Tuesday, November 5, 2013

ඔන්න සිංහල බ්ලොග් කරුවන්ටත් ගෙවන්න වෙලා ..... Sinhala Bloggers too Need to Pay....

කවුද හිතුවේ දෙයියනේ මෙහෙම අකරතැබ්බෙකට මුහුණ දෙන්න වෙයි කියලා. අපි මේ බ්ලොග් එකක් අටෝ ගත්තේ මුදල් උපයන්නවත්, ගෙවන්නවත් නෙවෙයිනේ. අර යාළුවන්ගේ බිස්නස් වලට පොඩි සහයෝගයක් දෙන්න බැනර් එකක් එල්ලුව බව ඇත්ත. ඒ වුණාට ගහෙන් ගෙඩි එන්න වගේ මෙහෙම ගෙවන්න සිද්ධ වෙයි කියලා තුන් හිතක වත් තිබුණද? අපට ලැබෙන කොට ඉතිං ඔහේ කට අරගෙන හිටියා අර කෑදැත්තා වහින වෙලාවට කට ඇරගෙන ඉන්නවා වගේ. දැන් ඉතිං ගෙවපල්ලකෝ. මොකෝ ඉතිං අමාරුවෙන් අටවගත්ත මේ බ්ලොග් කට්ට (ඔව්. ඔව්. අටම්පහුර වගේම අපිත් ඉතිං අමාරුවෙන් තමයි අටවා ගත්තේ) වහලා දාන්නයැයි. 

පින්තූරය ගත්තේ : www.business2community.com
දැන් ගෙවන්න වෙනවා කිව්වම කට්ටිය රෙද්ද කරේ තියාගෙන මේ පැත්තට එන බව මම දන්නවා. මොකද මේකා මේ උගුලක් වත් අටවන්න සෙට් කොරාද ? කියලා බලන්න. අනිත් එක ඉති ආණ්ඩුවට කඩේ යන එකනානේ, මාරයා වගේම. ආණ්ඩුවත් ඉතිං අරකට මේකට වගේ මේ පුහුලටත් අත නොතියයි කියලා හිතන්න පුළුවන් කාටද ? කාලෙකට කලින් කියලත් තිබුණා නේ එහෙම කතාවක්(තුක් විතරක් කියලා තුන් පාරක් කෙළ ගහයි දැන් ඉතිං). මේ බූරුවා මේ අමතක වෙලා තියෙන එක මතක් කරන්න හදනවා කියලා. මෙදා පාර නං පුතෝ නොගෙවා මාරු වෙනවා බොරු.

මම හිතන්නේ ඕනෑම කෙනෙකුට නිකං දීමේ සීමාවක් තියෙනවා. බලන්න සුප්‍රසිද්ධ මයික්‍රෝසොෆ්ට් සමාගම MS-DOS මෙහෙයුම් පද්ධතිය වගේම Windows 3.1, Windows 95, Windows 98, Windows 2000 වගේම XPත් අපිට නොමිලේ දුන්නා. දිගටම දුන්නද ? නෑ . අන්තිමේදී ගෙවලා ගන්න වුණා. ඉතිං මේවටත් ...... කට කට ... කට ඉස්සර කර ගන්න නරකයි.  මේ වගේ නොමිලේ දීපු සේවාවන් රැසකටම පස්සේ ගෙවන්න සිද්ධ වුණා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අපි මෙච්චර හිට්ස් අරන් දීලත් Google කාරයාට කල ගුණ අමතක වුණා කියලා. එතකොට Wordpress මේ ළඟදීම ආපු Medium. ඒවා තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. අපි එහෙම වුණොත් ඒවාට මාරු වෙනවා. එතකොට පරණ Posts, Hits, Comments ? ඒවාට මොනවද වෙන්නේ. හත් වලාමයි ? ගෙදර ගියොත් අඹු නහී - මග හිටියොත් තෝ නහී වැඩක් නේද ? අපටත් වුණේ.

