Thursday, November 21, 2013

යාල සහ කුමන රක්‍ෂිතයන් අතර ඝන කැලෑවක දෙරැයක් ...... I කොටස Two Nights in a Thick Forest

හේන් ගොවිතැන පිළිබඳ මා දැන ගත්තේ හතරවෙනි හෝ පස්වෙනි පන්තියේදී අපට ලබා දුන් පෙළපොතකිනි. අප කියවූ ඒ හේන් ගොවිතැනේදී ඔවුන් දැඩි ලෙස පායා වියැළුණු කාල වලදී වනයට ගිනිතබයි. එසේ ගිනිබත් වන ප්‍රදේශය ඔවුන්ගේ වග බිම වන්නේය. ඉන්පසු ඔවුන් එම බිමෙහි දැවීමෙන් ඉතිරී වූ රූස්ස ගස් හැරෙන්න, අවශේෂය පස පෙරළා වැසි වැටෙන තෙක් බලා හිදී. එසේ වැසි වැටෙන විට ඔවුන් සතුව ඇති එම ප්‍රදේශ වල වැවෙන සියලුම වර්ග වල ඇට ඔහේ එම බිමට ඉස දමයි. වැසි වැටී ටික දිනකින් මේවා සරුවට වැඩේ. වල් නෙලීමක් සිදු නොකර කැලෑවටම හැදෙන්න ඇර ලැබෙන අස්වැන්න නෙලා ගනී. එම ප්‍රදේශය වටා දඬු වැටක් නිර්මාණය කරයි. දඬු වැට යනු මහා ගස් කොටන් කුට්ටි කරගෙන, ඔවුන්ගේ හේන ලෙස ලකුණු කරගත් ප්‍රදේශය වටා විශාල වළවල් තනා, ඒවාට එම කොට යෙදීමෙන් සාදන මන:කල්පිත වැටකි. මන්ද එය සාමාන්‍ය වැටක මෙන් මේ කොටන් යාකර කම්බි හෝ ලී පටි ගැට ගසා නැති බැවිනි. මේ වැට යෙදීමේ මුලික පරමාර්ථය අලින්ගේ ආගමනය වැලැක්වීමයි. අලින් මේ ලී දඬු දකින විට ඒවායේ තම පිට අතුල්ලනට ගොස් ඒවා අඩමාණ නිසා පෙරළෙන බැවින්, ඒවා පසුකර පැමිණෙන්නේ නැති බව ඔවුන්ගේ විශ්වාසයයි. මා මේ සඳහන් කළේ එම පෙළපොතෙහි සඳහන් වූ කාරණාය. නමුත් අද මේ වැට මෙන්ම, වගා ක්‍රමයද යල්පීනූ ඒවාය. දැන් ඔවුන් නවතම ක්‍රම අනුගමනය කරයි.

හේනක රාත්‍රියක් ගත කරන්නට ලැබෙනවා යන ශුභාරංචිය මා මිත්‍ර සුභාෂ් පවසන විට මට දැනුණ සතුට කියා නිම කරන්නට නොහැකිය. එය මා කුඩා කල සිට තිබූ බලාපොරොත්තුවකි. අනෙක් අතින් ඩිස්කවරි වැඩසටහනක් වන Man vs Wild නරඹා කැලයක රාත්‍රිය ගත කරන්නට තිබූ දොලයි. පුහූණු යුද සෙබළෙකු කැලයේදී යොදා ගන්නා උපක්‍රම ඔහු මැනවින් පහදා දෙයි. සතුන් මරා කන ආකාරය පෙන්වූවද, මා ඒ කොටසට වැඩි ප්‍රියක් නොදක්වයි.  ඒ හීනය හැබෑ කරගන්නට අවස්ථාව උදා විණි. ඒ පසුගිය 16-17 රාත්‍රීන් දෙක යාල සහ කුමන අතර රක්ෂිතයක කරගෙන යන(අවසරයෙන්) හේනක රැය පහන් කරමින්ය. වෙනදා අපේ ගමන් නඩයට වඩා මෙවර වෙනස් කණ්ඩායමක් තෝරා ගැනීමට අපට සිදු වුයේ, සමහරුන් ගමනකින් බලාපොරොත්තු වන්නේ සුව පහසුව බැවැනි. 

කිසිදු කටයුත්තක් සඳහා කැලෑ එළි කිරීම මා අනුමත නොකරන දෙයකි. නමුත් මෙවැනි ප්‍රදේශ වල ජනතාවට ජීවත් වීමට සරිලන මුදලක් සොයා ගත හැක්කේ එවැනි මහා පරිමාණ ගොවිතැනකිනි. ඒ වෙනුවෙන්ද නොයෙකුත් දුක් ගැහැට විඳීය යුතුය.

අපගේ ගමන ආරම්භ කිරීමට බලාපොරොත්තු වුයේ පසුගිය දාහතර වැනිදා සවස තුනයි තිහටය. ඒ අපගේ ගමන් සගයකු වන නිරෝෂ්ගේ වෑන් රථයෙනි. පහළ මාලයේ සේවය කරන මා මිත්‍ර සුභාෂ් හමු වූ අවස්ථාවේ ඔහු දන්වා සිටියේ අසුභ ආරංචියකි. ඒ නිරෝෂ්ගේ මාමණ්ඩිය අභාවප්‍රාප්ත වී ඇති බවයි. වැඩේ ලත් තැනම ලොප් වුනාදැයි මසිතට එකවර හැඟිණි. එහෙත් ඔහු ඉල්ලා ඇත්තේ කෙසේ හෝ සූදානම් කළ ගමන යන ලෙසය.  මේ වනවිට් ප්ලාස්ටික් පිඟන් කිහපයක අවශ්‍යතාව තිබූ බැවින් මා ඒවා මිලදී ගැනීමට පිටවී ගියේ දෙගිඩියාවකිනි. ඒ අපගේ හිතාදර සහෘද්ධයා නොමැතිව මේ ගමන යන්නේ කෙසේද යන පැනය සමගයි. මම ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගතිමි. ඔහු තම පියාටත් වඩා මාමණ්ඩියට ආදරේ බව දනිමි. ඔහුට කතා කර ගන්නට විනාඩි කිහිපයක් ගත විය. අවසානයේ ඔහු ඉල්ලා සිටියේ අපගේ ගමන කෙසේ හෝ යන ලෙසය.

