Friday, November 8, 2013

මේ හැකියාවන් කොහේ ගියාද ? Where all these talents Gone ?

බොහෝ රාජකාරි දිනවල මා උදෑසන ආහාරය ගන්නේ කඩෙයෙනි. දිවා අහාරය ලෙස බත් පාර්සලයක් නිවසින් ලැබුණත්, උදෑසනට යමක් ඔතා ගන්නට තරම් කාල වෙලාවක් අපට නැත. එනිසා බොහෝ දිනවල මා උදේ කාර්යාලයට පැමිණි පසු අසල කඩයකට ගොඩ වන්නේ බත් ටිකක් බඩට දා ගැනීමටය. මේ යන අතර වාරයේදී මා බොහෝ දේ නිරීක්ෂණය කරන්නට පුරුදු වුයේ නිරායාසයෙනි. කිසිදා බිම බලාගෙන ගමන් කිරීම මගේ පුරුද්ද නොවේ. එහෙමත් දවසක කල්පනාවකට වැටී ගමන් ගනිමි. එහෙත් බොහෝ විට පාරේ වම් පැත්තෙන් යන්නේ, කාර්යාලයද එකී කඩයද ඇත්තේ වම්පස වීම නිසාය. එනිසා සැලකිලිමත් වීම අනිවාර්ය වේ. බස් හෝල්ට් එකක් පමණ දුර ගෙවා ගමන් ගන්නා මේ ගමන විටෙක භයානකය. ඒ පාර පටු තැනක වේගයෙන් ගමන් ගන්නා මග මරුවන්ට ගොදුරු වීමේ හැකියාවක් පවතින බැවිනි. එහෙත් ආහාරය ගෙන ආපසු පැමිණෙන විට දකුණු පැත්තෙන් එන නිසා යම් සහනයක් තිබේ. 

එවැනි තවත් එක දිනක පාරෙන් අනෙක් පැත්තේ තාප්පයකින් මෙපිටට බෝගන්විලා අත්තක් යොමු කිරීම සඳහා එල්ලා තිබෙන බරක්, මා අතීතයට බොහෝ දුරක් කැඳවාගෙන යන්නට සමත් විය. එම බෝගන්විලා අත්තට බර ලෙස එල්ලා තිබෙන්නේ ගඩොල් භාගයකි. මෙසේ ගඩොල් භාග ලනු වල ගැට ගැසීමට අද නම් සිදු වන්නේ මල ගෙදරක බැනර් එල්ලීමටය. මා ගමෙන් පැමිණ බොහෝ කලක් වන නිසා තවමත් අපේ ගම වල මේවා වෙනවාදැයි නොදනිමි. ඒත් මා කුඩා කාලයේ බොහොම කැමැත්තෙන් බලා සිටින දෙයකි ලනුවක ගැට ගැසූ ගලක් ආධාරයෙන් දෙල් කැඩීම. 

එකල බොහෝ වැඩිහිටියෝ මෙසේ ගඩොල් භාගයක් හෝ කළුගලක් කඹයක ගැට ගසා ගනී. ලණු කැරැල්ලක් පමණ වන ඉතිරි කොටස සීරුවෙන් අකුලා ගන්නේ තම අල්ලත් වැලමිටත් අතර ඔතා ගැනීමෙනි. පසුව මේ කඹ මිටිය එක් අතකටත්, ගල සහිත කඹ කොටස අනෙක්(හුරු) අතටත් ගෙන දෙල් හෝ අඹ ගසක් යට නවතී. මාද ඔවුන් පසුපස යන්නේ මායා බන්ධනයකට හසු වූ ආකාරයටය. එහෙත් අර වැඩිහිටියා මා එම ස්ථානයෙන් තරමක් ඈතට කරන්න වග බලා ගනී. ඊළඟට වට කිහිපයක් තම අත කරකවා ගල සහිත ලණුවට වේගයක් ලබා දෙන්නේ ඔලිම්පික් තරගයක මිටිය විසි කරන ක්‍රීඩකයෙක් වට කිහිපයක් කරකැවී ලබා ගන්නා රිද්මය සිහි ගන්වමිනි. ඊළඟට ඔහු එය වැරෙන් විසි කරන්නේ අඩි විස්සක් හෝ තිහක් පමණ ඉහලින් ඇති දෙල් අත්තකටය. අඩුම වශයෙන් මෙම ලනුව අඩි පනහක් වත් දිගය. ඉන් අනතරුව තමන් බලාපොරොත්තු අත්ත හරහා ගල සහ කඹය ගමන් කලේ නම්, ලණුව බුරුල් දී ගල් කටය පහලට එන්නට සලස්වයි. ඉතාම රසවත් කොටස පටන් ගන්නේ ඉන් පසුවය. අර ලණු කොටස් දෙක අල්ලා ගන්නා ඔහු වේගයෙන් ඉහලට පහලට අදින්නට පටන් ගනී. තවත් මොහොතකින් ඔහුගේ උත්සාහය මල් ඵල ගන්වමින් ගෙඩි කිහිපයක් සහිත දෙල් ඇත්ත බිමට ලඟා වන්නේ මහා හඬක් නිකුත් කරමිනි. 

