Saturday, November 30, 2013

ගූගල් සිතියමේ මා මේ පුංචි දේ දුටුවා. මා එය විශාලණය කර බැලුවා. මට එහි කල හැකි දෙයක් තිබුනේ නෑ.

මගේ මිතුරෙකු යම් අක්ෂාංශ, දේශාංශ ඛණ්ඩාංක යුගලක් ලබා දී ගූගල් සිතියමේ සොයන ලෙස පැවසුවා. එය අප්‍රිකානු මහාද්වීපයේ වැලිකතරක තිබෙන ස්ථානයක් බව මට මොහොතකින් පසක් වුණා. මා මුලින් සිතුවේ ඔහු මට අන්ඩරයක් දුන්නා කියලයි.   නමුත් එය විශාලණක කර බැලූ විට මහද කැලඹුනා.  මා දුටුවා එහි ගුවන්  යානයක හැඩය සහිත කුඩා සංකේතයක්. 

මා තවදුරටත් ඒ ගැන සොයා බැලීමක් කළා. පසුව  සොයාගන්නට හැකි වුණා, එහි පිටුපස අතිශය පුදුමය දනවන ශෝඛාන්තයක් වටා ගෙතුණු අපූරු කතාවක් තිබෙන බව. මුල සිට අග දක්වා කතාවයි මේ.

යූ.ටී.ඒ. යානා අංක  772 කොංගෝ ජනරජයේ බ්‍රසාවිල් ගුවන්තොටුපලේ සිට ප්‍රංශයේ චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණා.  පහතින් තිබෙන්නේ එහි ගුවන් පථය. 

 නමුත් එයට ගමනාන්තයට ලඟා වන්නට බැරි වුණා. සියලුම මගීන් සමග යානය විනාශ වුනා. 
ඉන් වසර දහඅටකට පසු අනතුරටගොදුරු වූ මගීන්ගේ නෑසියන් එකතු වුණා. ඒ ස්මාරකයක් ගොඩ නගන්න.
 එම ස්ථානයේ දුරස්ථ භාවය යානයේ සුන්බුන් ඒ වනතුරුතු එහි ඉතිරිව තිබුණා.



 එය ගොඩනැගුවේ "Les Families de I'Attentat du DC-10 d'UTA" නමැති යානයේ සිටි අයගේ පවුල් වල අයගේ සංවිධානය සහ එම ප්‍රදේශයේ වැසියන් එකතුව.


 එම ස්මාරකයේ වැඩි කොටසක් මිනිස් දෑතින් නිමවුණු අතර අඩි දෙසීයක් විශ්කම්භයකින් යුත් කවයක් ආකාරයෙන් කළුගල් තබා එය ඉදි වුණා.
 ටෙන්රේ ප්‍රදේශය ලෝකයේ ලඟා වීමට අපහසුම ස්ථාන වලින් එකක්. කළුගල් එම ස්ථානයට ගෙන ආවේ කිලෝමීටර් 70ක් පමණ ඈතින්.



 ස්මාරකය සාදා නිම කිරීමට මාස දෙකක කාලයක් ගත වුණා. ඒ 2007 මැයි සහ ජුනි මාස වල.


 බිඳුණු කන්නාඩි 170ක් එහි ගමන් ගත් මගීන් සිහිපත් වීමට එම කවයේ පිටතට ආසාන්නයේ (පරිධිය දිගේ)තැබුවා.
යානයෙහි දකුණු පස තටුව එම ස්මාරකය තිබෙන ස්ථානය සලකුණු කිරීමට ස්ථාපනය කෙරුණා. එය වැලි හාරා ගොඩ ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වුණා. සැතපුම් දහයක් ඈත සිට එය ට්‍රක් රථයක් මගින් ප්‍රවාහනය කෙරුණා. 
 හාරා ගොඩ ගැනීමෙන් පසු සේවකයන්ට එහි වැලි ඉවත් කරන්න සිදු වුණා.



 එම ස්මාරකය සඳහා වන අරමුදලෙන් කොටසක්  ලිබියානු රජය මගින් පිරිනැමුණු ඩොලර් මිලියන 170 ක වන්දියෙන් ලැබුණා.





ස්මාරකය  සම්පූර්ණ වූ පසු.


 මෙම ස්මාරකය ගූගල් සිතියමෙහිද, ගූගල් අ(ර්)ත් (Google Earth) මෘදුකාංගයේද දැකිය හැකියි. 