මේ වනවිට වාහනයේ රියදුරු කාර්යභාරය දෙදෙනෙකුට භාර විය. ඒ දළුවත්ත සහ සම්පත්ටය. ගමනේ දුර දන්නා මට ඔවුන් දෙදෙනාට වඩා නිරෝෂ් ගැන විශ්වාසයක් තිබිණි. මන්ද මා ඔහු සමග ඕනෑ තරම් ගමන් ගොස් ඇති බැවිනි. නමුත් මේ දෙදෙනාගේ ඩ්‍රයිවින් මා අත්දැක නැත. කොහොමත් දැඩි අවදානමක් තිබූ මේ ගමනට දැන් තවත් අවදානමක් එකතු වී ඇත. මේ අසුභ ලකුණු පවසන්නේ මේ ගමන නවත්වන ලෙසද ? මට දියණිය සිහි විය. මේ ගමන අතුරු ආන්තරාවකින් තොරව අවසන් වුවහොත් මා ඈය දකින්නේ තවත් දවස් තුනකට හෝ හතරකට පසුවය. මෙවැනි ගමනකට ඇය එක් කර ගත නොහැක. හරියටම තුනයි තිහ වනවිට දළුවත්ත සහ මේ ගමනේ නිරෝෂ්ගේ හිස්තැන පුරවන මලින් පැමිණ ඇත. මා හනික මගේ බෑග් එකත් රැගෙන පහළ මාලයට ගොස් අත්සන දමා එනවිට දොරටුව අසල තැබූ මගේ බෑග්පතය නැත. මා මිතුරන් දෙදෙනා අසලට යනවිට එය ආරක්ෂක නිලධාරීන් විසින් වාහනයට දමා ඇත. අප කඩුවෙලට ළඟා වී සම්පත් සහ රසික එකතු කර ගත්තද, තමාට වාහනය එළවිය නොහැකි බව සම්පත් දන්වා සිටියේ පපුවට අතක් තබාගෙන පපුවේ අමාරුවක් ඇති බව පවසමිනි. එය තවත් අසුභ ලකුණක්ද? සියළුදෙනාම සිනාසී ඔහුට විහිලු තහළු කරන්නට පටන් ගති.

යන ගමනේදී නවගමුව දේවාලයටත්, රංවල දේවාලයටත් පඬුරු දමා සිත සැහැල්ලු කර ගත් අප මීළඟට නතර වුණේ සුභාෂ්ගේ නිවසේය. ඒ කුරුවිට හික්ගස්හේන ප්‍රදේශයේය. හරියටම කියනවනම් බෝපත්ඇල්ලට යන පාරේ මුල් හරියේ තැනකය. මෙම ගමනට නායකත්වය දුන් ඔහු අවශ්‍ය බොහෝ දෑ එක් රැස් කරගෙන තිබුණි. ඒවා සියල්ල පටවන අතර අපට තේපැන් වලින් සංග්‍රහ කල ඔහුගේ මව 

"මට නං හරී බයයි මේගොල්ලෝ කැලේ යන එකට. මොනවද  කැලෑවල් වල කරන්න තියෙන්නේ. මෙහෙත් තියෙන්නේ කැලෑවල්"

"මේකනේ අම්මේ මේක කැලයක් කිව්වට ලඳු කැලෑවක්. හේනක් හින්දා අපි යන්නේ.අපිට ඕනේ ලයිට් නැති හරියක්" 

මම පැවසීමි. තවත් පැය දෙකක් ඇවෑමෙන් අපගේ පළමු දින නවාතැන වන උඩවලව මහජන බැංකු නිවාඩු නිකේතනය වෙත ළඟා වීමට හැකි විය. රසික අපි හිතුවාට වඩා ඉතා දක්ෂ රියදුරෙකු විය. සැබවින්ම ඔහු වෘත්තීය මට්ටමේ රියදුරෙකි. නමුත් මුලින්ම වාහනය අතට ගත් විට ඔහු ගමන් කරන වේගය ගැන අපට කුකුසක් නොතිබුණා නොවේ.

පින්තූරය ගත්තේ : http://www.bigloveturkey.com
අපගේ විනෝද චාරිකා සඳහා අවුරුදු කිහිපයක සිට එක කර ගන්නා උපාංගයකි දර්බුකාව. එය අපට හඳුන්වා දුන්නේ මේ ගමනට සහභාගී නොවුණත්, දක්ෂ සංගීත භාණ්ඩ වාද්‍ය ශිල්පියෙක් වන කසුන් ශ්‍රී ය. එදින රාත්‍රියේ ඉතාමත් අඩු වෙලාවක් විනෝදය සඳහා ගත කල අප දිගු නින්දකට වැටුණි.