මේ ක්‍රමය එතරම් සාර්ථක නැත. මන්ද එමගින් මේරු දෙල් ගෙඩි මෙන්ම ලපටි ගෙඩිද බිම වැටෙන නිසාය. නමුත් මා මෙහිදී මතක් කරන්නේ අපගෙන් ගිලිහී යන මේ හැකියාවන් ගැනය. නිතරම ඩිස්කවරි නාලිකාවේ පෙන්වන Man vs Wild වැඩසටහන නරඹන කෙනෙකු හැටියට මෙවැනි හැකියාවන් ඔබ තුල තිබීම වටින්නේ යයි සිතේ. හේතුව ඔබ හදිසියේ කැලයක අතරමං වුවහොත් ගඩා ගෙඩියක් කඩාගෙන කෑමට ඔබට හැකියාව තිබිය යුතු බැවිණි. එලෙසම මා කුඩා කල පොලු ගසා අඹ, වෙරළු කෝන් වැනි ගෙඩි කඩාගෙන කා ඇත්තෙමි. අද දරුවෙකුට මේ හැකියාව තිබේද ? එක් අතකින් මේවා වැදගත් වේද ? ඉස්සර බල්ලෙක් බළලෙක් දුටු විට ගලක් අරන් පහර දෙන්නට අප පුරුදු වූයේ එම සතාට රිදවීමට වඩා, ඉලක්කයට පහර දීමෙන් අප ලද ආශ්වාදය නිසාය. පාසල් ගොස් නිවසට පැමිණ බොහෝ දිනක මා අපේ ගෙදටර මදක් ඈතින් ඇති ලන්දේසි ඇල අසලට යන්නේ එක් විනෝදාංශයක් සපුරා ගන්නටය. ඒ පැතලි හිරිගල් කැබලි ගෙන වතුරට වේගයෙන් පහර දී එය ගෙම්බෙකු ආකාරයෙන් පැන පැන අකාරය බලන්නටය. බොහෝ දිනක මම හොදටම හති වැටෙනකම් මේ ක්‍රීඩාවේ යෙදෙමි. කවුරු හෝ වැඩිහිටියෙක් එලවන තුරු ඇල අසලය. 

කුඩා කල  ප්‍රාණඝාත අකුසල කර්මය නොදන්නා කාලයේ මා ඉස්සෙකු අල්ලා ඇත්තෙමි. එය පසුපස ඇති තාක්ෂණය මා මෙහි ලියා තබන්නේ කිසිවකු ප්‍රාණඝාත අකුසල කර්මයට පෙළඹවීමට නොව, පරම්පරාගතව පැවත ආ, අපත් සමග වැළලී යන මේ දේවල් ගැන නොදන්නා අයගේ දැනුම පිණිසය. අර රෙස්ලින් තරග අතරමැද දමන නිවේදනය සිහිපත් කල යුතුමය. ඒ "Don't Try This at Home" (මේවා ගෙදරදී කරන්න උත්සාහ ගන්න එපා) යන නිවේදනයය.
පින්තූරය ගත්තේ : www.locatetv.com

ඔබ එසේ කළහොත් මටද පවක් අත් වේ යන බිය මා තුල ඇත. ඉරට්ටක් හොඳින් සුද්ද කර ගන්නා අප එහි කෙලවර පණ නැති තැන දක්වාම තබා ගන්නෙමු. ඉන් පසු කරන්නේ නියපොතු ආධාරයෙන් වියලි කෙහෙල් කඳකින් කෙන්දක් ගලවා ගැනීමය. නියපොතු අධාරයෙන්ම එයද පිරිසිදු කර ගෙන, කෙසේ හෝ තනි කෙන්දක් වෙන් කර ගනිමු. ඉන්පසු ඉරට්ටේ පණ නැති කෙළවරෙහි සෙන්ටි මීටර එකක පමණ පුඩුවක් සිටින සේ තබා එහි ඉතිරි කොටසින් හොඳි වෙලා ගැට ගසා ගනිමු. දැන් අපේ උපකරණය සාදා අවසන්. ඊළඟට තිබෙන්නේ ඉස්සාගේ ඇසට මේ පුඩුව දැමීමේ අභියෝගයයි. මගේ මිතුරන් සියල්ල මේ කාරිය ඉතා පහසුවෙන් කරනවා මම දැක ඇත්තෙමි. ඔවුන් එක් අතක් නළල ඉහලින් තබාගෙන වතුරට පුඩුව යොමු කර ආපසු එය ගන්නේ ඉස්සකු සමගය.
පින්තූරය ගත්තේ : www.yachtandboat.com.au

