Saturday, December 7, 2013

ලෝකයේ තවමත් නොවිසඳුණු අභිරහස් දහය - II කොටස World's most unsolved mysteries - Part II

6.තමාම් ෂුඩ් ගැටලුව


තමාම් ෂුඩ් ගැටලුව ලෙසින් හඳුන්වන  තවමත් මෙය  නොවිසඳුණු අභිරහස් අතරින් ගැඹුරුතම එක් ලෙස සැලකේ. මෙය 1948දී ඇඩිලේඩ්හී සමර්ටන් මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළසිරුරක් වටා ගොනු වන්නකි. මළසිරුර කාගේදැයි හඳුනා ගැනීමට අමතරව, එම මිනිසාගේ කලිසමේ පසුව මසා තිබූ, සැඟවුණු සාක්කුවක තිබී හමු වූ, කුඩා කොළ කැබැල්ලක් නිසා ගැටලුව තවත් ගැඹුරු විය. එහි "තමාම් ෂුඩ්" යනුවෙන් සටහන් වී ඇත(එමනිසා එය තමාන් ෂුඩ් යනුවෙන්ද හැඳින්වේ).

එහි තේරුම "අවසානය" ලෙස හෝ "නිමවිය" ලෙස ගත හැකි අතර, එය ඔමාර් කයියාම් නමැති කවියාගේ කවි එකතුවක අවසන් පිටුවේ ඇති "රුබයියාත්" නැමති කවි පේලියේ එන වදන් පෙළකි. අභිරහස තවත් තීව්ර කරන්නේ පසුව හමු වූ කයියාම් ගේ එකී කවි එකතුවේ පිටපතක් හමු වීමත් සමගමය. එහි සංකේත භාෂාවකින් එහෙත් කලබලයෙන් කුරුටු ගා ඇත්තේද මෙකී මිනිසා බව පිළිගැනේ.

කයියාම්ගේ කවිවල කොටස් අඩංගු නිසා, බොහෝ දෙනා පිළිගන්නේ මෙය සියදිවි හානි කර ගැනීමට ප්‍රථම තැබූ සටහනක් හෝ එවැන්නක් විය හැකි බවයි. කෙසේ නමුත් එම පණිවුඩය සහ අභිරහස් ඝාතනයද තවමත් නොවිසඳුණු ඒවා ලෙස පවතී.

(තමාම් ෂුඩ් යනු පර්සියානු වදන් පෙළකි)

7.පිටසක්වලින් ලැබුණු "වාව්" (Wow)  සංඥාව


1977 ගිම්හාන සෘතුවේදී පිටසක්වල බුද්ධිය පිලිබඳ සෙවුම් ආයතනයේ (SETI - Search for Extraterrestrial  Intelligence) ස්වේච්ඡා සේවකයකු වන ජෙරී එහ්මන්, හිතාමතාම පිටසක්වල ලෝකයකින් එවනු ලැබූ පළමු පණිවුඩය ලැබුණු ලොව පළමු තැනැත්තා විය යුතුය. එහ්මන් අභ්‍යාවකාශයේ ඉතා ගැඹුරින් ලැබෙන රේඩියෝ සංඥා  අපේක්ෂාවෙන් පරීක්ෂාකරමින් සිටින අතරතුර, අහඹු ලෙස ලැබුණු තීව්‍ර සංඥාව අනිවාර්යෙන්ම බුද්ධිමත් ජීවියෙකු විසින් එවන ලද්දක් බව පැහැදිලි වුයේ, ඒවායේ මිනුම් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමගය.

එම සංඥාව පැවතියේ තප්පර 72ක් පමණි. එහ්මන් විසින් යොදාගන්නා ලද මිනුම් වලට හසු වූ දිගුම සංඥා  දාමය විය හැක. එය විශාල ශබ්දයක් වන අතර, එය කිසිදින මිනිසුන් පය නොතැබූ තැනකින් සම්ප්‍රේෂණය බව පෙනී ගියේය.

එහ්මන් වාව් (Wow !)  යනුවෙන් සංඥා වෙනුවෙන් එවෙලේ මුද්‍රණය වූ කඩදාසියයේම ලියා තැබිණි, එනිසා එයට වාව් සංඥාව යන නම පටබැඳිනි.