උදෑසන්නින්ම පිටත්වීමේ අපේ බලාපොරොත්තුව පෙරදැරිව නින්දට ගිය සියලු දෙනා, හය - හයයි පහළොව අතර අවදි කර ගන්නට අපට හැකි විය. උදෑසන අහාරය අවසන් කර උඩවලව නිවාඩු නිකේතනයෙන් සමු ගන්නේ හරියටම අටේ කණිසම වදිද්දීය. මෙම නිවාඩු නිකේතනය පිහිට ඇත්තේ උඩවලව තණමල්විල මාර්ගයේ බැවින් මිනිත්තු කිහිපයකදී අප ජලාශය පසු කරමින් ගමන් කොට තණමල්විල නගරය ආසන්නයේ ඇති ටයර් කඩයක් අසල නතර කළේ, අපගේ අමතර රෝදයේ හුළං තත්වය පරීක්ෂා කර ගැනීමටයි. මෙයට යාබදව ඇති මී කිරි කඩයෙන් ඉතා අනර්ඝ තත්වයේ මී කිරි වලින්ද සප්පායම් වුයේ, එම රෝදය පිළිසකර කරන අතරතුරයි.
අටංට කොල්ලෙක් හිටියනං මේ වගේ වෙයි නේද? පොඩියට හිටියට
තාත්තගේ ටයර් කඩේ අත් උදව් කරනවා. කවදා හරි දෑතේ
දිරියෙන් බත සරි කර ගනී. 

කම්මල කියලා බ්ලොග් එකකුත් ටික කාලෙකට කලින් තිබ්බ නේද ?
අන්න එයාව මට මතක් වුණා.

අපෙන් ඈත වෙමින් යන පලතුරක්.

මේකට දෙන්න තියෙන හොඳම වැකිය තමයි
"දී මී  කිරට බළල්ලුත් සාක්කියි" කියන එක.

තණමල්විල නගරය දකින හැම මොහොතකදීම මගේ මතකය අතීත සොඳුරු මාවත් දිගේ සැරිසරයි. ඇත්ත වශයෙන්ම එය ඉතාම රසවත් සති කිහිපයකි. එකල එහි කළමනාකරුව සිටි වික්‍රමසිංහ මහතා අපව එම ප්‍රදේශයේ සිටින කාන්තාවන්ගෙන් බේරා ගන්නට මහත් වෑයමක යෙදිණි. අප ඒ කාලසීමාව ගත කළේ කළමනාකරුගේ නිල නිවාසයේය.

"අර බ්‍රාන්ච් එක කෙළවරේ තියෙන තුඹහේ නයෙක් ඉන්නවා. රෑට එහෙම එළියට බහින්න එපා. අර ඉස්සරහ කඩේට යන්නේ බලාගෙනයි. ඔතන ඉන්න මහ ගෑණියි, දුලා දෙන්නයි සේරම බඩු. බොරු නම් බලාපල්ලා පොලීසියේ ඉන්න හැම එකාම හවස් වෙනකොට ඕකට රිංගනවා. ලොකු එකීට අවුරුදු විසි ගාණක්, දෙවෙනි කෙල්ලට දාසයයි. ටිකක් එහාට වෙන්න තියෙන කඩේ ඉන්න ගෑනිත් ඒ වගේමයි. ඔය කඩ වලට යන්න එපා. දවල්ට කන්න වැල්ලවාය පැත්තට කිලෝමීටරයක් විතර ගියාම තියෙනවා මරු කඩයක්. දඩ මස් වරදින්නේ නෑ"

කළමනාකාර මහතා කුමක් කීවත් පහසුව තකා අපි එම කඩයෙන් දවල්ට සහ හවසට තේ බීවෙමු. ඔහුගේ කතාව බොරුවක් නොවන බව වැටහුණේ එම තරුණියන් සහ මවගේ ඉඟි බිඟිය. මට තිබූ ලොකුම ගැටලුව මෙතරම් සීනි දමා තේ බොන්නේ කෙසේද යන්නයි. ලංකාවේ කොහේ ගියත් උදෑසන ඇවිදීම මගේ පුරුද්දයි. ඒ සඳහා වන ඇඳුම් කට්ටලය මා ළඟ නිරතුරුව ඇත. අනෙක් අය නිදියන හිමිදිරියේ මා වෙන් කරන්නේ මේ කර්තව්‍ය සඳහාය. මෙසේ ගමන් කරන විට පෙර කී අනෙක් කඩයේ කාන්තාවගේ කැරැට්ටුව ගැනද වැටහීමක් ලැබිණි. ඇය මාර්ගයේ ගමන් ගන්නා අයට නිරතුරු සිනහවකින් සංග්‍රහ කරයි. පෙර දැනුවත් කිරීම නිසා මා පාරෙන් අනෙක් පස ඇවිදීමට වග බලා ගත්තේය. මෙවැනි ප්‍රදේශ වල උදෑසන පයින් ගමන් කිරීම තරමක් අනතුරුදායකය. හේතුව පොළඟුන් නිරතුරු පාරට පැමිණෙන බැවිනි. මෙසේ වාහන වලට යට වූ පොලගුන් හය හතක වත් හැම උදෑසනකම දකින්නට ලැබිණි. තණමල්විල සිටි කාලයේ රාත්‍රියේ ඇඟ සේදීම සඳහා එළියේ ඇති ටැංකිය අසල අප තෝරා ගන්නේ නාන කාමරයට වඩා බාල්දියෙන් වතුර ගෙන නෑම ගතට සිසිලසක් එක් කරන බැවිනි. එසේ නාන බොහෝ විට අප උපන් ඇඳුමින් සැරසීමට වග බලා ගත්තේ දකින්නට කව්රුත් නැති බැවිනි. එහෙත් එවැනි හැම විටකම වටේ කැරකෙන මැනේජර් මහතා ගැන අපට ඇති වූ කුකුස, සත්‍යයක් බව වැටහුණේ දිනක් ඔහු හමු වන්නට ආ සුකොමල තරුණයාගේ කතාබහෙනි. ඔහු නගරය මැද පාමසියේ අයිතිකරුගේ පුතාය.