ලන්දේසි ඇළෙහි වතුර ඉතා නොපැහැදිලිය. ඉස්සන් සිටින්නේ ඇල කණ්ඩිය අසලට වන්නටය. මමද ඔවුන් අනුව යමින් ගොස් අඟල් දෙකක පමණ ඉස්සෙකු සිටින තැනක සීරුවෙන් නැවතුනෙමි. මෙයට ඉතාම හොඳින් ඇස් පෙනීම අවශ්‍යම වන අතර, ඇස එම ස්ථානයට හුරු කර ගන්නටද සෑහෙන වෙලාවක් ගත වේ. දැන් ඉස්සා උගේ ඇන්ටෙනා එහෙ මේ කරකවමින් සිටී. මා කෙලෙස හෝ ඔය ඇන්ටෙනා මග හැර එලියට පැන තිබෙන ඉස්සාගේ ඇසට අර පුඩුව දමා කරකැවිය යුතුය. මා උත්සාහ කල වාර ගණන සියයකට වැඩි මිස අඩු නැත. හරියටම පැය දෙකක් පමණ ගිය විට මේ ශිල්පය අල්ලා ගන්නට මට හැකි විය. කිහිප විටක්ම ඉස්සාගේ ඇසට පුඩුව යොමු කලද නියමිත කාල පරාසයකදී එය හිර වන්නට කරකවන්න මා අසමත් විය. තවත් බොහෝ වාරයක් උත්සාහ කර ඉස්සාගේ ඇසට පුඩුව දමා කරකැවීමි. පුදුමයකි මා වට පහක් කරකවූවානම් ඉස්සා වට සිය ගණනක් කරකැවී පුඩුව හොදටම තද කරගෙන ඇත. මා ඉරැට්ට ඉහලට අද ගත්තේ පරිස්සමෙනි. එය රැගෙන මා පෙන්වන විට, අනෙක් අය ඉස්සන් විස්සක් තිහක් අල්ලාගෙන හමාරය. මේ දේවල් වලට මා සහභාගී වන්නේ ගෙදරට හොරෙනි. මේවා දැන ගත්තා නම් මට හොඳ ගුටි සංග්‍රහයක් දෙන්නට ගුරුවරුන් වූ මගේ දෙමව්පියන් පසුබට වන්නේ නැත. මා ඉන් පසුව කිසි දිනක ඉස්සන් අල්ලන මෙහෙයුම් වලට සහභාගී වී නැත. කිසිම දිනක බිලී පිත්තකින් මාළු අල්ලා නැති මුත්, මගේ මිතුරන් ඇමට ගෙන යන පණුවන් මාළුවන්ට පරිත්‍යාග කර ඇත. අපේ ආච්චීට අනුව නම් මාළුන් අහු වෙන්නේ පව් කාරයන්ටය. සමහරවිට එහි සත්‍යයක් තිබෙන්නට පුළුවන.

මේවා වැදි හැකියාවන් යයි කෙනෙකු කියන්න පුළුවන. එහෙත් මේ සියලු දේ අවශ්‍ය වන වෙලාවක් ඇත. ගල් වලින් ගසා කුරුම්බා කඩා ගත් අවස්ථා ද නැත්තේ නොවේ. මගේ පියාගේ පරම්පාරාවේ බොහෝ දෙනෙකුට පොල් ගසකට බඩ ගා ගත හැකිව තිබුණි. එහෙත් මගේ පරම්පාරාවේ බොහෝ දෙනෙකුට එම හැකියාව නැත. ගල් හෝ පොලු ගසා ගෙඩි කඩා ගන්නට මගේ පරම්පරාවට පුළුවන් වුවද, මගේ දරුවන් වන වයසේ අයට මේ හැකියාව නැත. පොල් ගෙඩියක් ලෙලි ගහ ගන්නට හැකි තරුණයන් අද අඩු වෙමින් යයි. ඉස්සර අලුත විවාහ වූ කෙනෙකුට බුලත් විටක් සකසන්නට දෙන බව මා අසා ඇත. කුඩා කල ගිරයෙන් පුවක් සුද්ද කිරීමටද අපට හැකිය. මෙසේ ලියාගෙන ගියහොත් අප කල බොහෝ දේ ලැයිස්තු ගත කල හැක. අද දරුවන්ට ඒවා කල නොහැක, ඔවුන්ට ඒවා අවශ්‍ය වන්නේද නැත. නමුත් ඔබගේ ජංගම දුරකථනය හෝ ටැබ්ලට් පරිඝනකය ඔවුන් අත තැබුවහොත්, ඔවුන් නොදන්නේ කුමක්දැයි ප්‍රශ්න කල හැක ? නමුත් ඒවා පරිහරණයක කරන මොහොතේ දරුවාගේ ශරීරාංග නිශ්චලය. ඔවුන් ටච් ෆෝන් වීරයන්ය. අපගේ දරුවන් යන්නේ හරි පාරේද ? නැතිනම් වැරදි පාරේද ? මෙය උගතෝකෝටික ගැටලුවකි.

______________________________________________

අද ප්‍රශ්නය : නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්, මීගමු අළුවා වැනි පැරණි කියමන් වල එන ඒ ඒ පළාත් ප්‍රසිද්ධ ආහාර ඇත. බෙන්තර එලෙස ප්‍රසිද්ධ වුයේ කුමක් සඳහාද ?

77 comments :

  1. උදේට කියෝලා කොමෙන්ට් එකක් දාන්නම් ,, බෙන්තර නම් අර පුස් පැටවූ එහා මෙහා ගෙනියන්න හොද නැති පාලම තියෙන නිසා වෙන්න ඇති :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කෑම ජාතියක් අහන්නේ.