සංඥාව නිකුත් වූ ස්ථානය සොයා ගැනීමට කල සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වුයේ, එය ජනිත කළ ස්ථානය සහ තේරුම පිලිබඳ මතභේදයක් සහ අභිරසක් ඉතිරි කරමිණි.

(මෙහි තීව්‍රතාව මැනීම සඳහා 1 සිට 9 දක්වා ඉලක්කම්ද, ඉන් පසු A සිට Z දක්වා අක්ෂරද යොදාගෙන ඇත. මෙහි රතු පෑනෙන් සලකුණු කොට තිබෙන කොටසෙහි Q සහ U අකුරු තිබීමෙන් එහි තීව්‍රතාව වැඩි බව පැහැදිලි වේ)

8. ග්‍රහචක්‍ර ලිපි.

ග්‍රහචක්‍ර ලිපි යනු අකුරු මාරු කරමින් තේරුම සඟවා (Encrypted) ලියන අලද ලිපි හතරකින් යුත් ලිපි මාලාවකි. මේවා ලියන්නට ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක අසබඩ පෙදෙස හැට ගණන්වල අග භාගයේත්, හැත්තෑ ගණන් වල මුල් භාගයේත් භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා/මාරයා(Zodiac Killer) ලෙස හැඳින්වුණු නාඳුනන පුද්ගලයෙකි. මෙමෙ ලිපි ලියන්නට ඇත්තේ පොලීසිය සහ මාධ්‍යට සරදමක් වශයෙනි. මෙහි එක් ලිපියක තේරුම ලිහා ගන්නට සමත් වී ඇති මුත්, අනෙක් තුන තවමත් තේරුම කරගැනීමට සමත් වී නැත. 

මෙම පුද්ගලයා කවුද යන්නද තවමත් අභිරහසකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව මෙවැනි ග්‍රහචක්‍ර මිනීමැරුම් වාර්තා වී නැත. 

9. ජෝර්ජියාවේ මගපෙන්වීමේ ශිලාස්ථම්භ

ජෝර්ජියානු මාර්ඝෝපදේශක ශිලාස්ථම්භ ඇමරිකානු ශිලාලම්භය ලෙසද හැඳින්වේ. එය කළුගල් වලින් තැනූ සමාධියක් වන අතර, පිහිටුවා ඇත්තේ ජෝර්ජියා හී ඇල්බට් ප්‍රාන්තයේ 1979 දී ය. මෙම මදින ලද කළුගලෙහි භාෂා අටකින් කැටයම් කර ඇත. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියන් එම භාෂාය. හැම එකකම "විචාර සමය" වෙනුවෙන් නව විධානයන් 10 බැගින් ඇත. මෙම ස්ථම්භ පිහිටුවා ඇත්තේද නක්ෂස්ත්‍රානුකූල පිළිවෙලකටය. 

මෙම සමාධීන් හී සැඟවුනු පණිවුඩයන් නොමැති වුවද,   ඒවාගේ අර්ථය සහ මුලාරම්භය වැළලුනු අභිරහසකි. ඒවා පිහිටුවන ලද පුද්ගලයා තවමත් නිසි පරිදි හඳුනාගතයුතු අතර, තමන් හඳුන්වාදී ඇත්තේ ආර්. සී. ක්‍රිස්ටියන් යන ආරූඪ නාමයෙනි. 

එම විධානයන් දහය අතුරින් සමහරවිට වඩාත් මතභේදයට තුඩු දුන් එකක් වන්නේ "මනුෂ්‍ය ප්‍රජාවේ සංඛ්‍යාව සොබාදහම සමග සමතුලිත කර ගැනීම සඳහා එය නිරන්තරයෙන් 500,000,000 ට අඩුවෙන් පවත්වා ගත යුතුය". බොහෝ දෙනෙකු එය මානව සංහතියේ ජනගහනය එක්තරා අංකයක් දක්වා පාලනය කර ගත යුතු බවට මින් උපුටා ගත්තත්,  එහි විවේචකයන් පවසන්නේ එය විනාශ කර දැමිය යුතු බවයි. සමහර උපක්‍රමශීලී න්‍යායවාදීන් මෙය නිර්මාණය කරන්නට ඇත්තේ "ලුසිෆේරියන් රහස් සමිතිය"  බව විශ්වාස කරන අතර, එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙසය. 