"මහත්තයා, ඊයේ ආවා එස්.ටී.එෆ්. ට්‍රක් එකක් අපේ පාමසිය ගාවට. එතන තියෙන අර ප්‍රීති මැෂින් එක ගාව කට්ටිය පෝලිමේ ඉන්නවා. රුපියල් පහ දානවා පැකට් එකක් ගන්නවා. සමහරු දෙක තුන ගන්නවා. අන්තිමට සල්ලි දාලා බඩු එන්නැති වුණාම ඒකට ගහනවා, තදීයම... ඉන්න බෑ" ඔහු අභිනයෙන් පෙන්වමින් කියයි.
පසුව ශාඛාවේ අයගෙන් දැන ගත්තේ ඔහු සහ කළමනාකාර තුමා අතර සමීප සබඳතාවක් ඇති බවයි. ඉන්පසු අපි එළියේ නාන විට ශෝටක් අඳින්නට වග බලා ගතිමු.  අසල ගාමන්ට් එකේ නියම බඩු තුනක් ඉන්නවා යයි දවසක් කළමනාකාර මහතා පැවසීය. දවසක හවස අපි සෙට් වෙන වෙලාවට ගෙන්නා ගමු. අපද වෙනදාට කලින් අඩුම කුඩුම සුදානම් කර ඔවුන් එනතුරු බලා සිටියෙමු. ඒ ගාමන්ට් කළමනාකරු, උප කළමනාකරු, සහ තත්ත්ව පාලකයි. තත්ත්ව පාලක මහතාට ඉතාම ලස්සනට ගීත ගායන කල හැකි බැවින් එදින සැදාව ප්‍රීතියෙන් ගත විය. නිතරම මුදල් පිළිබඳ කල්පනා කරන ගිම්හාන පැවසුවේ "අපෙන් හොඳට බීලා උන් සිංදු දෙක තුනක් කියලා ගියා". එහෙත් පසුදින සවස අපට එහි එන්නට ආරාධනා කල ඔවුන් එකිනෙකාට ලබා දුන කමිසය ඉතා කැමැත්තෙන් භාර ගන්නට ගිම්හාන මොහොතක් වත් පසුබට නොවීය. එදින සවසද අප හා එක් වූ ඔවුන් "කොහොමද අපේ එල්.එස්.ඕ. ලස්සනදැයි" ඇසීය. තවත් දිනක ගනුදෙනු කරුවන් හා ශාඛාවේ අය එක්ව සංවිධානය කල සැදෑ සාදයකට එක වීමට අපටද අවස්ථාව සැලසිණි. එදින රාත්‍රී අහාරය සඳහා කුරක්කන් තලප සහ මිරිසට ඉවූ වැව් මාළු හොදි ගිල දමන්නට අපට හැකි විය. මෙය මා කුරක්කන් තලප කන දෙවන වතාවයි. මීට පෙර සූරියවැවදී කුරක්කන් තලප රස බලා ඇත්තෙමු. ඇත්තටම ඒවා රස බැලිය නොහැකිය. කෙළින්ම ගිල දැමිය යුතුය. ඒවාගේ බර දැනෙන්නේ හරියට යකඩ ගොඩක් ඇඟ මත දරාගෙන සිටිනවා සේය. කුරක්කන් තලප ගැන මගේ පියා පවසන අකාරය මා ඇතුළුව අපේ පංතියේ සියලු දෙනා අසා සිටියේ සිනාවෙන් මුසපත් වීමෙනි.  මගේ පියා මුල් පත්වීම ලබා බිබිල ප්‍රදේශයේ ගතකළ කාලය ඉතාම රසවත් ලෙස විස්තර කරන්නට ඔහු සමත්ය. තවත් දිනක අප ගංජා හේනකට කැඳවා ගෙන ගොස් සප්පායම් වුයේ පෙරකී පාටියෙදී හඳුනා ගත් ගනු-දෙනු කරුවෙකි.

බුත්තල නගරය පසු කරන විට මගේ මතකයට ආවේ හසරැල් මලයා මේ දින වල ලියාගෙන යන කතා මාලාවයි. රත්නපාල යනු අපගේ රියදුරු මහතෙකි. අපට මේ ගමන සුදානම් කර දුන්නේ ඔහුය. මුලින්ම මොනරාගල සහ සියඹලාණ්ඩුව අතර ඇති ඇතිමලේහී ඔහුගේ නිවසට ගොස්, අප වාහනය එහි නවතා ගමනට සුදුසු ඇඳුමින් සැරසුණේ එහි යායුත්තේ ට්‍රැක්ටරයෙන් බැවිනි. අප සමග මේ ගමනට එක් වූ මලින් ආපසු යන්නට සැරසෙන බව පැවසූවේ දිවා අහාරය ගැනීමෙන් පසුවයි. මා මේ වනවිටත් පුදුම වී තිබුණේ ඔහුගේ සහභාගීත්වය ගැනයි. සාමාන්‍යයෙන් කොළඹින් පිට ඕනෑම පළාතකට පිවිසෙන විට ලීටර් 18 වතුර බෝතලයක් හෝ දෙකක් රැගෙන යාම ඔහුගේ සිරිතයි. ඉතාම පිරිසිදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන හේ මෙවැන්නක කොටස් කරුවෙක් වීම පුදුමය දනවන්නකි.