      Delete
  2. අපේ අතීතය දැන් ඉන්න පොඩි උන්ට නැහැ තමා සුදීකයියේ. පොඩි උන් ටැබ්. ටච් ෆොන් වීරයෝ තමා. ඉස්සර අපි වෙල් දිගේ, පිට්ටනි දිගේ දුවපු දිවිලි දැන් පොඩි උන් දුවන්නේ temple run ගේම් එකේ. අපි ගස් වලට ගල් ගහපු ගැහිලි දැන් පොඩි උන් ගහන්නේ Angry bird ගේම් එකේ..

    ජය !!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සෑමා.

      Delete
    2. ඒක ඇත්ත සැමා .. සීයාගේ චුටි මුණුබුරෝ එනවා අවුරුදු 2 ක් වත් නැහැ ඒත් ඇපල් ෆෝන් තියෙන්නේ .. තමන්ගේ පාඩුවේ ගේම් එකක් ගහනවා ඔහේ ඉන්නවා .. කාළය මැව් වෙනසක අරුමේ

      Delete
  3. මටනම් කවදාවත් හරි ඉලක්කෙට ගලක් ගහන්න බෑ.. ගැහුවොත් හැතැම්ම ගානක් ඈතින් යයි.. ටොම් සෝයර් එකේදි මේක හදුන්වන්නෙ ගෑණු ලක්ශණයක් හැටියට... ඔය දෙල් කඩන ක්‍රමේනම් මම ඇහුවමයි සුදීක. ඒක මාර ක්‍රමයක්නෙ.. සෑහෙන වෙලාවක් ලනුව උඩට, පහලට අතුල්ලන්ඩ ඕනා ඇතිනෙ අත්ත කැපෙන්න තරම්. ගල් ගහලා කුරුම්බා කඩන්නෙ කොහොමද කියන එකනම් ලොකුම ප්‍රශ්නයක්.. ? සුදීක බොරු කියනවද කියලත් හිතුනා එතනදිනම් මට...

    අපිත් මාළු ඇල්ලුවා ගේ පිටි පස්සෙ තිබුන අගලේ.. පණුවො සහ බත් තමා ඇමට ගත්තෙ.. පණුවන්ව පණ පිටින් දෙකට කඩලා ඇමට ගහන එක මාළුවාව අල්ලනවට වැඩිය පවක්. දැන්නම් ඇඟ හිරි වැටෙනවා ඒවා මතක් වෙනකොට. අනිත් එක අපි මාලු ඇල්ලුවෙ මරන්න නෙමේ.. අහුවුනාම සීරුවට ඇම ගලවලා නාන ලිඳට දැම්මා.. ඒක තමා අපේ මාළු ටැංකිය.

    ReplyDelete
    Replies
    1. //සෑහෙන වෙලාවක් ලනුව උඩට, පහලට අතුල්ලන්ඩ ඕනා ඇතිනෙ අත්ත කැපෙන්න//

      නැහැ සෙන්නා. දෙල් අතු පොඩ්ඩක් වත් හයිය නෑ, නිකම්ම කැඩෙනවා. මෙහෙම දාලා හොල්ලද්දී අත්ත කැඩෙනවා.

      Delete
    2. ටිකක් තියුණු ගලකින් නැට්ටට පහර දුන්නොත් හරි. හැබැයි ආදී 15-20 විතර ගස් වලින් තමයි. නැතිනම් කන්දක ඉඳලා පහල තියෙන ගහකට ගහන්න ඕනේ. මම දවසක් ගැහුවා ගෙඩියෙන් වතුර වීසි වෙන්න. බොරු කියලා හිතයි කියලා තමයි පොස්ට් එකට දැම්මේ නැත්තේ.

      Delete
    3. ගහේ ලපටි ගෙඩි තියෙද්දී ගල් ගහනවා (ගොඩක් උස ගස් වලට මේ ක්‍රමේ බෑ ) ගෙඩි පැලුනහම ගහ යට ඉදන් කට අල්ලනවා .ටික දවසකින් පැලුණු ගෙඩි වැටෙන්නේ එතකොට ගහඓතිකාරයා දැනගන්නේ එතකොට

      Delete
  4. මෙන්න මේ ලිපියත් ගස් වල ගෙඩි ජාතියක් ගැන තමයි.
    හැබැයි කැඩුවෙ මම නෙවේ.

    බෙන්තර ප්‍රසිද්ධ රා වලට නේද?

    ReplyDelete
    Replies
    1. රාත් තියෙනවා. මේක කෑමක්.

      Delete
  5. අනේ මන්දා මේ සමහරක් දේවල් නම් අපිත් කෙරුවා. ඒ කියන්නේ මීට වසර 7 8 කලින් පාසල් කාලේ. පුටු කකුලෙන් පොල් ලෙලි ගහලත් තියනවා. අද උණත් අඹ වැල්ලකට ගල් පාරක් ගහන්න හිතෙනවා දැක්කම

    ReplyDelete
    Replies
    1. පුටු කකුලකින් නම් නෑ. ඒ වුණත් ගල් වල ගහලා පොල් ලෙල්ල ගලවලා තියෙනවා.

