනෙක් ඉල්ලපු එක.

      Delete
    2. ඒකට කාරි නෑ.. මේක තව පෝස්ට්කටු නමයක් එක දිගට දාලා විස්ව කෝසයක් කරන්න දගලන්නේ එහෙම නෑ හරිද...

      Delete
    3. මටත් මේ ගැන මීට් එහාට යන්න හිතෙන්නේ නෑ.

      Delete
  16. WoW තමයි සුදික අයියා...

    ReplyDelete
    Replies
    1. බලමු තව එකක් දාන්න.

      Delete
  17. WOW කියලා තමා අයියෙ කියන්න තියෙන්නෙ.
    සාමාන්යෙන් ලොකු කුඩා හැමෝටම ආස හිතෙන සහ ආකර්ශනීය මතෘකාවක් ඔයා ලස්සනට ලිවුවා අයියෙ. කලින් ලිපි දෙකත් කියෙවුවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එහෙනං මටත් සතුටුයි.

      Delete
  18. ඉතා කැමැත්තෙන් කියෙව්වා සුදීක ...තව තවත් මෙවැනි ලිපි ලියන්න .......

    ReplyDelete
    Replies
    1. මම දන්නවා සිග්නලින් ගැන සහන්ගේ තියෙන දැනුම සහ කැමැත්ත.

      Delete
  19. හරිම හෙමින් කියෙව්වෙ මොකද සමහර වචන කියවනකොට පැටලෙනව..මොනව වුනත් maxxa පෝස්ට් එක සුදීක අයියෙ..

    ReplyDelete
    Replies
    1. සමහරඉංග්‍රීසි වචන වල සිංහල තේරුම ටිකක් අමුතුයි තමා.

      Delete
  20. කට්ටියගේ ඉල්ලීමට ගරු කරලා මේක සිංහලෙන් පල කරාට බොහොමත්ම ස්තුතියි සුදික .... ඉඩ තියෙන විදියට අනික් ඒවත් දාන්න .... තවත් හඬ මාතෘකාවක් තමයි ලියනවනම් ... ඊජිප්තු පිරමිඩ ගැන ...........

    ReplyDelete
    Replies
    1. බලමු හොඳ මාතෘකාවක් ලැබුනොත්.

      Delete
  21. හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේක පරිවර්තනයක් බව අමතක නොකළ යුතුයි.

      Delete
  22. හොද ලිපියක්

    ReplyDelete
  23. මමත් බොහොම කැමති මාතෘකාවක්,කලකට පෙර මේ ගැන විශාල කතිකාවක් ඇතිවුණත් දැන් පිටසක්වළ ජීවීන් ගැන ලෝකය නිහඬයි.
    ඉතිරි ලිපි ටිකත් ඉක්මනින් ලියන්න

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මේ ගැන පර්යේෂණ කරනවා අඩුයි. ඒ වගේම පාහසුකමුත් අඩුයි. අපේ රටේ සිදුවීමක් වුනත් ඒ ගැන පර්යේෂණ කරන්නේ පිටරට වලනේ.

      Delete
  24. මට කියන්න තියෙන්නේ wow අංකල්.. සුපර්බ්.. බොහොම ස්තුතියි. මේ වගේ ලිපි ආයෙත් දාන්න.

    ReplyDelete
    Replies
    1. බලමු එක දිගට නම් බෑ.

      Delete
  25. සුදීකගේ බ්ලොග් එකේ අංශක 90ක නැම්මක් මම දකිනවා. මම කැමතියි මේ වෙනසට. මේ වගේ කුතුහලය දනවන කතා කියවන්න. තව ලියමු.

    >> Wඔව් ! සංඥාව ගැඹුරු අභ්‍යාවකාශයේ සිට උවමනාවෙන්ම පෘථිවිය වෙත එවූවා සැලකිය හැකි ගුණාත්මක බැවින් යුත්, පටිගත කල එකම සංඥාව වේ. <<

    මොන පිස්සුද අන්න "කේයොන් බන්ඩරෙරාර්ස්" මන්දාකිනියෙ ඉඳලා ගෙඩි පිටින් කතාවක්ම එවලා. කියවන්න කුරුන්ද. ( මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කළ දැන්වීමක් බව සළකන්න. :D )

    ReplyDelete
    Replies
    1. සෙන්නාගේ ඕනෑම දැන්වීමට ඇවිද්ද පය ඉඩ ලබා දෙනවා.

      Delete
  26. මම තාමත් නිදහස් රාත්‍රියක ඉහළ අහසේ තියෙන තාරකා පන්ති දිහා බලාන ඉන්න ආසයි...අපිට කවදාවත් යන්න බැරි තරම් දුරකින් නේද මේ තාරකා තියෙන්නෙ කියලා හිතෙනකොට...අපේ ඔලුවට කඩා වැටෙන්නෙ නැත්තෙ මොකද...බුදු රජානන් වහන්සේ ජේසු තුමා ලොව පහළ වෙච්ච කාලෙත් මේ තරු මේ විදියටම පෑව්වා නේද කියලා හිතනකොට හරි පුදුමයි.