මගේ පළමු පැනය වුයේ අපට පයින් යාමට සිදු වේද යන්නයි. "නැත" පිළිතුර ලද වහාම මගේ සිත පස්වනක් පිනා ගියේ මා ගෙන ගිය බෑග් පතය තබා යන්නට වේදෝයි තිබූ චකිතය පහව ගිය බැවිනි. මේ වනවිට රත්නපාල ඇතිමලේ පොලීසියේ ස්ථාන භාර නිලධාරියාව අපගේ ගමන ගැන දැනුවත් කර ඇත. එය මා කල මූලික ඉල්ලීම් වලින් එකකින්. අනවසරයෙන් වනයට ඇතුළු වී ඇති ඕනෑම කෙනෙකු ඔවුන්ට අත්අඩංගුවට ගත හැක. එය මගේ හිතට අස්වැසිල්ලකි. ට්‍රැක්ටරයේ ඉදිරි කොටස බෑග් වලින් පිරී ඇත. මේ අතර ප්ලාස්ටික් පැදුරු, ඉටි කොළ සහ ලණු කැරලි කිහිපයක්ද ඇත. තමා ලණු ගෙන ආවේ හදිසියකදී රෙදි වැලක් සකසා ගැනීමට බව මා මිතුරු සුභාෂ් පැවසීය. කැලේ යන කෙනෙකුට ලණු කෙතරම් වැදගත්ද ? මගේ සිතේ මේ වනවිට ඇඳි තිබෙන චිත්‍රය සමතලා ගල් වැටියක් සහ එයට සෙවණ දෙන නුග වැනි මහා වෘක්ෂ රාජයෙකි. මගේ මූලික අදහස වුයේ අප මැස්සක් ඉදි කර ඒ මත රාත්‍රිය ගත කල යුතු බවයි. අප පටවා ගත් ට්‍රැක්ටරය ඇතිමලේ පොලිස් ස්ථානය ඉදිරිපිට ගිණි අව්වේ නවතා ඇත. එම දසුන දකින කෙනෙකුට එකවර සිතට නැගෙන්නේ, කොහේ හෝ යන පිස්සන් පිරිසක් පොලීසිය විසින් කොටු කරගෙන ඇති බවයි. රත්නපාලගේ නිවාස පසු කර එන අප දෙස ගැමියන් සිනා මුසු මුහුණින් බැලූවේ ඇයිදැයි තවමත් වටහා ගත නොහැක.

තවත් පැය භාගයක අවෑමෙන් අප යලිත් ගමනාගමය ආරම්භ කළේ මොනරාගල බලා ගමන් ගන්නා බසයකට මලීන් පැටවීමෙන් පසුවයි. හරියටම වෙලාව එකයි තිස්තුන වත්දී මට අපූරු අදහසක් පහළ විණි. ඒ මගේ ජංගම දුරකථනයේ ඇති Sports Tracker නමැති මෘදුකාංගය ආරම්භ කිරීමටයි. එයට තවමත් ප්‍රමාද නැත. දෙවරක් නොසිතා එය ආරම්භ කළෙමි. දැන් ඔබගේ සිතට නැගෙන පැනය මට ගමන පිටත් වන්නට කලින් නැගුණු නිසා Power Bank නමැති අලුත්ම උපකරණයක් මා මිලදී ගත්තේ රුපියල් 1750 කටය. ඒ හවුස් ඔෆ් පැෂන් අලුත්ම ප්‍රදර්ශනාගාරයෙනි. පවර් බෑන්ක් යනු ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ අලුත්ම සගයා (Companion)ය. ඒකෙන් හරි අපූරුවට වර්ග කිහිපයක ජංගම දුරකථන චාජ් කර ගන්න පුළුවන්. මේක මහ ලොකු එකක් නෙවෙයි බැටරියක්. මේකෙන් මගේ ජංගම දුරකථනය හතර වතාවක් චාජ් කර ගන්නට හැකි විය. එනිසා මේ අගනා ඡායාරූප කිහිපය එකතු කර ගන්නට ලැබිණ.

මම මීට පෙර ට්‍රැක්ටරයක ගමන් කොට ඇත. ඒ උඩකොටුව පන්සලෙහි බෝධි ප්‍රකාරයට පුරවන්නට පස් රැගෙන එන්නටය. එය නම් ප්‍රීතිමත් කාලයකි. මට ගෙදරින් මේ වැඩේට නිදහස ලැබුණි. නමුත් අද ට්‍රැක්ටරයේ එවැනි පහසු ගමනක් නැත. බෑග් ටික, අහාර ද්‍රව්‍ය, වළන් පිඟන් එහි මුල් කොටසේ ඇත. අප සියලු දෙනා ඉතිරි කොටසේ බිම ඇන තියාගෙන ගමන් කළද, වැටෙන හැම වලකටම වරක් ඉහළ ගොස් පහළ වැටෙන විට පස්ස පැත්ත ට්‍රැක්ටර් තට්ටුවේ වැදේ. එවිට දෙයියන් බුදුන් සිහි වේ. සමහරුන්ගේ කටවල් වලින් පරුෂ වචනද පිට විය. මේ ගමන ඉතා දුෂ්කර වූවක් බව මුල් කිලෝමීටරය පසු කරනවිට පසක් වී හමාරය. මාත් යෝධයකු වන් සිරුරක් හිමි දලුවත්තත් පිටෙන්-පිට තබා වාඩි වුවද එයත් එතරම පහසු කාර්යයක් නොවීය. කොළ අතු විටෙක් ඔළුවෙහිද, තවත් වරක අත පයෙහිද වදී. කටු අතුද මේ අතර වේ. වංගු, වළවල්, සපත්තු පාලම් සහ මෙකී නොකී සියලුම බාධක පසු කරමින් ඉදිරියට ඇදෙන විට, එක්තරා ගම්මානයකදී මෙතෙක් නිහඬව සිටි සමන් තම හඬ අවදි කළේය