      Delete
  6. මචන් මම දන්න විදියට කපටි හින්ද වෙන්න ඇති.."කෑමක් ගැන නොදනී" සමහර විට "මැංගුස්ටිං" වෙන්ටෑ....

    ReplyDelete
    Replies
    1. කපටි හැම තැනම ඉන්නවා. හොඳ මිනිස්සුත් හැම තැනම ඉන්නවා. මම නම් ගම වලින් මිනිස්සු මනින්නේ නෑ 100%. මැන්ගුස් වලට ප්‍රසිද්ධ කළුතර.

      Delete
  7. හරිපාර කියන්නේ කාලෙන් කාලෙට එන පාරවල්.. මොකද පරණ පාරවල් වල් බිහි උනාම යන්න වෙන්නේ අළුත් පාරේ ඒකයි තියරිය. බෙන්තොට ප්‍රසිද්ධ නාකි සුද්දොන්ට නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්. අලුත් වෙන්න ඕනේ. ඒත් අපේ දේවල් දියුණු කරගෙන. මම කියන්නේ නැගෙනහිර ආසියාතිකයෝ මේ දේවල් වලට පුදුම දක්ෂයි. උදා : තායිලන්තයේ ඇළුමිනියම ඉනිමගවල් නෑ. විදුලිබල මණ්ඩලයේ වැඩ කරන්නෙත් උණ ගස් වලින් හදාපු ඉනිමං වලින්. හැබැයි මාර ලස්සනයි. මෙන්න මෙතනට ගිහින් බලන්න

      Delete
  8. Man vs Wild ඔය වැඩ සටහන මමත් කීප දවසක් බැලුවා..ඇත්ත තමයි..අපි ඒ කාලෙ කරපු දේවල් වල වටිනාකමක් නෑ වගේ හිතුනත්..කොයියම්ම වෙලාවක් හරි එනවා පාවිච්චි කරන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙනී ආපදාවකදී තමයි මේවා ඕන වෙන්නේ.

      Delete
  9. //කුඩා කල ගිරයෙන් පුවක් සුද්ද කිරීමටද අපට හැකිය. මෙසේ ලියාගෙන ගියහොත් අප කල බොහෝ දේ ලැයිස්තු ගත කල හැක. අද දරුවන්ට ඒවා කල නොහැක, ඔවුන්ට ඒවා අවශ්‍ය වන්නේද නැත. නමුත් ඔබගේ ජංගම දුරකථනය හෝ ටැබ්ලට් පරිඝනකය ඔවුන් අත තැබුවහොත්, ඔවුන් නොදන්නේ කුමක්දැයි ප්‍රශ්න කල හැක ?// අද මේක අර්ථකථනය වෙන්නෙ 'දියුණුව' කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි අපේ නෙවෙයි. කොරියාවේ, මැලේසියාවේ දියුණුව.

      Delete
    2. කරත්තෙ වෙනුවට කාර් එකේ යන එක වගේ දේවල්දියුනුවක් කියල හිතන්නෙ බටහිර ජාතීන් විතරයි. මොකද ඔවුන් දන්නෙ භෞතික වර්ධනය ගැන විතර‍යි. මොකද ඔවුන් ආධ්‍යාත්මික වර්ධනය ගැන ද්න්නෙ නෑනෙ. ඉස්සර මිනිස්සුත් වැඩ කරේ කන බොන, අදින පලදින, නිදාගන්න එකයි ඉෂ්ට කර ගන්න. අද කාලෙ මිනිස්සු වැඩ කරන්නෙත් ඔය ටික ඉෂ්ට කර ගන්නයි. හැබයි ඒ වෙනුවෙන් දියුනුයි කියන මිනිස්සු එදාට වැඩිය කොච්චරනම් වෙහෙසෙනවද? ඒ වෙනුවෙන් සිද්ද කරන පරිසර විනාෂය, ගුන ධර්ම විනෂය කොච්චරක්ද? දියුනුව මනින එකට භෞතික වර්ධනයෙන් මෙන්ම ආධාත්මික වර්ධනයත් යොදා ගත්තනම් ඒක සැබෑම දියුනුවක් නේද?

      Delete
    3. සත්‍ය වශයෙන්ම.

      Delete
  10. ඔබ ලියල තියෙන්නෙත් අපේම අතීතය නොවැ,අර දෙල් කඩන ක්‍රමය නං ඔය ඇහුවමයි.ඒ වුනාට පැහිච්චයි ගැටයි ඔක්කොම වැටෙන නිසා එච්චර ප්‍රතිපලදායක නෑ නේද.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකක් කරන්න බලන්නම් ගමේ ගිය වෙලාවක.

      Delete
  11. ඔක වොරි වෙන්න දෙයක් නෙවේ මචෝ. ආදිතම මානවයන් කල දේවලින් 1%ක් අපිට කරන්න පුළුවන්ද? නමුත් අපි පිටිපස්සට ගිහිල්ල තියනවද?

    ReplyDelete
    Replies
    1. සුනාමියක් වගේ ඇවිත් එකවර කඩා වැටුනොත් මොකද වෙන්නේ. අපේ අද තියෙන දියුණුව රඳා පවතින්නේ, කොහේ හෝ නොදන්නා රටක මිනිසුන් මේ මොහොතේ වෙන මහන්සිය මත.