ලිබියානු ජාතිකයන් හයදෙනෙකු අවසානයේ මෙහි වරදකරුවන් බවට තීන්දු වුණා. ඔවුන් සූට්කේස් බෝම්බයක් යොදා ගනිමින් යානය පුපුරුවා හැරියා. එහි ගමන් කරමින් සිටි මගීන් 155ක් සහ ගුවන් සේවකයන් 15 දෙනෙකු මරුමුවට පත් වුණා. 
ඛේදාන්තයක අභිමුවේ වුවද මෙවැනි අලංකාර ස්මාරකයක් ඉදි කරන්නට ඔවුන්ගේ නෑසියන් ඉදිරිපත් වුවා. ඔවුන් නෑසියන්ගේ හදවත් තුලත්, කාන්තාරයේත් ඒ වාගේම ගුගල් අර්ත් තුලත් ජීවත් වනු ඇත. 


I Noticed This Tiny Thing On Google Maps. When I Zoomed In… Well, Nothing Could Prepare Me. 
 නමින්   http://www.amazingoasis.org/2013/11/i-noticed-this-tiny-thing-on-google.html  හි පලවූ සංවේදී පුවතේ සිංහල පරිවර්තනයයි.

_________________________________________
කෙනෙකු එහි ඛණ්ඩාංක ඉදිරිපත් කර තිබුණා. +16°51'53.76", +11°57'13.44 ලෙස.

පසුව හමු වූ වඩාත් හොඳ ඡායාරුප ඇල්බමයක්

89 comments:

  1. අදමයි මේක ගැන කියවුවේ ස්තුති අපිටත් කියවන්න බ්ලොග් එකේ දැම්මට

    ReplyDelete
    Replies
    1. මෙවැනි දෙයකට ප්‍රසිද්ධියක් නොදීම මාධ්‍යයේ වරදක්.

      Delete
    2. මං දැන් ඒක බැලුවේ හරියටම ,, මේ වගේ තව අපි නොදන්නා කොච්චර දේවල් මේ ලෝකේ හැංගිලා ඇද්ද කියලා හිතුණා .

      Delete
  2. ඇත්තෙන්ම පුදුමයි සුදීක අයියෙ.
    ඒ ලිබියානු ජාතිකයන් 6දෙනාට දඩුවම් හිමි උනත් නැතත් අහිංසකයෝ ගානක් මැරුනා. ඒත් ඒ ඔක්කොම සදහටම ඔය ස්මාරකය තුල මතකයක්ව ඉදී.

    ReplyDelete
    Replies
    1. මේ නෑසියන් ලෝකයට හොඳ පාඩමක් දෙනවා. සාමන්‍යයෙන් මුස්ලිම් ජාතිකයින් පලි ගැනීමයි කරන්නේ. මෙතන ඔවුන් බෞද්ධයන් සේ හැසිරී තිබෙනවා.

      Delete
  3. ලෝක යුද්ද කාලේ නැතිවුනු ප්ලේන් එකකුත් හොයාගත්තා නේද මේ වගේම මේ ලගදි.එය මීටත් වඩා හොදින් ආරක්ෂා වී තිබුනා.

    සහරා කතරේ තනිවුනු kittyhawk

    ReplyDelete
    Replies
    1. දාමුකෝ පොස්ට් එකක්.

      Delete
    2. නැෂනල් ජෝග්‍රෆික් එකේ පෙන්වූවා, කදාව්වටුණු ගුවන් යානාවක කොටස් වෙන් කරන අකාරය. ඒවායේ මිල ගණන් නිසා අමතර කොටස් සඳහා ඔවුන් ඒවා ගලවනවා. කවරය සීට් හැරෙන්න් බොහෝ දේ ආපසු භාවිතා කරනවා.

      Delete
  4. කියවල ඉවර වෙද්දී මොනවා කියන්නද කියලා තේරෙන්නේ නැහැ සුදීක.. තම නෑසියන් අහිමි වූවෙක් විතරයි ඒ වේදනාව දන්නේ ...

    ReplyDelete
    Replies
    1. මම දන්නවා සහන්ට මේක දැනෙනවා වැඩියි කියලා අත්දැකීම් එක්ක.

      Delete
  5. ස්මාරකයට නිර්මාණාත්මක අදහසක්. ගුවන් ගමන් කියන්නේ ලොකේ තියෙන ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය. ලිබියානු රජය වන්දියක් ලබා දීම නම් අගය කල යුතු වැඩක්

    ReplyDelete
    Replies
    1. ගඩාෆි අපි හිතනවාට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වා තිබෙනවා.