"මහත්තයා මේ ගම්මානෙට 1997 දී කොටි පැනලා, ගමේම ගෙවල් වල මිනිස්සු කපලා මැරුවා. ඔළු සුද්දා  පැටිසුදා කියලා එකෙක් හිටියා. උගේ ඔළුවට ගහපු පාර ස්ලිප් වෙලා ගිහිං ඒකා බේරුණා. ඌ තමයි අනෙක් ගෙවල් වලට ගිහිං කියලා මිනිස්ස්සු ටික බෙර ගත්තේ. ඉන් පස්සේ අපි ආයි මේ පැත්තට ආවේ 2009 දී. එක බඩදරු අම්ම කෙනෙක්ගේ බඩේ හිටිය දරුවා භාගයක් එළියට ඇවිත් තිබුණා. අන්තිමේදී පොඩි එකා එලියට ගත්තා. ගෙවල් තියෙන්නේ දුරින් දුරින් නිසා මේ ගෙදර අය මරනකොට අනිත් ගෙදර අය දන්නේ නෑ"
මේ රුදුරු කොටි හපුවාට සුදු හුණු ගාන්නට එන කැළුම්ලාට හොඳක් වෙන්න එපා. එහෙම කිව්වේ අපේ කණ්ඩායමේ සම්පත්. ඇත්තටම කතාව සම්පූර්ණ ඇත්තය.  අප මේ වනවිට එම ගම්මානය පසුකර තනිකරම හේන් ගොවිතැන සිදුවන අඩවියකට පිවිසී ඇත. මේවයේ බිම සකසා වැස්ස වලාහක දෙවියන් වඩින තුරු බලා හීදී. මෙම විවෘත්ත ස්ථානය පසුකර නැවත කැලයට එන තැනදී සියලු දෙනාම ට්‍රැක්ටරයෙන් බැස රත්නපාලගේ ඉල්ලීම අනුව යමින් කුඩා කොළ ඉත්තක් වම්පස ඇති වැලක රඳවා වනයට අධිපති දෙවිවරුන්ගෙන් අපට අතුරු අන්තරාවක් නොවී මේ ගමන ගොස් එන්නට උපකාර කරන්නැයි අයැද සිටියෙමු. තවත් දුෂ්කර මිනිත්තු කිහිපයකින් අප අදාළ හේනට ලඟා වීමු. ඉන් ඔබ්බට කිසදු හේනක් නැත. ඒ වෙනුවට ඝන වනාන්තරය අප පිළිගන්නට සැදී පැහැදී බලා හීදී.

කරුණාකර මෙම ඡායාරූප ඇල්බමයේ අංක 9 සිට 38 දක්වා බලන්න.


මීළඟ කොටසින් එදින සන්ද්‍යාව සහ පසුදා උදෑසන ගත කල අකාරය.

67 comments :

  1. ලස්සනට පදුරු තලාගෙනම ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට මේ අතුරු කතාවල් වෙනම පොස්ට් එකක් විදියට දාන්න බැරි ඒවා. ඒනිසා මේ වගේ තැනකදී මැද්දෙන් කියලා දානවා.

      Delete
    2. අතුරුකතා මේ කතාවට කදිමට ගැලපෙනවා.

      Delete
    3. මමත් කැලේ ලී වලින් හදපු මැස්සෙ පන් සුවද දැනි දැනී වාඩි වල රැය ගත කරලා තියෙනවා.දඩයමේ පවා ගොස් මුව,ගෝන,වල් ඌරෝ දඩයම් කරලා තිබෙනවා.
      ඔය පැල්වත්ත සුගර් එක හදන්න පෙර ,එවකට දැව සංස්ථා සභාපති ව සිටි ජෝ අබේවික්‍රම මහතා විසින් මු.අරුක්ගොඩට දුන්න එකපැත්තක් කැලයේ ගස් කපන්න.ඒ යකා එක එක කොටස් තව අයට මුදල ට වික්ක.
      අපේ මිනිස්සු ගගක අත්තක් ගලා යන තැනක කුඹුක් ගස් සෙවනෙ පොල් අතු වාඩි කීපයක් හදල තිබුන.
      කාලයක් තිබුන සිකුරාදා දවල් වෙච්ච ගමන් මගේ සෙට් එක එක්ක අදිනවා පැල්වත්තට.
      අරුක්ගොඩ තන්නහාවට මොනරාගල පැත්තට ගියා ගියාමයි අදටත් නැහැ.
      මේ ගමන් ගැන අහද්දී ඒවා මතක් වෙනවා.

      Delete
    4. එහේදී කෙනෙක්ගේ කටින් කියවුණා ඔය මහත්වරු දෙන්නගෙන් කෙනෙක් නිධානයක් ගත් වග.

      Delete
    5. හෙහ්..හෙහ්...නීතියට පිටින් අපේ වැඩ නැත
      මගේ පියා මගදී වැඩේ අල්ල ල දැම්ම.
      නිදන් සීන් නම් අපි නැහැ.
      අනිත් ගොයියා ලෝක අන්කුර්.

      Delete
  2. අවුලකට තියෙන්නේ මෙම චායාරූප ඇල්බමය බලන්න බැරි එක තමා .
    කතාව පස්ට . මුල හරිය කියවත්දී මට මතක් උනා පොඩි කාලේ විජය පත්තරේ ගියා නවදැලි හේන කියලා පියසේන කහඳගම ලියපු නවකතාවක් අන්න ඒක . :p

    ReplyDelete
    Replies
    1. ඇයි බලන්න බැරි ? ඩේටා ප්‍රශ්ණයක්ද?

      Delete
  3. සුදීක අයියත් ලස්සන වෙනස් තැනක් දැක්කොත් ඒක ලස්සනට කැමරාවට ඔබා ගන්න දන්නවා. ෆොටෝස් ටික මරු.
    අර Power Bank ගැජට් එක ගැන කිවුවට ස්තූතියි. ඒක ගොඩක් ප්‍රොයෝජනවත් එකක් වගේ. කලින් දැනන් හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  4. රූපරාමු ටිකක් එහෙම දැම්මනම් තමා තවත් පන්කාදු පහයි....