      Delete
    2. ඒක තර්කයක් නෙවේ. හරියට අර හැමෝම නිවන් ගියොත් වගේ දෙයක්. මොන දේ වුනත් සම්පූර්ණයෙන් විනාශ නොවුනොත් ජීවය ඉදිරියට යනව.

      Delete
    3. ඒක තර්කයක් තමයි රාජ්. මම කියන්නේ ආපදාවක් වුණ වෙලාවට මොකද කරන්නේ කියන එක.

      Delete
  12. ඇඹුල් තියල් හෝ ජාඩි...

    ReplyDelete
    Replies
    1. නැහැ. මේවා ඊටත් වඩා මිහිරි රසයක් තියෙන කෑමක්. හැබැයි ප්‍රාණ ඝාත අකුසල කාර්මයක් කරන්න වෙනවා කන්න.

      Delete
  13. හුග දෙනෙක් සුදික මල්ලි ලිපිය කියෙව්ව ගමන් කොමන්ට් එක කොටනවා ඇති.
    ප්‍රශ්නයටත් විශේෂ අවධානයක් ලැබෙන විකල්පයක් යෙදුවොත් මොකද.ප්‍රශ්නයට
    උත්තරය දෙන්නත් කට්ටිය උනන්දු වුනොත් මෙය තවත් රසවත් වෙයි.
    අදහසක් පමණි....

    ReplyDelete
    Replies
    1. අත්හදා බැලීමක් විදියට තමයි ප්‍රශ්නේ දැම්මේ. බලමු ඉදිරියට.

      Delete
  14. දෙල් කඩන සිස්ටම් එක ඇහුවමයි.ඕකම දියුණු කරලා තමා (ඊතලයක අගට නුල අමුණලා) අර වැසි වනාන්තර වල පත ගස් නගින ක්‍රමය හදලා තියෙන්නේ.
    මේ කියන ලන්දේසි ඇළ කොහෙද තියෙන්නේ ?
    පුරස්නේට නම් තව ටිකක් යන්න දෙමු.අර ඔයා ෆිල්ම් එකකින් අහලා ස්ථිර කල කෑම ජාතිය නේද?

    ReplyDelete
    Replies
    1. මේක වෙලාවකට හරි විකටයි. සමහරු ඔලුව පලා ගත්තු අවස්ථාත් නැත්තේම නෑ. මොකද ගල උඩ ගියාට පස්සේ වටපිට බලනවා, ගහේ ඇත්තේ ගල ඇති කියල. ටික වෙලාවකින් ඔලුව උඩ. සමහරු කරකවලා කරවලා වේගය ගන්නකොට ගල ගැලවිලා පිටිපස්සේ තියෙන ගෙවල් වල වහලවල් වලටත් යනවා.
      ඔයා හරියටම උත්තරය දන්නවා. මම ඕක වෙන තැනක කමෙන්ට් එකක් විදියට දාලත් ඇති.

      Delete
  15. අපි කල‍යුත්තේ අපේ පරම්පරික දැනුමට බටහිර දැනුම යොදාගෙන අපිට ගැලපෙන දැනුමක්, ක්‍රමවේදයක් ගොඩනගා ගැනීම මිස අපේ දැනුම විනාශ කරගෙන සම්පූර්නයෙන්ම අපට ආගන්තුක වූ බටහිර දැනුමට වහල් වීම නෙවේ නේද?

    ReplyDelete
    Replies
    1. සහතිකවම ඒක තමයි විය යුත්තේ.

      Delete
  16. අර වැලි අස්සේ රිංගන කකුළුවෝ ...

    ReplyDelete
    Replies
    1. උන්ට කියන්නේ රැළ කකුළුවෝ කියලා. නමුත් හරි උත්තරය වෙන එකක්.

      Delete
  17. සුදීක ලියපු අන්තිම චේදේ තුළ නම් සෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා.. මෙච්චර කාලෙකට මමත් හිතන් හිටියේ අපේ දරුවෝ අපිට වඩා දක්ෂයි කියලා.. ඒත් දැන් හිතෙනවා ඒක එහෙම නැති බව...

    හිතන්න දේවල් ගොඩක් තියෙන පෝස්ට් එකක් සුදීක.. සුදීකගේ පෝස්ට් හැම එකක්ම වගේ ගවේෂණාත්මක පෝස්ට් ... හොඳටම දැනුන දෙයක් ඒ ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්. ඔබ වැනි පුළුල් දැනුමක් ඇති කෙනෙකුගෙන් එවැනි සහතිකයක් ලැබීම සතුටක්.

      Delete
  18. අපි ඒ කාලේ යාන්තමින් හරි මේ දේවල් කරපු එක හොදයි කියලා හිතෙනවා.. තව ඉස්සරහට එන වුන්ට මේවා මොනවද කියල කට ඇරන් අහන් ඉන්න තමයි වෙන්නේ..