      Delete
    2. ආධාරදීම කියන දෙයින්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ නෑ නේද? තමන්ට හිතු මනාපයට පරිත්‍යාග කිරීමත් ඒකාධිපතිවාදයේම ලක්ෂණයක් තමයි.

      අපිට ඉස්කෝලෙ උගන්නපු හැටියට ඒකාධිපතිවාදයේ එක් වාසියක් තමයි යහපත් දේවල් බාධාවකින් තොරව සිදුවීම.

      Delete
    3. මම හිතුවේ අපිට පෙන්වූ ගඩාෆි සහ නියම ගඩාෆි අතර වෙනස. ඔහු සුරසැප වින්ද බව ඇත්ත. නමුත් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔහු කල දේත් විශාලයි.

      Delete
  6. ගුගල් අර්ත් තුල මේ විදියේ පුදුමාකාර දේවල් ගොඩාක් හැංගිලා තියනවා. ඒ සේරම අතරින් වැඩිපුරම දුක හිතෙන පසුබිම් කතාව අයිති මේකට වගේ

    ReplyDelete
    Replies
    1. ඔව්. මමත් එක වරක් දුටුවා ඉහලට ගන්නා(take off) ගුවන් යානාවක් ඕලන්දයේ.

      Delete
    2. STOL = Short Takeoff and Landing (aircraft) කියලා ගුවන් යානා විශේෂයක් තියනවා.

      Delete
    3. හොඳයි ඔබ තුමා ඒ ගැන විස්තරයක් කරයි කියා මා බලාපොරොත්තු වෙනවා.

      Delete
  7. අපූරු ලිපියක් සුදීක... මේ ස්මාරකය පසුපස කතාව එදා හදවත් කියක් නම් හඩවන්න ඇතිද?

    ReplyDelete
  8. අලුත්ම අත්දැකිමක් සුදික.බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මට මෙවැනි දෙයක් ගමන් සිහියට එන්නේ සිංහල පමණක් කියවිය හැකි පිරිස.

      Delete
  9. කාන්තාරයේ මෙහෙම ඉදිකිරීමක් කරන්න ලේසි පහසු දෙයක් නොවන බව පැහැදිලිව පෙනෙනවා.
    නොදන්නා දෙයක් දැන ගත්තේ.බොහෝම ස්තුතියි එයට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. කැපකිරීම සහ උනන්දුව මත ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

      Delete
  10. වැදගත් තොරතුරක් මචං . ගූගල් අර්ත් නම් බලන්ඩ නොහැකි වුණත් උඹගේ ෆොටෝස් ටික මට වැදගත් වුණා .. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මාසේ අන්තිම දවසේ ඩේටා එක්ක සටන් කරන බොහෝ දෙනෙකුට මේක ප්‍රශ්නයක්. ඒත් මට මේක නොකියාම ඉන්න බැරි වුණා.

      Delete
  11. මටත් හිතා ගන්න බෑ මොනවා කියන්න ද කියලා. අදමයි මේ ගැන දැන ගත්තේ. ස්මාරකය මොන තරම් ලස්සණ වුණත් එයට පසුබිම් වුණ කතාව . . .

    ReplyDelete
    Replies
    1. ඒ පවුල් වල අය තවමත් දුකෙන් කාලේ ගෙවනවා ඇති. නමුත් ඔවුන් ලෝකයට ආදර්ශයක් සපයලා තියෙනවා.

      Delete
  12. sthuthiyi wistharayata. mam baluwa eka

    ReplyDelete
    Replies
    1. හරී ගොඩ කාලෙකින් නේද ?

      Delete
  13. හරි හරි දේවල් වෙනවා නේද මේ ලෝකේ....ස්තූතියි මේ ගැන කිව්වට. කලින් අහලා තිබුනෙනෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා. මේක DC-10 අපේ එක DC-8

      Delete
  14. සංවේදී සටහනක්. යක්කු සහ දෙවියෝ දෙගොල්ලොම ගැන කියන කතාවක්.

    ReplyDelete
  15. Replies
    1. ඒ කතාව අමුතු කරලා ගත්තේ එකෙන් මැරුණු අයගේ ඥාතීන්. නැතිනම මේක තවත් කඩා වැටුණු ගුවන් යානයක් විතරයි.