    ReplyDelete
    Replies
    1. පුදුමයි නේන්නම්. ඔය පුරුද්ද මටත් ඉස්සර නම් හරියට තිබුණා.

      Delete
  27. Replies
    1. සංජීව එහෙනම් ආවා කොහොම හරි.

      Delete
  28. බොහොමස්තුතියි සුදීක.කවදාහරි පිටසක්වලයො මුනගැහුනොත් හොදක් වෙවිද නරක් වෙවිද මන්ද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඉන්නවා කියලා දැන ගත්තම ඇති, ඔවුන්ගෙන් අපිට හානියක් නැත්නම්.

      Delete
  29. පිටසක්වල ජීවී ෆිල්ම් බලලම මම කාලයක් හිතාගෙන හිටියා සිරාවටම ඒ කතා ඇත්ත කියලා..ඒත් දැන් තමයි දන්නෙ ඒවා ෆිල්ම් විතරයි කියලා. හැබැයි මිනිස්සුන්ගෙ කුතුහලය අවුස්සන්න කියාපු ක්ෂේත්‍රයක් තමයි..

    ReplyDelete
    Replies
    1. නොදන්නා දෙයක් ගැන ඕනෑම කෙනෙකුගේ අවධානය වැඩියි.

      Delete
  30. මේ වගේ ලිපි ඉදිරිපත් කරනවට අයියට මගේ ප්‍රණාමය......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ.

      Delete
  31. හුරේ! මම ඉල්ලපු එක ම දාල :) 9 වසරේ දී හැදිච්ච පිටසක්වළ උණ තාමත් හොඳ වෙලා නෑ. හ්ම්ම්, ස්ටීවන් හොකින්ස්ගේ කතාවට මමත් එකඟ යි. බුදු හාමුදුරුවෝ වුණත් කිව්වනේ විශ්වය ගැන හොයන එක වැඩක් නෑ කියලා. මට මතක විදියට මුගලන් හාමුදුරුවෝ ද කොහෙද විශ්වයේ අවසානය හොයන්න ගිහින් හොයා ගන්න බැරි වුණ බව බුදු හාමුදුරුවන්ට දැන ගන්න ලැබුණ ම තමයි එහෙම දේශනා කරලා තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිකමට හිතන්න ගත්තොත් පිස්සු හැදෙනකම් හිතන්න පුළුවන්. මොකද සක්වල කියන්නේ ඉමක්-කොනක් තියෙන තැනක් නොවෙන නිසා. මුගලන් මහරහතන් වහන්සේ අතරමං වුණාම, බුදුරජාණන් වහන්සේ තමයි උන්වහන්සේ ආපහු කැඳවාගෙන ආවේ. ඉතිං ඒ වගේ ප්‍රාතිහාර්ය පාපු කෙනෙකුටත් යන්න බැරි තැනක අපිට යන්න පුළුවන් වේවිද? බුදුහාමුදුරුවෝ කිව්වා ජීවය පවතින ලෝක සියයක් පවතින බව.

      Delete
  32. හුරේ! මම ඉල්ලපු එක ම දාල :) 9 වසරේ දී හැදිච්ච පිටසක්වළ උණ තාමත් හොඳ වෙලා නෑ. හ්ම්ම්, ස්ටීවන් හොකින්ස්ගේ කතාවට මමත් එකඟ යි. බුදු හාමුදුරුවෝ වුණත් කිව්වනේ විශ්වය ගැන හොයන එක වැඩක් නෑ කියලා. මට මතක විදියට මුගලන් හාමුදුරුවෝ ද කොහෙද විශ්වයේ අවසානය හොයන්න ගිහින් හොයා ගන්න බැරි වුණ බව බුදු හාමුදුරුවන්ට දැන ගන්න ලැබුණ ම තමයි එහෙම දේශනා කරලා තිබුණේ.

    ReplyDelete
  33. නියමයි අයියේ

    ReplyDelete
  34. මේ දේවල් ගැන උනන්දු අයට ඉතා වැදගත් වෙයි...මම ආසාවෙන් කියෙව්වා..සුදීකට ස්තූතියි.

    ReplyDelete
  35. මේ පෘථිවිය වගේම තවමත් මෙවැනිම තැන් විශ්වයේ ඇති. ඒවා සායාගත් දවසට මෙවැනි අද්භූත නාද ගැන ගැටලු නිරාකරනය වේවි. ඒ වගේම මේ විද්‍යාත්මක පබැඳුම් වලට නව ජීවයක් ගෙනේවි.

    ReplyDelete
  36. වැදගත් ලිපියක්.. සමහර විට මේක අතීතයේ යම් දෙයකින් නිකුත් වෙච්ච තරංගයක් වෙන්නත් පුළුවන් නේද..? මොකද කාලය සහ දුර මේ වගේ සිද්ධි වලදී මූලික සාධකයක් වෙන නිසා... නිකන් හිතුණු දෙයක්... :)

    ReplyDelete
  37. පට්ට ලිපිය අහම්බෙන් හමු උනේ යාලුව‍ෙි දිගටම ලියමු මේ වගේ දේවල් ගැන

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...