    එල එල

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල කට්ටියගේ ඩේටා තත්වය ඉතා භයානකයි නේද ?

      Delete
  5. අටං කොල්ල අර කතාව සීරියස් අරං වැඩ පටං ගනීද ?

    ReplyDelete
    Replies
    1. ඌ ආසාවෙන් ඉන්නේ. කියන්න බෑ.

      Delete
  6. නියම චාන්ස් එකක්නෙ සූදීකට ලැබිල තියෙන්නෙ.
    ඒ මදිවට අපේ පැත්තෙන්නෙ ගිහිල්ල තියෙන්නෙත්.
    බලමු කොහොමද හේනෙ ගතකළේ කියලත්.

    ReplyDelete
    Replies
    1. යකෝ මට මතක් වුණේ නෑනේ දෙමල නයන්නාව.

      Delete
  7. ලස්සණ පූසො ටික :)) මම දන්න පූසො නම් අයිස්ක්‍රීම් කෑවට කිරි කන්නෙ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. මේ ගමනේදී ගිය රත්නපාලගේ ගෙදර ඉන්න පූසා කන්නේ පපඩම් විතරයි. සමහරු ඉන්නවා යෝගට් කන්න කැමති.

      Delete
    2. අපේ ගෙදර ඉන්න පූස කන්නෙ හයිලන්ඩ් යෝගට් විතර යි!

      Delete
    3. දේශීය පූසෙක් :D

      Delete
    4. අනේ මන්දා.. දිලිනිගේ පූසො කතාවට මුකුත් කියලත් බැ..... නොකියත් බැ...ඔන්න ඔහේ නොකියම ඉන්නවා...!

      Delete
  8. විස්තර කරල තියන ආකාරය හරිම ලස්සනයි . දිග ලිපියක් වුනත් කම්මැලිකමක් නැතිව කියෙව්වා . අතුරු කතා ටිකත් හරිම අගෙයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි.

      Delete
  9. කිවුවත් වගෙ පදුරකුත් තලාගෙනම ගිය නේ.හොදමටික ඉස්සරහට වෙන්න ඔන

    ReplyDelete
  10. නිවාඩු පාඩුවේ සේරම ටික ලියන්න සුදීක.. ආසයි මේ වගේ දේවල් බලන්න.. මන් තව දෙයක් කියන්නම්.. ( යුධමය තත්වයකදී ඇර ) කවදාවත් රෑ මළ ගෙවල් වල ගිහින් , ඒ පිටටම කිලෝමීටර් 20 ට 30 ට වැඩි දුර ගමන් යන්න එපා..පහුවදා උදේ වෙනකම් මළ ගෙදරම ඉඳලා යනවා මිසක්.. අපි නොදැනුවත්වම අපිට නින්ද යනවා.. වෙහෙසකර රාත්‍රී ගමන් වලට පුරුදු නැති කෙනෙක්ට කවදාවත් එළවන්න දෙන්න එපා මළ ගෙදරක ගිහින් එද්දී...

    ReplyDelete
    Replies
    1. අපි මළ ගෙදර ගියේ නෑ.

      Delete
  11. නියමයි නියමයි සුදීකගෙනුත් සංචාරක සටහනක්.....

    ReplyDelete
    Replies
    1. මම ආසම වැඩේ මේකනේ.

      Delete
  12. හේනට යනගමන් මාවත් මතක් වෙලා තියෙන්නෙ. ස්තුති මචෝ!!!
    ඔය වගේ ගමන් යන්න මමත් බොහොම කැමතියි ,ඒත් වල් අලියෙක් මාගෙ පස්සෙන් එලවපු දවසෙ ඉදන් කැලේ පැත්ත බලන්ඩත් බයයි.

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒ වගේ වැඩක් වුණා. ඊළඟ කොටසෙන් දෙන්නම්.

      Delete
  13. ලස්සනට ගලාගෙන ගිහින් තියෙනව..ජන්ගල් යනව කියන්නෙ පට්ට වැඩක්..බලමු එහෙනම් එදා රැ මොකද වුනේ කියල..

    ReplyDelete
    Replies
    1. මේක කැලෑවේ තියෙන හේනක්. කැලෑවම නෙවෙයි.

      Delete
  14. හතර පාරක් චාරජ් කරන්න පුළුවන් කියන්නේ මොකද්ද?ඒක ගැන තේරුම් කරා මදීද මන්දා?ගමන ගැන විස්තර කර ඇති විදිය නම් නියමයි අයියේ.ඒ වගේම සංවේදී පින්තුර ටික.

    ReplyDelete
    Replies
    1. ඒක අමතර බැටරියක්. මේ වගේ තැනක් විදුලි සැපයුම නැති නිසා ජංගම දුරකථන චාජ් කර ගන්න පුළුවන් මේ උපාංගයෙන්.

      Delete
  15. මමත් සුදීකගේ සංචාරක ලිපියක් කියවන පළමු අවස්ථාව... කතාව හොදට ගාලාගෙන යනවා ..... මතකය අවරුදු 10ක් විතර පස්සට ගෙනියනවා මමත් ඔයවගේ හොදට ඇවිදපු පොරක් තමයි...... ඉතුරු ටිකත් ඉක්මනට දාන්න ( මම කතා ලියනවා වගේ නැතුව )

    ReplyDelete
    Replies
    1. අනිත් කොටසත් සැකසෙමින් පවතී.