බලන්නකෝ ඒකෙත් හැටි මේවට ගෙවන්න වෙලා තියෙන්නේ මේ පහුගිය මාස හය හත ඇතුළත සක්‍රීයව හිටිය බ්ලොග් කරුවෝ වෙච්ච අපටමනේ. පැරණි බ්ලොග් කාරයොන්ට ඒකෙත් චාන්ස් එක. පැරණි කියලා නෑ හැබැයි, මුලින් ලියලා අත ඇරලා දාපු යට මේකේ ගැටළුවක් නෑ. දැන් ඉතින් මොනවා කරන්නද ? කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බලලෝ කියන්නේ නිකංද ? අනිත් එක කරන කලට පව්  කමෙන්ට් මීරිය මී සේ.... කියන්නෙත් මේවට තමයි. අර පඳුර වටේ තලනවා කියන්නේ මෙන්න මේවට තමයි ආයිබෝවන් ... අහස කළු කරගෙන ආපු විදියට වැස්ස අත ළඟ බව බොහෝ දෙනෙක්ට හිතුණා. සමහරු වහින්න කියලා ආයාචනාත් කළා. ඔන්න ඉතිං මෙකී නොකී හැමෝගෙම සැක සංකා දුරු කරමින් වැස්සා නේ. මේකා ආයෙත් පඳුර වටේ තලනවා නේද ? කියලා හිතුනද ? මොකටද කට්ටිය වැඩිය මහන්සි කොරන්නේ. හැබැයි මේ සැරේ ගෙවන්න වෙන්නේ රුපියල් වලින් නම් නෙවෙයි රජෝ. එහෙනං පුවක් ගෙඩි වලින්ද ? නෑ... නෑ... නෑ...  කමෙන්ට් වලින්. කොහොමද කමෙන්ට් වලින් ගෙවන්න පුළුවන්.

ඔව් පුළුවන් නේන්නං. මේකයි වැඩේ. මොනවා හරි දෙයක් නොමිලේ පාත් වෙනකොට ඔහේ කට බලියාගෙන බලාගෙන ඉන්න එක අපේ පුරුද්දනේ. කෙන්ජි ජැපෑන් එතකොට කෙන්ජි ඔගාවා අපේ බ්ලොග් වලට ඇවිල්ලා සිය දහසක් කමෙන්ට් කොටනකොට අපිත් හිටියානේ ෂෝක් හා පැටියා කියලා. හැබැයි ඉතිං වෙලාවකට හාවා නෙවෙයි කොටියා ආවා වගේ කාඩාගෙනත් පැන්නා. අපිත් හිටියා බොහොම උපේක්ෂාවෙන්. මොනවා වුණත් කමෙන්ට් කොටනවනේ. අවුරුද්දට පින්තූර සුබ පැතුම් පවා එව්වා. දැන් ඉති ඒ සෙල්ලන් හරියන්නෑ රජෝ. මෙන්න කෙන්ජියා බ්ලොගක් අටෝගෙන. දැන් ඉතිං ගිහිල්ලා ණය ගෙවන එකයි ඇත්තේ. මේ වෙනකොටත් බොහෝ දෙනෙක් වැඩ ආරම්භ කරලා. මටත් පුංචි ආඩම්බරයක් තියෙනවා. මගේ බ්ලොග් එකට පොස්ට් එකක් සපයපු එකම කෙනා කෙන්ජි. ලංකාවට ආවම අපි හොයාගෙන එනවලු බත් කටක් කාලා යන්න පොල් සම්බෝලත් එක්ක. අනේ වරෙන් අයියේ, ඔය තියෙන විදියකට බත් වේලක් කන්න බැරියැයි. 

හැබැයි ඔය බ්ලොග් එක පටන් ගත්තා වගේ නෙවෙයි දිගටම පවත්වාගෙන යන එක ලේසි පහසු කාරියක් නෙවේ. පහුගිය දවස් තුනේ මගේ අන්තර්ජාලය හබක් වුණා බිල නොගෙවීම නිසා. ඒ දවස් තුනේ වින්ද දුකක් මමයි දන්නේ. කාඩ් එකකින් රී-ලෝඩ් එකක් දා ගත්තා, ඒකත් කෙළි පැටික්කි ඉවර කරලා දැම්මා. බණින්නැයි ? එහෙනම් කෙන්ජි අයියේ පරිස්සමට වැඩේ කරගෙන යමු. පුළුවන් සහයෝගයක් දෙන්නම්. මමයි නලියයි උඹට කමෙන්ට් වගේම පොස්ට් වලිනුත් ණයයි. ලේසි වෙන එකක් නෑ ගෙවන්න. අනිත් අයටත් කියන්නේ කල ගුණ සලකපල්ලා. නැතිනම් සමූරායි කඩුවෙන් තමයි කන්න වෙන්නේ. 

තවත් නොගිය අයෙක් ඉන්නවා නම් මෙතනින් ගිහිං සම්මාදන් වෙන එකයි ========>

___________________________________
මම ඉල්ලා සිටිනවා ජපන් පාඩමක් සිංහලෙන් දාන්න කියලා. නැගලා යයි. මාස්ටර් කෙන්ජි.

74 comments:

  1. blog liyana aya vitarak nemi comment karana ayat nayai kenji Ayyandita.
    mamat yanawa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව දහසක් කරදර මැද්දේ ඇවිත් බලලා යනවට.