10. රොන්ගොරෝන්ගෝ


රෝන්ගොරෝන්ගෝ යනු අභිරහස් අක්ෂරමාලාවක් වන අතර එය පාස්කු දිවයිනෙන් සොයාගෙන ඇත. බොහෝ දෙනා අදහන්නේ එය අභාවයට ගිය ලිවීමේ පද්දතියක්  හෝ මානව ඉතිහාසය ලියවීම සඳහා භාවිතා කල නිදහස්ව නිපදවූ මූල-ලියවීම් තුන හතරෙන් එකක් බවයි. 

මෙය තවමත් කියවන්නට සමත් වී නැති අතර, එහි සඳහන් සත්‍ය පණිවුඩය එම දුපතේ පැවතී පාස්කු කොදෙව් ශිෂ්ඨාචාරයට අයත් පිළිම කඩා වැටීම(සමහරවිට සදාකාලිකවම) පිලිබඳ රහස සඳහා ඉඟි පල කරන බවයි.

මෙය
 http://alft-teluu.blogspot.com/ හී පලවූ World's Most Unsolved Mysteries නමැති ලිපියේ සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි.
_____________________________________________
මේ එක්-එක් සිදුවීම සම්බන්ධයෙන් ඇති ලිපිද ඉතා සිත්ගන්නා සුළු නමුත් දීර්ඝ ඒවාය. ඔබේ කැමැත්ත අනුව ඉන කිහිපයක් හෝ සියල්ල පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙමි. 

59 comments:

  1. කැමතියි කැමතියි පරිවර්තනය කරල දාන්න හරිම සිත්ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි. හැලපේ වෙනුවෙන් එකක් පරිවර්තනය කරනවා. ඔබ වඩා කැමති කොයි එකටද ?

      Delete
    2. එකේ ඉඳන් පටන් ගන්න සුදීක එතකොට පැටලෙන්නෙ නෑනෙ

      Delete
  2. හරිම විනෝද ජනකයි...පුංචි කාලෙ විජය/මිහිර පත්තර වලින් මේ වගේ විස්තර කියෙව්වට පස්සෙ අදද මන්දා ආයෙමත් කියෙව්වෙ...දිගටම මේ පාරෙ යමු...අලුත් වෙනසට මම නම් මනාපයි.

    ReplyDelete
    Replies
    1. මල් කැකුළු බ්ලොග් අඩවියටත් පොඩ්ඩක් ගොඩ වෙන්න සිරා. මේ වගේ දේවල් වලින් ඒක පිරිලා.

      Delete
  3. අභිරහස් වලට කවුද අකමැති :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ සමියා.

      Delete
  4. මේවා ගැන දැනගත්තේ අදයි

    ReplyDelete
    Replies
    1. එතකොට කලින් එක බැලුවේ නැද්ද ?

      Delete
  5. සුපිරි... කියවන්න දුකේ බෑ... මට ඔයාව ඉඹින්න හිතෙනවා. මගෙන් ලකුණු දහයෙන් දහයම ලැබෙනවා.. :) එක්සලන්ට් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එහෙනං පලවෙනි කොටසත් කියවන්න.

      Delete
  6. මං පළවෙනි එකත් කියෙව්වා..වෙලාවකට අපි ගැන පුදුමත් හිතෙනවා.කවද හරි කොයි මිල්ගයා එකේ වගේ වෙන පිටසක්වල ජීවීන් එක්ක විද්‍යාඥයෝ සම්බන්ධ වේවි.මගේ ආසම විෂයක් මේක...ඉතිරි ටිකත් දාන්න අයියේ

    ReplyDelete
    Replies
    1. ඒ සබඳකම් ඉස්සර ඉඳලා තිබිලා තියෙනවා.

      Delete
    2. නිකං ඉන්නගමන් ස්පිල්බර්ග් අයියගෙ ඊ ටී ද එක්ස්ට්‍රා ටෙරෙස්ට්‍රියල් (1982) හොයාගෙන බලන්න. කොයිමිල්ගයා කොපි කරල ගහපු කඩු ෆිල්ම් එකක් :D

      Delete
    3. මම හින්දි බලලා නැති නිසා දන්නේ නෑ. එත් ET නම් බැලුවා. මේ ළඟදී බලද්දී පොඩි එකීට දුක හිතුණා.

      Delete
  7. මෙව්වා දාන එක හොදයි ක්‍රීරිකැට් මගුල් ලියනවට වඩා .