      Delete
  16. පලවෙනි වතාවට මේ ගැන ඇහැව්වේ. ස්තූතියි ඔබට මේ තොරතුරැ නිසා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් වලට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ අඩුවෙන්. ලබන සතියේ පත්තරයක මේක ගියොත් පුදුම වෙන්න එපා.

      Delete
  17. Replies
    1. බොහොම ස්තුතිය් තිසර.

      Delete
  18. නොදැන හිටිය දෙයක් ගැන දැනුවත් කළාට ස්තුතියි.

    ඇත්තටම අපේ අයටත් සුනාමියෙන් නැතිවිච්ච අය වෙනුවෙන් මේ වගේ දැනෙන්න එකක් කරන්න තිබුණ නේද?

    ReplyDelete
    Replies
    1. අකුරල ඒ වගේ බුදු පිළිමයක් අවුරුද්ද පිරෙන දවසේ විවෘත කළා නේද ?

      Delete
  19. ඇත්තටම මේක බෙදාගත්තාට ගොඩක් ස්තුතියි සුදික

    ReplyDelete
    Replies
    1. අද මෙවැනි දේට වඩා ඕපාදූප වලට තැනක් මාධ්‍ය වල තිබෙනවා.

      Delete
  20. මියගිය අය සිහිකරන එක ඒකියන්නෙ අගය කලයුතු දෙයක් . ස්තුතියි බෙදා හදා ගත්තට

    ReplyDelete
    Replies
    1. ඔවුන් ඒ සමග ලෝකයට පණිවුඩයක් දෙන්නත් අමතක කරලා නෑ.

      Delete
  21. අයි දැනගත්තේ, අතිවිශිෂ්ට නිර්මාණයක්. සුදීකට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. තව මෙවැනි සැඟවුණු දේ බොහොමයක් ඇති.

      Delete
  22. ඒ අක්ෂාංශ දේශාංශ පොඩ්ඩක් දාන්නකෝ.. අපිටත් බලන්න...

    ReplyDelete
    Replies
    1. ලිපියේ පහල කොටස බලන්න. නැතිනම් තිසරගේ කමෙන්ට් එක ඔස්සේ යන්නත් පුළුවන්.

      Delete
  23. තම නෑසියන් සිහි කරන්න කරපු දේ... ගොඩාක් වටිනවා... ‍ලෝකයට සාමය පිළිබඳ පණිවුඩයක් ගෙනියන්න පුළුවන් මේ වගේ දෙයකට මාධ්‍යයෙන් ප්‍රචාරයක් දෙන්නේ නැත්තේ ලෝකයේ සාමය ඇතිවෙනවාට මාධ්‍ය බයද?

    ReplyDelete
  24. දැනගෙන හිටියේ නැහැ ..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. වියට්නාමේ නැද්ද මේ වගේ සිහිවටන මොනවත් ?

      Delete
  25. බොහොම ස්තූතියි සුධීක අයියා...ඔබ නොකියන්නට මේ කථාව අද දැනගන්නට ලැබෙන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. මටත් අහම්බෙන් මේ ගැන දැනගන්න ලැබුණේ.

      Delete
  26. ඔය සිද්දිය ගැන මේ විස්තරය දැන ගත්තේ අදයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් අර මිනිස් බෝම්බ තියපු තැන් වල සමනල්ලු ඇඳලා තිබුණා නේද ?

      Delete
  27. සුදීක අයියෙ මේ වගේ දේවල් විස්තර ඇතිව දාන එක ගොඩක් වටිනව..මම අද තමයි මෙහෙම දෙයක් ගැන ඇහෙව්වෙත්.අහල ඇති එත් ඉතින් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. මම කලේ පරිවර්තනයක්.

      Delete
  28. අදමයි මේක ගැන කියවුවේ ස්තුති

    ReplyDelete
    Replies
    1. මේ ගැන මුල් සටහන ලියූ කෙනාට සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ.

      Delete
  29. අදමයි මේක ගැන කියවුවේ ස්තුති

    ReplyDelete
  30. මේ කියනකන් මම මේ ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ අයියේ.. ඒ හන්දා මේක වටිනවා.. නෙට් එකේ තව ටිකක් හොයලා බලන්න ඕන..

    ReplyDelete
  31. ගොඩක් වැදගත් ලිපියක් අයියෙ, ගොඩ දෙනෙක් අහල නැති දෙයක් ගැන අපිව දැනුවත් කලාට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම හිතුනා කවුරුත්ම මේ ගැන අහලා නෑ.