      Delete
  2. Replies
    1. පොඩි අවුලක් වෙලා තිබුණා. දැන් හදලා තියෙන්නේ.

      Delete
  3. කෙන්ජිට ගෙවන්න නං නයක් තියෙනවා. හැබැයි මිනිහා ණය දුන්නේ කවදාවත් ගන්න බලාගෙන නෙමෙයි. ඒක නිසා මිනිහා ආයෝජනයක් කරල අපෙන් ආයි ණය ගන්නවා කියල මම නං කවදාවත් හිතන්නේ නැහැ. මොකද අවුරුදු ගානක් ඇම්මට කමෙන්කටු දදා ඉදල ඒ ඇම්මටම බ්ලොග් කටුවක් අමුණ ගත්ත මිසක්කා, මිනිහා ඔය බෝතල් (වැරදුනා) මොකවත් පස්සේ නොයන හිත හොද ජපානේ කොල්ලෙක්.. කරුමෙට ඩුමේන් එක ඉස්සරයාල් එකක් නේ.. හැක්..

    හැබැයි සුදීක මේ වගේ හෘදයාංගම සටහන් තැබීම ඇත්තට සුන්දරයි...ස්තුතියි කේන්ජි ඇන්ඩ් සුදීක

    ඔය ප්‍රසන්නයත් අමාරුවෙන් අටවගත්තේ. අන්තිමට මොකෝ උනේ.. මිනිහා බ්ලොග් ලොව නරනිදු වෙලා නේ නැවතුනේ.. කෙන්ජියෝ ඉතිං බොට රජ කම් නං ලැබෙන්නේ නැහැ ඒක නිසා ලියහං සතියක සැරයක් වත්..

    ReplyDelete
  4. මොනව ලියනවද සුදීක ඇයියේ... ඇගේ මයිල් ස් මයිල් උනා....

    ReplyDelete
    Replies
    1. ස්මයිල් නම් හොඳා නේ.

      Delete
  5. රත් තෙත් දෙතොල්
    අළුත් නවකතාවක්. ඇවිල්ලා බලලා යන්න.
    http://kathakaru.blogspot.com/

    ReplyDelete
  6. ඉරිසියාවේ බෑ ඔයි... පටන් ගත්තයි කියලා දාලා තියෙන එකට විතරක් කොමෙන්ටු 216ක් ෆොලොස්ල 62ක්..... දැන් සුදිකගේ මේක බලලා ගිහින් කොටන ඒවා ටික පුහ් ............ හැඩකාර විසේකාර මනමාල අන්තිමට බ්ලොග්කාර කියලාතමයි කියන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඒවාට නේද BIG BANG කියන්නේ ?

      Delete
    2. මං කිව්වේ බොරුද ,රාළයා මැලේසියාවේ හිටියට නියම සිංහලයෙක් කියලා :D

      Delete
    3. කෙන්ජිට නොදාන කමෙන්ට් කාට දාන්නද මැලේ...

      Delete
  7. මන් නම් පිචර් හෝල් එකේ ඉස්සරහම සීට් එක අල්ලගෙන ඉන්නේ... දන්නෝ දනී මේකේ තේරුම ... :D

    ReplyDelete
    Replies
    1. සුදීක මන් කමෙන්ට් එක අයින් කරා..මොකද ඒ කමෙන්ට් එක නුහුරට යන්න පුළුවන් නිසා............................

      Delete
    2. බුද්ධියෙන් නොබලන අය ගැන අප තැවිය යුතු නැත.

      Delete
  8. සමහර මිනිස්සු කියනවා සුදීකට ඇහිලා තියෙනවද "අපි හම්බ කරලා තියෙන්නේ සල්ලි නෙවෙයි , මිනිස්සු " කියලා. අනන් එහෙම මිනිහෙකුට හොඳම උදාහරනේ තමයි කෙන්ජයියා , කෙන්ජයියා හම්බ කරලා තියෙන්නෙත් මිනිස්සු.

    ReplyDelete
  9. ණය ගෙවලා කවදා ඉවර කරන්නද අෆ්ෆා . දවස ගානේ අපි ණය වෙනවා . :p

    ReplyDelete
    Replies
    1. මමත් සීයකට වඩා ණයයි මතක හැටියට.

      Delete
  10. ඌගේ ආගමනයෙදිම ණය ගෙවලා බලාන් ඉන්නේ ඊළඟ එක එනකන්..