    බෙන්තර මොනවද අෆ්ෆා කෑම.. දන්නේ නෑනේ මමත්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්. අපේ දරුවන්ට කියන්නේ Kouch Potato කියල දවසක් ගුරු මහත්මියක් කිව්වා. එහෙම කියන්නේ රුපවාහිනිය ඉදිරියේ ඉඳන් කෑම කාල තර වෙච්ච අයටලු.

      Delete
    2. සුදීක මේක Couch නේද?

      Delete
  19. උඹට මතක නැද්ද. ගල් මාට්ටූ දාලා, පැටලිච්ච සරුංගල් බානවා. පොල් කඩන්න නම් මම හෙන රුසියා. රා හොරෙන් බීලා නොමැරී බේරුන කතාවකුත් ලිව්වා මට මතකයි.

    පොල් ලෙලි ගහන්න නම් එදා වගේම අදත් හරි ආසයි..

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි කාලේ මගේ යාලුවෙක් රා බෝතල් භාගයක්ම පෙව්වා. මම ආවේ නිකං පා-වෙලා වගේ. අර සරුංගල් අත්දැකීම නම් අපිට අඩුයි. රා බීපු එකේ ලින්ක් එකක් දුන්නොත් හොඳා.

      Delete
  20. ඇත්ත සුදීක, අද කැටපෝලයක් හදාගන්ට පුළුවන් ළමයෙක් ඉන්නවාද? ඉන්නවානං තාම ගම්වල ළමයි තමයි.. ළමයින්ටම වැරැද්ද පටවන්ට බෑ..දෙමාපියනුත් මේකට වග කියන්ට ඕන. අඩුම ගානෙ..තමන්ගෙ ගම් පලාත්වල නිවාඩු කාලය ගත කරන්ට යන පවුල් ඉන්නවාද? හරිම අඩුයි. එක්කෝ දෙමාපියන්ට වෙලාවක් නෑ..එහෙම් නැත්නං ළමයින්ගේ ටියුෂන්. ගමේ ගියත් ළම්යින්ට අවශ්ථාවක් දෙන්නේ නෑ ගමේ සුන්දරත්වය විඳින්ට.

    ReplyDelete
    Replies
    1. කටපෝලේ කිව්වම මතක් වුණේ. මේ ළඟදී මගේ සයිකලය පිළිසකර කර ගන්න වින්කලයක් හොයා ගන්නත් සෑහෙන දුක් විඳින්න වුණා. බයිසිකල් ටියුබ් දැන් හොයා ගන්නත් අමාරු ඇති නගරබදව. අනිත් එක කැටපෝල් වලට අවශ්‍ය පේර වගේ කරුවක් හොයා ගන්නත් ලේසි වෙන එකක් නැ. ඒ කාලේ අපි කැටපෝල් තියා ගත්තේ හංගලා වගේ. ඉස්කෝලෙට ගෙනියන්න තහනම්.

      Delete
  21. දෙල් කඩන විදිහ ගැන නම් ඇහුවමයි..
    පොඩි දවස් වල නම් තැඹිලි ගෙඩිය හිල් වෙන්න ගල් ගහලා වැටෙන වතුර බීලා තියෙනවා. දැන් නම් ඉලක්කෙට ගලක් ගහගන්න පුලුවන්ද කියලා ගහලම බලන්න ඕනේ.

    උත්තරේ මම හිතන විදිහට බල මාලු

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒවා හරිම සුන්දර අත්දැකීම. උත්තරේ බල මාළු නෙවෙයි.

      Delete
  22. ඔයා රැළි කකුළුවො ගැන ලියපු පෝස්ට් එක මතක් වුනා...මට මෙහෙදි සෙට් වෙච්ච මූදු බඩ පළාතක කෙනෙකුත් රැළි කකුළුවන්ගෙ රසය වර්ණනා කලා.

    ReplyDelete
    Replies
    1. අප්පේ එහෙම රසක්.

      Delete
    2. බැරිද අපිටත් ඒ රසය විදගන්න...

      Delete
  23. සුදීක........ඕවා මොනවාද .....ඉස්සර අපි කොල්ලෝ පුළුවන් තරම් ඈතට චූ කරන තරඟ තියෙනවා.එක පේලියට ඉඳගෙන. දැන් ජුන්ඩාගෙන් කොමොඩ් එකට .ඔන්න සීන් එක.

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක් .. හෙක්.

      Delete
  24. හපොයි මෙයා උදේටත් කන්නේ බත් ද? මම නම් දවල්ටවත් කන්නේ නෑ නිදිමත එන හන්දා.

    අඹ ගස්වලට ගල් ගහනවා දැකලා තියෙනවා. දෙල් ගස්වලට ගල් ගහලා දෙල් කඩනවා දැකලා නෑ. එතකොට ඉතින් වැඩේ දෙල්වෙනවලුනේ.:)

    බෙන්තර ප්‍රසිද්ධ කිඹුල් මස්වලට.:D

    ReplyDelete
    Replies
    1. ගල් ගහලා දෙල් කඩන්නේ නෑ පොඩ්ඩි. ලනුවක ගැට ගහපු ගලක් දෙල් ඇත්ත උඩින් යන්න දාලා, ඇත්තේ අගිස්ස කඩා ගන්නවා ගෙඩිත් එක්කම.