      Delete
  32. ඇත්තටම සුදීක අයියේ කියල වැඩක් නෑ,..... අපේ කට හරි මොකක් හරි උනෝත් වෙන්නෙ..."ආඩි හත්දෙනාගෙ කැද හැලිය වගේ තමා""

    ReplyDelete
  33. අදමයි මේක ඇහුවේ , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මම අහලා නැති නිසයි දැම්මේ, දැන් බලනකොට බොහෝ දෙනක් දන්නේ නෑනේ.

      Delete
  34. //ඔවුන් නෑසියන්ගේ හදවත් තුලත්, කාන්තාරයේත් ඒ වාගේම ගුගල් අර්ත් තුලත් ජීවත් වනු ඇත.//

    ReplyDelete
  35. හම්මෝ...ගුවන් ගමන් කරමින් ඉන්න වෙලාවට මේ වගේ දෙයක් දැක්කාම හිතට මුලින්ම එන්නේ බයක්. විශේෂයෙන් අප්‍රිකාවේ රටක ඇවිදිද්දි. මේ ගැන අහලා තිබුණද නැද්ද කියලා හිතාගන්ටත් බෑ සුදීක. මේ දවස්වල ඔලුව කැරකෙනවා.:)

    විස්තර බෙදාගන්න එකනම් කියන්ට බැරි තරම් හොඳ වැඩක්!!!

    ReplyDelete
    Replies
    1. බය වෙන්න කාරී නෑ දවසට දෙකයි කඩා වැටෙන්නේ. :)

      Delete
  36. හොඳ විස්තරයක් මචං.

    ReplyDelete
    Replies
    1. මම අහලා නැති නිසයි දැම්මේ, දැන් බලනකොට බොහෝ දෙනක් දන්නේ නෑනේ.

      Delete
  37. මේ ගැන ලියා තැබීම ගැන ස්තූතියි සුදීක......නයිගර්, චැඩ්, කොංගෝ මිනිසුන් අන්තිම අසරණ ජීවිත ගෙනියන්නේ....ඒක මහා ඛේදවාචකයක්....කාලයක් ගඩාෆි විසින් ආධාර දීපු රටවල්. ගඩාෆිගේ අවසන් කාලයේදි ඔය රටකට පැනයාමට සූදානම් බවට පත්තර වාර්තා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ධනවත්ම රාජ්‍යයන් අතර ලයිස්තුවේ අන්තිමට ඉන්න රටවල් තමයි ඕවා.

      Delete
  38. මේ ගැන ලියා තැබීම ගැන ස්තූතියි සුදීක......නයිගර්, චැඩ්, කොංගෝ මිනිසුන් අන්තිම අසරණ ජීවිත ගෙනියන්නේ....ඒක මහා ඛේදවාචකයක්....කාලයක් ගඩාෆි විසින් ආධාර දීපු රටවල්. ගඩාෆිගේ අවසන් කාලයේදි ඔය රටකට පැනයාමට සූදානම් බවට පත්තර වාර්තා තිබුනා.

    ReplyDelete
  39. මේ බ්ලොගයට ගොඩ උනේ අදයි. ඉස්සෙල්ලම කියෙව්වේ අපුරු තොරතුරක් ගැන. දිගටම එන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔයාගේ බ්ලොග් එක දැක්කෙත් අදයි. දිගටම එන්නම් ඒ පැත්තෙත්.

      Delete
  40. Replies
    1. බොහොම ස්තුතියි මල්ලි.

      Delete
  41. නියමයි සුදීක දිගටම මේවාගෙ පෝස්ට් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිත් එකත් මේ වගේ.

      Delete
  42. මේ සටහනේ අපූර්වත්වය ඊට බද්ධ වුණ ඡායාරූප පෙලින් කියාපානවා. මේ කතාව මිට කලින් අහල නොතිබුණ නිසා එහි වැදගත් කම දැනෙනවා

    ReplyDelete
    Replies
    1. මමත් මේ පුදුම වුණේ මේක ප්‍රවෘත්තියක් නොවුණේ ඇයි කියලා.

      Delete
  43. දුක හිතෙනවා. මමත් ඛණ්ඩාංක ගහලා බැලුවා

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් ඔවුන්ගේ ඥාතීන් කල සත් ක්‍රියාව අපූරුයි.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...