    ReplyDelete
    Replies
    1. හොඳයි මතක් කරපු එක කාලෙකින් ලියන්න බැරි වුණා.

      Delete
    2. සුදීක......සෑහෙන කාලෙකින් ක්‍රිකට් ලිපියක් දැක්කේ නැහැ තමයි.

      Delete
  8. උපක්‍රමශීලී න්‍යායවාදීන් කියන නම නන් conspiracy theorists කියන එකට ගැලපෙන්නෙ නෑ. කුමන්ත්‍රණය න්‍යායවාදීන් කිව්වනන් ඊට වඩා ටිකක් ගැලපෙනවා.

    ඔමාර් කයියාම්ගේ කවි එකතුවේ නම තමයි රුබයියාට්. ඒ කවි එකතුවේ අන්තිම පිටුවෙ තිබ්බ වාක්‍යාංශයක් ගැන නේද මුල් ලිපියෙ කියල තියෙන්නෙ?

    calling for a new world order කියන එකට "එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙස" කිව්වහම ඒ අදහස එන්නේ නෑ. new world order කියන්නෙ ලෝකයම එක බලාධිකාරයක් එහෙම නැත්තන් ඒකාධිපති ලෝක ආණ්ඩුවක් යටතට ගෙන ඒම ගැන තියන සැලසුමකට. http://en.wikipedia.org/wiki/New_World_Order_(conspiracy_theory)

    භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා කිව්වහම එන්නෙ වෙන අදහසක් නේද?

    ReplyDelete
  9. මට මතක්වුනා වරක් ආතර් සී ක්ලාක් මහතා කියා තිබුන දෙයක්. අපට වඩා දියුණු ජීවීන් මේ විශ්වයේ කොහේ හරි ඇති. ඒ ගොල්ලෝ අපේ ලෝකය දිහා ඇවිත් බලලා අපි දියුණු නැති නිසා අපිත් එක්ක ගණුදෙනු කරන්නේ නැති වෙයිලු.

    මේ අබිරහස් හොයන්න මිනිසා තවමත් වෙහෙසෙනවා. එය නොකඩවාම සිදුකෙරෙයි. එහෙත් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කලේ තමන් ගැන හොයන්න කියලයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වේ බෞතික ශක්තීන් වලින් අපට ඒ තැන් වලට ලඟා වෙන්න බැරි නිසා. මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ ඇවිදින්න ගිහිං අතරමං වෙලාත් තියෙනවනේ.

      Delete
  10. අවුරුදු විසි පහකට විතර පස්සෙ විජය පත්තරේ කියෙවුව වගේ දැනුන

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මල් කැකුළු බ්ලොග් එක පැත්තේ යන්නේ නෑ කියන එකද ?

      Delete
  11. නැවතත් බොහොම ස්තුතියි සුදීක. විස්තර ඇතුව දාන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.වෙලාව ඇත්නම් එ සද්කාර්යත් කරන්න.අර මිනිමැරුම් (8) කතාව මට පැහැදිලිඋනෙ නැ. මල් කැකුලු පැත්තෙත් ගිහින් බලන්නම්

    ReplyDelete
    Replies
    1. කෙටි විස්තරයකින් තේරුම් ගන්න අමාරු තමා. ඔහු සීරියල් කිලර් කෙනෙක්.

      Delete
    2. ෆිල්ම් එක තියෙනවා ඒක බාගෙන බලන්න
      http://www.imdb.com/title/tt0443706/?ref_=nv_sr_1

      Delete
    3. film එක තියෙනවා බලන්න
      http://www.imdb.com/title/tt0443706/?ref_=nv_sr_1

      Delete
  12. දෙවැනි එකත් කියෙව්වෙමි. සාර්ථක පරිවර්තනයක්. ස්තුතියි සුදීක.

    ReplyDelete
  13. මේ පිළිබඳ විස්තරත් කෙටියෙන් හෝ පරිවර්තනය කරල දානවනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. බලමු වෙලා තියෙන විදියට.

      Delete
  14. මට වාව් ගැන එක දෙන්න

    ReplyDelete
    Replies
    1. මටත් හිතිලා තියෙන්නේ ඒක තමා හොඳ කියලා. බලමු අනිත් අයගේ අදහස්.