      Delete
  25. මන්නම් දෙල කඩන්නේ ගහට බඩගාලා කෙක්කෙන්.අරම කැඩුවම පොඩි ගෙඩි අපරාදේනේ.දැන් ඉන්න එකෙක්ට ගහකටවත් බඩගාගන්න බැහැනේ ඉතින් කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. උඹ වගේ ඇඟක් තියෙන එකෙක් ගහකට බඩගානවා කියලා අහන්නත් සන්තෝසයි.

      Delete
    2. දැන්නම් ටිකක් ඇඟ හොරයි ආයුබෝවන්ඩ.

      Delete
    3. ගහෙන් වැටිලා අන්ඩක් කැඩුනොත් අක්ක ඉන්නවනේ ඒකයි බය නැතුව ඉන්නේ හසරැල්ලා

      Delete
  26. අපි ඒ කාලේ ඉස්සෝ ඇල්ලුවේ මා ඔයේ... හැබැයි ක්‍රමය වෙනස්... ගං දෑලේ තියන විහිදීගිය ශාක මුල් පද්ධති තියනවා. වතුරෙන් ගිහින් ඒ මුල් ගොන්න එක් වරම ගොඩට පෙරළනවා. ඒ මුල් ගොන්න ඇතුලේ ඉස්සෝ 5ක් 6ක් වරදින්නෙම නෑ. මෑතක නම් ගිය කාලයක් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ක්‍රමයක් තමයි.

      Delete
  27. ඔබ කියල තියෙන කතාව ඇත්ත. දැං ළ‍මයින්ගෙන් කී දෙනෙකුටද ගහකට බඩගාගන්න, ඇලක දොලක පීනන්න පුලුවංකම තියෙන්නෙ. ඕකට වැඩි හරියක් වගකියන්න ඕන දෙමව්පියොමයි. ළමයින්ව අධ්‍යාපන තරගයට ඇදල දාල ළමයින්ගෙ මානසික නිදහස නැතිකරනව මදිවට ඒ ළමයි ශාරීරිකවත් ලෙඩ්ඩු කරනව. මං දැකල තියෙන විදියට අධ්‍යාපනය අතින් ඉහලට ගියේ නැති ළමයි හුඟ දෙනෙකුට ඔය හැකියාවන් තියෙනව.

    ReplyDelete
    Replies
    1. එක අතකට මේ කොළඹ රටේ තියෙන කොංක්‍රීට් ලෝකෙට ගස් නගින්න පුළුවන් වුණත් වැඩක් නෑ ප්‍රසන්න.

      Delete
  28. තාක්ශනේ දියුණු වෙන්න වෙන්න මිනිස්සු අලස වෙනවා. ස්වභාවික දේවල් වලින් ඈත් වෙනවා

    ReplyDelete
    Replies
    1. ළඟදී සොබා දහක්මත් එක්ක එකතු වෙන්න යනවා. ලියන්නම් පොස්ට් දෙක තුනක්ම.

      Delete
  29. සූදීක ස්පෑම් එක බලන්න

    ReplyDelete
  30. මට තියෙන ටැලන්ට් එක මොකක්ද කියලා මේ තවම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරවිට තවමත් එලියට ආවේ නැති දෙයක් වෙන්නත් පුළුවන්.

      Delete
  31. අර බරක් එක්ක ලණුවක් විසිකරලා මන්දක් ගහගන්න වැඩේ බොහෝම කාලෙකට පස්සෙ ගිය දෙසැම්බරේ අත්හදා බැළුවා. මගෙ වත්තෙ පාරට වැටෙන්න ආසන්න දිරාපු ගහක් තිබුණා, වත්ත සුද්ද කරන්න ගත්ත ගොබිලා කිව්වා ගහ පාරට කපනවා හැර විකල්පයක් නෑ කියලා,ඒ මොකද උඩම කරුවට ලණුවක් දාගන්න ගහට නගින්න තරම් ගහ සවිමත් නැති නිසා. අර විදිහට කලා නම් මට කම්බිකණු දෙකක් එක්ක කම්බි පස්පොටක් අළුතින් ගහන්න වෙනවා. මම කඹයක් අරන් ඇවිත් ඒක කොහු ලණුවකට ගැට ගහලා කොල්ලා කාලෙ වගෙ ගඩොල් බාගයක් උඩ යවලා තුන්වෙනි වෑයමේදි මන්ද දාගත්තා. ඊට පස්සෙ ගහ වත්තටම ඇදලාදාලා වඩේ කෙටි කරගත්තා. අර ගොබිලාට මං කල වැඩේ කරන්න බැරි උනානෙ..

    ReplyDelete
  32. බෙන්තොට පරසිද්ද ජාඩි වලටද ???

    ReplyDelete
  33. අපි අතර මේ වෙද්දි පිරිත් මණ්ඩපේට තියන පැන් කළය ගොක් කොළ වලින් ඔතන්න පුලුවන් අය හොයාගන්න නැතිතරම්.

    ReplyDelete
    Replies
    1. ඒවා මේ පරපුරත් සමගම වැළලී යනවා.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...