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ණයයි, පොළියයි දෙකම ගෙව්වත්, නැති වෙලාවේ පිහිටට එන එකේ වටිනාකම තක්සේරු කරන්න බෑ.

      Delete
    2. කෙන්ජියා ගැන කියන්න වචන නෑ.. උබත් එක්ක පැටලුනේ, මම නිසානේ..

      Delete
    3. ඒකෙ තියෙන්නේ හිත හොඳ කම බලාගෙන ගියාම.

      Delete
  11. කෙන්ජිට අපිට ණය ගෙවන්න වෙනවා පළවෙනි පෝස්ට් එකටම දාලා තියෙන කමෙන්ට් තොගේට රිප්ලයි දාන්න ගියාම... හි හි

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙනවා නේද ? ඇත්තටම.

      Delete
  12. අනික් ඒවා පැත්තක දාලා ඉස්සෙල්ලම මේක කියවන්න ආවා මේ මොකද්ද බලන්න.. මම නම් වේලාසනම ඒ පැත්තේ ගොඩ වුනා නේ..

    ReplyDelete
    Replies
    1. එහෙ නොගිය බ්ලොග් කරුවෙක්ගෙන් වැඩක් නෑ දැන් නම්.

      Delete
  13. අපි ගිහින් ආවා කාඩ් එක ගහලා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන රජයේ නිවාඩු දවස් වල එහෙම යන්න එපා, ගේට්ටුව වහලා තියේවි.

      Delete
  14. අපිත් නම ලකුනු කලා කලින්ම

    ReplyDelete
    Replies
    1. මම දහ තුන් වෙනියා.

      Delete
  15. මේ කවදා ඉදන්ද සුදීක අයියේ Comment box එක යටට ඇඩ් එකක් ආවේ...

    ReplyDelete
  16. අඩ් එක ඉස්සර ඉඳන් තිබුණා, මේක ටිකක් අලුත් කරා. නැතිනම් සමහරු දෙවෙනි වරත් කමෙන්ට් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් බැලුවේ...

      Delete
  17. මුලහැරිය කියවද්දී පපුවේ අමාරුවට ගන්න පෙත්ත දිවයට තියාගත්තා....

    ReplyDelete
    Replies
    1. එහෙමද ? බැංකුවේ ඉන්නවා නම් මේ වගේ ඒවා බලාපොරොත්තු වෙන්න ඕනේ.

      Delete
  18. ඇත්තටම මම හිතාගෙන හිටියේ මේ අයවැයෙන් බ‍්ලොග් අඩවි වලටත් ගාස්තුවක් නියමකරන්න ඇති කියලා...වැඩිකල් නොගිහිං ඒකත් වෙයි.

    කොහොම වුනත් අර කතාවක් තියනවානේ කුම්බලා මාලු කෑවනං විඳවපං බලලෝ කියලා. ආං ඒක තමයි වුනේ..

    ReplyDelete
  19. අදහස් එසැනින් පලනොවන නිසා නරකද මචං ඇනෝ ඇරියානං

    ReplyDelete
  20. ගෙවන්ඩ වෙනව කිව්වම හිතුව බ්ලොග් ලියලත් ඉවර තමා කියල :D

    ReplyDelete
    Replies
    1. දැන් කොහොමද හිතට දැනෙන සනීපෙ?

      Delete
  21. හුඟක් අය ගෙවන්න බලාගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් කෙන්ජිට වැඩ පෙන්වන්නම වෙනවා.

      Delete
  22. සුදික මල්ලියා මම වෙනුවෙන් මෙච්චර යාන් හෑල්ලක් ලියයි කියල හිතුවෙ නැහැ.
    ලිපියයි,කොමන්ට් ටිකයි බලල ඇස් බොද වුනා.
    මම බැලුව මොකද මේ කවදාවත් නැති පදුරු තලන අලුත් විදිය කියල.
    කට්ටියව හොල්මන් කරපු සුපිරි ලියවිල්ලක්.
    ලිපිය ලියපු සුදික මල්ලටත්,කොමන්ට් කල සියලුම සහෝදර/සහෝදරියන් සහ මගේ කටකාර එකම මිනිබිරියටත් ස්තුතිය පුද කරමි....!
    ඔබ සියලු දෙනාට ජය....!

    ReplyDelete
    Replies
    1. අර ජපන් පාඩම මතක තියා ගන්න.