      Delete
  15. වෙලාවකට මටත් හිතෙනවා මොකක් හරි ටිකක් අමුතු විදියේ දේවල් ටිකක් ලියල දාල හොඳට ආරක්ෂා වෙන විදියට පොලවේ වළලලා දාල තියන්න.. තව අවුරුදු 500කින් විතර කවුරු හරි ඒක හොයාගෙන මේ විදියට උත්තර හොයයි නේ.. හරි ජොලි.. :D

    ReplyDelete
    Replies
    1. කලින් පොස්ට් එකේ දමිත් කිව්වෙත් ඕකම තමා.

      Delete
  16. කලින් ලිපියේ තිබ්බ CIA මුලස්ථානයේ තියන එක කියෙව්වොත් කියක් හරි දෙනවද දන්නේ නෑ............. LOL

    නියමයි.හරිම රසවත්......

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේක පරිවර්තනයක්.

      Delete
  17. මම කැමති පිටසක්වල සංඥාව එකටයි, ජෝර්ජියාවේ එකටයි. වෙලාවක් ලැබුණාම ලියන්ට සුදීක.

    ReplyDelete
    Replies
    1. පිටසක්වල කතන්දර වලට ඔයා කොහොමත් කැමතිනේ.

      Delete
  18. WOW..! එක ගැන තව ලියන්න සුදීක. හරිම රසවත්....!

    ReplyDelete
    Replies
    1. හැමෝම ඉල්ලන්නේ ඒකමයි.

      Delete
  19. දීර්ඝ විස්තරත් පරිවර්තනය කරලා වෙලාව තියෙන විදියට දාන්න සුදික රස විදින අය ගොඩක් ඉන්නවා මමත් ඇතුළුව

    ReplyDelete
    Replies
    1. දැන් කරන්නම වෙනවා.

      Delete
  20. කාලෙකින් මා කියවු හොදම ලිපිය.....

    ReplyDelete
  21. මේ අභිරහස් 10 අතරින් මම කලින් අහලා තිබුණේ ජෝර්ජියාවේ ගල් කුළුණු 3 ගැන විතර යි! ඉක්මනින් අර WOW එක ගැන ලියනවට මම කැමති යි!

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි වැඩිම ඉල්ලුම ධාරා.

      Delete
  22. මාත් කැමතියි wow එක ගැන තව විස්තර දැනගන්න...

    ReplyDelete
    Replies
    1. දැන් ඒක පරිවර්තනය කරන්නම වෙනවා.

      Delete
  23. පිට සක්වල ජීවියෙක් ...අදුරගන්ඩ ලැබෙයිද??

    ReplyDelete
  24. පරිවර්ථනය කර්ලා දාන එක ටිකක් වෙලා යන වැඩක් කියලා දන්නවා.. ඒත් පුළුවන් හැටියකට දාන්න පුළුවන්නම් සෑහෙන්න වටිනවා අයියේ.. මොකද මේ වගේ දේවල් ගැන දැන ගන්න අපි හුඟක්ම කැමතියි..

    ReplyDelete
  25. ස්තූතියි සුදීක මේ වගේ පෝස්ට් ලියන එක ගැන... මම මීට කලිනුත් කියලා ඇති සුදීකගේ පෝස්ට් එකිනෙකට වෙනස් ගවේෂණාත්මක පෝස්ට් බව... දිගටම මේ වගේ දේවල් ලියන්න ...

    ReplyDelete
  26. ඇත්තටම සුදීක අයියේ... කියල වැඩක් නෑ... ඔයා වැදගත් දේවල් ලියන අතරෙ මම මෙලෝ රහක් නැති දෙයක් ලියනවා... ඒක තමා වෙනස.. තව ලියන්න වැදගත් දේවල්....

    ReplyDelete
  27. බොහොම අපුරුයි සුදික අයියා,මේ උත්සහය අගය කරනවා.

    ReplyDelete
  28. හරිම ආසාවෙන් කියෙව්වෙ අපුරුයි. ජය......

    ReplyDelete
  29. මෙවන් ලිපිවලට ඇති ආකර්ශනය වැඩියි. අගනා සටහනක් සුදීක

    ReplyDelete
  30. පිට සක්වල ජීවින් ගැන තියන ඒවානම් එදා ඉදන් කියවන්න මාත් ආසයි.. හොඳ පරිවර්තනයක්.. දිගටම දාන්න..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...