      Delete
  16. මේක නිකං කතාව පටන් ගන්න කලින් පෙර වදනක් වගේ.. සුදීක අයියාට රසවත් අත්දැකීම් ගොඩක් තියෙනවා නේද??.
    පෙර සූදානම නම් බොහොම වැදගත්. ඉක්මනට ඊළග කොටසත් ලියමු.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටසෙන් භාගයක් ලියා අවසන්. ඉක්මනින්ම දාන්නම් අමතක වෙන්න කලින්.

      Delete
  17. බොහොම ආශාවෙන් කියෙව්වා...මම තාම ඔය යාල පැත්තට ගිහිල්ලා නෑ...අපේ මලයා නම් එස් ටී එෆ් එකේ කට්ටිය එක්ක ගංජා හේනක් වටලනවා මාධ්‍යයට වාර්තා කරන්න මේ ඊයෙ පෙරේදා තණමල් විල මහකැලේට රිංගලා තිබුනා...ලියද්දි හදිස්සි වෙන්නෙ නැතුව හැම දේම නිවී හැනහිල්ලෙ මතක් කරලා ලියන්න...

    ReplyDelete
    Replies
    1. සිරෝ .
      මලයගෙ නම්බරේ දියංකො .. !!
      මටත් ෆොටෝග්‍රැපර් කෙනෙක් වෙන්න ආසාවක් ආවා :-):-):-)

      Delete
    2. ඇත්තටම මේ දවස් වල කාලය පිලිබඳ ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා ටිකක් විතර කලබයෙන් ලියන්න වෙනවා.

      Delete
  18. සුදීක..... ආශාවෙන් කියෙව්වා...ඉතිරිය තමයි හොඳම කොටස මගේ හිතේ.....උඩ ෆොටෝ එකේ තියෙන පලතුර මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සැමියා අඳුනාගෙන තියෙනවා. ජැම්සන් තමයි පලතුර.

      Delete
  19. තණමල්විල සහ ඒ අවට ඉන්නවා මගේ පරණ ගෝලයෝ. හැමදාම කියනවා සර් එන්නකෝ දවසක් දෙකක් ඉඳලා යන්න කියලා. මේ ලිපිය කියෙව්වම හිතෙනවා යන්න ඕනේ කියල :D

    ReplyDelete
    Replies
    1. යන්න අප්පා. ඔයාලට තියෙන අත්දැකීම් එක්ක මේක පහසුයි.

      Delete
  20. ඒ නමින් සංගීත් භාණ්ඩයක් කවදාවත් අහල නෑ..
    අර පලතුර ජැම්සන් වගේ මට නම් පෙනුනෙ..

    ඊලඟ කොටස දාමු ඉක්මනට :)

    ReplyDelete
    Replies
    1. දැන් දෙවෙනි කොටස මගක් දුරට ලියලා තියෙන්නේ. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට.

      Delete
  21. හේනක රාත්‍රියක්,

    හිත පුරා උතුරා යන පැහැදිළි ඉරිසියාවෙන් යුතුව මේ ලිපි පෙල කියවමි.. අයේ බොරු කියන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉතාලියේ කැලෑවල් නැද්ද ?

      Delete
  22. අපිටත් යන්න තිබ්බා නම් මරු.... අර පොටෝ ටික වැඩ නෑනේ currently unavailable කියනවා....

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටික වෙනමම දෙන්න විදියක් බලන්නම්.

      Delete
  23. කලින් බලල ගියා කමෙන්ට් කරන්න පස්සෙ එන්නං කියල,ඇත්තටම ඉරිසියයි ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හරි දැන් ද්වෙනි කොටසත් බලන්න පුළුවන්.

      Delete
  24. දෙවනි එකත් දාහං කෝ

    ReplyDelete
    Replies
    1. මේ හරියට උත්තර බැන්දේ නැත්තේ දෙවෙනි කොටස ලියන්න කාලේ ගත්ත හින්දා.

      Delete
  25. post eka kiyawa photos balana facebook naha.

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ ඔයා හිටියේ.

      Delete
  26. මමත් හේනක රයක් හිටියා බුත්තලදී....ඉස්සරහට ඒ ගැනත් ලියන්න බැරිය

    ReplyDelete
    Replies
    1. ලියපං මල්ලී, මම අනිත් කොටස දාලා ඉවර වෙනකොටම.

      Delete
  27. අනේ අම්මප මටත් යන් ඇත්නම් කියල හිතුන. ඔය වගේ ගමන් වලදී පවර් බෑන්ක් එකේ වටිනා කම උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒකනම් හරිම වටිනවා.

      Delete
  28. \\\\කළමනාකාර මහතා කුමක් කීවත් පහසුව තකා අපි එම කඩයෙන් දවල්ට සහ හවසට තේ බීවෙමු\\\\

    ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට....රැට ඒ කඩේ තේ තිබ්බේ නැතෙයි...!

    ReplyDelete
    Replies
    1. රෑට පොලීසියේ අයට විතරයි තේ දුන්නේ.

      Delete
  29. මට මේ අත්දැකීම් ගණනාවක් තියෙනවා. මෙවන් වන අරණවල රාත්‍රිය ගතකිරිම තරම් සුන්දර අත්දැකීමක් තවත් නැහැ.

    ඒ වගේම ඒඅත්දැකීම සජීවකරණය වෙනුවෙන් වචනයෙන් දක්වා ඇති හරඹයත් කදිමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දයා මේ මාතෘකා ඔස්සේ ලියන්නේ නෑනේ.

      Delete
  30. මේ වගේ ගමන් යන්න ඕනේ කියල හැමදාම හිතනවා විතරයි.. කවදාවත් යන්නේ නෑ.. මොනරාගල,තණමල්විල,පැල්වත්ත අපේ නෑදෑයෝ ගොඩක් ඉන්නවා... ජිවත් වෙනවා කියල දැනෙන්න ඔය වගේ ගමන් යන්න ඕනේ..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...