      Delete
  23. අම්මෝ මම බය උණු තරම. එයා ඇඩ් එකක් දාලා තිබ්බා කතන්දර බ්ලොග් එකේ. ඒකෙන් දැනගත්තා. දැන් ඉතින් පටන් ගත්තා වගේ නෙමේ කරගෙන යන එකනේ අමාරුනේ. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. මමත් බැලුවා මේ මොකද්ද කියලා :)

      Delete
    2. කෙන්ජි තාම ලියන්න ගත්තේ නං නෑ ඔය එන කමෙන්ට් ඔක්කොටොම රිප්ලයි කරන එක තමා පණ යන වැඩේ.

      Delete
    3. ඔව්. දෙසීයක් කියන්නේ සුළු පටු ගානක් යැයි.

      Delete
  24. සුදීක,
    ඔන්න මමත් ආවා මේ පැත්තට.

    ReplyDelete
    Replies
    1. කලාතුරකින් තමයි මෙහෙම වෙන්නේ. මුලින් හමු වෙලා පස්සේ බ්ලොග් බලන එක. ඔබ ආ එක සතුටක්.

      Delete
  25. ///හැබැයි ඉතිං වෙලාවකට හාවා නෙවෙයි කොටියා ආවා වගේ කාඩාගෙනත් පැන්නා///

    අනේ ඔය කාපු බීපු වෙලාවට කෙන්ජියා කියන දේවල් ගනන් ගන්න එපා සුදීක.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.

      අපි සන්තෝසෙන් ඉන්නේ
      දුක ශෝකය නෑ දන්නේ
      අයියා - මල්ලී වාගේ අයියා - මල්ලී

      Delete
  26. මං නම් බේරුණා ණයෙන්, එයා කරගෙන යාවී ,, ප්‍රසන්න වගේ වෙයි කියලා නොහිතමු .. සුබවාදීව හිතමු . අනික කොමෙන්ට් ,200 ගානක් හිට්ස් 1000 ට එහා ,, අපේ බ්ලොග් ලියන හැමෝගෙන සුබ පැතුම් ඉස්සරහා එයාට නොලියා ඉන්න බැහැනේ ,

    ReplyDelete
    Replies
    1. ඔන්න කියනකොටම පොස්ට් එකක් දාලා.

      Delete
  27. ගියා ගියා. සුදීකත් මරු උප්පරවැට්ටියක්නෙ දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. හෙක්... හෙක්... හෙක්...

      Delete
  28. අපිනං වේලාසනම ගිහිල්ල ආව.

    ReplyDelete
    Replies
    1. ලජ්ජාවටවත් පොස්ට් එකක් දාපං.

      Delete
  29. හුටා මේක මේ අමු දවාලෙ පට්ට අව්වෙ මිනිස්සු මරනව වගේ වැඩක් නෙ කොලේ.. පපුවෙ නිකන් ලබ්බක් සද්දෙ හැ වැරදුනා ලබ් ඩබ් සද්දෙ වැඩි උනා
    මේම කොරන්න එපා අයියා ඉඳගෙන...........
    කියෝල ඉවර වෙනකන් මොන හෙන ගෙඩියක්ද කියල හිත හිතකියෙව්වෙ

    ReplyDelete
    Replies
    1. මම කොරේ හිටගේනනේ මලයෝ.

      Delete
    2. හැ ඒකත් ඒමද ඈ

      Delete
  30. දැනටම ණය ගෙවා අවසන්

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ. ප්‍රසිද්ධියේ ගෙවන්න ඕනේ.

      Delete
  31. ගෙවන්න එපාය ඉතිං මෙච්චර කාලයක් අපේ කන් වලට මී පැණි වක් කලාට

    ReplyDelete
  32. සුදීක අයියගේ මොලේ තමයි මොලේ මම මේ පස්පංගුවේ ගුගල් කාරයාගේ පවුලට දේශ තිය තිය හිටියා. මම නම් ගියා කෙන්ජි අයියගේ ඉසව්වේ. අඩේ කෙන්ජි ගොයියා එච්චර වයසද?

    ReplyDelete
  33. දැනට //257 comments://

    ගොඩක් එව්වෝ ණය ගෙවලා මයෙ හිතේ..

    කෙන්ජියාගේ ආගමනය ගැන මාර සතුටක් තියෙන්නේ. මට ෂුවර් මේකා සිරා කතාවලින් බ්ලොග් එක පුරවනවා..

    ReplyDelete
  34. සුදීක සාමාන්‍යයෙන් සීරියස් දෙයක් ලියන නිසා මමත් හිතුවා තවත් බිලක් තමයි එන්න යන්නේ කියලා. බලපුවාහම අපි කෙන්ජියාට ගෙවන්න තියෙන බිලනේ.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...